Saturday, November 24, 2012

දොර ඇරපං අම්මේ මට සමාවෙලා..........

 




             පිටපතක් ලිවුවට මේ කාරනාව නොලිය හිටියේ මේක හරියට දෙබරෙට ගල් ගහනවා වගේ වැඩක් කියලා හිතුන නිසා. ඒඋනාට කොට්ටේයට කොල පිරිලා නිසා අස්කරන්න හදනකොට තමයි මේක දැක්කේ. වෙන දෙයක් වෙද්දෙන් කියලා මම ලියලා දානවා. වැරදියට තේරුම් අරගෙන ඔන්න වාදෙට එනවා නෙමෙයි මා එක්ක. ඒ වැඩේට හොඳ හිරුවා ඒනිසා වාද කරන්න ආස කෙනෙක් එයා දාන කොමෙන්‍ටුවකින් කොනක් මතුකරගන්න එකයි තියෙන්නේ. හිරුත් හරී....... ආසයි ඔහොම ඒවට. (ප්‍රචාරක දැන්වීමකි.) මේකයි කාරනාව. අපි මුලින් මේ සිංදුව ටිකක් අහමුකෝ. ඔතන තමයි කතා ප්‍රවේශය තියෙන්නේ.  

විදුලිය එලිය දැක ගිනිහුල දියේ හෙලා 
මග වැරදිලා දිවුවේ මං මුලා වෙලා
පැනගිය මුවන් ලඟ හෙළුනයි නෙලූ පළා
දොර ඇරපං අම්මේ මට සමාවෙලා...

             ගායන ශිල්පිනී ඉන්ද්‍රානී බෝගොඩ මහත්මිය ගායනා කරපු ලයාන්විත ගීතයක් මේ. සාවධානව ඇහුම්කන් දුන්නොත් තේරේවි ජීවිතේ වරද්දගත්ත දුවෙක් තමන්ගේ අම්මට තමන්ට වැරදුන තැන් ගැන කියන කතාවක් තමයි ගීතයට පාදක වෙලා තියෙන්නේ කියලා. හැබෑටම ඇයි මෙහෙම වෙන්නේ...? කෙල්ලන්ගේ මෝඩකමට...! කෙනෙක් කියාවි... ඇත්තටම කෙල්ලෝ මෝඩද..? මට ඒගොල්ලන්ගෙන් එහෙම අහන්න හිතෙනවා. එයාලගේ උත්තරේ මොකක් උනත් මේං මට හිතෙන හැටි. කවුරු හරි කෙල්ලෝ මෝඩයි කියනවා නම් ඒක බොරුවක්. තමන් ගැන අධිතක්සේරුවෙන් හිතන පිරිමින්ගේ මනස් විකාරයක්. ඒකියන්නේ සරා පිරිමි ගැන හිතන්නේ අවතක්සේරුවෙන්. එහෙමත් නෑ සරා ඇත්ත ඇති හැටියෙන් දකින්න උත්සාහ කරන කෙනෙක්. සරාගේ සිතුවිල්ල ඉදිරිපත් කරන්න අවසරයි එහෙනම්.

           මගේ සිතුවිල්ලට අනුව ගෑණු ළමයි මෝඩ නෑ. හරිම බුද්ධිමත් ඒවගේම ආදරණීයයි. හැබැයි ඒ වගේම හරිම හැඟීම්බරයි. මේකම තමයි එයාලගේ තියෙන දුර්වලකමත්. තමන්ට ආදරේ කරන අයව එයාලා අසීමිතව විස්වාශ කරනවා. ඒනිසාම තමයි එයාලට වරදින්නේ. හැගීම් බර වෙනකොට බුද්ධිය යටපත් වෙනවා. හේතු වශයෙන් එයාලා මොන කරුනු ඉදිරිපත් කලත් ඒක තමයි ඇත්ත. ගම්වල ඉන්න වැඩිහිටියන් කතාවට කියන්නේ පෝය හඳවල් හත අටක් ගෙවෙන කොට ගෑණු ළමයි ලොකුමහත් වෙනවයි කියලා. ඒ වගේම හරි ඉක්මනින් පියවරෙන් පියවර ජීවිතේ ඉදිරියට ගමන් කරන ඔවුන් ජීවිතේ ලස්සනම අවධියේ ගන්න තීරණ නම් සීයට පනහක්ම වැරදියි.එයාලගේ ජීවිතේට පිටස්තරයෙක් එබිකම් කරන්න ගත්තම එයාලා ලෝකෙම අමතක කරනවා. මෙතෙක් තමන් ලඟ උන්නු හැම කෙනෙක්වම අමතක වෙනවා හෝ අමතක කරනවා. හරි දේ කියලා දෙන අයවත් වැරදියටයි එයාලා දකින්නේ. ඉතින් අවබෝධයෙන් ලොකේ දකින කෙනෙකුටවත් එයාලව ගලවා ගන්න තියෙන අවස්ථාවත් ඇහිරෙනවා. අවසාන ප්‍රතිපලය වෙන්නේ ජීවිතේට කඳුළු විතරක් ඉතිරි වෙන එක. මේකට මෝඩකම කියන වචනේ ගැලපෙන්නේ නෑ.

            ටිකක් විමසිල්ලෙන් අවට බලන්න. ඉගෙනීමෙදි, ‍රැකියා කරන විට සමාජයේ ජීවත් වෙනකොට එයාලා පිරිමි හා සම සමවම වගේ ඉන්නවා ඔබට දකින්න පුළුවන්. ඒවගේම එයාලගේ දරා ගැනීමේ ශක්තිය පිරිමින්ටත් වඩා ඉහලයි. එයාලට පිරිමි අභිබවා යන්න නොහැකි වෙලා තියෙන්නේ ශරීර ශක්තියෙනුයි, උක්ත මාතෘකාවෙදී එයාලගේ දුර්වල තීරණයි නිසා. මට හිතෙන්නේ ඒගැන එතනින් එහාට කිවයුතු නෑ. මොකද ඔයාලා මෙහෙම කරන්න අරෙහෙම කරන්න කියලා කියන්න තරම් මට දැනුමක් නෑනේ. මම ඒතරම් ලොකේ ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙකුත් නෙමේ. ඔය ටික මම කිවුවේ ගීතය අහද්දී මට එහෙම හිතුන නිසා.

             ඇත්තටම අපේ සංස්කෘතියට අනුව ගෑණු ළමයි හරියට වීදුරු භාජන වගෙයි. ඒත් දැන් මේ මත යම්තාක් දුරට වෙනස් වෙන්න කාලය හරි. ඒත් ඒවා වෙනස් වෙලාවත් වෙනස් කරන්නවත් කාටවත් උවමනාවක් නෑ.
ඇයි ඒ...?
හැබෑම කුහක කමට....!
ටිකක් සැර වැඩි චෝදනාවක් වගෙයි නේද.....?
 ඔව්.....! ඒත් කාටද මේ චෝදනා කරලා තියෙන්නේ.......? ගැහැනුන්ට.......!
නෑ...!
පිරිමින්ට...!!
නෑ...!
පොදුවේ ඔයාලා අපි අපේ වැඩිහිටියෝ හැමෝටම. මේකට අපි හැමෝම වග කියන්න ඕන. ආකල්ප වශයෙන් වෙනස් වියයුතු දේවල් ක්ෂනිකවවත් තනි තනි පුද්ගලයන් වශයෙන්වත් කල නොහැකියි. ඒකට කාලයක් වගේම හැමෝම එකාවන්ව හිතන්නත් අවශ්‍යයි. ඉපැරණි බ්‍රාහ්මණ මත කරපින්නාගත් ආර්යයන්ගේ පැමිනීමත් සමඟ ආරම්භ වූ අපේ නව සගිස්කුරුතෙද මොකක්ද ලබ්බ අපේ උන්ට ඕන ඕන වෙලාවලදි ඕන ඕන ආකාරයට වෙනස් කරපු වගට සාක්ෂි සාධක එමටයි. ඉදිරියටත් එහෙමම නොවෙනවයි කියලා අවිස්වාශයක් තියා ගන්න කිසිම හේතුවක් නෑ. ඒත් ය‍තෝක්ත මාතෘකාව ගැනනම් උන්දැල ගෙනාපු මත හා අදහස් තවම එහෙමම තියෙනවා. ඒ අපේ කුහක කම නෙමේද. එතකොට සරා දැන් කියන්නේ කෙල්ලන්ට ඕන නැ‍ටුමක් නටන්න ඉඩ හරින්න ඕන කියලද..? අපොයි නෑ ආයිබොවන්...! ඇයි කොල්ලන්ට විතරක් හැම නැ‍ටුමක්ම නටන්න අවසර දීලා ඇහැ කන පියන් ඉන්නේ කියලයි මම අහන්නේ. ජාතික ආර්ථිකේට සීයට පණහකට ආසන්න දායකත්වයක් දෙන්න එයාලට පුළුවන්නම්. පවුල් පිටින් ජීවත් කරවන්න එයාලට පුළුවන්නම් කිසිම ලැජ්ජාවක් නැතුව ගෑනි හම්බකරන් එනදේම කාලා උන්දැටම තඩිබාන මිනිස්සු ඉන්න රටේ ඇයි මේ කෙල්ලන්ට විතරක් අමුතු නීති රීති. ඇයි එයාලා වරක් පාවිචියෙන් ඉවතට කියලා ලේබලේකින් එන්නේ. විනාඩි ගනනක සමීක්ෂණ ප්‍රතිපලයක් මෙන්න.

