බාලම දෝණි හිතුවක්කාරෙට දීග ගියාම අම්මා ඇඩුවේ එයාව දකින්න නැති දුකටම නෙමේ. එයාගේ අනාගතය කොහොම වේවිද කියන බයට. ඊයේ පෙරේදා විසිවෙනි උපන් දිනේ සමරපු එයාට ලෝකේ ගැන හරි අවබෝධයක් නැති බව අම්මා දන්නවා. රටේ ලෝකේ ඇහෙන දකින දේවල් දිහා බැලුවම සුභදායක සිතුවිල්ලක් හිතට නො එන එක පුදුමයක් නෙමෙයි. ලොකු දූව ඇවැස්ස නෑකමට ඉල්ලන් ආපු කෙනාගේ කියන්න කිසිම වරදක් නොතිබුනු නිසාම ජයටම මගුල් කාලා කරකාර බන්දලා දුන්නා. මද්දුමයත් දැන් දීපංකරේ ගොහින් උන්නට හෙට අනිද්දා මව් රටට ආගමන් පෙලවහක් කොරගනී. ඌ අවිත් නංගිව අහනකොට මොකක්ද මම දෙන උත්තරේ. බලාපොරොත්තු කන්දක් ගොඩ ගැහුවා මම ඒකි වෙනුවෙන්. මලක් වගේ හිනාවෙවී හිටිය මගේ අහිංසකී. දැන් මොනවා කරනවදකොහොම ජීවත් වෙනවද කියලා දෙයියෝ තමා දන්නේ. අම්මගේ කදුලු ආයෙමත් අලුත් උනා.
කන්න ගත්ත බත් කට උගුරෙන් පහලට නොයන නිසාම කෑම එක බල්ලට දාලා අත හෝදගත්තේ බඩ පිරුනු නිසා නෙමෙයි කියලා තාත්තා දන්නවා. ඒත් එයා ඒ ගැන මොනාත්ම කීවේනෑ. හැමදාම හත හමාර වෙනකොට අම්මා රූප පෙට්ටිය ලගින් ඉදගන්නේ පබා බලන්න. මෙච්චර හරියක් වෙලත් මුං ටී වී බලනවා කියලා කාට හිතුනත් එතන තියෙන්නේ වෙනම කතාවක්. අම්මා මේ නාට්ටිය බලන්නේ පොඩි දුවත් (සුද්දි) පබා වගේම නිසා.
"පොඩි ලමයත් මේ වගේමයි"
සමහර වෙලාවට අම්මා කියනවා. අනේ දැන් කොහොම ජීවත් වෙනවා ඇතිද...? රූප පෙට්ටියත් බොදවෙලා පේන්නේ ඇස් වලින් කදුලු ගලන හින්දා. මතක අලුත් වෙන්න වෙන්න හිත රිදෙන බව දැනම එයා හැමදාම
නාට්ටිය බලනවා. සමහර විට එයාගේ හිතට ඒක සහනයක් වගේ දැනෙනවා ඇති. මට හිතෙන්නේ ඒ වේදනා රසය.
මොකක්දෝ හදිසි හැගීමකින් හිතුවක්කාර උනාට සුද්දිටත් ගෙදර මතක් නූනාම නෙමෙයි. ඇඩුවේ නැති උනාට අම්මව මතක් වෙනහැම මොහොතකම හෝ ගාලා ඇස්වලින් කදුලු කැට කඩා වැටෙනවා. පුංචි මනමාලිගේ ඇස්වලින් කදුලු වැටෙනවට අයියා (සුද්දිගේ සැමියා) චුට්ටක් වත් කැමති නෑ. එයාව උස්සලා අරන් ලගින් ඉන්දවලා පපුවට තුරුල් කර ගත්තේ
"ඔයාලව ඈත් කලේ මම" කියලා හිතෙන හින්දද මන්දා. ඉකි ගැහෙන්න එන එක අමාරුවෙන් නවත්තගෙන උන්නට හෝ ගාලා ගලන කදුලු නවත්තන්න තරම් හයියක් සුද්දිට තිබුනේ නෑ. අයියගේ පපුව කදුලු වලින් තෙමෙනවා. කදුලු නවතිනකම්ම පුංචි මනමාලිව තුරුල් කරන් හිටපු අයියා කදුලින් තෙමුන ඒ සුදු මූණ පුරාවට හාදු අහුරක් ඉස්සා. ඒ අතරෙම ජංගම දුරකථන තිරය මත අංකනය උනේ සුද්දිලගේ ගෙදර දුරකථන අංකය.
