Thursday, December 27, 2012

ප්‍රීතිමත් යුගදිවියක්....!! හීනෙන් විතරමද...?


         

          අද දෙසැම්බර් 27 බ්‍රහස්පතින්දා. මේ අවුරුද්දට ලැබෙන අන්තිම නිවාඩු දවස් දෙක. වෙනදා පුරුද්දට උදේම ඇහැරුනා උනත් ඇ‍ඳෙන් බැස්සේ නෑ මම. Skype කතා කොරන්නත් බෑ අද උදෙන්ම, නංගි බබයි පුංචි උදම්සයි පොඩි වන්දනා ගමනක් ගෙහුං පවුලේ උදවිය එක්ක. ආයෙත් බෙඩ්ෂීට් එක ඔළුවේ ඉඳන් පොරෝ ගත්තු මම දියණියගේ කිරි සිනායි, බිරිඳගේ පෙම් සිනාවලයි මායිම් සොයන්න අසාර්ථක උත්සාහයක් ගත්තා.
හැබෑවටම මම ලකී..........!
මට එහෙම හිතුනා.
ඇයි ඒ..........?
ඔයාලා අතරින් කවුරු හරි එහෙම ඇහුවොත් මම මෙහෙම උත්තර දෙනවා.
            පුංචි උදම්සා මේ වෙනකොට එයාගේ තරමටත් වඩා හැකියාවන් පෙන්වන දක්ෂ බුද්ධිමත් දරුවෙක්. අම්මගේ රුවගුණ වගේම තාත්තගේ හැකියාවනුත් එයාට නො අඩුව පිහිටලා තියෙනවා කියලා තමයි එයා ගැන මා එක්ක කතා කරන අය කියන්නේ. ඒවගේම මගේ දයාබර බිරිඳ නංගි බබා. හැබෑවටම ඇය මා ලද තිළිණයක්. හැමදාම අළුත්වෙන ඒ ආදරේ ඇදයක් පළුද්දක් හොයන්න තැනක් මට නැති උනහමත් මම සුළු අතපසු වීමක් හෝ හොයාගෙන රවනවා ගොරවනවා. ඒ තව තවත් ඒ ආදරේටම කො‍ටුවෙන්න තියෙන ආත්මාර්ථකාමී ආසාවට. එහෙම වෙලාවට ප්‍රතිචාර විදිහට මට ලැබෙන්නෙත් ආදරය පිරුණු වදන්ම පමණයි. සැබැවින්ම ඇයවන් බිරින්ඳෑවරු වෙනුවෙන් සැමියන් අතින් නිබ්බුත පද ලියවිය යුතුයි. ඒත් ඉතින් සරාට කාව්‍යමය හැකියාවක් නෑ නොවැ.

නැණවත් සැමියෙකුට එවන් බිරිඳක් ලැබීම ඔ‍ටුන්නක් ලැබුනාට සමානයැයි මට සිතේ. මොකෝ මේ නැණවත් කියලා විශේෂණයක්...............?

          ඕෂෝගේ කතාවකින් පුංචි කතාවක් තියෙනවා, ඔයාලට උත්තරේ ගන්න පුළුවන් වේවි. එක්තරා ගල් වඩුවෙකුගෙන් ඒ අසලින් ගමන් කරන මගියෙක් අහනවා හැබෑවටම කොහොමද ඔබ මේ තරම් රළු ගල් කුලකින් මනස් කාන්ත ප්‍රතිමාවක් නිර්මාණය කරන්නේ කියලා. එවිට ගල්වඩුවගේ උත්තරේ මෙහෙමයි. හැබෑවටම මිත්‍රයා මම කිසිවක් අමුතුවෙන් නිර්මාණය කරන්නේ නෑ. ඔබ ඔය කියන විදිහේ ප්‍රතිමාවක් මේ ගල් කුල ඇතුලෙත් තියෙනවා මම කරන්නේ ගල කඩලා ඒ ප්‍රතිමාව මතු කරගන්න එක විතරයි කියලා.