1   මේකනේ සරා වැඩේ කොල්ලෙක් එලියට ගියොත් එන්නේ යමක් පිට කරලා. ඒත් කෙල්ලෙක් එලියට ගියානම් එන්නේ යමක් ඇතුලට අරගෙන, අනික බං කොල්ලෝ මොනා කරත් පාරවල් හිටින්නේ නෑනේ.

0  හරි ඒ හින්දා කෙල්ලන්ට ඕවා කැප නෑ.. උඹ ඔය නොකියා කියන්නේ කපුවා කෝවිලේ කැත කොලාට කමක් නෑ කියන එකනේ. අනේ උඹේ%@$@$%&%$$@#$#...! 

2   මචන් කොල්ලෝ කියන්නේ බල්ලෝ වගේ ජාතියක්, උන් දැක්ක දැක්ක පඳුරට කකුල උස්සනවා. ඒවා ඉතින් කෙල්ලෝ දැන ගන්න ඕන.

0   එතකොට ඇයි බල්ලෝ පඳුරට විතරක් ඇඟිල්ල දික් කරන්නේ තමන් බල්ලෝ වගත් දැන දැනම.

3  මචන් ගෑනුන්ට ඕනවට වඩා නිදහස දුන්නම උන් කොහෙන් නතරවෙයිද කියන්න බෑ. දැන් බලපන් තත්වය මෙහෙම තියෙද්දිත් හෝටල් පීල්ඩ් එකට ඔළුව දාලා දවසකට ගෑනු කීදෙනෙක් ඕවට රිංගනවද කියලා. උඹ හිතන්නේ ඔය හැම එකෙකුටම අයිතිකාරයෝ නෑ කියලද.....?

0   උඹ හරි.. මට කියපන් දැන් ඔය ගෑනු ඔහොම එන්නේ තවත් ගෑනියෙක් එක්කද කියලා...!

3   ගෑනියෙක් තවත් ගෑනියෙක් එක්ක එන්නේ $#%% ගහන්නද බොල...?

0   එහෙනම් ඔය ගෑනු එක්කරන් එන පිරිමි හරි එහෙම නැත්නම් උනුත් යෙදෙන්නේ ආත්ම වඤ්චාවක නෙමේ කියන්න තොට තියෙන සාක්ෂි මොනවද...?

           හොඳයි ඒ මම දැක්වුවේ සීතලේ එලියේ ගතකරපු විනාඩි ගානක ප්‍රතිපලනේ. ඒනිසා ඒකත් මෙතනින් නතර කරනවා.      මම බ්ලොග් කියවද්දී අනන්තවත් දැකලා තියෙනවා කෙල්ලෝ මැසිවිලි නගනවා කොල්ලන්ට තියෙන නිදහස කෙල්ලෝ වෙච්ච අපට නෑ. කෙල්ලෝ වෙලා උපදින එකත් පවක් අරකද මේකද කියලා. මේකෙන් එයාලා අදහස් කරන්නේ වල්බූරු නිදහසක් නම් නෙමේ කියලා මට තේරෙනවා. ඒත් වල්බූරු නිදහසක් භුක්ති විඳින කොල්ලෝ නැතුව නෙමේනේ. උදාහරණයක් හැටියට මාවම ගත්තම ගෙදරින් පිටවුන දා ඉඳන්ම මාව පාලනය කරන්න කවුරුවත්ම උන්නේ නෑ. මවිසින් මම පාලනය වුනු තැනක් හැරෙන්න. ඒක ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටමට සාපේක්ෂ නිසා අපි එතන ඉඳන්ම කතා කරමු. ඔය විදිහට දන්න සෙල්ලම් දහ අටම දාලා වඳුරන්ගෙනුත් බණ අහපු අහපු තමන්ගේ පුතාට කෙල්ලෙක් ගේන කොල්ලගේ අම්මා කෙල්ලගේ බලාපොරොත්තුවෙන විශේෂම දේ මොකක්ද කියලා කියමුකෝ බලන්න්න කවුරුහරි. අර පැණි හඳට පහුවදා වැඩිහිටි ගෑනු අම්මන්ඩිලා රොත්තම ඇවිල්ලා ඇඳට පැණි නැත්නම් හඳ එලියවත් වැටිලද බලලා එහෙම නොවුනොත් දුම්මල වරම අතට ගන්නේ කවුද...? ඥාතීත්වය නෙමේ මට ඕන ඒ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියන එක. අද ඔය සමාන අයිතියක් නිදහසක් ඉල්ලන අයත් අනාගතේ ඔය වැඩේම කරනවා තමන්ගේ අතීතය අමතක කරලා. කවුරු හරි මට කියනවද තමන්ගේ ලේලිගේ අහවල් එක මාක් වෙලා තිබුනේ නෑ කියලා සරමත් කරට අරන් කෑගහපු මාමන්ඩියෙක් දැකලා තියෙනවද කියලා. මම නම් දැකලා නෑ හැබැයි නැන්දම්මලානම්........................ මොනවට කියනවද ඒවා. 

             ඒවගේම හංදියක් හංදියක් ගානේ පැණි හලලා අමාරුවෙන් යාළු කරගත්ත කෙල්ලව අවුරුදු ගානක් ආශ්‍රය කරලා කසාද බැඳලා පහුවදාට ගහලා පන්නනවා මේකිගේ අරක තිබුනේ නෑ මම අවුරුදු ගානක් ආශ්‍රයකලා අතවත් අතවත් තිබ්බේ නෑ...අරකද මේකද කියලා අපහාසත් කරලා. කරපු වැඩේ වැරදියි කියලා මම කියන්නේ නෑ යෝජිත විවාහයක්වත් උනානම්. අඩුගානේ හොයපු එවුන්වත් පාඩමක් ඉගෙන ගන්නේ නැතෑ.ඒත් මේ තමන් මෙච්චරකල් ආදරේ කරපු කෙල්ල නේද, හැබෑවටම ආදරේ කොහේද කියලා තිබුනේ කියලා හිතෙනවා උන්ගේ හැසිරීම් දැක්කම. ඉතින් මට අහන්න හිතෙනවා අත තියලම බලන්න අවුරුදු ගානක් බලාඉන්නේ නැතිව යාලුවෙන්න කලින් ඇඟිලි පරීක්ෂණයවත් කොලා නම් නරකද කියලා. එතකොට පාරක් පාරක් ගානේ පැණි හැලීමේ ආදිනව ගැන හරි වැටහීමක් එන්නේ නැතෑ අතක් පයක් කඩාගෙන ඉස්පිරිතාලේ ඉන්නකොට.

         කොහොම අපි කතා කලත් මේවා ගොනා පසුපස කරත්තේ වගේ හැමදාම ඇදි ඇදී ඒවි. වෙනසක් ඇතිවෙනවා නම් ඒ ආකල්ප වලින්ම විය යුතුයි. ඒත් ක්ෂනික ප්‍රතිපල නම් විහිළුවක්.

         සරාගේ අදහසනම් මෙහෙමයි.... ගැහැනු අනිවාර්යයෙන්ම පතිදම් රකින්න ඕනමයි... හැබැයි ඒ විවාහයෙන් පස්සේ. ඒක ගැහැනියට විතරක්ම අදාල නීතියක් නෙමේ පිරිමියාත් අනිවාර්යයෙන්ම එසේ කල යුතුයි. කොල්ලෝ කියනවානේ වාහනයක් තමන්ටම කියලා ගන්න කලින් හොඳට ඩ්‍රයිවින් පුරුදු වෙලා ඉන්න ඕන කියලා. එහෙමනම් වාහනත් හොඳ ධාවන තත්වයේ තියෙනවද කියලා ස්වයං පරීක්ෂණයකට ලක්වෙලා තියෙන එකේ තියෙන වරද මොකක්ද...?කලින් දුවලා තියේනම් ධාවනයට සුදුසුයි කියන්න ඒ සහතිකයම මදෑD.

          කෙල්ල කාලේ ඕන නැ‍ටුමක් නටාපල්ලා කියනවා නෙමේ. එයාලටත් නිදහසේ ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕන. මනුෂ්‍යයා කියන්නේ එක සත්ව කොට්ඨාශයක් ගැහැනු පිරිමි කියලා ලිංග භේදයක් තිබුනට. ඒක මේ වර්ගයාගේ පැවැත්ම උදෙසා ස්වභාව ධර්මයා විසින් කරපු දෙයක්. එහෙමනම් එයාලව මනිණ මිම්මත් එකක්ම වෙන්න ඕන කියලයි මට හිතෙන්නේ. අපි යම් කෙනෙකුට අකමැතිනම් අපි එයාගෙන් ඈත් වෙලා හිටියම ඉවරයි, මොකද කවුරුවත් අපේ ඇඟේ බලෙන් එල්ලෙන්නේ නෑනේ. හැබැයි ඉතින් අපිම එල්ලගෙන අපිම ආඩපාලි කියන එක වැරදියි වගේ නේද ආයිබොවන්.....!


ගෙහුං එන්නද මං.....?

62 comments:

  1. Minissu godak welawata blanne sapekshawa......e eyalage kamaththa, asawa, hari kiyala hthagen....
    Hamoma hoyanne brandnew ewa, eth eyalata amathaka wenawa thaman use karapu 2nd hand ewa gana,! Ehema naththama amathaka karanawa,,
    Me kiyana kathawa 100%k hari kiyamuko? Eth oken kiyawenne ek paththak gana witharai!

