Thursday, May 31, 2012

අමුතු කතාවක් 8 නංගි බබා...

මල වටේ නිරතුරා ඇසෙනා ගුමු ගීත...
සිතමගේ සසලවා සිතුවිලි අවුලාද...
දුර ඉදන් රස විදින මේ පෙම හරියාද...
මට කියන්නම වෙයිද නුබ සිත හදුනාද... 


                     පසුගිය දේවල් මෙහෙම ලියනකොට හිතෙනවා නේද මේකත් ප්‍රබන්ධයක් කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි. මේ ලියන සිද්දීන් පෙලත් එක්ක මම නැවත ඉපදුනා කීවොත් ඒක බොරුවක් නෙමේ. ඒනිසාම ගෙව්නු කාලය තුල සිදුවුනු ඉතාම සුලු සිදුවීම් පවා මට හොදට මතකයි. හරියට වීඩියෝ දසුන් පෙලක් වගේ. තප්පර,විනාඩි,පැය දවස් විදිහට කාලය ගෙවෙන කොට අපි හරිම ඉක්මනට යාලුවෝ උනා. අපි නිතරම කතාකලා. සමහර වෙලාවට පැය ගනන්. එයා ගැනත් විස්තර ටිකක් අහගත්තා මම ඔය අතරවාරේ. උසස් පෙලින් ඉගනීමට තිත තියපු එයා මේවෙනකොට පරිඝනක පාඨමාලාවක් අපේ භාශාවෙන් කියනවානම් කොම්පියුටර් කෝස් එකක් කොරනවලු. පවුලේ බාලයා උනු එයා අම්මයි තාත්තයි කිරිඅම්මයි ගෙදර ඉන්නේ.මාත් එක්ක කතාකරන හැම වෙලාවෙම මොනා හරි විහිලු කතාවක් කියලා හිනස්සන නිසාමද කොහෙද එයාමට නිතර රිංග් කලා. හැබැයි ඉතින් කෝල් ගන්නෝන මම.(අයියෝ සල්ලි.) මේ බ‍ටුඇට වගේ කෙල්ලන්ට කොයින්ද ෆෝන් වලට දාන්න සල්ලි නේද. නොමිලේ ලැබෙන ආතල්නේ කියලා වෙන්නැති වෙලාවක් අවේලාවක් නැතිව එයත් රින්ග්කලේ. එක දවසක්මම.............. 
මට ඔයාව බලන්නෝන...!
ආ.. ඇත්තද. එහෙනම් අපේ ගෙදර එන්න..!
හාං.. ඇඩ්‍රස් එක හරි එන විදිහහරි කියන්නකෝ.
ඇයි එන්නද...?
(ඕං මට තද වෙනවා.) හෙලෝ මේ.. තමුන් මම කවුරු කියලද හිතාගෙන ඉන්නේ..ආ..! දැන් කියනවා එන විදිහ.පැය තුනක් යන්න කලින් මම ඔතනට එන්නම්.
ආපෝ... මෙයාට ඩෝං යන තරම්.
මම විහිලුවක්නේ කරේ.
විහිලුවටවත් මට චැලේන්ජ් කරන්නෙපා නංගි බබා.කවුරුහරි එහෙම කලොත් ඒ බැහැයි කියනදේ මම කරලම පෙන්නනවා.
හරි ඉතින්, සොරි සොරි..!
දැන් නම් සොරි කියලා හරි යන් නෑ.දඩුවම් විදින්නම වෙනෝ....!
ඒ මොකටද..? කරපු වරදට..!
ආං.. මෙයා ලග මාර නීති තියෙන්නේ හරි මොකද්ද දඩුවම..?
මාව මුන ගැහෙන එක..!
විකාරද ඔයාට..!
ඇයි..?
මම කොහොමද ඔයාව මුන ගැහෙන්නේ..?
මම අහන්නේ ඇයි බැරි කියලා..?
අනේ තරහ වෙන්නෙපා අයියේ, අපි ගෑණු ලමයි ඔයාලට වගේ අපිට අවිදින්න යන්න අවසර නෑ..!
තමුන් ආයෙත් මාව යකා කරවන්නයි හදන්නේ. ඇයි තේරුම් ගන්න බැරි මම කියපු සරල වචන වල අර්ථය.?
හරි මොකක්ද ඔයා කිව්වේ...?
නෑ ඕන්නෑ.. මම දුරකථනය විසන්ධි කලෙමි.
සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..
වැහි වලාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ..
සිත නතර වී ගියත් එදාදු‍ටුව හීනයේ..
නෑ ලතැවුලක් මගේ චන්ද කින්නරාවියේ..
ඒ මගේ රින්ග් ටෝන් එක. එයා කෝල් කරන්න හදනවා. ඒඋනාට දැන් මට තරහා ගිහින්නේ. මම ආන්සර් කොරන්නෑ. ආයේ රින්ග් කරනවා.ආයෙත්. බැරිම තැන එස් එම් එස් එකක්.
අනේ අයියේ තරහ ගියේ මගේ වරදකට නම් මට සමාවෙන්න. මට කා එක්කවත් තරහා වෙලා ඉන්න බෑ. මට දුකයි එතකොට. හොද අයියා වගේ මට කියලා දෙන්නකෝ. ඔයා කියපු දේ මට නොතේරුනු නිසානේ එහෙම ඇහුවේ.බුදුසරනයි.
(අපරාදේ කියන්න බෑ මට ඔරොප්පු උනු වෙලාවට අදටත් මේ වචන සැට් එක ඔටෝම ප්ලේ වෙනවා) ඔන්න මම මෝඩයා වෙනවා.ගන්නවා කෝල් එකක් ආයේ.(බය නැතුව ඇත්ත ලියන්න පුලුවන්. වැකේෂන් එකට තව අවුරුද්දක්ම තියෙනවනේ.හික්.. හික්..)ඒ කාලේ වෙනකොට  එයාට ඕවා මතක නෑ.
හෙලෝ...
මම ඔයාට කීවේ නෑනේ මාව හම්බ වෙන්න එන්න කියලා. අනික දැකලවත් නැති එකෙක්ව මුන ගැහෙන්න එනවානම් එහෙම කෙල්ලෙක් එක්ක මම කතාකරන්න වත් කැමති නෑ.ගෑණු ලමේකුට එහෙම තුට්‍ටු දෙකේ යෝජනාවක් කරන්නෙත් නෑමම.
එහෙනම් ඉතින් ඔයා කිව්වේ.....
පොඩ්ඩක් ඉන්න මම කියලා ඉවර නෑනේ. ඔයා ක්ලාස් එනවනේ,මට ඔයාගේ ක්ලාස් එක තියන තැන කියන්න.මම ඒ ලගට ඇවිත් ඉන්නම්. මට ඔයාව අදුනගන්න පුලුවන් විදිහක් විතරක් කියන්න. කතා කරන්න ඕන නෑ. ආවා ඔයාවදැක්කා ගියා, එච්චරයි.ඕකේ.
අනේ මට සමාවෙන්න අයියේ.. මම ඔයා ගැන වැරදියට හිතුවට.අපේ ක්ලාස් එක නම් තියෙන්නේ නිට්ටබුවේ.ඒත් එතන ඔයාට ඇවිත් ඉන්න තැනක් නෑ. අනික මගේ යාලුවොත් එතන ඉන්නවනේ.
අම්මපා අනින්න හිතෙනවා ටොක්කක්..
ඔය ඉතින් ඉන්නකෝ කියනකම්.. ඔයා ටව්මට එන්න. අපි කොහොමත් බස් එකේ නගින්නේ ටව්මෙන්නේ. ඔයාවත් බලලම බස් එකට නගින්නම්.
(අම්මට හුඩු. දුවන බල්ලට උම්බලකඩෙන් ගැහුවා වගේ)ඕකේ කවදටද..?
අපේ ක්ලාස් දවසට බදාදට.
ම්.. බදාද කියන්නේ හත් වෙනිදා හරි ක්ලාස් ඇරෙන ටයිම් එකට මම නිට්ටබුවේ හරි..
හරි හරි ආපෝ ඕකටනේ මට ඔච්චර ගෙරෙව්වේ.
මේ මේ රෝන්ග් ටෝක් එපා හරිය ගොරවන්න විතරක් නෙවි හපාකන්නත් දන්නවා මම.
අපොයි ඔව් මට හිතාගත්තැකි.ඒඋනාට තරහ ගියාම ඔයා හරි නපුරුයි.
හරි හරි ඒවා අමතක වෙන්නත් එක්ක මම කතාවක් කියන්නද.?
හාං........   
ගෙහුන් එන්නම් ආයිබොවං...!