සැ: යු;
මේ කතාව මම කිවුවේ විවාහ ජීවිතය යනු දුකක්ය අපායක්ය හිරයක්ය කියලා හිතාගෙන ඉන්න අයව ඉලක්ක කරගෙන මිස අපේ විවාහක බ්ලොග් සහෘදයන්ට නොවන බව කිව මනාය. ඔවුන් ඉතා ආදර්ශමත් පවුල්ජීවිත ගත කරනා බව මා විශ්වාස කරනා සත්‍යයකි.

හික් හික් හික්..........!!!
මොනා ලියලද මන්දා........... ඔහොම තමයි නංගි බබා ලඟ නැත්නම් සරාට විකාරේ........... ඕනෑ කෙංගෙඩියක් වෙන්ට කියලා අපි සිංදුවක් අහමු ආයිබොවං......... !
ඕං ඒ අතරේ මම ගෙහුං මූණ කට ඩිංගිත්තක් හෝදගෙන එඤ්ඤං....... හික් හික් හික්.....


දවස් කීපයක ඉඳන්ම සරා ටිකක් අසනීපෙන්. ඒකියන්නේ ඉතින් උණ. ඉතින් මේවත් ඔය උණ විකාරෙන් කියවන ගොඩට දානවද නැද්ද කියලා ඔයාලා තීරණය කොරාට මගේ අකමැත්තක් නෑ. හැබැයි ඉතින් පුපුරන්න එන ඔලුව අමතක කොරලා මේවා ලිවුවේ නම් ඔයාලා වෙනුවෙන්ම තමයි. ගීතය ගායනා ක‍රැව්වේ අබේවර්ධන බාලසූරිය මහතා සමඟ නිරංජලා සරෝජනී මහත්මිය.


ඔබම විතරයි මම පතන්නේ සසරෙ හැමදාම කියලා කසාද බඳින සමහරු බැඳලා මාස දෙක යනකොට කියනවා "අපොයි මමත් කරගහගත්ත උරචක්කර මාලයක්.,මීට හොඳයි බෙල්ලේ ගලක් බැඳගෙන ගඟක මුහුදක පැන්නනම් කියලා. එහෙම ඉළංදාරි පාරතොටේ යනකොටත් මුමුනන්නේ මෙහෙම ගීත.

           ඇඬෙනවා තනි ඇහැට කොල්ලෝ ඔහොම කියාගෙන ගෙහුං බාර් එකකින් කණ පැලෙන්න සප්පායම් වෙද්දී අපි ටිකක් කෙල්ලෝ දිහාටත් හැරෙමු නේද..?
එල...
මුල එවුවෝ කොල්ලෝ කියලා හැඳිනුවට මෙයාලට අපි කියන්න ඕන ගැහැණු ළමයි එහෙම නැත්නම් කාන්තාවෝ කියලා. එහෙම නැති උනොත් හෙට ලිපියක් වැටෙන්නත් බැරි නෑ කාන්තාවන්ට ගරු කරන්නේ නෑ කියලා. කියන්ඩ බෑනේ ආයිබෝං අද රටේ ලෝකේ තත්වේ. කෝකටත් කියලා ඇල්වතුරත් නිවලා බොන එක තමයි ඇඟට හොඳ. නැද්ද හාං........?? අද කාන්තාවන්ගේ පාර්ශවය නියෝජනය කොරන්නේ දීපිකා ප්‍රියදර්ශණී මහත්මිය.

