Friday, June 29, 2012

අමුතු කතාවක් 14 නංගි බබා...

සෞම්‍ය වන්තියේ- සිත සනසනා...
පුණ්‍යවන්තියේ-පින් පලදෙනා...
රූපවන්තියේ-රස කළඹනා...
ප්‍රේමයද මේ කිවමැනා...      
       

               උත්තරයක් නොදී මගේ දිහා බලපු එයාගේ මුහුනේ විඩාවක් සටහන් වෙලා කියලා මට හිතුනා. යන්.. කියමින් ඉස්සර උනු මම ඉස්සරහා තිබුනු කඩයට ගොඩ වැදුනා. එයත් මා පසුපසින් ආවා. මම කෙලවරකට වෙන්න තිබුනු පු‍ටුවකට බර දෙන කොටම එතනට ආව වේටර්වරයෙකුට සිසිල් බීම ගෙන එන්නැයි කිව්වා.
ඉතින්....
එයා දිහා බලපු මම ආයෙත් කතාවට මුල පිරුවා.
අහම්බෙන්වත් අපි මුන නොගැහුනා නම් හොදයි කියලා මට වෙලාවකට හිතෙනවා....!
ඇයි ඒ..?
මේවා මෙහෙම වෙන එක හොද නෑ. අන්තිමට ඉතිරි වෙන්නේ මතකයකුයි කනගා‍ටුවකුයි විතරයි..!
මම කියපු දේට ප්‍රතිචාර වශයෙන් එයා කලේ උරහිස් හකුලපු එක විතරයි.
හැබැයි මේකේ වැරදි කාරයා මම. ..!
ඇයි එහෙම කියන්නේ..?
එහෙම කියන්නේ මමනේ ඔයාට එන්න කීවේ,මේකට මුල පිරුවේ..!
මොකුත් කතා නොකර එයා බලන් ඉන්න නිසාම මම දිගටම කියෙව්වා.
තව දුරටත් මගෙ අතින් ඒ වරද වෙන්නේ නෑ. මොකද ආයේ අපි කවදාවත් මුනගැහෙන්නේ නෑ...!
එහෙම කිව්වම එයා ලාවට වගේ හිනාවුනා.
ඇයි ඔයා හිනාවෙන්නේ...?
නෑ ඉතින් හෙට ගැන අපට කියන්න බැහැනේ, අපි සාස්තර කියන්න දන්නේ නැහැනේ...!
හිසත් ඇලකරලා එයා ඒක කිව්වෙ හරියට දැන මුත්තියෙක් වාගේ, බැරෑරුම් බවකුත් මුහුනට ආරූඩ කරන්. ක්ෂනිකවම වාගේ එයාව හිනස්සන අදහසක් ආවේ  අන්තිම මොහොතෙත් එයාව සතුටෙන් පිටත් කරන්න ඕන කියලා හිතුනු නිසා.
ආ.... ඇයි ඔයාට මම කිව්වේ නැද්ද කලින් මට අනාවැකි කියන්නත් පුලුවන් කියලා...?
හැබෑට....කලින් කියලා නෑනේ, අමතක වෙන්නැති නේද... ?
හ්ම්... ඒ විතරක් නෙමේ, දේවාරූඩයෙන් සාස්තර කීම, මිරිස් ගල් කෙටීම, හිරමන පීරිගෑම, හරක්ට ලාඩන් ගැහීම වගේ දේවලුත් කරන්න පුලුවන්...!
හි හි...හී.. ! එයාට හිනාව නවත්ව ගන්නත් අමාරුයි වගේ.
උඹ ඔහොම හිනාවෙන්නෙපා කෙල්ලේ, මට ලෝබ හිතෙනවා උඹගැන ඒ සිතිවිල්ල වචන කරේ නෑ මම.
ඔයා ඔය හැමදේම කරන්නේ දේවාරූඩයෙන්ද...?
නැතුව එහෙනම්, මේවා එහෙම ආවට ගියාට ගියාට කොරන්න ඇහැක..බොහොම භාරදූර වැඩ ඕං.. සෑස්තරේට අනුකූලව කොරන්නෝන.
එයාගේ හිනාව ආයෙමත් අලුත් උනා. බීම දෙක අරන් ආව වේටර් තැනත් හිනාවෙනවා.
අර ඒ මනුස්සයටත් ඇහෙන්නැති මෙයාගේ විකාර...!
ඉතින් මට මොකෝ... මම බොරුවක් කිව්වයෑ..මම එහෙ ගිහිනුත් පටන් ගන්නවා සාස්තර කියන්න සැටලයිට් තාක්ෂණෙන්. එතකොට කොමියුනිකේෂනුත් හොදනේ.
මේ පිස්සු කියෙව්වා ඇතිදැන් මට පරක්කු වෙනවා...
ඉතින් පරක්කු වෙනෝ නම් ඉක්මනට ඕක බොන්න.
තවමත් එහෙමම තියන බීම එක එයාට ලං කලාමම. එයා ඒක බොන ගමන්ම බෑග් එකෙන් පුංචි පාර්සලයක් අතට ගත්තා.
ම්.. මේක ඔයාට...!
මොකක්ද මේ..?
මමත් නිකා ඉන්න බැරිව ලෙහන්න තියන මල්ල ඔබලා බැලුවා.
ගෙදර ගිහින්ම බලන්නකෝ..
හා.. එහෙනම් මේකත් ඔයා ගන්නකෝ..
මෙතෙක් වෙලා අතේ තියන් හිටපු සමරුව එයා අතට දෙන ගමන් මම කිව්වා. කඩෙන් එලියට ආව අපි ආයෙත් කතා බස් එකක නැගලා නිට්ටඹුවට ආවා.
පරිස්සමෙන් යන්න බුදු සරණයි ඔයාට..!
වේයන්ගොඩ බස් එකකට නැගපු එයාට මම සමු දුන්නා.
ඔයාටත් බුදු සරණයි ගියාට පස්සේ මට කතා කරන්න අයියේ..!
ප්‍රතිචාර වශයෙන් හිස සැලූ මම ආපසු හැරුනා.

ආපසු යන්නට පාර කියනවද දැන් සමු ගන්න ලගයි...
ආයෙත් දවසක අප හමු වන්නට කලපින් මදිද සිතෙයි...

චන්ද්‍රසේන හෙට්ටි ආරච්චි මහත්මයාගේ ලයාන්විත ගීතය හිත ඇතුලේ දෝංකාර දුන්නා. වචන වලට පෙරලන්න බැරි තරම් මහ දුකක් හිත ඇතුලේ තෙරපුනත් අඩන්න අයිති නැ කොල්ලන්ට. කෑගහලා හිනා වෙනවා මිස ලෝකෙටම ඇහෙන්න. හුගාක් හයියෙන් හිනාවෙන මිනිස්සුන්ගේ හිත්වල වැවක් පුරවන්න කදුලු තියන බව මට ආයෙත් පසක් උනා.

                               ###################################

        ඉන් දින දෙකක ඇවෑමෙන් මම විදේශ ගතවූ බවද කාර්යබහුලත්වය නිසාම සියලු දෑ අමතක කොට වැඩෙහි යෙදුන බවද නොකිව මනාය. මාසිතූ ආකාරය නිවැරදිය. මට සියල්ල අමතක කිරීමට හැකිව ඇත. නොවුනත් මා එසේ සිතමි. නිදහස් සිතින් නුපුරුදු පරිසරයක සුපුරුදු ‍රැකියාවේ නියුතු වූයෙමි. මසිතට කිසිදු දුකක් නොවේ. දුකක් පැමිනීමටද අවකාශයක් නොමැත. දහවල පුරාවට මම ඉතා කාර්ය බහුලය.වෙන යම්ම දෙයකට සිත් යෙදවීමට අවස්ථාවක් නොමැත. හවසට මදුවිතය. යනෙන හැම තැනකම ලගින් හුන් මිතුරාය. මෙහිදීද ඔහු මා තනි නොකරනසේය. ඉදින් මදුවිත, ස්තුතියි ඔබට අනේක වාරයක්............
         නිතර මිතුරන් මා ඇමතුවෙහිය. ඒ සෑම විටෙකම ඔවුන් පැවසුවේ ඇය කීප විටක්ම මගේ පැරනි දුරකථන අංකයකට ඇමතූ බවකි. මට යම් තැනක වැරදී ඇත. එය මා ඉදහිට පෞද්ගලික ඇමතුම් සදහා භාවිත කල මගේ ව්‍යාපාර කටයුතු වලට යොදාගත් පෙර ගෙවුම් සබදතාවයකි. ඇතැම් ගනුදෙනු කරුවන්ගෙන් තවමත් මුදල් ලැබීමට තිබූ නිසාවෙන් මම එම අංකය චින්තක ලග තබා ආවේ ඔහුට ඒ මුදල් ලබා ගන්නා ලෙස දන්වාය. ඇය අමතා ඇත්තේ එම අංකයටය. සෑම අවස්ථාවකම ඇය කියා ඇත්තේ මාහා කතා කිරීමට උවමනා බවකි. ඈ මගේ දුරකථන අංකයද ඉල්ලා ඇත. නමුදු මගේ අනුමැතියක් නොමැතිව එවැන්නක් නොකල හැකි නිසාවෙන් මෙතෙක් මාහට පෞද්ගලික දුරකතනයක් නැතැයි ඔවුන් පවසා ඇත. එහෙත් චින්තක හා යුගාන්ත නිතරම ඇයත් සමග වචන කීපයක් හෝ කතා කරන ලෙස නිතරම මට කීවේය. එහෙත් මට මගේ සිතිවිලි වෙනස් කර ගැනීමේ අවශ්‍යතාවක් නොවුනි. කාලයත් සමගම මම අපූරු වෙනසකට බදුන් වෙමින් සිටියෙමි. අතිශය නිදහස් පරිසරයක වුවද මම හුදෙකලා ජීවිතයකට හුරු වෙමින් සිටියෙමි. ‍රැකියාවේ නියුතු වීමෙන් පසු කාමරයට පැමිනෙන මා නැවත එලියට එන්නේ මමෙයා ගෙන් ඇමතුමක් ලදහොත් පමනි. විටෙක ඔහුගේ සොහොයුරියන් පැමිනේ. එහෙත් මට ඒවා මහත් කරදරසේ දැනෙයි. මා ප්‍රිය කරන මිතුරෙකු කාමරයේ සිටිත්දී කුමක් අරභයා බැහැරට යන්නෙම්ද..?
මොනාද බං හැම වෙලාවෙම ගෙයි ගෙම්බා වගේ මේකටම වෙලා රිංගන් ඉන්නේ..?
ඇයි මේකට වෙලා ඉන්නේ නැතුව මම තොපේ මහ ගෙදර යන්නද...?
බැහැලා බලපංකෝ එලියට ටිකක්...!
මොනා බලන්නද බං මේ නන්නාදුනන රටේ මං...?
මොකෝ අපි අදුනන උන් ඉන්නවයි කියලයෑ...
යකෝ මේ මහියංගනේ නෙවෙයි සිංගප්පූරුව, වර යන්න මාත් එක්ක කැරෝකේ එකකට තොට යාළුවෝ සෙට් කරලා දෙන්න කිලෝ ගානක්...!
අනේ පල හු## යන්න . තොට ඔය ජංගි කොට ලොකු උනාට මට ලොකු නෑ...!
මේක ඇතුලේ රිංගන් හිටියා කියලා නිවන් යන්ට බෑ බොල, එතන ජීවිතයක් නෑ. ටිකක් එලියට බැහැලා බලපිය ගිනි වතුර වක්කරලා මැරෙන්නැතුව..!
එතකොට උඹ කියන්නේ ඔය ඩොලර් කොල වලට විකිනෙන කකුල් මුල උඹ කියපු ජීවිතේ තියනවයි කියලද..?
 අනේ පලයන් මාමේ යන්න.. නැත්නම් මම දෝණිලට කියනවා උඹේ අතිවිශිස්ඨ  යෝජනාව ගැන..!
හරි හරි බොට බැරිනම් නිකා හිටපන් මෙතන මාව මරවන්නේ නැතිව...!
හික්.. හික්.. ඔය බහින්නේ පල්ලම් අපූරුවට. ආවා මෙතන මගුලේ යන්න කතා කොරන්න. තනියම හිනාවෙවී මම ආයෙත් කාමරයට රිංගුවා.

