Sunday, December 23, 2012

සුභ නත්තලක්.......!!!

                               ගූගල් යාලුවගෙන් ඉල්ලගත්ත නත්තල් ගහ. 


                අසිරිමත් නත්තල උදාවෙන්න තව පැය කිහිපයයි. ලොවපුරා කිතුණු බැතිමතුන් නත්තල සමරන්න ලහිලහියේ සූදානම් වෙනවා. අපටත් නත්තල් නෑ කියලා නෑ හැමතැනකින්ම නත්තල් ප්‍රිය සම්භාෂණ වලට ආරාධනා තියෙනවා. විවිධ රටවල්වල අය වුනත් නත්තලේ සැබෑ අරුත ඔවුන් දන්නවා යන්නට කදිම උදාහරණයක් ඒක. එහෙත් ඇතැම් අය නත්තල සමරන්නේ නත්තලේ නියම අරුත දැනගෙන නෙමේ. ඒවගේ අය තමයි ඔය කාලා බීලා තැන තැන ගහමරා ගන්නේ, රිය අනතුරු සිදුකරගන්නේ.  අපේ යාළුවනේ නත්තල කියන්නේ එහෙම ඒකට නම් නෙමේ මම දන්න විදිහට. නත්තලේ සැබෑ අරුත වෙන්නේ සාමය හා සහජීවනය. ඔයාලට, අපට එකම එක දවසකට හරි එහෙම හිතන්න පුළුවන්නම් මම හිතන්නේ අපෙන් ලෝකෙට ලොකුදෙයක් ලැබුනා වෙයි....... ඔබ සැමට සුභ නත්තලක් වේවා.....!!!!  



*****************************************************************************************




දෙදහස් දොළහේ අවසන් දින කීපය නිසා මට හිතුනා ගීත පණිවිඩ කීපයක් ගේන්න. හැබැයි ඒ හැමදාමත් මම ඔයාලට ගේන පැරණි එහෙම නැත්නම් නිතර ඇහෙන්නේ නැති ගීත කිහිපයක් ඇසුරෙන්. මුලින්ම මේ ගීත දෙක තුන අහලා ඉන්නකෝ.හැබැයි මේක නම් ඔය කියපු පණිවිඩ කතාවට සම්බන්ධ නෑ ඕං. තිළිණයක් විදිහට දෙන්නේ.

                  සිසිර සේනාරත්න සහ වික්ටර් රත්නායක සුසංයෝගයක්




 එදා හා අද සරාගේ තත්වය මොනවට පැහැදිලිවෙන ගීතයක් මේ :D ඔය ගීතයෙන් කියවෙන ටික මට බඳින දවසට කලින් යාලුවො ටික කිවුවා. කෝ ඉතින් මම ඇහුවේ නෑනේ.හික්..හික්..හික්..!!

ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි සමඟ බන්දුල විජේවීර. චිත්‍රපටිය මංගල තෑග්ග.

අබේවර්ධන බාලසූරිය සමඟ නිරංජලා සරෝජනී ගායනා කල ගීතයක්.


හිතන්න දෙයක් අරගෙන ඉක්මනින්ම එන්නම්. මට අවසර......!!!


31 comments:

  1. එසේම වේවා..මොනව උනත් ස්ලයිඩ්ස් වලින් ලස්සන ජීවිතයක් පිලිබිඹු වෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඇත්තටම ඔව් යාලුවා, යුගදිවිය කියන්නේ හරිම සුන්දර බැඳීමක් ඇති තැනක්. සුභ නත්තලක්.

      Delete
  2. එසේම වේවා..

    ජයම වේවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔබටත් මගේ මිත්‍රයා...!!!

      Delete
  3. අන්තිම සින්දුව ඇර අනිත් දෙකම අපේ මහත්තයගේ කලෙක්ෂන් එකේ තියෙනවා.... ෆොන් කතාව කිව්වට පස්සේ අපේ මහත්තයට ආයිත් පරණ ආසාවක් ඇවිල්ලා... ෆොන් හදන්න ඉගෙන ගන්න.. හි හි...

    මම මේ කල්පනා කළේ අපි සුබ අලුත් අවුරුද්දක් කියනවා වගේ ලේසියෙන්ම සුබ නත්තලක් වේවා කියලා හදවතින්ම පතන්න දැං පුරුදු වෙලා ඉන්නවා... එහෙම බැලුවාම නත්තල වත් අලුත් අවුරුද්ද වත් එක ආගමකට ජාතියට විතරක් අයිති නෑ.. ඒක දැං ලංකාවේ සංස්කෘතිය තුළට කා වැදිලා... හි හි..

    සරාටත්, නංගි බබාටත්, පොඩ්ඩිටත්, සුබ නත්තලක් වේවා....

    ReplyDelete
    Replies
    1. ෆෝන් කතාව කිවුවේ හිරූ නගා...? මට නිකන් කොයිල් වගේ පැහැදිලි කොරමුද ටිකක්. හි හි..
      අනේ අප්පේ ඉගෙන ගන්න නම් කොයි කාලේ උනහම මොකද යාලුවව උනන්දු කරවන්න. එතකොට අපිට බැරියෑ එක ටීම් එකක් වෙන්න.

