Sunday, July 29, 2012

ඇත්ත කතාවක්... (රට යන අපේ කෙල්ලන්ගේ ඉරණම)

              

               මේක එක ඇත්ත කතාවක්. ඔයා කියවලා තව කාටහරි එක්කෙනෙකුට කිවුවත් ඇති. හීන විකුණන තැ‍රැව්කරුවන්ට අහුවෙලා හීන මිලට ගන්න එන අපේ කෙල්ලන්ට අත්වෙන ඉරණමයි මේ. කලින්ම කියන්නම් මේ මට ඇහුන විදිහ කිසිම සංස්කරණයක් නොකර එහෙමම අකුරු කලා. පෙරපර සංධි ගැලපීමක් නැත්තේ ඒ නිසයි. මට හිතෙනවා මගේ අරමුණයි වෙලා තියෙන සිද්ධියයි තේරුම් ගන්න මේ ප්‍රමාණවත් කියලා. අතිශය සංවේදී කාරණා පමනක් ඉවත් කලෙමි.     
               පහුනු 14 වෙනිදා අපි වැඩ කරන හොස්පිට්ල් එකට (අබ්දුල් අශීශ්) ලංකාවේ ගැහැනු කෙනෙක් එක්කගෙන ආවා. ගෙනාවේ මුතවුවෝ. මුතවුවෝ කියන්නේ මෙහෙ සිවිල් ජනතාව පාලනය කරන පිරිසකට. එයාලා හරියට පොලීසිය වගේ. (හැබැයි ඉතින් සැලකිය යුතු තරමකටම නිහතමානියි.) රාජ්‍ය ආරක්ෂක අංශ වලටත් වඩා බලතල එයාලට තියනවා මෙහෙ. ආගමට අනුව හැදුන සිවිල් නීතියක්නේ මෙහෙ තියෙන්නේ. මෙහෙ පවතින හැමනීතියක්ම ලියවිලා තියෙන්නේ අල් කුරාණෙළු. ඉතින් මේ කියන මුතවුවන්ගේ රාජ කාරිය තමයි ආගම කියන එක, මිනිස්සු ආගමානුකූලව ජීවත් වෙනවද කියලා හොයලා බලන එක. රටේ රජ්ජුරුවොත් මුතවුවෝ කියන දේ අහන්න ඕන. ඒක තමයි නීතිය. ඉතින් මම කතාව කියන්නම්කෝ....    
               මේ ගෑණුකෙනා කියපු විදිහට එයාගේ වයස අවුරුදු 27යි. දරුවෝ දෙන්නෙක් ඉන්නවලු. සැමියා රිය අනතුරකින් මිය ගිහින්. එයා විදේශ ගත වෙනකොට කුඩා දරුවගේ වයස මාස එකොලහයි. ගම මීගමුව කියලා තමයි කිවුවේ. මෙහෙ ඒ කියන්නේ තබුක් සිටි ඇවිත් මාස දෙකක් විතර වෙනවලු. ‍රැකියා ස්ථානේ ගැටළු තිබුනට ඒවා ගෙදරට කිව්වේ නැහැලු. මාස 11 ක කුඩා දරුවෙක් ඉන්න නිසා මෙයාගේ මව් කිරි නැවතිලා තිබිලා නැහැ. කිරි එරිලා ඒවා කැටි ගැහිලා, පියයුරු වේදනාවෙන් මෙයා ගොඩාක් පීඩා වින්දලුනේ.