Tuesday, March 19, 2013

අනේ ඉතින් අමනාප වෙන්ට කාරි නෑ ආයිබොවං.....!




          මේ අපේ කාලේ බොහොම ජනප්‍රිය සිදුවීමක එක් පැතිකඩක්. කලින්ම කියඤ්ඤංකෝ මේ මට පේන හැටිම විතරයි. කොහොමත් අමුතු අදහස් දරන මට එච්චරම හරි නෑ වගේ දැනුනට ඒවාහරි ඇති සමහරුන්ට කොහොම උනත් මම මගේ අදහස කියනවා. මෙන්න කතන්දරේ. මෙහෙ මාත් එක්ක වැඩ කරමින් හිටි කීපදෙනෙක්ම පහු ගිය කාලේ වැකේෂන් ගෙහුං ආවේ සරණ බන්ධනේටත් ඇතුල්වෙලා. සමහරු පෙර සූදානමකින් යුතුව මේ කටයුතු කරලා තිබුනා වගේම ඇතමෙක් හදිසි තීරණ වලට අනුවත් විවාහ වෙලා තිබුනා. පුරස්නයක් නෑනේ ආයිබෝවන් කොහොම උනත් වැඩේ හොඳ වැඩක් වගේම වියයුතු දෙයක්. ගෑණුළමයි, පිරිමි ළමයි කියලා භේදයක් නැතුව නිසි කලට ආවාහ විවාහ කෙරෙනවානම් තමයි හොඳ. නැතිනම් ඉතින් දත්නැතිදා උක් දඬු ගිනි තපින්ටද......?
හෙහ් හෙහ්....

ඔය කිවුවට ඕකත් නෙමේ පුරස්නේ මේ වගේ ජීවිතේ අතිශය වැදගත් අවස්ථාවලදී මේකලා කොරන මරි වැඩ ගැන, තව විදිහකින් කියනවානම් රටට ලෝකෙට සපයන විහිළු ගැන. මම ඕක විස්තර කොරලම කියඤ්ඤංකෝ තේරුම් ගන්න පහසු වෙන්න. 

          ඔය ඉහතින් කියන්නට යෙදුන මංගල්ල කීපයකම වීඩියෝ හා පොටෝස් බැලීමේ වරම භාග්‍යය මටත් උදා වුනා කියමුකෝ. හත්තිලවුවයි ඒවයේ තියෙන විකාර දැක්කම අවීචියට හරි කමක් නෑ මෙහෙම නරි නාටක නැති තැනකට ගෙහුං ජීවත් වෙන්න ඇත්නම් කියලා මට හිතුනා. මෙහෙමයි.....

ජීවිතේ එකම එක වරක් පමණක් (අපි වගේ එවුන්ට) උදාවෙන මේ ප්‍රීතිමත් අවස්ථාව තමන්ට හැකි උපරිමයෙන් කරන එක ගැන නම් මගේ අකමැත්තක් නෑ ආයිබොවන්. ඒක එහෙම විය යුතුයි. ඒත් හත්තිලව්වේ මේ විසූක දස්සන......? එවුවා දැක්කම මට හිතෙන්නෙම මේ දෑස මක්කටද කියාය. තේරෙන හිංගලෙන් කියනවා නම් අනාදිමත් කාලයක සිට අපේ රටේ ආවාහ විවාහ කෙරුනේ දේශීය සම්ප්‍රදායන් වලට. කාලයාගේ ඇවෑමෙන් ඕකට බටහිර හා ඉන්දීය සම්ප්‍රදායන්ද එකතු උනා. කාටවත් වරදක් නොපෙනුන එකේ අපි ඕක හරියි කියමුකෝ.. අනේ අපොයි දැන් දැන් ඕවා අස්සට කොහොඹා කංකාරිය, වඩිග ප‍ටුන, දහ අට සන්නිය වගේ දේවලුත් එකතු වෙලා වගේය. මම ඇහුවා ඇයි කියලා..
මේ දේශීය කෙරේමෙලු.
දැන් හැමෝම කොරනවත් එක්කලුනේ. 
හැබෑද....?
එහෙනම් දැන් මොකෑ ආයිබෝවන් කොරන්නේ......?
ඔන්න ඔහේ මේකටත් හා කියලා මේ අලුත් දේවළුත් කොරලා බලමුද.....?

සීයට සීයක්ම දේශීයයිලු. හරි එහෙනං... ඔහේලගේ කැමැත්තක්...!    

