Thursday, November 15, 2012

සරා කියන්නේ බයිලද............?




                මම මේ කතාව ලියන්නේ අපේ සමහර අය ඉන්න මතයක් ගැන මගේ අදහස කියන්න. හැබැයි මම කාටවත් තමන්ගේ ස්තාවරේ වෙනස් කරන්න කියලා යෝජනා කරනවා එහෙම නෙමේ. එතැන ඉන්නේ මම නම් මම කරනදේ ගැන කියනවා විතරයි. පොලු මුගුරු ඇන්න සටනට එනවා නෙමෙයි ඕං.  

                 හැමදේම සම්පූර්ණ කරගෙන ජීවිතේ පටන් ගන්න හෝ ඇතැම් ඉලක්ක කරා යන්න හීන දකින ඇත්තෝ බොහෝමයි. එහෙම වෙනවා නම් එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඉතින් ජීවිතේ කියන්නේ අපි හිතන පතන දේවල් ඒ විදිහටම වෙන තැනකට නෙමෙයිනේ. දහසක් බලාපොරොත්තු තියාගෙන යමකට අපි සූදානමින් ඉද්දී නොසිතූ කරදරයක් ප්‍රශ්නයක් ඔය මැදට වැටෙන වෙලාවල් නැතිද....? අර හැමදේම අමතක කරලා අළුත් ගැටළුවට විසඳුම් හොයලා නැත්ද අපි...? අන්න ඒ නිසයි මම කිවුවේ මුල ඉදන් අගටම ප්ලෑනකට අනුව වැඩකරන්න ජීවිතේ කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් කරපු ටයිමර් සර්කිට් එකක් නෙමේ කියලා. එහෙම එකක් නම් ගැටළුවක් නෑ අදාල "පල්ස්" එක ලැබුනම ඒ ඒ ස්වීච් එක ඔන් වෙලා අදාල කර්තව්‍ය කෙරෙයි. ඒ උනාට යාළුවනේ මේ ජීවිතය කියන සර්කිට් එක ප්‍රෝග්‍රෑම් කරපු කෙනා ඒකේ ඩයිග්‍රෑම් එක අපට දීලා නෑ විතරක් නෙමේ එකම ජාතියේ පරිපත දෙකක් හෝ ඊට වැඩි ගනනක් හදලත් නෑ. ඒ නිසා අපට අපි ගැන හෝ අපේ සමීපතමයෙකුගේ ජීවිතය ගැන පූර්ව නිගමන වලට ඒමේ හැකියාවක් නෑ. ඒ නිසා අර විදිහට කරනවද, මෙහෙම කරනවද කිය කියා තැවි තැවී ඉන්නවට වඩා හොඳයි අවසාන ප්‍රතිපලය ගැන විතරක් හිතට අරන් කොතනින් හරි පටන් ගන්න එක. උදේට ඇඳේම ඉදන් "තේ ද කෝපි ද බොන්නේ" කියලා හිතෙන් වද වෙනවට වඩා නරකද නැගිටලා "කේතලේ" රත්කරන එක...?

                අපට ලැබිලා තියෙන කෙටි ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් එතකොටයි. නිකන් හිතලා බලන්න මෙහෙම තීරණ ගන්න බැරුව අපි දවසකට විනාඩි කීයක් අපතේ යවනවද කියලා. මට මේ වැඩේ කරන්න ඕන.මේ හේතුව නිසා කරන්න බැරිවයි ඉන්නේ. ඔහොම කියන අය ඉන්නවා නේද...? ඕන තරම් ඉන්නවා. මෙහෙම වෙනකොට කාලය අපතේ යනවා විතරයි,ජීවිතේ එක තැනමයි බණ නෙමේ යාළුවනේ සරා මේ තියරි ෆලෝ කරනවා. මෙන්න නිධාන කතා දෙකක්ම.....     

