Thursday, December 20, 2012

නිතර නෑසෙන ගී.....




              කරදර කම්කටොළු කොච්චර තිබුනත් ජීවිතය ගීතයක් කියලා හිතන, එහෙම හිතාගෙන හිනාවෙලා ඒකට මුහුණ දෙන එකෙකුට තමයි සරා කියන්නේ කියලා මම කලිනුත් ඔයාලට කියලා තියෙනවනේ. ඒනිසාමද මන්දා උගේ ගීත ගබඩාවේ මහා හුඟාක් ගීත තියෙනවා. වඩාම ප්‍රිය කරන්නේ සරල ගීවලට, ඒකත් 70-80 දශකවල. එහෙම කියද්දී මතක් වුනු මේ කතාවත් කියලම ඉන්නම්කෝ.

            දැන් මේ සමහරක් පැරණි ගීත එක එක ආලවට්ටම් දාලා අලුතෙන් කියන්නත් ඇතැම් අය පුරුදුවෙලා ඉන්නවා. මේවට කියන අලුත් අලුත් නම් එහෙමත් තියෙනවානේ. රී මික්ස්, ‍රැප් වගේ. අනේ කිවුවට තරහා ගන්න කාරි නෑ ආයිබොවං මේ සමහර ගීත අහනකොට මට හිතෙනවා මේ සිංදුව නම් ‍රැප් කරලා නෙමේ රේප් (Rape) කරලා කියලා. ඇතැම් සිංදුවලට ඔය කියන අහවල් එක කොලාට පස්සේ අර සිංදුවේ ඉතිහාසය හිතා මතාම අමතක කරලා දානවා.ඒ ගැන සඳහනක්වත් හොයා ගන්නත් නෑ. මුල් ගීතය ගයන ගායකයා හෝ ගායිකාව, ගීත රචකයා, සංගීත නිර්මාණ ශිල්පියා යන මේ හැමෝවම අමතක කරලා දානවා. අන්තිමට නම යන්නේ මේ අහවල් වැඩේ කරපු කෙනාගේම විතරයි. මේ වරදට අපේ මාධ්‍ය වගේම මේ අපි භාවිතා කොරන ජාලෙත් වග කියන්න ඕන. ඒ නිසා මම පුංචි ඉල්ලීමකුත් කරනවා දකින කෙනෙකුට හරි මතක් වෙයි කියලා හිතලා. කරුනා කරලා කවුරුහරි ඔය විදිහට ගීතයක් ජාලයට (Internet) එකට මුදා හරිනවා නම් ඒගීතයේ මුල් තොරතුරුත් සමඟම මුදාහරිනවා නම් තමයි වටින්නේ. මොකද එහෙම නොවෙනකොට අලුත් පරපුර හිතන්නේ ඒවයේ හැබෑ අයිතිකාරයෝ මේ අලුත් අය කියලා. සමහරු මා එක්කම කියනවා මේ අහවලාගේ සිංදුව කියලා.

               මමනන් එහෙම වෙලාවලදි ඔවුන්ට කියනවා මලේ ඔය සිංදුව හැදිලා තියෙන්නේ අහවල් කාලේ අහවල් ගායකයා තමයි ඕක ගායනා කලේ යනාදී වශයෙන්. ඒත් සමහරු ඔය ඇත්ත පිළිගන්නත් මැලිවෙන අවස්ථා තියෙනවා. ඒකට හේතුව වෙන්නේ ජාලෙන් ඔවුන් වෙත ලැබිලා තියෙන ඇතැම් වැරදි තොරතුරු. මේකෙදි අලුත් පරපුරට දොස් කියන්න හැටියකුත් නෑ මොකද අපි උනත් පිළිගන්න දෙයක් තමයි යම් දෙයක් ගැන තොරතුරු හොයන්න පහසුම ක්‍රමය අන්තර් ජාලය කියන එක.ඒත් එතනින් අපට ලැබෙන්නෙත් වැරදි තොරතුරු නම්..... එහෙම නැත්නම් ඒ අසම්පූර්ණ තොරතුරක් නම්....? උදා: අලුත් ගායක ගායිකාවෝ ගයන පැරණි ගීතවල තොරතුරු හොයනකොට දෙන්නේ අර රෙප් කරපු තොරතුරු විතරමයි මුල් ගීය ගැන සඳහනක්වත් නෑ. මේක වැරදියි. ඇත්තටම මේවා ජාලයට මුදා හරින්නේ අපේ අයනේ. ඉතින් ඕක රී මික්ස් හෝ ‍රැප් හෝ මොන ඉටිගෙඩිය කරලා හරි අර මුල් විස්තරත් එක්කම ජාලගත කරනවා නම් වටින නිසා එහෙම කරන්න තරම් නිහතමානී වෙන්න කියලා කාරුනික ඉල්ලීමක් කරන්න කැමතියි. නැත්නම් ඔයාලගේ උත්සාහය හරියට කලගෙඩියක් මුනින් හරවා වතුර පුරවනවා වගේ වෙනවා. මෙන්න ඔයාලා වෙනුවෙන් අදත් නිතර නෑසෙන ගීත කීපයක්.   


