Sunday, November 18, 2012

මැද පෙරදිග වායූ සමීකරණ ගැන කතා කරමුද......?




         ලංකාවේ අපි ගොඩාක් වෙලාවට A/C එහෙම නැත්නම් වායූසමීකරණ කිවුවහම දන්නේ ස්ප්ලිට් ටයිප් (Split tipe) හරි වින්ඩෝ ටයිප් (Window tipe) ගැනනේ. ඔය ගැන දැනගෙන තමයි අපි ගොඩාක් වෙලාවට A/C Technicians ලා විදිහට විදේශ ගත වෙන්නේ. විශේෂයෙන්ම මැදපෙරදිගට. එතකොට ඒකම ප්‍රමාණවත්ද...? කොහෙත්ම නෑ, මොකද මෙහෙට ආවම තත්වය ගොඩාක් වෙනස්. ඒ නිසා රට එන්න හිතාගෙන ඉන්න හෝ වායූසමීකරණ ගැන ඉගෙන ගන්න,‍රැකියාවක් විදිහට කරන එහෙම නැත්නම් ඒ වගේ විෂයන් පිළිබඳ උනන්දුවක් දක්වන කෙනෙකුට ප්‍රයෝජනයක්වෙයි කියලා හිතලා මැද පෙරදිග වායූසමීකරණ ගැන පොඩ්ඩක් ලියන්න හිතුවා.

ඇත්තටම මෙහෙ විශාල වශයෙන් වායූසමීකරණ යන්ත්‍ර භාවිතා උනාට ලංකාවේ අපි දකින ස්ප්ලිට් ටයිප් හා වින්ඩෝ ටයිප් යුනිට් වලට තියෙන්නේ බොහොම පුංචි තැනක්. හේතුව තමයි මෙහෙ ගොඩක් ලොකු බිල්ඩින් තිබීම.
ඔය තියෙන්නේ Split tipe unit එකක out door එකක්.


ඔන්න ඒකේ කැටි සටහනක් In door එකත් එක්කම.

මෙන්න රෙදි ගලවපු window tipe unit එකක්.

මේ අනෙක් පැත්ත.  


ඉතින් ඔය ලොකු බිල්ඩින් වලට භාවිතා කරන්නේ පැකේජ් යුනිට් Packege unit හරි A.H.U. (Air Handling Unit) හරි. ඔය A.H.U. කතන්දරේ සරල මූලධර්ම කීපයක් මත ගොඩ නැගුනු සංකීර්ණ ක්‍රියාවලියක් නිසා ඒක මම දෙවනියට කියන්නම්. මුලින්ම අපි බලමු දන්න ශිල්පයේ නොදන්න පැත්ත.


ඔය තියෙන්නේ Packege unit එකක්. හරි පුංචියි නේද...?  


ඔන්න මම එක පැත්තක් නම් ඇරියා. ඔය පේන තඩි මෝටරය ලඟ තියෙන බ්ලෝවරයෙන් (Blower) තමයි අදාල තැන් වලට ඩක් ලයින් Duct line ඔස්සේ සුලං තල්ලු කරන්නේ.
ඔය තියෙන්නේ යෝධ එවපරේටර් කොයිල් Evaporator coil එක.

Electric panel එක.  


ක්‍රියා කලයුතු ආකාරය කියන්නේ මෙයා නෙව. මේක තමයි මොලේ, මෙහෙ අයට සරාව වටින්නෙත් ඔය හේතුව නිසාම තමයි. Electronic circuit මෙහෙ අයට ග්‍රීක් වගේ.   

ඈතින් පේන්නේ තඩි කොම්ප්‍රෙෂර් දෙක. Compressor. 

ඔය තියෙන්නේ Duct line ගොඩනැගිල්ලතුලට යන ආකාරය.


මම මේ යුනිට් එකම පෙන්නුවේ පොඩි කාරනයක් හින්දා. බලන්නකෝ මේ ෆෑන් Fan එක දිහා. 


            

ඒකෙම අනික් ෆෑන් එක මේ. ඔය උඩ තියෙන දැල ආරක්ෂක ආවරණයක්.