              තනිකඩ කාලේ කුමාර ජීවිතයක් ගත කරපු නිසාත්, විදේශ ගතවීම් වලිනුත් අතේ තිබුනු මුදල් වැයවුනා මිස ලබපු ආදායමක් නොමැති නිසාත් කසාද බඳින දවස් වෙනකොට මා ලඟ මහගොඩක් සල්ලි තිබුනේ නෑ. කසාද බැඳලා ටික කලක් යනකොට අගහිඟකම් දැනෙන්න ගත්තේ අත දිගහැරලා වියදම් කලාට ලබපු ආදායමක් නැතිනිසා. ටික දවසක් යනකොට මට රක්ෂාවක අවශ්‍යතාවය දැනුනා. මගේ සුදුසුකම් වලට ‍රැකියාවල් ලැබුනට මට ඒතැන් සුදුසු නූනේ මට කාගෙවත් යටතේ වැඩ කරලා පුරුද්දක් නැතිනිසා. ලැබුනු ‍රැකියාවලට ඉක්මනින්ම ආයුබෝවන් කියලා මම මගේ හිතවතෙකුගේ ෂොප් එකක තාක්ෂණ ශිල්පියෙකු ලෙසත් වැඩ කලා ටික කාලයක්. මේ ආර්ථික අවපාතයට එකම හේතුව උනේ මගේ අපාය සහය මිතුරන්ගෙන් දුරස්වීම. ඉස්සර වගේ උන් එක්ක රවුම් ගහන්න වල බහින්න මට බැරි වෙන නිසා රට වටෙන්ම මට ආව වැඩ නැතුව ගියා. අනික ඉතින් කෝල් එකක් ආව ගමන් දුවන්න පුළුවන් කමකුත් නෑනේ මට.

               කොහොම හරි ආර්ථිකේ පහලම අඩියක තියෙන දවස්වල තමයි නංගි බබාලගේ අම්මා නංගි බබා අතට සල්ලි ටිකක් දීලා තිබුනේ ගේ හදන්න පටන් ගන්න කියලා. මහ ගොඩක් නෙමේ රු: ලක්ෂයක් විතර. නංගි බබාගේ වගේම අනෙක් අයගෙත් අදහස උනේ යන්තම් කාමරයකුයි කුස්සියකුයි හදාගෙන පදිංචි වෙලා ඉතිරි ටික හදමු කියලයි ටික ටික. ඒත් ඒ තරමට එකක් හදන්න යන බාස් කුලියටවත් අර මුදල ප්‍රමාණවත් නෑ කියලා මම දැනන් උන්නා. ඒ උනාට මම නොකර සද්දෙන් උන්නා. ඔය අතරේ මම වාස්තු විද්‍යාව ගැන ලියවුනු පොත් වගයක් ගෙනත් කියෙවුවා. ඒ අතරේ බොහොම පැරණි වාස්තු විද්‍යාව ගැන ලියවුනු පොතකුත් මට ලැබුනා. මම හොඳින් පොත් ටික කියවලා ඒවායේ තියෙන පොදු කරුනු සැලකිල්ලට අරගෙන ඒ අනුව නිවාස සැලසුමක් ඇන්දා. ඒ සැලසුම A4 කොලයක ඇඳපු නිසාද මන්දා ගෙදර අය හිනා වුනත් එක්ක. (මටද නිවාස සැලසුමටද කියා හරි හැටි නොදනිමි.) මම ඉතින් ඒවා ගනන් ගන්නේ නැතුව ඊලඟ පියවර විදිහට ගෙපල කපන්න පටන් ගත්තා. උදවුවට හිටියේ නංගි බබා විතරයි. මම කාටවත් අඬගහන්න ගියෙත් නෑ. දැක්ක දු‍ටු කෙනෙක් ආවෙත් නෑ...හිකිස්...! අනික මම ඒ ගමට අළුත් මිනිහෙක් නේ. ඒකත් එක හේතුවක් වෙන්නැති. අනික මොන තරම් අසීරු වෙලාවක උනත් මම අනිත් අයගෙන් උදවු නොඉල්ලන කෙනෙක් කියලා මගේ ජන්ම පත්‍රය බලන ඇත්තොත් කියනවලුනේ. කොහොම කොහොම හරි දවස් ගානක් දඟලලා දඟලලා ගෙපල කපලා ඉවර කරා.