අම්මට කියන්න නංගි අපි එහෙ එනවා කියලා.
රවුම් ඇස් දෙක ලොකු කරලා පුංචි මනමාලි අයියගේ දිහා බැලුවේ පුදුමෙන් වගේ. පිටතට තවමත් දැඩි බවක් පෙනුනද එයා නිසා අයියා මහ හුගක් මෙල්ලවෙලා කියලා එයාවත් තවම දන්නේ නෑ.
ඔය ඇත්තමද අයියේ...?
කියලා ඇහුනේ ඒ නිසාමයි.
හ්ම්... ඇත්තමයි...!
අයියා එහෙම කියනකොට පුංචි මනමාලිගේ ඉහේ මලක් පිපුන ගානයි.
මගේ රත්තරං මහත්තයා උම්මා....!
දෝර ගලන හිතේ සතුට එයා පෙන්නුවේ එහෙමයි. ඒ අතරම ගෙදර දුරකථනය රිංග් වෙනවා සුද්දිට ඇහුනා.
හෙලෝ..
දවස් ගනනාවකට පස්සේ අම්මගේ කටහඩ.
අම්මේ මම...
අලුත් වෙන කදුලු අතරින් සුද්දී මිමිණුවා. තමන්ගේ පුංචි දගකාරිගේ කට හඩ හදුන ගන්න එක අම්මට මහදෙයක් නෙමේ.
කොහෙද දරුවෝ ඔයාලා.
අපි මෙහෙ ඉන්නවා අම්මේ පාදුක්කේ. අපි බැන්දා. මෙහෙ ගෙයක් අරන් ඉන්නේ. අයියා කිවුවා අපි හෙට ගෙදර එනවා කියන්න කියලා.
කෝ ඒ ලමයා...?
මේ ලග ඉන්නවා...! ආ... ඔයත් චුට්ටක් කතා කරන්න.
ඇය සෙනෙහෙබර සැමියාට දුර කථනය ලංකලා.
අම්මේ...! ]
කොහොමද පුතේ...?
මට සමා වෙන්න අම්මේ, ඔයාලා කාවවත් අඩවන්න මට ඕන උනේ නෑ. ඒ උනාට ඔයාල කවුරුවත් මාව තේරුම් ගන්න උත්සහ කලේ නෑනේ. ඒ නිසයි මම මෙහෙම කලේ.
වෙච්ච දේවල් අපි පස්සේ කතාකරමු පුතේ. කවදද මෙහෙ එන්නේ.
හෙට එන්නම් අම්මේ..!
බොරු නේද...?
මම නංගිට බොරු කියන්නේ නෑනේ අම්මේ. අඩුවේ නැති උනාට එයාගේ ඇස් වලින් කදුලු ගලන්නේ ඔයාලව මතක් උනහම කියලා මම දන්නවා. ඒනිසා අපි හෙට එනවා.
කීයට විතරද පුතේ. හවස් වෙනකොට එන්නම්.
ඇයි ඉතින් හවස් වෙනකම් ඉන්නේ උදේම එන්නකෝ.
බලමු බලමු.. ආ මෙන්න නංගිට කතා කරන්නකෝ..!
හවස් වෙනකම් ඉන්නැතුව උදේම එන්න ළමයෝ.
ඉතින් මම අයියට කියන්නම්...!
ඔන්න මම එහෙනම් ඔයාලටත් එක්ක දවල්ට උයනවා.
හරි ඉතින් ඔයාගේ කැමැත්තක්. බුදුසරණයි...!
හ්ම්.. බුදුසරණයි...!