                                                           ################

            චින්තක මට නිතර SMSකරලා කිවුවා නංගි බබාට කතා කරන්න කියලා. එයා හුගාක් දුක් වෙන බවත්, මගේ තොරතුරු අසන බවත් ඒවායේ සදහන් උනා.
කතා කරන්න විදිහක් නෑ කියපන් බං...
උඹලටවත් කතා කරන්නේ නෑ කියපන්...!
ඔයා හිතන්නේ එයා බබෙක් කියලද ඕවා පිලිගන්න...!
පිලිගන්නැත්නම් කුද ගහගන්න කියපන්..!
ඉතින් ඔයාම කියන්නකෝ ඕක එයාට, මොකටද අපිව ඉත්තට තියන්නේ..!
කියනවා තමයි යකෝ.. මම කතා කලොත් මේ ප්‍රශ්නේ ආයෙත් මුලටම එන නිසයි උඹට කිවුවේ...!
ඉතින් මට පුප්පන්න එපා ඔයාමනේ කියලා තියෙන්නේ ගියාට පස්සේ කතා කරන්නම් කියලා. ඒකනේ ඒ ලමයා බලා ඉන්නේ. බැරිනම් යන්න කලින් කියලා යන්නෝන මම කතා කරන්නේ නෑ කියලා. එහෙම උනානම් ඒලමයා බලා ඉන්නෙත් නෑ අපට කරදරයකුත් නෑ.
අම්මද බොල මුගේ ‍රැස්පොට්.. මොකටද ඉතින් අත දිග හරියක නෑ නොවැ, මූණ කුඩුවෙන්ඩ දෙන්න. එහෙම හිතපු මම කෝල් එක කට් කරලා නංගි බබාගේ නම්බර් එක ඩයල් කරා.
හෙලෝ...!
හෙලෝ...!
අනේ..... අ.. අයියේ ඔයා...............?
එයාට කෑ ගැස්සුනා. එක වචනෙන්ම එයා මාව ඇදිනුවා.
ඇයි ඔයා මටකතා නොකලේ.............?
සොරි... මම බිසී වෙලා හිටියේ...
ඔයාට මට වචන දෙකක් කතා කරන්න තරම් වෙලාවක් තිබුනේ නැද්ද අයියේ... ?
මම මොකුත් කතා කලේ නෑ. මට බොරු කියන්න ඕන කමක් නෑ. ඒත් මම කියන්න හිතපු කිසි දෙයක් කියන්න මට හිත දුන්නේ නෑ. මට දුක හිතුනා එයාව අඩවන්න. 
                                                                
                                                              ###############

               දන්නවද කාලය ගෙවුනා. ආයෙත් අපි කතා කරන්න පටන් අරගෙන. ඉමක් කොනක් නිමක් නැති අපේ කතා. විරාමයක් ලැබෙන හැම වෙලාවකම IDD CALL සෙල්ලම්ද කොල්ලෝ. දවසක් අපි රෑ කතා කර කර ඉන්නකොට අම්මලට ඇහිලා. මෙයා රහසින් තමයි කතා කරන්නේ හැමදාම මෙයාගේ කාමරේ ඉදන්. කොහොම හරි එදා එයාලට ඇහිලා. ඉතින් අම්මයි තාත්තයි දෙන්නම ඇවිල්ලා බලන්න. මෙයා ෆෝන් එක කොට්ටේ යට හංගලා නිදි වගේ ඉදලා. ඇවිත් බලලා අම්මා තාත්තට කියනවලු,
පව් හීනෙන් කියලා.. !
                  හික් ...අපි නොදන්න මොනරතැන්න. ඔහොම කතා කරපු දවසක අර ඇප්ලිකේෂන් එක බාර ගත්තා කියලත් කිවුවලුනේ. මම නම් දන්නෙත් නෑ මට ඇහුනෙත් නෑ. ඔය මොකද ඔයාල උඩ බිම බලන්නේ, මොකක්ද මේ හරුපේ කියලද..? ඇයි අනේ ඔයාලට ඔය ටිකට අමතක උනාද දවසක් මම එයාට කිවුවේ එයාව කසාද බදින්න මනාපයි කියලා මම. ඉතින් එයාට හිතුනලු මට ඒ පුරප්පාඩුව පුරවන්න අවසර දෙන්න. ඒ කියන්නේ අවශ්‍ය සුදුසුකම් සියල්ල මගේ ලග තිබිලා.
යේ... හුරේ වේවා.. මට ජය වේවා.. !
චැහ්.. දැන්ම උඩ පනින එකේ තේරුමක් නෑ නොවැ. මම තවම මේක දන්නේ නෑනේ. ඔයාලට කියන්න මම ඕක දැන ගත්තේ කොහොමද දන්නවද. දවසක් මට අර ටකරම කතා කොලා නෙව. අනේ අර විස්ස විජ්ජාල ඩයල් එක.
හා..හා අපේ සුභ පැතුම්...!
ස්තූතියි.. ඒත් මක්කටෙයි..?
ඇයි මම දන්නේ නෑ කියලද හිතේ.
අපෝ මම එහෙම හිතන්නේ නෑ, ඔයා හොදට දන්නවා ඇති විස්ස විජ්ජාලේ කිවුවනේ. නොදැන ඉන්නට විදිහක් කොහොමටත් නෑ නොවෑ. පුරස්නේ මමයි දන්නැත්තේ...
නංගි මට කිවුවා ඔයාට කැමතියි කිවුවයි කියලා...!
කැමති ඇති,කැමති ඇති අකමැතිනම් අහවල් එකටයෑ හැම වෙලේම කු‍ටු කු‍ටු ගාන්නේ.
අනේ නෑ අනේ .. ඔයාට ආදරෙයි කිවුවලු.
හෑ බො..බො..බොරු කියන්නෙපා කෙල්ලේ මම පපුවේ අමාරු කාරයා මෙතන කූරියා ගැහුවොත් ආයේ දෙකහමාරක් නෑ ගෙදර ගේනකොට මාළු කරවල වෙලා.
හි..හි..හී බොරු නෙමෙයි අනේ මම දන්නවා.
ඔය කිව්වට මට ෂුවර් නෑ. දෙනවා ඕක නංගි බබාට.
හෙලෝ...
ආ.. නංගිබබා මොනාද අර මැට්ටි කියන අපබ්‍රංශ.
අනේ ඉතින් මම එයාට කිව්වා.
මොනාද..?
ඔය ඉතින් ඔයා මට විහිලු කරන්නයි හදන්නේ...!
හෝව්..හෝව් ඔයා ඔය ඇඹරෙන්නේ ඒ කතාව ඇත්ත නිසාද...?
හ්ම්...!
යෙස්... හරියටම හරි අන්න හිතට ඇල්ලුවා. ඉතින් මට ජොලි නැද්ද... අඩේ දැනුත් නැ‍ටුවෙ නැත්නම් ආයේ කවද නටන්නද..? මම නටනවා.. යේ......!

මෛ ඉස්සෙ මුහාබ්බත්  කර්තාහූ...
මෛ ඉස්කේ ප්යාර්මේ පාගල් හූ....//
හෛ යාර් මෙරේ zසින්දගී සේ මිලෝ.....//  

                                                                    #################  

           ඕන්න ඔය විදිහටයි මාස ගනනාවකට පස්සේ අපේ ආශ්‍රයට නමක් ලැබුනේ. තේරුමක් නෑ කියලා දැනුනට කමක් නෑ. ඔයාලා බලාපොරොත්තු වෙන දේවල් හැම එකක්ම වගේ එයාලාගාව තියනවයි කියලා දැනෙනවනම් හැගෙනවානම්, ඔයාල බලා ඉන්නවා එයාලා වෙනුවෙන් කියලා එයාලට අගවලා එහෙමත් නැත්නම් කෙලින්ම කියලා තීරනය එයාලට බාර දීලා සාමාන්‍ය විදිහට ඇසුරු කරන්න. කිසියම්ම මොහොතක ඔයාලා හිතන්නේවත් නැති විදිහට එයාලා ඔය ආදරේ පිලි ගනීවී. හ්ම්හ්.... කතාවෙන් කතාවෙන් කියන්න හදපු දේ අමතක උනා නෙව. දවසක් මම එයාට කෝල් කලා සිංහල අවුරුදු දවස් වල. මතක විදිහට අප්‍රියල් 12 වගේ.
කොහොමද නංගිබබා.
හ්ම් හොදයි අපි අවුරුද්දට කොකිස් බදිනවා.
ෂහ්... නියමයිනේ ඒත් ඉතින් අපට කොයින්ද බූල් බල්ලෝ.
ඇයි ඔයත් ආසයිද කොකිස් වලට...?
හ්ම්...!
දෙන්නද එකක්. දෙන්න, හැබැයි කොයන්න අහක් කරලා.
මොකක් ...?
මම වැඩියෙන්ම ආස කොයන්න අහක් කරපුවට නිසා එහෙම එකක් දෙන්න කිවුවා.
හහ්... හිතේ ඇති...!
අපොයි මොකෝ නැත්තේ..?
ඈහ්... එව්වට නම් නාලා එන්න වෙයි මූදු හතෙන්.
හොහ්..හොහ්..හොහ්.. !
මොකද හිනාවෙන්නේ...?
හිනාවෙන්නේ නෑ මට හිනායනවා,ඇයි බං මූදු හතෙනුත් නෑවට පස්සේ මොකටද ඔයා වගේ කිලු‍ටු කුමාරියෙකුගෙන් උම්ම්මා ගන්නේ ඇනා කර්නිකෝවාගෙනුත් ගන්න බැරියෑ..!
කවුද ඇනා කර්නිකෝවා කියන්නේ.
ඇයි ගෙම්බියේ එයා ලෝකේ සරාගීම නිලියක්.(එවකට)
ඉතින් ගන්න එකනේ ඇත්තේ  කවුද අල්ලන් හිටියේ.
ගන්නවා තමයි...!හික්...!

