Monday, September 17, 2012

නංගි බබා 16 විවාහය සඳහා සම්මුඛ පරීක්ෂණය..





                               ප්‍රේම සිත සැනකෙලියයි ආදරේ සඳ එලියයි
                               සිනාවෙන සුදු මූණයි තාරකා ඇස් එලියයි...

                               මාරුතේ එති එතී ආදරේ සුව දෙතී
                               කවක් සේ පෙලගැසී හිත පුරා ලියලතී
                               පපුතුරේ කිතිකැවී බර වෙවී දඟ වෙතී
                               මල්සරේ හීවැදී මට නොවේ මම හිමී... 

                               පීදෙනා මල් පුරා මී පිරේ වෑහෙනා
                               රොන්සොයා පීරලා බඹරු එති ගීගයා
                               මල් වියේ පෙම්බරී ආදරේ කියු හැටී
                               සවනතේ ‍රැව්දිදී හදවතේ තුරුළුවී...





මාර  වැස්ස නේද..?
මූලාසනය හොබවපු නිමල් අයියා කතාවට මුලපිරුවා.
ඒක නේන්නම් ඒත් එහෙට නම් වැස්ස නෑ මේ වේයන්ගොඩදි තමයි වැස්ස පටන් ගත්තේ...!
එහෙට කිවුවේ...? 
කොස්ගමට..!
කොස්ගම කියන්නේ ඔය..?
අවිස්සාවේල්ලට ටිකක් කොළඹ පැත්තට..!
එතකොට එහෙ තමයි ගම නේද..? 
අපොයි නෑ, අපේ ගම නම් එපිටවල ,කිරිඇල්ල. මම ඉන්නේ කොස්ගම.
එතකොට ඒක තියෙන්නේ කොහෙද...?
රත්නපුර දිස්ත්‍රික්කයට අයිති ගමක්...!
ඉතින් ඇයි තනියම ආවේ..? 
වාව්..කර්ට්න් එක පිටි පස්සෙන් දඟ පන්දුවක්..!
ඒ සුද්දිලගේ අක්කා..!
මූලාසනය හැඳිවීමක් කලා.
මුලින්ම මම මෙයාව මුනගැහිලා කතා කරේ තනියමනේ.එයාගේ කැමැත්ත ගත්තෙත් තනියම. දැන් තියෙන්නේ දෙමවුපියෝ මුනගැහිලා කතා කර ගන්න එකනේ. අමාරු වැඩ සේරම තනියම කරගත්ත මම මොකටද මෙහාට එන්න විතර රංචුවකට අඬගහන්නේ.අනික කසාද බඳින්නේ මම විතරනේ. ඒනිසා ඒ ගමනත් මම තනියම ආවා...!
මාත් බර දාලම ගැහුවා,හතරේ සීමාවෙනුත් එහාද මන්දා. කමක් නෑ ඔන්න ඔහේ,දැනගන්නේ නැතෑ මමත් හොඳ කීඩෑවෙක් තමයි කියලා.
මොකක්ද නම කිවුවේ මල්ලිගේ...? 
නෑ ඔයාලා තවම මගේ නම ඇහුවේ නෑ.
(ඇත්ත කියන්න එපායෑ නේද..?)
හරි එහෙනම් දැන් කියන්නකෝ..!
මම සරත්, සරත් චන්ද්‍රසිරි..! 
සම්පූර්ණ නම කියනවානම්..?
මාවිත්‍ර මුදියන්සේලාගේ සරත් චන්ද්‍රසිරි..!
තාත්තා මොනවද කරන්නේ...?
පියානන් වහන්සේගේ පළමු පැනය.
අමුතුවෙන් රස්සාවක් නම් කරන්නේ නෑ,අපට රබර් ටිකක් තියනවා.ඉතින් ඒවා බලාකියාගෙන ඉන්නවා. ඊට අමතරව ඔය පතල් වැඩත් සුලුවට කරගෙන යනවා..!
ඒ කියන්නේ මැණික් මුදලාලිලද..?
අපොයි නෑ මැණික් මුදලාලිලා කියන්නේ සල්ලිකාරයෝනේ. එයා සල්ලි කාරයෙක් නෙමේ හැබැයි ඉතින් කරදරයක් නැතිව ජීවත් වෙන්න තරම් යමක් තියනවා..!
ඉතින් ඇයි අම්මලා තාත්තලා එක්ක ආවේ නැත්තේ. එයාලත් එක්ක එපායෑ මේවගේ ගමන් එන්න...!
ඒ පුරස්නේ ඇහුවේ නම් අම්මා වෙන්න ඕන කියලා මට හිතුනා. මම මූලාසනය දිහා බැලුවා. 
ඒ උදේනිගේ අම්මා..! කෝ ඉතින් සමිතලගේ අම්මත් මෙහෙට එන්නකෝ..!
ආරාධනාවත් සමඟම කර්ට්න් එක මදක් ඈත්කර ඇය  යන්තම් මුහුණ පෙන්නුවාය.
එන්ඩ එයාලා මේ ගැන දැනගෙන ඉන්න එපායෑ.මම එයාලට මේවා කියලා නැහැ..!
ඇයි ඒ..? මෙහෙම වැඩ වලදි වැඩිහිටියෝ ඕනමනේ...?
මව නැවතත් කීවාය.
සාම්ප්‍රදායනම් එහෙම වෙන්නැති. ඒත් මම ඒවා ෆලෝ කරන්නේ නෑ.අනික මම එයාලගෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ.
(මම කවදටත් කොලේ වහලා ගහන එකෙක් නෙමේනේ.)