    {Singlish walin ketuwata samawenda orne...masima kota uda nsa 4ne rajayata dum allanawa}

    ReplyDelete
    Replies
    1. ඔබවත් සාදරයෙන් පිලිගන්නවා සරාගේ ලෝකෙට. ඒවගේම ගොඩාක් ස්‍ටුතියි අදහස් දැක්වීම පිළිබඳවත්. ජය වේවා. කියමීමට සුදුසු යමක් ඇතැයි කියලා හිතෙනවානම් ආයෙත් එන්න කියලා ආරාධන කරනවා.

      Delete
  2. Mekath oya kathawema athuru kathawak kiyala hithuna....mama waradida danne na!

    www.youtube.com/watch?gl=US&hl=en&client=mv-google&v=Z4n6h62xxXs

    ReplyDelete
  3. හරිම මධ්‍යස්ථ පෝස්ටුවක් සරා..

    උපරිමයි.. සාධාරණයි !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මගේ මිත්‍රයා උඹට. ජයවේවා..!!

      Delete
  4. ස්ත්‍රිය කෙරෙහි පිරිමින් දක්වන කුහකත්වය එදත්, අදත්, තියනවා. අනාගතයේදීත් තිබේයැයි සිතනවා. අපේ චින්තනය වෙනස් වියයුතු නමුත් එය සිදුවන්නේ ඉතා සෙමෙන්. කම්මැලි පිරිමි අතින් ගිලීහී යන වැදගත් රැකියා (වෘත්තීන්) බොහොමයක් ඉතා ශීග්‍රයෙන් කාන්තාව අතට පත්වෙමින් ඇගේ ආධිපත්‍යය වර්ධනය කරවමින් පවතිනවා. පිරිමින්ගේ කුහක කම පෙරදිග බටහිර බේදයකින් තොරව ලොව පුරාම පවතිනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරකගේ කතාවට මමත් එකඟයි...ඒත් ගැහැණු පිරිමි ලිංග බේදය අතෑරියත් මිනිස්සු ගාව මේ කුහකත්වය තියනවා..

      සමහර වෙලාවට මේ වගේ දේවල් නිසා වෙන්නැති ලෝකය පවතින්නෙත්..

      Delete
    2. @ විචාරක

      ඔබගේ කතාව නිවැරදියි මහත්මයා. ස්තුතියි ඔබ දරන මධ්‍යස්ථ මතය පිළිබඳ මෙවන්වූ සංවේදී මාතෘකාවක් ගැන.

      Delete
  5. මම මුකුත් කියන්නේ නෑ...

    මෙන්න මම ඊයේ කොල්ලෙක් එක්ක කරපු කතාවක්..
    --------------
    me: අර ළමයා නිසා මිසක් මං නං කියන්නේ මලාට කමක් නෑ කියලා..

    he: අම්ෙමා් ඒ් ෙමෙකා්

    me: පවු අර මනුස්සයා
    රට ඉඳන් දුක් විඳින මිනිහා

    He : ෙපාරත් ඒෙහ නිකන් ඉන්ෙන නැතිව අැති
    අෙන් ෙම්

    me: ඒකෙන් වැඩක් නෑ නේ

    he: ඔයාල හිතන තරම් ෙකාල්ෙලා ෙමා්ඩ නැහැ දුක් විදින්න
    ලංකාෙවන් යන ගැහැණු ඔන රතම් ෙසට් ෙවනව ඒහිදි

    he : ow ow api ehema hithamuko
    oya ithin oya kollo gana danna hariya thamai

    me: හැම කොල්ලම නරක පැත්තට දාලා බලන්නේ නෑ මම
    හැම කෙල්ලම නරක පැත්තට දාන්නෙත් නෑ

    he: mola naggama inna hitina thanuth amathaka wenawa
    eth ithin oya hama sellamama dala awith yasa apuruwata inne
    tika dawasak giyama serama ewarai
    mehemai, kana eka belle ellagena kanna honda naha
    eka piliwelata himain kanna oney

    me: මම නම් කොහ‌ොමත් අනුමත කරන්නේ නැති දෙයක්...
    he: Rajawaru pawa hora thamai kawe hihihi
    monata anthappura thiya gaththe

    me: ඒකෙන් වැරැද්ද හරි යන්නේ නැ න්
    වැරැද්ද වැරැදද්මයි

    he: ekakakin saheemata pathwenna bari nisa
    owwa ban apita waradi

    he: western country oya kisiwak ganann ganne naha
    ---------------

    ඔන්න තමන්ගේ වැරැද්ද සාධාරණිකරණය කරන්න ඉදිරිපත් කරන හේතු.....

    ReplyDelete
    Replies
    1. මම නෑ ඕං වලියට.. හරිද.... අහිංසක මාවම තමයි අල්ලගන්නේ.... ඉහි ඉහි ඉහි....

      Delete
    2. මේ ගැන මේ ටිකේ හරියට කතා කළා අප්පා.. මොන දේ උනත් තමන් තමන්ට අවංක වෙන්න ඕනේ මුලින්ම.. ‌ගොඩක් පිරිමි කරන්නේ අර උඩ මාත් එක්ක කතා කරපු කෙනා වගේ තමන්ගේ වැරැද්ද සාධාරණීකරණය කරන්න උත්සාහ කරන එක.... එයා ඇත්තටම තව කෙනෙක්ට අවංක වෙයිද කියලා මට හිතා ගන්න බෑ... අනිත් එක මේ දවස්වල අපේ සමාජය යන්නේ, පිටරටවල් වලි ඒ පැත්තට ගිහින් නවත්තගන්න බැරැව නීතී දාගෙන නවත්තන්න දඟලන පැත්තකට... අපි තාමත් පරක්කු වැඩි නෑ....

      බ්‍රෑන්ඩ් නිව් උනත්, සෙකන්ඩ් හෑන්ඩ් උනත් තමන්ගේ වයිෆ්ට තමන් ගැන ඇත්තම කියන්නේ පිරිමි කීයෙන් කී දෙනාද..? අර නැව් ගියාට පාරවල් හිටින්නේ නෑ කියලා හිතලා පටං ගත්ත තැන ඉඳලම වංචාවක් කරනවා... ( තව එහෙම කරන එක හරි කියලත් තර්ක කරනවා..)

      ම‌ෙග් අදහස නම් දෙන්නට දෙන්නා අනිවාර්යයෙන්ම අවංක වෙන්න ඕනේ.. කන්‍යාභාවය කියන දේ තියෙන්නේ හිතේ... ඒක ගෑණු පිරිමි දෙගොල්ලටම තියෙන දෙයක්.. ඒක මනින්න දෙයක් නෑ... තමන් තමන් තුළ විතරයි තියෙන්නේ... දෙන්නට දෙන්නට දෙන්නා අවංක නම් එතන ඔය කියන කිසිම ලෝකේ පරීක්ෂණයකින් තහවුරු කරන්න බැරි ආරක්ෂාවක් තියෙනවා... ඒ තමයි විශ්වාසය....

      Delete
    3. හරියට හරි හිරුවෝ ඕක තමයි මගෙත් අදහස. මම කියන්නෙත් අනිත් උන්ට ඇගිල්ල දික් නොකර තමන් මුලින් අවංක වෙන්න තමන් හරිද කියලා හිතන්න. තමන්ට ඇප නම් ඇයි ඒකම අනිත් කෙනාට අකැප කියලා සිතන්න කියන එක. ඒවගේම එක වහලක් යටට උනාට පස්සේ නම් හීනෙන්වත් වරදක් කරන්න එපා කියලත් මම කියනවා. මොකද ඒ එක වරදකින් තුන් හතර දෙනෙකුගේ ඉරණම විස‍ඳෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම දෙලොවටම නැති අපි වගේ උන් තවත් ලෝකේ ඉන්න නිසා. අහලා තියෙනවනේ "ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි" කියන ගීතය......

      ( ඇත්තටම මම ආසයි හිරුවෝ මැදහත්ව හිතන්න. මැද මාවතක ගමන් කරන්න. මොකක්දෝ මට නොතේරෙන හේතුවක් නිසා මම අන්තගාමී වෙලා. එක්කෝ හොඳ නැත්නම් නරක, එක්කෝ හරි නැත්නම් වැරදී. මදහත්ව හිතන හැටි මට තේරෙන්නේ නෑ.වෙලාවකට මේක හරි කරදරයක් මොකද සමහරු මාව අළුගෝසුවෙක් විදිහටත් දකිනවා. මට නොකීවට.)

      Delete
  6. මිනිස්සුන්ට කාන්තාවන් ගැන හිතන ආකල්ප වෙනස් කරන්න ඕනෙ නැති කම තමා තියෙන්නෙ කියලයි මට හිතෙන්නේ. සම අයිතිවාසිකම් කියන එක බල්ලට දාමු. ඒත් අඩුම තරමින් මේ වගේ දෙයක් දිහාවත් මානුෂීකව හිතන්න ඒ අය හිතාමතාම අමතක කරලා දමනවා. ඒක ඉතින් පුරුෂාධිපත්‍යය රැකගන්න හැරි වෙන්නැති...කොහොම උනත් සරා අයියේ මේ ලිපිය නම් මධ්‍යස්තව හිතලා ලියාපු හොඳ ලියමනක්...

