Sunday, April 29, 2012

අමුතු කතාවක් 2

                  ට්‍රාන්ස්පොටේෂන් එක ලගට එනකම් විදුලි වේගෙන් ආපු බස් එක නතර උනා.ෂීට් එකෙන් නැගිටපු මම රථාචාර්යවරයා දිහාට හැරිලා උබේ අ***** %%%%%***** කියලා කුනුහබ්බ වැලක් කියලා දැම්මා.ඌත් හොදට හිනාවෙලා,යල්ලා,යල්ලා සූරා කිව්වා.උගේ හිතේ මම ඌට ස්තුති කලා කියලා වෙන්නැති හයියෙන් ආවට.මෝඩ හු**.බස් එකෙන් බැහැගත්ත අපි කෙලින්ම කැපටේරියා එකට.ඔව් මට පේනවා තරග කරුවන් රාශියක් එක පොකුරට ඉදිරියට ඇදී එනවා.[හෝල් වේ එක බොහොම ජනාකීර්ණයි]ඉඩ දෙන්න,ඉඩදෙන්න,කරුණාකර ඉඩදෙන්න.සෙසු තරග කරුවන් අභිබවමින් ඉදිරියට එන මේ කන්ඩායම මට ඩැන් හොදින් දර්ශණය වෙනවා.කන්ඩායමේ ඉදිරියෙන්ම ඇදීඑන කීඩෑවා' පැතුම්' [මූ හරියට දාවිත් වගේ.අඩි 6කටත් වඩා දිගයි.මූත් එක්ක කොහේ යන්නද අපි.] දෙවන ස්ථානය සරා.[ඒ කිව්වේ නම් මා ගැන.]ඉතිරි එවුන් කොට නිසා උන් ගැන කවර කතාද. 
                                  මෙහෙම යනකොට ඉස්සරහට හම්බවෙනවා පිලිපීන ගෑණු ළමයි.හරියට බෝනික්කෝ වගේ.අහම්බෙන් දැක්කත් තව සැරයක් බලන්න හිතෙනවා.[සමහරු කැපටේරියා එක ඇතුලෙදි මගෙන් අහනවා'මොනවද මචන් කන්නේ' කියලා.ඇයි බං ඌට කන්නෝන මොනවද කියලා මමද දන්නේ.ඇත්තම කියනවානම් මේකයි මචන්ලා වෙලා තියෙන්නේ.උන්ගේ ශරීර කූඩු අපිත් එක්ක ඇවිල්ලා තිබ්බට හිත ගිහින් අර කෙල්ලෝ එක්ක.මොකද්ද කිව්වේ...?ඔය කිව්වට ෂුවර් නෑ, අමූලික ඇත්ත මචන්ලා.. ආයේ ඔයාලට බොරුවක් කියයිද මම].ඒත් සෞදි නීතියට අණුව ගැනු පරාණයක් දිහා බලනවා කියන්නේ අපාගත වෙන පාප කර්මයක්.අපාගත නොවුනත් සෞදියෙක් දැක්කොත් 'අනිවා'පහුවෙනිදම අදාළ එකාව ගුවන්ගත කරනවා පඩිත් නැතිව.ඒකෙ ආයේ හෝදන්න දෙයක් නෑ.[හෝදන්නත් ඉතින් මොකුත් කොලායෑ.බැලුවා විතරනේ.]අනේ මේ අසරණ සරණපාල නම් ගෑණු ළමයෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ.අම්මාපල්.. බොරුනම් අපේ ග්‍රාම සේවක මහත්තයාගෙන් අහලා බලන්න පුලුවන් ඔයාලට.අපි එහෙමයි.විහිලුවට වගේ එහෙම කිවුවත්,ඇත්තත් ඒකම තමයි.මේ ගොල්ලෝ ගාව නතරවෙන්න හිතක්  මාලග තියෙන්න එපැයි.මගේ හිත එහෙනේ.එහෙ කීවෙ ලංකාවේ.මගේ නංගි බබා ගාව.'හුටා' කවුද මේ නංගිබබා කියන්නේ...?ඔය ගොල්ලන්ට කියන්න...  දැසමන් මලක් වගෙයි- ප්‍රියන්කරයි සුකෝමලයි......සුරංගනාවියක් වගෙයි -අහිංසකයි රටක් වටියි....... කවුද..? මගෙ රත්තරන් හෙලේනා.. නෑ නෑ.. වැරදුනා, නංගිබබා.  මගේ දයාබර,කුලුණු බර,ආදර බර,රූබර බිරිද නංගිබබා.මගේ ‍රැකියාවේ බලයට ආනුභාවයට පින්සිද්ද  වෙන්නනේ මට ඔය පරස්ථාව හරි ගියෙත්.ඒකත් ටිකක් අමුතු කතාවක්.අමුතුයි,ඒත් අපූරුයි.ඔන්න යාලුවනේ[මම එහෙම කීවේ සමස්ථයක් විදිහට හැමෝම ගැන හිතලා.නැත්නම් පෝස්‍ටුව කියවන යෙහෙලියෝ එහෙම හිටියොත් එයාල ගේම ඉල්ලනවා ආයේ දෙකක් නෑ.]මම එක පොයින්ට් එකකට ආවා.කතා දෙකක් තියනවා.එකක් තබුක් ලයිෆ්,අනෙක නංගි බබා[අන්න හිතට ඇල්ලුවා.] කෝකද මුලින් කියන්න ඕන. හොදයි තීරනය ඔයාලට බාරයි.මුලින් ඕන කෝකද කියලා ඔයාල කොමෙන්ට් කරන්න.මම කොහොමත් ජනතා වාදියනේ.වැඩි චන්දෙට එක දෙනවා. අදට මම නවතිනවා. ගෙහුන් එන්නම් ආයිබොවන්.

