Wednesday, July 4, 2012

අපි නොදන්න ඉලෙස්ටොනික්..

             හුගාක් ගෙවල් වල මම දැකලා තියනවා ස්තාවර දුරකතන නැත්නම් අපි සිංහලෙන් ලෑන්ඩ් ෆෝන් කියන්නේ, අන්න එව්වයේ කීපෑඩ් එක ආවරනය කරලා ඉබ්බෙකුත් දාලයි තියෙන්නේ. (මම මේ කිවුවේ අර අපි අංක ඔබන කොටස ගැන හොදේ.) මෙහෙම කරන්නේ අපෙන්මේ උපකරනයට වෙන අතවර වලක්වන්න තමයි. ඉතින් අපේ හෑන්ඩ් ෆෝන් වල සල්ලි ඉවර උනාම, ගෙදර ෆෝන් එකෙත් අහවල් එක ලොක් කොරලා අම්මත් මාර්කට් එකට හරි කොහේට හරි ගොහින් නම් කොහොමද මල. ඇයි දෙයියනේ නිදහසේ මලක් කඩන්නවත් විදිහක් නෑනෙව. පසු තැවෙන්ට කේන්ති ගන්ට අවශ්‍ය නෑ.මම පුංචි ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයාලා කරලා බලන්ට.දැනුමටත් හොදයි නෙව. ඔයාලගේ ලොස් වෙච්ච හෑන්ඩ් ෆෝන් එකේ "කී පෑඩ් ටෝන්" ඔන් කරගන්න. හඩ ටිකක් වැඩිනම් වඩා හොදයි.ඊට පස්සේ ලෑන්ඩ් ෆෝන් රිසීවරය අතට අරගෙන රිසිවරයේ මයික් එකට හෑන්ඩ් ෆෝන් එක කිට්‍ටු කරලා ඔයාලට කතා කරන්න ඕන අංකය ඩයල් කොරන්න හෑන්ඩ් ෆෝන් එකේ හරිද. ඉතින් වැඩේ හරි. ෂුවර් නෑ වගේ කියලා හිතෙනවා නම් රිසිවර් එක කනේ තියලා බලන්න. අදාළ අංකයේ දුරකථනයේ රිංග්ස් යනවා ඇති. මෙයා තවමත් බලා ඉන්නවා. ඉතුරු ටික කියවන්න කලින් ඔය ඇමතුමට පිලිතුරු දීලා ඉන්නකෝ.D:
             හ්ම්.. ඕකයි සිද්දිය. හැබැයි මතක තියා ගන්න කීපෑඩ් ටෝන් එක නෝමල් එක වෙන්නෝන හොදේ. සමහරු කීටෝන් වලට ගෙම්බෝ,ඉබ්බෝ,සමනල්ලු කෑගහන සද්දත් දාගෙන ඉන්නවනේ. අන්න ඒවනම් හදුනගන්න තරම් අපේ ලෑන්ඩ් ෆෝන් දියුණු නෑ. සමහරු කියාවි අපෝ අපි ඕවා කලේ පිප්පි කාලෙදි කියලා. කමක් නෑ නොදන්න අය එක්කෙනෙක් හරි දැනගනීවිනේ. හික්...! ගෙහුන් එන්නම් එහෙනම්..!

               ආ දූපත් වැසියා අහලා තිබුනා කොහොමද රිමෝට් එක අලුත් වැඩියා කොර ගන්නේ කියලා. ඔයා ඉන්ප්‍රාරෙඩ් එල් ඊ ඩී එකක් අරගෙන ඇවිත් අග්‍ර දෙක නිවැරදිව බලලා පරන එක තිබුන විදිහටම අලුත් එක හයි කරන්න. ඒක වැඩ කරාවි. හැබැයි සියුම්ව පාස්ස ගන්නෝන. හිතුවොත් ඔයාට මහ වැඩක් නෙමේ ඕක. හදා ගත්තොත් කොහොමද සතුට. කලබල නොවී ඉවසීමෙන් සියුම්ව කරන්න. PCB එකෙන් ගලවන්න බෑ කියලා හිතෙනවා පින් දෙක මගින් කපලා පාස්ස ගන්න.

ප/ලි මාතෘකාව ලියන විදිහ වෙනස් කොලේ සෑමාට කෘත ගුණ සැලකීමක් වශයෙනි.

27 comments:

  1. අප්පා..මරු නේ.. මේක නම් මරු..

    ReplyDelete
    Replies
    1. ඔයත් මරු, පෝස්‍ටුව දාලා හැරෙන්නත් කලින් කොමෙන්ට් කොරලා නොවැ. ස්තුතියි... ජය..!

      ප/ලි හිතුවක්කාර සිත බ්ලොග් එකට එන්ටර් වෙන්න බෑනේ මට. මොනා හරි අලුත් වැඩියාවක් වත් කරලද බ්ලොග් එකේ.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. කොරලා බලන්න ඕන ..

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි වෙන්නෝන. මගේ අරමුණත් ඕකනෙව. ඔයාට ජය....!

      Delete
  4. අපි සාපෙට ක්ලාස් යන කාලේ ඔහොම කතාවක් අපේ එකෙක් කිව්වා. ඌ කිව්වා ෆෝන් බොක්ස් එකක ෆෝන් එකකට වුණත් ඔය වැඩේ කරන්න පුලුවන් කියලා. ඒත් අපේ එවුන් ඔය කතාව විස්වාස කළේ නැහැ. බැලින් නම් වැඩේ ඇත්ත වගේ....