දන්නවනේ,සුද්දන්ට නැග්ගහම අපට වගේ නෙමේ..!
නංගි බබා 9න්...

Sunday, May 27, 2012

අමුතු කතාවක් 7 නංගි බබා.....

පාලුවද සද එලියකී..
රම්ය ජීවිතයේ එතී..
ලග නැති උනත් සිත ලග ඇතී..
ආදරේ භාවනාවකී 
                           


                      වේලාව අලුයම 9.00ට පමණ ඇතැයි සිතමි. මන්ද යත් හිරු එලිය ඇද මතටද වැටී ඇති හෙයිනි.*** ඉර පායනකම් නිදියනවා කියන්නේ මේකට විය යුතුයැයි මම අනුමාන කලෙමි. චින්තකයා තාමත් නින්දේය. මුලු නිවසම පාලුය. හරියටම මගේ ලයිෆ් එක සේමය.ෂිට්... සිත සිතා සිටීමෙන් කාරියක් නැත. දවස ආරම්භ කල යුතුව ඇත. ඒකට පුංචි කික් එකක් ඕනෑය. කික් එක එන්නේ පිස්සුවක් කෙලිය විටය.
ම්හ්හ්..... මක්කැයි කොරන්නේ...?
ඇයි බොල මගේ රෝන්ග් නම්බර් එක...
****575859.
ක්‍රීන්...ක්‍රීං...
හෙලෝ....!
ඔය තියෙන්නේ ලෙසටම මේ එයා තමයි.
ගුඩ් මොර්නින්ග් එකක් වේවා මිස්. මම සියදොරිස් මතකද මන්දා මාව.
ඔව්නේ.. මතකයි මතකයි.!
ඉතින් කොහොමද මිස්,මොනාද කරන්නේ..?
ම්.... ගෙදර වැඩ ඉවර කරලා,උදෙට කන්න ගත්තා.. ඔයා  කාලද දැන් උදේට?
චෙහ්... අන්න වැදුනා රිදෙන තැනකටම(ගෙවුනු අවුරුදු ගානකින් මගෙන් එහෙම අහලා නෑ කවුරුවත්. කන බොන එක තියා උන්නද මලාද බලන්න එකෙක් එන්නැති මට රිදෙන්නැතිව තියේද එහෙම ඇහුවම.)
බොහෝම ස්තූතියි මිස්...! මට ඉබේටම කියවුනා.
ආං.. ඇයි ස්තූතියි කියන්නේ.?
හුටා දීපංකෝ උත්තර. නෑ ඉතින් ඔයා කාලද කියලා ඇහුවනේ ඒකයි...!
ඉතින් ඒකට උත්තරේ ස්තුති කරන එකයෑ,ඔව්ද නැත්ද කියන එකනේ.
(සාම්ප්‍රදායික ටියුෂන් කෙල්ලෝ. අම්මපා ලග හිටියානම් අනිනවා කදුලු පනින්න ටොක්කක්. දැන් මෙයාට පැහැදිලි උත්තරයක් ලැබෙනකල්  ප්‍රශ්ණ පත්තරයක්ම දානවා.)
නෑ මිස්.. මතක ඇති කාලෙකට මගෙන් කවුරුවත් එහෙම අහලා නෑ.ඒකයි එක පාරටම එහෙම කියවුනේ...! අනේ...!
ඩෝන්ට් වොරි මිස්. මම ගල් පලලා මද කාපු එකෙක්. මට ඕවා ගානක් නෑ. අපි වෙන දෙයක් ගැන කතා කරමු..! හාං.. හැබැයි මට මිස් කියන්නෙපා අයියෝ..!
එල පව්සි.. ඔන්න නියම වෙලාව නම අහගන්න,අරින්නෙපා සරෝ.
හරි නොකියා ඉන්නම්.. නම කියන්නකෝ එහෙනම්..!
නම ඕන්නෑ .මම ඔයා එක්ක කතා කරන්නේ නම දැනගෙනයෑ.!
(ඈ බං.. බබා ටෝක් දුන්නට මෙයා බබෙක්ම නෙමේද මංදා...)
මොකෝ නැත්තේ එදාම මම කිව්වේ නමයි ගමයි සේරම..
මොකක්ද අර සියදෝරිස් කියලද..
වෙන මොන කෙහෙල් ගෙඩියද මිස් ඕක තමා... (සොරි මෙයා මම මිනිපුරේ කොල්ලෙක්.හික්..)
ඔය ආයේ කියනවා.
හරි... එහෙනම් මම සෙනෝරිටා කියන්නම්කෝ..!
සෙනෝරිටා ඒ කව්ද ඒ.
ඔන්න ඔන්න ඔයත් බොරුව දානවා ඒ ගමන.ඕන ගෑනු ලමයෙක් අදුනන කෙනෙක්නේ සෙනෝරිටා කියන්නේ. පේවරිට් බ්‍රෑන්ඩ් එකක් ගෑනු ලමයින්ගේ.
