Monday, April 8, 2013

සරාට මොකද උනේ......??





හැමදාම හැම වෙලේම ගූගල් ගොයියත් එක්ක හිටපු නිතර බ්ලොග් ලියපු කියවපු සරාට හිටි ගමන් මොකද උනේ......? 
දැන් මේකා දකින්නවත් නෑ නොවෑ....! 
ගං වතුරකට ගහගෙන ගෙහුංද... නැත්නම්වැලි කුණා‍ටුවකට අහුවෙලාද...? 
නැත්නම් සුනාමියකට... ! 
වෙන්ඩ බෑ...! මැදපෙරදිග රටක නෙව ඉන්නවා කිවුවේ...! 
මේකට මං මුලා වැලක්වත් පෑගිලා කොලෑ උනාවත්ද කාන්තාර මැද්දෑවේ....නැතිනම් මේ අහ කරක් ගහන්ට නෑවිදින් ඉන්නේ නෑ මේ ගොබිලා....! 
පහුගිය ටික දොහේ ඕං ඔය විදිහට හිතුන අය හිටියා අපේ බ්ලොග් මිතුරු මිතුරියන් අතරේ. ඒත් කියන්ට කනගා‍ටුයි ආයිබොවන්මට ඔහොම අලකලංචිනම් සිද්ද උනේ නෑ ඕං. හෙනං අහවල් ගුබ්බෑයමේ රිංගලාද බොල පේන්න නොහිටියේ.....?
 තරහ අවසර... ටිකක් හිටින්ටකෝ ආයිබොවං කියනකල්....! 
මේ දවස්වල මම මගේ ඇක්සිට් පේපොස් වල වැඩ කොරගන්නවා නෙව. හපොච්චි තාත්තේ ඒවට තියෙන අමාරුවක්. ඉස්සර මේ වැඩටික කොරගන්න ගියේ සතියයි. දැන් ඒ තැන්වල හිටිය පොරිනර්ස්ලා අයින් කොරලා ඒ තැන්වලට ස්වදේශිකයෝ ඔබලා. මල ^$%#%^$&*ඨ්^ මේIHIඝ්Fඪ්ඝ් මෙලෝ වැඩක් කොරන එවුන්යෑ. මම දැන් සති ගානක ඉඳන් එහෙට මෙහෙට දුවනවා හරියට අහවල් එක කැඩුන කඩියා වගේ. ඒ අස්සෙන් සමර් සීසොන්. ATC කොරන එකා මම උනාට මොකද ආයිබොවන් මේ දවස්වල මගේ temperature එකත් නහුතෙටම නැගලා. වැඩ කෙරෙන්නම ඕන තැන් වලට වැඩ නොකරනම උන් දැම්මම වෙන සංතෑසිය මම නොකිවුවට ඔය ඇත්තන්ට හිතාගත හැකිනේ. ඕං බැරි කෙනෙක් ඉන්නවා නම් හෙට අනිද්දා මම ගමරට ආවම නිදහසේ අහගන්ටකෝ. කොහොමත් මට කියන්ට කතා බොහොමයි. හිතේ ආවෙගෙත් එක්ක ලියලා ආයි මෙච්චර ආසාවෙන් කොරාගෙන යන බ්ලොග බොග කරගන්න මගේ කැමත්තක් නෑ. වෙහෙරක් ගිල්ල මට අග්ගලාවත් කජ්ජක්ද කියලා ඔන්න ඔහේ මේ ටික දොහත් ඉවසා වදාරනවා.

එහෙනම් සියළු හිත මිත්‍රාදීන් සරා සමඟ අමනාප නොවෙත්වා. ලබන්නාවූ සිංහල හිංදු අලුත් අවුරුද්ද සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක්ම වේවා...!!! 

පුළුවන් එකෙක් ඉන්නවා නම් මට කැවුම් ගෙඩියක් කොකිසක් ඉර‍ටුවකවත් ගහලා තියලා තියාපල්ලා. ගම රට ආවහමවත් කන්න. 