ඉතින් ඔයාලට ඇහෙන්න ඇතිනේ එයා අහලා තියෙන පුරස්නේ. එක වහලයට එකතු වූදා එක කුඩේ ඇයි මදි උනේ....?
අපේ යාළුවනේ මගේ මේ මෝඩ මොලේට හිතෙන්නෙම මේ දෙකටම හේතුව අන්‍යෝන්‍ය (හරිද මන්දා ලිව්වා. වැරදිනම් ඉතින් බනින්නැතුව කියලා දුන්නම ඇති හොඳේ.) අනවබෝධය. අපරාදේ මට බර වචන දාන්න යන්නේ නැතුව එකිනෙකා හරියට තේරුම් නොගැනීම කියලා ලියන්නයි තිබ්බේ. එහෙම කොලාම සායම හේදෙන්නෙත් නෑ නොවැ.
හිකිස්...!!
මගුලක් කතා කරනවා මෙයා අවබෝධ කරගන්න කියලා කාලා බලන්නයෑ....
අනික මෙයා ඒකාලේ හරියට සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේනේ හිටියේ මම ‍රැව‍ටුනා........
කියලා තව ඕන්නම් හීං බබා වගේ 'අනේ අපෙ අප්පොච්චා හිටියනම්' කියන්නත් බැරි කොමක් නෑ ඕං..
හ්ම්හ්..... බොලාගේ අප්පොච්චා හිටියනම් කොරයි.
බොලං ඔය ඉන්නේ එදා එයා නොලබුනොත් මං දිවිනහගන්නවා කියලා පොලොවේ පස් කාපු ඒ සපුමල් කුමාරයා/ කුමාරිම තමයි. පුරස්නේ උනේ දෙන්න එකතුවෙලා සාමෙන් සාකච්චාවෙන් යුගදිවිය ගෙවනවා වෙනුවට ඔහේ උපන්නාට මේ ලොව වැනෙනවා විනා තියරියෙන් පවුල් කාපු එක.
හැමදාම කටට දිවට එකම රහ දැනෙන කොට අතිරස උනත් තිත්ත වෙනවා තමයි ආයිබොවං. හැමදාම නැවුම්ව ඉන්න නොහිතපු ඔහේලා අතේමයි වරද කියපු එක දැන්වත් හරිය කියලා පිලිගන්න කැමතිය...?

           මෙතනට දැන් හරියන ගීතය මගේ ගීත ගොන්නේ නෑ. පෙරල පෙරලා හෙවුවා හම්බ වුනේ නෑ. ගෙදර තිබුනට ගෙන්න ගන්න කෙරේමෙකුත් තිබුනේ නෑ. ජාලෙන් ලැබුනු එක කාවෝ කාලා. අන්තිම ටික නෑ. මක්කැයි ආයිබෝං කරන්නේ, ඕක නොවැ ලෝක සොබාවේ. ඔන්න ඒ කාවෝ කෑව ගීතයත් මම පෝස්‍ටුවට දැම්මා. මී මැස්ස තමයි මේක මට දුන්නේ. ගායනය මොහිදීන් බෙග් කියන අසහාය ගායකයානන්.
හැබැයි ඉතින් සරා මේවා ලියන එක බන්ඩි කියතකින් කේක් කපනවා වගේ වැඩක්. මොකද ඉතින් සරා ලඟ සීනිබෝල වගේ රස වචන නෑ නොවැ. ඒ නිසා වැඩේ ලස්සන නෑ. ඒ වුනාට රස ගුණ අඩු නොවෙන්න මම වැඩේ කොලා කියලා හිතනවා. 

එහෙනම් ගෙහුං එඤ්ඤං.......!!

අද මාතෘකාවට ගොඩාක් පරණ සිංදු යොදාගන්න බැරි වුනේ මගේ අසනීප තත්වය නිසයි. රත්වෙලා වැඩි කමටද මන්දා ඔලුව හරියට වැඩ කොලේ නෑ ආයිබොවං. ඒ නිසා ගැලපෙන සිංදු ගලාගෙන ආවේ නෑ.

අපොයි වස වැරද්දක් වෙලා මගේ අතින්. අර මිදි ඇඹුලයි කියලා කියන සිංදුව කියන්නේ සෞම්‍ය කුමාර යාපාබන්ඩාර මහත්මයා. මතක බැරිවීම ගැන කනගා‍ටුව.

27 comments:

  1. අලේ ...සරා අයියටත් අසනීපද ? මමත් මේ නත්තලට උණ අරගෙන ගමේ ගිහින් ඉස්පිරිතාලෙත් ලැගලා ඔන්න ආවා. මම වගේ බේත් බීලා ඉස්සරවෙලාම උණ හොඳ කර ගන්න..