ගෙහුන් එන්නම් ආයිබොවන්...!

Monday, June 25, 2012

අමුතු කතාවක් 13 නංගි බබා....

 ගැ:       ඔබට හිතෙන්නැති මට ලං වෙන්නට රෑ සද කැල්මක්       වාගේ
        කදුලක් දෙනෙතේ ‍රැදී තියේවී රහසක් සැගවී                  වාගේ  
පි:     ඔබට ලැබෙන්නැති මටද ලැබෙන් නැති මේ හදවත් දෙක   කාගේ
        ඉරණම නලලේ කෙටූ වෙලාවේ බඹුටත් වැරදී                 වාගේ


                තත්පර විනාඩි පැය දවස් වෙමින් කාලය වේගයෙන් ගෙවුනා. ඊට පසුව උදාවුනේ ඒ අපූරු දවස මාර්තු 7. හරියටම මීට මාසයකට කලිනුත් මේ වගේම දවසක් උදාවුනා.ඒත්  ඒදවස මම හුගාක් හිත රිදෝගත්ත දවසක් උනා. ඒත් අද ...... කාලෙකට පස්සේ අහවල් ආරක්ෂකයෝ නැතිව මම ගමනක් ආවේ. කතාකර ගත් විදිහටම මම උදේම මෙහෙට (නිට්ටඹුවට) ආවා.මම නිවැරදිනම් එදා එයා පන්ති ගියේ නෑ. ඒත් පන්ති යන්න කියලා ගෙදරින් පිටත් වෙලා තිබුනා. ඒ දරුවව පලවෙනි වතාවට ගෙදරට බොරු කාරයෙක් කෙරුවේ මම. ඇත්තටම ඒ වරදට වග කියන්නෝන මම.කලින් අපි කතා කරගත්ත විදිහටම මම ගුවන් තො‍ටුපල බස් නැවතුමේ නැවතිලා හිටියා. මල්වයසේ කොල්ලෝ කෙල්ලෝ ගොඩාක් තැන් තැන් වල ‍රැදිලා ඉන්නවා. සමහරු මාව පසු කරමින් එහෙ මෙහෙ යනවා. කිසි කෙනෙකුත් නාදුනාන මගේ ඇස් හිතට විතරක් පුරුදු රුව හොයමින් මේ කලබල කාරී පරිසරය පුරා දිව්වා. එහෙම දුවන ඇස් ජෝඩු ජෝඩු ඉන්න කොල්ලෝ කෙල්ලෝ ගාව නතර උනේ නෑ කිවුවොත් ඒක බොරුවක්.
(යකෝ අද වැලන්ටයින් ඩේද..?එච්චරටම කපල්ස්..!මම මගෙන්ම ඇහුවා.කොහෙද බොල මාර්තු මාසේ වැලන්ටයින්..? ඒකත් ඇත්ත..) ඒත් ප්‍රතිචාර බැලුම් වල තිබුනේ බොහොම ලොකු අහන්කාර කමක් වගේ දෙයක්. ඇයි මොකද බලන්නේ... මෙයාමගේ කියනවා වගේ අදහස් තමයි ඒවයේ ඇදිලා තිබුනේ. හරි ඉතින් ඕකට ඔරවන්නෝන නැහැනේ, ඒ අදහස අනුමත කරපු මම එම් පී 3 එක ඕන් කරගත්තා. විනාඩි කීපයක් ගෙවෙන්නැති. මම හොයන රුව කලබලෙන් එහා මෙහා දුවන මිනිස් රූප අතරින් මතුවෙන කොට මූනට හිනාවක් ආවේ නිරායාසයෙන්. ලා රෝසපාට දිගු සායකින් හා ඊටම ගැලපෙන රෝස සුදු මිශ්‍ර ලස්සණ බ්ලව්ස් එකකින් සැරසිලා හිටියා එයා.
එයා එදාට වඩා ලස්සණයි අද. හරියට පුංචි සුරංගනාවියක් වගේ.
මට එහෙම හිතුනා.
බලපන් මේ කෙල්ල හරි ලස්සණයි. ඒවගේම අහිංසකයි.
ඒත් උඹ, ඕන කෙනෙකුට උඹ දිහා බැළුවම කියන්න පුළුවන් මහ දාමරිකයෙක් මැරයෙක් කියලා.
දවසකට පැය කීයද උඹ හිනාවෙලා ඉන්නේ. ඕන වෙලාවක කතා කරන්නේ කාගේ හරි අන්ඩක් ගලවන්න. ගති ගුන වලින් තියා පෙනුමෙන් වත් උඹට ඒකෙල්ල ගැලපෙන්නේ නෑ.
තැඹිලි ඉත්තක කාක්කෙක් වැහුවා වගේ තියේවි.
මගේ හිත මට එහෙම කිවුවා.
මගුල.... පිරිමියෙක් උනාම පිරිමි කම තියෙන්නෝන. වැඩ වලින් වගේම පෙනුමෙනුත්. ගෑණු වගේ එහෙම නැත්නම් බෝනික්කෝ වගේ කොල්ලන්ට අපි කියන්නේ පිරිමි කියලා නෙමේ පො### කියලා. 
මම හිතත් එක්ක තර්ක කලා.
ඒක ඇත්ත ඒත් උඹ එතනිනුත් එහා නෙමේද ඉන්නේ. උඹේ වයසේ අනිත් කොල්ලොත් උඹ වගේද. ඒක මට අදාල නෑ. අනික මම කියන්නේ මම,එතන වෙන කවුරුවත් ඉන්න විදිහක් නෑ.මට වෙන කවුරු හරි වගේ වෙන්නත් බෑ, වෙන්න ඕන කමකුත් නෑ.
මම එයා දිහා බලාගෙනම මගේ හිතත් එක්ක වාද කලා. හිනා කටක් පුරෝගෙන මා ලගටම ආව එයා මා දිහා බලාගෙන හිටියා.
ඇයි ඔය....?
තත්පර ගනනාවක් යනතුරු එයා දිහාම බලාගන හිටපු මගෙන් ඇහුවා.
ඔයා අද ලස්සණයි ගොඩාක්.
මම මට හිතුන දේ අවංකවම කිවුවා.
ආ... ඇත්තට වෙනවෙන..?
ඇස් දෙකත් ලොකු කරලා එයා එහෙම කිවුවේ දිග කතාවකට මුල පුරන්න වගේ.
වෙනද.... වෙන ඉතින් කියනවා නම් මම මෙතන හිටියේ බොහොම අමාරුවෙන්..!
ඇයි ඒ...?
බලන්නකෝ වටපිට,හැම තැනම ජෝඩු ජෝඩුනේ...!
ඉතින් අපිට මොකද...?
අපට නම් ප්‍රශ්නයක් නෑ, ඒත් ඔයා එන්න කලින් ඔයා එනවද කියලා මම වට පිට බලබලා ඉන්නකොට මුන් හැමෝම මාදිහා බැලුවේ හරියට කාක්කෝ ‍රැලක් මැදට ආව බකමූනෙක් දිහා බලනවා වගේ....!
හිහි හී... !
දැන් ඔයා කාටද හිනා වෙන්නේ...? උන්ටද මටද..?
දෙගොල්ලන්ටම නෙමේ.. ඔයාගේ උදාහරනෙට..!
එහෙමද...?
හ්ම්.. ඔයා එයාලට කාක්කෝ කියන්න ගිහින් නිකම්ම බකමූනා උනානේ..!
ඒ හිනා වෙන ඇස් දිහා බලන්නත් ආසයි. ඒත්.... ඒත් ඒවා මට අයිති නෑ. හිතට ආයෙමත් පුරුදු දුක රිංගන්න හදපු නිසා මම ඉක්මනට අහක බලා ගත්තා. එතකොටයි මම දැක්කේ කලින් මට ඔරෝපු ඇස් දැන් මගේ පැත්තට හැරිලා කියලා. යකෝ මම මුං දිහා බැලුවේ ඇස් වලින්. දැන් මුං බලන්නේ කටින් නොවැ. හික්...! බුදු ෂුවර් මුං හිතාගෙන ඉන්නේ මේ මගේ ගර්ල් ප්‍රෙන්ඩ් කියලා. මමනේ දන්නේ තොරනේ විස්තරේ. මම උන්ට හිතින් හිනාවෙන ගමන් හිතුවා. ආයෙත් එයා දිහාට හැරුන මම කතාව පටන් ගත්තේ මගේ වෙනස එයාට දැනේවි කියලා හිතුන නිසා.
අපි කතාකර කර මේ පාර දිගේ ඇවිදන් යමු. කතාවේ බාගයක් ඉවර උනාම ආපහු හැරෙමු. එතකොට මුලු කතාවම ඉවර වෙනකොට අපි ආයේ මෙතන. මොකද කියන්නේ කැමතිද...?
මම බොහොම ආචාර ශීලී විදිහට ඇහුවා. අකමැති වෙන්න තරම් දෙයක් නැති නිසාමද කොහෙද එයා ඒ යෝජනාවට කැමති උනා.
(යේ...! ගෙදර උනා නම් දෙකහමාරක් නෑ මම නටනවා...හිකිස්)
කාස්ඨක අව්වට කොලඹ පාර රත්වෙලා. අපි ඔරලෝසු කනුව ලගින් ගමන පටන් ගත්තා. ටික දුරක් ඇවිදන් ගිය එයා කුඩයක් දිග හැර ගත්තා.ඒ අව්ව නිසා. අපට කොයින්ද පූසො කේක්. මම වේලෙනවා. ඒත් මේ අතිවිශිෂ්ඨ යෝජනාව කෙරුවේ මම නිසා මොකවත් කියන්න විදිහකුත් නෑ ඒගැන. ඉතින් මමත් සයිමන් වගේ ඔහේ ගියා. වව්ලගේ මගුලේ ගියාම එල්ලිලා ඉන්ඩ වෙනවලුනේ.හික්.. ගිනි අව්වට වේලුනත් හිත ගොඩාක් සතුටින් පිරිලා තිබුනා මගේ. තොර ‍තෝංචියක් නැතිව කියෙව්වා අපි, එක එක දේවල් ගැන. පොල් අතු බත් කඩේ ලගට එනකම් අවිදගෙන ආව අපි ආපහු හැරෙන්න තීරණය කලා.
මට නම් හොදටම තිබහයි. මෙතනින් මොනවා හරි බොමුද..?