    මේ ටිකත් අහන්ටකෝ අපේ හාදයෝ ගැන.ගොඩ දෙනෙක් විදේශ ‍රැකියාවලට එන්නේ නහය ගාවටම ගැළුවට පස්සේ. විශේෂයෙන්ම මෙහෙට. මෙහෙ ඉන්න ගොඩ දෙනෙක් කියන්නේ තමන් එද්දී ඉඩමේ ඔප්පුව උගස් කරලා ආවය, හතර අතට ණය වුනාය ඕං ඔහොම කතා. හැබැයි ඇවිත් ටික දෝහක් යද්දී ඔය සේරම අමතකයි. එහෙනම් ඉතින් ආපු ගමන් තමන්ගේ තිබුන පුරස්න සේරම ඒ අය විසඳගෙන ඇති...!!
එහෙමද...?
අපොයි නෑ. රියාල් ටිකක් යහමින් අතගෑවෙද්දී අර සේරම අමතක වෙලා. ගමේදි ගෝල්ඩ්ලීෆ් බීපු එකාට දැන් ගොල්ඩ්ලීෆ් වහ කදුරු ගානයි. එයාට ඕන බෙන්සන්, මෙල්බරෝ, එල් එම්. ලංකාවෙදි දවසට සිගරට් දෙකයි. දැන් මෙහෙදි දවසට පැකට් දෙකයි. අවුලක් නෑ පැකට් එකක් රියාල් අටයි නමයයි. කන්ඩ අතේ සල්ලිනෑ ඒත් හවසට කෑල්ල ගහන්න. කොහොම හරි රියාල් පණහක් එකතුකර ගන්නවා. කොහොම හරි ගෙදරටත් කීය කීය හරි යවලා, දෑවුරුද්දෙන් වැකේෂන් යද්දි ඉතින් වටේම ණයවෙලා තමයි ගානක් එකතු කර ගන්නේ. ඔහොම ගෙහුං තමයි ගොඩ දෙනෙක් ඔය සරණ බන්ධනේටත් ඇතුලු වෙන්නේ. අවුලක් නෑ ඊට පස්සේ හරි ජීවිතේ ගැන බරපතල විදිහට හිතයි කියලා අපි හිතමුකෝ නේද..?

ඒත් ආයිබොවන් අච්චර පුරස්න තියාගෙන මෙහෙන් යන එකා කොරන්නේ මොනාද කියලත් ටිකක් කියන්නද...? 

      හොයාගත්ත මනමාලී පොලොන්නරුවේ. එයාට අන්දන එක්කෙනා එයා ‍තෝරන් තියෙන්නේ ගලපිටමඩින්. බකලවතී ළු. එයාලු දැන් ඉන්න හොඳම කෙනා. පොටෝවලට මට්ටක්කුළියේ කුට්ටමනී. සුපුරිම වැඩ්ඩලු ගාන ටිකක් සැරයි. හනිමූන් තලවා කැලේ. හෝම්කමින්ග් එක ආගරපතනේ. ඇයි බං ඔය හැමදාටම බෑන් චූන් ගහන්නත් එපායෑ. එහෙම නැත්නම් හරි නෑ නේ. කොල්ලන්ට පොඩි මzසා එකක් තියෙන්න ඕන නෙව. හත්තිලවුවේ ඔය ඔක්කොම කොරන්න මේ ගෙනාපු සල්ලිටික හොඳටම මදි. ඉතින් මොකද ගන්නවා ණය හතර අතින්ම නෑදෑයන්ගෙනුයි, හිතවතුන්ගෙනුයි පොළී මුදලාලිගෙනුයි. උනුත් දෙනවා ලෝස් නැතුවම. ඇයිබං රට රස්සාවල් නොවැ මේකලා කොරන්නෙත්. කොහොම කොහොම හරි මගුල කාලා මුං හූනෝ වගේ මෙහෙ ආවට පස්සේ තමයි ඉහ මොල රත්වෙන්නේ.

           ඊලඟ මාසේ ඉඳන් පඩි අරගෙන ගෙදර යවන්න විදිහක් නෑ මෙහෙ ණය කාරයෝ ඉල්ලනවා උන්ට දෙන්න ඕන. ගෙදර උන්දැත් නිතරම පොලී සල්ලියි ණය අහන අයයි මතක් කරනවා. ඇයි ඒ මදිවට බැංකුවට තියපු ඉඩම. හැක් පොලී ගෙවගෙව උන්නා මිස ඒක බේරුවෙත් නෑනේ. මුළු කොන්ත්‍රාත් කාලෙන් ඉතිරි අවුරුදු අටම මෙහෙ ඉන්න ඕන මේ සේරම ගෙවලා ඉවර කරලා නිදහස් වෙන්න නම්. තමන්ගේ ජීවිතේ හොඳටම විඳින්න තියන කාලේ දෙන්නා දෙමහල්ලෝ දෙපැත්තක විඳෝනවා. මගේ ලඟ ඥාතියෙක් ඔය වගේ විදේශයක ඉඳන් ඇවිත් ඉහතින් සඳහන් කොරපු විදිහේ විසූක දස්සන සහිත මගුලක් කොරලා අවුරුදු එකහමාරක් විතර ලංකාවේ ඉඳලා ණය ගෙවා ගන්න බැරිම තැන ආයෙත් රට ගියා. 

