Tuesday, February 19, 2013

මගේ විරෝධය. ( My objection )



            අප විදෙස් රටවල වෙසෙන්නෝ වෙමු.මෙහි අපට යහළුවෝ නෑදෑයෝ නැතිය. විනෝද චාරිකා යාමට සුදුසු සුන්දර පරිසරයන්ද නැතිය. වැලි කතරේවත් නිදහසේ සිටීමට නොහැකිව ඇත්තේ මේකලාගේ නීති රෙගුලාසි නිසාය. ඒනිසාම අප කාමර වලට කො‍ටුවී සිටිමු. එවිට දැරිය නොහැකි පාළුවක් කාන්සියක් දැනෙනවාය. කාන්සිය මඟ හරවා ගැනීමට අපි නානාප්‍රකාර ඩොට් කොම්ලා සොයායමු. (.com) බ්ලොග් හා චිත්‍රපට හැරුනු කොට සරාලගේ කාමරේ එවුන් යන්නේ ලාංකීය ටෙලි නාට්‍ය පෙන්වන .com වලට පමනිය. හරිම කනගා‍ටු දායකය දැන් ඒකලා පෙන්නන නාට්‍ය අප්‍රසන්නය කුජීතය. වැරදි හදන එකාලාද පෙන්නන එකාලාද කියා දන්නේ නැතිය. අපට අනුව නම් මුන් දෙකාලාම වැරදිය.එසේ කියන්නේ මේකලා මේවායින් මුදල් උපයන නිසාය. කුනුහරුප විකුණා මුදල් ඉපයීම සදාචාර සම්පන්න නොවන්නේය. මුදල් ඇවසි නම් හොඳ දෙයක් ප්‍රේක්ෂකයාට දී මුදල් ඉපයීමේ වරදක් අපි නොදකිමු.

           ඔය මෙගා බිබික්කම් මුලින් හැදුවේ ඉන්දියාවේය. ඕවාට ලාංකීය නම් ඔබා මහගෙදර, ප්‍රවීනා, චිත්තී, % ත්තී කියකියා පෙන්නුවේ අපේ එකාලාය. එදා ඒවාට විරුද්ධව කෙස් පැලෙන තර්ක විතර්ක ගෙනා අස්ප ගනන් බදු යෝජනා කල එකාලාද අද ඒවාම කරනවාය. මේවා අර චිත්තිලාට, %ත්තිලාටත් වඩා බොළඳය, පජාතය. බල්ලෝ මරලා හෙවුවත් සල්ලි "බුහ්" ගාන්නේ නැති බව හැබෑවය. එහෙම කියා මේකලාට ඕන දේවල්ම කිරීමට හැකියාවක් තිබිය නොහැක. ඒ අතින් ගත් කල ප්‍රමිතියෙන් තොරයැයි චෝදනා ලබන බ්ලොග් කෙරුවාව හොඳය. බහුතරයක් ඕප දූප වුවද උන් ලියන්නේ සිදු වූ, සිදුවෙමින් පවතින හෝ අනාගතේ සිදුවිය හැකි දේවල් නිසාය ඒ.අද ලාංකීය ටෙලි නාට්‍ය තුල වන්නේ කිසිඳු ලෙසකින් විය හැකි තබා සිතන්නට වත් බැරි දේවල්ය. පැරණි චිත්‍ර කතා පත්තරවලවත් මෙවැනිදේ නොවීය. ඉන්දියාවේ ටෙලිවල, චිත්‍රපටවල නම් කුඩාකල තමන්ගෙන් වෙන්වුනු දරුවා, සොහොයුරා, සොයුරිය පවා වසර ගනනාවකට පසුව උවද ඔවුනොවුන් හඳුනා ගනී. අපේ ටෙලිවල ඊයේ පෙරේදා ගෙදරින් ගිය තම දියණිය මව නොහඳුනයි, සොයුරිය නොහඳුනයි. තව විකාරනම් බොහෝය. එකිනෙක දැක්වීම ඔබගේ කාලය කා දැමීමක් යැයි සිතෙනා නිසා නොකියමිය.

           ඉන්දියාවේ එකාලනම් මේවගේ ඒවාට කියන්නේ "ගෝල් මාල්" (අවුල් වියවුල්) කියාය. අපේ එකාල මේ කරන්නේ ටෙලි නාට්‍ය කලාව ප්‍රේක්ෂක ජනතාවට එපා කරවීමක්ය. ඒක මහා අපරාධයක්ය. ඉඳ හිට හෝ හොඳ නිර්මාණයක් කරන නිර්මාණ කරුවන්ට තිබෙනා අවස්ථාවත් නැති කිරීමක්ය.

හැබෑවටම මේවා හොයන්නට බලන්නට කෙනෙක් නැතුවද...?
නො එසේනම් ඔවුන් මර නින්දේද....?

30 comments:

  1. සරා අයියලා ටීවී ලංකාද බලන්නේ... හි හි..

