Sunday, March 23, 2014

මග මරුවෝ........




       රථගාය යනු හමෝටම පාහේ වැල‍ඳෙන රෝගයකි. එහෙත් ටික කලකින් බොහෝ දෙනෙකු සුවය ලබන්නෝය. අතීතයේ මව්වරුන් මේ බව දැන සිටි නිසාදෝ රතගායට සිංහල වෙදකම් ද කල බව මා අසා තිබේ.එයට ඔය ලුණුවිල හා තවත් දෑ ගත් බව කව්දෝ කියනු මට මතකය. අද කාලයේ මව්වරුන්ට සෞඛ්‍ය සායනවලින් මේවාට ඉඩ නොලැබෙන්නේය. මිඩ්වයිෆ් නෝනලාට අනුව ඒව සුම්මාය. ඒ නිසාදෝ වර්තමානයේ බොහෝ දෙනෙක් රථගායෙන් පෙලෙන්නෝ වෙත්. එයින් පීඩාවට පත් වන්නෝ රෝගීන් පමණක්ම නොවීම කණගා‍ටුවට කරුනකි. කාරනා කටයුතු එසේ වුවද රථගාය හැදුන පමණින් අපට ඕනෑ ඕනෑ ආකාරයට මාර්ග වල රථවාහන දැක්කීමට හැකියාවක් හෝ අයිතියක් අපට නැත්තේය. එයට සම්මත ක්‍රමවේදයක් හා නීති රීති අන පනත් අත්තේය. ශිෂ්ඨ සම්පන්න පුරවැසියන් වශයෙන් ඒවාට ගරු කරමින් මාර්ගවල ගමන් කිරීම අප සතු යුතුකමකි. ඒ සඳහා ස්වයං විනයක් අවශ්‍ය වන්නේය. නමුත් අපේ උන් නොකරන්නේම හා ඔවුනට නැත්තේද  එයම වීම ඉතා කණගා‍ටුදායකය. එවන් වූ අයගේ නොමනා ක්‍රියාවලින් අනතුරට, අපහසුවට, මරණයට පත්වන්නේ ඔවුන් පමණක් නම් එහි වරදක් මා දකින්නේ නැත. මන්ද මිනිස් ජීවිතයක අගය වටිනාකම නොහඳුනන නොතකන අමනයන් සිටියාටද වැඩක් නැති බැවිනි.                       


මේ එක් නිධාන කතාවකි. 

     මගේ නිවසේ සිට කඩයට ඇත්තේ කිලෝමීටරයක දුරකි. ඊයේ (සෙනසුරාදා) සවස 5ට පමණ මා කඩය වසා ගෙදර යාමට නික්මුනෙමි. මීටර් 100ක් පමණ ධාවනය කරන විට මගේ දකුණු පසින් රථවාහන පෙලක්ම විරුද්ධ දිශාවට ධාවනය වෙමින් තිබුණි. හිටි හැටියේම වෑන් රථයක් අප ගමන් කල මං තීරුව ආක්‍රමනය කරමින් (ඕවර්ටේක් කරමින්) ඉදිරියට එන්නට විය. ඔහුට පි‍ටුපසින් ත්‍රීවිලර් දෙකක් හා මෝටර් සයිකල් කිහිපයක් ද විය. මා පසුපසින්ද වාහන කිහිපයක්ම පැමිණෙමින් තිබූ නිසා හා අප ගමන් කල මංතීරුවේ ඉඩ ඔවුන් ලබාගත් නිසා  මා ප්‍රධාන පහන් දල්වා ඉදිරියට නොපැමිණෙන ලෙස සන් කලද වගේ වගක් නැතිව ඔහු ඉදිරියටම ආවේය. මා වේගය ඉතා අඩාල කොට මාර්ගයේ හැකි තරම් අයිනට කර ගැටීම වලකා ගත්තෙමි. ඒත් සමගම ඔහුගේ මව් ගුණ වැයුවේ ඔහුට පමණක්ම නොව රථ වාහන පෙලටම ඇසෙන ලෙසය. වැරදි ආකාරයකින් උපත ලද හෙයින්දෝ ඒකා ගානකට නොගෙන යන්න ගියේය. ඉනික්බිතිව ගමන් කරන්නට ලැබුනේ තවත් මීටර සීයකට ආසන්න දුරකි. බාර් එක ලඟ නවතා තිබුනු ජීප්පුවක් මහ පාරට දැම්මේ ලඟ ලඟම එන වාහන පේලිය ගැන කිසිඳු තැකීමකින් තොරවය. ඒ මොහොතේ මට සිතුනේ අනේ මම JCB එකක් දක්කාගෙන ආවානම් කියාය. ලඟට කිට්‍ටුකර හරුප දෙකක් පැවසීමට ඇති ආශාව නංගි බබාගේ බලවත් පෙ‍රැත්තය නිසාම යටපත් කර ගත්තෙමි. 

