Thursday, April 26, 2012

අමුතු කතාවක් 1

                          සපත්තුවේ ලේස් එකත් බාගෙට ගැට ගහගෙන බ්ලොක් එකෙන් එලියට පැන්නේ,වෙලාව 6.58 යි නිසා.බ්ලූ බර්ඩ්ස්ලා සේරම කෑම්ප් එකේ ගේට් එක ගාවට ගිහින් ඉවරයි.ඉක්මන් ගමනින් මමත් එහෙට ගියේ උන් ‍රැලට එකතු වෙන්න.හරියටම 7.00ට බස් එක මෙතනට එනවා.අස්සලාම් ආලෙයිකුම්..භායි සහබ්..ක්යාලේ..? ඒ ඉන්දියන් කාරයෙක්. වාලෙයිකුම් සලාම්..! ටීකේභායි ..කියාගෙනම මමත් ගේට්‍ටුවෙන් එලියට ආවා.ආ..සරත් අයියා ගුඩ් මොර්නින්ග් එකක් වේවා..!ඒ අපේ එවුන්,පැතුම්,අසංක,ලසන්ත, බලේ.උබලටත් එසේම එකක් වේවා..!කියාගෙනම මමත් උන් ලගින්ම හිට ගත්තා.හු** ඉවරයි කිව්වට මේ සීතල තාම ඉවරමත් නෑ...පැතුම එහෙම කියන කොටම බස් එක අපි ලගට ඇවිල්ලා.හැමෝම ඉස්සරහට පනින්නේ හරියට හැමෝටම එකසැරේ බස් එකට නගින්න පුලුවන් වගේ.එහෙම කරන්න නම් ඉතින් බස් එකේ දොරත් ගේට්‍ටුව වගෙම ලොකු වෙන්නෝනේ.කුන්ජු උබේ අ***.. පෙරල ගෙන නගින්න ගිය එකෙකුට බලයා කෑ ගහනවා. වාසනාවට ඌට සිංහල තේරෙන්නේ නෑ.නැත්නම් රිප්ලයි එක ෂුවර්.මුං මෙහෙම පොර කන්නේ බස් එකේ ඉඩ නැතිවෙයි කියලා නෙමෙයි.මට හිතෙන්නේ ඒක මේ ආසියාතික මිනිසුන්ට ආවේනික ගති ලක්ෂනයක්.මොකද පිල්ලෝ ටික උන්ගේ පාඩුවේ ඉන්නවා.උන් නගින්නෙත් අන්තිමට.මට හිතෙන්නේ හැමෝම ඉදගත්තටත් පස්සේ ෂීට් දෙක තුනක් ඉතුරුවටත් තියෙන බව මතක තියෙන්නේ උන්ට විතරක් වෙන්නැති.අපේ උන්ට මතක තියේනම් පොර කාවියෑ මෙහෙම හැමදාම. 
                           හා... නැද්ද මං අහන්නේ..? හැමෝම නැගලා ඉදගත්තට පස්සේ බස් එක ඇද්දුවා.දැන් මේ කිලෝ මීටර්  11මූ යනවා නෙවෙයි විදිනවා.විනාඩි 5 ක් යන්නත් කලින් අපි අබ්දුල් අශීශ් එකේ.ඒකියන්නේ අපේහොස්පිට්ල්එක.ම්..ම්..මොකද හිතුනේ.තවත් නව කතාවක්,කෙටි කතාවක්,නැත්නම් ඒ වගේ එකක් මමත් ලියන්න හදනවා කියලද.? බම්බුව.එච්චර හරියක් කොරන්න තරම් සාහිත්ය දැනුමක් මට නෑ. [තිබ්බ නම් මෙහෙ එනවයෑ.] ඔන්න ටීවී එකක්,සෙටප් එකක්,මොබයිල් ෆෝන්,ප්‍රිජ් ඒ.සී වගේ දේවල් නම් ගින්නක් නැතිව අලුත් වැඩියා [තේරෙන සිංහලෙන් කියනවානම් රෙපෙයාර්] කොරතෑකි සංසං ගාල. ඉතින් ඔන්න ඔහොමයි අපි දවස පටන් ගන්නේ තබුක් එකේ.[තබුක් කියන්නේ මිලිටරි සිටි එකක් සව්දි අරාබියේ.]ඉතින් මේකේ අපේ බුවාල සෙට් එකක්ම ඉන්නවා.අපට අමතරව ඉන්දියන්,පාකිස්තාන්,පිලිපීන්,මැලේසියන් ,ඉන්දුනීසියන්,බ්‍රිටිස් අප්‍රිකන් අයත් මෙහෙ ඉන්නවා.ඉතින් එයාලයි,මෙයාලයි,අරයලයි,අපියි ගැන රස කතා ගොඩාක්  කියන්න [සොරි වෙන්ඩ ඕන] ලියන්න මට පුලුවන්.අන්න ඒ සත් කාර්යයට අත ගහලා ඕගොල්ලෝ හැමෝටම හීනි ආතල් එකක් දීලා මගේ පාලුවත් මකා ගන්නයි මේ වෑයම. ඉතින් බොලා හැමෝටම ඇහක් හැටියකට මගේ බ්ලොග් කට්ටටත් ඇන්ටෙනාව දාල,මට පුංචි සපෝට් එකක් දෙනෝනම් මසුරං වටිනවා.[නෑ නෑ,ඒ සපෝට් එක මට වටිනවා.]ආයේ ඉතින් මසුරං වටින බව මම නොකීවට ඕගොල්ලෝ නොදන්නවයෑ නේද.?ඇහැක් කෙනෙක් ඇත්නම් ඕං ඔය කියපු අහවල් එක දෙනව හොදයි ඕං.! මටත් ඇහැක් යමක් මම කොරන්නම්කෝ මෙ ඇත්තෝ වෙනුවෙන්.එහෙනම් ආයිබෝං මට අවසර.ගෙහුන් එන්නම්.