               ඊට පස්සේ පවුන්ඩේෂන් දාන්න සුදුසු නැකතක් එහෙම බලලා ඒ සඳහා සුදුසු කම් තියෙන පලපුරුදු වැඩිහිටියෙකුට ආරාධනා කලා. ඔහු ඇවිත් මගේ නිවාස සැලසුම බලලා ඇහුවේ කවුද පුතා මේක ඇන්දේ කියලා. මම කිවුවා මමයි මාමේ ඇන්දේනම්... ඇයි මොකුත් අඩු පාඩුවක් තියෙනවද කියලා. එතකොට එයා මට කිව්වේ කිසි අඩු පාඩුවක් නෑ දරුවෝ.. බොහොම ලස්සණට වර්ග කරලා තියෙනවා මේ පිලිවෙලටම මේ වැඩේ කරනවා නම් ඔයාට මේ ගේ මාස තුනක් යනකොට හදලා ඉවර කරන්න පුළුවන් කියලා. (සැ/යු: මෙහි සඳහන් කිසිවක තාර බර වැලි බර අඩංගු නොවන අතර නයි ද නැති බව වගකීමෙන් ප්‍රකාශ කරමි.) ඇත්තටම මට හරි සතුටක් දැනුනා එහෙම කිවුවම. ඒ උනාට සරා කියන්නේ හිතේ ඇතිවෙන හැඟීම් මුහුනෙන් පෙන්නන එකෙක් නෙමේනේ. ඊට පස්සේ නැකතට නූල් ගහලා දීලා ඒ මාමා යන්න ගියා. එදා නම් කට්ටිය ගොඩාක් හිටියා.පවුන්ඩේෂන් එක දාන්න මගේ යාළුවෙකුත් ඇවිත් උදවු කලා.

                 අතේ තිබුනු අනෙක් සල්ලි වලින් මම මේෂන් වැඩට ඕන ආයුදයි (හැඳි, ලඹ. මනිස් ලෑලි. මට්ටන් ලී, ලෙවල්) ගල් වැලි බ්ලොක් ගල් සිමෙන්ති වගේ ජාති ගත්තා. අමු ද්‍රව්‍ය ටික ලං කරගෙන මම තනියම ගේ හදන්න පටන් ගත්තා. ජීවිතේටම මෙහෙම වැඩක් කරලා නොතිබුනාට මට හොඳ ෂුවර් එකක් තිබුනා මට මේවැඩේ කරන්න පුළුවන් කියලා. ගලෙන් ගල බැඳිලා බිත්ති ඉහලට යනකොට හෙවනැල්ල වගේ මගේ ලඟ උන්නේ නංගි බබා. පොඩි එකී කියලා මම හැම වෙලාවෙම විහිළු කලාට එයා හැම අතින්ම පරිපූර්ණ ගැහැනියක්. අද මේ ජීවත්වෙන සාර්ථක සරාගේ පි‍ටුපස ඉන්නේ එයා. අග හිඟ කම් ඉස්සරහ දොරෙන් ගෙට එනකොට ආදරේ පිටිපස්සේ දොරෙන් පැනලා යනවා කියලා තිබුනු පැරනි මතය බොරුයි කියලා කියන්න එයා මට හොඳ සාක්ෂියක්. සාර්ථක පිරිමි උපදින්නේ මේ වගේ ගැහැනු නිසා කිවුවොත් ඒක බොරුවක් නෙමේ. නොදන්න දේවල් කරන්න ගියාම අත්වැරදීම් වෙනවා. නංගි බබාටත් මම කරන වැඩ ගැන අවබෝධයක් නොතිබුන නිසාඇතැම් වෙලාවට එයා අතින් පුංචි පුංචි අඩුපාඩු කම් වෙනකොට කෙන්ද කන්ද වගේ දකින මම කෝප ගත්තේ නැතුව නෙමේ. ඒත් ඒ හැම වෙලාවේම එයා නිවිලම හිටපු නිසා පත්තු වෙච්ච වේගෙන්ම නිමෙන්නත් මට පුළුවන් උනා.

                කොහොම හරි අර මාමගේ අනාවැකිය සාර්ථක කරමින් මාස 3ක් ගතවෙන්නත් මත්තෙන් ලස්සන ගේ පොඩ්ඩක් අපි දෙන්නා අතින් ඉදිවෙලා තිබුනා. නිදන කාමරයක්, විසිත්ත කාමරයක්, මුලුතැන් ගෙයක් හා නාන කාමරයකින් සමන්විත වෙලා තිබුනා එය. මම විදේශ ගතවීමට පෙර අපට එහි පදිංචි වීමටත් හැකියාව ලැබුනා. සියළු දේවල් සම්පූර්ණ කිරීම වෙනුවට කොතනින් හරි පටන් ගත්ත එක තමයි මේ සාර්ථකත්වයට එකම හේතුව. මට ගේ හදන්න නම් ඕන ඒ වුනාට ඒකට ඕන කරන මුදල මා අතේ නෑ. ඇති වෙන්න සල්ලි නැතුව ගෙවල් හදන්න අතගහන්න බෑ. සල්ලි නැතුව වැඩේට අතගහලා නිකන් අනා ගන්න වෙන්නේ. ඔය වගේ පසුගාමී සිතිවිලි මගේ හිතේ තිබුනේ නෑ. මම තනියම ගෙපල කපන කොට මා දිහා ඔලොක්කුවට වගේ බලාගෙන ගියපු ගමේ මිනිස්සු, බිත්ති ටික ටික උස යනකොට මා දිහා බැළුවේ පුදුමෙන් වගේ. තනියම වහලේ ගහනකොට මාදිහා බලපු මිනිස්සුන්ගේ ඇස්වල තිබුනේ විශ්මයාර්තයක් වගේ දෙයක්.මේ කොලුවා TV බාස් කෙනෙක් කියලා නේද කිවුවේ, වගේ අදහසක් තමයි ඒ බැළුම් වල තිබුනේ. 