මෙන්න මේ යුනිට් එක පහුගිය රස්නේ කාලේ භාවිතයට නොගෙන අතහරින්නයි හැදුවේ. හේතුව තමයි ඔය මම කලින් පෙන්නපු ෆෑන් එක වැඩ නොකිරීම. මෝටරය පිච්චිලාඅපි ගාව ඒ වර්ගේ මොටර් තිබුනෙත් නෑ. ඕකේ මහ දෙයක් නෑ ඒ උනාට මෝටරයයි ෆෑන් පෙත්තයි විතරයි තියෙන්නේ. අර මම කලින් පෙන්නපු Circuit එකෙන් එන Pulse එකකින් තමයි ඔය මෝටරය දුවන්නේ. ඒ වර්ගයේ මෝටර් අපි ලඟ නැතෙයි කියලා මේ යුනිට් එක අතහරින්න තීරණය කලා අපේ ප්‍රධානියා. හේතුව මෙහෙ ඉන්න ගොඩාක් අය කැඩුන හෝ පිච්චුන කෑල්ලට ඒ ජාතියේම කෑල්ලක් දානවා හැර තමන්ගේ දැනුම උපයෝගී කරගෙන  ඒකට සුදුසු විකල්ප ක්‍රමයක් , උපකරණයක් යොදන්න එයාලට බෑ. ඒත් A.T.C. (Auto Temperature Control) ඇරුනම මේ බිල්ඩිමත් තියෙන්නේ මගේ බාරේ නිසා මට එහෙම කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ. මොකද දිනපතා මම මේ බිල්ඩිම පරීක්ෂා කල යුතුයි. එතකොට මෙතන වැඩ කරන මිනිස්සු Complain කරන්නේ මටනේ. ඒ නිසා මම අපේ ප්‍රධානියට කියලා මේක හදන වැඩේ ඉල්ලගත්තා. ඌ මට කිව්වේ උඹට පුළුවන් දෙයක් කරලා හදපං කියලා. අනේ එක දවසෙන් මම යුනිට් එක රන් කලා. මාස තුනකටත් වැඩියි දැන් පැය 24 මැක දිගට වැඩ.   

ඔය තියෙන්නේ තඩි ‍ෆිල්ටර්.ඕවා කාඩ්බෝඩ් මිශ්‍ර නිසා වරක් භාවිතයෙන් පසු ඉවතට.    

හෝද හෝද නැවත භාවිතා කරන ඇලුමිනියම් ‍ෆිල්ටර්.  

යුනිට් එක ඇතුලට හුලං ඇදගන්නා මාර්ගය.

මේ පැකේජ් යුනිට් ප්‍රමාණයෙන් විශාල උනාට ක්‍රියාවලිය සාමන්‍ය වින්ඩෝ ටයිප් යුනිට් එකකට බොහෝ දුරට සමානයි. වෙනසකට තියෙන්නේ මේවා සවිකරන්නේ ගොඩනැගිල්ලෙන් පිටත( උඩ හෝ බිම) වීමයි. යුනිට් එකේ ඉඳන් ගොඩනැගිල්ල තුලට (සීතල හෝ උනුසුම්) සුලං ‍රැගෙන යන්නේ ඩක් ලයින් මගින්. හැබැයි වරදවා තේරුම් ගන්න එපා සාමාන්‍ය වින්ඩෝ ටයිප් යුනිට් එකකදී වෙන්නේ ගොඩනැගිල්ල ඇතුලත තියෙන වාතයම අරගෙන කූල් කරන එක. Recycle. හැබැයි පැකේජ් වලදි ඒක එහෙම නෙමේ.එලියේ තියෙන වාතය අරන් ඒවා ශීත හෝ උනුසුම් කරලා තමයි ගොඩනැගිලි තුලට යවන්නේ.ඒ වගේම වෙනම ඩක් ලයින් එකක් මගින් ගොඩනැගිල්ල ඇතුලත ඇති වාතය ඉවතට ඇදලා ගන්නවා. Exhaust Fan ආධාරයෙන්.



ඔය තියෙන්නේ මෙහෙ තියන Exhaust fan එකක්.