        ඉන් අනතුරුව අප මෝල හංදියට පැමිණියෙමු. ඉදිරියෙන් දකුණට හැරවියයුතු නිසා මවිසින් සංඥා පහන්ද දල්වා පසු මාර්ගයද නිරීක්ෂණය කරමින් මඳ දුරක් පැමිණ හුලං අස්පයා දකුණු පසට දැක්කුවෙමි. කොහේදෝ සිට පැමිණි ස්කූටිපෙට් එකක් මගේ බයිසිකලයේ ඇමිනුනේය. ඒකත් වම් පස මාර්ගය පැහැදිලිවම හිස්ව තිබෙද්දීය. හාස්කමකින් මෙන් මගේ බයිසිමොටෝව නැවත පාරට ගැනීමටත් සමබරතාවය ‍රැක ගැනීමටත් මට හැකියාව තිබුනි. එසේ නොවන්නට අර පොලොස් කොට්ටෝරුවා මගේ හෝ නංගි බබාගේ දකුණු කකුල කඩනවාමය. ඔහුගේ බයිසි මොටෝව පාරෙන් ඉවතටද පැන මාළු ලෑල්ල අසලදී නැවතුනේය. අමාරුවෙන් රඳවාගෙන සිටි සංයමය මේ වෙනවිට මවෙතින් ගිලිහී තිබුනු නිසා මා ඔහුවෙත යාමට සැරසුනේ හොම්බට දෙකක් ඇනීමටය. 

අනේ අයියේ එපා අනේ... 
අනේ අපි යං අයියේ... 
ඉතින් අපිට මොකුත් උනෙත් නෑනේ... 
අනේ අපියං....  
ඔය මගේ මායියාගේ හැටිය. 

      අර බයිසිකලයේ පසු පස ගෑල්ලමයෙක්ද සිටියාය. ඇය මගමරුවාගේ මායියා වියයුතුයැයි අප අනුමාණ කලෙමු. ඒ මදිවාට ඔවුන් බොහෝ සේ බයවෙලාය. ගෑල්ලමයා ඉදිරියේ කොල්ලෙකුගේ හොම්බතැලීම නොමනා ක්‍රියාවකැයි මටද හැඟිනි. එබැවින් ඔවුනට යන්නට හැරියෙමි. එසේ ගත් කල එකම දිනක්තුල අනතුරු තුනකට මම මුහුණ දී ඇත. ඒද ඉතා පරීක්ෂාකාරීව රිය පදවලාය. අනෙක් පාර්ශව කරුවන් මේ කිසිම විටෙක තමන් ගමන් කරන්නේ පොදු මාර්ගයකය මෙහි ගමන් කරනා හැම කෙනෙකුම පිලිපැදිය යුතු පොදු නීති සමූහයක් තිබෙනවායැයි නොසිතීම මේ සිදුවීම් කීපයටම හේතු වූ බව මගේ හැඟීමයි. අප පෞද්ගලිකව කුමක් හෝ වාහනයක් භාවිතා කරන්නේ අපේ පහසුවට හා ඉක්මනින් ගමනක් බිමනක් යාමට බව සැබවි. එසේ වූ පමනින් සෙසු මාර්ගය භාවිතා කරන්නන් නොසලකා හරිමින් තමන්ට ප්‍රමුඛත්වය ලැබිය යුතුයැයි සිතමින් ගමන් කිරීම යුතුනොවේ. තත්පර කිහිපයක් පමා වුවද ඉවසීමෙන් හා මනා සංයමයෙන් යුතුව මහා මාර්ගය භාවිතය සියළුදෙනාගේ යුතුකම හා වගකීම නොවන්නේද......? 