ඔය හේතුව නිසා ගෙදර වැඩත් යම් තරමකට අතපසු වෙලා තියනවා. ඉතින් හේතුවක් දන්නේ නැති ගෙදර උන් වැඩ නොකරා කියන වරදට මෙයාට පහර දීලත් තියනවා. විස්තරයක් කියන්නත් මේ අසරණී භාශාව දන්නේ නෑ. සිංහල හැරුනු කොට එයාට මොනම භාශාවක් වත් කතා කරන්න බැහැ. ඉතින් කොහොමද උන්ට කරුනු දක්වන්නේ. මොකෝ මුන්ට සිංහල තේරෙනවයෑ. ගෙදර උන්ගේ අවසාන තීරණය වෙලා තියෙන්නේ මෙයා ආපහු ලංකාවට යවන එක. ඒනිසා මෙයාගේ සකල සබ්බ මනාවම මෙයාට දීලා පාස් පෝට් එකයි ටිකට් එකට සල්ලියි සේරම එක්ක මෙහෙ ජොබ් බෑන්ක් එකකට බාර දීලා තියනවා අදාල ගෙදර සෞදි කාරයා. (ඒකට හේතුව මෙහෙ ලංකාවත් එක්ක ගනුදෙනු කරන කිසිම ඒජන්සි එකක් නැතිවීම.) එතන ඉන්නවා කියන්නේ මසිරියෝ. ඇත්තටම උන් තැ‍රැව්කාරයෝ. පුරානේ ඉදන්ම වහල් වෙලදාමට කප් ගහපු එවුන්. (සෞදි මිනිසුන්ගේ මතයට අනුව) මනුස්සකම් නොදන්න මිනිස් හැගීම් නැති සත්තු ජාතියක්. මේ ගෑණුකෙනා කියන විදිහට අර සෞදි මනුස්සයා ඉදිරියෙදි මසිරියෝ පොරොන්දුවෙලා තියනවා මෙයාව ලංකාවට යවන්න. නමුත් ඒක කඩවුනු පොරොන්දුවක් කියලා මෙයාට දැනිලා තියෙන්නේ සෞදියා පිටවෙලා ගිහිනුත් පැය භාගයක් විතර ගියාමයි.
                 එතන තවත් මේ වගේම ලංකාවේ තරුන ගැහැණු 5 දෙනෙක් හිර කරන් ඉන්නවලු. මුන් ඒ හැමෝම විකුනණවලු තැනින් තැනට වැඩකාර කමට. සෞදියො ඇවිත් එයාලව මිලදී ගන්නවලු. එලියට ගියාම සිද්ධවෙන දේවල් දන්නේ එයාලම විතරයි. අකමැති උනොත් ගුටි. මෙයාලව හිර කරලා තියන තැන සාමාන්‍ය ප්‍රමාණයේ වැසිකිලියක් විතර එකක්ලු. 6දෙනෙකුට ඉදගෙන ඉන්නවත් ඉඩ නැතිලු එතන. සිද්දිය උන දවසේ විකිනිලා තියෙන්නේ මෙයා. අදාල ගෙදර වැඩ කර කර ඉන්න ගමන් ගේට්‍ටුව ඇරගෙන එලියට ඇවිත් මෙයා. ඊට පස්සේ පාර දිගේ දුවගෙන ඇවිත්. මගදි තමයි මුතවුවන්ගේ වාහනේට පැනලා තියෙන්නේ. ඊට පස්සේ මුතවුවෝ එයාව මෙහෙට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මෙයා හවුස් මේඩ් කෙනෙක් නිසා. මෙහෙ ඉන්න හවුස් කීපිං සුපවයිසර් කෙනෙක් ගෙන්නලා මෙයාගේ විස්තර දැන ගන්න. කරුමෙට ඒ හාදයා ඉන්දීය ජාතිකයෙක්. මෑන් කොහොමද සිංහල තේරුම් ගන්නේ. සිංහල ඉංග්‍රීසියට හෝ අරාබියට පරිවර්තනය කරන්න පුලුවන් එකෙක් හොයන්න මුලු ඩිපාර්ට්මන්ට් එකම පීරලා වැඩක් වෙලා නැහැ. ලංකාවේ ගොඩාක් අය මෙහෙ හවුස් කීපිං කරනවා. ඒත් කියන්න කනගා‍ටුයි උන්ට ඉංග්‍රීසි අරාබි තියා සිංහල වත් හරියට බැහැ. මම මෙහෙම ලිවුවේ කාටවත් අපහස කරන අදහසින් නෙමේ. නිදහස් අධ්‍යාපනයක් තියන අපේ රටේ ඉන්න මිනිසුන්ගේ උගත් කම ගැන පුංචි අදහසක් දෙන්න.