ගෙහුන් එන්නම් ආයිබොවන්..!

ඒවට නම් නාල එන්න වෙයි මුහුදු හතෙන්...
ලගදීම...

Thursday, June 21, 2012

අමුතු කතාවක් 12 නංගි බබා....

ලවන් හස කැන් නුවන් බැල්මන් හොදින් හදුනන්නෙ ආදරේ...
දෙතොල් ‍රැහැනින් බැදෙන්නට පින් නොමැතිදෝ මා කෙරේ..
මගේ විජිතේ සිනා නොමැතේ විඩාපත් වේද ජීවිතේ...
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන් වේද මා වෙතේ...            




                         ගතවෙච්ච දවස් කීපයෙම එයා රින්ග් කලත් මම කතා නොකර උන්නා.ඒත් එයාගෙන් නිතරම කෙටි පනිවිඩ ආවා. ඒ හැම එකකම සාරාංශය උනේ එයාට කතාකරන්න කියන එක. මගේ මුනිවත ඉදිරියේ එයා ගොඩාක් දුක් වෙන බව මට හැගුනා. ඒනිසාම  මම කතා කලා ආයෙත් පුරුදු විදිහටම. මට දැනගන්නෝන උනා එදා ඇයි එයා එහෙම කලේ කියලා. ඒත් පැහැදිලි පිලිතුරක් ලැබුනේ නැහැ. සති දෙකක් විතර යනකොට ගමනට අවශ්‍ය සියලුම දේවල් සූදානම් උනා.කස්ටමර්ලගේ බඩු සේරම ක්ලියර් කරපු මම කඩෙත් වහලා දැම්මා.මා සන්තකේ තිබුනු සියලුම දේවල් චින්තකට පැවරුවා. දුකට සැපට ලග හිටපු බයිසිකලය පවා. ජීවිතේ ගැන අරමුනක් නොතිබුනත් නැවත ලංකාවට එන්න නොලැබෙනවා නම් හොදයි කියන අදහස මගේ හිත ඇතුලේ තිබුනා. පෙබරවාරි මාසේ අන්තිම හරියේ දවසක මම එයාට කිවුවා..........
මම රට යනවා..!
රට...?
හ්ම්...!
කොහේද...?
සිංගප්පූරු...!
ඇයි...?
නෑ.. මගේ යාලුවෙක් ඉන්නවා එහෙ, ඌ එන්නලු.
එහෙ මොනවා කරන්නද..?
මේවම තමයි, සැටලයිට් පැත්ත..!
අනේ මට ඕවා තේරෙන්නේ නෑ..!
ඒකනේ ඉතින් කියලා මොකටද..?
ඉතින් එයා ඉන්නේ තනියමද..?
අපොයි නෑ ,උන්ගේ අක්කලා දෙන්නෙක්ම එහෙ ඉන්නවා එයාල එහෙ ගිහින් දැන් අවුරුදු 15ක් විතර වෙනවා. අපේ එකා පොඩිකාලෙමයි එයාල ගියේ.මූ ගිහින් දැන් අවුරුදු 2ක් විතර වෙන්න ආවා.
හ්ම් එයාට එහෙ අක්කලා ඉන්න නිසා නේ එයා ඉන්නේ. ඔයා මොකටද යන්නේ.
ඌ එන්න කියන නිසා.
ඒක මාර වැඩක්නේ .
හැබෑට මොකක්ද මාර වැඩේ.. ?
මම දන්න තරමින් මිනිස්සු රට යන්නේ වැඩිපුර සල්ලි හොයන්න. ඒත් ඔයා කියන විදිහට ඔයාට සල්ලි ප්‍රශ්නනෑ නේ. 
ඔව්.... ඒ මම සරල ලයිෆ් එකක් ගෙවන නිසා.
ඉතින් ඇයි රට යන්නේ.
ඇයි වදේ ඒක තමයි මම කලින්ම කීවේ.
ඒඋනාට ඔයා යන්නෙපා අයියේ..!
හිකිස්..හෙහ් හෙහ්.. !
මොකද ඔයා හිනා වෙන්නේ..?
එයා එහෙම ඇහුවේ නෝක්කාඩුවට වගේ.
හිනා උනා නෙමේ බං මට හිනා ගියා.
ඔයා මට හිනා වෙනවා නේද..?
අපොයි නෑ මම ඔයාට කවදාවත් හිනා වෙන්නෑ.මට හිනාගියේ ඔයා ඒක කියාපු විදිහට. .!
මොකක්ද ඉතින් ඒකෙ තිබුන අමුතු විදිහ.
ඒකනම් ඕන නෑ බං, කිව්වොත් උඹ මා එක්ක තරහාවෙයි.
අනේහ්..ඔන්න. ඇයි ඔයාට අමතක උනාද මට තරහා යන්නේ නෑ කියලා.
(ඒ අර දගකාර පියුමි.)
නෑ බං උඹ ඒක කිවුවේ හරියට මගේ ගෑනි වගේ...! ඒකයි මට හිනා ගියේ...!
ගෑනි කිව්වේ..
ගෑනි බං.. අඹුව,මායියා, බිරිද, ගෙදර එක්කෙනා, යට කෑල්ල ඔය නම් වලින් මිනිස්සු හදුන්වන්නේ, අන්න එයා.
අනේ මුගේ කට නම්..!
ආ...දැන් උඹට තරහා ගියේ නැත්ද...?
කවුද හිතුවේ ඔයවගේ නැහැදිච්ච කතාවක් කියයි කියලා.
ආ..දැන් ඒක නැහැදිච්ච කතාවක්.
නැහැදිච්ච කතාවක් තමා.
එතකොට කොල්ලො කෙල්ලො කසාද බදින්නෙත් නැහැදිච්ච කමටද..?
ඒකමම දන්නේ නෑ, දැනගන්න මම තාම කසාද බැන්දේ නැහැනේ. මම කිවුවේ මට කියපු කතාව නැහැදිච්ච එකක් කියලා.
දන්නවද නැහැදිච්ච කතා කියන්නේ නැහැදිච්ච එවුන්..!
හ්ම්...!
මට හිතෙනවා තව නැහැච්ච වැඩක් කරන්න.
ඒ මොකක්ද ඒ..?
මට හිතෙනවා උඹව කසාද බදින්න.
ඈ.. මොකක්ද කිවුවේ ආයි කියපං බලන්න.
මට උඹව කසාද බදින්න හිතෙනවා කිවුවා..!
හැබෑට..වෙන මොකුත් හිතෙන්නේ නැද්ද..?
ම්හු..තාමට නම් නෑ. ඒත් කියන්නබෑ බැන්දට පස්සේ හිතෙයිද කියලා. එහෙම උනොත් ඒ වෙලාවට බලමු. කොහොම උනත් දුර ඉදන් අමුඩ ගහන පුරුද්දක් මට නෑනේ.
ඒ උනාට මම කැමති නෑ උඹව කසාද බදින්න.
ඉතින් කවුද උඹගේ කැමැත්ත ඇහුවේ, මම කිවුවේ මට හිතුන දේ. අනික මේ මගේ ස්ටයිල් එක. කොහොමටත් මම කවදාවත් කාගෙන්වත් මොනවත් ඉල්ලලා ගන්න කැමතිනෑ. මම මගේ කැමැත්ත කියනවා. පිලිගැනීම නොපිලිගැනීම අදාල පාර්ශවයේ වැඩක්. රිප්ලයී එක මොක උනත් තව දුරටත් ඒගැන වදවෙන එක මගේ සිරිත නෙමෙයි. මොකද කොහොමහ් හරි ලබාගන්නවා කියන තියරි එක ෆලෝ කරන එකෙක් නෙමේ කවදටත් මම. මගේ තාත්තා මාව හැදුවේ එහෙමයි.
ඇත්තට.... වෙන මොනවද දන්නෑ නේද....?
වෙන නේද.. එහෙනම් හොදට මතක තියා ගන්න මැඩම් මම මගේ සීවී එක ඔයාට බාරදීලා ඉවරයි.කවදම හරි වේකන්සියක් තිබුනොත් එදාට බලන්න ඕක. අවශ්‍ය සුදුසුකම් තියේ නම් පත්වීමේ ලිපිය බාර ගන්න කියලා මිස, ඇබෑර්තු ඇත කියලා විවෘත  ආරාධනා නම් කරන්නෙපා. මොකද එකම වරද ජීවිතේ දෙපාරක් කරන එක මගේ සිරිත නොවෙන නිසා. මම කියපුදේ පැහැදිලිද ගැටලු මොකුත් තියනවද කියලවත් අහන්න මම ආයේ ඒ මාතෘකාව ගැන කතා කරන්නේ නෑ. ඕ.කේ...! කියපු මම එයාට ආයේ කතා කරන්නවත් අවස්ථාවක් නොදී දුරකතනය විසංධි කලා. සුලු මොහොතකින් මට sms එකක් ..
පිස්සා වෙලාවකට හොදට කතාකර කර ඉදලා භූත කියවනවා. පිස්සා.. පිස්සා..පිස්සා.!
බම්බුව.. මේකි මාව කඩේ යවන්න හදනවා. මොකටද එහෙනම් පහුනු දවස් වල නාහෙන් ඇඩුවේ.
තොගේ හිතේ කුප්ප අදහස් තිබ්බා කියලා ඒ අහිංසකී මක් කොරන්නද බොල. ඒකී උඹව ආශ්‍රය කරන්නේ යාලුවෙක් විදිහට. ලගින් හිටපු යාලුවෙක් කතා නොකර ඉන්නකොට දුක නැත්ද. ඒනිසයි ඒකි නාහෙන් ඇඩුවේ, එහෙම වෙන අහවල් මගුලකටවත් නෙමේ.
අනේ උඹයි මමයි දන්න කෙල්ලෝ. උඹ දන්නවද බුරම්පි සීයගේ උඹ මට ශෝක් පොතේ කෙල්ලෝ ගැන මෙහෙම ලියලා තියනවා. කෙල්ලෝ හරියට හෙවනැල්ල වගේ අපි පස්සෙන් යනකොට පස්සවත් බලන්නැතිව දුවනවා. හැබැයි හති වැටිලා හරි අපි ආපහු ආවොත් අපි පස්සෙන් එනවා කියලා.                                                   