ප/ලි: 

ඊයේ උදේ අපි කඩේ ඇරලා විනාඩි පහක් වත් ගියේ නෑ මහ සද්දෙට බ්‍රේක් ගහන හඬකුයි ඒක අවසානේ දඩෝං ගාලා සද්දෙකුයි ඇහුන නිසා මම නංගි බබාවත් පෙරලගෙන එලියට දුවන් ආවා. බැලින්නම් මොටෝ බයිසිකලයක් හැප්පිලා පොලිස් වාහනේක.අර පාටපාට ලැයිට් හයි කොරං පෝං පෝං ගගා යන පොලිස් කාර් තියෙන්නේ ආං එව්වා එකක. කවුරුවත් හිතා මතා අනතුරු කරගන්නේ නැතිබව මහ ජනයා වන අපි හිතුවට පොලීසිය එහෙම කියන්නේ නෑනේ ආයිබොවන්. එයාලගේ පරීස්සන නිරීස්සන වලට අනුව ඒ අය පැමිනෙන අවසාන නිගමනයෙදි අනිවාර්යයෙන්ම වැරදිකාරයෙක් ඉන්නවා. නොසැලකිලිමත්කම, බීමත්කම, ක්‍රමවත් පුහුණුවක් නැතිකම හෝ මොකක්හරි උලව්වක් හේතු බූත උනයි කියලත් කියනවනේ. ඉතින් මෙතැනදිත් එයාලගේ හැන්දෙන්ම එයාලටම බෙදුවොත් වරද පොලිස් කාරෙකේමයි. ඒ කියන්නේ ආයිබොවන් දකුනු පැත්තේ මං තීරුවෙත් අවසානයට ආසන්නයෙදී තමයි පොලිස් මහත්තයා බයිසි මොටෝව හප්පලා තියෙන්නේ.බයිසිකලේ දකුනට හරවන සිග්නලුත් දාලා. අපි එතනට යද්දිත් ඒවා පත්තු වෙනවා. ස්ත්‍රී පරාණෙකුත් පාර මැද්දෑවේ වැටිලා හිටි නිසා උන්දැව උස්සලා පාර අයිනට ගෙනිහින් වාඩි කරවලා අහක තමයි බැලුවේ කවුදෑ මේ හපංකොම කො‍රැව්ව උත්තමයා කියලා. බැලින්නම් අපේ වැයිකියේ රථ වාහන අංශේ ලොක්කෙක්. උන්දෑ බැහැලා ඇවිත් අර බයිසිකලේ පැදගෙන ආපු මනුස්සයට කියනවා පාර බලලා එපායෑ දකුනට දාන්න කියලා. එතැන හිටි උන් හැමෝටම අධෝ මුඛයෙනුත් හිනා. ඇයි යකෝ අර මනුස්සයට පිටි පස්ස නොබැලුවා කියලා කියන එකා වාහනේ එලෝලා තියෙන්නේ ඉස්සරහා වත් බලන්නේ නැතුව.

ප/ප/ලි:  

යන්ඩ කලින් මේකත් කියලම යඤ්ඤං. මේ වෙද්දිත් ඔයාලා ගොඩ දෙනෙක් දන්නවනේ පහු ගිය සතියේ මරදාන දුම්රිය ස්ථානය අසල දුම්රියක් පීලි පැනපු බව. එදා සරාත් කොළඹ ගියේ ඔය කෝච්චියේ. දඩ බඩෝං ඩෝං ගාලා තද ගැස්සීමක් ආවම සරාට දැනුනා මොකක් හරි අටමගලයක් උනා කියලා. ටිකක් ඔලුව දාලා බැලුවම තමයි සරා මේක දැක්කේ......... 



ඊට පස්සේ කෝච්චියෙන් බැහැලා මේ ටිකත් ගත්තා. 








               



බලන්න මේ හරක් ටික රිංගන්නේ මොනතරම් අනතුරු දායක තැනකටද කියලා. පැත්තක ඉඳන් මම කිව්වම එන්ජිමත් තවම ස්ටාර්ට් එකේ තියෙන එකේ ඕක අස්සට යන්න එපා කියලා එතන ඉන්න එකාලා මා දිහා බැලුවේ අමුතු සතෙක් දිහා බලන විදිහට. උන්ගේ මෝඩ කමට හිතින් හිනාවුන මම මගේ පාඩුවේ ස්ටේෂම පැත්තට ගෑ‍ටුවා.මේකට කියන්නේ කුතුහලය කියලා නෙමේ ආයිබොවන්ඩ, පැහැදිලි මෝඩකම...!!