      පහලින් සඳහන් කරන්නට යෙදුනු දේවල් වලට සරා එකෙන්ම එකඟයි. ඔයාටත් අපේ මහත්තයාටත් සුභ නත්තලක්. හි හි

      Delete
    2. ඇයි අප්පා ඔය දෙන්නගේ ලවු ස්ටෝරිය.....

      Delete
    3. හි හි.. නැති හිරුගේ කමෙන්ට් පරිප්පු නැති හෝටලයක් වගේය.
      (සරා)

      Delete
  4. සුභ නත්තලක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් මගේ මිත්‍රයා. ඕ... මගේ මතකය නිවැරදි නම් ඔබ හැබෑවටම නත්තල සමරන කෙනෙක්.

      Delete
  5. සරාටත් සුබ නත්තලක් වේවා !

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. දැං සරාගෙ දළ ටික ඔක්කොම ගලවලද තියෙන්නෙ. :D

      Delete
    3. නෙවෙන්නම් ඉස්සර සෙල්ලම් වලට දැන් ඉඩ නෑ ආයිබොවං. හික්ස්.. ඒවට ගියොත් ඉතින් බත් කෝ. ඒනිසා නොකර සද්දෙන් ඉන්නවා. ඔබටත් සුභ නත්තලක්.

      Delete
  6. Ane ehemama na. Mama wagema eyath mama kiyana de ahanawa. Echcharai. Kohomath api ekinekawa therum gaththama lesine.

    Oyala hamotamath subama suba naththalak magenui patikkigenui denanagenma.

    ReplyDelete
    Replies
    1. ඔව් අලේ එහෙම ලෑ මම බොලු කිවුවේ. හික් හික් හික්...

      Delete
  7. කෙලින්ම ලිපියට අදාළ නැතත්, සෑම ලිපියක් සමගම ගීතයකුත් වෙනමම එක්කල හැකිනම් අපූර්වත්වයක් තියෙයි කියලා හිතෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. අපූරු යෝජනාවක්..

      Delete
  8. ප්‍රීතිමත් උත්සව සමයක් වේවා..

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ රූ නෝනා දැක්කේ. ඔබටත් එසේම වේවා.

      Delete
  9. සින්දු ටික එල.. මාත් ඉතින් පරණ සින්දු වලට කැමති එකා නෙව.. සරා වාඩි වෙලා ඉන්න පින්තුරයක් තියන්නේ කම්පියුටර් එකක් එක්ක. ඒ දැන් ඉන්න තැන කාමරේ ද...?

    හැමෝටම සුබ නත්තලක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙයි යාලුවා සරාට ඉන්න ඔහොම තැනක් හම්බවෙලා තිබුනනම් සරා ගෙදර එන්නේ පයින් සෞදියේ ඉඳං. හික් හික්...

      ඔය මගේ A.T.C වර්ක් ෂොප් එක. ඔය කම්පීතරයා පට්ට නාකියා. ඌ දන්නේ බිල්ඩින් එකේ උෂ්ණත්ව වාර්තාව මට දෙන්න විතරයි. හිකිස්..! ඔබටත් සුභ නත්තලක්.

      Delete
    2. යාළුවා මට gmail එක දෙනවද ඔයාගේ.

      Delete

  10. ලබන්නා වූ නත්තලත්, අලුත් අවුරුද්දත් ඔබ සැමට වාසනාවන්ත වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.
    ඉදිරි වසරේදී ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වන , සියලු සිහින මල්ඵල ගැන්වෙන , පැහැබර
    අනාගතයකට නව මන්මාවත් විවර වන , සතුට සාමය පිරි පැහැබර ජීවිතයකට සුබ පතමි.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සියල් සිරින් සපිරි සුභ නව වසරකට ආසිරි...

      Delete

  11. මේ සිංදු ටික MP3 බාගතකරගන්නත් එක්ක දුන්න නම් වටිනව මචං..!

    ReplyDelete
    Replies
    1. ඇයි මචං මේවා බාන්න බැරිද..? මෙහෙ එහෙම තැනක් පෙන්නනවානේ. මොකක්ද තියෙන ගැටලුව.

      Delete
  12. හික්....මේ සරා අයියේ, අර ඔයා බදින්න කලින් දවසේ යාළුවො ටික නියම සින්දුවක්නේ කියල තියෙන්නේ...හික්....හික්....

    අපිටත් නත්තල් නම් නෑ. ඒත් නත්තල් පාර්ටියක් තියෙනවා....
    සුභ නත්තකක් සහ සුභ අළුත් අවුරුද්දක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. මේ බලපල්ලකෝ මෙයා හිනා වෙනවා. ඔයාට නම් මොකෝ ඉතින්....:P

      ඔබටත් ප්‍රීතිමත් නත්තලක් මෙන්ම සුභම සුභ අලුත් අවුරුද්දක්.

      Delete
  13. Replies
    1. ඔබටත් ප්‍රීතිමත් නත්තලක් මෙන්ම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....