බලාපොරොත්තු.... ප්‍රාර්ථනා..... මේවා මිනිසුන්ව ජීවත් කරවනවා. හැමදාටම. ඒකෙනුත් භද්‍රයෞවනයේ ඇතිවෙන බලාපොරොත්තු....... කොයි කාගේ හිත්වලත් ඒවා සදහටම තියෙන නිසා බලන්න ඔයාලගේ හිත්වල ඇතිවුනු හැගීමුත් මේවගේද කියලා.

කියන්න කනගා‍ටුයි මම දන්නේ මේ ගීතය ගායනා කරන්නේ මැණික් ජයසේකර කියන්න විතරයි. කවුරු හරි ලියපු කෙනා හා සංගීත නිමාණය කලේ කවුද කියනවා නම් ලොකු උදව්වක්. 


තමන්ගේ පෙම්වතා තමන් ලගින්ම අසුරු කරපු යෙහෙලියත් සමඟ පෙමින් වෙලුනොත් ඒක දෑසින් දකින්නට තමන්ට සිදුවුනොත් කෙල්ලෙකුට මොනා හිතේවිද...? ඒගැන ඉන්ද්‍රානි පෙරේරා කියන්නේ මෙහෙම.    



ගැටයා සංදියේ ඉඳන්ම දහසකුත් එකක් බලා පොරොත්තු පපු කැනැත්තේ හිර කොරාන මම උඹ ගැන හීන මැවුවට ඒ එකක්වත් මට හැබෑ කොරගන්ට බැරි වුනා. ඒ උඹ මටත් හොරෙන් සිදාදියෙන් ආව කලිසංකාර මහත්තැන්ට බහ දුන්නු නිසා......  ගීතය ගායනා කරන්නේ විල්බට් ඇන්තනී මහත්මයා.



 හතීකොන කරක් ගහලා හෙම්බත්වෙලා උන්නු මට නුඹෙන් ලැබුන ආදරේ මහමෙරක් උනා. යකෙක් රාක්ෂයෙක් කියලා ලෝකයා හංවඩු ගහපු මාතුල අහිංසක මනුස්සයෙකුත් ඉන්නවා කියලා දැකපු නුඹට එදා අද විතරක් නෙමෙයි හැමදාටමත් එකම විදිහට සමහර විට ඉස්සරටත් වඩා ආදරෙයි. මේ ගීතය වික්ටර් රත්නායක මහත්මයාගෙන්.....සංගීතයත් ඔහුගේමයි. පබැඳුම කුසුම් පීරිස්..



ඇත්ත..... ආදරය කරද්දී කොයි දාර්ශනිකයත් හරිම බොළඳයි. අර අනුන්ට කියන බණ පන්ඩිත වාක්‍ය එදාට නෑ. එහෙම නොවෙන නොවුන කවුරුවත් ඇති කියලා කිවත් මම විශ්වාස කරන්නේ නෑ. ලෝකෙට මොනවා කිවුවත් මේ ගායකයත් ඒකට හොඳම උදාහරනයක්. ගීතය ගායනා කරන්නේ මිල්ටන් මල්ලවාරච්චි. ගේය පද කරුනාරත්න අබේසේකර. සංගීතය මොහොමඩ් සාලි. 