එහෙම කියලා පුලුවනෑ මේ කාරණා කටයුතු කරන්න.
ඔයාලට ඕනනම් මම එයාලව මුනගස්සන්නම්.ඔයාලා එහේ යනවද, එයාලා මෙහෙ එන්න ඕනද කියලා විතරක් මට කියන්න. මම වැඩේ පිලිවෙලක් කරන්නම්.
මොකෑ දැන් ඔය ගෙදරත් එක්ක විරසකේ...?
ඒ පාර නම් කතාකරේ තාත්තා.
ඒක නම් දිග කතාවක්. කෙටියෙන් කියනවානම් මමත් තාත්තා වගේ,ඒ නිසා මෙහෙම ඉන්නවා..!
මොනවද ඔච්චරටම හපන්නේ..?
මේ මූලාසනේ එකාටත් ඕන නැති දෙයක් නෑ.
ආ.. මේ බබල්ගම් එකක්..!
හරි හරි ඕක මේ දැන් හැදෙන අයගේ ස්ටයිල් එකක්. මොඩ් ගොවියොනේ, බුලත් කන්නේ නෑ ඒවෙනුවට චුවින්ගම් හපනවා..!
(මුගේ අම්%%@@#@**.)
හැබැයි මේකට හේතුවනම් ඒක නෙමෙයි.අර මෙහෙට හැරෙන තැන හංදියේ කඩේ මුදලාලි ලඟ මාරු සල්ලි නෑ කියලා මට බබල්ගම් දෙකක් දුන්නා. ඒකෙන් එකක් මම එවෙලෙම කටේ දාගත්තා. එකක් සාක්කුවේ තියනවා දෙන්නද.
(දැන්වත් ඕන නැති කුප්ප කතා නාහ ඉන්නැතෑ.)
ඒ අතරවාරේ අක්කන්ඩිය (ගෑණු දරුවාගේ) තේ බන්දේසියක් ගෙනැවිත් තැබුවාය.
අපි එහෙනම් තේ එකකුත් බිබීම කතාකරමු නේ..?
ආරාධනාව මුලසුනෙන්.
තාම දවල්ට කාලත් නැතුව ඇති මයෙ හිතේ.
ඒ පියානන්ගේ හඬයි.
අපොයි නෑ මම එන ගමන් මගදි කෑවා.
අර කොහෙදින්ද..?
මහ ගෙදරින්..!
මහ ගෙදර.. දැන් එහෙනම් මහ ගෙදර යන් නෑ කීවේ..?
නෑ නෑ මහ ගෙදර කියන්නේ හොටෙල් එකක්..!
ආ.. මම හිතුවා මහ ගෙදර කිවුවම ඔය ලමයින්ගේ මහගෙදර කියලා. කමක් නෑ අපි තේ ටිකක් බොමු. වැස්සත් එක්කනේ..!
කොහොමද අපේ නංගිව අඳුරන්නේ...?
හුටා.. බිස්කට් එකක් අතට ගත්තා විතරයි..
මෙයා නම් ඕනවට වැඩියි. ඕක අහන්න මම එනකම් ඉන්න ඕනද..?තමන්ගේ නංගිගෙන්ම අහගන්න තිබ්බනේ. හිතුවට කීවේ නෑ ඕං.
මම හිතන්නේ ඒකට නම් උත්තරේ මෙයත් දන්නවා. ඒනිසා නිවාඩු පාඩුවේ මෙයාගෙන්ම අහලා බලන්න..!
(තේ දීපු එක වෙනම දෙයක්. කියන්න තියනදේ කියනවා මම.)
දැන් මේ ලමයගේ පවුලේ කීදෙනෙක් ඉන්නවද..?
මමයි නංගියි විතරයි..!
නංගි බැඳලද...?
තාම නෑ..!
පව්ලේ එකම පිරිමියා නම් ඉතින් දේපල සේරම තමන්ට නොවැ..!
ක්‍රමේ ඒක උනාට මගේ එහෙම අදහසක් නෑ..!
ඒ කිවුවේ..?
මට කාගෙවත් දේවල් වැඩක් නෑ.මම හරි හම්බ කරගත් දේවල් තියනවා මට ජීවත් වෙන්න..!
තනිකඩ කාලේ ඔහොම හිතුනට පවුල් පංසල් වෙනකොට එහෙම බෑ. ඒනිසා ඔය අමනාපකම් අතෑරලා පිලිවෙලක් වෙන්ට වෙයි..!
පියානන් එසේ කීවේය. 
රබර් එහෙම මහ හුඟක් තියනවද...?
මුලසුනෙන් නැවතත් අතුරු ප්‍රශ්ණයක්.
අපෝ නෑ, අක්කර දහයක් විතර. ඒ උනාට ඒවා අපේ තාත්තගෙනේ..!
දෙමව්පියන්ගේ දේවල් ඉතින් දරුවන්ට තමයි. දෙන්නටම දුන්නත් මොකෝ..!
පියා කීවේය.
මගේ නම් එහෙම බලාපොරොත්තුවක් නෑ..!
එහෙමනම් පරස්තාවක් කරගෙන කොහේද ඉන්නේ..?
වැදගත් ප්‍රශ්ණයක්, මෑණියන්ගෙන්.
මටත් තියනවා හයිලෙවල් පාර ලඟම පොඩි ඉඩමක් පර්චස් 27 ක විතර. ගේකුත් හදන්ඩ පටන් අරන් තියෙන්නේ එතන.
ඒකෙන් ඉතින් යැපෙන්ඩ තරම් ආදායමක් එන්නේ නෑනේ..?
ඒ නිසා තමයි මම රක්ෂාවක් කරන්නේ..!
මොකක්ද මල්ලි කරන ජොබ් එක. ?
ඒකනම් ජොබ් එකක්ම නෙමෙයි. පොඩි බිස්නස් එකක්. ඉලෙක්ට්‍රොනික් අයිටම් රෙපෙයාර් කරනවා, ඒ ඇරුනම ස්පෙයා පාට්ස් විකුනණවා. ෂොප් එකත් මගෙමයි..!
කොහෙද එතකොට ඕක තියෙන්නේ..?
කොස්ගමම තමයි..!
බැන්දට පස්සෙත් ඒකම කරගෙන යනවා, එහෙමද..?
ඇත්තටම මම තාවකාලිකව ඒක නතර කරලා තියෙන්නේ, මේ දවස්වල රට රක්ෂාවක් කරන්නේ. බැඳලත් දෙන්නම එහෙ යන්න හිතාගෙන තමයි ආවේ. අවුරුදු දෙක තුනක් එහෙ ඉඳලා ඇවිත් ආයේ කඩේ කරනවා...!