ඉහත දක්වපු පැකේජ් යුනිට් එකේ කැටි සටහනක්.

       ඊලඟට අපි කතා කරන්න ඕන A.H.U.  ගැන. හැබෑටම මොනවද මේ කොහොමද ඒවා ක්‍රියා කරන්නේ ඒගැන අපි ඊලඟ ලිපියෙන් කතා කරමු. එතකන් බලා ගන්නකෝ ඔය තියෙන්නේ A.H.U. එකක්.



ඒ විතරක් නෙමෙයි මෙන්න මේ පොල් ගහක් වගේ උස ජිල්මාට් එක ගැනත් කියනවා එතකොට මම.

ඕවට අපි කියන්නේ කූලිංටවර් Cooling tower කියලා නෙව.




ගෙහුං එඤ්ඤං එහෙනම්......!!




37 comments:

  1. හරිම වැදගත් ....සැලසුම් ශිල්පියෙක් විදියට දැන්ගෙන ඉන්න එක හරි වටිනව. අපේ නිර්මාණ නිවාස තමා ඒත් දැනුම කියන එක කොයිවෙලේ උවමනාවෙනව්ද කියන්නබෑ.
    ස්තුතියි සරා..!

    ReplyDelete
    Replies
    1. ඔයා හරි යාලුවා. ජීවිතේට දැනුම කියන එක වැඩි වෙන්නෑනේ.

      Delete
  2. අයියේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ..
    සාමාන්‍ය Split type එකකදී වෙන්නේ ඇතුලේ තියෙන වාතයම Recycle වෙන එකනම් ..සම්පුර්ණයෙන්ම Seal කරපු මිනිස්සු ගෝඩක් ඉන්න ගොඩනැගිල්ලක් A/C එකෙන් විතරක් පාලනය කරන්නේ කොහොමද (මම අදහස් කරේ ඔක්සිජන් උවමනාව සම්පූර්ණ වෙන්නේ කොහොමද )

    ReplyDelete
    Replies
    1. ඔය වගේ බිල්ඩින් එකකට ස්ප්ලිට් ටයිප් යුනිට් භාවිතා කරන්නේ නෑ යාලුවා. ඒවට තමයි පැකේජ් යුනිට් හරි A.H.U. හරි තියෙන්නේ. ඒවා භාවිතාවෙදි නිතරම නැවුම් වාතය තමයි ඇතුලට එන්නේ. suction line එකෙන් නිතරම ගොඩනැගිල්ල තුල තියෙන වාතය එලියට ඇදීමකුත් වෙනවනේ. සාමාන්‍යයෙන් ස්ප්ලිට් යුනිට් භාවිත කරන්නේ පිටතට පහසුවෙන් නිරාවරනය වෙන කුඩා නිවාස වැනි ගොඩනැගිලිවලට.

      Delete
  3. නියම විස්තරයක්, ඉතුරු ටිකත් දාන්න.
    අර ඩක් ලයින් ඉන්සියුලේට් කරල නැද්ද. නැත්තං ඒවයිං කූල් එක ලීක් වෙනව නේද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම. මේ හැම ඩක් ලයින් එකම ආවරණය කරලා තියෙන්නේ ඇතුලත තාපය හෝ සිසිල පිටතට කාන්දු නොවෙන්න.

      Delete
  4. හපොයි.. මේ නම් නං මට අහලා අහලාම දැං කටපාඩම්... හි හි.. හැබැයි මෙලෝ දෙයක් තේරෙන්නෙ නම් නෑ... අපේ මහත්තයා රට හිටපු කාලේ කළේ ඉතිං ඕවානේ...

    ලොකු A/C Unit හදන තැනකනේ වැඩ කලේ... එහේ හිටපු කට්ටිය සර්කිට් එක ඇඳලා එවන්න පරක්කු වෙලා, අතෑරලා දාපු ඔය වගේ ලොකු unit එකක් මෙයා ප්ලෑන් කරලා ගැහුවලු සම්පූර්ණ වයරින් එකත් එක්කම ඉතිං.. ඒකේ ලෙඩේ හොයාගන්න බැරුව ඉඳලා තියෙන්නේ... ඒ කාලේ මට ඔය විස්තර ඔක්කොම වගේ ලියලා එවලා තියෙනවා.. දැං දැං තමයි ටිකක් තේරෙන්නේ ඒවා මට.. හි හි..