මේ අනිත් කතාව;
               මම රේඩියෝ කඩේ කරන කාලේ මගේ දවසේ ආදායම රු: 3000කට ටිකක් විතර වැඩි උනා. (සාමාන්‍ය) මේකෙන් 1500කටත් වඩා වැඩි කොටසක් මට වැය උනේ අරක්කු වලටයි සිගරට් වලටයි. මගේ යාළුවෝ, එයාලගේ බිරින්දෑවරු මට අනන්ත කියලා තියෙනවා ඔය වැඩේ නතර කරපං කියලා. ඒ වුනාට බීරි අලින්ට වීනා වයලා වැඩක් නෑ නොවැ. දවසක් මට මතකයි කොමියුනිකේෂන් එකක මගේ යාළුවෙක් මට කිවුවා මචන් උඹ ඔය හැමදාම අරක්කු වලට වියදම් කරන සල්ලි මට දීපන් ණයක් විදිහට මම අවුරුද්දෙන් මේ හයිලෙවල් පාරට බස් එකක් දානවා ඒ සල්ලි වලින් කියලා. වෛද්‍යවරු පවා මට කියලා තිබුනේ පුතා උඹේ බීම නවත්තන්න කාලේ හරි කියලා. ඒත් ඒවා ගඟට කැපූ ඉනි වගේ උනා. හැබැයි මට හිතුනු දවසේ ඒ කියන්නේ 2007-6-24 මම අරක්කුයි සිගර‍ටුයි දෙකම නැවැත්තුවා එකම දවසේ. මේ අවුරුදු 5ටම මට ඒවයේ අවශ්‍යතාවයක් දැනුනේ නෑ.

                ඒත් මේ අවට ඉන්න ගොඩාක් අය කියනවා මට ඇහිලා තියෙනවා, අපට නවත්තන්න ඕන මේවා නවත්තගන්න බැරිවයි ඉන්නේ කියලා. තවත් අය කියනවා මම අහවල් දවසේ ඉඳන් සිගරට් බොන්නේ නෑ අරක්කු බොන්නේ නෑ කියලා. ඒ වුනාට කවදාවත් ඒවා ක්‍රියාත්මක වුනු බවක් මම දැකලා නෑ. ඇතැම් අයට උදේට වැසිකිලි යන්නත් බැරිලු සිගරට් එකක් නැතිව. අහවල් එක චාර්ජ් වෙන්නේ නෑ කියනවනේ. මම කියනවා මෙයාලා කරන්නේ තනිකරම බොරුවක් කියලා. එයාලා එයාලව රවට්ටගෙන අපිවත් රවට්ටන්න උත්සාහ කරනවා. හිත පාලනය කරගන්න බෑ එහෙම නැත්නම් හිතට වහල්වෙලා. ගොඩාක් අය හේතු දක්වන්නේ තමන් යමක් නොකරන එක සදාරණීකරනය කරගන්න මිස එය හැබෑවටම කල නොහැකි නිසා නෙමෙයි. හිත ඇත්නම් පත කුඩාද කියලා පැරණි කියමනක් තියෙනවා හැමෝම අහලා ඇතිනේ. ඒවගේම ඒකේ තේරුමත් දන්නවා ඇති. උත්සාහය කෙරුවොත් කරන්න බැරි දෙයක් නෑ. ගැටළුව තියෙන්නේ හැබෑවටම අපට ඒ දේ කරන්න ඕන කම තියෙනවද කියන එකෙයි.