අනෙහ් මට එපා ඔය විකාර නම්..
විකාර..ම්හ් හරි එහෙනම් මම බබාලගෙ අම්මා කියන්නද..?
මේහ්.. එන්න එපා ඕවට හරිද.
හුහ්.. යකෝ මේක හරි වැඩක්නේ තමුන්ගේ නම කියන්නෙත් නෑ.මම දන්න නමක් කියන්නත් එපාලු. මිස් කියන්නත්බෑ. ඇයි බොල අපිට කියලා තදවෙන්නැද්ද.
හරි හරි මම පියුමි..!
ඕකනේ කියන්නේ, ඔය තියෙන්නේ අපූරු නමක්. කලින් කීවනම් අහකයිනේ මැඩම්. මම සරත්,ගම අවිස්සාවේල්ල. කොලබ දිස්ත්‍රික්කයේ නැගෙනහිර මායිම.එස්.පී.ඒ.ජී.එස්.එම් සර්විස් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික්ස් කියන්නේ මගේ කඩේ නම. මේක තියෙන්නේ සාලාවේ.
සාලාව.. සාලාව කියන්නේ මොකක්ද..?
සාලාව කියන්නේ ගමක් යාලු.. කොස්ගම හරියේ තියෙන්නේ,අර ලෙෂර් වර්ල්ඩ් එක දන්නවනේ අන්න ඒහරියේ. ආ..ආ මම බලාගෙන දැන් සෑහෙන වෙලාවක ඉදන් ෆෝන් එක කනේ තියන් ගෑනු ලමයා කු‍ටුකු‍ටු ගානවා. කා එක්කද සුදූ.?
(හුටා තොප්පියක් වත්ද?මට හිතුනා.)
යාලුවෙක් අනේ...
කව්ද අනේ මෙච්චර කියවන්න තරම් සල්ලිකාර යාලුවා මම නොදන්න.
උබලගේ අප්පච්චි කියන්න නගේ. කව්ද ඔය..?
අක්ක කෙනෙක්, මගේ යාලුවෙක්..
සුදූ කිව්වේ ඔයාටද.?
ඔව්.
වාව්.. ඒ කියන්නේ ගෙදරට කියන නම සුදූ..?
නෑ  ගෙදරට කියන්නේ සුද්දි කියලා.
ආදරේටද නැත්නම් ඇත්තටම සුදු නිසාද.?(මටත් ඕන නැති දෙයක් නෑනේ ඉතින්.)
දෙකටම...!
මේ හලෝ.. දැන් ඇති මම ආවේ මෙයාව හම්බවෙන්න.
ආපෝ ආයෙත් අර ටකරම.
ආවානම් පැත්තකට වෙලා ඉන්න කියන්නකෝයාලු ඇනයක් නොවී, එක්කෙනෙක් එක්ක කතා කරලා එපැයි අනෙක් අයට කතා කරන්න. කොහෙද ඉස්කෝලේ ගියේ කියලා අහන්න.
එයා තාම ඉස්කෝලේ යනවා.
මොකක් තමුන් කිව්ව නේද ඒ අක්කා කෙනෙක් කියලා.
ඔව්.. එයා කැම්පස්..
ආ.. එහෙමද. එයාට කියන්න මම කැම්පස් විතරක් නෙමේ බලව්,තෙක්ක,නැදුන් එහෙමත් අදුරනවා කියලා. තේක්ක,නැදුන් ගස් කියන්නේ ජාතියක්නේ.
ගස් ජාතියක් නෙමේ ජාති දෙකක්.
ඔව් ඉතින් ඇයි එයාට එහෙම කියන්නේ.
එහෙම කියන්නේ එයා කැම්පස් කියපු නිසා. මෙයාටත් අකුරෙන් අකුර කියලා දෙන්නෝන හැම එකම.
මම කැම්පස් කීවේ ගස් වලට නෙමේ විශ්ව විද්යාලෙට.
අම්මපා.. අනේ සොරි වෙන්ඩ ඕනේ පුංචි නෝනා මේ සියදෝරිස්ලා කවද්ද ඔය විස්ස විජ්ජාල වල ගියේ. අනේ නොදන්න කොමට කියෙව්වට අමනාප වෙනවා නෙවෙයි ඕං.
හි..හි..හි හරි හරි මම තරහ නෑ.
එහෙනම් දැන් සුද්දි ගිහින්  යාලුවත් එක්ක කතා කරන්නකෝ.
මම හවස කෝල් කරන්නම්.
අනේහ්..
ඇයි...
මට සුද්දි කියන්නෙපා.
ඇයි වදේ සුද්දි කියන්නේ තමුන්ගේ පෙට් නේම් එක කීව නේද.
ඔව් ඒත් ඒක පොඩිකාලෙ නමනේ මම ආසනෑ ඒ නමට.
එහෙනම් මොකක්ද කියන්නේ. ම්ම්හ්.. හරි..
මොකක්ද.
මම කියන්නම් ඔයාට නංගි බබා කියලා.