    අම්මෝ... මේ වගේ එව්වා කියවන්නත් ආසයි. ඇයි දෙයියනේ බැන්ද ගමන් නහයෙන් අඬ අඬා මැසිවිලි නගන මහත්තුරු ඉන්න අද වගේ කාලෙක ආදරණීය බිරින්ඳෑ ගැන ආදරයෙන් කතා කරන එක මොන තරම් දෙයක්ද ? එහෙම වෙන්න බිරිඳෑට හොඳ ඉවසීමකුත් තියෙන්න ඕනෙනෙ..සරා අයියගේ නංගි බබාට ඒ ඉවසීම ඇති.

    හොඳ පවුල් ජීවිතයක් ලැබෙන්නෙ කීයෙන් කීයකටද ? කසද බැඳලා දරු මල්ලෝ හම්බ උනාම අලුත් අලුත් රහ හොයාගෙන ගිහින් දරුවන්ගේ බෙල්ල මිරිකලා මරලා පුච්චලා දාන කාලෙක හොඳ පවුල් ජීවිතයක් කියන්නෙ හීනයක්ම තමා සරා අයියේ. කොටින්ම මම නම් බඳින්න බයයි.

    සින්දු ටිකත් අපූරුයි ඔන්න....

    ReplyDelete
    Replies
    1. ඇයි ලිහිණි එහෙමහිතන්නෙ...!!!!

      ඒක වැරදියි...වැඩියෙන් ප්‍රසිද්ධ උන අඩුවෙන් සිද්දවෙන සමහර සිද්දි නිසා කොරහෙත් කිඹුලන් දකින්න යන්න එපා..
      හාමුදුරුවන්ටත් වැඩිය හොඳ කොල්ලො කොච්චර ඉන්න වද සමාජෙ.

      අනික කොයි කෙනාගෙද අඩුපාඩු නැත්තෙ. ටිකක් තරහ යන එක පිරිමි ස්භාවයක්.
      සීයට අනූවක් කොල්ලො හොඳ පවුල් ජීවිතයකට ආසා කරන ,තම බිරිඳට ආදරය කරන ගෞරව කරන ඈයො...
      ඔය සිතිවිල්ලෙන් මිදෙන්න..කීප තැනක ඔයා ඕය විදියට කියල තිබුන...:D :)))

      Delete
    2. ඔන්න මම ටයිප් කරපු විදිහේම උත්තරයක් වීයා දීලා. ඒනිසා මම ඒක මකලා අ‍ටුවා ටීකා ටිකක් එකතු කරන්න හිතුවා. ළිහිණි ඔයාලා දැකපු වගේ අය රටේ ලෝකේ නැතුව නෙමෙයි. හැබැයි ඒ සමස්තය නෙමේ. ස්වභාවයෙන් කොයි තරම් නපුරු කෙනෙක් උනත් තම බිරිඳ ලඟ නම්‍යශීලීයි කියලා මම කලින් දවසක ලිවුවා ඔයාට මතකත් ඇති. වීයා ටිකක් කිවුවට සමහර පිරිමින්ට ගොඩාක් තරහා යනවා. (එහෙම ගැහැනුත් ඉන්නවනේ) ඒ උනාට එහෙම පිරිමි තමන්ගේ නෝනට තමන්ටත් වඩා ආදරෙයි. ඔයාලා දකින සමහර දඩබ්බර පිරිමි අහිංසක පෙනුම තියෙන අයටත් වඩා හොඳ පවුල් ජීවිත වලට කැමති හෝ මේ වනවිටත් එහෙම පවුල් ජීවිත් ගෙවන අය වෙන්න පුළුවන්. පුරස්නේ දැක්ක දු‍ටු මතින්මනම් අපටතීරණය කොරන්න බෑ හොඳ නරක. ඒත් අසුරු කිරීමෙන් අඳුන ගත හැකියි.හැබැයි ඔයාගේ හිතට වද දෙන්නේ හුඹස් බයක් ළමයෝ.ඒක හරියට මම අර මකුළුවන්ට දක්වන බයට සමාන එකක් වගේ. ඔයා මාව දකින්නේ කොහොමද කියලා කියන්නකෝ.ඊට පස්සේ හැබෑවටම මම කවුද කියලා ඔයාට කියන්නම්. මම නංගි බබාට කියන්නම් ඔයාට ඊයක් එවන්න කියලා. මතක තියා ගන්න පීනන්න නම් ගඟට බහින්නම ඕන.