එහෙම කතාවක් සුද්දිත් කිවුවා කියලා සුනිල් අයියා කිවුවා. මේකයි මල්ලි මම අද මෙතනට ඇවිත් කතා කලාට මම මේ පව්ලේ කෙනෙක් නෙමේ, අසල්වැසියෙක්. ඒ නිසා වැඩිහිටියෝ කතා බහ කරලා ඒ ගොල්ලන්ගේ කැමැත්ත අකමැත්ත මත ඉදිරි කටයුතු කරගෙන යන්නයි තියෙන්නේ. ඒ හැර මට යමක් මේ ගැන කියන්න බෑ. නේද සමිතලගේ අම්මේ..?
ඔව් ඉතින් හැමදෙටම පිලිවෙලක් තියනවනේ..!
ඇය පිළිවදන් දුනි.
අනික සුද්දිගේ අයියා ඉන්නේ රට, අපිට එයාටත් මේ ගැන කියන්න ඕන. එයාගේ වචනයක් නැතුව අපි මොකුත්ම කරන්නේ නෑ.
එසේ කීවේ පියාය.
අනික ඉතින් මෙයා තනියම ඇවිත් කියපු දෙයක් හැර අපි මොකුත්ම තවම දන්නෙත් නෑනේ..!
ඕන එකටයි එපා එකටයි දෙකටම කට දාන අක්කත් මැදට පැනපි.
ඒක තමයි මම ඔයාලට විවෘත ආරාධනාවක් කලේ ඔයාලා එහෙ ගිහින් හරි එයාලට මෙහෙ එන්න කියලා හරි බලන්න කියලා..!
ඒවා කෙරෙන්න කලින් ගෙදර කට්ටියගේ අදහස් බලන්න එපායෑ..!
නැවතත් ඇයමයි.
එහෙමද...? හොඳයි එහෙනම් මටත් යමක් යමක් කියන්න තියනවා මේ නෝනලා මහත්තුරු හැමෝටම. මම ඒකත් කියලම යන්නද...?