            ආයිබොවන් තමන්ගේ තරමට හැකි උපරිමෙන් කොරනවා හැර තමන්ට වඩා ලොකු වැඩ කරන එක මෝඩ කමක් කියලා මට හිතෙන්නේ මගේ මෝඩ කමටද නැත්නම් පොඩි කාලේ මගේ ඔලුව මොකක හරි වැදිලා වෙච්ච අවුලක් නිසාද මන්දා නේද...?   අනික තමයි දැන් මෙහෙම උත්සව වලදි හැමදේම ඕවර් යන එක. කෙලවර වෙද්දී මගුල් ගෙවල් මලගෙවල් වෙලයි නවතින්නේ. මේ ඊයේ පෙරේදත් මම පිළියන්දල පැත්තේ එහෙම සිද්දියක් දැක්කා නිවුස් වල.ඕකට කියන්නේ ජයපැන් බොනවා කියලා කියලයි මගේ සමීපතම ඥාතියෙක් කියන්නේ. ඒකනිසා අරක්කු එහෙම ඔය තැන් වලට එපා කියලා මම කියන්නේ නෑ. අනික අරක්කු වැරදි නෑ නේ. ඒවා පමණට අරන් හරියකාරව නොහැසිරෙන එවුවන්ගෙයි වරද.. බලන්න එද්දී ටයිකෝට් දාලා සිංහ සෙයියාවෙන් එන මහත්තැන්ලා ඩ්‍රින්ක් එකට සෙට්වෙලා ටික වෙලාවක් යද්දී බයිට් කාලා අත පිහදාන්නේ ටයි එකෙන්. තවත් ටික වෙලාවක් යද්දී. කානුවක් පල්ලේ. මම ගෙවල් වලට ගෙහුන් දාලා තියෙනවා අනන්ත ස්වීට් මූණු බල්ලෝ ලෙවකනවා බලන් ඉන්න බැරි කමට. 

අනේ මේවා නිසා අපේ කමට වෙන හානිය.......??????



ප/ලි     

රටට ලෝකෙට අඬ බෙර ගහලා මගුල් කාලා පහුදා ඉඳන් ණය කාරයන්ගෙන් වහන් වෙවී ජීවත් වෙන එකේ තේරුමක් නෑ වගේ නේද ආයිබොවං. ඊට වඩා නරකද තමන්ගේ තරමට ගැලපෙන අපේකමත් ‍රැකෙන විදිහට වැඩේ කරලා පහුවදා ඉඳන් ඔළුව කෙලින් තියාගෙන පාරේ බැහැලා යන එක. මම හිතන්නේ මේ ගැටළුත් ගොඩාක් අඩුවේවි එහෙම උනොත්. 

එහෙනම් සරාට ගෙහුං එන්ට අවසර..........!!!




Thursday, March 14, 2013

සිඟිති පොල (උදම්සගෙ විත්ති)



මේ ඊයේ පෙරේදා දොහක ඔය වටද්දර කියන හරියේ සිඟිති පොලක් පැවත්වුවා කියලා ආරංචියක් සරාට ලැබුනා. රේඩියන්ට් පෙර පාසැලේ සිඟිති බක්මහ උලෙලට ආධාර පිණිස ළුනේ ඕක පැවැත්වුවා කියන්නේ. තම තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට තමන් විසින්ම උපයා සපයා ගැනීමේ වටිනාකම පුංචි ඈයොන්ට උගන්නන මහන්සි ගන්න කට්ටිය තමයිමේ.

ඕං ඉතින් පැංචො පැංචියෝ මෙයාලා හඳුන්වන ආකාරයත් එයාලගේ හැබෑ නම් එක්කම ඔයාලට මම කියනවා . පිලිවෙලින් වමේ සිට පොඩි ටීචර්- අශ්‍රී උවේන්. සුදු ටීචර්- චාරිකා. ලොකු ටීචර් - අසෝකා. මෙයාලා තමයි රේඩියන්ට් පෙර පාසැලේ දරු දැරියන්ට සිප්සතර දෙන්නේ.
       
අපි බලමුද පොඩ්ඩක් පොලේ වගතුගත්.           


ඔය තියෙන්නේ, සේරම ගමේ ගොඩේ එලවළු පළතුරු. කිසිම රසායන ද්‍රව්‍යයක් අඩංගු නැති පොලොස් ගැට කෙසෙල්මුව, පළාවර්ග, සුපර් මාර්කට් වල මාස ගනන් තැම්බි තැම්බි තියෙන ඒවා වගේද බලන්නකෝ මේවා.         



 හහ්...! ඇයි ඒවා වගේද මේවා බලන්නකෝ..! එළවළු පළතුරු විතරක් නෙමේ රස කැවිලිත් තියෙනවානේ. මොනවද මේ.. හැලප. වාව් වඩේත් තියෙනවා.ෂහ්... කටට කෙලත් උනනවා දැක්කම...!     