              මේ පෝස්‍ටුව ලියන එකත් ඔයාලා වගේම සාමාන්‍ය මිනිහෙක්ම මිස විශේෂ හැකියාවන් තියෙන අමුතු එකෙක් නෙමෙයි. හැබැයි හිතුවොත් ඕනම දෙයක් කරන හිත හයිය එකෙක්. අවසාන වශයෙන් මෙහෙම කියන්නම්, පැහැදිලිවම මම ඔයාලට කියන්නේ නෑ මෙහෙම කරන්න අරහෙම කරන්න කියලා. මට ඕන උනේ කල හැකියි කියලා කියන්න විතරයි. කරන්නේ කොහොමද කිය කිය වද නොවී කොතනින් හරි පටන් ගන්න කියලයි.

ප/ලි:  

මේ වතාවෙත් රට ඇවිත් සරා මහ කාලයක් උනේ නෑ.අවුරුදු දෙකයි. අවශ්‍යතාවය තියෙනවා නම් තම අරමුණු වලට යන්න ජීවිත කාලෙම නොර‍ටුන්ට උගස් කරන්න ඕන නෑ. මම මේ වෙනකොට මට තිබුන මුදල් ප්‍රශ්නත් විසඳගෙන ගෙයි ඉතුරු ටිකත් හදලා බිස්නස් එකත් නැවත අරඹන්න ඕන කරන මූලික පසුබිම හදාගෙන ඉවරයි. මේ හැම දෙකටම මූලික උනේ මගේ ශක්තිමත් අරමුණ මිස වෙන දෙයක් නෙමේ. සරාලගේ තාත්තලා සල්ලි කාරයෝ උනාට සරා දුප්පත් මිනිහා. හැබැයි ඒ සල්ලි වලින් විතරමයි. අරමුණු වලින් චිත්ත ශක්තියෙන් නම් සරා තාත්තට වඩා දහගුණයක් පොහොසත්. සල්ලි නම් මොනවද නේද යාළුවනේ....

එහෙනම් ආයිබොවන්... මම ගෙහුං එඤ්ඤං....!




42 comments:

  1. නියම ලිපියක් අයියේ...

    Prasad

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ මාව බ්ලොග් කියවන්න එක්ක ආපු කෙනත්.බොහොම ස්තුතියි යාලුවා.


      (මෙයා ගැන තමා යාලුවනේ මම අර පනස්වෙනි පෝස්‍ටුවේ යට ලිවුවේ.)

      Delete
  2. හි හි.. පොලු මුගුරු අරන් එන්න එපා කියලා මුලින්ම කියලා තිබ්බනේ... ඒක නිසා ඔන්න මම මේක අපේ මහත්තයට කියවන්න කියනවා අද රෑට..

    එයාට කියවන්න හිතුනොත් කියවලා, හිතුනොත් කමෙන්ට් එකක් දාවි....

    ReplyDelete
    Replies
    1. පුංචි හරි අදහසක්, පනිවිඩයක් කාට හරි ගන්න හිතෙනවා නම් ඒක තමා හිරුවෝ මට වටින්නේ. ලෝකේ හැමෝම එක වගේ නැති වුනාට කිසිම කෙනෙක් දුර්වල නෑ. ඔය නෑ බෑ කියන වචන නොවැ මිනිස්සුන්ව දුර්වල කරන්නේ.

      Delete
    2. ඔන්න අපේ එක්කෙනත් දැං කියෝලා ගියා මේක.... කමෙන්ට් දාන්න නම් බෑ ලු.. හි හි...

      Delete
  3. නියම ලිපියක් සරා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා...ජය....!!

      Delete
  4. උඹයි නංගි බබාවයි මම දැකලාවත් නැතිවුනත් උඹලා දෙන්න ගැන මගෙ හිතේ තිබුන ආදරය සිය දහස් ගුණයකින් වැඩි උනා. අඩෝ. අපි දෙන්නත් ඔය ජාතියෙම ඔයිට ආසන්න වැඩ කරලා තියෙනවා. පස්සෙ ලියනවා.
    උඹ මට මහත්තයා කියන එක නවත්තපං හරිද මම ඒකට ටිකක් අමනාපයි තාම. ඇයි යකෝ ඔය ඩූඩ්, හෙන්රි, ඩූඩ් අයියා, මචං, අඩෝ වගෙ යෙදුම් තියෙන්නෙඕනෙ තරම්. :)
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මේකනේ යාලුවා ඉල්ලා අස්වුන නගරංකාරයෙක් උන මම ඔය වචන පාවිච්චි කරලා අතහැරපු එකෙක්. ආයේ ඒවටම යන්න ඒ හැටි කැමැත්තක් නෑ මගේ. අනෙක මම සාමාන්‍යයෙන් මට වසරකින් දෙකකින් වත් ජේෂ්ඨයෙකුට කවදාවත් එහෙම කතා කරන්නෙත් නෑ. මට ඒකේ නුහුරු ගතියක් දැනෙනවා එතකොට. කොහොම උනත් මීට පස්සේ අයියන්ඩි කියලා කියන්නම් කෝ.

