මේ පුංචි පෝස්ටුව කියවන සමහරෙකුට නම් කුණුහරුපත් මතක්වේවි. කීදෙනෙක් සරාගේ දෙමව්පියෝ මතක් කරාවිද දන්නේ නෑ. ඒත් කමක් නෑ මම ලියනවා.
අපි යන්තම් බහතෝරන කාලේ ඉදන්ම දෙමාපියන්ගෙන් යම් යම් දේ ඉල්ලලා තියෙනවා. ලොකු මහත්වෙලා ඉගෙන ගෙන රැකියා කරනකොට අපට ඕන ඕන දේවල් අපිම ලබා ගන්නවා. ඒ ස්වෝත්සාහයෙන්. පයින් ගමන් කරන අය පොදු ප්‍රවාහන භාවිතා කරන අය ඒගැන සතුටින් නෙමේ ඉන්නේ. ඒ අය බලාපොරොත්තු වෙන්නේ බයික් එකක් ගන්න. හැබැයි ඔය බයික් තියෙන අය එයාලත් තමන්ට තියෙන බයික් එක ගැන සතුටු නෑ, ඒගොල්ලන්ට ඕන රෝද හතරේ වාහනයක් ගන්න. එතකොට එහෙනම් රෝද හතරේ වාහන තියෙන අය සතුටින් ඇති නේද..? හික්..හික්..හික්..! ඔහේ නෑ ආයිබොවන්.. ඒකලාටත් ප්‍රශ්ණ.. ! සෑහීමක් නෑ තමන් සතු දේ ගැන. මේ වාහනේ අරවා නෑ,මේවා නෑ. අහවලාගේ වාහනේ මේ විදිහයි. අලුතෙන් ආව අහවල් එක නම් මරු..... බ්ලා.. බ්ලා බ්ලා..!රටේ නැති කයි කතන්දර.

මිනිස්සුන්ට ජීවත් වෙන්න යම් යම්දේවල් ඕන. ඉඩකඩං, ගෙවල් දොරවල්, යාන වාහන, කෑමබීම, ඇදුම් පැලදුම්. ඉතින් මේ හැමදේම තියෙන අය නැද්ද..? ඒත් ඒඅයවත් සතුටින්ද...? පයින් යන මිනිස්සු දකිද්දී වත් වාහනයක් තියෙන මිනිහා සතුටු නොවන්නේ ඇයි..? තව තවත් විශාල එහෙම නැත්නම් සැප පහසු ඒවා ගැන හිතමින් දුක් වෙන්නේ ඇයි. අනේ මේක වැඩක් නෑ, අරක නම් මරු ඒවගේ එකක් වත් තිබුනා නම් මරු..? කියලා හිතෙන්නේ ඇයි..? ( මම ඔය පුරස්නේ මේලඟදි පිරිසක්ම ඉන්න තැන ඇහුවම එතන හිටපු එකෙක් කියනවා ගෑනි =බිරිඳ, මායියා, ප්‍රියම්භිකාව= යට කෑල්ල ගැනත් ඌට ගෙදර ඔහොම හිතෙනවළු.) ඔව්...! සම හරක්ට බඳින්න කලින් ලොකේ ලස්සනම කෙල්ල තමන් යාලුවෙලා ඉන්න කෙනා කියලා පෙනුනට බැන්දට පස්සේ අනිත් හැම එකීම ලස්සනලු තමුන්ගේ එකී හැර. ඒක ඉතින් ඒකලගේ පුරස්නයක් නිසා අපි ඕවා කතා කරන්න යන්න ඕන නෑ නොවැ. මම කියාගෙන ආපු කතාව කියන්නම්කෝ.
අපි මේ ගෙවුනු සෙරෙප්පුව ගැන මේ හැටිම වද වෙන්නේ කකුල් නැති මිනිස්සුත් ජීවත් වෙන මේ ලෝකේ නේද කියලා හිතන්න පුළුවන්නම්. අපි වෙහෙස මහන්සියෙන් උපයා සපයා ගත් දේවල් ගැන තෘප්තියකින් ටික කාලයක් හරි ජීවිතේ විඳින්න පුළුවන් වේවි නේද..? ඊයේ පෙරේදා දවසක බබාව මොන්ටිසෝරියේ ඉඳන් එක්කරගෙන එනකොට නංගි බබාලගේ ඉස්කෝලේ විදුහල්පති තුමිය පාසැල ඉදිරියේදි මුනගැහිලා කතාකරලා තියෙනවා.