Thursday, April 26, 2012

අමුතු කතාවක් 1

                          සපත්තුවේ ලේස් එකත් බාගෙට ගැට ගහගෙන බ්ලොක් එකෙන් එලියට පැන්නේ,වෙලාව 6.58 යි නිසා.බ්ලූ බර්ඩ්ස්ලා සේරම කෑම්ප් එකේ ගේට් එක ගාවට ගිහින් ඉවරයි.ඉක්මන් ගමනින් මමත් එහෙට ගියේ උන් ‍රැලට එකතු වෙන්න.හරියටම 7.00ට බස් එක මෙතනට එනවා.අස්සලාම් ආලෙයිකුම්..භායි සහබ්..ක්යාලේ..? ඒ ඉන්දියන් කාරයෙක්. වාලෙයිකුම් සලාම්..! ටීකේභායි ..කියාගෙනම මමත් ගේට්‍ටුවෙන් එලියට ආවා.ආ..සරත් අයියා ගුඩ් මොර්නින්ග් එකක් වේවා..!ඒ අපේ එවුන්,පැතුම්,අසංක,ලසන්ත, බලේ.උබලටත් එසේම එකක් වේවා..!කියාගෙනම මමත් උන් ලගින්ම හිට ගත්තා.හු** ඉවරයි කිව්වට මේ සීතල තාම ඉවරමත් නෑ...පැතුම එහෙම කියන කොටම බස් එක අපි ලගට ඇවිල්ලා.හැමෝම ඉස්සරහට පනින්නේ හරියට හැමෝටම එකසැරේ බස් එකට නගින්න පුලුවන් වගේ.එහෙම කරන්න නම් ඉතින් බස් එකේ දොරත් ගේට්‍ටුව වගෙම ලොකු වෙන්නෝනේ.කුන්ජු උබේ අ***.. පෙරල ගෙන නගින්න ගිය එකෙකුට බලයා කෑ ගහනවා. වාසනාවට ඌට සිංහල තේරෙන්නේ නෑ.නැත්නම් රිප්ලයි එක ෂුවර්.මුං මෙහෙම පොර කන්නේ බස් එකේ ඉඩ නැතිවෙයි කියලා නෙමෙයි.මට හිතෙන්නේ ඒක මේ ආසියාතික මිනිසුන්ට ආවේනික ගති ලක්ෂනයක්.මොකද පිල්ලෝ ටික උන්ගේ පාඩුවේ ඉන්නවා.උන් නගින්නෙත් අන්තිමට.මට හිතෙන්නේ හැමෝම ඉදගත්තටත් පස්සේ ෂීට් දෙක තුනක් ඉතුරුවටත් තියෙන බව මතක තියෙන්නේ උන්ට විතරක් වෙන්නැති.අපේ උන්ට මතක තියේනම් පොර කාවියෑ මෙහෙම හැමදාම. 