ප/ලි 

ඔය කිවුවට මට මුන්ගේ වැඩ මතක් වෙද්දි අම්මාපල් මුන්ගේ ර්‍Sඨ්SF Hඣ්F්‍යඝ්Fඨ්ඪ් ඨ්EASEර්‍ SFHඣ්ඝ්ඣ්ඝ්Hඣ්ඝ්Hඣ්ඡ්SEර්‍EVඹ්Vඣ්Vඪ්ථ්Vඛ්භ්Hඣ් F්‍යඨ්Eර් WEර්‍ර්‍Eඨ්ර්‍්‍ ය්‍ය*&^&^ #$Fඣ්ඝ්්‍යර්‍   $$%SFඛ්Hඣ්ඛ්H ඛ්ඣ්ඝ් ඣ්HF^Eර්‍IUඝ්HFF්‍යඪ්FE$%E්‍යඝ්්‍යFර්‍Eර්‍්‍යඝ්්‍යF%^E%$&*UI්‍යIUඝ්Iඝ්H්‍         යඨ්&^ර්‍^WEඪ්්‍යඝ්Uඛ්HHU*(&*(^^ර්‍ඨ්්‍යF්‍යI
HIළ්H්‍යF% ^FUF්‍යඝ් Uඛ්HUඛ්ඝ්ඨ් ඪ්Wර්‍ESඝ්ඡ්FHඣ්ඝ්ය්ෆ්ය් ට්ඩ්ට්ඩ්ජුHඝ්ට්ය්ඩීට්ස්ට්ය්ෆ්ජ්ක්බ්ම්  ජ්ව්ෆ්ංඑස්ර්බ්ව්හ් ජ්ච්ව්ර්සෙ ර්ංහ්ව්හ් ජ්ග්ෆ්හ්WAWE W^ර්‍&^ඨ්^*ර්‍$%Wඨ්්‍යVHඛ්භ්Hඣ්ඝ්ඛ්ළ්HO්‍ය*(්‍යUඪ්ර්‍SEර්‍SWFHඣ්Vඝ් තේරුනාද....? නැතත් කමක් කමක් නෑ මම ඇවිත් තේරුම් කොරලා දෙඤ්ඤං...



19 comments:

  1. සරා කුකුල් කේන්ති කාරයා කියලා දන්න හින්දා මේ ටික කියන්නෙ.. දැන් ඇවිල්ලා තියෙන්නෙ උඹ උපරිමයෙන්ම ඉවසන්න ඕනා කාලේ.. මේ කාලකණ්ණි වැඩකරණ විදිහට ඕනැම රහතන්වහන්සෙ කෙනෙකුට උනත් කුණුහරුප කියවෙන එක සාමාන්‍යය දෙයක්.. ඒක හින්දා පුතේ උපරිම ඉවසීමෙන් ඔය ටික කරගනින් හරිද, වැරදිලා වැරදි වචනයක්වත් පිට නොකර, බොහොම සීරුවෙන් උපරිම ඉවසලා, තවටිකක් ඉවසපන්.. උඹේ වැඩේ කරගෙන ප්ලේන එකට නගිනකම්.. මට කියන්න ඕනාදේ උඹට තේරුණානෙ..?
    එහෙනම් බුදු සරණින් ඔය ටික කරගෙන ලංකාවට ගිහින්, සුපුරුදු විදිහට බ්ලොග් ලියපන්..

    ජය !

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න තියෙන්නේ මෙන්න මේ ටිකම තමයි..
      ඔලුවට ඉඳුල් හේදුවත් කට නම් වරද්ද ගන්නේ නැතුව
      කුක්කා වගේ එන්නයි තියෙන්නේ ..මේ ගෙවෙන්නේ
      අඳුරු කාලයක් ....

      ලබන්නා වූ නව වසර පවුලේ සියලු දෙනාට වාසනාවන්ත
      වේවා යයි පතමි....