    //උදාහරණයක් හැටියට මාවම ගත්තම ගෙදරින් පිටවුන දා ඉඳන්ම මාව පාලනය කරන්න කවුරුවත්ම උන්නේ නෑ//

    මේ ලෙසම තමා මම...හිත පාලනය කලාම තව මොනවද..තමුන් ඉබේම පාලනය වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ළිහිණියා සෙල්ලම් නෑ. ස්තුතියි කෙල්ලේ. අනික උගත් බුද්ධිමත් අය ඉන්නවානම් මේවා මේ විදිහටම වෙන්නේ නෑ. එහෙම උනාම අදාල පාර්ශව වලට එල්ලවෙන පීඩනය වැඩී නෙව.

      Delete
  7. හිතන්න හුඟක් දේ තියන පෝස්ටුවක්.

    ReplyDelete
    Replies
    1. එහෙමද හොඳයි හොඳයි...හොඳට හිතලා බලපං...! තාමත් වේකන්ට් නේද....? උඹ හරියට පාට මාරු කරනවා වගෙයි. මම කිවුවේ මේ ප්‍රොපයිල් පික්චර් එක ගැන....!!!!

      Delete
    2. හික්ස්.. ප්‍රොෆයිල් ෆොටෝ එක වෙනස් කළා බං...

      Delete
    3. උඹත් වවුලෙක්ද මන්දා මේ රෑත් ඇහැරලා. එනිවේ... ගුඩ් නයිට් යාළු...!

      Delete
  8. "ඒවගේම හංදියක් හංදියක් ගානේ පැණි හලලා අමාරුවෙන් යාළු කරගත්ත කෙල්ලව අවුරුදු ගානක් ආශ්‍රය කරලා කසාද බැඳලා පහුවදාට ගහලා පන්නනවා මේකිගේ අරක තිබුනේ නෑ මම අවුරුදු ගානක් ආශ්‍රයකලා අතවත් අතවත් තිබ්බේ නෑ...අරකද මේකද කියලා අපහාසත් කරලා. කරපු වැඩේ වැරදියි කියලා මම කියන්නේ නෑ යෝජිත විවාහයක්වත් උනානම්."

    මේ අදහසට මම එකඟ නැහැ. යෝජිත උනත් නැතත් බඳින්න කලින් කෙල්ලට හෝ කොල්ලට බැරි නං තමන්ගෙ ජීවිතේ ගැන ඇත්ත තත්වෙ අනිත් කෙනාට කියන්න. පුකට පයින් ගහලා පන්නන්න ඕන .....

    මම නං කියන්නෙ කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් මොන පිස්සු කෙලියත් බඳින්න කලින් බැන්ඳට පස්සෙ හොර කොටු පනින එක නං කොහෙත්ම අනුමත කරන්න බැහැ .....

    අනිත් එක මම අහලා තියන විදියට 10% කගේ කොහොමටත් උප්පත්තියෙන්ම කන්‍යාභාවය කියන එක නැහැ ......

    ReplyDelete
    Replies
    1. ඉතින් මුලින්ම ආයුබෝවන් කියලම පිළිගන්නවා සරාගේ ලෝකයට ඔබව. ඔවු අනෙක් කෙනා ඒතත්වේ ඉන්නවානම්, ඒකියන්නේ ඔහු හෝ ඇය වචනේ පරිසමාප්ත අන්දමින්ම සුදු චරිතයක්නම් එහෙම කරන එකේ වරදක් නෑ. මොකද ජේසුස් වහන්සේ පවා දේශනා කරලා තියෙනවනේ ඔබලා අතරින් පව් නොකල තැනැත්තෙක් වේනම් පළමු ගල ගසන්නැයි කියලා. හැබැයි ඔයා කවදාවත් දැකලා තියෙනවද කුමර බඹසර නැති නිසා ගෙදර යවපු කොල්ලෙක්ව....?

      //කරපු වැඩේ වැරදියි කියලා මම කියන්නේ නෑ යෝජිත විවාහයක්වත් උනානම්." //

      අනික මම ඔය ටික කිව්වේ වඳුරන්ගෙනුත් බණ අහපු එවුන්ව සාන්තුවරු වගේ හඳුන්වලා උන්ට පරස්තාවල් කරල දෙන උන්ට සහ එහෙම නූල් සූත්තර කාරයන්ට හොයන්නේ බලනේ නැතුව තමුන්ගේ දරුවන්ව දීග තල දෙන මී හරකුන්ට පාඩමක් විය යුතු නිසා මිස අදාල ගැහැනු දරුවාට අසාධාරණයක් වෙන බව නොහිතා නෙමෙයි.

      Delete
  9. මේක සරා තනිකර ආසියානු හා ගතානුගතික මතයක්.. මට නං සම්පුර්ණයෙන් එකග වන්න බැරි කාරණා තියෙනවා.. (පොඩ්ඩක් සැර වැඩිද මන්ද මම ඔය සැන්ඩි පාවිච්චියක් නෑනේ ඒකයි.. හැක්..)

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ යාලුවා සරාත් එහෙම තමයි. ගල් නෑ වැලිනෑ නියම රාත්තල. ඔයාට කැමති මතයක් දැරීමේ අයිතිය තියෙන්න ඕන.

      (සරාට දැන් සැන්ඩි වල අවශ්‍යතාවක් නැත. හොඳ එකෙක් කෙරුවනේ මාව.)

      Delete
  10. මේ ගැන මුකුත් කියන්න බෑ...
    තමන් ජීවත් වන පරිසරය,
    සමාජ ආර්තික පසුබිම..,
    මේ දිහා බලන කෙනාගෙ වයස අනුවත් ,,...මේ දැක්ම වෙනස් වෙනව.

    උදා: අපි පොඩි කාලෙ හිතනව අපේ අම්මල ,තාත්තල මහ වසනපුරො...අපිට කිසි නිදහසක් නෑ...අරගොල්ලන්ට තියෙනව මට නෑ...ඕන වෙලාවට..ගෙදරින් ගම්නක් යන්න නෑ...ඔය විදියට..,
    දැන් අපි දෙමාපියන් වෙලා...අපේ දරුවන්ට...ඕය කැලේ යන්න එපා,පාරෙ කොහේදයන්නෙ....අම්මට කියල මිසක් එලියට යන්න එපා....
    ඕය විදියට තමා...!!!

    ReplyDelete
    Replies
    1. අම්මපා හැබෑව වීයෝ..!මම ඔය ටික කියල නැද්ද මන්දා...

      Delete
  11. හෑ
    වී පොකුරේ වීයා හා එකගව යන මතයක්
    මට තියෙන්නෙත් .. ඔය කිසිම දෙයක් කිසිම
    තැනකට පොදුත් නැහැ , පොදු එකේ අනික් වචනෙත් නැහැ ( මට එන්නේ නෑ අනික් එක )..හැබැයි පොඩ්ඩක් පිරිමින්ගේ අවුලක් තියෙනවා
    තමන්ගේ කෙනාව පරිස්සන් කරන් අනික් අයගේ
    ඒවට බැල්ම දාන එක..එතැනදී ගෑල්ලමයින්ගේත් පොඩි අවුලක් තියෙනවා බර
    බැල්මක් වැටුනොත් වැල යන අතට මැස්ස ගහනවා ...

    ReplyDelete
    Replies
    1. පොදු කියන වචනේ අනිත් එක මම හිතන්නේ පුද්ගලික වෙන්න ඕන . අපේ ගුරුතුමී දන්නවා ඇති හරියටම කියන්න. ඒක නේද ටීච....? මම කිවුවේ නිදහස හැමෝම භුක්ති විදින්න කැමතිනේ. ඉතින් සමනල් අවදිය නිදහසේ ගෙවුවට කාරියක් නෑ. හැබැයි තමන් පහුකරපු සීමා මායිම් ගැන අවංකව කතාකරලා සහකාරයෙක් හෝ සහකාරියක් ‍තෝරා ගන්න තැනට අපේ ආකල්ප වෙනස් විය යුතුයි. එහෙම උනොත් කාටවත් කොලේ වහලා ගහන්න වත් ඒනිසාම පස්සේ ගැටළු වලට මුහුන දෙන්න වත් වෙන්නේ නෑ.

      Delete

  12. ආයේ පිරිමින්ගේත් අවුලක් තියෙනවා තමන්ගේ ආශාව ඉෂ්ට උනාම
    හිතනවා " එයා ඕන කෙනෙක් එක්ක යනවා ඇති කියල ..

    ආයේ ගෑල්ලමයින්ගේත් වරදක් තියෙනවා හොද බර කෙනෙක් නම්
    අපෝ අර මිනිහ හරි වල් කියන්නේ නැහැ, යනවා..
    අහිංසකයෙක් මොනා හරි කිව්වොත් තමා පතිවත මතක් වෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහත්මයා ඔබට කැමති අදහසක් දැරීමේ අයිතිය ඔබ සතුයි. මගේ අරමුණ උනේ ඉහත ගීය රසවිඳින විට මට හිතුනු අදහස් කීපයක් ඉදිරි පත් කිරීමයි.

      Delete
  13. මේක ඔහොම ඔහොම ඉතින් ඉවරයක් නැතුවම යනවා ..
    සමස්තයක් ලෙස පිරිමි මල් නෙලීමට ආසයි ,තම මල් වත්තෙන්
    ඔබ්බෙහි ඇති මල් නෙලීමට වැඩි රුචියක් දක්වයි ..තම මල් අනුන්ට
    දීමට නොපෙලබේ ..ඇතෙම් මල් සුවද විහිදයි එත් ඒ පමණටය ,
    ඇතෙම් මල් එන්න එන්න මල් සුවද බොහෝයි කියයි ..