අනතුරු වලක්වා ගැනීමේ හැකියාව අප සතුව නැතිව නෙමේ ජාන වල තියෙන සත්ව ගති හිටි ගමන් ඉස්මතුවෙන එක තමා අපේ අයගේ වරද......!

35 comments:

  1. //තත්පර කිහිපයක් පමා වුවද
    මේ තප්පර ටිකෙනුත් බොහෝ වැඩ ගන්නා ජාතියක් බොල අපි.කාලය නාස්ති කරන්න හොඳ නැහැ නොවැ :-)
    තදියමේ ගිහින් අමුනගෙන දවස් ගණන් පොලිසි උසාවි ගානේ රස්තියාදුවෙන්න කිසිම අවුලක් නෑ.
    //ලඟට කිට්‍ටුකර හරුප දෙකක් පැවසීමට
    මේ වගේ මල පැන ජාතිය ඇමතුවත් ඇයි තමා බැනුන් අහන්නේ කියාවත් නොදන්නා එවුන් ටිකෙන් ටික වැඩි බව පෙනුන නිසා එකත් නවත්තලා දැම්මා සරෝ.

    ReplyDelete
    Replies
    1. හොඳ නෑ නෙවෙන්නම්, හැබැයි පරිස්සමෙන්.

      මුන් වැ‍රැද්ද කරලත් යන්නෙ හිනා වෙවී බන්.

      Delete
  2. මේ මොනවා කියනවද බන්. අපි ඇවිල්ලා ඔරලෝසුවෙන් වැටෙන එක තත්පරයක්වත් අහක නොදා වැඩගන්න ජාතියක්. ඒකනේ ඔය තදියම.

    ඔය හදිස්සි කාරයෙක් පස්සෙන් ගිහින් බැලුවොත් වාහනෙන් බැහැලා මොකද කරන්නේ කියලා, බොහෝ වෙලාවට කොහෙට හරි ගිහින් විටක් හප හප කයියක් ගහන්න යන උන් තමා වැඩි හරියක් ඔය තදියම් කාරයෝ..

    අර කෝඅච්චිය බලන්න ගිය අය ගැනනම් කතා කරලා වැඩක් නෑ. සමහරුන්ගේ තියනවනේ වීරකම පෙන්වීමේ ලොකු ආසාවක්. ඒ වගේ දේවල් වලට ගිහින් නිකන් නැහෙන උන් එමටයි..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල ඔච්චර තදියමේ දුවන්නෙ වැඩකට ඇති දෙයක් කරන්න නෙවෙයි බන් මුන්ගෙ තියෙන කසන ගායට.

      මෝඩකමෙත් සීමාවක් තියෙන්න ඕනේ මුන්ට නැත්තෙ ඒක. අනතුරක් වෙයි කියල පෙනි පෙනිනෙ යන්නෙ. තව කෙනෙක් ඒක පෙන්නල දුන්නත් ගනන් ගන්නෙ නෑ. උන් තමයි හරි.

      Delete
  3. තත්පරයක් ඇති බං ජීවිතයක් අවුරුදු ගානකට වෙනස් කරන්න. මට අවුල් වෙලා මං ඔය වගේ අදහසක් තමා කිව්වේ.

    අනේ බං උඹ යන කෝචිචිය කලින් කියහං.. හොදේ..

    ReplyDelete
  4. හමුදා සේවයේ යෙදී ඉන්නකොටනම් සරා මම ඔයවගේ අසමජ්ජාති එවුන් සිය ගණනකගේ කම්මුල් අතගාලා තියනවා. ඊටත් වඩා පුදුම වැඩේ මම පුරුද්දක් වශයෙන් උන්ව අල්ලාගෙන මාර්ග නීතිය සහ මාර්ග සංඥා පිලිබඳ ප්‍රශ්න කීපයක් අගනවා. සමහර එවුන් මෙලෝ හසරක් දන්නේ නැහැ. අම්මපා මුන් ලයිසන් අරන් තියෙන්නේ වින්නඹු අම්මාගෙන්ද කොහෙද.