ගෙහුන් එන්නම් ආයිබොවන්.. 


ආ..... ඇත්තද එහෙනම් අපේ ගෙදර එන්න....
නංගි බබා8න්...













 

Tuesday, May 22, 2012

අමුතු කතාවක් 6 නංගි බබා...

සද වගෙයි තනි මගේ නුබෙ ඉක්මන් ගමන...
දුර ඉදන් මම දකිමි ඔය නුවනග බැල්ම...
නෙතු ලගම මුනගැසේ මම පසුබා සිටින...
මට බයයි මම සැලෙයි ලග ඉදුවර නයන...




                      එහෙමයි කියලා මහා පතරංග ජාතකේ වගේ සේරම දේවල් මෙයාට කීවොත් නම් සරෝ උබ ඉවරයි.මගෙ හිත මට එහෙම කිව්වා. පුංචි විහිලුවක් කරලා මේ ගෑනු දැරිවිව නලවලා තියන්නෝන. විස්තර කියලා ගුටි කනවට වඩා ඒක සනීපයි.
මම අවිස්සාවේල්ලේ මිස්.නම නම නම් සියදෝරිස්, ගමේ උන් ආදරේට පැනියා කියලත් කියනවා...!
හි...හි...හී...! 
එහා පැත්තෙන් මට ඇහෙනවා එයා හිනාවෙන හඩ. ඒත් මම දිගටම කියවගෙන ගියා.
ඉන්න තැනවත් කඩේ නම වත් කියන්න බෑ මිස්.ඔයාගේ අයිති කාරයෝ ඇවිත් මට ගැහුවොත්.? අම්මා තාත්තාවත් ලග නැහැ මාව බේරගන්න..!
අනේ අනේ මේ..අපි එච්චර නපුරු මිනිස්සු නෙමේ..!
එහෙමද .. අහන්නත් සතු‍ටුයි. ඒත් ඉතින් සිංහල කියමනක් තියනවනේ කට හින්දයි මාලුවා නහින්නේ කියලා. මොකටද නිකම් කියවලා බත් කන්න තියන දත් ටික නැති කර ගන්නේ. 
හි...හි.. හී...!
එයා තවමත් හිනා වෙනවා.
ඔයාගේ කතාවලට හිනාත් යනවා අයියෝ..!
ඉතින් හොදයිනේ මිස්. හිනාවෙන එක කොච්චර හොදද.. ඔයාට ආයේ හිනාවෙන්න හිතුනොත් මේ නම්බර් එක ඩයල් කරන්න. එහෙනම් මම තියනවා මිස්.
හොදයි බුදුසරණයි..!
බුදුසරණයි මිස් ඔයාටත්..!
මම දුරකථනය විසන්දි කලා. හිත ඇතුලෙන් මෝදු උන අමුතු සතුටක් හිත පුරා දෝර ගලනවා වගේ දැනෙනවා.අපරාදේ ඉක්මනට තිබ්බේ. වල්පල් කියෙව්වා මිසක නමවත්  අහගත්තයෑ. හ්ම්.. ඇහුවා නම් කියයි බොට මේන් කියලා. ඇයි බොල පොලොස් කොට්ටෝරුවෝ කොල්ලෙක් වෙලා ‍තෝ නොකියපු දේවල් ඒ ගෑණුදැරිවි කියයිද.? ටිකක් ඉවසලා හි‍ටු. මගේ හිත මටම කිව්වා.ඒත් එයා ආයේ රින්ග් කරයිද...??
නා ජානේ මෙරේ දිල් කෝ ක්යා හෝගයා...
අභී තක් නහී කා අභී කෝගයා... 
බම්බුව, උබට මෝල්ද මහත්තයෝ කොහෙදෝ ඉන්න කෙල්ලෙක් එක්ක කතාකල පලියට මනෝ ගහන්න.දන්නවද ඒකි කව්ද,කින්ද  මන්ද කියලා. දැනගත්තත් මොකටද. පොඩි මිස්ටේක් එකක් උනා.කතා කරලා වෙච්චදේ කිව්වා.සොරි කිව්වා එච්චරයි.ඒක එතනින් ඉවරයි.ඒ මගේ හිත.ඔව් ඒක එතනින් ඉවරයි.මට වැඩ තියනවනේ,මම වැඩ කරනවා. වැඩ කරනකොට මට ලෝකෙම අමතක වෙනවා.ඒක හරියට දැහැන්ගත වීමක් වගේ. ටීවී එකක් සෙටප් එකක් ගලවපුවහම මට ඒක හදලා හයි කරනකම් නින්ද යන්නේ නෑ. මම හිතන විදිහට මගේ සාර්තකත්වයේ රහසත් ඒකමයි. කවදාවත් මගේ කස්ටමර් කෙනෙක්ව ආපහු යවන්නේ නෑ මම හිස් අතින්.මේ වැඩේ අහවල් දවසේ අහවල් වෙලාවට දෙනවා කීවොත් අනිවා ඒ වෙනකොට ඒ වැඩේ කෙරිලා. ඒනිසාමද කොහෙද මගේ කස්ටමර්ලා ලිස්ට් එකත් ගොඩාක් දිගයි. දන්නෙම නැතුව රෑ වෙලා කියලා දැනගත්තේ මගේ අපාය සහය මිත්තරයෝ ටික උඩට ආව නිසා.
ආ.. සරා කොහොමද මචෝ..!
අවුලක් නෑ බං ටිකක් බිසී උනා.
මේ..මේ..මේ දැන් ඕවා නවත්තපං කරුනාකරලා..!
මේවා නවත්තන්න. ඇයි තොපේ මහ ගෙදර යන්නද.?
මහ ගෙදර නෙමේ තූත්තුකුඩියේ හරි කමක් නෑ ගිහින් බොන්නෝනේ අද.
මට හිතුනා සිංහයෝ වගේ නද දීගෙන එනකොට ඇයි දෙයියෙක්වත්** ඇරියද අද බොලාට.
අද පඩි මචන්..පඩි මේ..!
නෝට්‍ටු කොල වගයක් අතේ තියාගෙන සුදුවයි රුවනයි කෑ ගහනවා. ඒ මුන්ගේ හැටි. හැමදාම නැති උනාට සල්ලිතියන දවසට මුන් වියදම් කරන්න ලෝබ නෑ. පඩි අරගෙන සතියක් විතර යනකම් සුද්දො වගේ වියදම් කරන මුන් ඊලගට සිගරට් එක ගහන්නත් දුවගෙන එන්නේ මා ගාවට.සාක්කුව දුප්පත් උනාට මුන්ගේ හිත් හරි පොහොසත් නිසා කොයිම එකෙක් ගැනවත් මගේ හිතේ කහටක් නෑ. සාක්කුවට අතදාලා මගේ කොටස අතට ගත්ත මම ඒක මේසේ උඩට දැම්මා.
රෙඩ් රම් තුනක් මම ගානේ.
අම්මපා ඔයානම් දෙයියෙක් නෙමේ  දේවාලයක්. හරි ඉතුරු සේරම අපි බලාගන්නම්.ඔය මහත්තයා නාගන්නකෝ දෙයියනේ කියලා...!
අපොයි උබලගේ සත්ව කරුනාව ,ඕක පහල උනේ අර බෝතල් තුන නිසාද..?
අඩෝ චින්තකයා.. ඒම කියන්නෙපා ඩෝ ආලා බලපන් උබේ අයියන්ඩිගෙන්ම අපි ඒවගේ දෙකයි පනහේ වැඩ කරනවද කියලා..!
හරි හරි ඩෝ.. දැන් ගිහින් කියාපු වැඩේ කරගෙන වරෙල්ලා.
ඉන් පසු සිදුවූ සිදුවීම් සියල්ල ඔබට මට මෙන්ම සමාජයටද කිසිදු ප්‍රයෝජණයක් නැති බව පමනක් අවධාරනයෙන් මතක් කර සිටිමි.
ගෙහුන් එන්නම් ආයි බොවන්...!