                 හරි මම ආයෙමත් කතාව කියන්නම්කෝ. කොහොම හරි මගේ යාලුවෙක් ඔතනින් ගිහින් තියනවා වෙන වැඩකට. මිනිහා ඉලෙක්ට්‍රික් ඩිපාර්ට්මන්ට් එකේ. නම අසංක. මෙයාව අර සුපර්වයිසර්(අසාම් කාන්) දැකලා කතාකරලා. පස්සේ මෙයා අර ගෑණු දරුවත් එක්ක කතාකරලා. එයා කියන දේවල් මුතවුවන්ටයි, මුතවුවෝ අහන ප්‍රශ්ණ මෙයාටයි කියලා දෙපැත්තම ගොඩ දාල තියනවා. ඒත් වැඩිපුර විස්තර දැන ගන්න කතා කරන්න අවසර ලැබිලා නැහැ.මුතවුවෝ ඒකට අවසර දීලා නැහැ. ඒත් අනේක විධ අතවර වලට ලක්වෙලා උන්නු ඒ අසරණීට අවශ්‍ය ප්‍රතිකාර කෑම බීම ලබා දෙන්න අපේ සහෝදර සාත්තු සේවිකාවන් (විදේශීය) දැනුවත්කරලා තියනවා මගේ යාලුවා. එතනින් එනකොට අර ගැහැණු කෙනා අපේ එකාට වැදලා කිවුවලු අනේ අයියේ මාව කොහොම හරි ලංකාවට යවන්න කියලා. අපි මොනවද යාලුවනේ කරන්නේ.අපට පුලුවන් එයාට විතරක් නෙමේ අනෙක් 5දෙනාටත් ගුවන් ටිකට් අරන්දෙන්න . ඒත් මෙහෙන් පිට වෙන්න ඒක විතරක් ප්‍රමාණවත් නැහැ කියලා ඔයාලටත් තේරෙනවා ඇතිනේ. ආර්ංචිය ලැබුනු ගමන් මමත් ගියා බලන්න. ඒත් මුතවුවන්ගෙන් අවසර ලැබුනේ නැහැ එයාව මුන ගැහෙන්න. ඉතින් කොහොමද අපි උදවු කරන්නේ. එයා වැඩකරපු තැනවත් හිරකරගෙන හිටි තැනවත් නම කියන්න එයා දන්නේ නැහැ. හැබැයි එක්කන් යනවානම් තැන පෙන්නන්න පුලුවන් කිවුවලු.
                  මේ තබුක් සිටි එකේ ලංකාවත් එක්ක ගනුදෙනු කරන කිසිම ඒජන්සි අයතනයක් නැතුව කොහොමද එයා මෙහෙට ආවේ කියන එක ගැටළුවක්. ඒවගෙම විදේශ ගමන් වලදි අවශ්‍ය කරන මූලිකම කරුණු කාරණා කිසි දෙයක් මෙයාලග නැහැ. තමන් විදේශ ගතවෙන  ඒජන්සි ආයතනයේ නම දුරකථන අංක, අදාල රටේ ඒ හා අනුබද්ද ආයතනයේ විස්තර, දෙරටේ තානාපති කාර්යාල වල තොරතුරු ඔය කිසි දෙයක් මෙයා ලග නැහැ. මට තියන ගැටලුව ඇයි මේඅය මේ වගේ අවදානම් ගමන් එන්නේ. භාශාවක් කතාකරන්න දන්නේ නැතුව කොහොමද අදහස් ප්‍රකාශ කරන්නේ.නියමාකාර පුහුනුවකින් තොරව කොහොමද මෙයාලා විදේශ ගත උනේ. කවුද අවසර දුන්නේ. ඇයි තමන් විහින්ම තමන්ගේ ජීවිතේ අනතුරේ දාගන්නේ. දුප්පත් කමට කියලා රට ඇවිත් නොර‍ටුන්ගේ ගොදුරක් වෙලා අනේක විද දුක් විදලා මැරෙන්නේ ඇයි.????????