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද...? හොඳයි හොඳයි...

      Delete
  14. බාගයක් කියවන් යනකොට සරාට ගහන්න කොස්සත් අරන් ලෑස්ති වුනත් දෙවනි සැරේ කියවද්දි වචන අතර ලියැවුනු කතාව තේරුම් ගන්න පුළුවන් වුනා...

    ඇත්තට මිනිස්සුන්ට ලිංග බේදය අතෑරලා හිතන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. Hamoma eka wage thaman gana hithanawa nam thaman waradi nokaranawa nam kochchara hodada? Dennata denna awanka nam godak durata me wage prashna athi wenne na. Pirimi kena gahanu kenage waradak hadanna yanawa thaman waradi kara kara. Gahanu kena pirimi kenage waradi hadanna yanawa eya waradi kara kara. Dennatama kanya bawayak thiyenawane. Dennama eka raka gaththa nam harine. Mari kalata passeth dennama ewage pirisiduwa innawa nam e prashna ekak wath nane.

      Ada nam koment karanna parakku una. Ude kiyewwa eth ada patikkita niwadune e nisa phone eka athata gaththa gaman eyata cartoon one wenawa. Dan amma ekka inna nisa yantham da gaththa.

      Delete
    2. @ රූ

      සරාට ගහන්න.......? හහ් ඕවා කියලා රූනෝනට සරාලගේ ගෙවල් පාරෙන් එහෙම යන්න බැරිවෙයි ඕං....! අමතක උනාද සරා ඉල්ලා අස්වෙච්ච ගැන්ග්ස්ටර් කෙනෙක් කියලා...හිකිස්....!!

      පුලුවන් ඒත් හැමවෙලාවෙම බුද්ධිය යටපත් කරන් කුහකකම මතුවෙනකොට.....

      තරහ වෙන්න එපා රූ නෝනේ අපේ මායියට පුංචි වැරදීමක් වෙලා එයා මෙතන කොමෙන්‍ටුව කොටලා තියෙන්නේ..!

      Delete
    3. @ නංගි බබා

      අඩේ අප්පා මෙන්න බලාපල්ලා මෙයා දන්න දේවල්...හික්..හික්..හික්........!!

      Delete
  15. පිරිමින්ට, ගැහැණු විතරක් වැරදි කරනවා කියල කියන්න බෑ.... මොකද ගැහැනියක් වරදක් කරනවා නම් ඒකට අනිවාර්යයෙන් පිරිමියෙකුත් සම්බන්ධයිනේ. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු හිතන්නේ කොල්ලෝ මොන බලු වැඩේ කලත් නාවල ගෙට ගත්තම වැඩේ ගොඩ කියල. කොල්ලෝ ඉන්න සමහරක් අම්මල හිතන්නෙත් ඔහොමනේ. ඒ කියන්නේ මේකට වක්‍රාකාරයෙන් ගෑණු අයම පිරිමින්ට අනුබල දෙනවා. ඔය කොයි හැටි වුනත් තමන්ට තමන්ගේ හර්ද සාක්ෂියෙන් නම් ගැලවෙන්න බැරි වේවි. මන් නම් හිතන්නේ හොදම වැඩේ ගැහැණු පිරිමි දෙගොල්ලොම අවංක වීම. අර කන්‍යා හුට පටේ නම් හරියටම ෂුවර් වැඩක් නෙමෙයි කියල දැන් ගොඩක් අය දන්නවා මයේ හිතේ. ඕව ගැහැනුන්ට විතරක් වලංගු වෙන එක තමා ප්‍රශ්නේ. අර කිව්වත් වගෙ මිනිස්සුන්ගේ ආකල්ප තමා දියුණු වෙන්න ඕනි. නැත්තන් මේවට උත්තර නැහැ.

    ReplyDelete
    Replies
    1. අපොයි අම්මේ .... දැකපු ගමන් මම හිතුවේ සමනලියට තරහ ගෙහුන් කියලා. යාන්තම් ඇති ජුන්ඩක් රිලැක්ස් උනේ කොමෙන්‍ටුව ඉවරෙටම කියවපුවම.

      හරි ආකල්පවල වෙනසක් ඇති කරන්නනම් ඔයාලා තමයි හිතට ගන්න ඕන. මතකයිනේ කොහොමද කරන්නේ කියකිය හිතන්නේ නැතිව කොතනින් හරි පටන්ගන්නයි ඕන.

      Delete
  16. Ane mahaththayo waradila ruuta reply karala thiyenne. Hadagena balanna hode.

    Aththatama Lankawe gahanu hari asaranai me wage prashna waladi. Mama hithanne oya hari.

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා ඕවා සුලු දේවල්.

      Delete
  17. සිරා කතාවක් ලියලා තියෙන්නේ අයියේ. මිනිස්සු හරි පුදුමයි නේ. මෙ ලගදි මම දන්න මගේ පිරිමි යාළුවෙක් මට කෝල් කලා.ඊට පස්සේ මට මෙහෙම කියනවා

    එයා.. ඇත්තමයි ඕයි මම බඳින්න කලින් කෙල්ලෙක් එක්ක අහවල් දේ කරලමයි බඳින්නේ..

    මම.. ඒ කියන්නේ ඔයා බඳින කෙල්ල එක්කද..?

    එයා..පිස්සුද බං එයාට මම එහෙම කරන්නේ කොහොමද?මම කිව්වේ වෙන කෙල්ලෙක් එක්ක experience එකක් අරන් තියෙන්නෙ ඕනානේ නැතිව බැහැනේ

    මම..හරි එතකොට ඒ කෙල්ලත් එහෙම කිව්වොත් බඳින්න කලින් experience එකක් අරන් තියෙන්නෙ ඕනයි කියලා වෙන කා එක්ක හරි ඉඳලා ආවොත් මොකද කරන්නේ..?

    එයා..එහෙනම් මම ඒකිට කියනවා ඒ ගිය එකා එක්කම ඉන්න කියලා.ආයේ මට ඒකිගෙන් වැඩක් නෑ.එකෙක් එක්ක ගිය එකෙක් මට මොකටද..?

    මම..එහෙනම් ඉතින් ඔයාත් කරන්නේ ඒකනේ එතකොට..

    එයා..මේ මේ අපි කොල්ලෝ අපි මොනා කලත් කමක් නෑ.. කෙල්ලෙක් ඉන්න ඕනා ඒ විදියට.

    මම..හරි ඒකත් හා කියමුකෝ.. එතකොට අර experience එක ගන්න හදන්නේ ඒත් කෙල්ලෙක්නේ ඒ කෙල්ලත් කවදා හරි දවසක් බඳින්න ඕනානේ, ඔහොම වෙලා කොහොමද ඒ කෙල්ල තව කොල්ලෙක්ව බඳින්නේ..?

    එයා..ඒක මට වැඩක් නෑ..ඒක එයා බලා ගත්තුදෙන්..
    ඇත්තමයි සරා අයියේ ඔයට ටික කියලා ඉවරවෙද්දි මම ඒකට අම්මා අප්පාව මතක කරලා හොඳවයින් ටිකක් කියලා දුන්නා. අනේ මුන්ට තේරෙන්නේ නැහැනේ තවත් මනුස්සයෙක්ගේ ජීවිතයක් එක්කයි මේ සෙල්ලම් කරන්නේ කියලා.අර හිරු අක්කා කියන කතාව තමා ගොඩාක් අය කියන්නේ "නැවක් ගියාට මුහුදේ පාර හිටින්නේ නැහැනේ"...

    කෙල්ලෙක් උනාම අපි දැන ගන්න ඕනා අපි විසින්ම අපිව පරිස්සම් කරගන්න. කීදාහක් ආශ්‍රය කලත් ඇඟට ගන්න හොඳ නෑ කවදාවත් එහෙම උනොත් මුළු ජීවිතේම විඳව විඳව ඉන්න තමා ඉන්න ඕනේ. ලේලිගේ පිරිසිඳු කම ගැන වද වෙන නැන්දම්මා කවදාවත් තමගේ පුතා ගැන ගොයලා බලලා තියෙනවයි කියලා නම් මම අහලා නෑ. ඒ ඉතින් පිරිමියෙක්ව නාවලා ගෙට ගත්තාම ඔක්කෝම හරි කියන නිසා වෙන්න ඇති. ඒ උනාට පිරිමියෙක් විදියට ගැහැණියකගේ කෝණෙනුත් බලලා සාධාරණ පෝස්ටුවක් දැම්මාට සරා අයියාට මාගේ ප්‍රණාමය....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නගෝ. ඒවගේම මට හිතෙන හැටි නෙව මම ලියන්න ඕන. අනිත් අය කුමන මත දැරුවත් ඒක මට අදාල නෑ. ඒවා වෙනස් කරන්න බැරි නිසානේ තත්වය මේ විදිහට තියෙන්නේ. ඒත් මම දකින විදිහට දැන් දැන් මිනිස්සු මේ බමුනු මත වලින් මිදෙමින් ඉන්නවා. අනික ඒදා හිටිය සාම්ප්‍රදායික ගැහැනිය වෙනුවට දැන් උගත් බුද්ධිමත් හැකියාවලින් පිරිපුන් ගැහැනියක් බිහිවෙමින් ඉන්නවා. මේ බමුනු මතවලට ඒක මරු පහරක් වෙන එක වැඩි ඈතක නෑ. ස්වෝත්සාහයෙන් නැගිටින කාන්තාව මනින්න අසාධාරන මිනුම් දඬු පාවිච්චි කරන්න හැමදාටම ඉඩ නැතිවේවි.