12 comments:

  1. සරා ඒ රටේ ආමි එකේද...? කතාවනං එලයි.. දිගු ගමනකට සුබ පතනවා...! :D Word Verifications අයින් කරන්න!!!

    ReplyDelete
    Replies
    1. නැහැ මචන් මම මෙහෙ ආමි හොස්පිට්ල් එකක,ඉලෙක්ට්‍රොනික් තාක්ෂණ ශිල්පියෙක්.[ඉලෙක්ට්‍රොනික් ටෙක්නීෂන්].මගේ ජොබ් එක ගැන මම ගොඩාක් දේවල් දැනගෙන හිටියට බ්ලොග් ලිවීම ගැන මගේ දැනුම බිංදුවයි.මට වරදින තැන්,අඩු පාඩු කියලදීලා මාව දැනුවත් කරනවා නම් කාලයක් මට ඔයාලත් එක්ක ‍රැදිලා ඉන්න පුලුවන් වේවි.මේ දින කිහිපයට මාව දැනුවත් කල,දිරි ගැන්වූ ඔයා,සෑම්,සෙන්නා,අසරණයා ඇතුලු හැමෝටම මම දහස් වතාවක් ස්තුති කරනවා.

      Delete
  2. ආ.. අපිත් එන්නම් දිගටම ලියන්න... කෝ මේකෙ ෆලෝවර් ලිස්ට් එකක් නෑ නොවැ... ඉක්මනට දාන්ට හොඳේ.. එතකොට පස්සෙන්ම පැන්නුවෑකි..

    ReplyDelete
    Replies
    1. මම කිව්වනේ.. මම අලුත් බ්ලොග් කෙරුවාවට.අඩුපාඩු තියන ඒවා ඔයාල පෙන්නලා දෙන්න.මම හදා ගන්නම්.ස්තූතියි ඔයාට.ජය..!

      Delete
  3. මම හිතුවෙත් ආමි කියලා.

    ReplyDelete
    Replies
    1. උත්තරේ උඩ තියනවනේ.තෑන්ක්ස් අ ලොට් මචන්..!ජය..!

      Delete
  4. පුදන කොටම කාපි යකා කියලා මේකට දාන්න ඕනෙ කමෙන්ට් එක ටෙස්ට් පෝස්ට් එකට දැම්මනෙ. ඔන්න අරන් ඇලෙව්වා.

    හරි, දැන් පටන් ගත්තනේ. ඉතින් ලියන එකයි ඇත්තේ.

    මම නම් කියවන්න ආසම කරන දෙයක් තමයි ඔය එදිනෙදා ජීවිතය ගැන ලියවෙන මේ වගේ ලිපි.

    ජය වේවා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. පුරුදු ඔයාලම වරද්ද ගන්නකොට නවක අපි ගැන කවර කතාද සහෝ..? ජය..!

      Delete
  5. කවුදැ පිල්ලෝ..

    ReplyDelete
    Replies
    1. පිලිපීන් ජාතිකයෝ මෙයා.

      Delete
  6. සිංහල බ්ලොග් අවකාශේ දිගු ගමනකට සුභ පැතුම් අයියා

    කාලෝ අයන්තේ......

    ReplyDelete
  7. ස්තුතියි මලේ. ජය..!

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....