38 comments:

  1. දැන්නම් ටිකක් ඕකට වැටබැඳිලා තියනවා
    දන්නේ නැති රටක ගිහිල්ලා අසරණ වුනහම කාට කියන්නද නෙහ්

    ReplyDelete
    Replies
    1. ඒත් සූක්ෂම විදිහට තවමත් සමහරු මේ සෙල්ලම කරගෙන යනවා අපූරුවට. ඔයාලට පුලුවන්නම් එක අහිංසකයෙක් හරි දැනුවත් කරන්න. ජය...!

      Delete
  2. අනේ මංදා මොනවා කියන්නද කියලා.. අපේ පාලකයො කියන වල් බල්ලො කවද්ද මේ අපේ අම්මා වරුන්ව වහල් මෙහෙයට යවන එක නවත්වන්නෙ. ඔය මසිරියන්ගෙයි, ලන්කාවෙ පාලකයන්ගෙයි කිසිම වෙනසක් නෑ. දෙගොල්ලොම කරන්නෙ ගෑනු විකුනන් කන එක..

    රට යන හැම කෙනෙකුටම නිසි පලපුරුද්දක් දැනුමක් ඇති රැකියාවකට පමණක් යැවෙන, ක්‍රියාපටිපාටියක් කවදද හැදෙන්නෙ ? මෙහෙකාර සේවයට රට යන එක වහාම නතර කළ යුතු ක්‍රියාවක්.. අම්මා රට යනවා කියන්නෙ.. ගෙදරම විනාශයි.. ඒ මදිවට නිසි දැනුමක් නැතුව ආවම වෙන විනාශය පේනවනේ..

    මාස එකොලහක ළමයෙක් අම්මා තාත්තා නැතිව විඳින දුක ? ඒ ළමයා ගැන සිතමින් ළමයා ලඟට එන්ඩ බැරුව ඒ අම්මා විඳින දුක ? කාටද මේවා කියන්නෙ..

    ReplyDelete
    Replies
    1. මමත් කියන්නේ ඔය දේම තමයි සෙන්නා. ඒත්......?

      ජය..!

      Delete
    2. රට යන හැම කෙනෙකුටම නිසි පලපුරුද්දක් දැනුමක් ඇති රැකියාවකට පමණක් යැවෙන,

      ඉතින් බං දන්න දේනේ කරන්න තියෙන්නේ.. මොකො උයන පිහන, වළං හොදන, ළමයි බලා ගන්න වැඩ නොදන්න කිරි ස්ප්පයෝ නෙමෙයි නේ මේ බබාලා හම්බ වෙච්ච ගෑනු.. ඔන්න අර මුස්ලිම් දැරිවිගේ කතාවෙදිනම් සාධාරණයක් තියෙනවා ඒකිගේ පැත්තෙන්. මොකද ඒකි පොඩි එකී. එතනදි මේ කියන පාලකයන්ගේ වරදවලුත් මම දකිනවා.. එත් මේ වගේ දේවල් නිසා සම්පූර්ණ සිද්ධියම ඒ කෝනෙන්ම බලන එක වැරදචියි වගේ නේද?

      Delete
    3. නාකියා,

      මචෝ උඹට මම කියපු එක තේරිලා නෑ.. මම කියන්නෙ.. ගෘහසේවයට යන එක සම්පූර්ණයෙන්ම නවත්වන්ඩ ඕනා කියලා. උයන පිහන වලන් හෝදන පළපුරුද්ද නෙමේ බන් මම කිව්වෙ යම් වෘත්තීය දැනුමක් තියන අයව යවන්ඩ ඕනා කියලා. ඒක කරන්ඩ පුලුවන් රජයකට විතරයි.. උන් ඒවා හරියට සැළසුම් කරන්ඩ ඕනා. විශේෂයෙන්ම ගැහැණු උදවියව මෙවැනි රැකියා වලට යවන එක සම්පූර්ණයෙන් නවත්වන්ඩ ඕනා.. ඒ වෙනුවට වෘත්තීය දැණුමක් සහිත පිරිමින්ව රට යැවීමෙන් වැඩි පල ප්‍රොයෝජන ලබා ගත හැකියි. ඒ වෙනුවෙන් ඉලක්ක වූ අද්‍යාපනයක්, පාඨමාලා ආදිය සැකසෙන්ඩ ඕනා.

      ඉන්දියාව කාන්තාවන්ව ගෘහසේවයට රට යවන එක සම්පූර්ණයෙන් නවත්වලා තියෙන්නෙ. දැන් ඉන්දියාවෙන් ගැහැනු රට යන්නැද්ද ? නෑ තවම යනවා, ඒ හොඳ වැටුපක් සහිත වෘත්තීන්ට. ඒකෙන් රටට ලබෙන ආදායමත් ඉහලයි, ප්‍රතිලාබත් ඉහලයි..

      අපේ උන් අර මසිරියො වගේ ගෑනුන්ව විකුණන් කනවා..මේකට වෙන කෝණයක් නෑ..100% පාලකයන්ගෙ වරද..නූගත් අම්මාවරුවන රට පටවා, ඒ අම්මාවරුවත්, සමාජයත් විනාශ කිරීමේ වගකීම 100%ක්ම බැරවන්නේ, ඒ අම්මාවරුන්ව විකුණා.. ඔවුන් අමාරුවේ වැටුන විට අහක බලා ගන්නා අමන පාලකයන්ටම පමණයි.

      මේ සරා කියලා තියෙන්නෙ එක කතාවක් විතරයි.. ඔය වගේ තව අනුවේදනීය කතා දාස් ගානක් තියනවා..

