Tuesday, December 25, 2012

හිත්වල ඇයි කළගුණ නො‍රැදෙන්නේ...???





                 ගවයා යනු අනාදිමත් කාලයක සිට මිනිසා ලඟම සිටි මිනිසාට වචනයෙන් විස්තර කල නොහැකි තරම් සේවයක් කල සත්වයෙක්. එහෙත් එදත් අදත් මිනිසාගෙන් ඌට ලැබුනේ කුඩම්මගේ සැලකිලිම පමණි. විවිධ කාලවල විවිධ අය මේ පිළිබඳ හඬ නැගුවද ඒවා පුස්ස බින්දා හා සමාන බැවු කිවමනාය. අපේ සංවේදී හිතැත්තෝ මේ ගැනත් හිතත්වා.
 මේ මුල්ම ගීතය LM පෙරේරා මහත්මයා රඟපෑ හතරමහ නිධානය සිංහල චිත්‍ර පටයට මිල්ටන් පෙරේරා මහතා ගායනා කරන ලද ගීයක්. මම මේ ගීතය මගේ ගීත එකතුවෙන් නොගෙන you tube වීඩියෝවකින්ම උපුටා ගත්තේ එහි ඇති සංවේදී බව නිසාමයි. මට ඔබට කියන්න ඕන වුනු පණිවිඩය එයින් මොනවට පැහැදිලි වෙනවා. ඉතින් මේවා  අනාගතය වෙනුවෙන් මෙසේ සුරක්ෂිත කරන සියළු දෙනාට මගේ ප්‍රණාමය.
               
නිහාල් නෙල්සන් මහතා ගායනා කල තවත් හැඟුම්බර ගීතයක්. ඇත්තටම මේ අදහස් ගීතයටම සීමා උනා මිස අපි කවුරුවත් කවදාවත් ක්‍රියාවට නගන්න උත්සාහ කලාද....?


ඔය ගීතය ගායනා කලේ මැක්ෂි ජයවීර. මම මේ ගීතය හොයන්න ලංකාවේදි මාර කට්ටක් කෑවා. ඒවගේමයි සෞම්‍ය කුමාර යාපාබන්ඩාර කියන ගායකයගේ ගීතත්. සමහරු මේ අයව දන්නෙත් නෑනේ. හොඳයි මම එයාලගේ ගීත කීපයක් පසුව ඔයාලට දෙන්නම්.


ලේ කිරි අයිතිය වහුපැටවුන්නේ....
දම්සක්වල ගල හැපී බි‍ඳෙන්නේ...
ඒ කිරි උදුරා බිවු මිනිසුන්නේ....
හිත්වල ඇයි කළගුණ නො‍රැදෙන්නේ....


                අවසාන වශයෙන් මම ඔබට මේ පද කීපය මතක්කලේ මොනාහරි කරන්න ඕන කියන්න නෙමේ. කරන්න පුළුවන් දේ ඔයාලම හිතන්න කියන්න. ඒත් ඒ පේස්බුක් එකේ ඔය සමහරු කරනවා වගේ කීබෝඩ් යුද්ධ නම් නෙමේ. එක් එක් පුද්ගලයා තනිතනිව තීරණ ගෙන ඒ අනුව ජීවත් වෙනවා නම් මොකටද මේ ජාතිවාදී ආගම්වාදී විප්ලවවාදී අදහස්. එයින් අනෙක් අය කුපිත වීමක් හැර කොහිද ප්‍රතිපලයක්..................??????????


ප/ලි:
            ඊලඟ දවසෙත් තවත් එක සංවේදී මාතෘකාවක් ගැන ගීත කීපයක් අරන් එන්නම්. මේ බ්ලොග් එකට ඇතුලත් කරන ඕනෑම ගීතයක් ඔබට බාගත කරගැනීමට නොහැකියාවක් ඇතොත් කරුනාකර එය මට දන්වනමෙන්  ඔබෙන් ඉල්ලාසිටීමට කැමතියි.  නොකිවුවයි කියන්ට කාරි නෑ ආයිබොවං කරත්තවල පිංතූර නම් මගේ නෙමේ. ඒවා මට දුන්නේ ගූගල් යාළුවා.


ප/ප/ලි:
ඇත්තටම බ්ලොග් කියවන යාළුවන්ගෙන් සමාව ඉල්ලියයුතු කාරනාවකුත් තියෙනවා මට. ඒ තමයි මේ ගීත රචකයන්ගේ නම් මට මතක නැතිකම. පිට රටක සිටින නිසා ඒ තොරතුරු මට (නිවැරදිව) ඔබට දිය නොහැකිවීම ගැන මගේ කනගා‍ටුව. හැකියාවක් ඇති අයෙක් වෙතොත් ඒ තොරතුරු සඳහන් කරන්නේ නම් මැනවි.