වි.ප - ආ උදේනී බබාව එක්ක එන්න ගියාද..?
නංගි- ඔව් මැඩම්..!
වි.ප.- කොහේ ඉස්කෝලෙටද දාන්න හිතාගෙන ඉන්නේ.. ටව්මේ එකටද...?
නංගි.- තාම තීරණයක් නෑ මැඩම්. මහත්තයා නම් කියන්නේ මේ ඉස්කෝලෙටම දාමු කියලා.
වි.ප.- ඒකත් හොඳයි. ඒ උනාට ටව්මේ ඉස්කෝලෙටත් ඉල්ලුම් පත්‍රයක් දාලා තියන්න. හරි ගියොත් ඒකටම දාන්න පුළුවන්නේ.
නංගි.- හා මැඩම්..!
ස්කයිප් කතාකරන වෙලාවක මට ඔය කතාව කියලා මම පොඩි ගෝරනාඩුවකුත් දැම්මා අපේ උන්දැට. (කාට හරිඅර කතාවේ වරදක් පේන්නේ නෑ වගේනම් මගෙන් අහන්න ඒකේ වරද කොතැනද කියලා එතකොට මම පැහැදිලි කරන්නම්.මට ඒකේ වැරදි දෙක තුනක්ම පේනවා.) එක වසරට ළමයෙක් ඇතුල්කල දවසේ ඉඳන්ම දෙමව්පියොයි ගුරුවරුයි ශිෂ්‍යත්ව උණ විකාරෙන් දොඩවනවා.අර පැටියට නිදහසේ කන්නවත් හැටියක් නෑ. ඒකටම හරියන මාර්කට් එකකුත් හැදිලා තියෙනවනේ. "1වසර ශිෂ්‍යත්ව පෙරහුරු හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර" ඔතනින් පටන් ගත්තම ඕක ඉවර වෙන්නේ පහ වසරෙන්. එහෙනම් පුරස්නේ ඉවරනේ පහෙන් පස්සේ ඒ ළමයා නිදහස්නේ නේද.. නෑනේ යාළුවනේ ඊලඟට සා:පෙ, උ:පෙ ටියුෂොං, කිරිකැට් පැස්ටිස්, සුයිමින් ඊලඟට විස්ස විජ්ජාලේ. ඔය ටික ඉවර වෙනකොට මේ තරඟේ අර පැටියටත් පත්තියන් වෙලා අහකයි. එතන ඉඳන් ඒකත් ඒවිදිහටම තියෙන දේවල් ගැන නෙමේ නොලැබුන දේවල් පස්සේ වැටෙනවා.
සරා මෙහෙට එනකොට සේවා ගිවිසුමේ සඳහන් වුනු වැටුප මෙන් දෙගුනයකටත් වඩා වැඩි වැටුපක් මේ වෙනකොට ලැබෙනවා. මේ ලඟදි දවසක් ඌ උගේ ප්‍රධානියාට මෙහෙම කිවුවා.
සරා- මගේ ලියකියවිලි සේරම පිළිවෙලක් කරපන්, අහවල් කාලෙට මම අස්වෙලාම යනවා.
බොසා- ඇයි උඹ යන්නේ. හොඳ පඩියකුත් ගන්න එකේ තව කන්ට්‍රෑක් එකක් අත්සන් කරපංකෝ..!
සරා- උඹ මෙහෙ ඇවිත් කොයි තරම් කල්ද...?
බොසා- අවුරුදු දහයකට වැඩී..!
සරා- උඹ එනකොට පඩිය කීයද..?
බොසා- රියාල්...........!
සරා- එතකොට දැන්.....?
බොසා- රියාල්.............!
සරා- ඒ කියන්නේ මුල් පඩියට වඩා හය ගුනයකටත් වඩා වැඩි වැටුපක් මේ වෙනකොට උඹ ගන්නවා. ඒ උනාට උඹේ ප්‍රශ්ණනම් එහෙමමයි නේද..?
බොසා- ඇත්තටම ඒවා නම් එදා තිබුනටත් වැඩී. දැන් බලපන් මම තවම කසාද බැඳලා නෑ. ඉතුරුවකට තියෙන්නෙත් මේ තට්ටේ විතරයි.