    මෙයා වැඩ කරපු කම්පැනියෙත් ලංකාවේ සමහර ලංකාවේ කට්ටිය කරන වැඩ අනිත් එකෙකුට වත් හිතාගන්න බෑලු.. ඒ තරම් නිර්මාණශිලී අය ඉන්නවලු... ඒකටත් හරියන්න අයිස් පප්පලත් ඉතිං ඉන්නවලු...

    ඉලෙක්ටොනික් සර්කිට් නම් ග්‍රීක් වගේ තමයිලු ‌ගොඩක් අයට... ( මේ මටත් එක්කම තමා.. හි හි)

    මේ පෝස්ට් එකත් රෑට ආවම පෙන්නනම්කෝ...

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං මං පටලෝගෙනලු... එයා එහේ කළේ ජෙනරේටර් හදපු එකලු... මෙහෙ කරන්නේ ඒසී ලු..

      හැබෑ නේ... මට පිස්සු... හි හි

      Delete
    2. වාව්...හිරුවෝ මෙන්න පහක්..! එහෙනම් අපේ මහත්තයා වැඩ්ඩා ඈ....!

      Delete
  5. මෙලෝ හසරක් නොදන්න විෂයක්.මැදපෙරදිග යන AC technicianලට ඒ රටේ හොඳ ඉල්ලුමක් තියෙනවා කියලා මම අහලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ළිහිණි ඒ කතාව ඇත්ත.

      Delete
  6. Ane onna matath therenne naha mokawathma.

    ReplyDelete
  7. මාර වටිනවා මේ දේවල් කියවන්න ලැබෙන එක.

    ReplyDelete
    Replies
    1. කොයිදේ ගැනත් සාමාන්‍ය දැනීමක් තියෙන එක වටිනවා.

      Delete
  8. නියම ලිපියක් සරා.. අනෙක් කොටසත් බලමුකෝ.

    ReplyDelete
    Replies
    1. ලඟදීම ඔබ වෙත. ජය...!

      Delete
  9. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා...වැදගත්ම ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඔයාගේ පෝස්‍ටු වලටත් ආවම ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්.

      Delete
  10. ඔන්න ඉතිං මට නම් තේරුනේ නෑලු.....

    ReplyDelete
  11. මම නම් ඔය සබ්ජෙක්ට් එක ගැන ඒ හැටිම දන්නෙ නෑ, සාමාන්‍ය දැනුමක් ඇරෙන්න.

    තව එකක් තියෙනවා නේද සීලිමෙන් වෙන්ට් එක එලියට එන සීලිං යුනිට් එකක්. අන්න ඒකෙනුත් පට්ට ඉෆෙක්ඩ් එකක් තියෙනවා මොකද ඔය සිසිල් වාතය බර හන්දා ලේසියෙන් පාතට ගමන් කරන නිසා වෙන්නැති.

    කියමුකො ඒ ගැනත්.

    එතකොට ඔය ඒ සී යුනිට් එකකින් වාතයේ උෂ්නත්වය අඩු කරනවා හැර ආර්ද්‍රතාවය Humidity-තෙතමනය) අඩු කරනවාද?
    සමහර ඒ සී යුනිට් වලින් බැක්ටීරියා විශබීජ පවා ‍ෆිල්ටර් වෙන ප්ලාස්මා ‍ෆිල්ටර් අහවල් එකක් ගැන කෑගැහුවට ඇත්තටම ඒක එහෙම වෙනවද?

