මේක නම් දරුවනේ එක "ලු" කතාවක්. ඒනිසා මම අටුවා ටීකා ටිප්පනි නැතිව කෙටියෙන් කියන්නම්. මොකද විස්තර කියන්න ගිහින් අදාල පුග්ගලයින්ට හානියක් උනොත්.D..ඔන්න එක ඉලන්දාරියෙක් ඉදලා තියනවා ඔය කිරිඇල්ල කියන පැත්තේ. නාහෙට නාහන ගතිගුන තියෙන හිතුවොත් යමක් කොරන ඒත් හරිම හොද ගොබිලෙක් කියලයි දන්න අදුනන අය කියන්නේ. මෙයාට හුගක් යාලුවෝ ඉන්නේ අවිස්සාවේල්ල පැත්තේලු.ඉතින් නිතරම එහෙ යනවා කියනවනේ. නිතරම කිව්වට ඉතින් හැමදාම එහෙලු. දැන් ඉතින් අවිස්සාවේල්ලයි කිරිඇල්ලයි අතරේ දුර දන්න අය මගෙන් අහවි කොහොමද මෙයා හැමදාම එහෙ ගියේ ආවේ කියලා. ඒක පුරස්නයක් කොර ගන්න එපා ඔයාලා. එයාට පොඩි බයික් කටුවක් තිබුනානොවැ. කියන විදිහට DT70යක්. ඉතින් අම්මට නාහෙන් අඩලා පෙට්‍රල් ගහන්න කීයක් හරි කොටාගෙන මුගේ වැඩේ ඇවිදින එක. දුරාචාර සුරා සූදු කිසි දෙයක් නැති නිර්භීත පිරිමිකම හැම මයිලකින්ම ප්‍රදර්ශනය කරන මූ ගැන ගෙදර උදවියගේ හිතේ පුංචිම තරමේ බයක් වත් තිබුනේ නැහැ කියලයි මූ නම් කියන්නේ.
මෙහෙම රවුම් ගහන මේ ඉලන්දාරියගේ ඇහැ ගැහුනු ගැටිස්සියෙකුත් හිටියා කියනවා නෙව ඔය සාවියේ. හැඩකාර,දගකාර, කටකාර,විසේකාර ඔයහැම කාර කමක්ම අඩු නැතුවම තිබුනලු ඔය කියන ගැටිස්සිගාව. අපේ මෑන් එහෙ මෙහෙ යනකොට හරියට ඇහැ දෙනවලුනේ එයත්.
රන් ගුරුලු වාහනෙන් ඔබ යන කලට ඉගිල්ලී...
ඉගි බැලුම් මොටද මම අසරන පුංචි කිරිල්ලී...
ඕන්න ඔය වගේ අදහසක් තමයිළු ඒ බැල්මේ තියෙන්නේ. ඉතින් ඕවා දකින කොට අපේ කතා නායකයගේ මෙව්වා එක මෙහෙම වෙනවලුනේ. (පව් අප්පා..) ඒත් පුරස්නේ වෙලා තියෙන්නේ මේක ගැන කියන්න වත් අහන්නවත් මේ දැරිවි තනියම මගතොටේදි මුන නොගැහෙන එක. බැරිම තැන මූ ප්‍රාණසම යාලුවෝ තුන්දෙනාට කිවුවලු මේ ගැන. එක එක්කෙනා එක එක අදහස් දුන්නා කියනවනේ. කොහොම උනත් සභා සම්මත උන යෝජනාව වෙලා තියෙන්නේ ලියුමක් තව විදිහකට කියනවා නම් සෙනෙහෙ කොලයක් දෙන එක. ඕං වැරදියට වටහා ගන්නෙපා ඔය සිංහල බෙහෙත් කඩවලත් තියනවා සෙනෙහෙ කොල කියලා ජාතියක්.හැබැයි ඉතින් ඒවා තියෙන්නේ බඩ විරේක කරන්න. තම්බලා බොන්න විතරලුනේ ඕන. ආයේ වාන් දොරටුවක් ඇරියා හා සමානයි කියනවනේ. කිව්වට ඕං මමනම් පාවිච්චි කොරලා නැහැ. මේ මම කිවුවේ ඒවා ගැන නෙමේ. ලව් ලෙටර් ගැන හොදේ. හතර දෙනාම බෝක්කුවක් උඩ ඉදගෙන පෙරපර සංදි ගලපලා කැටයම් දාලා ලිවුවා කියනවනේ පුංචි බේත් තුන්ඩුවක් විතර ලියුමක්.