                 ###################################################################
                        දැන් දැන් කාලය ගෙවෙන්නේ විදුලි වේගෙන්. දන්න කියන හැම යාලුවම මුන ගැහෙන්න ගියේ ගමන ගැන කියන්න විතරක්ම නෙමේ. ආයේ මතක ඇති කාලෙකට මෙහෙට නො එන්න අදහස් කරගෙන උන්නු නිසා රට තොටත් ආයේ සැරයක් දැක බලා ගන්නෝන කියන අදහස යටිහිතේ තිබුනු නිසා. ඒත් ඒ බව කාටවත් නොකියන්න මම වග බලා ගත්තා. ගමන යෙදුනේ මාර්තු 9වෙනිදට.ඒබව නිල වශයෙන් දැනගත්තම මම පියුමිට ඒ බව කිවුවා.
ගියාට කමක් නෑ අයියේ මට කතා කරන්න.
             සොරි නංගි බබා මම රටෙන් වගේම ඔයාගෙනුත් ඈත් වෙලා යන්න තීරනය කරලා ඉවරයි. එහෙ ගියාමවත් මට මාව අමතක කරන්න පුලුවන් වෙයි. මම එහෙම හිතුවට කෙලින්ම එයාට කියන්න හිත හදා ගන්න බැරිවුනා.
අන්තිම වතාවට මට ඔයාව බලන්නෝන නංගි බබා..!
ඇයි අන්තිමවතාවට....?
මම හැම වෙලාවකම කියනවා පොඩි එකා පොඩි එකා විදිහට හිටපන්  කියලා. පන්ඩිතකම් නාහ කියපන් කවද, කොහේදි කීයටද අපි හම්බ වෙන්නේ කියලා.
කාලයක් කතාබහ කරලා තේරුම් අරන් හිටි නිසාද මන්දා එයා වැඩිය වැල් වටාරම් ඇහුවේ නෑ. අන්තිමට අපි තීරනය කලා මාර්තු 7 මුනගැහෙන්න.

ගෙහුන් එන්නම් ආයිබොවන්.   


තැබිලි ඉත්තක කාක්කෙක් වැහුවා වගේ තියේවි. නංගි බබා 13න්....  

Sunday, June 17, 2012

අමුතු කතාවක් 11 නංගි බබා....

සිත හැදුනුවෙත් ඔබයි..
පසු පසම එලව එලවා විත්..
සැනසුවෙත් ඔබයි..
නුඹ මගේ සිත අරන් ගියා පුදුමයක් නෙමෙයි..


ඉතින්...?
පේව්මන්ට් එක සෙරෙප්පුවෙන් හාරන්න ට්‍රයි කරන එයා දිහා බලාගෙන මම කට හඩ අවදි කලා.
කොහොමද කියලනම් අහන්නේ නෑ මම,හැම වෙලාවෙම කතා කරන නිසා ඔයාගේ සැප සනීප දන්න නිසා.මේ හරියෙන් කොහොමද ඔයාලා බස් එකට නගින්නේ..?
නෑ අපි ස්ටෑන්ඩ් එකෙන් බස් එකේ නගින්නේ..!
හ්ම්.. ක්ලාස් ඇරුනු ගමන්නේ යමුද මොනා හරි බොන්න...?
අනේ බැ.. අපි ඉක්මනට යන්නෝනේ..!
හරි ඉතින්.. ඕකට පැය ගානක් යනවයෑ...
බෑ බෑ දැන් යන්න ඕන...
ඔයා මාරයිනේ, ආපු ගමන්..?
ඔයාට මාව බලන්නනේ ඕන කීවේ, දැන් හරිනේ.. අපි යනවා.!
පොඩ්ඩක් ඔහොම ඉන්න..!
ඇයි..?
මේක ඔයාට ගෙනාවේ ගන්න.
තරහ වෙන්නෙපා අයියේ, මට මොකුත් එපා. මම යන්නම්...!
හ්ම්...!
මම එතනින් එහාට මොකුත් කතා කලේ නැහැ. අපට පි‍ටුපාලා ඈතට යන එයාලා දිහා බලා ඉන්නවා හැරවෙන කරන්න දෙයක් තිබුනේ නෑ මට. පොදු වෙලද සංකීර්ණය අස්සෙන් එයාලා නොපෙනී ගියාටත් පස්සේ මම ඒදිහාම බලා උන්නා.
දැන් යං..!
චින්තකගේ හඩින් මම පියවි තත්වෙට ආවා.
කොහේද..?
වෙන කොහේද... ගෙදර..!
මේක..?
අතේ තිබුනු පුංචි පාර්සලය ඌට පෙන්නන ගමන් මම ඇහුවා.එයාට දෙන්න කියලා ගනිපු පුංචි පර්පියුම් එක. උදුරලා වගේ ඒක ගත්ත ඌ ඈතින් පෙනුන ගාබේජ් එක පැත්තට විසි කලා.
බම්බුවටද එන්න කිව්වේ...
ඌ කියවනවා. මම උත්තර බදින්න යන්නැතිව බස්ටෑන්ඩ් එක පැත්තට ඇවිදගෙන ගියා. මොකද්දෝ නොතේරෙන හේතුවකට මම බිදිලා කියලා මට දැනුනා. ඒත් ඒක පිටට පෙන්නන්න මගේ අහංකාර හිත කැමතිඋනේ නෑ.
රුවන්වැල්ල පැත්තෙන් යමු,මට අබාන්ස් එකට යන්නත් ඕන...!
එහෙම කියාගෙනම මම රුවන්වැල්ල බස් එකකට නැග්ගා. අයිනකට වෙන්න ඉදගත්ත මම ගතවුනු විනාඩි කීපය ගැන ආයේ හිතන්න පටන් ගත්තා.ඇයි එයා එච්චර ඉක්මනට ආපහු ගියේ. පෝන් එකෙන් ගිරවි වගේ කියෝන එයාම නේද වචන 10ක් වත් කතා නොකර යන්න ගියේ.
ඇයි ඒ.. සමහරවිට එයාගේ හිතේ උන්නේ වර්තමාන "මොඩ් ගොවියෙක්" වෙන්නැති. බලාපොරොත්තු වුනු රුව නොදැකපු නිසා එයාලා කලබල වුනා වෙන්න බැරිද.
වෙලාවකට පන්ඩිත කතා කිව්වට ඒකී තාම පොඩි කෙල්ලක්.ඕනනම් අවුරුදු විස්සක් විතර ඇති. මේ බ‍ටු ඇටයක් හින්දා බම්බුවටද මම මනෝ ගහන්නේ. ගමේ උන් කියන විදිහට මම ක‍ටුවටත් නැති වහල්ලටත් නැති මදාවියා. එහෙව් මට කොහොමත් හරි යන්නේ නෑ මේ සමණල්ලු වගේ කෙල්ලෝ. මම මටම කියා ගත්තා.
ඒ කියන්නේ උඹ දැන් ගියේ පරස්ථාවක් ගැන හිතේ තියාගෙන.
නෑ නෑ ඒක බොරු..!
එහෙනම් මොන මගුලකටද උඹ ඔච්චර වොරි වෙන්නේ..? අමතක කරල දාපන්කෝ. උඹම නේද හැම වෙලාවෙම පම්පෝරි ගහන්නේ, මම ගල් පලලා මද කාපු එකෙක්ය,මට කවුරු නැතත් දුකක් නැතිය කියකිය. ඒක ඇත්ත ඒත්.. ඒත් මේ පුංචි කෙල්ල නිසා පහුගිය දවස් වල මම සතුටෙන් හිටියා.එතකොට අද වෙච්ච දේ.... නෑ මම ආයේ හිතන්නේ නෑ ඒගැන..........
රථාචාර්ය වරයාගේ වේගවත් රිය ධාවනය නිසාම කිලෝ මීටර 25කට වඩා වැඩි නැති ඒගමන පැය දෙකහමාරකටත් වඩා වැඩි කාලයකින් අපට නිමා කරන්න හැකියාව ලැබුනා.
අම්මපා කරත්තෙක ආව නම් මීට කලින් ගෙදරටම යන්න තිබුනා.
බස් එකෙන් බැහැපු චින්තකයා කියවනවා.
කොහොමත් උඹට කරත්ත තමා හරියන්නේ.
මිස් වෙච්ච එකම වචනේ අහුල ගනිපු මම ඒකෙන්ම ඌට දමලා ගැහුවා.ඌ මං දිහා බලලා කරබා ගත්තේ ඇයි කියලා හිතන්න මට ඕන කමක් තිබ්බේ නෑ.
ආයේ අවිස්සාවේල්ලෙත් රස්තියාදු වෙන්න බෑ බං මෙහෙන්ම ගනින්.
ඌදිහාට නෝට්‍ටු කොල වගයක් දික් කරමින්ම මම කිව්වා.
මොනවද...?
රෙඩ් රම් එකක්...!
මේ මහ දවල්...?
මම වේගෙන් ඌ පැත්තට හැරුනා..  කටින් වචන පිට නොකලට ඒ බැල්ම තේරුම් ගන්න ඌට එච්චර අමාරු වෙන්න නැතිව ඇති. හා.. හා කියපු ඌ අදාල තැනට පියවර මැන්නා. අබාන්ස් එකේ ගනුදෙනුව පෝන් එකෙන්ම සෙට්ල් කො‍රැව්වේ ඉක්මනින්ම හිතේ දුක අරක්කුවල දිය කරන්න ඕන නිසා.