අප්පද බොල..... මේ හැලප මුදලාලි නම් ටිකක් ලැජ්ජාකාරියක් වගේ.හපොයි ඔහොම ඉඳලා නම් බඩු විකුනන්න බෑ. පොඩි හිනාවක් එහෙම දාලා තමයි පාරිභෝගිකයෝ අල්ලගන්න ඕන. අනික් මුදලාලිව ටිකක් දැකලා පුරුදුයි වගේ නේද....? මිල ගනනුත් පේන එකේ බලමුද මෙයාලා විකුනණ දේවල් වල මිල ගනන් කොහොමද කියලා. පොල් රුපියල් 25/=, පොල්කොල වලින් වියාපු වට්ටියක් රු:35/=, වඩයක් රු:8/=, එතකොට හැලප...? ඒවනම් එකක් රු:20/= තව ගස්ලබුත් තියෙනවා. මේවා ගහේම ඉදිලා අතින් කඩාපු ඒවා. කාබයිට් ගහලා නෑ. නැවුම් එළවළු පළතුරු පොඩි අය වගේම නැවුම්.

ඔය ඉන්නේ ඒ පුංචි මුදලාලි. තාත්තගෙයි අම්මගෙයි හීන කන්දේ අයිතිකාරි. අම්මා රෑ දවල් දෙකේම ඇස් මානෙන් ඈතට නොයවන, ලඟ නැතත් තාත්තගේ හිත ලඟ ඉන්න පුංචි උදම්සා.

ඔන්න ඉතින් ඉස්කෝලේයාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා .


නැන්දලා මාමලාට කියන්නත් අමතක වුනා එයාව මේ ඊයේ පෙරේදා අපි දහම් පාසැලුත් යවන්න පටන් ගත්තා. පුංචි දවස් වල ඉඳම්ම බණ දහම් ඉගෙන ගන්නත් එපායෑ නේද..

ගෙහුං එඤ්ඤං.....!!


 මෙයා අලුතෙන් බ්ලොග් එකක් ලියන්න ගත් කෙනෙක්. පුංචි අතදීමක් විදිහට හිතලා ඒ පැත්තේ ගෙහුං මොනා හරි කියලා එනවා නම් වටිනවා. 
http://senehasakata-aruthak.blogspot.com/

Tuesday, March 12, 2013

කොපි කරනවද... ? දෙන්නම් ජම්බු....!!!

       


    ඕං මම මුලින්ම කියනවා මේක ලියන්නේ කිසියම් ජන කොට්ඨාශයකට අපහාසයක් කරන අරමුණින් නම් නෙමේ. මුදල් ඉපයීමේ අරමුණින් කුප්ප වැඩ හා කපටිකම් කරන අනෙක් අයව රවටන්නට උත්සාහ කරන ඇතැම් මිනිසුන්ව උපහාසයට ලක් කිරීම තමයි මගේ අරමුණ. ඒවගේම මේ සිද්ධිය කතාවකට හරවලා ඔයාලට කියන්න අදහසක් එන විදිහේ කොමෙන්‍ටු දමාපු "සමනළී නගාටත් ප්‍රසන්න මිතුරාටත්" ස්තුතියි කියනවා ඕං මුලින්ම. 

සභාවෙන් අවසරයි මම මෙතනට පැමිණියේ කොම්පියුටර් හෝදලා මට වෙච්ච රසබර සිදුවීමක් ඔබ හමුවේ තබන්නටයි. අපි ඉක්කෝලේ යන සංදියේ උදේ ‍රැස්වීමෙදි කතා පවත්වන්නේ ඔහොමයි. ඒක මතක්වුනා මට..... හැක්... එහෙනම් ඕං ඈ..................................................  

      සරා ඕනම දෙයක් නැවුම්ව තියාගන්න මනාප හාදයා. මේ "කොමා"වත් ගෙදරට ගෙනා දවසේ ඉඳන්ම සුද්ද පවිත්තර නොකලෙත් ඒක නිසා කියලා නොවැ ඌ කියන්නේ. ඒ උනාට ඉතින් ඕක දූවිලි වැදිලා බොහොම කැත වෙලා තිබුනේ. ඒක නිසා ලාස්ට් වීකෙන්ඩ් එකේ නෙමේ ගිය සති අන්තයේ මම කොමා පුවක් කෑලි වගේ චූටි කෑලිවලට ගලවලා කෑල්ලෙන් කෑල්ල කෑල්ලෙන් කෑල්ල සුද්ද කොරලා හයි කෙරුවා. කීබෝර්ඩ් දෙකක් පාවිච්චි කො‍රැව්ව නිසාත් ඔය දෙක ගාර්බේජ් එක වගේ තිබුන නිසාත් ලික්විඩ්සෝප් එකකුයි බ්‍රෂ් එකකුයි ඇන්න ටිකක් සෙනග වැඩි වෙලාවක් බලලා ගියා වොෂින් ඒරියා එකට. ඊට පස්සේ හොඳට සබන් දදා හේදුවා කීබෝර්ඩ් දෙක. කට්ටිය ඔ‍ටුවෝ වගේ බෙල්ල දික්කර කර බලද්දී මම "නොදු‍ටු නියායෙන්"පෙන දාන්න අතුල්ල අතුල්ල හේදුවා. මගේ හිතවතුන් කිහිප දෙනෙකුත් ඇවිත්... 