    සරා මට මතක හැටියට අපේ පැරණි මාහාමාර්ග නීති සංග්‍රහයේ කොතනකවත් කියලා නැහැ වාහන පාරේ වම් පැත්තෙන් යායුතුයි කියලා. ඒ වගේම තමයි තවමත් සමහරු හිතාගෙන ඉන්නවා අර මිකෑනිකල් බ්‍රේක් සහිත වාහන තිබුන යුගයේ වගේ කන්ද නගින වාහනයට පල්ලම බහින වාහනය අනිවාර්යයෙන් ඉඩ දියයුතුයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඔහොම එකපාරක් අපි නුවරඑළියෙ ගිහිල්ල පූඩළුඔය පැත්තෙන් එනකොට අහුවෙන කන්දක නගිද්දි ඉස්සරහිං ආපු කාර් කාරය මගේ සයිඩ් එකට වාහනේ අරගෙන කරල පාරෙ අනික් පැත්තෙ උගේ පැත්තෙ ඉඩ තිබුණ තැනට මගේ වාහනේ දාන්න කිවුවනෙ. උගේ සයිඩ් එකේ උෟ එතෙන්ට දානේන නැතිව. ඔහොම පාර මැද තියාගෙන ඉන්නකොට මගේ පස්සෙන් ආව සෙනග අදින එල්ෆ් වෑන් එකක හිටපු දෙමළ සෙට් එකක් බැහැල දුන්න අර මහත්තයට රෙදි ගැලවෙන්න.

      Delete
    2. @ විචාරක

      මායියා ලඟ නැති හැම වෙලාවෙම මමත් නෙලනවා ඕන එකෙකුට. මේ වගේ එවුන්ව පොලෝසි දක්කලා වැඩක් නෑ මහත්මයා. පාඩමක් කියලා දෙනවා හැර.( චන්ඩි කමකට නෙමේ, කරපු වරදේ බරපතල කම තේරුම් ගන්න)

      ඔබ පහතින් සඳහන් කල කාරනාව මම දැන සිටියේ නෑ. ස්තූතියි...

      Delete
    3. @Praසන්ன

      හොඳ වෙලාවට ප්‍රසා නොගැහුවේ. එහෙම උනානම් මහත්තයා තවමත් දුවනවා. හිකිස්... ආයේ උන්දෑ ඒවගේ වැඩ කොරන්න නැතිව ඇති කවදාවත්...

      Delete
  5. මටත් නම් පොඩි කාලේ රත ගායත්, ලොකු උණාට පස්සේ රථ ගායත් දෙකම තිබ්බා...ඒත් මාර්ග නීති කඩන තරමට, පිස්සු හැදිලා වගේ අනෙක් අයව පහු කරගෙන රේස් යන තරම් තදට නෑ. නීතියට බය අය වැරදි කරන්නේ නෑ. තමන්ට රිදෙන තරමට අනුන්ට රිදෙන බව දන්න අයත් වැරදි කරන්නෙත් නෑ.

    ලංකාවේ කාර් එලවන්ට අවසර නෑ දැන් මට...:(

    ReplyDelete
    Replies
    1. //නීතියට බය අය වැරදි කරන්නේ නෑ. තමන්ට රිදෙන තරමට අනුන්ට රිදෙන බව දන්න අයත් වැරදි කරන්නෙත් නෑ.//

      දැන් පොඩ්ඩි මේ කාන්ඩ දෙකෙන් කොයිකටද අයිති වෙන්නේ...?
      ලංකාවේ කාර් එලවන්න අවසර නැත්තේ මක්කෙයි.....?

      Delete
  6. මැදැයි අර අන්තිමට කිවුව එක නම් ඇත්ත කුතුහලය නෙමෙයි මොඩකම තමයි අපේ මිනිස්සුන්ට තියෙන්නේ පුදුම සෙවිල්ලක් තමයි...

    ReplyDelete
    Replies
    1. අපේ එවුන් පළඟැටියෝ වගේ. ඇඟ තිබුනට බහුතරයකගේ මොලේ නෑ නගෝ.

      නෑ මම හිතන්නේ තිබුනට ඒකෙන් වැඩ ගන්නෑ.

      Delete
  7. අනතුරු නම් ගොඩක් වෙන්නෙ නොසැලකිල්ලෙන් ම තමයි. අහක යන උන්ගෙ කුණු පැත්තක ඉන්න අපේ ඔළුවට කඩා වැටෙන එකයි වෙන්නෙ. ඇත්තමයි සරා මං දැන් පයින් ගියත් කාණුවට හරි පනින්න බලාගෙන තමයි යන්නෙ. මොකා කොහෙන් එයි ද කියල කවුද දන්නෙ.