      Delete
  2. ඈහ්...!!! මම දැන් කමෙන්ට් එක දාන්න යද්දි ඩූඩගෙ කමෙන්ට් එකක් තිබුනනෙ.. මොකෑ ඒකට වුනේ ???

    ReplyDelete
  3. සරාට ත් නංගි බබාට ත්, අර චුට්ටි උදම්සා බබාට ත්, පවුලේ හැමෝටම ත් "ලබන්නා වූ අලුත් අවුරුද්ද ප්‍රීතිමත්, සුභ අලුත් අවුරුද්දක් වේවා..!!"

    (ප.ලි. ය තමයි ප.ලි ය. :D )

    ReplyDelete
  4. හි හි.. මේ කියලා තියෙන ටික නම් ආවට පස්සෙ පැහැදිලි කරගන්නම වෙනවා....

    හා හා... කේන්ති ගන්නැතුව මේ ටික දවසත් ඉවසන්ඩෝ.... මෙහෙ අපේ එක්කෙනත් මෙලෝ වැඩක් බැරි, ඉගෙන ගන්න උවමනාවකුත් නැති, අයිස් ගහන ඇඟ හොරුසෙට් එකකට මැදිවෙලා හැමදාම එන්නේ යකා අතේ තියාගෙන.. මංම හින්දා හොඳයි හැමදාම ඕවා අහගෙන ඉන්න... හි හි...

    ReplyDelete
  5. මේ දැන් කවද්ද එන්නේ ඔය වටද්දර හරියෙන් මාත් නිතරම යැවෙනවා. ඒ වගේම ඔබේ පවුලේ දූ කෙල්ල ඇතුළු සැමටම සුබ සිංහල නව වසරක් වේවා.

    ReplyDelete
  6. එසේම වේවා එසේම වේවා :D

    ReplyDelete
  7. සරා අයියටයි පවුලේ හැමෝටමයි සුභ අළුත් අවුරුද්දක් වේවා..!

    www.amila-psx.blogspot.com

    ReplyDelete
  8. අරලිය එකට කෝල් එකක් දීල මන් කිව්වා කියල කැවුම් කොකිස් ඉල්ලා ගනින්, පස්සේ සාලි දීපන් :D
    සරාටයි පවුලේ හැමෝටමයි සුභ අළුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
  9. කස්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  10. සරාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    අර පලියෙ තියෙන ටික ගූගල් ට්‍රාන්ස්ලේටර් එකටවත් දාල බලන්න ඕන. :D

    ReplyDelete
  11. මම නම් ඇත්තටම හිතුවෙ සරා අයියා ලංකාවට ගිහින් කියලා.. මම හිතුවා ඉතින් ගිය ගමන් තියන වැඩ ඉවර කරගෙන හෙමින් සැරේ විස්තරේ දායි කියලා,,

    සරා අයියටත්, නංගි බබාටත්, පුංචි බබ උදම්සාටත් සුභම සුභ නව වසරක් වේවා !!!!

    ReplyDelete
  12. සරා අයියටත් පවුලේ හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා......

    ReplyDelete
  13. අල බහිනකම් ඉවසුවාට තැම්බෙන කම් ඉන්න පුළුවන්ද නේද සරා.!!

    කොහොම වුනත් නංගි බබා උදම්සා ඇතුළු පවුලේ හැම දෙනාටම සුභම සුභ අළුත් අවුරුද්දක්..

    ReplyDelete
  14. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  15. කිසිදු කරදරයකින් තොරව ඉක්මනින්ම ගෙදර එන්ඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අර 'මුදලාලිච්චි' එහෙම බලාගෙන ඇති නේද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  16. සුභ අලුත් අවුරුද්දක් වේවා අයියා.වැඩ ටික හරියට කරගන්ඩෝ!

    ReplyDelete
  17. අලුත් අවුරුද්දේ මේ පැත්තේ නෑවිත් කොහොම ද.. ඔන්න ආයිබෝන් කිව්වා එහෙනම්..!! :)

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....