සරා- ඉතින් උඹ මට කියන්නෙත් දිගටම මෙහෙ ඉඳලා ඔය ටික කරගන්නද..? මම හැම වෙලාවෙම හිතන්නේ සරල ජීවිතයක් ගැන. ඒකට ඕන කරන්නේ අසීමාන්තික සල්ලි කන්දරාවක් නෙමේ. තෘප්තිමත් හිතක්. ඒක කවදාවත් රියාල් වලින් මට ගන්නබෑ. ලියකියවිලි ටික හදලා තියපං මතක ඇතුව..!
මම දෛනික රාජකාරි සඳහා පිටත්ව ගියෙමි....
උපන්න දා සිට මරණ මංචකය දක්වාම අපි කෙලවරක් නැති ආශාවල් පසු පස දුවලා දුවලා හති අරින්නවත් කාලයක් නැතිව මැරිලා යනවා. අපි ලබාගත්ත දේවල් වලින් තෘප්තිමත් වෙන අය ඉන්නවානම් ඒ කීයෙන් කීදෙනාද...? අනෙක් අය සතුටු වෙනවා වෙනුවට කරන්නේ තමා ලඟ නැති දේ ගැන දුක් වෙන එක. ඒත් මේ ලබා ගත්ත දෙයක් වත් යන තැනකට ගෙනියපු කෙනෙක් කාටවත් මුණගැහිලා තියෙනවද...?
මේ ලෞකික සැප සම්පත් කියන ඒවයේ කෙලවරක් නෑ අපි දකින හැමදෙයක්ම ලබා ගන්න උත්සාහ කරන එකෙන් වෙන්නේ අපට තව තවත් ආශාවල් වැඩි වෙන එක. උත්සාහයෙන් යමක් ලබා ගන්න එකේ වරදක් නෑ. ඒත් ඒවා වෙනුවෙන් විඳින්න තියෙන ජීවිතේම විඳවන එකත් තේරුමක් නෑ. කෙනෙකු තුල සීමාන්තික ආසාවන් තියෙනවානම් ඔහුට පුළුවන් සතුටෙන් ඉන්න, ඒසතුට නිසාම ඔහු නීරෝගී අයෙකු බවට පත්වෙනවා.
යනගමන් ඔය සිංදුවත් අහගෙනම යමු ආයිබොවන්. එතනින් මෙතෙන්ට ගත්තා මිස ආයේ මොකුත් වෙනසක් නම් කොලේ නෑ. අහලා දාමු ඔන්න ඔහේ. මතක විදිහට නම් මේක හතර කේන්දරේ සිනමා සිත්තමට අයිති සිංදුවක්..

ඒකනම් ඇත්ත බං. දැන් ෆෝන් ගැන බලාපං. කොච්චර අලුත් මොඩල් එකක් ගත්තත් ඊ ගාව එක ආවාම තියෙන එක එපාවෙනවා. ලැප්ටොප් එකත් එහෙමනෙ.
ReplyDeleteජීවිතේම රේස් එකක්. එක අතකට එහෙම නැතුවත් බෑ.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඔය අදහස් ඉතින් පුද්ගලයට සාපේක්ෂයි නොවැ යාළු.
Delete'ඒත් ඒවා වෙනුවෙන් විඳින්න තියෙන ජීවිතේම විඳවන එකත් තේරුමක් නෑ.'
ReplyDeleteඒ කතාවනං සම්පූර්ණ ඇත්ත.
ඒක තමයි,මමත් කිවුවේ...!
Deleteඇත්ත කතාව සරා. මිනිස්සුන්ගේ උවමනාවල් වල සීමාවක් නැති කම නිසා නේ ජීවිත හිර වෙලා තියන්නේ. මිනිස්සු තරඟයට අහුවෙලා.
ReplyDeleteතරඟය හොඳයි සීමාවකට. පුරස්නේ කෙලවරක් නොමැති කම.
DeleteOyage kathawa sampoorna aththa mahaththayo. Enisa ikmanin enna. Thiyena widiyata hamadema piwelak karagena imu. Nathnam api hamadama depaththata wela idi thiyena prashna iwara wenneth na kawadawath.