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔයා ඔය කියන්නේ පැකේජ් යුනිට් ගැනම තමයි අයියන්ඩි. ඒවයේ සැපයුම් සිවිලින් වලට තමයි බොහෝවිට සම්බන්ධ වෙන්නේ.කලාතුරකින් බිත්ති වලට සම්බන්ද වෙන්නේ. පිල්ටර් වර්ග බොහෝ ප්‍රමාණයක් තියෙන අතර ඔබ කිවූ ආකාරයේ විශ බීජ පවා පිල්ටර් කරන හා සම්පූර්ණයෙන් විශ බීජ නසන පිල්ටර් වර්ග තියෙනවා. ඊට අමතරව විශ බීජ නාශක බල්බ් විශේෂද යුනිට් ඇතුලත සවිකරනවා.

      Delete
  12. මෙච්චර අමාරුයි ද මගේ ඔලුවත් කකියන්න ගත්තා වගේ..

    ReplyDelete
    Replies
    1. හිතන තරම් අමාරු නෑ මචං..!

      Delete
  13. අපේ එකෙක් ඉන්නවා කටුබැද්දේ කැම්පස් එකේ facility management degree එක කරන ඌ නම් දවසක් මේ subject එක ගැන කතා ගොඩක් කිව්වා. හැබැයි ඔළුවට නම් ගියේ නැහැ

    ReplyDelete
    Replies
    1. මම නම් කනට වැ‍ටුන දෙයක් අහක යවන්නේ නෑ යාළුවා...!

      Delete
  14. ස්ප්ලිට් ටයිප් වායු සමීකරණ කාමරය ඇතුළෙම තියන වාතය් පමණක් ප්‍රයෝජනයට ගැනීම මිනිස් සිරුරට ඇතිකරන්නේ කෙබඳු බලපෑමක්ද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ කෘතිම වායූ සමීකරණ මිනිස් සිරුරට හිතකර නෑ. එහෙම බලනකොට A.H.U. වලින් එන ස්වභාවික සුලං අපූරුයි.

      Delete
  15. බොහොම හොඳයි...නොදන්න අයට දැනගන්න පිංතූරත් එක්කම දාපු එක තවත් හොඳයිනෙ..ඔබේ හැකියාවත් එක්කම පිටදේශක්කාරයින් අතරේ ශ්‍රීලාංකිකයෙක් හැටියට රැකියාවෙ තැනක් තියාගෙන ඉන්න එක ගැනත් ආඩම්බරයි...

    ReplyDelete
    Replies
    1. ලංකාවේ එවුන්නේ යාළුවා. කොහේ ගියත් වැඩ්ඩෝ තමයි.

      Delete
  16. ඒ සීතලෙත් නොදැනෙන් රස්නයක් තියෙනව නොවැ..

    මෙච්චර කතන්දර දන්නෙ අද නොවැ

    ReplyDelete
  17. දැනගන්න වටින විස්තරයක්.. ඉදිරි ටිකත් බලමු. අපිව අන්දන උන්ට කියල දෙන්න පුළුවන් මේවායින්. තැන්කූ

    ReplyDelete
  18. අයියා, දන්න එකෙක් ඔය job එක කලා. පොර කිව්වේ Building එක උඩ පට්ට රස්නෙයි කියලා.
    හිතාගන්න පුළුවන් අරාබියේ දවලට වහලක් උඩ ඉන්න එක . අම්මෝ.
    රූප සහිත කරුණු පැහැදිලිකිරීමට ස්තුතියි .

    ReplyDelete
  19. මේ වගේ ලොකු AHU පාවිච්චි කරන්නෙ ලොකු බිල්ඩිම් වලට..ලංකාවෙත් ගොඩක් හෝටල් වල තියෙන්නෙ AHU තමා..ඒත් ගෙවල්වලට මේ ක්‍රමය ගණන් වැඩියි..ඒත් දැන් හදන මහල් නිවාස වලට මේක උපයෝගි කරගන්නෙ නැත්තෙ නඩත්තු කරන්න අමාරු නිසා වෙන්න ඕන..

    ඕනම් ඒසී සිස්ටම් එකක් කාර්යක්ෂම වෙන්න නම් ඉතිනි ලීක් අඩු කරන්න ඕන..ඒවැ ගැන නම් ගණන් හැදුලා ඩිසයින් කලා ගොඩක කාලෙකට ඉස්සර නම්..

    ස්තුතියි සරත් පොටෝවලට..

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....