                           හා... නැද්ද මං අහන්නේ..? හැමෝම නැගලා ඉදගත්තට පස්සේ බස් එක ඇද්දුවා.දැන් මේ කිලෝ මීටර්  11මූ යනවා නෙවෙයි විදිනවා.විනාඩි 5 ක් යන්නත් කලින් අපි අබ්දුල් අශීශ් එකේ.ඒකියන්නේ අපේහොස්පිට්ල්එක.ම්..ම්..මොකද හිතුනේ.තවත් නව කතාවක්,කෙටි කතාවක්,නැත්නම් ඒ වගේ එකක් මමත් ලියන්න හදනවා කියලද.? බම්බුව.එච්චර හරියක් කොරන්න තරම් සාහිත්ය දැනුමක් මට නෑ. [තිබ්බ නම් මෙහෙ එනවයෑ.] ඔන්න ටීවී එකක්,සෙටප් එකක්,මොබයිල් ෆෝන්,ප්‍රිජ් ඒ.සී වගේ දේවල් නම් ගින්නක් නැතිව අලුත් වැඩියා [තේරෙන සිංහලෙන් කියනවානම් රෙපෙයාර්] කොරතෑකි සංසං ගාල. ඉතින් ඔන්න ඔහොමයි අපි දවස පටන් ගන්නේ තබුක් එකේ.[තබුක් කියන්නේ මිලිටරි සිටි එකක් සව්දි අරාබියේ.]ඉතින් මේකේ අපේ බුවාල සෙට් එකක්ම ඉන්නවා.අපට අමතරව ඉන්දියන්,පාකිස්තාන්,පිලිපීන්,මැලේසියන් ,ඉන්දුනීසියන්,බ්‍රිටිස් අප්‍රිකන් අයත් මෙහෙ ඉන්නවා.ඉතින් එයාලයි,මෙයාලයි,අරයලයි,අපියි ගැන රස කතා ගොඩාක්  කියන්න [සොරි වෙන්ඩ ඕන] ලියන්න මට පුලුවන්.අන්න ඒ සත් කාර්යයට අත ගහලා ඕගොල්ලෝ හැමෝටම හීනි ආතල් එකක් දීලා මගේ පාලුවත් මකා ගන්නයි මේ වෑයම. ඉතින් බොලා හැමෝටම ඇහක් හැටියකට මගේ බ්ලොග් කට්ටටත් ඇන්ටෙනාව දාල,මට පුංචි සපෝට් එකක් දෙනෝනම් මසුරං වටිනවා.[නෑ නෑ,ඒ සපෝට් එක මට වටිනවා.]ආයේ ඉතින් මසුරං වටින බව මම නොකීවට ඕගොල්ලෝ නොදන්නවයෑ නේද.?ඇහැක් කෙනෙක් ඇත්නම් ඕං ඔය කියපු අහවල් එක දෙනව හොදයි ඕං.! මටත් ඇහැක් යමක් මම කොරන්නම්කෝ මෙ ඇත්තෝ වෙනුවෙන්.එහෙනම් ආයිබෝං මට අවසර.ගෙහුන් එන්නම්.