      Delete
  2. චෑහ්.. ඒක නම් මටත් ටිකක් වැදුනා... හි හි....

    මොකද මේ කට්ටියම උණ අරගෙන.. මේ දවස් වල උණ ලාබද.... ????

    කොහොමත් කාලයක් එක වහල යට ඉන්න කොට දෙන්නෙක් අතර ප්‍රශ්න ඇති වෙනවා.. මොනවා උනත් ජීවිත දෙකක් හින්දා.. ඒ ප්‍රශ්න වැඩි වෙන්නෙ එක්කෙනෙක් තමන් ගැන විතරක් හිතලා වැඩ කරන්න ගියාම කියලා මට හිතෙන්නේ... විශේෂයෙන් පිරිමි... තමන් හරි කියලා හිතෙන දේ කරනවා කවුරු මොනවා කළත්.. හිත රිදුනත් ගෑණූ කට වහගෙන ඉන්නවා ඒ වගේ දේවල් වලට.. කට ඇරියොත් වලියක්.. හි හි..

    අනිත් එක කොච්චර බිරිඳට ආදරේ කළත් අපේ පිරිමි ඒක පෙන්නන්න දන්නේ නෑ.. ඒක මං හිතන්නේ ආදර්ශයක් නැති නිසා කවදාවත් ඉගෙන ගන්නේ නෑ කියලා.. සමහර ආදරේ පෙන්නන්නේ රිද්දලා... ඒ වෙලාවට ඒ රිදුම හොඳ උනාට ඒකේ කැලල නැති වෙන්නේ නෑ...

    මං ඒක දකින්‌ෙන් අපේ විදිය කියලා.. ගෙදර ඉන්න කාලේ අම්මලත් එක්ක කොච්චර ඇර ගත්තද.. දැං ආයිත් අම්මලා ගාවට යන්න තියෙනව නම් හොඳයි කියලා හිතෙනවා... ඒ කාලේ අනේ කොයි වෙලාවෙද මෙහෙන් පැන ගන්නේ කියලා හිතුවා.. දැං නං හපොයි මං කොරගත්ත ගොන් කමක් කියලා හිතෙන තැන් නැත්තේ නෑ...

    ඒත් ඒ හැම වෙලාවෙම හැම කලු වලාවකම රීදී රේඛාවක් තියෙනවා කියන්න වගේ මොකක් හරි හොඳක් මේ ජීවිතයේ පේනවා...එතකොට මං ගත්තා හරි තීරණයක් කියලා සතුටු හිතෙනවා...

    අනිත් එක මොකක් හරි කොනක් අල්ලගෙන වලියක් දාගෙන, රණ්ඩු වෙලා, අඬලා, ඊට පස්සේ සනසවගෙන, තුරුල් වෙලා ඉන්න කොට.... ආයිත් මුල ඉඳන් ආදරේ කරන්න හිතෙනවා... හි හි...

    මං නං හිටපු ගමන් අපේ මහත්තයත් එක්ක අල්ලනවා වලියක්... එයා එතකොට දන්නවා මං මේ දඟලන්නේ එදාට එයාව ගෙදර තියාගන්න කියලා .. හි හි...

    ReplyDelete
    Replies
    1. සරා අයියට ඉක්මණට සුව වේවා කියලා පතනවා... උණ හැදුනම ළඟින් ඉඳන් සාත්තු කරන්න කාත් කවුරුවත් ළඟ නැති වෙන එක තරම් දුකක් මට නම් තවත් නෑ...

      Delete
    2. විශේෂයෙන් පිරිමි... තමන් හරි කියලා හිතෙන දේ කරනවා කවුරු මොනවා කළත්.. //

      කවුරු හරි මෙහෙම කරනවා නම් එතන සාර්ථකයි කියලා මම හිතන්නේ නෑ. මොන තරම් නාහෙට නාහන එකෙක් උනත් මම නම් අපේ උන්දෑ අකමැති කිසි වැඩක් කරන්නේවත් එහෙම දේකට අවසර පතන්නේ වත් නෑ. මගේ බිරිඳ කියන්නේ දාසියක්වත් මගේ හිර කාරියක් වත් නෙමේනේ.