ආ සරා මොකද කරන්නේ...? 
කොම්පියුටරේ ගෙනාවටම පස්සේ හෙදුවේ නෑ බං, මම මේ හෝදලා දැම්මා හෙට අනිද්දා ලංකාවට පටවන්නත් ඕනනේ ඒනිසා....! 

කියලා වම් ඇහත් වහලා පොඩි ඉඟියකුත් කලා. අරුන් කට කනගාවට අරගෙන ගියේ යමක් තේරුන නිසාද කිසි දෙයක් නොතේරුන නිසාද කියලා නම් මම තවම දන්නේ නෑ. මට කොයින්ද අප්පා ඕවා හිතන්න තරම් වෙලාවක්. කොමා හයි කොර ගන්නත් එපායෑ. කොහොමින් හරි හවස් වෙනකොට වැඩේනම් ගොඩ, වින්ඩෝස් දාලා ස්කයිප් හයිකොරාගෙන හිටියා කලින්ම. හත්තිලවුවයි නැතිනම් ආන්ඩු පක්ෂෙන් කේස් නෙව. අභ්‍යන්තර ගැටළු.. !!

                                  ********************  

           සෙනසුරාදා මම පුරුදු පරිදි වැඩට ගියා. හවස ඇවිත් මායියත් එක්ක ස්කයිප් දොඩ දොඩා ඉද්දි එකෙක් මාව මුණ ගැහෙන්න ආවා. බිසීද අහලා යන්න ගියා, තව ටිකකින් තව එකෙක් ආවා පස්සේ එන්නම් කියලා පොරත් ගියා. ඊට පස්සෙත් දෙතුන් විඩක්ම කාමරේට එබුනට ස්කයිප් කතාව ඉවර වෙනකම් මම නෙමේ ඇයි කියලාවත් ඇහුවේ. වරදක් හිතන්න ඕන නෑ ඔයාලා මා ගැන දේසේ හැටියට බාසේ කියලා කතාවක් අහලා ඇතිනේ ඔයාලා මේ ඒ තියරිය හොඳේ. අන්තිමේ අර කලින් ආපු හාදයා ආවම මම ඇහුවා මොකද ප්‍රශ්නේ කියලා. 

මහත්තයෝ මගේ කීබෝර්ඩ් එක වැඩ කරන්නේ නෑනේ...! 

මුගේ අම්...... වෙන වෙලාවට මූණට මුලිච්චි උනහමත් අහක බලන් යන එකා දැන් මට මහත්තයාලු.... 

හරි එහෙනම් ගේන්නකෝ බලන්න...! 

ඔහු එය ‍රැගෙන ආවේය. මගේ මැසින් එකට එය සම්බන්ධ කලවිට එයද "බුල" ගහන්නට පටන්ගත්තේය. 

මොකද වුනේ....? 
මොකුත් නෑ මහත්තයෝ, මම දවල් ඕක හේදුවා විතරයි....! 
අම්මපා....... ඇයි හේදුවේ....?  
 නිකන් ඉතින්.... ඇයි මහත්තයත් එදා හේදුවේ.....! 
මේක හරි වැඩක් නේ, ඇයි යකෝ මම හේදුවා කියලා තමුසෙත් හෝදන්න ඕනද...? 
පොඩ්ඩක් ඉන්නවා බලන්න....! 

පසුපස ඇණ ටික ගලවා මම කීබෝර්ඩ් එක මස් කලෙමි. හුටා.... දෙන්නෙකුට නාන්න වතුර ඒක ඇතුලේ. 

ඇයි මනුස්සයෝ ඉලෙක්ට්‍රොනික් බඩු මෙහෙමත් හෝදනවද. බලනවා මම නාලා ඉතුරුත් වෙන තරම් වතුර තියෙනවානේ මේක ඇතුලේ.  මම කියන්නම් වැඩක්, ඕක ඔහොමම අරන් ගෙහුං රෙදි කෑල්ලකින් තෙත මාත්තු කරනවා. ඊට පස්සේ වතුර ගතිය නැති ස්ප්‍රේ එකක් තියේනම් ඒකක් ගහනවා. එහෙම නැත්නම් මේ බ්ලෝවර් අරන් ගිහින් මේක හොඳට අල්ලනවා. එතකොට ඔය අං කොං වල තියෙන වතුර සේරම යයි. අවුලක් නෑඊට පස්සේ බඩ්ඩ වැඩ කරයි....හික් හික් හික්....!!!!!  