එහෙනම් මම සෙනෝරිටා කියන්නම්. 
නංගි බබා 7 න්...

Friday, May 11, 2012

අමුතු කතාවක් 5 නංගි බබා

                   මොහොතකට මුලු ලෝකෙම අමතක කරපු මම නාන්න පටන් ගත්තා. උදේම සීතල වතුර ඇගට වැටෙන කොට දැනෙන සනීපය.

දෙතොලග සිනහා-ආදර කැල්මෙන් නැහැවේ....
පෙම්රස උනා -අමුනයි සුන්දරතාවේ....
නුවනග බැලුම්-නිහඩව ගැයු ගී රාවේ....
මදුරස පිරේ-සවනත මීවිත යාවේ....
                        
                         පුරුද්දට වගේ කියවුනා. කලින් නොකීවට මේකත් මට තියන එක අසනීපයක්.කොතැන කොහොම කොයිවෙලාවේ නෑවත් නිරායාසයෙන්ම මට සිංදුවක් කියවෙනවා.එහෙම නැති උනොත් හරියට සබන් නොගා නෑවා වගේ. ඒ මොකුත් කලවන් නැති අව්යාජ සරාගේ හැටි.සීතාවක පුරවරයේ එක්තරා "ගැන් එකක්" නියෝජනය කරපු ඒ ගැන් එකේ ජනප්‍රිය චරිතයක් වුනු,හොදට නරකට දෙකටම දෙපාරක් නොහිතා ඉස්සර උන හැම වෙලේම සිංදුවක් මුමුනමින් හිටපු කෙනෙක් මම කාලයක්.හැබැයි මේ වකවානුව වෙනකොට ඒ සැහැල්ලු දඩබ්බරයා මියයමින් හිටියා කීවොත් ඒක මුසාවක් නෙමේ.නොමැරුන නිසා ජීවත්වෙන අරක්කු වලට ජීවිතේ උගස් කල වියදම් කරන්නෝන නිසාම ව්යාපාරයක් කල ගැන්ග්ස්ටර් කෙනෙක් වෙලා අවුරුදු දෙකකට ආසන්නවෙලා තිබුනා මේ වෙනකොට.ඒ නිසාම චින්තක ඇතුලු කීපදෙනෙක් නිතර මා ලග හිටියා. මොන තරම් සාර්ථකව බිස්නස් එක කරගෙන ගියත් හෙට ගැන නම් බලාපොරොත්තුවක් හිතේ කොනකවත් තිබුනේ නෑ මගේ.
                        නාලා ඉවර වෙනකොට බඩගින්නක් ආවා අම්බානක.චින්තකයා කියන විදිහට ඊයේ රෑට කාලත් නෑනේ මම. ඒනිසාම ඌවත් ඇදගෙන හන්දියට ගියා. උඩින් පල්ලෙන් බඩට යමක් දමා ගත්ත මම සීකොම්  එකට ගොඩවැදුනේ ඇවිත් තියෙන වැඩ බලන්න.මෙතෙන්ට එන ෆෝන් රෙපෙයාර් කරන්නෙත් මම. වැඩ ගැන විතරක් නෙවි රටේ තියන සේරම ඕප දූප කියවලා එතනින් එලියට එනකොට හුගාක් දවල් උනා. වාසභවනට ආපු මම ආයෙත් ඈදි ගත්තා වැඩ කරන මේසේ ලගින්.එලිවෙනවා,රෑවෙනවා වැඩ කරනවා බොනවා. මෙලෝ රහක් නැති ජීවිතේ මට නම් එපාවෙලා අයියෝ...! එපා උනයි කියලා වෙලාව එනකම් දාල යන්නත් බෑනේ. නැත්නම් මම දීපු ට්‍රයි වල හැටියට වෙන එකෙක් නම් හත් අට ගමනක් මැරිලා. ඒ කතාව නම් මම ඔයාලට කියන්නේ නෑ නෑ නෑමයි. මේසෙ උඩ තිබුන ගලෝල දාපු ෆෝන් එක මම අතට ගත්තා. බැටරිය දාලා ඔන් කරා. එතකොටම මිස් කෝල් ඇලර්ට් එකක්. මම බැලුවා නම්බර් එක ****575859.කවුද බොලේ මේ. සිම් එක මගේ ඒත් මේ නම්බර් එක මම අදුනන්නෑනේ. මට මතක් උනා ඊයේ රෑ සිද්දිය. කතා කොලා නේද කවුද අම්මන්ඩියෙක්. බුදු ෂුවර් මේ එයාමයි. එක පාරටම කට්වුන නිසා අයේ රින්ග් කොරන්න ඇති බලන්න.