ගෙහුං එඤ්ඤං ඈ....!!!    

25 comments:

  1. අතීතයේ නිතර ඇසුනු දැන් තිබෙනවා දැයි අමතක වූ ගී කිහිපයක් බෙදාගත්තාට සරාට පින්..
    මේ මාතෘකාව නම් සංවේදී වගේම විවාදාත්මකයි..
    මට නම් දැනෙන්නේ සියළු සත්වයන්ට ජීවිත්වීමේ අයිතිය තිබිය යුතු බවයි..එහෙත් ආහාර දාමයත් ක්‍රියාත්මක විය යුතුයිනේ..

    ReplyDelete
    Replies
    1. හැබෑවටම මම හිතලා තිබුනා රූ බ්ලොග් සහෘදයන්ට අපූරු තිළිණයක් වේවි කියලා මේ පැරණි ගී. ඒනිසාමයි මම විතරක් මෙතෙක් අහපුවා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ. විවාදයක් ඇවැසි නෑ නෝනේ යෝජනාවක් නෑ මගේ දැනෙන කතාවක් කිවුවා එච්චරයි.

      Delete
  2. අද මං පළවෙනියටම කඩං පාත් උනාට සින්දු නම් අහන්න බෑ.. බයිට් ෆිනිෂ්... හි හි...

    ගව මස් කෑම ගැන ගොඩක් දේවල් කියවෙනවා... පුද්ගලිකව මම කන්‌ෙන් නෑ.. ඒ ඇරෙන්න වෙන කෙනෙක්ට එපා කියන්න මට අයිතියකුත් නෑ...

    ඕනෙම දෙයක් වැරැද්දක් කියලා තේරුම් ගන්න කෙනා ඒ වැරැද්ද අතහරිනවා.. එහෙම නැතුව කෙනෙක්ට කියලා බලෙන් හරි දෙයක් කරවන්න බෑ.. එහෙම කරලා වැඩකුත් නෑ මේ වගේ දේකදි... තමන්ටම හිතිලා නවත්තන එක තමයි වෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. අප්පා.. මං දෙවනියා වෙලානේ... අර රෙකෝඩ් එක තියන්න වෙන්නේ නෑ වගේ සරා අයියේ... හි හි

      Delete
    2. කලින් කියන්නැපැයි හිරූ..කවුද දන්නෙ ඔයා රෙකෝඩ් එකක් තියන්න යනවා කියලා..

      Delete
    3. @ හිරූ

      ඒක හරි හිරූ නඟා. කාටවත් කිසිදෙයක් කියලා කරවන්න ඕන නෑ. එහෙම කරවලා වැඩකුත් නෑ.ඒක එහෙම උනොත් අර මූණුපොතේ වැඩේ වගේ වෙනවා. එටිසෙලාට්, හලාල් වගේ. මම ඕවට කියන අපූරු වදනක් තියෙනවා හැබැයි ඔයාට නම් කියලා දෙන්නේ නෑ. වාර්තාව කිවුවේ..........?

      Delete
    4. හැමදාම එක වෙන එක... හි හි

      Delete
  3. Sindu ahenakota wagema vidio tika dakina kotath harima dukai. Oyage mahansiya godak watinawa. Oyage wachanen kiyanawa nam lesatama awith thiyenawa. Me wage sindu thiyenawada kiyalawath nodanna aya innawa me kale. Mamath ahuwe oya nisane.

    Mama danna widiyata kawadawathma mama harak mas kala naha. Kanneth naha kawadawathma.

    ReplyDelete
    Replies
    1. දුව කීවයි කියපු කතාව මට මතක් උනා. එයා හරි සංවේදියි. ඒත් ඒක වෙනස් කරන්නෝනේ ළමයෝ.

      Delete
  4. ජය වේවා....අයියේ...ඔය මාතෘකාව ගොඩාක් වටිනවා...හරකාගේ කිරි බීපු මිනිස්සුම අන්තිමට ඌව මරාගෙන කනවා...පවු අහිංසක සතා...

    ReplyDelete
    Replies
    1. හැමෝම ඔහොම නොහිතන එකනේ මලයා පුරස්නේ. ජයවේවා...!

      Delete
  5. මං ආසම සින්දුව තමා සුනිල් එදිරිසිංහ මහත්මයාගේ සින්දුව.
    සින්දු ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් විදිහට මෙතනට දාන්න පුළුවන් සරා soundcloud.com වල ගිණුමක් හදා ගත්තා නම්. ඒකෙන් දෙන එම්බෙඩ් කෝඩ් එක පෝස්ට් එකේ HTML මොඩ් එකට ගිහින් පේස්ට් කරන්න තියන්නේ.