ඊට පස්සේ ඉතින් මගේ අසරණ බත් ගෙඩිය රත් කොරාගෙන කොටාබාන්ටය කියලා සූජානන් වෙනකොටම මෙන්න තව කව්ද දොරට තඩි බානවා. 
තාල්... 
මම ඇඳේ ඉඳන්ම බෙරිහන් දුන්නේ එච්චර සතුටකින් නෙමේ. විවෘතවූ දොර තුලින් ඇතුලට එබුනේ හිසක් පමණි. 
යේස්....? 
අයියේ මගේ මැසිමේ මොකක්ද ලෙඩක් තියෙනවා පොඩ්ඩක් බලමුද......? 
හැබෑට... දවල් ඕක හේදුවද....? 
මැසින් එක නෙමේ කීබෝර්ඩ් එකනම් හේදුවා... ඒත් ඔයා කොහොමද දන්නේ.....? 
අනේ මම දන්නේ නෑ, ඒත් මට හිතුනා. තව එකෙක් කලින් ආවානේ ඒක නිසා. ආං මම අහවලාට බ්ලෝවරේ දීලා යැව්වා, කොරන්න ඕන හරිය ඌ දන්නවා. එහෙම කරහම මැසිම වැඩ කරයි....! 
හරි අයියේ බොහොම ස්තුතියි....! 
හෝව්... පොඩ්ඩක් ඉන්නවා. මම තවම කියලා ඉවර නෑනේ. 
මොකක්ද අයියේ...? 
හලෝ මේ කවුරුවත් කරනවා දැකපු පලියට ඔහොම වැඩ කොරන්න යන්න එපා. ඒවට ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමය ඉගෙන ගෙන කරනවා. එහෙම නැත්නම් දන්න කෙනෙකුගෙන් අහගන්නවා. හරියට දැන ගෙන කරහම ඔහොම අවුල් ඇතිවෙන්නේ නෑ තේරුනාද...? 
ඔව් අයියේ බොහොම ස්තුතියි, යන්නම්...! 
හා... මතක ඇතුව අර හාදයටත් කියනවා ඔය ටික. කලින් මට කියන්න මතක නැතිවුනා......!! 

මාත්ෂා අල්ලාහ්.........  
මේ තම්බින්ගේ මොලේ තමයි මොලේ.....!!!  



ප/ලි     
මෙතන කොටපු ප/ලි ය මම අහක් කෙරුවා අප්පා. ඒක පොස්‍ටුවටත් වඩා දිගයි නෙව.. පස්සේ දොහක පෝස්‍ටුවක් විදිහටම දාඤ්ඤං...!!! හත්තිලවුවයි එහෙම කොලාම හෙඩිමට අනුව ටියුබ් ලයිට්.. ඕං ආයෙත් ඇමිනුවා. 
    
           හැබෑවටම මම මෙහෙම කීබෝර්ඩ් හේදුවේ හිතා මතා මිනිස්සුන්ව අමාරුවේ දාන එක මගේ පුරුද්දක් වත් විනෝදාංශයක් නිසාවත් නෙමේ. ඒත් මම දැනන් හිටියා මේ කෑම්ප් එකේ මාව කොපි කරලා අසාධාරන විදිහට මුදල් උපයන කට්ට කපටි තම්බියෝ දෙතුන් දෙනෙක් ඉන්නවා කියලා. ඒ හාදයෝ මම කරන වැඩ ගැන බොහොම අවධානයෙන් ඉන්නේ කියලත් මම දැනන් හිටියා. අන්න ඒ අයට දීපු පුංචි ටොපියක් විතරයි මේ. ඔයාලට හිතෙනවද මේ වැඩේ වැරදියි කියලා. මට අනුව නම් නෑ. හරි කමක් නෑ වැරදියි කියලා හිතන අය මේ ටිකත් කියවන්නකෝ. අර මුලින් ආවා කියපු හාදයා දවසක් "ලැපත්" උස්සන් මගේ කාමරේට ආවා "ෆොමැට්" කොරලා දෙන්න කියාගෙන. 

දැන්නම් මම බිසී යාළුවා... ඔයා තියලා ගියොත් පස්සේ කරලා දෙන්නම්...!

මටත් ආසයි වැඩේ ඉගෙන ගන්න. බැරිද කියලා දෙන්න. ....! 

කවුරු උනත් යමක් ඉගෙන ගන්න කැමැත්තෙන්නේ කියලා මම කරමින් හිටිය වැඩෙත් දාලා පොරගේ වැඩේ කරලා දුන්නා. ඒගමන් කියලත් දුන්නා. පොරට කොච්චර ප්‍රමාණයක් පත්තියන් උනාද කියලා නම් මම දැනන් උන්නේ නෑ. හැබැයි ඊට ටික දොහකට පස්සේ මේ හාදයා ඇවිත් මගෙන් වින්ඩෝස්7 ඉල්ලුවහම මමත් දුන්නා. දවස් දෙකකට විතර පස්සේ රිටර්න් කලත් මතකයි. ඊට පස්සෙත් කීප වතාවක්ම මෙයා මගෙන් වින්ඩෝස් ඉල්ලුවා. මම ඇයි කියලා අහන්නේවත් නැතුව හැම වෙලාවකම දුන්නා. මට මොකටද අනුන්ගේ දේවල් හා නැද්ද මං අහන්නේ...? හැබැයි ටික දොහකට පස්සේ දවසක් එක හාදයෙක් ඇවිත් මට කිවුවා..... 