      අනිත් එක කොච්චර බිරිඳට ආදරේ කළත් අපේ පිරිමි ඒක පෙන්නන්න දන්නේ නෑ..//

      මෙයින් ඔබ අදහස් කලේ මොක උනත් ඉඳහිට හරි මමත් ආදරෙයි කියලා සැමියගෙන් අහගන්න ගොඩාක් බිරින්දෑවරු කැමතියි කියලානම් මමත් දන්නවා.
      අනික ටිකක් වැඩිපුර උනත් ඕක කිවුවා කියලා සැමියන්ට පාඩුවකුත් නෑ ලාබ මිස. ඒවා ඉතින් නොකීවට දන්නවනේ.

      Delete
  3. ඔය පවුල් කනකොට නැන්දම්මා සාදකයත් සැහෙන්ට බලපානවා ...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ සැමියගෙයි බිරිඳගෙයි සහසම්බන්ධතාවේ දුර්වලකම් තියෙනවානම් විතරයි කියලයි මට හිතෙන්නේ. අනික කෙලින් කතා නොකරන තනි තීරණ ගන්න බැරි අයට.

      Delete
  4. බාගයක් දුර කියවං යද්දි අපිට නෙවි ලියලා තියෙන්නෙ කියලා තිබුනු නිසා ඉතුරු ටික කියෙව්වෙ නෑ සින්දු ටික අහලා නිකම් හිටියා..

    ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..එහෙම කියලා බෙහෙත් නොබී ඉන්න එපා මොකද අපේ ප්‍රාර්ථනාවන් වලට විතරක් ලෙඩ හොඳ කරන්න අමාරුයි..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට රූ. ඒවගේම මේ කතාවේ ඔබ කොතැන ඉන්න කෙනෙක්ද කියන එකත් තේරුම් ගියා මට. ඇත්තටම සතු‍ටුයි ඒ ගැනත් මට.ජය වේවා.!!

      Delete
  5. @ lihini

    Lihiniyo oya iwasima kiyana eka nam onawatath wada ma gawa thiyenawada koheda? Monawa kiwath ahagena sadda nathiwa inna mama purudu wela thiyenawa. Ekata mamath sathutu wenawa ma gana. Sandu saruwal walata mama godak bayai. Hamoma ekka suhadawa inna thamai kamathi.

    @ hiru

    "hitha ridunath ganu kata wahagena innawa e wage dewal walata.... Kata ariyoth waliyak." 100% ekagai hiru me kathawata nam. Pawul jeewithayak kiyanna me hama dekama ekathuwak wenna athi neda hiru. Sathutai dukai dukata passe itath wada sathutak.

    @ ayya

    Anek ayagei babagei uwamanawata iye gamana giyata eka hithin sathutu wenna puluwan kamak thibune na. Ekak oyata niwadu dawasa aneka oyata asanipa nisa. E welawata skype eken hari lagata wela inna ona kala matath. Hari asawen gedarata awe oya ekka katha karanna. E enakota oya post ekakuth liyanawa. Oyage birida widiyata mata godak sathutui oya gana.

    ReplyDelete
    Replies
    1. අද මම ඔයාට මොකුත් ලියන්නේ නෑ. ඔයා අනිත් අයට පිළිතුරු දීලනේ.

      Delete
  6. ලස්සන සිංදු ටිකක් වගේම කතාවත් රසවත්ව ලියල තියෙනවා.

    සරාට ඉක්මනිං සුව වෙන්න කියල පතනවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා. සරාට හොඳ දරා ගැනීමේ හැකියාවකුත් තියෙනවා.

      Delete
  7. කතාවනම් රසවත්, බඳින එක හොඳයි, එත් නොබැඳ ඉන්න එක වඩාත් හොඳයි කියලයි මම නම් හිතන්නේ... එ අතින්නම් මම ලකී..

    ReplyDelete
    Replies
    1. බැඳලත් සතුටින් ඉන්න මම කොච්චර ලකීද යාළුවා...?

      Delete
  8. මේ වගේ කාරනා අපිට සරලව පෙනුනට ..ගැඹුරින් සාකච්ඡාවිය යුතු කාරනා...!