      Delete
  18. හැබැයි මේක යට තියෙන්නේ වෙනමම දෙයක් ..
    මට තේරුනේ දැන් දවස් දෙක තුනකට කලින් ඈ ..
    ඒක කියන්න තරම් විස්වාස වන්තයෙක් හම්බුනා දාකට
    කියන්නම්කො ..( හැමෝටම දැනගන්න )

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ කතාවනම් මට ටියුබ්ලයිට්.. !!!

      Delete
    2. ඕක සරාට සම්බන්ද දෙයක් නෙවේ..
      මම කිව්වේ කොල්ලෝ ඒ පැත්තට
      කියනවා , ගෑනු ළමයි මේ පැත්තට කියනවා..
      ටිකකින් දෙගොල්ලොම ඒක පාර්ශවීය වෙනවා..
      දැන් බලන්න ( ඔයා නෙවේ ) දේශපාලනේ ගැන එහෙම මහා
      ලොකුවට කතා කරන අය , අපිටත් නිකන් නම් ඕන එකක් වගේ
      කතා කියනවා ..එහෙමත් අය කීප දෙනෙක් නිහඩයි මෙතනම ..
      ( ඔයා නෙවේ) එහෙම අයගෙන් " ඔව් නේහ් , හදන්න බැහැ "
      වගේ උත්තර තමා තිබ්බේ ...
      අන්න ඒක ගැන කිව්වේ ... ඔන්න දැන් කිව්වා ඔක්කොටම ..
      විස්වාස වන්තයා උනේ සරා ඈ ..

      Delete
  19. මොනා කියන්නද මන්දා එත් සමහරුන්ට තෙලේ වැඩි වුනාම නිකන් ඉන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන සමහරු අතරේ උඹ නෑනේ මලයෝD.
      කොහොම උනත් ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා.

      Delete



  20. මෙතන තියෙන්නේ ලිංග බේදයක් නෙවේ .
    ගැහැණු පිරිමි වාද කරගන්න ඕනෙත් නැහැ .
    මෙතන ප්‍රශ්නේ රවට්ටවන එකයි රැවටෙන එකයි .
    ඒත් අන්තිම මොහොත වෙනකන් කාටවත් සහතික
    වෙන්න බැහැ ..කොහොමත් රාගය , ආදරය කියන
    දේවල් වලදී මේ කතා බයිලා වෙනවා.

    දෙපැත්තෙන්ම මේ වැරැද්ද වෙනවා..අවුරුදු ගානක් ආශ්‍රය
    කරලා හිතාමතා තමන්ගේ වාසියට අනික් කෙනාට කැත
    වැඩක් කරන එක.කොහොම හරි තේරුම් ගන්න ඕනේ
    ලිංග බේදයක් නැතුව පහත් මිනිස්සු අතින් පහත් වැඩ වෙනවා
    කියන දේ.. නැතුව බොරුවට ලකුණු දාගන්න ඇත්ත වහන
    එක නෙවේ ..

    ReplyDelete
    Replies
    1. වෙලාවකට මට හිතෙනවා ඔයා මොකක් හරි ආවේගයකින් ඉන්නවා කියලා යාලුවා. වරදක් හිතන්නෙපා. ඔයාගේ කොමෙන්‍ටු දිහා බැලුවම හිතුන දෙයක් කිවුවා එච්චරයි.

      Delete
  21. නැහැ නැහැ සරා මම කිව්වේ මම ඕන තරම් දැකල තියෙනවා
    තමන් හරි කියල පෙන්න ගන්න හදන අය( ඔයාට මොකවත්
    කිව්වා නෙවේ ) .දෙපැත්තම එහෙමයි. දැන් මෙතනත් .
    කව්රුත් අපේ පැත්තෙන් වැරදි වෙනවා , ඒවා මේවයි
    නොකිය අනික් පැත්තට ඇගිල්ල දික් කරනවා ..
    ඒකයි මම අර කියපු මල් කතාව කිව්වේ පොදුවේ .
    වැඩේ තියෙන්නේ කෙනෙක් ඇගිල්ල දික් කරලා හඳ පෙන්නුවම
    මිනිස්සු බලන්නේ හඳ දිහා නෙවේ , ඇගිල්ල දිහා ..
    මෙතන සරා තියෙන්නේ ගෑනු පිරිමි ප්‍රශ්නයක් නෙවේ..
    පහත් කමට ගෑනු පිරිමි බේදයක් නැහැ ..
    ගෑනු වේසෙන් කරද්දී එක නමක් , පිරිමි වෙසෙන් කරද්දී
    එක නමක් ..
    දැන් වත් ලිංග බේදය අත ඇරලා මේ වෙන දේ ගැන හිතන්න ඕන..
    මම ඒක කිව්වේ මෙතන කමෙන්ට් කරලා තියෙන අයට ..
    නැතුව ඔයාට දොසක් නෙවේ..

    ReplyDelete
    Replies
    1. මට ඒක නොතේරුන නෙවේ මිත්‍රයා .ඒත් ඔබ මෙවන් මාතෘකා ගැන කතා කරද්දී සෑහෙන්න හිතනවා වගේ යමක් මට දැනිලා තියෙනවා. හුඟාක් වෙලාවට යමකින් පීඩාවකට පත්වුන කෙනෙක් ඒගැන දක්වන ප්‍රතිචාර මීට සමානයි කියලා මගේ අත්දැකීම් මට කියනවා. සමාවෙන්න මම ඔබේ පුද්ගලික ජීවිතේට එබෙන්න හදනවා නෙමේ. එහෙත් ගැටලු ගැන සාකච්චා කරනකොට ඒවා විසඳා ගැනීමේ මාර්ගත් ඉබේම වගේ පැහැදිලි වෙනවා.

      Delete
    2. මේකයි සරා මම මුකුත් හංගල නැහැ , මගේ profile එකෙත්
      දාන්න පුළුවන් සීමාවෙන් දාල තියෙන්නේ.මන් සම්පූර්ණ විවෘත
      කෙනෙක්.මගේ වැරදිත් කියනවා , අනුන්ගේ වැරදිත් කියනවා .
      මොකද අපි බොරුවට මේවා හන්ගන් ඉඳල වැඩක් නැහැ .දැන් වත්
      මේවා වෙනස් වෙන්න ඕන.මන් දන්නවා ඔයා පොඩ්ඩක් අවුල් ගියේ
      මම බ්ලොග් ගැන දාල තිබ්බ පොස්ට් එක නිසා.ඒත් මෙතන ප්‍රශ්නයක්
      ඇති වෙනවා අර අගිල්ලයි හඳයි සම්බන්දව.මන් ගැන වරදවා හිතන්න එපා .මන් ටිකක් කෙලින් කතා කරනවා.ඒකේදී වෙන්නේ ඉතින් මුළු ලෝකෙම තියෙන ඒවට වැරදි කාරය මන් වගේ දෙයක් තමා . කමක් නැහැ ඉතින්.. ඒක හරියට මම ගොඩක් දැකල තියෙනවා මුස්ලිම් අයට පුදුම විදිහට බනින මිනිස්සු. ඒත් අනේ කව්රුත් කියන්නේ නැහැනේ අපි ඊලග ආත්මේ මුස්ලිම්
      උනොත් මොකද කරන්නේ කියල ? ( ඔයාට නෙවේ කියන්නේ හොදද)මුස්ලිම් මිනිස්සුන්ට බනිනවා විතරයි . අඩුම තරමේ අපේ කෙනෙක් රස්සාවක් ඉල්ලන් ගියත් සලකනවද . එත් ඒ මිනිස්සු වැඩට ගන්නෙම තමන්ගේ අය .අපි එහෙම නැහැනේ .දැන් ඕක මම කියද්දී කියනවා උබ තම්බින්ට කඩේ යනවලු . එහෙම බේරෙනවා . ඒත් තමන්ගේ වැරදි වහගන්නවා මග ඇරලා..මම කිසිම ජාතියක් , ආගමක් වශයෙන් මිනිස්සුන්ව වර්ග කරන්නේ නැහැ..එකම දේ මනුස්ස කම විතරයි සලකන. හැබැයි තරහක් පිරිමහ ගන්න ඉන්න කෙනෙක්ට ( ඔයාට කිව්වා නෙවේ )
      ඇගිලි දික් කරන්න වැරදි මන් ලග ඕන තරම් වැරදි තියෙනවා..
      ඒ මන් සුදු හුණු ගාගන්නේ නැති නිසා...

      Delete
  22. සමබර ලිපියක්... ඕන හක්කලමක් ගහලා බැන්දට පස්සෙ දෙන්නා විශ්වාසයෙන් ඉන්න එක තමා වැදගත්..

    ගෑණුන්ට වැඩියක්ම විනේ කටින්නෙ ගෑණුමයි බන්.

    ReplyDelete
    Replies
    1. එල සෙන්නා උඹේ කතාව හරියටම හරි. දාපන් පහක්. කෙටි උනත් නිවැරදිව හරි දේ කියවිලා තියෙනවා උඹ අතින්. ජය...!