                            ***************************************************
             කනගාවම බෙරිහන් දෙන පෝන් එකේ සද්දෙන් අවදිවූ මම එක ඇසක් පමණක් හැර අවට පරිසරය නිරික්ෂීමි. නිවස පුරාම දැල්වෙන විදුලි පහන් හේතුකර ගෙන මේ රාත්‍රිය යැයි අනුමාණයක් ගොඩ නැගීමි.
මහ රෑනේ බොල, කොයි ප### නිදා ගන්න දෙන්නේ නැත්තේ...!
තනියම මිමිනූ මම දුරකථනය අතට ගත්තෙමි.
ම්හ්.. මාමෙයා... මොකද බං...?
ආ....උඹට තාම රෑ උනේ නැතෙයි..?
මොකක්... තොට පිස්සුද් හු##....? මේ රෑ මට ඇහැරවලා කුනුහබ්බ අහන්නේ...
ඇහැරවලා....?
ඔව්... ඇහැරවලා තමයි, මට හොදට නින්ද ගිහින් තිබුනේ..!
ඈබොල ## මම මෙහෙ ‍තෝ කෝල් කරනකම් බලාගෙන ඉද්දි ‍තෝ ඔහේ දපලද හිටියේ. දීයා කන්න එපායෑ යකෝ මූව.
ඉතින් රෑට නිදාගන්නේ නැතිව මටත් කියන්නේ ‍තෝ වගේ අවලමේ යන්න කියලද.
මටත් පසු බහින්න ඕන කමක් තිබුනේ නෑ.
අනික කවුද උඹට බලාගෙන ඉන්න කීවේ.. නිදාගන්නෙපෑ.
ඇයි උඹ දවල් කීවේ රෑවෙලා කතා කරන්නම් කියලා.
ඈහ්.. මම එහෙම කිවුවද...? ගනන් ගන්නෙපා බං ඔය බීපු වෙලාවට කියන කතා. හොද එකාවගේ නිදියපන් මට වද නොදී.
මේහ්... බයිලා ගැහුවා ඇති දැන්,උඹේ ඩිසිෂන් එක කියපන් මට. .!
මම ලෑස්තියි බං....!
හ්ම්.. ඒක හොදයි..! කඩේට මොකද කරන්නේ..?
මම හෙටම දැන්වීමක් දානවා 25 වෙනිදා වෙනකොට කඩේ වහන නිසා හැමෝගෙම බඩු ක්ලියර් කරගන්න කියලා. සති දෙකක් තියනවා ඇතිනේ. මගේ බඩු සේරම චින්තකයට කැමති දෙයක් කර ගන්න කියනවා...!
හරි මෙහෙන් වෙන්න තියන සේරම දේවල් මම පිලිවෙල කරලා ඉවරයි මේ වෙනකොට. පිස්සු කෙලින්නැතුව ඔය දවස් ටික හිටපන්.මම තියනවා එහෙනම් 
ඕකේ.
ඇමතුම විසන්ධි කල මම දුරකථනය දිහා බැලුවා. මග හැරුනු අමතුම් කීපයක්ම සටහන් වෙලා තිබුනා එහි. කෙටි පනිවිඩත් ඇතුලුව. ඒත් මට ඒවා බලන්න ඕන කියලා හිතුනේ නෑ. කොට්ටේ යට තිබුනු ඩයරිය අතට ගනිපු මම ඒකෙ මෙහෙම ලිවුවා, "ඔය පුංචි සමණල ත‍ටුවලට මගේ බර දරන්න අමාරු වේවි නංගි බබා. ඒ නිසා හේතුවක් නොකියම මම යන්නම්."

ගෙහුන් එන්නම් ආයිබොවන්....!
ඔයා රට යන්නෙපා අයියේ...! නංගිබබා 12න්...

Friday, June 15, 2012

අපි නොදන්න ඉලෙක්ට්‍රොනික්ස්

                      ඉලෙක්ට්‍රොනික් උපකරනත් එක්ක නිතර වැඩ කරන ඔයාලට ප්‍රයෝජනවත් වේවි කියලා හිතුනා මේක. බලන්න වැඩක් වේවිද කියලා. දුරස්ථ පාලක ඔයාල රිමෝට් කොන්ට්‍රෝල් කියන්නේ, අන්න ඒවා වැඩ කරනවද බලා ගන්න පුලුවන් පහසුම ක්‍රමයක් මේ. දැන් හැමෝම වාගේ කැමරා පෝන් (ඩිජිටල් කැමරා සහිත ජංගම දුරකතන) භාවිතා කරනවානේ. අන්න එව්වයේ තියන කැමරාව ඔන් කරලා රිමෝට් එකේ ඉන්ප්‍රාරෙඩ් ගන් එක නැතිනම් බල්බය තියෙන පැත්ත කැමරාව දෙසට එල්ල කරලා ඕනැම බට්න් එකක් ප්‍රෙස් කරලා බලන්න. මම කීවේ රිමෝට්‍ටුවේ හොදේ.
                      දුරකථන තිරයෙන් ආලෝකයක් දිස් වෙනවානම්,කියන්න තියෙන්නේ ඉතින් අහවල් එක හොදයි වැඩකරනවා කියලා තමයි. ඉතින් එහෙම එකක් නොපෙනුනොත් මක්කැයි වෙලා තියෙන්නේ  කියලා මම නොකීවට ඔයාලට තේරෙනවානේ. අපෝ ඕක කියන්නද මේ හාදයා පෝස්‍ටුවක් ලීවේ කියලා හිතන්නෙපා. එහෙම අක්‍රීය වුනු රිමෝට් එකක් තමන්ගෙ අතින්ම හදාගන්න කැමති අය එහෙම ඉන්නවානම් කියන්න. මම කියලා දෙන්නම් ඒක කරන විදිහ. මට හිතුනා විවේකයක් ලැබුනම මේ වගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වෙන පුංචි ඉලෙක්ට්‍රොනික කරුනු ටිකටික ඔයාලට කියලා දෙන්න. ප්‍රයෝජනයි කියලා හිතෙනවානම් කියන්න. මම ලියන්නම්. ඉතින් ගෙහුන් එන්නම් ආයිබොවන්..!

Tuesday, June 12, 2012

අමුතු කතාවක් 10 නංගි බබා....

දග කරන කෙස් රොදක් නලල් තලේ... 
මුදු නැවුම් හිනාවක් මුවින් එබේ... 
ඇස ගැටෙන හැම තැනම නුඹව පෙනේ... 
මේ පලමු ආදරෙයි මගේ හිතේ...