    වාහනයක් පාවිච්චි කරන්නෙ ඇයි කියන එක තේරුම් ගන්නෙ නැති මිනිස්සු නිසා කී දෙනෙක් අමාරුවෙ වැටෙනව ද ? පාරෙ රේස් පදින්න පුළුවනෑ. සරායි සරාගෙ වයිෆ් තුමියයි කරදරයක් නැතුව බේරුණු එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. //මං දැන් පයින් ගියත් කාණුවට හරි පනින්න බලාගෙන තමයි යන්නෙ.//

      එතකොට අර ප්‍රජාතන්තර කතාව බොරුවක්ද...? හික් හික්... මම නම් අයිතිවාසිකම් ගැන හැමවෙලාවෙම පුරස්න කොරනවා. ස්තුතියි මිත්‍රයා...

      Delete
  8. ඔය උඹට වුනා වගේම අර නුවර පාරේ වේවැල් බඩු විකුනන හරියෙදි එකේ දැම්මා ට්‍රක් එකක් අපේ මූනට. මායි ඉස්සරයින් ගිය වැනට් එකයි බේරිච්ච හැටි මම මගේ HeyDude කඩු බ්ලොගේ Narrow Escapes series එකේ ලියලා තියෙනවා. අපේ පොලීසියේ හිටපු ලොක්කෙක් වාහන එලවපු හැටිත් මම "උඹ චන්ඩියෙක්ද ඩෝ?" පෝස්ට් එකේ ලිව්වා. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ මල්ලි.

    ReplyDelete
    Replies
    1. @ dude

      ඒකනම් එහෙම තමයි. ඒ වුනාට මටනම් මුඩ්ඩ අදින්නමයි හිතෙන්නේ.

      Delete
  9. kalekata passe awe..

    ReplyDelete
  10. අපෙ ගෙදරත් ඉන්නව ඔය ගාය තියෙන එකෙක්.. මෙලෝ වගකීමක් නෑ වාහනේ අතට ගත්තම... පෙරේදා කාර් එක හප්පලා ලොරියෙ.. තාත්ත පලු යන්න බැන බැන ඉන්නව.. ඔය දෙවනි පාරට එකම තැනදි එකම විදියට ඔය වැඩේ කළේ.. ‌ අවුරුදු 4කට විතර කලින් ආපෙ මහත්තයලගෙ ගෙදර කාරෙක පාරෙ නවත්තල තියෙද්දි වෑන් එක දැම්ම රිවස් එකේ වත්තෙන් එළියට .. ඒ පාර කාර් එකේ නම්බර් ප්ලේට්, බෆර් ඩැමේජ්.. ‌පෙරේදා ලොරිය තියෙනවද කියල බලන්නෙවත් නැතුව කාරෙක දැම්මා ... මෙදා පාර නං උන්දැට සොරි තමයි... මොකද දැං ගාරාජ් අරං යන්නයි ඉන්ෂුවරන්ස් ගානෙ ඇවිදින්නයි වෙන්නෙත් උන්දැටමනේ... ( මං මේ කිව්වෙ අපේ මලය ගැන.. හි හි)

    ReplyDelete
    Replies
    1. තාම නහය විදපු නැති එකේ ප්‍රථිපල, දැන් වයසත් හරි එකේ ඔහොම දිගේලි කොරලා තියන්ට නාකයි මයෙ අම්මා... හිහි

      Delete
  11. මායියට නංගිබබා කියන එක හොදෙයි......

    ReplyDelete
    Replies
    1. දැන අඳුනා ගත් දවසේ ඉඳන් කතා කොරාපු විදිහ නෙව ආයිබොවං. කැන්දගෙන ආවා කියලා වෙනස් කොරන්ට බැරි වුනා.
      ලව් මැරේජ් නෙව..