ඔයි ඊයේ මාර වැඩක් උනානේ...!
ඒ මොකක්ද...?
මේ ෆෝන් එක හදලා වැඩද බලලා මම මේසෙ උඩින් තියලා තිබුනා...!
ඉතින්...?
ඉතින් කියන්නේ කාගෙදෝ නම්බර් එකක් ඩයල වෙලා මගේ අතින්.. කෙල්ලෙක් කතා කරානේ ඕයි...!
නෑ...?
උබ කොහොමද නෑ කියන්නේ මට හොදටම ඇහුනනේ කතා කරනවා.
හරි හරි ඉතින් ඔයා මොකද කිව්වේ..?
මොනවා කියන්නද,මම බැටරිය ගැලෙව්වා ෆෝන් එකේ...
හෙහ් හෙහ් හේ...
දැන් ඇයි ‍තෝ හිනා වෙන්නේ...?
නෑ ඉතින් අපිට තමයි ඔයාගෙත් චන්ඩිකම් කෙල්ලෙක් කතා කරා කියලා ෆෝන් එකත් ඕප් කරලා. හික් හික්..!      ෂිහ්.. හතර විලි ලැජ්ජාවයි මේ වෙලාවට තමයි ** පොලවෙ ගහගන්න හිතෙන්නේ.මොකට මම මේවා කියන්න ගියාද මේ අපතයට. එහෙම හිතුනට මම කිව්වේ නැහැ. ඒත් එක්කම මගේ දඩබ්බර හිත මට කිව්වා මේ අපූරු නම්බර් එකේ අයිතිකාරි කව්ද කියලා බලපන් කියලා. මම චින්තකයා දිහා බැලුවා.ඌ ටීවී එකට වහ වැටිලා.ආයේ මෙලෝ සිහියක් නෑ ඉතින්. ඕන පු** ගෙදරට ආපු සූදුව වලන් විකුනලා හරි ගහන එක තමයි මගේ තියරිය. ඩයල් කරා ආයෙමත් ඒ නම්බර් එක. ක්‍රීං...ක්‍රීං..එහා කෙලවරෙන් රින්ග්ස් යන සද්දේ ඇහෙනවා. ඊට වඩා සද්දෙයි මගේ හාර්ට් එක.
හෙලෝ...!
ආ..මේ..ආ..
හෙලෝ...!
හෙලෝ.. සොරි වෙන්ඩ ඕන මිස් කරදරයක් නම්...!
නෑ කව්ද මේ..?
මිස් මේ මම...ෆෝන් රෙපෙයාර් කරන කෙනෙක් වැරදීමකින් ඊයේ මිස්ගේ නම්බර් එක ඩයල් වෙලා තියෙන්නේ.ඉතින් මිස් ආයේ කෝල් කරන්න  හදලා තිබුනු නිසයි කෝල් කරලා කියන්න හිතුවේ...!ආ..එහෙමද..ඔයා කොහෙද,කාගෙද ඔය ෆෝන් එක..? මගේ නම්බර් එක ඒකෙ තිබුනද..? ඔයා කව්ද..?
හුටා... ප්‍රශ්ණ වැලයි. මෙයා පොලීසියේ වත්ද.දැන් කොයින්ද මේවට උත්තර. උත්තර තිබුනත්  කොයි ප්‍රශ්ණෙටද ඉස්සරලම උත්තර දෙන්නේ. මොනවා උනත් ස්වීට් වොයිස් එක.ටිකක් හයි ක්ලාස් වගේ. හැබැයි මට බුදු ෂුවර් බැනුම් අහන්න නම් වෙන්නේ නෑ.

ඊලගට මොකද උනේ...... නංගි බබා 6 න්

ගෙහුන් එන්නම් ආයිබොවන්...!

Thursday, May 10, 2012

අමුතු කතාවක් 4 නංගි බබා

පිය නගනවා නොවේ පා ගැටේ මාවතේ...
ලොව නැවතිලා වගෙයි නීරසයි ජීවිතේ....
තව හිතන්න කිසිවක් විහගුනි නෑ මගේ හිතේ..
තෙපිත් ඉගිලියව් අහසට නොසිට කෑ පතේ.. 