          වෙලාව 11.00 ට පමණ. ස්ථානය නිට්ටඹුව පොදු බස්නැවතුම් පොල. අපි මෙතනට සේන්දු උනේ මීට පෑ කාලකට විතර කලින්.
ඈ සරත් අයියේ...!
ඈ..?
ඇවිල්ලද...?
(මුගෙ ####) මේහ්... ගොනා උනාට කමක් නෑ උම්බෑ නොකියා හිටපන්..!
ඇයි දැන් මම මොකක්ද කියපු ගොන් කතාව...?
කිව්වේ නෑ, ඇහුවා ඉදලා ඉදලා මැටි ප්‍රශ්ණයක්.
ඉතින් මම ඇහුවේ ඔයාගේ ප්‍රියම්භිකාව ඇවිත්ද කියලනේ,මොකක්ද ඒකේ වැ‍රැද්ද මට ගොරවන්නේ.
(ප්‍රියම්භිකාව හික්..හික්..මට හිනාත් යනවා ඕයි.) ඉතින් හෝතඹුවෝ එයා ඇවිල්ලානම් අපි මෙතන කැරකෙන්නේ ඇටි කෙහෙල් කන්නද, තාම ඇවිත් නෑ...!
ඉතින් නෑ කිව්වනම් ඉවරනේ. මාව කන්න හදන්නැතිව.
මම කරබා ගත්තා. ඌ තවමත් කු‍ටු කු‍ටු ගානවා.
මොනවද උඹ කියවන්නේ..?
නෑ ඉතින් මටත් ගිය කල.
මොකක්ද ඒ හරුපේ..?
නෑ මම කල්පනා කලේ තාම දැකලවත් නැති එයා මෙයාට එයා. හැම එකටම කරගහන මම හෝතඹුවා.
කට පියාගෙන හිටියේ නැත්නම් ‍තෝ තව ටිකකින් ඉන්නේ මෙහෙ නෙමෙයි..!
එහෙනම්..?
වතුපිටිවල ඉස්පිරිතාලේ.......!  ඒපාර ඌ කට වහගත්තා. විනාඩි කීපයක නිහැඩියාවක්.... එස් එම් එස් එකක්. අයියේ අපේ ක්ලාස් එක ඇරුනා. අපි ටවුමට එනවා දැන්. ඔයා ආවද.? අපි බස් එකෙන් බැහැලා රින්ග් කරන්නම්. තවත් නිහඩ විනාඩි කීපයකට පස්සේ ආයෙත් ෆෝන් එක බෙරිහන් දෙනවා. ම්හ්.. ඉන්දික. මෙයා මොකද මේ වෙලාවේ.... !
ඒයි මාමෙයා කෝල් කරනවා, මොකටද දන්නෑ නේද..?
ඉතින් ඒක මගෙන් අහලා හරි යනවයෑ, ආන්සර් කලාම ඌ කියන්නැතෑ..!
ඒකත් ඇත්ත..! ඔව් මාමේ කියපන්..!
ආ... කොහොමද උඹට..?
වරදක් නෑ බං..උඹට..?
උඹ දන්නවනේ මම ඉතින් ඇල්වතුරත් නිවලා බොන එකානේ, මට අවුලක් නෑ. මම මේ කතාකරේ උඹේ වැඩ සේරම හරි.ටික‍ටුත් ඕකේ.මාර්තු මුල සතියේ උඹට මෙහෙට එන්න පුලුවන්.
සිංගප්පූරු එන්න ලබන මාසේ. උඹට විකාරද..?
මොකක්ද දැන් ඒකේ තියන විකාරේ..?
නෑ බං මම කොහොමද මේ ගහෙන් ගෙඩි එන්න වගේ එකපාරටම එන්නේ මේ සේරම දාලා.
කොහෙද බූරුවෝ ගහෙන් ගෙඩි එන්නේ එකපාරට..?කොල හැලිලා,දලු දාලා,මලුත් පිපිලා නොවැ ගෙඩි හැදෙන්නේ.අනික දැන් මොනවා දාලද බොට එන්න බැරි..? ඇයි උඹට අඹුදරුවෝ ඉන්නවයි කියලද..? මගෙන් කුනුහබ්බ නාහ ඇදුම් කෑලි ටිකක් ලෑස්ති කරගනින් ඔය යකඩ ගොඩවල් ටික විසික්කලා කොහේට  හරි.
( නොදකින් මේකා කියවන්න ගත්තම නවත්තන්නේ නැති හැටි.)
හරි හරි මම උඹට රෑ වෙලා කතා කරන්නම්, බුදු සරණයි..! කියපු මම ඌට කතා කොරන්න අවස්ථාවක් නොදීම කෝල් එක කට් කලා.
මොකද...?
යන්න ලෑස්ති වෙන්නලු.
සිංගප්පූරු...?
හ්ම්..!
ගතවුනේ මොහොතයි එයාගෙනුත් කෝල් එකක්.
හෙලෝ... !
ආ.. අයියේ ඔයා කොහේද ඉන්නේ..?
ටවුමේ..බස්ටෑන්ඩ් එකේ. ඔයා කොහේද..?
ඔයා ඔහොමම සියඹලා ගහ යටට එන්න. අපි එතනට එන්නම්.
(ඈ... සියඹලා ගහ..?මේ ටවුමේ..? යකෝ මේකිට ඔල්මාදෙද..? මම කොහොමද සියඹලා ගස් හොයන්නේ මේ හදිස්සියේ. අනික මේ අපේ ඉඩමයෑ..! හිතුවට එහෙම කීවේ නෑ මම.)
හෝව්,හෝව්... මම ඉන්නේ දැන් අපේ ගෙදර නෙමේ, නිට්ටඹුවේ..!මම ඔයා කියන සියඹලා ගස් දන්නේ නෑ. අර ගල් සියඹලා නම් විකුනනවා මෙතන රටකජු කඩේ..!
අනේ.. රටකජු නෙමේ අනේ, ඔයා ඔරලෝසු කනුව දන්නවද...?
ඒයි උඹ දන්නවද මෙහෙ ඔරලෝසු කනුව..?
කාගෙන්ද අහන්නේ..?
නෑ,නෑ ඒක මෙහෙ කතාවක්...! හරි ඉතින් කියන්නකෝ... නංගි බබා..
ම්...
ඔයාගෙන් ඇහුවේ..එතනින් කොහේටද..?
ඔයා  ඒ පැත්තට එන්නකෝ. එතකොට ඔයාට සියඹලා ගහ පේනවා. ඔයා එතන ඉන්න.
හරි...! වරෙන් යන්න...!
කොහෙද..?
ඔරලෝසු කනුව තියන පැත්තට.
එතනද ඉන්නේ...?
එතන සියඹලා ගහක් තියේලු. එතන්ට එන්නලු...යමු බලන්න... අපි දෙන්නම ඇවිදගෙන ගියා ඒ පැත්තට. හුටා.. ඒක තියෙන්නේ පාර මැද නොවැ..බලමු මේ හරියට සියඹලා ගහක්...... හරි නේන්නම් අර තියෙන්නේ යමු එහෙට. කෝ බන් මෙතන කවුරුවත් නෑනේ.
ඇයි දැන් කිව්වේ මෙතන ඉන්නවා කියලා.
යකෝ මම කීවේ මට කියපු දේ.
ඉතින් කෝ..?
හිටින් බලන්න... (අර කීවත් වගේ කෝ මේ දැරිවි. බල්ලෙක් වත් නෑ නොවැ මෙතන. ගහ උඩ වත්ද..? දවසකුත් මම කතා කරන කොට ජම්බු ගහක් උඩ ඉන්න කතාවක් කිව්වා. නැග්ගාවත්ද මේකටත්. ඒත් මේ දෙනෝදහක් ගැවසෙන ටවුම මැද්දේ..? නගීවිද ගහකට හැදිච්ච ගෑණු දරුවෙක්.. නෑ, නෑ වෙන්න බෑ මම එහෙම හිතුවා විතරයි. මලයා එක්ක උනත් කටක් ඇරලා කියන්න පුලුවන් දේවල්ද මේ. ඉදිගහට පනින වයසේ ඉන්න මටත් බෑ ගහකට බඩගාන්න. මේ කෙල්ල ගසුත් නගිනවා කිව්වොත් මූ මට දෙකොනින්ම හිනාවෙයි. ඒ හින්දා ඕන නෑ.) මම බැලුවා චින්තකයා දිහා. ඌ උඩ බලාගෙන ඉන්නවා. හෑ... මූට තේරුනාවත්ද මම හිතපු දේ. නෑ වෙන්න බෑ එහෙම තේරෙන්න මූට පරචිත්ත අහවල් එක තියනවැයි. කට කැඩෙනකල් කෑගහලා කියන දේත් තේරෙන්නේ නැති මූ හිතපු දේ තේරුම් ගත්තොත් බැරියෑ.හුහ්..! මොකද ‍තෝ ගහ උඩ බලන්නේ..? මම හොයන්නේ කාක්කෙක් කියලා හිතුනද..ඈ..?
බම්බුව නෙමේ.. බලනවකෝ උඩ...!
විනාසයි සිරාවටම මෙයා ගහ උඩවත්ද...? ඉබේටම මටත් ගහ උඩ බැලුනා.
කෝ... කවුරුවත් නෑනේ..! මොනවද බං .. මොකුත් නෑනේ..!
ඇයි දැන් ඔයාටත් හතලිස් ඇදිරියද.. මෙච්චර මේ පොකුරු පොකුරු එල්ලෙන සියඹලා පේන්නේ නැත්තේ.. ! සියඹලා.... මුගේ අ############!!! ඒත් මේ වෙලාවේ මූව තරහ කරගෙනත් බෑ... බලපන් වටපිට කවුරුහරි අපි දිහා බලා ඉන්නවද කියලා.
ම්හු.. පේන්න නම් කවුරුවත් නෑ..
හරි මම කෝල් එකක් අරන් බලන්නම්.උඹ බලපන් වට පිට. ම්හ්.. රිංග්ස් යනවා.
හෙලෝ...
කොහෙද ඔයා..?
අපි මේ ඔරලෝසු කනුව ගාවින් පාර මාරු වෙනවා දැන්. කොහෙද ඔයා.
ඇයි ඔයා මට සියඹලා ගහයට ඉන්න කීවේ, මම එතන ඉන්නේ..
කෝ.. මට පේන්නේ නෑනේ..! අපි දැන් ඔය පැත්තට එනවා..!
ආ... හරි. ඔතන ඔයාල දෙන්නයි නේද...?
ඔව්...!
එක්කෙනෙක් ඩෙනිමක් ගහලා, අනෙක් කෙනා ස්කර්ට් බ්ලව්ස් හරිද..? ස්කර්ට් බ්ලව්ස් ඇදපු කෙනා තමයි පෝන් එකට ආන්සර් කරන්නේ.
ඔව්.. !
ඔව් නම් ඉතින් එන්නකෝ, හිටගෙන ඉන්නේ..! ම්හ්.. එතකොට ඒ කටහඩ නංගි බබාගේ නොවැ. ඒකියන්නේ මෙයයි මම හොයන ප්‍රියම්භිකා... නෑ,නෑ පියුමි පියුමි. මම පූර්ව නිගමනයකට ආවා. ඊට පස්සේ අපි ඉන්න දිහාට ඇවිදන් එන ගෑණු ලමයි දෙන්නා දිහා විමර්ශණාත්මක බැල්මක් හෙලුවා. දෙන්නා කීවට දෙන්නා දිහාම නෙමෙයි පියුමි දිහා. කෝපි කුඩු පාටට හුරු විලුඹ තෙක් දිග ස්කර්ට් එකකින් හා ඊටම ගැලපෙන ක්‍රීම් පාට වගේ බ්ලව්ස් එකකින් සැරසිලා හිටියා එයා. දෙකට බෙදලා පස්සට පීරලා තිබුනු කොන්ඩේ ඉනෙනුත් පහලට විතර දිගයි. කරාබු දෙකයි, කරේ තිබුනු චේන් පොටයි හැරුනම වර්තමාන ගැහැනු දරුවන්ගේ අතේ,කනේ,කරේ එල්ලෙන නානාප්‍රකාර තොරොම්බල් කෑලි තිබුනේ නෑ එයාගාව. ඒ වෙනුවට පැහැදිලි හිනාවක් තිබුනා මුහුන පුරා ඇදුනු. (කවි ලියන්න පුලුවන් ඔයාලට වගේ ගෑණු ලමයින්ගේ රුව වර්ණනා කිරීමේ හැකියාවක් මට නැති බවකනගා‍ටුවෙන් කියමි.) වරක් දැක්කම තවවරක් බලන්න හිතෙන චාම් රුවක්, ආකර්ශනයක් ඇය සතුව තිබුනා කිවුවොත් ඒක බොරුවක් නෙමේ. අපි ලගටම ආපු එයාලගේ මුහුනු වල මම දැක්කේ කලබල ගතියක්. එයාලා බය වෙලාද..?  බලාපොරොත්තු වුනු කෙනා වගේ නෙමේද මම...?
ඕන එකක් මම කතා කරනවා..........


ගෙහුන් එන්නම් ආයිබොවන්...!

Thursday, June 7, 2012

අමුතු කතාවක් 9 නංගි බබා...

පුරපස අවපස වෙනසක් වූවද...
ඔබවෙයි සද මගෙ හද අඹරේ...
මගෙ මේ සිතිවිලි හා සබැදේවිද...
මුදු සිතුවිලි ඔබ හද මැදුරේ...