    ReplyDelete
    Replies
    1. එම්බෙඩ් කෝඩ් එක යූටියුබ් එකෙන් අරන් දාන්න තිබ්බේ.

      Delete
    2. ආ ඔව්නේ. මේක වීඩියෝ විදිහටනේ තියන්නේ.

      Delete
    3. @ චන්දන

      එකවුන්ට් එක නම් හැදුවා ඒත් මට ගැටළුවක් තියෙනවා. මම ඔයාට ඊයක් එවන්නම්කෝ. මේ දවස් වල ලෙඩ දුක නිසා ටිකකට කල් දැම්ම ඒවා.

      Delete
  6. යූ බට ලිංකුත් දැම්මනං හොදයි..මං හිතන්නෙ යූ බටයෙ තියෙන ඒව කෙලින්ම බ්ලොග්ට එබුවා නං මීට වඩා කොලටි ඇති..

    ReplyDelete
    Replies
    1. හැම එකම යුටියුබ් එකෙන්ම ගන්න එක හරි නෑනේ යාළුවා. මා ලඟ තියෙද්දි. ඒකෙන් ගන්න ඒවට දාන්නම්කෝ මීට පස්සේ. ජය...!

      Delete
  7. දැන් නම් හරක් මස් කෑම අඩුවෙලා වගේ කියල හිතෙනවා. ඒත් මුස්ලිම් අය හරකා කරේ තියන් කන්නේ.

    ReplyDelete
    Replies
    1. කවුරුවත් කරන නිසා අපිත් කල යුතු නෑනේ සෑමා. හීන් සැරය කතාවේ ක‍ටුසු හාමිනේගේ කතාව මතකයිනේ.

      Delete
  8. සෑම් කියනවා වගේ හරක් මස් කෑමනම් දැන් ටිකක් අඩුවෙලා. යුද හමුදාවේ කාලයක් සම්පූර්ණයෙන් නවත්තලා තිබුනා. දැන් කොහොමද දන්නේ නැහැ. දැන් පන පන කන්නේ ඌරු මස්. ඌරු මස් ඉව්වාට පසුවත් නොමැරී සිටින මනුෂ්‍ය ශරීරයට අහිතකර ජීවීන් ඉන්න බව අහලා තියනවා.

    මෙතන තියන සියලුම ගීත ඒ ඒ කාලයේදීම අහලා තියනවා. පාසල් සිසුවකු ලෙස එල්.එම්. පෙරේරා මහතාගේ හතර මහ නිධානය චිත්‍රපටිය බලලත් තියනවා. සුනිල් එදිරිසිංහගේ ගීතය තරම් මේ මාතෘකාව ඔස්සේ මගේ හිතට වැදුන තවත් ගීතයක් නැහැ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මස් ඉව්වාට පසුවත් නොමැරී සිටින මනුෂ්‍ය ශරීරයට අහිතකර ජීවීන් ඉන්න බව අහලා තියනවා.

      මාත් ඒ කතාව අහලා තියෙනවා. ඇත්තටම මගෙත්..... ඔබට ජය..!

      Delete
  9. මම නම් හරක් මස් කන්නේ නෑ. ඒත් ඉතිං අපිට අනිත් අයට කියන්න බෑනේ. ඒක ඒගොල්ලෝම ඕන හිතලා බලලා කරන්න. සිංදු ටික අහුවව නම් දුකයි. ඔය හතර මහා නිධානය මාත් බලලා තියෙනවා......

    ReplyDelete
    Replies
    1. අගය කරනවා මම ඒක. වාව් නියමයිනේ.පරණ චිත්‍රපටියක් බැළුවා කියන්නේ ඔය වයසේ ළමයෙක්.

      Delete
  10. කාටවත් බලෙන් ඕක වටහලා දෙනවට වඩාතමුංම තේරුම් අරගෙන ඒ දේ නොකරනවනං තමයි ඒක දිගටම ක්‍රියාත්මක වෙයි කියල හිතන්න පුලුවං.
    ඒ වගේ දේකට මේ සිංදුත් පිටුවහලක් වෙයි.

    නිහාල් නෙල්සන් කියන්නෙ බයිල ගායකයෙක් උනත් එයාගෙ සින්දු ගොඩක් ඒව සමාජයට යම් පණිවිඩයක් දෙන සිංදුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් යාලුවා. හිතට දෙනෙන්න ගයලා තියෙනවා ඔහු.ජය...!

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....