                                                       කවුරු දන්නවද,කොහෙන්ද,කව්ද,කින්ද මන්ද? වෙලාවත් රෑ දහයට කිට්‍ටුයි.කතා කරලා වැරදීමක් කීවොත්..? බොටත් වරදින්නේ රෑ ජාමෙටද කියලා කුනුහබ්බ දෙක තුනක්අහගන්නවෙයි. පිරිමියෙකුට නම් මොනා හරි කියලා ෂේප් වෙන්න ඇහැකි,මේ ස්ත්‍රී පරානයක්නේ. 'අනිවා'කියන්නෙම කුප්ප කමටයි කොලේ කියලා. හිත හිතා ඉන්න කාලයක් නෑ, කෝ මේකේ පවර් බට්න් එක.ම්හ්.. ඔක්කොම එකම විදිහ නෙව.ගලවනවා බැටරිය.හුරේ... මම බේරුනා...! ඇති යන්තම්.. කෝ යකෝ මගේ සිගරට් එක? තියනවා,තියනවා ඈස්ට්‍රේ එක උඩ. ඒකත් අතට අරන් මම ආවා බැල්කනි එකට ,වාඩි උනා පු‍ටුවකින්.    හයිලෙවල් පාර ටිකක් නිහඩයි දැන්.වාහන ටික ටික අඩු වෙමින් යනවා.පාර එහා පැත්තේ තියන සලාව කැම්ප් එක හද එලිය නිසා දවල් වගේම හොදට පේනවා. මම ආයෙත් කල්පනා කලේ මොහොතකට කලින් උනු සිදුවීම ගැන.යකෝ කවදාවත් මෙහෙම සීන් එකක් වෙලා නෑනේ.කොහොමද පිලිවෙලටම නම්බර් එකක් ඩයල් උනේ? ඒකත් ගෑනු පරානෙකට.සමහරවිට කලින් ඩයල් කරලා තිබුන එකක් රීඩයල් උනාද දන්නේ නෑ. කොහෙද ඉතින් සිහියක් තියන එකක්යෑ.කන පැලෙන්න බීලනේ.
කව්ද...මම බීලා..? නෑ ..කව්ද කියන්නේ..?
යකෝ වයිට් ලේබල් දෙසීයක් දැම්මා ...! ඕකට බීලා කියලා චෝදනා කරන්න පුලුවන්ද?
නෑ මං අහන්නේ ඒක සාධාරනද...? අනික මම ඔහොමද බොන්නේ...?
කනමදයා වගේ බීලා මම කීදවසක්  බයික් එකෙන් ගෙදරට යන පාර අහලා තියනවද....?
හුගක් දවසට මමයෑ බයික් එක ගෙදර ගේන්නේ,බයික් එකනේ මාව එක්කන් එන්නේ.
ඒ ඇවිල්ලත් කෑම පැකට් එකත් අරන් ඇදට ගිහින් කෑම එක ලොකු කොට්ටේ උඩින් තියලා,මම පොඩි කොට්ටෙට  වෙලා කීදවසක් නම් නිදාගෙන තියනවද....?
එහෙම බැලුවම මේක මොන බීමක්ද...? හාං..නැද්ද මං අහන්නේ...?
මං බීලා නෑ..මේ හොදට ඉන්නේ.!හැබැයි පු‍තෝ මම ආයේ නම් අර ෆෝන් එක ඔන් කරන්නේ නෑ.
මට බෑ ගෑනුන්ගෙන් බැනුම් අහන්න.අදට වැඩ ඉවරයි.මම නිදා ගන්නවා දැන්.
සරත් අයියේ...සරත් අයියේ..!
මොන හුහ්... ක්.කව්ද යකෝ.ව්..?
මම,මම චින්තක..! ඇයි.. තොට ගුල්මයා ගහලද මට ඇහරවන්නේ මේ රෑ..?
කෑවනම් බීවනම් නිදා ගනින් බං වදනොදී...!
ඇයි වදේ යන්තම් ඇහැ පියාගන්න හැදුවා විතරයි මේ හෙනහුරා බෙරිහන් දෙනවා කනගාව. ඈහ්.. මූ මෙච්චර වෙලා මෙතන හිටියේ නෑනේ.. කොහොමද ඇතුලට අවේ හතර කොනම වහලා තියෙද්දී. කිව්වේ නෑ. එහෙම හිතුවා මම.
රෑ.. රෑ කොහෙද දැන් උදේ නමයත් පහු වෙලා.මට පේන්නේ මෙයා ඊයෙත් ගහලා වගේ කරටි කැඩෙන්නම. ඒකයි දොර ජනේලුත් හායි ගාලා ඇරල දාලම නිදාගෙන තියෙන්නේ.
ඌ ආයෙත් කියවනවා.
ඈහ් ...දොර ජනේල් ඇරලා මම.. මම? උබට පිස්සුද..?
පිස්සු..? පිස්සු කාටද නම් මම දන්නැහැ,මේ බයික් එකේ යතුර.මේක යතුරු කටේමයි තිබුනේ මම අරන් ආවා. ඒමදිවට කෑම එකත් තාම බයික් එකේ එල්ලෙනවා...!
අපොයි අම්මේ උදේ පාන්දරම මුගේ අඩවැඩියාව.මොකට මේවගේ සහෝදරයෙක් හම්බ උනාද මට. මම නැගිටලා ගිහින් සෙට් එක ඔන් කරා. 
ගැලූ දියකද හැපී බිදුනා තිසාවැව් බැම්මේ...
ඉතින් නුබ නෑ මමත් හෙට නෑ තිසා වැව් ඉවුරේ.....
ඔයා ඔය කිට් එක පිටිම්මද නිදා ගත්තේ.....?
නොද්දකින් .. මූත් මගේ පස්සෙන්ම එනවා නෙව.
ඇයි මේකට මොකද වෙලා තියෙන්නේ..?
නෑ මොකුත් වෙලා නෑ .. ඒත්  ටයි එකකුත් දාගෙනම නිදාගෙන තිබ්බානම් හොදා කියලා හිතුනා.
හරි යන්නේ නෑ. මම තවත් මෙතන හිටියොත් මූ ගුටි කනවා මගෙන් උදේ පාන්දරම.ආයේ දෙකක්  නෑ  ඒකේ.ඊට මීට වඩා හොදයි මම ගිහින් නානවා.එහෙම හිතපු මම ටවල් එකත් කරට දාගෙන රිංගුවා බාත් රූම් එකට.
ගෙහුන් එන්නම් ආයිබොවන්...!