අනේ අයියේ මගේ ලැප් එක මොකක්ද වෙලා ටිකක් ඇවිත් බලනවද......? 
ඇයි මොකද වෙලා තියෙන්නේ. ස්ක්‍රීන් එක කලුවෙනවා. යට වින්ඩෝස් ඔර්ජිනල් නෙමෙයි කියලත් වැටෙනවා. 
හැබෑට...ලඟදි මැසින් එක ෆෝමැට් කලාද...? 
ඔවු...! 
කවුද වැඩේ කොලේ....? 
අහවලා...! 
හෙහ් හෙහ්... ! 
ඇයි අයියේ වැඩේ අවුල්ද...? 
අපොයි නෑ හැබැයි මේක ඌටම පෙන්නනවා. ඌ දන්නවා ඇති ලෙඩේ. වැඩේ කරලා දේවි. 
ඔය යකා ෆෝමැට් කරලත් රියාල් පණහක් ගත්තා මේගමන කීයක් ඉල්ලයිද දන්නේ නෑ. 
කීයක් ගත්තත් ඌ වැඩේ හරියට කරලා නෑ. මේක පොරගේ පෝල්ට් එකක්. සල්ලි ඉල්ලුවොත් මම කිවුවා කියනවා හරියට අදාල වැඩේ නොකරපු නිසා මෙහෙම වෙලා තියෙන්නේ ඒක නිසා ගත්ත සල්ලි වලට හරියන්න වැඩේ හරියට කරලා දෙන්න කිව්වා කියලා....! ඌට බැරිවුනොත් විතරක් කියනවා මම කරලා දෙන්නම්......! 

ඕං පොරත් හා කියලා අදාල තැනට ගියා මම කාමරේට වැදුනා. 
පහුවදා හවස අර ෆෝමැට් කොරාය කියන ගොයියා ආවා කොමෙකුට මෙහෙම ලෙඩක් උනහම මොනාද කරන්න ඕන කියලා අහගෙන.  

කැ.... වැඩ කරන්න එපා ඕයි... තමුසේ මගෙන් මොනා මොනා හරි ලාවට අහගෙන ගිහින් ඒකත් විකුනගෙන කනවා නේද.....? 
යමක් කරන්න කලින් ඒක හරියට ඉගෙන කරනවා මිනිස්සු අමාරුවේ දාන්නේ නැතුව..... යනවා යන්න මගේ දෑහැට නොපෙනී...!! 

    මම ඌව එලවා ගතිමි.දින කිහිපයක් ඉක්ම ගියද තම කාර්යය නොකෙරුන තැන කොමාගේ අයිති කරුවාද අර තැනැත්තාට බැන වැදී කොමා මාවෙත ‍රැගෙන ආවේය.මා ඔහුට සුදුසු තැනකට දී වගකීමෙන් යුතුව වටිනා කියන උපකරණ අලුත් වැඩියා නොකරගැනීමේ ආදීනව කියාදුන්නේ තරමක දෝෂාරෝපණයක ස්වභාවයෙනි. 
මේක මම ඔයා ගාවට ගේන්න හිටියේ අයියේ, මේකා බලෙන්ම වගේ මගෙන් අරන් ගියේ ඌ දන්නවයි කියලා..... 
ඔහු එවිට කීවේය. 

ප/ප/ලි 

සරා කෑම්ප් එක තුල අන් අයට උදව් කරන්නේ සල්ලි ගැනීමට නොවේ. මනුස්සකමට හා කාන්සිය මඟ හරවා ගැනීමටය. කිසිවෙක් තමාගේ මනුස්සකමට ලංසු තියනවාට මෙන්ම වක්‍රාකාරවෙන් එය විකුනන් කනවාට සරා කැමති නැත. එවන් තම්බින් දෙතුන් දෙනෙකු මෙහි සිටිනා බැවින් සරා අවස්ථාව ලද හැම විටම ඔවුන් ගොනාට අන්දනවාය. නමුත් පසුව යතා තත්වයද කියා දෙන බවත් ඔබ දත යුතුය. ගෙහුං එඤ්ඤං එහෙනම්....!!
    

Saturday, March 9, 2013

ඇබෑර්තු ඇත...