      (මට තාමත් අපේ වැයික්කියේ නම් අවුරුදු පණහ පැනපු අයත් කියන්නේ අයියා කියලා..P)

      Delete
  5. සිරා! ඇත්තටම සිරා ලිපියක්. උඹේ ලිපි පනස්ගානෙන් හොඳම ලිපිය තමයි මේක. ඉස්කෝලෙ පෙලපොත්වල පාඩම්වලට ඇතුලත් වෙන්න ඕන මෙන්න මේවගේ ලිපි. උඹේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියන්න ඕන නෑ. මොකද සාර්ථකත්වයට ලඟාවෙන්න ඕන කරන ධෛර්ය උඹලඟ තියන නිසා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා. ගොඩාක් ස්තුතියි....!!

      Delete
  6. සරා අයියේ...අද මම උඹට මොකුත් කියන්නෙ නෑ.... බනින්නෙත් නෑ...විහිළු කරන්නෙත් බෑ..මොකද උඹේ හයිය මගෙ හිතට පට්ට විදියට දැනුනා..උඹ වගේම මමත් තනියම නැගිටින්න හදන එකෙක්නෙ...මේක මට සිරාවටම දැනුනා...උඹට ජය !

    ReplyDelete
    Replies
    1. ඒක මම දැන ගත්තේ ළිහිණිගේ බ්ලොග් එකට ආව පළවෙනි දවසේ.ඔයලා නොදන්නවට සරාට සාස්තරත් කියන්න පුළුවන්. දේවාරූඩයෙන් සාස්තර කීම, මිරිස්ගල් කෙටීම, හිරමන පීරි ගෑම, හරක්ට ලාඩන් ගැහීම පිළිබඳව විමසන්න මහා වඤ්චාචාර්ය සරා ද කරා...........T:P: නම් නෑ. මේං g mail එක sarathchandrasiri75@gmail.com ......P

      Delete
  7. Ane mahaththayo mewa mathak karanakota kaduluth ennawa. Kochchara aga higa thibunath dennata denna adare nam e adare pala dorin panala yanne na. Uthuranna adare thiyena hith harima shakthimath.
    Api denna eda mahansi wela hada gaththa ge podde wada iwara une nathi
    unath api thun denata danata me hodatama athi. Eth mama dannawa oya awa gaman me punchi ge podda lassana karanawa eka oyage hithe thiyena haba wena hinayakne. Hamadama oyage aramunu dinanna. mama laga innawa oyata shakthiyak wela.

    ReplyDelete
    Replies
    1. නංගි බබා. ඔයා මං කියනවට Singreesi Unicode 1.8.1 google කරලා බාගෙන බලන්න හරි ලේසියි සිංහල කොටන්න. මම බ්ලොග් ලියන්නෙත් ඒකෙන්.
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    2. මේ ගැහුවෙ ඔයා ලියලා තිබ්බ එක අලවලා එහෙන් මෙහෙන් පොඩ්ඩක් වෙනස් කරලා. බලන්න කොච්චර ගතිද කියලා.

      අනේ මහත්තයො මේව මතක් කරනකොට කඳුලුත් එන්නව. කොච්චර අග හිග තිබුනත් දෙන්නට දෙන්න ආදරේ නම් ඒ ආදරේ පෑල දොරින් පැනල යන්නෙ න. උතුරන්න ආදරේ තියෙන හිත් හරිම ශක්තිමත්.
      අපි දෙන්න එදා මහන්සි වෙලා හදා ගත්ත ගේ පොඩ්ඩෙ වැඩ ඉවර වුනෙ නැති
      උනත් අපි තුන් දෙනාට දැනට මේ හොඳටම අති. ඒත් මම දන්නව ඔයා ආව ගමන් මේ පුන්චි ගේ පොඩ්ඩ ලස්සන කරනව. එක ඔයාගෙ හිතේ තියෙන හැබැ වෙන හීනයක්නෙ. හර්මදාම ඔයාගෙ අරමුනු දිනන්න. මම ලඟ ඉන්නව ඔයාට ශක්තියක් වෙලා.