ඔන්න කතාව ඉවර නෑ......!

වෙහෙරක් ගිල්ල මට අග්ගලාවත් කජ්ජක්ද...? නංගි බබා 17....

ඔන් ද වේ.....

15 comments:

  1. ආයෙ නෑ කතාව හොඳම තැනින් නවත්තන්නෙ හැමදාම :) එල එල..

    ReplyDelete
    Replies
    1. ඔයාලා වෙනුවෙන් ඉක්මනට කියලා ඉවර කරනවා මම. එතෙක් ‍රැඳී සිටින්න. ජය.!!

      Delete
  2. හ්ම් 17 දාමුකෝ එහෙනම්

    ReplyDelete
    Replies
    1. දාන්නම් කෝ එහෙනම් හොඳේ..! ජය.!!

      Delete
  3. හප්පා මෙයාගේ කට.... මේ මොන කට හැකරයෙක්ද කියලා එලෙව්වෙ නැති එක පුදුමයි... හි හි....

    ReplyDelete
    Replies
    1. එහෙම වෙයිද හිරූ. තව බොහොම ටිකයි නොවැ.අපි ඒ ටිකත් බලලම ඉමු හොඳේ.
      ජය.!!

      Delete
  4. අම්මෝ...හරියට නිකම් CID එකෙන් ප්‍රශ්ණ කරනවා වගේනෙ...බොරු කියන්න එපා ඉතින්..මාමණ්ඩියා ප්‍රශ්ණ කරද්දී චුට්ටක් විතර දාඩිය දාලා බය උනා නේද ?

    ReplyDelete
    Replies
    1. ඇයි.. CID එකේ ප්‍රශ්ණ කරන්නේ මෙහෙමද ලිහිණි...? මං හිතන්නේ ස්නායු දුර්වලතාවයක් නිසාද මංදා ඔය බය කියන එක මට දැනෙන්නේ නෑ නොවැ. ඉතුරු ටිකත් කියවගෙන එන්නකෝ. ඔයාට තේරුම් යාවි සරා කියන්නේ ගල් පලලා මද කාපු එකෙකුට වග. ජය!!

      Delete
  5. මෙහෙම ගිහිල්ලා නම් නංගි බබා බන්දලා දුන්නා පුදුමයි අප්පා..ඉතුරු ටිකත් බලමුකෝ..

    ReplyDelete
    Replies
    1. දුන්නාම නෙමේද මංදා කොහොමටත් අපි බලලම තීරණය කරමු..! එහෙම හොඳයි නේද රූ...?
      ජය.!!

      Delete
  6. Replies
    1. අනිවා... බලමු බලමු..! ජය..!

      Delete
  7. ඒ කියන්නේ අයියා අපේ පැත්තේ නේ....එල එල..

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තේ කීවේ උඹ කොයි පැත්තේද මලේ...? ජය...!!

      Delete
  8. මෙන්න සම්මුඛ පරීක්ෂණ කියලා කිව්වලු :D

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....