      Delete
    4. සෙන්නාගෙ අන්තිම පිළිතුරේ ලොකු අර්ථයක් තියනවා..
      රටේ ආර්ථිකය ගැන කතා කලාම අපි කොච්චර ලොකුවට කෑ ගැහුවත් විදේශ සේවය තමයි රටේ විදේශ විනිමය ගෙන එනනේ කිව්වට මේ වගේ හරියට ප්‍රතිපත්තියක් නැතිව මිනිස්සු රට යවන එකෙන් වෙන්නෙ මුළු රටේම ප්‍රතිරූපය විනාශ වෙන එක..

      Delete
    5. සෙන්නට,
      මම කියන්නෙ.. ගෘහසේවයට යන එක සම්පූර්ණයෙන්ම නවත්වන්ඩ ඕනා කියලා

      ඇයි බං මෙහෙම කියන්නේ .උඹලා කියන්නේ. උගතුන් විතරක් මොන තූත්තු කුඩියේ හරි ගිහින් හම්බ කරන් වරෙල්ලා. නූගත් දුප්පත් මිනිස්සු ඔය ඉන්න විදියටම ලංකාවේ හේන් කොටපල්ලා කියලද?
      අනික ඉන්දියාවේ පිරිමි රට ගියා කියලා ගෑනු ගියේ නෑ කියලා මහා පෙරලියක් ඉන්දියාවේ වෙලා තියෙනවද බං. සාරධර්ම දියුනු වෙලාද වුන්ගේ. නැත්තන් සමාජීය දියුණුවක් ලබලා තියෙනවද. මට නම් එහෙම දෙයක් පේන්න නෑ..

      තවත් දෙයක් මම විරැද්ධයි කාන්තාවන් ලිංගික මෙවලම් පමණක් ලෙසින් හදුන්වනවට හෝ භාවිතා වනවට කොහොමත්.ඒකට පාලකයෝ වග කියන්න ඕනේ තමයි ඒත් ඒකම පමණක් විසදුම කියලා මම නම් හිතන් නෑ.

      ඇත්ත මේ වගේ කතා මහ ගොඩක් මාත් අහලා තියෙනවා තමා.ඒ විතරක් නෙමෙයි මම රට ඉද්දි පුළු පුළුවන් විදියට එවැනි අයව ලංකාවට එවන්න දායන වෙලත් තියෙනවා. හැබැයි මහා පරිමාණෙන් නම් නෙමෙයි.උඹ දන්නවද ඒත් ඒවා හුග හරියක වැරදි කරැවෝ අපේම කාන්තාවෝ තමා සහෝ..

      Delete
    6. නාකියා,

      මචන් උගතුන් විතරක් හම්බ කරගනිල්ලා කියනවා නෙමේ බන්.. මම කියන්නෙ ගෘහ සේවයට රට යවන එක නවත්වන්ඩ ඕනා කියලා. අපේ අම්මලා අනුන්ගෙ ගූ හුජ්ජ හෝදන්ඩ යවන එක නවත්වන්ඩ ඕනා කියලා. අපේ අම්මලාව ලෝකයක් ඉදිරියේ හෑල්ලු වෙන එක නවත්වන්ඩ ඕනා කියලා..

      රට යනව නම් මොකක් හරි පිළිගත් වෘත්තියකට, මනා පුහුණුවක් සහිතව, නිසි අවබෝධයකින් යන්ඩ ඕනා. එහෙම යනකොට ලබන්ඩ පුලුවන් අදායමත් ඉහලයි.. උඹ හිතන්නෙ ගෘහසේවිකාවකට ලැබෙන වැටුප කීයක් ඇති කියලද ? ලංකාවෙ හිගන්නො හොයනවා ඊට වැඩිය ගානක් මසෙකට. අනේ මංදා අපේ පාලකයො මොන හිතකින් ඒ වගේ අඩු පඩියකට ලංකාවෙ ගෑනුන්ව රට පටවනවද කියලා. උන් හිතන්නෙ ඒකෙන් ලැබෙන ආදායම ගැන විතරයි.. උන්ට පේන්නෑ.. ගෘහ සේවිකාවන් දහදෙනෙක් යවලා ප්‍රශ්න කෝටියක් හදාගන ලබන ආදායමට වඩා වැඩි ආදායමක් එක පුහුණු ශ්‍රමිකයකෙගුන් ලබන්ඩ පුලුවන් බව. ගෙදර අම්මාව ළමයි අඩද්දි රට පටවනවට වැඩිය හොඳ නැද්ද තාත්තට හොඳ පුහුණුවක් දීලා වැඩි පඩියකට රට යැව්වනම්. මේක තනිකරම වහල් වෙළදාමක්.