      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. Ane try kalata hada ganna amaruine. Thawa tikak balannamko. Ehema hada gaththa nam matath lesi. E gana kiyala dunnata wagema mage coment eka sinhalen danmatath godak sthuthi.

      Delete
    4. මේකනේ අයියන්ඩි මෙයා පාවිච්චි කරන්නේ Anroid mobile phone එකක් නෙව. ඒකේ වැඩකෑලි මෙයාට තවම අහුවෙලා නෑ.

      Delete
  8. මම හරි ආසයි මෙහෙම උත්සහයෙන් නැගිටින මිනිස්සුන්ගෙ කතා කියවන්ඩ.. ඒවා කියවපුවම මාර කික් එකක් එනවා... ඒ වගේ මිනිහෙක් තමන් විසින්ම ලියපු සටහනක් මේ කියෙව්වමයි..

    උඹේ අදිශ්ඨානයට මගේ ප්‍රණාමය සරා.. උඹ යනු ආදර්ශයට ගත යුතු පුද්ගලයෙක්. උඹව එහෙම් පිටින්ම කනපිට හරවපු උඹේ බිරින්දෑ ගරු කටයුතු ආදර්ශවත් චරිතයක්..

    උඹලා දෙපලටයි, දරු මල්ලන්ටයි වාසනාවන්ත අනාගතයක් පතමි !

    ReplyDelete
    Replies
    1. //උඹව එහෙම් පිටින්ම කනපිට හරවපු උඹේ බිරින්දෑ ගරු කටයුතු ආදර්ශවත් චරිතයක්..//

      ඇත්ත මචං මට කාඩ් එක ලියවිලා තිබුනේ ඒ වෙලාව වෙනකොට. ඒ වුනාට අදටත් මම ඉන්නවා. හැබෑවටම ඒ එයා නිසා. ස්තුතියි යාලුවා...!!

      Delete
  9. නියම ලිපියක් සරා අයියේ...... මටත් මාරම ගැම්මක් ආව මේක කියවලා..... ඔයාට කොහොම ස්තූති කරන්නද මන්දා.....

    අපේ අම්මත් හැම තිස්සෙම මට බනිනවා කන්න ගියත් "බෑ" කියල පටන් ගන්නේ... ඔය බෑ කියන එක කියනකන් ජීවිතේ දිනන්න වෙන්නේ නම් නෑ කියලා..... මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නෑ... ආත්ම විශ්වාසය විතරයි තියෙන්න ඕනි කියලා..... හ්ම්ම්... හ්ම්ම්.... අද ඉදලවත් බෑ කියන එක අත හැර ගන්න ඕනි...

    ReplyDelete
    Replies
    1. හා................ හැබැයි ඔන්න බෑ කියන්න බෑ.... හරිද..!

      Delete
  10. නියම ලිපියක් සරෝ.. උඹලට ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන.ජය වේවා....!

      Delete
  11. //සරාලගේ තාත්තලා සල්ලි කාරයෝ උනාට සරා දුප්පත් මිනිහා. හැබැයි ඒ සල්ලි වලින් විතරමයි. අරමුණු වලින් චිත්ත ශක්තියෙන් නම් සරා තාත්තට වඩා දහගුණයක් පොහොසත්. සල්ලි නම් මොනවද නේද යාළුවනේ....//

    ඇත්තටම සිරා කතාවක් අයියේ.. මේ අන්තීමට ලියපු ටික නම් තදින්ම හිතට වැදුනා. ඔයාට කවදාවත් වරදින්නේ නෑ. හෙවනැල්ල වගේ අක්කා ළඟ ඉන්නවට මම නම් ගොඩාක් සතුටුයි.හොඳ ආදර්ශයක් මේ කතාව හැදෙන නොහැදෙන හැමෝටම. සරා අයියාට ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ඔයත් හරි උත්සාහවන්තියක්.... සිත්තරාවිටත් ජයවේවා...!

      Delete
  12. නියම ලිපියක් සරා අයියේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාළු යාලු...!