ආදරනීය නේරංජනා.. චාන්දි තාරේ ෆූල්හේ සබ්නම් තුම්සේ අච්චා කෞන්හෛ.. මෙරා ජීවන් කොරා කාගස් කොරාහී රේ ගයා..බ්ලා..බ්ලා..බ්ලා. අනේ ඉතින් ලිවුවට දැන් දෙන්නේ කොහොමද කෙල්ලව කවදාවත් තනියම මුන ගැහෙන්නේ නෑනේ. අම්මලා,අක්කලා,නංගිලා මල්ලිලා සැට් එකම ඉන්නවනේ යන යන තැන. ගේමකට නම් ඉතින් හතර දෙනාම සූරයෝ. හැබැයි මේ වැඩේදි හැමෝගෙම වැඩ කරන්නේ රිවර්ස් ගියර් විතරමයි. ටිකක් වෙලා කල්පනා කරපු අපේ මෑන්.. කෝ දියන් ඕක.. ආයේ කාවවත් ගාවන්නෝන නෑ. මමම දෙන්නම් ගිහින් කියලා ලියුමත් අරන් පවනට බදු වේගෙන් ඉගිලුනා කියනවනේ. අතර මග කඩේකින් ටොෆී වගයක්(චොකෝ මෝල්ට්) අරගෙන මූ එකක් කටේ දමාගෙන ඒ කොලේ අර ලියුම ගුලි කරලා ඔතලා. වැඩේ ඉවර උනාම කිසි වෙනසක් නැතුව ටොෆියක් වගේමලු. ඒකත් අරගෙන අර ගෙදරටම ගෙහුන් ඒ නැන්දලා මාමලා එක්කත් කතා බහ කරලා පොඩි එවුන්ටයි ලොකු එවුන්ටයි ටොෆිත් දීලා. අර ගැටිස්සිට දීලා තියෙන්නේ මෙයාම වෙහෙස මහන්සියෙන් හදාපු ටොෆිය. ඒක බාගෙට දිගාරින කොටම කෙල්ලගේ මූණ අමුතු උනාලු. එයා බලලා මෙයා දිහා. ඉතින් හැමෝටම හොරෙන් ගෑණුලමයට ඇහක් ගහන එක මෙච්චර හරියක් කොරපු අපේ හාදයට ගේමක් නෙමේ කියලා මම නොකීවට ඔයාලට තේරෙනවා ඇතිනේ. අනේ සිග්නල් එක තේරුම් ගත්ත ගැටිස්සිත් ක්ෂනිකවම එතනින් වාෂ්ප වෙලා තියනවා. තවත් ටිකවෙලාවක් ගෙදර අයත් එක්ක දොඩමළු උන මේ ගොබිලා ආවයි කියනවනේ ආපහු.
පහුවෙනිදා මෑන්ස් ගියාලු ස්වීප් එක ඇදිලද බලන්න. අහෝ දුකකි ඉරකි තිතකි, කෙලි පැටික්කි නෑ පේන්න. හැබැයි එයාලගේ අම්මා ඉන්නවා.
ආ... නැන්දේ..!