      අනිත් අතට මචන් රට යන අයට යම් පමණක උගත් කමක් අනිවාර්යයෙන් අවශ්‍යයි, එහෙම නොවීමේ ප්‍රතිඵලයක් තමා මේ සරා ලියලා තියෙන්නෙ. තානාපති වරප්‍රසාද නොලැබුනත් රටින් පිට වෙන අපි හැමෝම මේ රටේ තානාපතියො. රට වෙනුවෙන් පෙනී සිටින්නො. රට නියෝජනය කරන්නො. ඒක හින්දා රටෙන් එලියට යන අයගේ උගත් කම, දැණුම ගැනත් මීට වඩා සැලකිලිමත් වෙන්ඩ ඕනා. එහෙම නොවුනොත් ඒක රටටත් හොඳ නෑ, එහෙම යන අයටත් හොඳ නෑ.

      Delete
  3. මෙතන මම දකින පැත්තක් තියෙනවා මෙන්න මේ වගේ..
    ලංකාවේ මෙහේ හේන් කොටන කුඹුරු වපුරන ගොයම් කපන ගෑනුන්ට රට ගියාම ඒ ගෙවල් වල තියෙන සාමාන්‍ය වැඩ පල කරගෙන ඉන්න බැරි තරමේ මහා උද්ධච්ච කමක් හැදෙනවා.ඊට පස්සේ මොන ප්‍රෝඩාව හරි දාලා එන්න තමයි දගලන්නේ. එහෙම වුන්ව දැක්කම ගෙදර ඩ්‍රැයිවර් කොහොම හරි පන්නනවා. නැත්තන් වතුර ගේන එකා හරි. ඊට පස්සේ තැන්තැන් වලට වුන් විකිණෙනවා.ඒ කරලා බංගලියෙක්ගෙන් හිරි පක්කෙක්ගෙන් හරි ළමයෙක් හදාගෙන මෙහෙ එනවා ඇවිත් අරාබි කාරයොන්ට පලු යන්න බනිනවා. අනික තමා අරාබි වුන් වැඩට මිනිස්සු ගන්නේ ඒජන්සි වලට ලොකු ගානක් ගෙවලා .එහෙම තියාගෙනත් අර මනුස්සයා ටිකට් එහෙමත් එක්ක මේ ගෑනිව ගෙනත් දායිද හොද මිනිහෙක් නෙමේනම්.. ඒ වගේ ගෙදරක වැඩ පල කරගෙන ඉදලා එන්න බැරි ගෑනුන්ට ඔහොම තමා වෙන්නේ.. ඒක ලෝක ධර්මය.

    ReplyDelete
    Replies
    1. නොයැව්ව නම් ඔය මුකුත් නෑනේ... නිසි උගත් කමක් නැති, පළපුරුද්දක් නැති ගැහැණුන්ව රට පටවා.. උන්ගෙන් සර්වසාධාරණ පැවැත්මක් අපේක්ෂා කිරීම වැරදියි නේද ?

      Delete
    2. නාකියගේ කතාවේ කොටසක් හරි. ඒත් මුලු කතාවටම ඒක ගැලපෙන්නේ නෑ. මොකද සෞදියෝ අතරේ හොද උන් නැතුව නෙමේ. හැබැයි ඒ අතේ ඇගිලි ගානටත් අඩු ප්‍රමාණයක්. මම මේ කතාවත් ලිවුවේ,ලියම්දෝ නොලියම්දෝ කියකිය හිතහිතා ඉදලා. මේ මෙහෙදි මම දැකපු පලවෙනි සිදුවීම නෙමේ. ඒත් අගතියට පත් උනු පාර්ශවය (ලංකාවේ කාන්තාව) ඉතාම අසරණයි මෙතනදි. එයා නාකියා හදුන්වපු විසේකාර අම්මන්ඩිලගේ ගොඩට දාන්න බැරි දුප්පත් අම්මා කෙනෙක්. නාකියා සදහන් කරපු තාලේ අය මෙහෙදි මුන ගැහෙන්නේ නැතුව නෙමේ. එහෙම සෙල්ලන් දාන්න ගිහින් වැඩ වරද්ද ගත්ත අය ගැනත් උදාහරණ එමටයි. ඒත් මට ඒවා සාමාණ්‍ය හා නොවටිනා ඒවා. සැමියා මියගිය මාස 11ක දරුවෙක් ඉන්න මවක් විදේශ ගත උනේ දුප්පත් කමට නෙමේ වෙන අරමුණකින්ය කියලා නම් මට හිතෙන්නේ නෑ මචංලා. ඒවගේම දරුවෝ ඉන්න අතලොස්සක් ගැහැනුන්ගේ වැරදි නිසා සියළුම අම්මාවරු අභියෝගයට ලක්කරලා කතා කරන්නත් එපා මචංලා. අම්මලා දරුවෝ වෙනුවෙන් කැපවෙන හැටි හොදට දැනෙනවා මට. ජය...!