ඉතින් ආයිබොවන්. තව මොනවා හරි ඇන්න ආයෙත් දොහක එඤ්ඤං....!

28 comments:

  1. Ane ane mahaththayo mokada me karala thiyenne. Oka thamai ude idan ahuwata kiwe naththe moko karanne kiyala. Sindu tika nam lassanai. Methanin mama asama eka thamai "gama harada sidadiyata deega giyath nano..." kiyana sinduwa.

    Me wage sindu ahanna kamathi aya wagema kammali ayath athi. E unata me wage sindu kanata mihiri. Ahenakota hithata sanipai. Dan thiyena pelak sindu ahenakota kana ridenawane.

    Ada godak mahansi wela post eka danna oya.

    ReplyDelete
    Replies
    1. මේවට කැමති අය ඉන්නවනේ ඒකයි මේ. අනික දැන් ඔයත් අහනවනේ.

      Delete
  2. මාත් දැං තියෙන සිංදු වලට වඩා පරණ සිංදු අහන්න කැමති කෙනෙක් තමයි.

    ලස්සන සිංදු ටිකක් සරා.

    ReplyDelete
    Replies
    1. මේවා හුඟාක් වටින්නේ දැන් ඇහෙන්නැති නිසා යාලු. කවුරුහරි තමන්ගේ ගීත එකතුවට එක්කර ගනීවි කියලා හිතුවා. ස්තුතියි...

      Delete
  3. සරාට පින් මේවගේ හරවත් ගීත අපිට නැවත අහන්න සලස්වනවට, මමත් මේ ගී සියල්ලටම හරි අසයි, ඒ වගේ නිතර තිය අද කොහොමත් නොඇසෙන මෙවන් තවත් ගී අප අතරට අරන් එන්න කියල මම ඉල්ලන්න කැමතියි,
    අර වික්ටර් මහත්තයාගේ සින්දුවේ විෂුවල් එක ඔයා කරපු එකද්ද?

    ReplyDelete
    Replies
    1. හුඟාක් ගීත තියෙනවා මිත්‍රයා. ඔයා කැමති පැරණි ගීත එහෙම තියේනම් පොඩි කමෙන්‍ටුවක් දාන්න හොයාගන්න බැරි ඒවා එහෙම. මම මේ බ්ලොග් එකට දාන්නම්.

      ඇත්තටම ඒක මේකට සිංදුව අප්ලෝඩ් කරන්න ඕන නිසා මගේ බිරිඳගෙයි බබාගෙයි පොඩි වීඩියෝ එකක් දාලා හැදුව එකක් මිත්‍රයා. ඔයාට ජය

      Delete
    2. මිත්‍රයා ඔබවත් පිළිගන්නවා සාදරයෙන් මේ අහට. ඔබලා වෙනුවෙන් ඉක්මනින්ම තව ගී කීපයක් අරන් එන්නම්.

      Delete
  4. මරු සින්දු ටිකක් දාල තියෙන්නෙ. දැන් ඉතින් මේ ටික වුනත් රැප් කරන්න ඇහැකි.

    ReplyDelete
    Replies
    1. අර කිවුවත් වගේ, එහෙමත් කරාවි නේද..? පුරස්නයක් නෑ ආයිබොවං ගීතය ගැන ඔය තියෙන තරමට හරි ඉතිහාස කතාව සඳහන් වෙනෝ නම්. ජය ඔබටත් පිලිගන්නවා ඔබව මෙහාට සාදරෙන්. ඒ අමුත්තෙක් නිසා සරාගේ ලෝකෙට ඔබ...

      Delete
  5. මමත් ඔය වගේ සින්දු වලට ප්‍රිය කරන කෙනෙක්..!

    ReplyDelete
    Replies
    1. ඒකනේ වීයා මම මේ ටික දුන්නේ.ජයවේවා..!