    අපේ මහත්තයා ඒ කාලේ ඕවා බලන්න බෑ කියලා කරන්නෙම කන් දෙකේ ප්ලග් ගහගෙන සින්දු අහන එක.. ඒ තරම් විකාරයි ලු... මන්දා මම නම් ඕවා බලලා නෑ... හි හි....

    ReplyDelete
  2. ටීවී ලංකා තව හොඳයි හිරූ. මම මේ කිවුවේ අපේ ප්‍රධාන නාලිකා දෙක ගැන. ඒකලා නෙව හැම එකටම තප්පුලන්නේ.

    ඇයි බං පෝස්‍ටුව දාලා හැරෙන්නවත් හම්බවුනේ නෑ නෙව . උඹට වෙන වැඩ නැතුව වගෙයි කෙල්ලේ.

    ReplyDelete
  3. අනේ ඉතින් ඒ ගැන මොකට කතා කරනවද... මම නම් ඔය එක ටෙලියක්වත් බලන්නෙ නැති නිසා ගානක් නෑ. ඒත් ඉතින් ගෙදර ගියාම නම් කනක් ඇහෙන්න නෑ විලාප විතරයි. අපේ අම්මත් ඕවා බලන්න රුසියා..මල ඇඬියාව විතරයි දැන් තියෙන කතා ඔක්කොම... දැන් ලංකාවේ අලුත්ම මෝස්තරය චංගුමීනේ..සරා අයියා ඒක බලලා නැතෙයි ?

    ReplyDelete
    Replies
    1. හික්... චන්ගුමි... ඒක නම් ඇත්ත. චන්ගුමි ඉන්නවා නම් කන්න ඕනෙත් නෑ මිනිස්සුන්ට. දැන් වෙන මොකක්ද එකක් නේද යන්නේ....

      Delete
    2. @ළිහිණි

      මමත් ඕක නම් දැක්කා. ඒත් ඕවා බලලා නම් නෑ ළිහිණි.

      Delete
  4. අනේ මන්දා මේවානම්....

    ReplyDelete
  5. Mama nam oya katha balanne nane. E nisa mokuthma kiyanne na.:D . Oya dannawane ma gana.

    ReplyDelete
    Replies
    1. ඒක මොකෑ මම නොදන්නේ.

      Delete
  6. මම ටීවී එකේ බලන්නේ උදේට යන බොඳ මිහිදුම් එක විතරයි.අනේ මන්දා ඉස්සර නම් ඕකට ඇලිලම හිටියනේ.

    ReplyDelete
    Replies
    1. මම නම් ටීවී බලන්නෙම නෑ. රස්සාවට කොරන්නේ ඕවා හදන එක නිසා නිකම්ම පේනවා.

      Delete
  7. අපිට හොඳ වෙලාවට ඕවා පේන්නෙ නෑ බං.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතු‍ටුයි.

      Delete
  8. මම නම් ඔය ඉඳලා හිටලා හොඳයි කියලා මට හිතෙන නාට්‍යයක් තෝරගෙන එක දිගට ඇදලා දානවා.. වැඩි හරියක් තියෙන්නෙ බහු රූ කෝලම් තමා...

    ReplyDelete
    Replies
    1. ඒ වචනේ ගැලපෙනවා. බහු රූ කෝලම්

      Delete
  9. සරා, මේ ලිපිය කියවා මට ඇතිවුනේ පුදුමය, දුක, වේදනාව, පමණයි. මම හිතුවේ, මැද පෙරදිග ඉන්න විදේශීය ශ්‍රමිකයන්ට, විවේක වෙලාවල, සංචාරයේ යෙදෙන්න අවසර තිබෙනවා කියලයි. මේ වගේ වහල් කඳවුරක් කියලා දැනගත්තම ඇතිවුණේ පුදුමයක්. මම හිතන්නේ, ඕකුන්ගේ ජාන වලින්ම එන වනචරකම නිසා, උන්ගේ ගෑණු පිටයාමේ ප්‍රවනතාව වැඩි නිසා, විදේශිකයන් මෙහෙම කොටුකර තියනවා ඇති. අපි තමයි, පිටරටින් එන එවුන්ට, අපේ එවුන්ගේ බඩ උඩ ලගින්ඩත් කටයුතු සම්පාදනය කර තිබෙන්නේ.

    රටේ අධ්‍යාපනය (විශේෂයෙන් භාෂාව, සාහිත්‍යය, ආගම සහ සදාචාරය) විෂයමාලා වලින් ඉවත්වීමේ ප්‍රතිඵලය නිසා පුස්සන් බිහිවීම වේගවත් වුනා. අද එය අධිවේගී ක්‍රමයට සිදුවෙනවා. ඉස්සර සල්ලි ගෙවා ගත්තේ, වේසා ගෑණු පමණයි. අද අම්මෙක් තාත්තෙක් වුනත් සල්ලි ගෙවලා ගන්න පුළුවන්. ජාත්‍යන්තර පාසල් වලට යන එකා එලියට එන්නේ, කෙල්ලෝ හත් අට දෙනෙක් එක්කවත් නිදිවැද්දාට පසුවයි. අනෙක් පාසල් වලත් ඕවා අඩුවැඩි වශයෙන් තියනවා. ඒ පාසල් තවමත් කිසියම් නීති රීති වලින් පාලනය වන නිසා විනාශවීමේ වේගය වැඩිවෙන්නේ හෙමින්.