                        ඔන්න එක සංචාරක හෝටලයකට ගොඩවැදුනු විදේශිකයෙක් කෑම වගයක් ඕඩර් කලා.ඌ ඉතින් අරවයි මේවයි අනිත්වයි සේරම ගේන්න කියලා.කොහොමත් සුද්දන්ගේ කෑම අමුතුයිනේ. ඒනිසා ඌ ඕඩර් කරපු ජාති මම කියන්න යන්නෑ. ඒත් ඒකේ රෝස් කරපු කුකුලෙක් හිටියා කියලනම් කියන්නම වෙනෝ.
තේරුනාද...?
ඔව්..!
මොකක්ද තේරුනේ..?
අර අමුතු කෑම ජාතිත් එක්ක කුකුලෙකුත් ඉල්ලුවා කියලා..!
හරියට හරි රෝස් කරපු කුකුලෙක් හොදේ..!
හාං..!
ඉතින් ටික වෙලාවක් යනකොට ස්‍ටුවට් කොලුවෙක් ඔය කියපු සකලසබ්බ මනාවම ඇන්න ආව සුද්දා ලගට. මාලක්කගේ පෙට්ටි කඩේ වගේ නෙමේ හරි පිලිවෙලයි ස්‍ටුවට්ලගේ වැඩ.
මාලක්කගේ කඩේ කොහේද ඒක තියෙන්නේ.?
(ඕන නැති දේවල්මයි අහන්නේ)
අපෝ ඒකවත් දංනෑ මෙයා, අර තියෙන්නේ පල්ලෙහා.!
දැනගන්න මම ඔහේ ඇවිත් තියේයෑ,ඉතින් ඔයා ඒකෙන්ද කෑම කන්නේ.?
නෑ නෑඒකෙන් කන්නේ මහතුන් අයියා විතරයි. අපි යන්නේ ඔය සිගරට් එකක් බොන්න හිතුනම.දන්නැත්ද "මාලක්කේ සියේට් එකයි ලේන්ටියයි" කියන්න.
ආ..පෝ.. ඒකියන්නේ ඔයා සිගරට් බොනවා..?
මොකක්... ඇයි ඔයා දන්න කවුරු හරි ඉන්නවද සිගරට් කන.?
විහිලු නෙමේ මම කැමති නෑ සිගරට් බොන අයට.
ඉතින් මම ඔයාට කිව්වේ නෑනේ මට කැමති වෙන්න කියලා.(හුහ්.. එනවා මෙතන මට නීති දාන්න,කවුරු කියලා හිතාගෙනද දන්නෑ. කිවුවේ නෑ මම  හිතුවා එහෙම.)
හාං.. ඉතින් කතාව  කියන්නකෝ.
මගේ කට කැඩිච්ච කතාව ගනන් නොගත්ත ගානට එයා කීවා.
ඔයානේ උදැල්ල දාන්නේ කියන්න නොදී.
හා..හා මම සද්ද නැතුව ඉන්නම්කෝ එහෙනම්.
එහෙමත් කොරන්නෙපා බං මම පව්නේ තනියම කියවනකොට.
හ්ම්..හ්ම්..!
ඉතින් හරි බරි ගැහිලා කොටා බාන්ට සූජානං උනාට සුද්දා දැක්කා කුකුලගේ එක අන්ඩයි තියෙන්නේ කියලා. ඌට තේරුනා මෙතන මොකක් හරි යටිකූට්‍ටු වැඩක් සිද්දවෙලා තියනවා කියලා.දේශපාලන කුමන්ත්‍රනයක් වෙන්නත් බැරිනෑ නොවැ. ස්‍ටුවට් කොලූට කිව්වා අඩගහපන් කියලා මැනේජර්ට. කොලූ කතා කොලා මැනා ආවා. ලගට එනකොටම මැනාට තේරුනා සුද්දට ටිකක් නැගල ඉන්නේ කියලා. දන්නවනේ, සුද්දන්ට නැග්ගම අපට වගේ නෙමේ..!
ඒ කිව්වේ...?
ඒ කිව්වේ ඉක්මනට බහින්නේ නෑ...!
මට තේරුනේ නෑ ..!
ඒක වඩා හොදයි.. කතාව තේරෙනවනේ..?
ඔව්.!
ඒ හොදටම ඇති...
ඉතින් සුද්ද මැනාට පෙන්නුවා අර කුකුලව.
බලපන් මේ මම දැන් ඕඩර් කරපු කුකුලා..!
හරි සර්..!
හරි නෙමෙයි වැරදියි. මුගේ එක කකුලයි තියෙන්නේ. මම අහන්නේ කෝ අනික් කකුල..?
මැනාට තේරුනා ඕඩරේ ගෙනාව එකා තමයි අදාල කොටස වමට ගහන්න ඇත්තේ කියලා,ඒත් ඉතින් කියන්නැයි ඒක මූට. කීවොත් හෝටලේ කීර්ති නාමයට නොවැ කෙලවෙන්නේ කියල හිතපු මැනා සුද්දව "හාව" කරන්න අහිංසක උත්සාහයක් ගත්තා. ඔයාලගේ ගෙදර පිත්තල පහනක් තියනවද, අර උඩ කුකුලෙක් වහලා ඉන්න ජාතියේ..?
නෑ..!
පිත්තල පහන් දැකලා තියනවද..?
ඔව්..!
කොහේදිද..?
අපෙ අක්කලගේ ගෙදර එකක් තියනවා..!
එලකිරි, මැනා සුද්දව අඩගහගෙන ගියා පිලිගැනීමේ කවුන්ටරේ පැත්තට.අර ඔයාලා සිංහලෙන් රිසෙප්ෂන් ද මොකක්ද කියන්නේ. අන්න ඒක පැත්තට, ඇවිත් දුර ඉදන්ම එතන  තිබුන කුකුල් ලාම්පුවක් පෙන්නලා මූ කියනවා මෙහෙ ඉන්න කුකුලන්ට තියෙන්නේ එක කකුලයි අර බලපං කියලා.ඒ වුනාට සුද්දා පිලිගන්න කැමති උනේ නෑ ඒ කතාව. මැනා බොරු කියනවා කියලා ඌ ගේම ඉල්ලනවා. කරකියා ගන්ට දෙයක් නැතිව වටපිට බලනකොට මැනා දැක්කා හෝටල් වත්තේ අලංකාරෙට ඇති කොරන ඇත්තම කුකුලෙක් කිරා වැටිවැටි ඉන්නවා. මැනාගේ වාසනාවට ඌ හිටපු ඈන්ගල් එකට උගේ පේන්නෙත් එක අඩුවයි.පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය මැනා සුද්දට අඩගැහුවා.
මෙහෙ වරෙන්..!
මොකද..!
මම මෙච්චර කියලත් උබ පිලිගත්තේ නැහැනේ,අර බලපන් ඌට තියෙන්නෙත් එක කකුලයි.
සුද්දට මල.දැම්මා කටට ඇගිලි දෙකක් ගැහුවා විසිල් එකක්. විසිල් සද්දෙට බය උන කුකුලා මරෝ කියලා දුවන්න ගත්තා. ආං... ඔය පේන්නේ කකුල් දෙකම..!
දැන් මොකද උඹ කියන්නේ...!
මැනත් ඇරියේ නෑ. ඌකියනවා.... ඉතින් උබ අර මේසේ උඩ ඉන්න කුකුලටත් විසිල් එකක් ගහලා බලපන්කෝ, ඌත් අනෙක් කකුලත් එලියට දායි...! කියලා.
හිහි.. හිහි හී....!
මොකෝ අලේ හිලා වෙල්ලේ....?
හිනා යන්නැත්ද අනේ ඔයාගේ කතා වලට..!
(ඒයි මෙයාට මගේ කතා වලට හිනා යනවලු.හික්.. බොලාටත් හිනා යනවද.?) හරි එහෙනම් හත් වෙනිදා ෂුවර් හොදද...!
ආ... ඇයි ඔයා ඒ වෙනකම් ආයේ කතා කරන් නැද්ද..?
කවුද එහෙම කතාවක් කීවේ. මම කීවේ ඒක තීන්දුයි කියලා.
කොහොම හරි  කාලය ගෙවිලා පෙබරවාරි 6ත් උදාවුනා. හවස හැමෝම එකතු වෙලා සාකච්ඡා කොලේ හෙට ගමන ගැන. කොහොමද යන්නේ. ඒ පලවෙනි පුරස්ණේ. පාරේ බස් එකේ.තීරණය මගේ. ඊලගට මොනවද ඇදන් යන්නේ.
අමුතු විදිහක් ඕන නෑ බං ඩෙනිමයි ෂර්ට් එකයි හොදා එකෙක්.
නෑ නෑ ටිකක් වැදගත් විදිහට පලයන්.. තව එකෙක්.
එහෙම නෙමේ ගොඩේ තාලෙට යං... ඒ චින්තකයා.
ඔය බලපන් මූත් ගොනා වගේ උන්නට ඉදලා හිටලා හොද අයිඩියා දෙනවා.
මොකක්ද ඒකේ තියන හොදේ.
මොන්ටිසෝරි ප්‍රශ්න අහන්නෙපා ඕයි..!
ඒ උනාට මටත් තේරුනේ නෑ ඒ ඇයි කියලා... !
නෙද්දකින් තොපිලා.. අහගනිල්ලා එහෙනම්. අපි මෙයා ගැන කියපු දෙයක් හැර වෙන විශේෂ යමක් දන්නේ නෑනේ. ඉතින්...? බැරි වෙලාවත් මෙයා අපට ටොපියක් දුන්නොත්, එහෙම නැත්නම් ගේමක් සෙට් කලොත්.....
හරි ඉතින් හාල්පාරුවෝ වගේ යන්නේ වැදලා බේරෙන්නද..?
අඩෝව්.. උඩ බිම බලලා කතා කරපන් නැත්නම් දෙනවා දත් ටික බිත්තියේ ඇලෙන්න..
මූ ඔහොමමයි කට ඇරියොත් කියන්නේ ගුටිකන කතාවක්..!
තේරෙන්න කියන්න එපැයි..
ඉතින් හු## ‍තෝ කියන්න දුන්නයෑ,මැද්දෙන් පැන්නනේ.
අපි ගොඩයෝ වගේ දැක්කම උන්ට තවත් සැටිස්. ගේමක් නම් අනිවා උස්සනවා අපිව කොහේට හරි..! එතකොට...?
එතකොටද..? එතකොට උන්ගෙම වියදමෙන් රිටර්න් එක දීලා ගෙදර එනවා.එච්චරයි...!
එහෙනම් මමත් එනවා...!
අනේ මෙහ්.. හු## නැතුව හිටපන්. රංචු පිටින් යන්න මනමාලියෙක් බලන්න යනවා නෙමේනේ.
නෑ සරා කාලෙකින් අත පයේ හිරි ඇර ගන්නත් බැරි වුනා ඒකයි.
මගෙන් කුනුහබ්බ අහගන්න හදන්නෙපා රුවනා. මමයි චින්තකයයි ගිහින් එන්නම්.
ඒයි.. මොකවත් ගෙනියන්නෝන නැද්ද එතකොට..?
මොනවා ගෙනියන්නද බං..?
ඒම හරි නෑනේ ඩෝ කොල්ලෙක්ටනම් ප්ලේන්ටියක් ගාලා සිගරට් එකක් බොමු කියතැකි.කෙල්ලෙකුට එහෙම බෑනේ.
එහෙනම් ආජා තුජිකෝ කෑල්ලක් දෙමු හපහප  ඉන්න.
දෙනවා ප### මූන කුඩු වෙන්න.
විකාර නෙමේ පර්පියුම් එකක්වත් අරන් පලයන්.
ඕකේ එහෙම කරමු.
හරි ඉතින් ඒවා සේරම හෙටනේ. අද මොකුත් කරන්නේ නැද්ද.
මොනවා කරන්නද ඉතින් පුරුදු විදිහටම එහෙනම් ඕං ඈ.....................!
දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑ...
මගෙ පපුවෙ අවිලෙනා ගින්දර නිවාලන්න බෑ...
මහ වැස්සට බෑ ඉන්දිය සාගරයට බෑ...
මගෙ පපුවෙ ඇවිලෙනා ගින්දර නිවාලන්නබෑ...
බෝතලේ මගෙ බෝතලේ නුඹ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිව්වේ...
සිහියෙන් හෝ අව සිහියෙන් එම ‍රැයද පහන් වූ බව පමනක් කියමි.

ගෙහුන් එන්නම් ආයිබොවන්..!


සිංගප්පූරු යන්න.... ? නංගි බබා 10න්...