      Delete
    3. සියල්ලන්ව එක ගොඩට දමා කතා කිරීමට විරැද්ධව තමයි සහෝ මමත් මේ හඩ නැගුවේ.. මේ කතාව කියෙව්වම ඒ රටේ මිනිස්සු ගැන එන්නේ සම්පූර්ණ වැරදි වැටහීමක්නේ.. මම ඒකටයි අකමැති.. මේ ගෑනු කෙනා කියන විදියට ඒ ගෙදර මනුස්සයා හොද නැති වෙන්න විදියක් නෑ මට හිතෙන හැටියට ඒකයි මම එහෙම කිව්වේ.. කොහොමත් මට මේකේ ඇත්ත නැත්ත වැඩක් නෑ.ඒ ගැහැණිය වෙනුවෙන් මෙසේ හෝ හඩක් නැගීම ගැන උඹට තුති සහෝ.. ඒත් කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා මම ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගෙන තියෙනවා...

      Delete
  4. ඒජන්සි කාරයෝ අතේ නේද තනකර වරද පැටවෙන්නේ? 

    එතකොට නීති රීති සම්පාදනය කරන වුන්?

    ReplyDelete
    Replies
    1. අන්න පොයින්ට් එක. නීති රීති සම්පදනය කරන උන් ? උන් නිදි සෑමෝ...

      Delete
    2. ඇත්ත සෑමෝ, උස් තැන් දැක හැකිලෙන මිටි තැන් දැක පුප්පන අපේ රටේ නීතිය හා ඒක රකින උන්...? අනේ වාසනාවන් රටකට මේ වගේ එවුන්.


      ගොඩාක්ම ස්තුතියි සෙන්නා උඹේ වටිනා අදහස් වලට සහ කාලයට.

      Delete
  5. මේවා හැමදෙයක්ම හොරෙන්ම කරන්නත් බෑ.. ලොකු තැනක පොඩි හරි උදවුවක් නැතුව..

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද මලේ ඒවා.


      ( එහෙමයි කියලා තැන තැන ඕවා දොඩනවා හෙම නෙමේ. බොටත් අලවයි දේශද්‍රෝහී කියන ලේබලේ.) හිකිස්....ජය...!

      Delete
  6. තානාපති කාර්යාලවල බුරුතු පිටින් ඉන්න එවුන් මේවා බලන්නේ නැද්ද ??

    ReplyDelete
    Replies
    1. උන් හැමදාම හුරේ දාන්නේ මුන්ට මිස අසරණ වෙන අපේ එවුන්ට නෙමේ මලයෝ. ඒකට ප්‍රධානම හේතුව ඔතනට එන අපේ උන් ලොස්නේ.උන් වෙනුවෙන් කතාකොලාට ඩොලර්, යුරෝ, නැත්නම් රියාල් හම්බ වෙන්නේ නෑ නොවැ. ඒඋනාට මෙහෙ එවුන්ට කත් අදිනකොට... මාත්ෂාල්ලාහ්...

      අවුරුදු කීයද බං තියෙන්නේ. බල්ලෝ මරලා ගත්තත් මොකද සල්ලි බුහ් ගාන්නේ නැත්නම්...

      Delete
  7. ලංකාවත් අරාබිය වාගෙ උනානම් පිටරටකින් ගෑනියෙක් දෙන්නෙකුත් ගෙනත් තියාගෙන ආතල් එකේ බුදිය,බුදිය ඉන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. බොර දියේ මාළු බෑමත් අපූරු කලාවක්. ඔයාට හොදයි කියලා හිතෙන ඒදේ මම ඇයි එපා කියන්නේ. ඉක්මනටම ඔබේ සිහිනයත් සැබෑ වේවා....! ජය...!

