මානසික රෝහලක වෛද්‍යවරයෙක් උදේම රෝගීන් පරීක්ෂාවේ යෙදිලා ඉන්නවා. ඔය අතරේ මේ වෛද්‍යවරයා(එක්කෝ අපි ලේසියට දොස්තර කියමුකෝ) දැක්කා පිහියකුත් අරන් තමන් දිහාට එන රෝගියෙක්ව. (එක්කෝ ඔන්න ඔහේ අපි ඌටත් ලෙඩා කියමුකෝ.) නැත්නම් මේ කරුමාන්තේ කොරන්ට අමාරුයි ආයිබෝං. ඉතින් අපේ දොස්තරට මේ ලෙඩා ගැන සැකයි.මානසික ලෙඩෙක් නොවැ . ෂුවර් කරන්න බෑනේ. අනික දොස්තරත් හැමදාම මුන්ට ඉන්ජෙක්ෂන් ගහනවා නොවැ. ඔය ගැන හිතලා උන්දෑ මේ ලෙඩාව මග ඇරලා යන්න හැදුවා.
ම්හු...... හරියන්නේ නෑ මූ ලඟටම එනවා. ඒගමන දොස්තර ටිකක් හයියෙන් යන්න පටන් ගත්තා. ලෙඩත් දැන් හයියෙන් හයියෙන් එනවා. කොරන්න දෙයක් නෑ මම දුවනවා කියලා හිතපු දොස්තර දුවන්න පටන් ගත්තා. අරින්නෑ මමත් කියලා හිතලද මන්දා ලෙඩත් පන්නන්න පටන් ගත්තා දොස්තර පස්සෙන්. දිවුවා වාට්‍ටු වටේම, බෑ මූ ලඟම එනවා.ඕං පැන්න එලියට. දැන් ඉස්පිරිතාලේ වටේ, අපරදේ කියන්න බෑ "හුරේ රන්". ලෙඩා උනාට අරුත් අතාරින්නෙම නෑ දොස්තරගේ පස්සෙන්මයි. බැරිම තැන දොස්තර නැග්ගා ගහකට.
උඩට නගිනකොට මුන්දැට පේනවා අර පිස්සු පූසත් ගහ දිගේ බඩ ගානවා. පුලුවන් තරම් උඩට නැගපු දොස්තරට තේරුනා මේ පිස්සත් තමන් ලඟටම ඇවිත් කියලා. දැන් ඉතින් මොනා කරන්නද,වෙන දෙයක් වෙච්චාවේ කියලා දොස්තර මහත්තයා ඇස් දෙක පියා ගත්තා.විනාඩියක් විතර ගියා කිසිම හැල හොල්මනක් නෑ. ලාවට ඇහැක් ඇරලා බැලුවා. ලෙඩා නම් ලග ඉදගෙන ඉන්නවා තමන් දිහාට මොනවද දික් කරගෙන. ඇරියා බලන්න ඇස් හොඳට. එතකොට ලෙඩා දොස්තරට කියනවා....
අනෙ අම්මේ බං උඹට අඹ කෑල්ලක් දෙන්න තියන අමාරුව......!
කියලා. ඔයාලට හිතා ගත්තැකි නේද ඇයි මෙච්චර වෙලා ලෙඩා මේ දොස්තර පස්සේ පන්නලා තියෙන්නේ කියලා.
හ්ම්හ්..... දැන් සමහරු කියයි යකෝ අපි ඔය කතා ඇහුවෙ කෝපි කාලේ.
එතකොට උඹ මේන් මේ තරම් හිච්චි එකා. අරකද මේකද කියලා.
එහෙමනේ....?
අපොයි මොකද මම නොදන්නේ, බොලා අහන තරමක් අහන්නේ කතන්දරනේ. මට කියන්න ඕන උනේ ඕක නෙමේ. ඔය කතාව කියලා මට උන ඇබැද්දියක් ගැන.
ඕං එහෙනම් ඒකත් අහගන්නකෝ...!
මගේ පුංචිම නෑනා, ඒ කියන්නේ "මනුෂි" අන්න එයා ඉලන්දාරියෙක් වෙච්ච වෙලාවේ ආයෙමත් වැරදුනා වගේ මට. ඉලන්දාරි වෙන්නේ කොල්ලෝ නේද,මක්ක හරි කමක් නෑ ඔය ගෑණු දැරිවියන්ට අවුරුදු 11ක් 12ක් විතර වෙන කොට අර ලොකු උත්සවයක් ගන්නේ. එයාගේ අන්න එවුවා එකට සහභාගි වෙන්න ගියා නොවැ මමත්.තනියම නෙවෙයි නංගි බබත් එක්කම.