      Delete
  12. මේ සම්බන්ධ මෑත කාලීන අත්දැකීම් නම් මට නෑ කතාවට එකතු කරන්න... ඒත් මේක කියවනකොට මතක් උනේ අර බොහොම ළඟකදි වෙච්චි බස්-ත්‍රී වීලර් ඇක්සිඩන්ට් එකේ පින්තූර ටික... ඇඟ කිළිපොලා යනවා මතක් උනාමත්...
    අර පින්තූර දැක්කම හිතෙනවා ඇයි මේ මිනිස්සුන්ට ඒක දකිනකොටවත් බයක් නොහිතෙන්නෙ කියලා... අර බෝම්බ පුපුරපු කාලෙත් ඒක මොකක්ද බලන්න දුවගෙන ගිහිල්ලා කෙළවගත්තු අයත් හිටියනෙ...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මියුරු. දවස් කිහිපයකට කලින් රට ඉඳන් එන මිතුරෙක්ව අරන් එන්න ගියපු ත්‍රී රෝද රථයක් අනතුරට ලක් වෙලා ඒකේ හිටපු හැමෝම මියගියා. අවුරුදු ගානක් රට ඉඳන් ඇවිත් මව් රටට ගොඩ බැහැපු ගමන් තරුණකොල්ලෙක් අපරාදේ මලා.

      Delete
  13. මේ ලඟදි ඩූඩ්ගේ බ්ලොග් එකෙත් ලිව්වා වගේ මේකට හේතුව තමයි රිය පැදවීමට නුසුදුසු හැකියාව නැති අය රියදුරන් වීම.
    හරියට හොර වෙද්දු බෙහෙත් දෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒ කතාව නම් හරියටම හරි. වාහන හැසිරවීමට හැකියාව තිබුනට හිතලා වැඩ කරන්න නුවණක් නෑ.

      Delete
  14. ඔහොම රත්නපුර බලංගොඩ පාර කාපට් කරන කාලෙ වාහන පෝලිම පැනල ආපු වෑන් කාරයෙකුට යන්න දෙන්නෙ නැතුව මම මූනටම තියාගෙන හිටිය. ඒ වෙලාවෙ වැස්ස තිබුණෙ නැත්තං මට පස්සෙන් ආපු වාහන කාරයින්ගෙන් අරූ ගුටිකනව.
    ත්‍රීවීල් කාරයො තමය් පේන්නම බැරි ජාතිය. අතුරු පාරකින් ප්‍රධාන පාරට දානකොට හරි ඒකෙ අනික් පැත්ත හරි අර පාරෙ වාහනයක් එනවද කියල නිකංවත් බලන්නෙ නෑ. බස් එකක් එහෙම එලෙව්වනං මෙලහකට මගේ අතිං දෙතුන් දෙනෙක්ම අඹරල.

    ReplyDelete
    Replies
    1. හැක්... ප්‍රාසාට කේන්තිත් යනවා වෙලාවකට නේද...? ඇත්තටම ඒ සාධාරණයි, අහම්බයක් වැරදීමක් නම් ඒකට චෑන්ස් එකක් දෙන්න ඇහැකි. මේකලා ඒක පුරුද්දට අරං නෙව.

      Delete
  15. වැඩෙ කියන්නෙ සරා ඔවට කෙන්තිගත්තිත් පරෙ ඉන්නකම් කෙන්තියෙන් තමයි ඉන්න වෙල තියෙන්නෙ.ලන්කාවෙ විනය කියන එක පාරෙදි තියා වෙන කොහෙදිවත් දකින්න නැ නේ.මම ඔයවගෙ මග මරුවෙක් ගැන මුල්ම පොස්ට් එකෙ ලිවුව.සර කියවල නැතුව ඇතිමගෙ හිතෙ.
    http://damgune.blogspot.com/2013/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. කතාව නම් ඇත්ත, ඒත් මේකලාගේ වැඩ වලට තරහා නොයනවානම් ඒ රහතන් වහන්සේ කෙනෙකුටම පමණයි.

      ඔබේ ලිපියත් මා කියවා බැලුවා මිත්‍රයා. ස්තුතියි ලින්ක් එකට.

      Delete
  16. https://www.facebook.com/P.L.S.L.P/media_set?set=a.10201224528163799.1073741843.1489037962&type=3
    මේක බලන්නකො.. මට උන සිද්දියක්...

    http://jeevithayasundharai.blogspot.com/2014/01/blog-post.html

    ReplyDelete
  17. සරත් බොස් මේකෙ මකුළුදැල් කඩල සුද්දයක් දාල ගන්න එහෙම අදහසක් නැද්ද?

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....