කියාගෙනම මූත් ගෙදරටම ගිහින්. බලමු ඉතින් මූ කොහොම අලුගුත්තේරුවෙක්ද කියලා. මෙහෙම වැඩක් කරලත් බයක් හැකක් නැතිව ගෙදරටම යන්ට.
ආ.. මේ මේ දරුවනේ..! මමත් මේ හම්බ වෙන්නමයි හිටියේ..!
ඇයි නැන්දේ...?
ඔය ලමයා අපේ **** ට මොකක් හරි ලියුමක් දුන්නද..?
හුටා .. පුදපු ගමන් කාපි යකා කිවුවලු. දැන් මොකද කරන්නේ....? කොල්ලට ටිකක් ලැජ්ජත් වගේ. ඒත් කා ඉස්සරහවත් ඇඹරෙන එක මුගේ සිරිත නොවන නිසා...
ඔව් නැන්දේ ... !
හොදයි.. මම කැමතියි මෙහෙම කෙලින් කතා කරන ලමයින්ට...!
( හපොයි ඒ උනාට මම කැමති නෑ නැන්දට ,කැමති කෙනාට තමා මම ලියුම දුන්නේ.) ඒ වෙලාවේ කොලුවට එහෙම හිතිලා ඒත් සද්ද වහලා ඉදලා.
අපේ ලමයා මොකද කිවුවේ.. ?
බිරන්තට්ටු වෙලා ඉන්න අපේ මෑන්ගෙන් නැන්දා අහනවලු.
තාම මොකුත් කීවේ නෑ නැන්දේ මම අහලා කියන්නද.. ?
නෑ.. නෑ ඔයා අහන්න ඕන නෑ. මම අහගන්නම්කෝ එයාගෙන්...! අනික ඔයාල තාම මෝරලා නෑ ඕවා ගැන හිතන්න. ඔයාලගේ තාත්තගේ හැටිත් දන්නවනේ ඔයා. එයා මේවා දැන ගත්තොත් අපටත් මේකේ වසන්න වෙන්නේ නෑ. මම දන්නවා මේ දරුවා මම කියන දෙයක් නාහ ඉන්නේ නෑ කියලා.හොද ලමයා වගේ ඕවා අතෑරලා දාන්න.
නැන්දා කොලුවට බොහොම ආදරෙන් කරුනු පැහැදිලි කරාලු. ඒ ගමන මූ..
හරි මම නැන්දා කියන විදිහට කරන්නම්, හැබැයි මට දැන ගන්නෝන නැන්දා මේකතන්දරේ දැනගත්ත විදිහ...! (ඇයි යකෝ පස්මහ බැලුම් බලලා තුම්මුල්ල පැනලා ගහපු ගේම ලීක් උනේ කොහොමද කියලා දැන ගන්න මූටත් අයිතියක් තියනෝනේ.)
ඇයි දරුවෝ.. අද උදේ මම රෙදි වගයක් මහන්න කියලා මැෂින් එක ලග ඉදගෙන මැෂින් ලාච්චුව ඇරපුවහම මට ඒකේ තිබිලා මේක හම්බ උනා.
චෙහ්.. හතර විලිලැජ්ජාවයි මුගේ සෙනෙහේ කොලේ.
ඔය තියෙන්නේ ටොෆි කොලෙත් එක්කම..අර මෝඩ ප්‍රේමවන්තී ලියුම කියවලා ආයෙත් ඒ විදිහටම ඔතලා මැෂින් ලාච්චුවේ දාලා.
මම.. නෑ ...නෑ .. අරූ පව් නේද...?
ප/ලි මේ සිද්දිය මට මතක් උනේ නිම්ශා ලියපු මගේ පලවෙනි ආදර හසුන ලිපිය කියවපුවමයි. ඉතින් නිම්ශා ඔයාට ස්තුතියි...!
ප/ප/ලි/ පසුව අර කෙලි පැටික්කී කැමැත්ත පල කල බවද අර මැටි වැඩේ නිසාම කතා නායකයා වැඩේ අතහැර දැමූ බවද හුදී ජන පහන් සංවේගය උදෙසා දෙසා බාමි.