      Delete
    2. ඇනෝට
      ලංකාව අරාබිය වගේ වෙන්න ඕනේ නෑ බං උඹ අරාබි කාරයෙක් වෙයන්.. ඒ නැතත් සල්ලි තියෙනව නම් වරෙන් මේ අනුරාධපුරේට හරි.. මම උඹට තියෙන ඔය කැහිල්ල යනකම් *කවන්නම්...

      උඹලා වගේ එවුනුත් මේ ලෝකේ ඉන්නවා කියන එක මට හැමවෙලේම අමතක වෙනවා බං...

      Delete
  8. සරා එයාගෙ කෝණෙයෙන් බලලා ලිව්වට මේකෙම තවත් පැත්තක් තියනවා..
    ඇත්තටම මේ වගේ දුක් විදින්න ඇයි මේ මිනිස්සු පිටරට යන්නෙ?..භාෂාවක් නොදන්න වෘත්තියක් කරන්න හැකියාවක් නැති මිනිස්සු (ගෑනු පිරිමි දෙගොල්ලම) පිටරට ගිහාම වෙන විනාශය (විශේශයෙන්ම සංස්කෘතික සමාජ පරිහාණිය) කියන්න බැරිතරම්..

    ReplyDelete
    Replies
    1. තර්කයක් නෑ රූ, මම එකගයි සීයට සීයක්ම. හැබැයි මම මෙතනදි පාර්ශව කාරයෙක් උනේ නෑ. මම ඔය හැමදේම ගැන හිතලා දැනුවත් වීමේ පණිවිඩයක් විදිහට තමයි මේක කුරු‍ටු ගෑවේ. හැමෝටම ඔය අඩුපාඩු සපුරගෙන විදේශ ගත වෙන්න හැකිනම්....... ? අහා....... කෙතරම් අපූරුද....?

      ගොඩාක් ස්තුතියි ඔයාගේ අදහස් දැක්වීමට ජය...!

      Delete
  9. ඒ ගෑණු කෙනාට කරන්න තිබුන එකම විකල්පය තමා රට යන එක. එක තවම නීතියෙන් වැට බැඳලා නැහැ.එත ඒ යන කෙනාගේ ආරක්ෂාව ගැන වගකීමක් තියෙන්නේ ඕනේ. මොලයක් නැති සත්ව කොට්ටාශයක් අරබිකාරයෝ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්..හ්ම්.. සල්ලි තියන මොලේ නැති උද්දච්ච සත්ව කොට්ඨාශයක්. මෙහෙ එන්න කලින් මමත් දැනං හිටියේ නෑ. ඒත් දැන් දන්නවා. ජය වේවා කිව්වා ඕං...!

      Delete
  10. අම්මෝ දුක ඉටෙනවා :(

    ReplyDelete
    Replies
    1. කමක් නෑ. අඩන්න එපා.

      Delete
  11. ඒජන්සිකාරයෝ කොහොමහරි රට යවලා සල්ලි ටික අරගෙන මාරු වෙනවා. ඊට පස්සේ වෙන දේවල් උන් හොයන්නේ බලන්නේ නෑ..එහෙමත් කෙනෙක් තමයි ආයි ලංකාවට ඇවිල්ලා නඩු දාලා , පොලීසි ගිහිල්ලා ඒජන්සිකාරයා එක්ක ගේම ඉල්ලන්නේ. ඒක නිසා ගොඩාක් ඒජන්සිකාරයෝ බය නැතුව ගේම දෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒකත් හුදෙකලා ගේමක් වෙනවා හැමවිටම. මොකද අපේ එවුනුත් ඇති එකාට මිස නැති එවුන් එක්ක අත්වැල් බැදගන්න කැමැත්තක් නෑනොවැ. ජය...!

      Delete
  12. මමත් මීගමුවෙ ලිපිනයවත් දැනගත්ත නම් ගෙදරට කියල යවපු ඒජන්සියට කියන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. තොරතුරු හොයාගන්න අපිත් උත්සාහ ගන්නවා. ස්තුතියි සහෝ..!

      Delete
  13. අනේ මන්දා අෆ්ෆා.. :(

    ReplyDelete
    Replies
    1. මොනා කොරන්නද අෆ්ෆා. මේ තමයි ජීවිතේ. ජය...!

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....