    …අනික් කතාව ඕක කිව්ව අපේ එකා මේ වෙද්දී කටුබැද්දේ සරසවියේ ඉංජිනේරුවෙක් විදිහට ඉගෙන ගන්නවා :)

    ReplyDelete
    Replies
    1. වැඩේ ඇත්තම තමයි මලේ. ජය...!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  5. අම්මාපා..!!! අඩේ ඔය ඇහුවමයි.. කොහොමද බන් එහෙම වෙන්නෙ ? කරලා බලන්ඩ ඕනා...

    ReplyDelete
    Replies
    1. මේකනේ දුරකතනයට පුලුවන් අපි දෙන කී ටෝන් අයිඩින්ටිපයි කරගන්න. මොකද කී එකෙන් කී එකට හඩ (සංඛ්‍යාත පරාසය) වෙනස්නේ. කොරල බලපන් මචෝ. ජය...!

      Delete
  6. දැන් ඉතිං ලැන්ඩ් පෝං ප්‍රස්න නැහැනේ. පොඩි කාලෙ තිබ්බ ඔය කේස් එක.

    මේ වගේ ඒවා මරු !

    ReplyDelete
    Replies
    1. සෑමලා ඉතින් අපි වගේ දුප්පත් මිනිස්සු නෙමේලු නොවෑ. එයාලට කොහොන්දෑ මෙහෙම පුරස්න. ජය...!

      Delete
  7. මේ අයිඩියා ලැබෙන තිබ්බේ ඒ කලේ.. දැන් ඉතින් ස්කයිප් නොවැ.. කෝම උනත් කලින් දැනන් හිටිය නැති දෙයක් අයියේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්..හ්ම්.. මේ අපි හැම වෙලාවෙම කියන තාක්ෂනික දියුනුව නොවැ. ස්තුතියි ඔයාට මලේ. ජය...!

      Delete
  8. මමත් කරලා බලන්න ඕන..ස්තුතියි රිමෝට් එක ගැනත් කිව්වට..
    ඒක නම් හරි ප්‍රයෝජං..

    ReplyDelete
    Replies
    1. හ්ම්..හ්ම්.. ඉස්සරහට තව තව දේවල් ගැන ලියන්නම් කෝ ඔයාලට පොරෝජං වෙන.
      ජය...!

      Delete
  9. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොටත් එසේම වේවා රජතුමනි..!

      Delete
  10. නියමයි ...වටින ලිපියක්....මමත් දැනට අවුරුදු 5 කට විතර කලින් මෙක දැන ගත්තේ ගෙවල් ලඟ නංගි කෙනකුගෙන්.... ලැජ්ජාවේ බැරුවා ( මොකද මම ඉලෙක්ට්‍රෝනික් කාර්මිකයකු නිසා).......එ නංගි මගෙන් ඇහුවා ඔයා ඉලෙක්ට්‍රෝනික් කියල මොනවද දන්නේ කියලා.... එ කාලේ ඒ නංගි 11 වසරේ හිටියෙ... කොහොමද කෙල්ලෝන්ගෙ තාක්ෂන දැනුම ....... මල් කඩන්න සොයාගනිපුවා....

    ReplyDelete
    Replies
    1. එල කෙල්ලෙක් නොවැ.හික්... අනේ පවු උඹ...! එහෙම තමයි සහෝ අපි එක එක්කෙනා දක්ෂකම් දක්වන්නේ එක එක දේවලට. ඒ ඒ අංශවලින් අපේ දැනුම් පරාශය අඩු හෝ වැඩි ඇති. මොකද ඉලෙස්ටොනික් කියන්නේ වතුර බේසමක් නෙමේ මහ සාගරයක්. පිලිගන්නම් සාදරයෙන්ම සරාගේ ලෝකෙට. ජය...!

      Delete
  11. දැන් රිසීවර් එකටත් ලෝක් එකක් දායි.....

    ReplyDelete
    Replies
    1. ආ... තවත් අලුත් කෙනෙක් මේ පැත්තට. ඉබි යතුරු වලින් නවත්තන්න පුලුවන්ද යාලු අපිව..? ජය...!

      Delete
  12. මාර දෙයක් අදමයි දැනගත්තේ. මේ සිද්දිය ඉන්ටෙර්කොම් සිස්ටෙම් එකටත් වැඩ කරනවද?

    ReplyDelete
    Replies
    1. ඇයි නැත්තේ, අපූරුවට වැඩ කොරනවා. ටැයි කොරලා බලපන් මචෝ. ජය...!

      Delete
  13. සමාවෙන්න ,, පසුව කමෙන්ට් කලාට. රිමෝට් කතාව කීවට ස්තුතියි. මම හීනෙන් වත් හිතල තිබ්බේ නෑ බල්බ් එක යනව ඇති කියල. ස්තුතියි...
    ඉලෙක්ට්‍රොනික් ඔරලෝසුවක් යාලුවෙක් ලග තිබ්බ, ඒකෙන් ගැහුවම ඔය කියපු විදියට කී-පෑඩ් එකට අගුල දාපුවයින් කෝල් ගන්න පුළුවන්.

    තව ඔය වගේ ලිපියක් දාන්න. අපි වගේ නැති බැරි කස්ටියට ෆ්‍රී කෝල් ගන්න සිස්ටම් එකක් නැද්ද,,,?

    ReplyDelete
  14. හැබැයි ඕක හැම Phone එකේම වැඩ කරන්නෙ නෑ. Phone එකේ Send DTMF tone විදිහට කියන එක on කරල නැත්නම්....... සමහර phone වල ඒක on කරන්න ඕනෙ එහෙම නැත්නම් අහෙන්නෙ එකම tone එකක්. DTMF කියන්නෙ Dual-Tone Multi-Frequency.

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....