ReplyDeleteමෙන්න මෙහෙම නෝනල ඉන්නවනං මොනව කරන්න බැරිද! :)
Deleteඒ ගැන කතාවක් ලියවෙනවා ලඟදීම.
Deleteහ්ම්ම්ම්.... හ්ම්ම්ම්....... ලද දෙයින් සතුටු වෙන මිනිස්සු හොයා ගන්න හරි අමාරුයි අප්පා මේ කාලේ...... කොච්චර තිබ්බත් මදි. ඕක තමා පෘතක්ජන මිනිස්සුන්ගේ හැටි...... මේ කමෙන්ටුව ලියන මටත් සමහර දේවල් සම්බන්ධයෙන් ඕක වලංගුයි.....
ReplyDeleteඅසනීපේ තියෙන්නේ ඔතන තමයි නෝනේ, කොච්චර තිබ්බත් මදි.
Deleteමේ විදියේ පෝස්ටුවක් මාත් ලියන්න හිටියේ. අද ඉන්න මනුස්සයෙක් ගත්තොත් ජීවිතේ ගෙවෙන්නෙ මෙහෙමයි. අවුරුදු විසි පහක් ඉගනගන්න මහන්සි වෙනව. ඊට පස්සෙ රස්සාවක් හොයාගෙන කසාදයක් බැඳගන්නව. ළමයි හදාගෙන එයාලට උගන්නන්න මහන්සි වෙනව. අන්තිමට පැන්ෂන් ගිහිල්ල ළමයින්ගෙ ළමයි බලාගන්නව මැරෙනතුරා. ජීවිතය පුරාම විඳීමක් නෑ. විඳවනව විතරයි.
ReplyDeleteසරල ජීවිත ගෙවන අය හෝ එහෙම ක්‍රම නෑ කියලා හිතෙනවද රාජ්.
Deleteහි හි....
ReplyDeleteඅපේ මාමා කෙනෙක්ගේ පොඩි එකෙක් ඔය ශිෂ්‍යත්වෙට මරවන්න බෑ කියලා ඉන්ටනැෂනල් ස්කූල් එකකට දැම්මා.. දැං ඌට තියෙන වැඩ කන්දරාව දැක්කම මට අනේ අපොයි කියවෙනවා...
මට ලොකු පුරස්නයක් තියෙනවා... අපි පොඩි උන්ගේ මහන්සියයි, උන්ගේ ළමා කාලයයි ගැන හිතලා, ළඟ තියෙන ඉස්කෝලටෙ දාලා අපිට පුළු පුළුවන් හැටියට ඉගැන්නුවයි කියමුකො.. උන් ලොකු වෙලා .. අනේ මුන් අපිව හොඳ ඉස්කෝලෙකට වත් දැම්මා නං අපිත් ගොඩනේ .. කොහෙද අපෙ අම්මලා තාත්තලට අපිට උගන්නන්න උවමනාවක් තිබිලා නෑ... කිව්වොත් මොකද කියන්නේ අපි...
දෙපැත්තට වෙලා විඳවන්න ඕනේ නෑ කියලා හිතුන නිසාම තමයි මම අපේ මහත්තයට බඳින්න කලින් අස් වෙලාම එන්න කියලා කිව්වේ... එයත් ඒකට කැමති උනා..
කොහොමත් අපි ජීවිතෙ විඳිනවා කියලා හිතාගෙන වැඩිපුර කරන්නේ විඳවන එක...
ජිවිතේදි අපිට ඇතියි කියන්න තැනක් එනවා... ඊට කලින් අපි දැං ඇතියි කියලා නැවැත්තුවොත් අපි සතුටු උනත් අපි වටේ ඉන්න, අපිට ආදරේ කරන අය දුක් වෙනවා... ඕක මේ මං කිව්වේ ඉගනීම ගැන හිතලා... ඒත් අනිත් ඒවටත් අදාළයි කියලා මට දැං දැං හිතෙනවා...
ඇත්තටස ඊළඟ පරම්පරාවෙ ළමයි එහෙම කියයිද හිරූ?
Deleteමම නම් හොඳ ඉස්කෝලෙකට දැම්මෙ නෑ කියලා කවදාවත් අම්මලාට කියන්නවත් හිතිලා නෑ..