      Delete
  23. මෙතැන මම පොදුවේ කියන දේවල් ඒ කියන්නේ quote
    නොකර කියන දේවල් 51% යන්නේ සරාගේ ගිණුමට
    කියල සරාට හිතෙන එක සාදාරනයි .. එත් එහෙම හිතන්න එපා ..
    ඒ අහිංසකයා සින්දුවක්නේ දැම්මේ..මම කතා කලේ කමෙන්ට්
    වලට..මම දෙපැත්තේම වැරදි කතා කළා..කොල්ලෝ හරි
    කියල කොහෙවත් කියල නැහැ මන් .ඒකයි මන් කියන්නේ
    මෙතන තියෙන්නේ ලිංග බේදයක් නෙවේ..පහත් මිනිස්සු
    ගැන ගැටළුවක් .. එත් හැමෝම කතා කරන්නෙම අපි හරි
    අනික් අය වැරදි වගේ ..තමන්ගේ gender එක සාදරනීය කරන් ..
    ( ආයෙම සරාට කියනවා නෙවේ මේවා හොදද , මේකත් අර
    හිරුගෙයි මගෙයි කතාව වගේ . ඒක නම් සාම කාමීව අපි විසදගත්ත )

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැ‍ටුමක් දක්වා ගෙනයන්නෙකුට බ්ලොග් අවකාසේ ‍රැ‍ඳෙන්න අමාරුයි මිත්‍රයා. මම ප‍ටු විදිහට හිතන්නේ නෑ ඔබේ අදහස් දැක්වීමට පූර්ණ අයිතිය සරාගේ ලෝකය තුල තියෙනවා. අනික මම හොඳින් ඔබගේ කරුණු දැක්වීම් ගැන නිරීක්ෂණය කරනවා. වැරදි යමක් ඔබ කියා නැතිබව මට වැටහෙනවා. ඔබ ව්‍යංගයෙන් කියන යමක් තියෙනවා. මම හිතනවා ඔබේ බ්ලොග් එකේදී හෝ ඔබ එය අප සමඟ සාකච්චා කරාවි කියලා. හුඟාක් ගැටළුවලට විසඳුම සාකච්චාව බව මම අත්දැකීමෙන්ම දන්නවා.

      Delete
    2. ඉන්නකෝ මම දාපු කමෙන්ට් එකක් තියෙනවා ඒවා
      ටික හොයාගෙන දාන්න ...
      ah anith de hiruyi magei randuwak une naha.
      mata theruna man kiyapu dewalin eyge hitha riduna kiyala..mokada edath une mulu lokema waradi walata eyawa ilakka una wge deyak.. eka oyath dakkane sara..dan balanna eda mamama neweda e lamayage hitharidenawa kiyala danuna gaman wahaama sama aran nawathune..nathnam matath thibba ohe eyawa allan riddanna ara eyata wena boy kenek katha karala thibba wge.. eth man ehma naha..mata kagewath hith riddanna uwamanawak naha...at least it knows hiru.. unfortunately she mey b fln aslp nw .

      Delete
    3. සහන් බයවෙන්න එපා.. හිරුවා සාමාන්‍යයෙන් කාත් එක්කවත් තරහා වෙන ජාතියේ කෙල්ලෙක් නෙවෙයි... මාව යාලු කරගන්න ලේසියි .. තරහා කරගන්න අමාරුයි.. හි හි... අනිත් එක කවුරුහරි මොනවා හරි කිව්වාම ඒක මගේ එකවුන්ට් එකට දාගන්න තරම් මෝඩ නෑ මම... හි හි.. ඔයා එදා කියපු කිසිම දෙයක් මාව ඉලක්ක කරලා කිව්වා කියලා මං හිතන්නේ නෑ... අන්ත එක සරා අයියත් ම‌ෙග් ජාතියෙම තමයි මං හිතන්නේ...

      ///මට ඒක නොතේරුන නෙවේ මිත්‍රයා .ඒත් ඔබ මෙවන් මාතෘකා ගැන කතා කරද්දී සෑහෙන්න හිතනවා වගේ යමක් මට දැනිලා තියෙනවා. හුඟාක් වෙලාවට යමකින් පීඩාවකට පත්වුන කෙනෙක් ඒගැන දක්වන ප්‍රතිචාර මීට සමානයි කියලා මගේ අත්දැකීම් මට කියනවා. සමාවෙන්න මම ඔබේ පුද්ගලික ජීවිතේට එබෙන්න හදනවා නෙමේ. එහෙත් ගැටලු ගැන සාකච්චා කරනකොට ඒවා විසඳා ගැනීමේ මාර්ගත් ඉබේම වගේ පැහැදිලි වෙනවා.//

      මෙන්න මේ ටිකම තමයි මටත් එදා හිතුනේ.. ඒකයි මම එදා එහෙම කිව්වේ... ඕනේ දෙයක් කතා කරද්දි පැහැදිලි වෙනවා... දැං ඔය මං ලියන දේවල් උනත් සමහර වෙලාවට මටම පැහදිලි වෙන්නෙ ටිකක් ලියාගෙන ගියාම... හැමෝම යම්කිසි දේකදි අන්තගාමී වෙනවා.. මමත් එහෙමයි... ඒත් කතාවෙන් ගොඩක් දේවල් හොඳ වෙනවා... හරි යනවා...

      වලි දාගමු.. වලි නැතුව කිසි ජොලියක් නෑ... හැබැයි මේ කමෙන්ට් තීරුවෙන් එහාට වලිය ගෙනියන්නේ නැතුව ඉමු.... ගහ ගන්න තරමක් අදාල තැන විතරක් ගහගමු.. මේ බ්ලොග් වල ගොඩක් අයට නොතේරෙන දෙයක් ඒක....

      ඔයා මීට පහල දාලා තියෙන කමෙන්ට් දෙකත් මම කියෙව්වා.. මට කියන්න ඕනේ ඔයා විතරක් නෙවෙයි ඔහොම හිතන්නේ.. ඔයා විතරක් නෙවෙයි ඔය විදියේ වැඩක් වෙලා තියෙන්නේ....

      බඳින්න කලින් ඇති වෙන්න යාලුවන්ගේ ප්‍රශ්න වලට මම මැදිහත් වෙලා තියෙනවා.. ඒක නිසා මම ඇති වෙන්න ඔය වගේ දේවල් අහලා, දැකලා තියෙනවා.. ඒවා විසදන්න කරපු එකම දේ ඒ දෙන්නට විවෘත වෙන්න අවස්ථාවක් හදලා දුන්න එක විතරයි... අද උන් ගොඩක් දෙනෙක් හොඳින් ඉන්නවා...

      හැමෝටම, තමන් ගැන හැමෝටම කියන්න බැරි දේවල් තියෙනවා... සමහරු ඒවා ගැන කතා කරන්න කැමති නෑ.. එක්කෝ දුක නිසා, නැත්තම් තරහා නිසා, නැත්තම් ලැජ්ජාව නිසා.. සමහර විට තමන්ට ආදරේ කරන කෙනෙක්ගේ හිත රිදෙයි කියලා... ඒක ගොඩක් සාධාරණයි... ඒවා රහසක් නෙවෙන්න ඕනේ තමන්ගේ ලයිෆ් පාට්නර්ට විතරයි... අනිත් අය ඕනේ බම්බුවක් හිතපුවාවේ..... හැබැයි තමන්ගේ වයිෆ්ට හරි හස්බන්ඩ්ට හරි හංගන්න නම් ඒක හේතුවක් වෙන්න ඕනේ නෑ... එහෙම උනොත් එතන තියෙන්නේ බොරුවක්, වංචාවක්....

      Delete
    4. එල හිරුවා දාපං පහක්....!

      Delete
  24. me thiyenne mama ehema dapu thanak sara...
    http://piyabanasihina.blogspot.com/2012/11/blog-post.html?showComment=1353489247208#c5007705527939938783

    hena kattak kawa hoyanna...


    ඔය අද්දැකීමම මටත් තියෙනවා . මන් ගැන මොනවා කව්රු කොහොම
    කමක් නැහැ .මම නම් තවත් කට වහන් නම් ඉන්නේ නැහැ .මුළු ලෝකෙටම
    කියන්න දේවල් ටිකක් මට තියෙනවා .ලෝකේ මට නැති වේන්න කලින් මන් ඒවා කියනවා . සමාජ සම්මත , පූච්චන් ලෝකේ මට වැඩක් නැහැ. මන් හිතන්නේ දැනටමත් මේවා හංගන් හිටිය ඇති .ජීවත් උන බව තේරුම් ගන්නෙම නැත්නම් මැරිලා පෙන්න්නන්න ඕන දැනුයි මරුනේ කියලවත් තේරුම් යන්න ..