දුරකථනය විසංධි කල ඇය නැවතත් ඔහුගේ ලය මත වැතිරුනා. ඒ නලලත හාදුවක්ද තවරමින්. එක එල්ලේ ඇය ඔහුගේ ඇස් දෙස බලා උන්නේ ඒ හිත කියවන්න වගේ. මද වෙලාවක් එසේ බලා සිටි ඇයගේ නෙත් කෙවෙනි යලිත් කදුලෙන් තෙත් උනේ ඔහු ගැන උපන් අසීමිත ආදරයෙන් කියලා දෙදෙනාටම තේරුනා. තමන් වෙතට නැඹුරුව තිබුන සුදු මුහුණ දෝතට මැදි කරගත් ඔහු නොනවත්වාම සිප ගන්නට උනා. ඇයත් ඔහුට තවතවත් තුරුළු උනේ සංසාර පුරුද්දට වෙන්නැති...ඔහුගේ ශක්තිමත් ලය මතට සිර වූ ලැම හසුන්...........................................
අම්ම ගහයි, අඩේ මෙතනින් එහාට කොටු කොටු දාන්න වෙයි වගේ..!
ඒ සිද්දිය නොලිවුවට ඔයාලා මා එක්ක තරහ වෙන්නෙපා. අලුත බැදපු ජෝඩු නොවැ. අනික අපිට මොකටෑ ඔය අනුන්ගේ පෞද්ගලික දේවල් නැද්ද මං අහන්නේ.
ඉතුරු ටික කියන්න මම පස්සේ එන්නම්කෝ.
පීදෙනා මල් පුරා
මී පිරේ වෑහෙනා
රොන්සොයා පීරලා
බඹරු එති ගී ගයා
ආදරේ කියුහැටී
සවනතේ රැව්දිදී
හදවතේ තුරුළු වී
මතක තියා ගන්න කතාව තවම ඉවර නෑ..!
...හරිම ආදරණියයි..... :)
ReplyDeleteදෙතොල් පුරා තවරන්නම් ආදරේ සෙනෙහසින්...
Deleteසිතක් පුරා ආදරේ පවසන්නම් මා මේ ලෙසින්..
පද පුරා තාල යොදා ගිතයක් වි හිදින්නම් මා ඉතින්..
නෙත් පුරා ඔබේ රුව දැකගන්නම් දෙව් රුවක් මවමින්..
දුරින් හිද ආදරේ කරා මම බොහො කල් වැයමෙන්..
ලගින් හිද ආදරේන් ඉන්නට සිහින දුටුවා පාලුවෙන්..
සිහින බොදවි සැබැවක් වි එය මල් බර වි කාලයෙන්..
අපි අපේ වුවා සෙනෙහසින් තරු කතාවක් වි සැබැවෙන්..
නෙතේ කඳුලැල් පිසදමන්නට මගේ නෙතු ලග තනියට..
නුඹව මට දැනෙනවා මගේ සුසුමක් වි මගේ වත අද්දර..
කාලයේ සිහිනයන් සැබැවක් වි නුඹේ උණුසුම් පපුතුර ලග..
මෙලෙස ම හිනැහෙන්නම් හෙට දිනත් එ ජිවිතේ සුවද මත..
පද ටිකක් ගලපන්න හිතන් හිටියා මේ ටිකේම ..ම්හ්...කිසිම දේකට හිතුන් නැහැ,,මට එහෙම ලියන්න නම් මොකක් හරි පින්තුරයක් දකින්න හරි..මොනා හරි දෙයක් හිතට කියවන්නම ඔනේ...අද සරා අයියගේ මේ කතාව දැකලා මට නිකම්ම මේ පද ටික ලියවුනා..
ඇත්තටම ලස්සනයි නගෝ. මගෙ පෝස්ටුවට වඩා. කවි ලියන්න නොදැනුනාට කියවලා රස විදින්න දන්නවා මම. ඉතින් ස්තුතියි ඔයාට හැඩකලාට බ්ලොග් එක මගේ කවියකින් ඔයාගේ.
Deleteජය...!
ඇත්තටම අපූරුයි.......