          අද මම හැබෑවටම පෝස්‍ටුවක් කොටන්න හිටපු දවසක් නෙමෙයි. මැෂින් එක හෝදලා අරගත්තට පස්සේ හිතට හරියන මාත්තුරුකාවක් සැට් නොවුන නිසා ටික දවසක් නිකන් ඉන්න හිතුනා. ඒත් මේ කාරනාව ටික දොහක ඉදන් හිතේ හොලමං කො‍රැවුව නිසා ඕං අද කොටනවා. සරා මේ වැඩේ අතෑරලා හෙට අනිද්දා ලංකාවට එනවනේ. ඕං එතකොට මෙතන පුරප්පාඩුවක් ඇති වෙනවා. බොසා මීට ටික දොහකට කලින් සරාට කිවුවා මචං උඹ නැතිවෙන එක මට ගොඩාක් පාඩුයි, පුළුවන්නම් දන්න කියන එකෙක් මෙහෙට ගෙනත් දියන් කියලා. සරා ඒකට මොකුත් කිවුවේ නෑ. ඒ ඒක අමතක කරලා දාන්න හිතලා. ඒත් මෙහෙම ‍රැකියාවල් බලාපොරොත්තුවෙන අයත් ගොඩ දෙනෙක් ඉන්නවා කියලා සරාට හිතුනම හිතට ටිකක් හරි මදි වගේ ඒනිසයි මේ. මොකද සරා මෙහෙන් යන්නේ මෙතන ‍රැකියාවේ ගැටළුවක් හෝ වැ‍ටුප් පුරස්නයක් නිසා නෙමෙයි නේ. ස්වදේශිකයන්ගේ නීති රීති වලට තියෙන අකමැත්ත නිසා. 

           තව විදිහකින් කියනවා නම් සරා ටිකක් අහංකාර චරිතයක්. ඉතින් කා ලඟවත් නැමෙන එක සරාට මහා ලොකු මදි පුංචි කමක් විදිහට දැනෙනවා. ඔය හේතුව හැරුනු කොට මෙහේ වෙන ගැටළුවක් නම් නෑ. ඒත් ඉතින් ඔයිට වඩා ලොකුවට ආර්ථික බැරි අමාරුකම් හේතුකරගෙන ඒවයෙන් පීඩා විඳින අය අපේ රටේ ඉන්නවා කියලා සරා දන්නවා. මෙහෙට හවුස් කීපිං ජොබ් එකකට හරි කමක් නෑ කියලා එන අය ගොඩාක් ඉන්නවා, ඒවගෙම එහෙම ඇවිත් අවුරුදු 8-10 මෙහෙ වැඩ කරන අයත් ඕන තරම් ඉන්නවා. එයාලට අර නීති දැනෙන විදිහ ගැන නම් මම හිතන්නෙත් නෑ, මට එහෙම හිතන්න අවශ්‍යතාවයකුත් නෑ. කොහොම උනත් අද ආර්ථික ගැටළුවලින් පීඩා විඳින අයෙකුට නම් මේ අවස්ථාව ගොඩාක් වටිනවා. මොකද වැඩ කරන්න තියෙන්නේ හොඳ ටීම් එකක් එක්ක. අංශ ප්‍රධානියත් ඉතා හොඳ අයෙක්. බරපතල වැඩ නැති රජයේ ආයතනයක් උන මෙතැන ‍රැකියාව ගැන නම් මට කියන්න කිසි වරදක් නෑ. හැබැයි සරා හිතනවා වගේ හිතන අයෙක් නම් " ඔබ"මෙහෙ එන්න එපා. මම මේක ලිවුවේ කවුරු හරි මෙහෙ එන්න කියන්නත් නෙමෙයි. මෙහෙ ‍රැකියාවක් තියෙනවා, කැමති කෙනෙක් ඉන්නවා නම් එන්න පුළුවන් කියන්න. 

මොනවද ඕන සුදුසුකම්: ඉලෙක්ට්‍රොනික් හා වායූසමීකරණ හොඳ දැනුමක් තමයි.

කාට හරි එහෙම දැනුමක් තියෙනවා නම් විදේශ ‍රැකියාවකට යන්නත් අදහසක් තියෙනවා නම් සීවී එකක් හදලා ආතර් ප්ලේස් එකේ තියෙන අබ්‍රාජ් ඒජන්සි එකට ගෙනිහින් දෙන්න විතරයි තියෙන්නේ. එතනින් එහා මොකුත් පුරස්නයක් වෙන එකක් නෑ. වැඩි විස්තරයක් ඕන කෙනෙකුට මට ඊයක් විදින එක විතරයි තියෙන්නේ. පහල නිල් පාටින් තියෙන්නේ ඊය විදින්න ඕන ඉලක්කේ. මතක තියා ගන්න සරා වගේ හිතන කෙනෙක්නම් ඔබ ඔබ මේ ගැන හිතන්න වද වෙන්න එපා. 

මොනවා හරි දෙයක් අරන් ඉක්මනටම මම එඤ්ඤංකෝ. එහෙනම් මම යඤ්ඤං......! 

sarathchandrasiri75@gmail.com