@ හිරූ
Deleteඔයාගේ කොමෙන්ටුව සර්කල් එකක් වගේ. කැරකිලා කැරකිලා පටන් ගත්ත තැනටම නේද ඇවිත් නැවතිලා තියෙන්නේ. ඔයාලා කීප දෙනෙක් වෙනුවෙන්ම ලියවුනු පෝස්ටුවක් තියෙනවා ලගදීම පබ්ලිෂ් කරන්නම්.
ඕක කැරකෙන ප්‍රශ්නයක් නෙවෛයිද සරා අයියේ.....
Deleteරෑ.. කියන්න බෑ නඟා.... මට හිතෙනවා එහෙම කියන ළමයි කොටසක් බිහිවෙයි කියලා... දැනටත් ඉන්නවා...
ලද දෙයින් සෑහීමකට පත් නොවෙන එක මිනිස් සොබාවය. ඒ සොබාවයෙන් මිදෙන්න උත්සහ කරන එක තමා කරන්න ඕනේ
ReplyDeleteමේ ඉන්නේ අපේ යාලුවා බුදු දහමේ මේ ගැන සඳහන් වෙලා තියෙන විදිහ අපේ යාලුවන්ට මතක් කරලා දෙමුකෝ මලේ පෝස්ටුවකින්..!
Deleteබලමු බලමු අයියණ්ඩි :)
Deleteමේ ගැන විවිධ කෝණ තියනවා සරා...ඒත් සරල ජීවිතයක සතුට ගැන නම් කියලා නිම කරන්න බෑ...
ReplyDeleteමට කියන්න ඕන උනෙත් ආන්න ඒ සතුටෙන් පිරුනු සරල ජීවිතය ගැන රූ....
Deleteමට නම් ජීවිතේ අරමුණකට කියලා තියෙන්නේ හරිම පොඩි දෙයක් සමහරු හිතන්නේ ජීවිතේ ජයගන්නවා කියන්නේ හොඳ රස්සාවක් කරලා කසාදයක් බැඳලා ළමයි හදලා නයක් නැතුව ජීවත් වෙන එක කියලා.ඒත් ඒක විතරමද ජීවිතේ.
ReplyDeleteමම නම් එහෙම හිතන්නේ නැහැ මට ඕන මගේ හිතේ තියෙන පුංචි පුංචි ආසවන්ගෙන් පටන් හැම එකක්ම ඉස්ට කරගන්න එක.මගේ ආසාවල් වලට ඔය උඩ කිව්ව වගේ ඒවා එකක්වත් නැහැ ඒවා මහ හරි අමුතු ඒවා.කවදා හරි මම ඒවා ඉස්ට කරගන්නවමයි.
උඹ හරි උත්සහා වන්තයා ඉලන්දාරියා. සරල ජීවිතයක් ගැන හිතන්න කල් තියෙනවා තව උඹට. ජීවිතේ දිනලා හිටපං.. ජය..!
Deleteඔබේ කතාව සම්පූර්න ඇත්ත.නමුත් ඒවායින් ගැලවෙන්නේ කොහොමද? කොහොම සරලව හිටියත් එක්තරා දුරකට තරන්ගයට ඇතුල් වෙන්න වෙනව.
ReplyDeleteසේරටම හිත තමයි. අපි සරල වෙන්නෝන කියලා හැම දේම අතහැරිය යුතු නෑ. ජීවිතයට අවශ්‍ය හැමදේම ලබා ගතයුතුයි. ඒත් එක්තරා සීමාවකදී සෑහීමකට පත්විය යුතු බවයි මාකීවේ. අවස්ථාවක් තිබුනොත් නැවත දවසක එන්න මම දියමන්ති අක්කර නැමති දේශනයේ කරුනු ඇතුලත් ලිපියක් පල කරන්න අදහස් කරගෙන සිටිනවා. එහිදී අපි ඔබේ පැනය පිලිබඳ කතාකරමු.
Deleteඅපේ නෝනාට එහෙම කියන්න එපා සරෝ, කසාද බැඳපු දවසේ, පෝරුවේ හිටගෙන ඉන්නකොට, මට හිතුනේ, මගුල්ගෙදරට ඇවිත් ඉන්න ඔක්කොම කෙල්ලෝ, අපේ නෝනට වඩා ලස්සනයි කියලා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
හිකිස්......!! එහෙමත් කියනවද රහස්...? දැන ගනීවි කියලා වෙන්ටෑ පත්තරේ දැම්මේ....!!!
Delete