ReplyDeleteස්තූතියි අලුත් යාලුවේ ඔයාටත්. ඔන්න පිලිගන්නවා ආයිබෝං කියලා...! ජය....!
Deleteමෙහෙම බෑණලා නම් රටට වාසනාවක්..:)
ReplyDeleteඅපූරු කතාව අනේ..එත් ටිකක් විතර සුරංගනා කතාවක් වගේ..
ඇත්තටම නෑ රූ... මේක ඇත්ත කතාවක්..! ඒත් ඔයාට එහෙම හිතුනේ මගේ ලිවීම් රටාවේ අඩුපාඩුවක් නිසා වත්ද.? ජය...!
Delete(මෙයාල හැබෑවටම ඉන්නවා. ඒනිසා මම නම්ගම් නැතුව ලියන්නේ. ලංකාවට මංගච්චන්නත් එපායෑ මම.හිකිස්)
චැහ්... හොඳම හරියෙදි කොටු දැම්මනෙ... :-(
ReplyDeleteමොනා කොරන්නද මචෝ. මට ලැජ්ජයි වගේ ඕවා කියන්න. කොතන හරි ලීක් උනොත් වැකේෂන් එකේ ගෙදර යන්න වෙන්නෙත් නෑ. හිකිස්....! ජය...!
Deleteමේක ඉතින් ඇත්ත කතාවක් නේ ? ;)
ReplyDeleteඅම්ම ගහයි. මූ දන්න දේවල්, සිරාවට උඹත් අදුරනවද මලේ එයාලව. ජය...!
Delete(හ්ම්..හ්ම්.. ඇත්ත කතාවක් නම් තමයි..! පට්ට කපල් එක බං. හැබැයි පැපරාසි ස්ටෝරියක් මේ. නම් ගම් නැත.)
ගොඩක් ලස්සනයි...ඔන්න ඔහේ අර ඉතුරු ටික අනිත් දවසෙ කියන්න ඈ...
ReplyDeleteනොකිය එහෙනම්. මම ඉතින් කියන්නෙම ඕපදූප නොවැ.හිකිස්...! ස්තුතියි මලේ... ජය...!
Deleteආදරය තරමක කාමුකත්වය හා මුසු වුනාම සොදුරුයි.
ReplyDeleteඒත් හැබෑම ආදරය විතරයි..
නියමයි.. !
ඇත්ත කියපන්. උඹ ඔය හදන්නේ මාව නොමග යවන්න නේද..? හෙහ්.. අපි අහුවෙයි ඔව්වට..ජය...!
Deleteඅලුත් පෝස්ට් එකේදි හිතුනා උඹ නොමග ගිහින ඉවරයි කියලා :)
Deleteවෙලාවකට උඹේ කමෙන්ට් දසුනිගේ කවි වගේ. මම කිවුවේ ව්යංගාරත ගැන. තාත්වික මඩ උත්තර වැකේෂන් ආවම දෙන්නම් මහත්තයෝ.
Deleteකොටු කොටු වෙලා තහනම් උන ටිකත් තියන්න තිබ්බේ..:)
ReplyDeleteඇත්තටම අපූරු කතාව අයියේ.. ලස්සනයි..
බොටත් ඕන මට බාල්දියක් පෙරලන්නද මලේ..? මම පව් නැද්ද බං. ජය...!
Deleteහැබැයි ඒ ජෝඩුව වාසනාවන්තයි ඇත්තටම මොකද බොරු සෝබන දාන්න යන සල්ලි ඔක්කොම ඉතිරියි නේ ...
ReplyDeleteඔය බොරු නේද. හුගක් අය කියනවා එහෙම වැඩ අපේ සගිස්කුරුතෙටද මොකක්ද එකට පටහැනියි කියලා. අපිනම් දන්නේ නෑ ඔව්වා. අනික එහෙම කියන අයගේ වැඩ දැක්කම..... ඔන්නොහේ අපට වැඩක් නෑ මලේ ඔව්වා. ජය...!
Deleteane mahaththayo oya mawath adawanawane me wage dewal liyala. e amami duwai dennama pawne.
ReplyDelete