      Delete
  13. නියම ගටක් කෘතවේදිත්වයක් සතුටක් ඇතිවෙන ලිපියක්.
    ඔබ මෑතක ලියූ හොඳම පෝස්ටුවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවා ජයවේවා...!

      Delete
  14. සරත් මහත්තයා, මේ ලිපිය නම් හිතට තදින්ම දැනුණා. තව අවුරුද්දකින් අපි දෙන්නා බ්ලොග් එකේ හිටියොත් අනිවාර්යෙන්ම මට ඔබට කියන්නට කතාවක් තියෙයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙහෙ පැත්තේ ආවට මහත්මයා. අනිවාර්යයෙන්ම තව අවුරුද්දකට පසුවත් අපි හමු වේවි මේ වගේම. ජය වේවා...!!!

      Delete
  15. මචං ජීවිතකතාවක් කියෙව්ව වගේ....!
    උඹල වගේ මිනිස්සුන්ගෙන් තමා ලෝකය ගොඩ නැගෙන්නෙ.ආඩම්බර වෙයන් අතීතය ගැන.
    මමත් නිවාස සැලසුම්,වාස්තු විද්‍යාවට අනුව අඳින කෙනෙක් මා ගාවට මිනිස්සු එන්නෙ නිවැරදි වාස්තු සැලසුම් කරන කෙනෙක් කියල අපේ පලාතෙ මම ප්‍රසිද්ද නිසා..හැබැයි වාස්තු ශිල්පය මට ලැබුනේ මගේ පියාගෙන් මම පෝස්ට් වල ලියල තියෙනව.මීට කලින් ඔය ගැන(වාස්තු) වැඩිය කතාකරේ නැහැ. ඔබ කිව්වනිසා කතාකලේ.
    මේ දේවල් මමත් ඉගෙන ගත්තේ පුදුම කට්ටක් කාල ...පෝස්ට් ගානක් ලිව්වෑකි. උඹේ පොස්ට් එක කියෙව්වාම..අර සෙන්නා කියල තියෙනව වගේ ..මාර ගටක් එන්නෙ. නිකම්ම ලියවුනේ ඒකයි..සතු‍ටුයි උඹ ගැන. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තුතියි යාලුවා. ඒ වගේම සං‍තෝෂයි දැනගන්න ලැබීම ගැන. ඇත්තටම මේ බ්ලොග් නිසා අපූරු මිනිසුන් රාශියක් අඳුන ගන්න ලැබෙනවා. ජයවේවා....!

      Delete
  16. රට හදන පෝස්ටුවක් සරා.. නියමයි..

    සිගා/අරක්කු නවත්තන්න බැහැ කියන්නෙ බොරුවක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මගේ මිත්‍රයා.

      ඔයා හරි..

      ජයවේවා...!

      Delete
  17. සිත ඇත්නම් පත කුඩාද?

    නියම ලිපියක් මචන්..

    ReplyDelete
    Replies
    1. මට මෙහෙ එන්න පාර කියපු යාලුවෙක් ඇවිත්.බොහොම සං‍තෝෂයි යාලුවා. ජයවේවා...!

      Delete
    2. මචං මට තේරුනේ නැහැ..උඹේ රිප්ලයි එක..

      Delete
    3. මම බ්ලොග් ලියන්න ආසාවේ සෑමගෙන් අහනකොට මේක කරන්නේ කොහොමද කියලා උඹලනේ මචං මට ක්‍රමේ කියලා දුන්නේ. මාස 7 කට විතර පෝස්ට් පණස් ගානක් මම දැන් ලියලා තියෙනවා. හුඟක් අය අඳුනගෙන තියෙනවා. ඒ උඹලා නිසානේ බං....!
      ඉතිං මට කොහොමද අසරණයව අමතක වෙන්නේ. ඒත් උඹට මාව මතක නෑ වගේ නේද...?
      මම උඹට ඒ කොමෙන්‍ටුව හොයලා දෙන්නද...?

      Delete
    4. උඹ මතකයි කොහොමද කරන්නේ කියල සැමගෙන් අහල තිබුනා.

      Delete
  18. සරාගෙ පෝස්ටුව කියවලා මම හෙව්වෙ නංගි බබාගෙ කමෙන්ටුව..අපරාදෙ කියන්න බෑ ඩූඩ් ඒක සිංහලටත් හරවලා දීලා..

    මෙවන් වාසනාවන්ත දිවියක් හැමෝටම ලැබෙන්න ඕන..

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....