ඉතින් උත්සවය එහෙම ඉවර උනාට පස්සේ කාලෙකට පස්සේ එකතු උන නෑදෑයෝ සේරම එකට ඉඳගෙන සතුටු සාමීචියේ යෙදුනා. ඉතින් ඔය අතරේ යෙදුනා විහිලු කතා කියලා අනෙක් අයව හිනස්සන අවස්ථාවක්. හැමෝම වගේ තමන් දන්න කතා කිවුවා අනික් අයව හිනස්සන්න.
මගේ අවස්ථාව ආවම මම කිවුවේ ඔය කතාව. මම කාතාව කියන කොටත් සමහරු හිනා වුනා. මමත් ඉතින් දන්න තරම් ආලවට්ටන් දාල කතාවකිවුවා කියමුකෝ. ඉවර වෙනකම්ම මගේ ලඟ ඉදගෙන කතාව අහගෙන හිටපු බට්ටියෙක් (දන්න තරමෙන් එයා අපේ මනුෂි නගාට වඩා අවුරුද්දක් වැඩිමල් ඇති මගේ හිතේ.හැබැයිමට ඒ කට කාරිගේ නම නම් මතක නෑ.) මගෙන් අහනවා....
අයියේ දැන් ඔය කතාවේ කොතනටද අපි හිනා වෙන්න ඕන......!
කියලා. මෙන්න ඒ කතාවට විහිලු වලට හිනා ගියේ නැති අයටත් හිනා. කොහොමද නෑදෑයෝ 50ක් 60ක් මැද මට නෝන්ඩිය. කජු කිරි කෙල්ලෙක් මගෙන් එහෙම ඇහුවම.
හතර විලිලැජ්ජාවයි නේ ඕයි..!
ලැජ්ජාව වහගන්න ඕන නිසා මම කිවුවා..............
ඕක තමයි පොයින්ට් එක...!
ඒ කිවුවේ....?
මම දැනන් හිටියා මේ වගේ වෙලාවක ඔහොම කතාවක් කිවුවම කවුරු හරි ඔය ප්‍රශ්ණය අහනවා කියලා...! එතකොට හැමෝටම හිනා යනවා...!
ඒ ටාගට් එක ඇතුව තමයි මම ඔය කතාවම කිවුවේ....!
ප/ලි නරකම නෑ නේද.....හික්...හික්..හික්.....!
හෙහ් හෙහ් පව් සරා :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අල්ලපුගමේ පොඩි එකා.උඹට නම් ඇත්තටම දුකයි වගේ මා ගැන. කමක් නෑ මලේ සුභ වේවා..!!! අහවල් එකත් ලැබේවා.
Delete(ම්ම්ම්..... එතකොට මා ගානේ ජය.....!)
අනේ ඕයි තමුසේ ලංකාවේද සඳලංකාවේද? ඔය විහිලුවකට 'දැන් ඉතින් අපි කොතනදීද හිනාවෙන්න ඕනේ' කියල අහන විහිළුවත් අපි ඇහුවේ තමුසේ ජන්ගියේ කක්කා කරගන්න කාලේ. මේ ඕයි, ටිකක් හිතලා මොනවහරි අලුත් දෙයක් ලියනවා. නිකම් බම්මන්නෙක් වෙන්නේ නැතුව.
ReplyDeleteකොහොම උනත් ඇනෝත් ඇවිත් කියවුවා එහෙනම්.ඊට වඩා මට වැදගත් මේ උපදේශේ. බොට කියන්ඩ මහත්තයෝ මේ වෙනකල් මම හිතාහිටියේ මමත් හොඳ රයිටරයෙක් කියලා නොවැ.උඹේ කොමෙන්‍ටුව දැක්කමයි මට තේරුනේ මම මොකාද මූ නොවැ වැඩ්ඩා කියලා.
Deleteඉතින් ස්තූතියි කිවුවා ඕං..!
ආයෙත් එන්න ඕන මේ පැත්තේ හොඳේ. ඔයාලා වගේ දැනුම් තේරුම් තියන උදවිය මගේ බොලොග් කටුවට එන එකම කොච්චර ලොකු දෙයක්ද.