    ReplyDelete
  9. දෙන්නා හරි අවබෝධයෙන් ඉන්නවා නම් ඒ ජීවිතේ සුන්දරයි..
    අර කාවෝ කාපු සින්දුව අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්න උත්සාහ කළා ඊයේ ඉඳන්. හරි ගියේ නෑ වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඔයා කියපු ජිල්මාට් එක මම හැදුවා.ඒගැන සනීප වෙලාම කතා කරමු යාළුවා. ජයවේවා..

      Delete
    2. ගැජට් එක කිව්වේ...? හ්ම් ඒක දැන් ඕනේ නෑ සනීප උනාට පස්සේ ම කතා කරමුකෝ... ජය!!

      Delete
  10. අනේ වාසනාවන්.... මේ වගේ පවුල් ජිවිත ගැන අහන්නත් සතුටුයි.... මේවා අහනකොට අපිටත් බයක් හැකක් නැතුව බදින්න හිතෙනවා.....හික්.....
    මාත් හිතන්නේ එකිනෙකා හරියට තේරුම් ගන්නවා නම් ප්‍රශ්න අඩුවෙයි කියලයි.
    ඒ අතින් අයියයි, නංගි බබයි හෙන ලකී ඈ..... ඇස්වහක් කටවහක් නැතුව ඔය දෙන්නට මේ විදියටම දිගටම සතුටින් ඉන්න ලැබේවා!

    අහ්හ්....ඉක්මනින්ම ලෙඩත් සනීප වේවා!

    ReplyDelete
    Replies
    1. මේවා අහනකොට අපිටත් බයක් හැකක් නැතුව බදින්න හිතෙනවා.....හික්.....//

      ආයෙ කතා දෙකක් නෑ කිව්වොත් මමත් එනවා ඇස් කූඩෙකුත් ඇන්න වතුර ටිකක් හරි ඇදලා දෙන්න. ස්තුතියි සමනලී

      Delete
    2. Apita suba pathuwata oyata sthuthi.

      Delete
  11. සරා අද හොඳ වේලුන බට ගොල්ලකට ගිනි කුරක් ගහලා.ඉතික් මං මෙතැන කියන්නෙ නං ඉවසීම ඇත්නං එතැන සැනසිම කියලයි.ළිහිණිගේ පෝස්ටුවට උත්තරයක් දැම්මා මේ ගැනම එය කියවන්න මෙතැනින් ගිහින්

    ReplyDelete
  12. සැමියා : පඩි ගන්නත් තව සතියක් විතර තියනවා.....
    බිරිඳ : අනේ මටනම් මොකුත් කියන්න එපා.... ගේ හරියේ මොකුත් නෑ උයන්න.
    සැමියා : ඉස්සරහ ගෙදරින් කොස් ගෙඩියක් නම් ඉල්ලගන්න බැරි වෙන එකක් නෑ......
    බිරිඳ : ගේ හරියටම කියලා හාල් මිටක් ඇති......
    සැමියා : ගේ වටේ තියන ගස් වලින් කොළ මැල්ලුම් ජාති කොච්චර හදන්න පුලුවන්ද?
    බිරිඳ : මම බලන්නම්කෝ හංගපු රුපියල් දහයක් තිබ්බා ඒක තියනවද කියලා...
    සැමියා : කඩෙන් කරෝල කාලක් ණයට ගන්න බැරි වෙන එකක් නෑ.....
    බිරිඳ : වේලිච්ච මිරිස් නම් කරල් දෙක තුනක් ඇති දුමේ......
    සැමියා : කෝකටත් ඔන්න ඔහේ හැරීයන්කෝ ඇඳේ මේ පැත්තට.................


    අසමි දකිමි සොයමි ලියන විචාරක





    ReplyDelete
  13. අසනීප තත්වය කොහොමද සරා? මමත් මේ දවස්වල කැහැ කැහැ ඉන්නේ. ඒත් අද ජනවාරි පළමුවෙනිදා නිසා පාන්දර පන්සල් ගියා කිරිපිඩු පූජාවට.

    ඔබටත් පවුලේ සැමටත් නීරෝගී සුවය සහිත සුබ නව වසරක් වේවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....