Thursday, May 3, 2012

අමුතු කතාවක් 3


බක්මී මල් පෙති ගං දෑලේ.... 
නුබ නැති දා වැලපෙන තාලේ....
රෑට ඇසේ සද නැති කාලේ....
කාට කියන්නද දුක මාගේ....      
                                                                                                ඉතින් යාලුවනේ මම ඔයාලට පොරොන්දු උනානේ ඔයාලගේ කැමත්තට ඉඩදීලා වැඩිම ඉල්ලුම තියෙන කතාව මුලින් කියනවා කියලා. ඉතින් මගේ පෝස්‍ටුව කියවන්න ආව ලක්ෂ සංක්යාත පිරිසෙන් වැඩි දෙනාගේ ඉල්ලීම උනේ නංගිබබා මුලින් කියමු කියලා.(ඊට කලින් පොඩි රහසක් කියන්නම් කාටවත් කියනව නෙමෙයි ඕං..!බොලාට ඇත්තම කියන්ට එකම එකයි බ්ලොග් එක පැත්ත පලාතට ඇවිත් තිබුනේ.මෙලෝ රහක් නැති නිසාද කොහෙද උගේ කොමෙන්ට් එකෙත් තිබුනේ '0'.කිරි අප්පේ කටක් ඇරලා කියන්ට පුලුවන් දේවල්ද මේ?ඉතින් මම ඒ ගොබිලව පැත්තකින් තියල එයාගේ එක තියනවනේ. නෑ,නෑ ඒ එක ගැන නෙමේ,මම මෙතන එක කියල හැදින්නුවේ 'පුග්ගලයව'.ඉතින් එයාටම එයාගෙ කොමෙන්ට් එක ඇමිනුවා මෙහෙම 1+0=10 දහයයි,දැම්ම තව 0ක් සීයයි,ඇරියෙනෑ දැම්මා තව එකක්.ඕං ඔහොමයි ඔය මම ඉහතින් සදහන් කො‍රැවුව පාඨක පිරිස මට සැට් උනේ.ඇයි වදේ මෙච්චර මහන්සිවෙලා කොටපු එකේ මගේ හිතත් හදා ගන්නෙපැයි.හාං..නැද්ද මං අහන්නේ?බොලා මට විස්වාශ නිසයි කීවේ .කාටවත් කියනවා නෙවෙයි හොදේ.)ඉතින් මම කතාව කියන්නම් දැන්.....

කාල වකවානු වලින් කියනවා නම් ඒක්‍රි:ව:2007ජනවාරි අග හරිය වෙන්නෝන.ඔයාලට කියන්න ඒ දවස් වල මම 'රැලකින් තනිවී වන මැද සරනා කැකුලු තුරුණු යාමේ'ඇතෙක් තරම් නොවුනට ඒ වගේ තමයි වැඩ.හීනියට වියාපාරෙකුත් කොරගෙන හිටියා ඔය අවිස්සාවේල්ල පැත්තේ.ඒක මේ ටීවී,කැසට් හදන තැනක්.තවත් පැහැදිලි කොරනවනම් රේඩියෝ කඩයක්.ඉතින් ඔය කාලේ වෙනකොට ලංකාවට දරුණු විදිහට ජංගම දුරකතන අසනීපය හැදිලා තිබුනු බව ඔයාලට මතක ඇතිනේ.මමත් ඒව අලුත් වැඩියා කොරන්න අතගහලා තිබුනේ මේ සංදිය වෙනකොට.නිකම්ම නෙමේ ලංකවේ පිලිගත්ත ආයතනයකින් දුරකතන අලුත් වැඩියාව පිලිබද පාඨමාලා කීපයකුත් හදාරලා අහක.

සිද්ධියට අදාළ දවසේ හවස පැක්ටරි හොටෙල් එක පැත්තට ගෙහුං වයිට් ලේබල් දෙසීයකුත් දාගෙන රෑට කෑමත් අරගෙන ආවයි කියමුකෝ මගේ වාසභවනට.ඇවිත් රෙපෙයාර් කොරන්න තිබුනු ෆෝන් එකක් ගත්තා අතට.'කීපෑඩ් නොට් වර්කින්'කියලා මගේම කබල් අකුරු වලින් ලියාපු තුන්ඩු කෑල්ලක් අලවලා තිබුනා එකේ.දෙසීයක් දැම්මට මීටරේ හොදට වැඩ නිසා එකෙන්ම මම වැඩේට අත ගැහුවා.රෝග ලක්ෂන දිහා බලලා ලෙඩේ අහවල් තැනයි කියන්න තරමට මට හොද වෘතීය දැනුමක් තියෙන නිසා ගේමක් නැතුව මම වැඩේ ‍ෆිනිෂ් කලා.හදලා අහක මම චෙක් කොලා මෙව්වා එක වැඩද කියලා දැන් අවුලක් නැතුව.හව්සින් එක ගැලෙව්වම කී පෑඩ් එකේ තියෙන්නේ සුදු පාට ඩොට් ගොඩක් විතරයි කියලා මම නොකීවට අපේ යාලුවෝ හැමෝම දන්නවනේ.(දන්නවානම් කලින් කියන්නෙපායෑ.මම කියනකම්ම හිටියේ.)මම දැන් ඔබාගෙන ඔබාගෙන ගියා ඒටික.අ..ආං..! නෑ වදේ කී පෑඩ් එක.වචනයක් එහෙ මෙහෙ වෙන්න බෑ.හරහටමයි බලන්නේ.හුරේ වේවා..! බඩු වැඩ එලකිරි වගේ. ඒක තිබ්බා මේසේ උඩින්,පත්තු කරා දුම් වැටියක්. දිලි දිලි නිවෙනා තරු කැට යුවලක් මා නෙතු අබියස නතර වෙලා...  පහන් සිලයි දුම් කැරලි පෙලයි මට ඒ මොහොතේදී මිතුරු වෙලා...ඒ එලි දැක්වුවේ මගේ අති විශිස්ඨ ගායන හැකියාව.කිව්වට විස්වාශ කරපන් නැත්නම් ගෙදර පලයන් මචන්ලා ඈතින් වගේ මට ඇහෙනවා ගැහැනු කටහඩක්.හෙලෝ...හෙලෝ...!සිංදුව නවත්තලා මම හෙව්වා සද්දේ එන්නේ කොහෙන්ද කියලා.හුටා.. අර ෆෝන් එකෙන්.මොකක්දෝ නම්බර් එකක් ඩයල් වෙලා මගේ අතින්.මල කෙලියයි.. ගිනිකෙලි ගොඩයි.. කවුද මේ..? ගෙහුං එන්නම් ආයිබොවන්....!