    ඒකයි මේවා කියන්නේ , මට ප්‍රේම සම්බන්ද කීපයක්ම තිබ්බ ( අනිත් අයට නම් එකයි , හරි පිරිසිදුයි කියලත් දන්නවා එත් මගේ එහෙම නැහැ. දැන් හරි මන් හිතන්නේ ) එතනින් එක්කෙනෙක් ඉන්දියන් ගෑල්ලමයෙක් . අපි දෙන්න හම්බුනා හැටි තව විස්තර වෙන වෙලාවක කියන්නම් . මොකද ඒවත් ඕනේ මේකට .නැතුව කෙල්ලෙක් හිටිය , ආදරේ කරා , එය ගියා , මන් ආව නෙවේ.. ඊට වඩා මේවගේ අස්සේ තව තියෙනවා දේවල් ..මේ ඔක්කොම මන් ලෝකෙටම කියනවා . මොකද කව්රු හරි ඒවා බලල හැදෙයි ..
    මන් මේ මැද්දක තියෙන දෙයක් කියන්නේ හොදද ? ඉස්සර මෙයා බැංකුවෙන් ඇවිත් හවස 6.30 වගේ මට කෝල් කරනවා ,ඒක ඉවර වෙන්නේ 9 විතර රෑට කෑම කන්න . ආයේ 9.40 විතර වොෂ් එහෙකුත් දාගෙන ඇවිත් රෑ 11.40 විතර වෙනකම් කතා කරනවා. ආයේ පහුවෙනිදා පාන්දර 5.30 විතර විනාඩි 30 විතර කතා කරනවා , ඊට පස්සෙයි බැංකු යන්නේ . ආයේ හවසට අර විදීහටම කතා කරනවා . සිකුරාදා දවසට වෙනස් වෙනවා ටිකක් හවස 6.30 වගේ මට කෝල් කරනවා , ඒක ඉවර වෙන්නේ 9 විතර රෑට කෑම කන්න . ආයේ 9.40 විතර වොෂ් එහෙකුත් දාගෙන ඇවිත් පාන්දර 3.40 විතර වෙනකම්
    කතා කරනවා . සෙනසුරාද උදේට 8 වගේ ඉඳන් 12.30 විතර වෙනකම් කතා කරලා දවල් කෑමට යනවා . ආයේ 2 විතර වෙනකම් කතා කරනවා . හවස 4 විතර වෙනකම් එයා ගෙදර නංගි එක්ක සෙල්ලම් කරලා ඇවිත් කතා කරනවා .ආයෙම සුපුරුදු විදිහට පාන්දර 3 විතර වෙනකම් , ඉරිදටත් ඔහොමමයි , ආයේ සතියේ දින වල දවල්ට නැහැ රෑට .
    මේ මොනවා උනත් උන එකම දේ දන්නවද ? එයාට නිදා ගන්න ඕන උන ගමන් " gud nit kanna ( හින්දියෙන් පැටියෝවගේ තේරුමක් තියෙන්නේ ) , i nd to slp , u also slp tyt gd nyt umma " ඔන්න ඔච්චරයි . මම මේ ළමය පව්
    නේද මට ආදරේට නේද කතා කරන්නේ කියල හිතුවත් , එයා වෙනුවෙන් මම දවසට පැය 12 විතර 4n එකේ .පුදුම මානසික වදයක් ඒක කෙනෙක්ට . එච්චර කරේ ආදරේට , හිත රිදවන්න බැරි කමට . එත් ඒ අය එහෙම නැහැ උනේ කවදාවත් .. තමන්ගේම සතුට පමණයි .. අනික් කෙනා වෙනුවෙන් කැප කිරීම් මට නම් ජීවතේ උනත් දෙන්න පුළුවන් ,එත් ඒ බව තේරුම් අරන් එයාගෙන් ජීවිතේම උදුර නොගන්න ආදරේ කරන කෙනා පරිස්සන් වෙන්න ඕන..

    ReplyDelete
  25. ඒත් මට ඔච්චර දෙයක් කරපු කෙනා ගැනත්
    හිතන්නේ මන් මෙහෙම .. මේක සිරාගේ කාමරේ
    " අම්මගෙන් අහන්න " එකට දාපු කමෙන්ට් එකක් ..

    http://siragekamare.blogspot.com/2012/11/blog-post_23.html?showComment=1353651687977#c5038360926735960496


    මචන් නිලන්තගේ ලව් එක නම් සිරා . ඕක ගැහුවම කාගේවත්
    බණ වැඩක් නැහැ .එත් පස්සේ ඔක්කොම කරගෙන හයියෝ බන්
    හිතපු තරං අතල් නැහැ බන් කියන්නේ නම් P ටයිප් එවුන් බන් ..
    එහෙම වෙලාවට " ඈ යකෝ උබට මතක නැද්ද උබ පො***** වගේ
    පස්සෙන් ගිය කාලේ " කියල මතක් කරලා දෙන්න ඕනේ..
    මොනවා උනත් ප්‍රභා හරි බන් ... මූ නිකන් මොකාද වගේ පස්සෙන්ම
    යන්නැති වෙන ගෑනු නැහැ වගේ.. ඔතොකොට ආදරේ කියන එක
    නෙවේ එන්නේ .. කොහොම හරි මාත් නිලන්ත හොද වැඩ්ඩෙක් කියල
    හිතාගෙන ඉද්දි අර අන්තිමට කියපු එකෙන් තමා එපා උනේ . මතක නැහැ
    අතීතය ඌට .. එක අතකට ඕක ආදරෙත් නෙවේ , කෑදරේ . කෑවම නිකන්
    හරි නෑ හරි නෑ වගේ දැනෙන කෑදරේ බන් ...



    සමහරු ඉන්නවා ආයේ ගන්න දෙයක් නැහැ බේබද්දෝ .
    සමහරු ඉන්නවා නිකන් මනුස්සය table එකේ වාඩි උනත්
    " හයියෝ තමුසේ බිව්ව නේද " ගාල රටේ නැති ඒවා කියන ..

    ඔය දෙගොල්ලොම වැරදි . මෙතන බොන්න ඕනේ කියල දෙයක් නැහැ ,
    එත් හබි සාමාන්‍ය ගානට සදාචාර සම්පන්න විදිහට ඉන්න කෙනෙක් නම්
    හිරුගේ ක්‍රමේ 100% හරි .. එත් හබි ඕවර් යන කෙනෙක් නම් අනේ මන්ද
    පවුල් ජීවිත කාලකන්නිම වෙනවා...

    කොල්ලෝ විදිහට මාත් කරටි කැඩෙන්න ගහල කානු පල්ලේ බුදියන්නම ගහපු දවස් 2, 3
    තියෙනවා. ඒත් පිරිමි විදිහට හැමදාම ආතල් හොද නැත කියන දේ තේරුම් ඉන්නත් ඕනේ .
    අනිත් දේ තමා මේක හැමෝටම පොදුත් නැහැ හැමෝටම වෙන්නෙත් නැහැ , මන් ඉස්සරම
    බිව්වා , ඒ බේබදු කමට නෙවේ මට තිබ්බ වෙන ගැටළුවක් නිසා . ඇත්තටම රෑට නිදා ගන්න ඕනනිසයි බිව්වේ . පස්සේ පස්සේ වෙනද ගන්න ප්‍රමනෙන් බැරි උනා , ටික ටික වැඩි උනා . අන්තිමටහොදටම වෙරි එත් නින්ද යන්නේ නැහැ .පස්සේ මටම තේරුණා බීම විසදුමක් නෙවේ කියන දේ .ඊට පස්සේ මන් බොන්නේ නැහැ . එත් දවසක් උපන් දිනේට යාලුවෙක් එක්ක ඉද්දි බොන්න ගත්ත විතරයි" බබා ඔයා කොහෙද " කියල කෝල් එකක් ආව . බොරු කියන්න බැරි නිසා කිව්වා ටිකක් drink එකක් දාන්නන කියල .. ඔතොකොට එහා පැත්තෙන් කියා උනේ " අනේ පරිස්සමට බබා , ඔහොම බොන්න එපා ,ලගට ආවම ඔයා කොහෙවත් යන්න එපා , බොන්න ගොඩක් ආස නම් ඔයා මන් ලග ඉඳන් බොන්න " කියල ..මට පොලොව පාලන යන්න හිතුන ඒක ඇහුවම... ඉතින් බිව්වේ නැහැ මන් .ඔයාල , එයාල වගේ නෝනලා
    හම්බෙනවා නම් ගොඩක් හොදයි හැම මිනිහෙක්ටම .. එත් වෙන ගැටළුවක් නිසා අපි වෙන් වෙන්න උනා ..*********එත් එයාව ලබන මහත්තය වසන වන්තයෙක් .. ******

    ReplyDelete
  26. යාලුවා මම ඔයාට හෙට උත්තර දෙන්නම්. එතෙක් ජය..!!

    ReplyDelete
  27. @ hiru
    ඔව් ඒක මටත් දැනුන නිසයි එදා උනත් මම ඊට එහා කතා නොකර හිටියේ..
    නැත්නම් අපි දෙන්නටම කියවන්න තිබ්බ .මාත් ගොඩක් කතා කරලා ප්‍රශ්න
    විසද ගන්න කැමති කෙනෙක් .නැත්නම් වෙන්නේ එක්කෙනෙක් එකක් හිතේ තියාගෙන තව කෙනෙක් වෙන දෙයක් හිතේ තියාගෙන .අන්තිමට ප්‍රශ්නේ විසදිලා නැහැ . නිදහසට කරුණු කියන්න අවස්ථාවක් ලැබෙන්න ඕනේ කාට උනත් . මම පිලිගන්නවා හැම දේම කියන්න බැහැ , මොකද අන්තිමට ඒවම
    ආපස්සට එන තැන් තියෙනවා ජීවිතේ.දුර්වලම තැනට ගහන එක යුද්දෙදි
    කරන දෙයක්.මේ ජීවිතෙත් එහෙම යුද්දයක් වෙලා.දිනුම දීල උපේක්ෂාවෙන් බලන් ඉන්නවා.( මේක කිව්වේ සරාට එහෙම නෙවේ )

    ReplyDelete
  28. කෝ මේ සරා ? දැක්කේ නෑ නෙව ටික දවසකින්.

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....