ජය වේවා......!
guu post ekak
ReplyDeleteමොනාද ඇනෝ කක්කා කතාමනේ ඔයා කියන්නේ, අර උඩ ඇනෝ පොඩි පම්පෝරියක් වත් ගහන්නකෝ. කම්මැලි වෙලාවට මට හරි කියවන්න. ඔයාටත් ජය....!
Deleteඅයියේ දැන් ඔය කතාවේ කොතනටද අපි හිනා වෙන්න ඕන ??? හි හි හි
ReplyDeleteඔය මේ කතාව කිවුවොත් මට වෙන්නෙම ඔහොමයි.
Deleteඔයා හිනා වෙන්න මේ කතාව කිවුවම මට වැටෙන බාල්දි වලට.
ජය....!
හේ හේ මාර මොළකාරයෙක් නොවැ
ReplyDeleteසිරාවට කියපන් නිශාන් මලේ. උඹට එහෙම හිතෙනවද...? ජය...!
Deleteකොට්ටෝරුවත් කවදා හරි කෙහෙල් ගහට කොටනවා නොවැ..
ReplyDelete(ඕක කියලා මගේන කවුදෝ දවසක් ඇහුවා ඔය කවදාවත් කෙහෙල් ගහක හොට පැටලුනු කොට්ටෝරුවෙක් දැකලා තියනවද කියලා)
"රූ" ලා ආවට ගියාට කතා කියන ඇත්තො යෑ. දැකලා තියෙන නිසා වෙන්ටෑ කියන්න ඇත්තේ. හැබෑට කොහේදිද රූ ඔයා එහෙම කොට්ටෝරුවෙක් දැක්කේ.
Deleteජය.....!
ඔය කිව්වට "කාපිය මාව" කියලා හිතුන නේද
ReplyDeleteඔයාට එහෙම හිතෙනවා නේද.එහෙනම් හරි ඇති.ජය වේවා...!
Deleteහෆ්ෆා ඔහොම අහන එපා කරපු උන් ඉන්නවා නේන්නම්.. හොද වෙලාවට අරහෙම උත්තරයක් ආවේ..
ReplyDeleteමල්ලි හරි මල්ලි....! යන්තම් ඒකෙන් විලිලැජ්ජාව වහංකොරා ඕං..!
Deleteජය!!!!
අනේ මන්දා..... මටත් ඕක වෙනවනේ අප්පා... ඒ වෙලාවට කියලා ඇඟබේර ගන්න පොයින්ට්
ReplyDeleteඑකක් ආවේ නැත්තම් ඉතිං දවසම බයිට් තමයි.....
ඒකනේ අප්පා, අපිට අමතක වෙනවනේ අපි බෙදන හැන්දෙන්ම තමයි එයාලා අපටත් බෙදන්නේ කියලා.ගැලවිජ්ජාව හොදින් පුරුදු පුහුනු කරල තියන මට ඕවයින් වෙන හානිය බොහෝම අඩුයි ඉතින්.
Deleteපිළි ගන්නවා අලුත්ම සාමාජිකාව සරාගේ ලෝකයට බොහෝම සුහදව,"ආයුබෝවන්" කියලම.
ආයෙත් දවසක එන්න මේ අහ.
ජය.!!!
කිතුලට ගිය එකත් මොනද කිව්වලු :)
ReplyDeleteහැබෑට...මක්කෙයි මහත්තයෝ ඒකා දොඩලා තියෙන්නේ.? අර "ලු" කෑල්ලක් අගින් එල්ලුවේ,අපේ මහත්තැන්ට නෙවේය උන්දෑ එහෙම දෙඩුවේ..?
Deleteජය!!!
(හික්..හික්..)
වෙලාවට මොලේ ඇති උත්තරයක් දීලා තියෙන්නේ
ReplyDeleteඑහෙනම් එහෙනම් කොහොමද ටිකිරි මොලේ..? අප්පද බොල...අලුත් හාදයෙක් නේද සරාගේ ලෝකෙට.ආයුබෝවන් මලයා...! ආයෙත් එන්න ඕන මේ පැත්තේ හොඳේ.
Deleteඅනේ උඹටමයි නේද වෙන්නෙ...
ReplyDeleteනොවෙන්නම් මචං, බලපංකෝ මට වෙන දේවල්.ජයවේවා කිවුවා ඕං...!
Delete