ithin thamanta una ekak wena ekekuta dala liyala thiyenne.naththan uge feelings mechchara apuruwata wisthara karanna puluwanda.
ReplyDeleteඅනේ මතන් එක වචනයක් වැරදුන පලියට කතන්දරේම මට පටවන එක සාධාරන නෑ වගේ නේද. මම ඔය කතාවේ කියන හාදයා තරම් වැඩ්ඩෙක් නෙමේ බං. ඌනම් සිංහයගේ කටටත් අත දාල දත් ගලවයි. අපිට ඕව බෑනොවැ. අපි හරි අහිංසක මිනිස්සු ඕං. ජය...!
Delete:D ගෑණු ලමයගෙ මොළේ තරම තමයි.
ReplyDeleteඅනේද කියන්නේ....! ආ... අමුත්තෙක් වගේ නේද මෙහෙට..? ඔන්න පිලිගන්නවා සාදරයෙන්. ජය...!
DeleteThis comment has been removed by the author.
Deleteඅයියෝ මෙහෙමත් මෝඩ ගහක්..ගම්පෙරළියේ නන්දා මීට හොඳයි..හික්ස්
ReplyDeleteසරත් ගැන නම් පව් කියලා හිතුනා කියවද්දි..!!
matath hithenawa ayyo meyage wadakmada kiyala meka. koi ahuwata kiyannema nane.
Delete@ රූ..
Deleteමෙන්න වැඩක්...! අනේ ඔයාටවත් මාව විස්වාශ නැද්ද අනේ. ජය..!
නංගි බබා ඔහොම කිවුවට එයා දන්නවා මා ගැන.
හිකිස් මටත්මතක්උනේ ඔය වගේඑකක් මාට්ටු වෙච්ච හැටි... හපූයි...
ReplyDeleteඒ කියන්නේ අපේ එකත් මාට්ටු වෙලාද...? අඩේ ඔය කියන කම් මම දැනන් උන්නේ නෑ බං. ජය...!
Deleteමේ කෑල්ල නම් පට්ට.
ReplyDelete// තාම මොකුත් කීවේ නෑ නැන්දේ මම අහලා කියන්නද.. ? //
එළ කතාව ඈ..
ස්තුතියි යාලුවේ. ජය...!
Deleteසතුටුයි මචං.. කමෙන්ට් දදා රට පුරා ගිය උබට බ්ලොගක් ලියපං කියපු උන් අතර මාත් හිටපු නිසා.
ReplyDeleteහිනා යනවා බං.. උබට හැම සීන් එකම කොහොමද මතක ?
ජය!
මට හිතෙන්නෙත් ඔය වගේම දෙයක් තමයි මචෝ. ඇත්තටම උඹලට මමයි ස්තුති කරන්නෝන. ජය...!
Deleteඅපෙත් මෙහෙම කතාවක් මතක් උනා මට.. නියමයි..
ReplyDeleteඅපේද, මගේද...? මට හිතෙනවා මලේ උඹේ කියලා. ජය...!
Deleteආහ් අප්පා දැන් නේ මතක් වුනේ අර මට ලිව්ව කොමෙන්ට් එකේ තිබ්බ කතාව...මැශින් ලාච්චුවට දාන්නෙයි කියලා...හෙහේ...
ReplyDeleteඅර සෙන්නා කිව්වා වගේ මරු තමා කොල්ලාගේ උත්තරේ...
ආ... මේ ඉන්නේ මෙයත්. එහෙම තමයි ඉතින් මිනිපුරේ කොල්ලෝ.D ඉතින් ජය..!
Deleteඌ නම් ෆිට් කොල්ලෙක්. අපරාදේ ඒ වැඩේ ගැස්සුනේ..
ReplyDelete