    ඔය තුට්ටු දෙකේ තුප්පහි නාට්‍ය කලාව පටන්ගත්තේ මොන නාලිකාවද කියලා කවුරුත් දන්නවනේ. ඒ නාලිකාවේ මහ එවුන්ගේ ඉන්දියානු සම්භවය නිසා උන් ඒවා මෙහෙ ගෙනාවා. අපේ එවුන් ඒ වඳුරු වසංගත ඉඹලා බාරගත්තා. ජාතික කියන පජාත නාලිකා දෙකත් හෙමීට ඒවා තම රෙද්ද අස්සට දාගෙන චූන් වුනා. මේවා පාලනය කරන එවුන් නිදිද කියන ප්‍රශ්නයට උත්තරේ මේකයි. ඔව්, එවුන් නිතිපතාම අර පසික්කාට්ටු මෙගා නාට්ටි (දවස් පඩි නාට්ටි කෑලි) වල විකාරරූපී ලෙස පෙනී ඉන්න නිලියන් කියා උන්ම කියාගන්න වේසාවියන් සමග නිදිවදිනවා. අපේ මෝඩ මිනිස්සු ඒවා දිහා කට ඇරගෙන බලා ඉඳිද්දී, අපේ හැදියාව කියන දරුවා, නොදැනුවත්වම, අපේ මනස නමැති ඇකයෙන් බිමට වැටෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. කිවයුතු යමක් තියෙනවා. මතු දිනයක පොස්‍ටුවකින්ම කියන්නම් මහත්මයා.

      Delete
  10. මමනං ඔය ටෙලිනාට්‍ය කිසි එකක් බලන්නෙ නෑ. ඕවයෙ තියෙන මල ඇඬියා ටික බලනකොට කුණුහරුප මතක් වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔය කියපු ජාතිය මට මතක් උනහම නම් කට ඇරලම කියලා දානවා. මෙහෙ උන්ට තේරෙනවයි කියලයෑ.

      Delete
  11. අය්යෝ මේක ගැන නම් කියල වැඩක් නෑ අය්යේ, කරන්න කිසිම දෙයක් නෑ, මම ඉතින් මහනවා පොත් බලනවා, නංගි ඔය දෙකටම කැමති නෑ, එයා බල බල හිටපු ඩිශ් ටී වී එකත් මේ ලගදි ගලවගෙන ගියා, ලංකවේ එවගේ බලන්න කිසිම දෙයක් නෑ. ටික දවසකට කලින් ගියා පියවි කියල නාට්ටියක් ඒක නම් බැලුවා, අනික ස්ක්‍රීන් එකෙන් බාගෙක යන්නෙ ඇඩ්.මැද චූටි කොටසක තමයි වැඩසටහන යන්නෙ..

    ReplyDelete
    Replies
    1. පියවි ලස්සනයි. මාත් බැලුවා.....

      Delete
    2. ඇයි නගෝ ඔය ලබේට තියෙන්නේ මෙහෙ ඕන තරම් සැටලයිට් රිසිවර්. ඇන්න හයිකොර ගත්තා නම් අහක නෙව.

      Delete
  12. හොද කතාත් අතරින් පතර තියෙනවා. හැබැයි ගොඩක් අඩුවෙන්.

    ReplyDelete
    Replies
    1. බොහෝම අඩුවෙන් නේද සමනළී

      Delete
  13. ඉඳල හිටලා එකක් දෙකක් යනවා එවෙලේ වින්දනයට හොදයි. හොඳ නිර්මාණ කලොත් ආර්ථිකමය පාඩුවක් වෙන නිසා මුදල් ලැබෙන ලෝ බජට් සංකල්පයෙන් තමා මේ එලියට එන හැම ටෙලියක්ම එන්නේ.

    ReplyDelete
  14. ටෙලි නම් එපාම වුනා ඔය හඬ කවපු මගුල් හින්දා. අර ප්‍රසන්න කිව්වා වගේ පටන් ගත්ත වෙලේ ඉඳන් වැළපෙන්න ගත්තම එපා වෙනවා. හොඳ නාට්‍ය තියනව ද කියල දන්නෙත් නෑ දැන් බලන්නේ නැති නිසා. ඒ වෙලාවේ නෙට් එකට සෙට් වෙලා මොනවා හරි කියවන එක සැපයි. නොදන්නා දෙයක් ඉගෙන ගන්න වත් පුළුවන්.

    ReplyDelete
  15. බලන එක නවත්තලා තියෙන්නෙ. ඒකෙන් වෙන්නෙ..හොඳ ටෙලියක් ගියත් බලන්න බැරිවෙන එකයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙදි වෙන මොනා කරන්නද වීයා අපේ එවුන්. ඒකනේ මේ.

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....