      Delete
  6. මෙතන තියන සමහර සිංදු මම අහල තියෙනවා. සමහර ඒවා නම් අදමයි ඇහුවේ... මේ වගේ ගීත අහන්න මමත් කැමතියි. සරා අයියේ....අර වික්ටර් මහත්මයාගේ ගීතයේ ඉන්නේ නංගි බබයි, ඔයාලගේ බබයිද?? :D

    ReplyDelete
    Replies
    1. මෙයා දන්න දේවල් ඔයා එයාලවත් අඳුනනවා දැන් නේද..? හ්ම් හ්ම් එයාලා තමයි...! තව සිංදු ටිකක් ඉක්මනටම දෙන්නම් හොඳේ. ජයවේවා..!

      Delete
  7. ඕනෑම භාෂාවක රැක්ම, ප්‍රවර්ධනය, ප්‍රගතිය, වැදගත්කම, රඳා පවතින්නේ, කාලීනව වෙනස්වන වාග් මාලවකින්ද යුක්තව, නිසි ව්‍යවහාරයේ යෙදීමෙන් කියලයි මම හිතන්නේ. සිංහල භාෂාව, තමන්ට ඕනේ අතකට හරවා සංසර්ගයේ යෙදිය හැකි ෛවශ්‍යාවක වැනියයි සිතා සිටින පිරිසක් බිහිවීම අවාසනාවන්ත තත්වයක්. වෙනත් බොහෝ රටවල මව් භාෂාවට ලැබෙන ප්‍රමුඛත්වය සිංහල භාෂාවට නොලැබීමත් ඉතාම අවාසනාවන්ත තත්වයක් මෙන්ම කාලකන්නි කමක්. භාෂාව සහ සාහිත්‍යය පාසලෙන් ඈත්වීම නිසා සිංහල භාෂාවට ඇතිවූ හානිය මෙතෙකැයි කියන්න බැහැ. ඉංගිරිසිය වන්දනා කරවූ යන මෝඩ අමන සිතුවිල්ලත්, ඉංගිරිසි නැතුව මොකුත් කරන්න බැහැ කියන වැරදි පූර්ර්වාදර්ශයත් නිසා තමයි සිංහල භාෂාවේ පිරිහීම තවත් වේගවත් වෙලා තියෙන්නේ. උසස්පෙළ සහ විශ්ව විද්‍යාල වල සිංහල භාෂාව හදාරන අයගේ පවා සාමාන්‍ය වාග් මාලාව ඉතාම කලකිරෙන සුළු ලෙස සංකරයි. මහා සභාවක වුවත් සිංහලෙන් කතාවක් පවත්වද්දී මැද්දට හඩු ඉංගිරිසි කෑලි නොදා කතාකරන්න දන්නා පිරිස වේගයෙන් අඩුවෙමින් පවතිනවා. භාෂාව ගැන කිව්වේ ඒ ගැන නොකියා සාහිත්‍යය ගැන කියන්න බැරි නිසයි. භාෂා ඥානයෙන් නේ සාහිත්‍යය පෝෂණය වෙන්නේ. අතිරේක කියවීම් නොකර, සාහිත්‍ය පොත් පරිහරණය නොකර, නිර්දිෂ්ඨ ග්‍රන්ථ පරිශීලනයෙන් පමණක් විභාග සමත්වී උපාධි ලබා, භාෂාව සහ සාහිත්‍යය යකාට පලයන් කියා රස්සාවක් හොයාගන්න මානසිකත්වය තිබෙනතුරු කොහෙද සාහිත්‍යයේ දියුණුවක් ඇතිවෙන්නේ. සාහිත්‍ය මාසයේ සම්මාන ලැබෙන සමහර නවකතා, කවිපොත් කියවා බැලුවම බල්ලෝ බත්කන්නේ නැහැ.

    ගීත සාහිත්‍යය අද ව්‍යාපාරයක් මිස කලාවක් නොවෙයි. පැරණි ගීතවල අන්තර් වාද්‍ය ඛණ්ඩයටත්, කොහේදෝ යන සක්ක වචන යොදා, විකාර ඇඳුම් ඇඳගෙන, ගීතයට අදාළ නැති විකාර 'රූප සින්දුවක්' හදලා, පොඩි එවුන්ගේ මනස විකෘති කරන කාලකන්නින් බිහිවෙන්නේ භාෂා/සාහිත්‍ය ඥානය පිරිහීම නිසයි. උන් හැදෙන්නේ තුප්පහි සංස්කෘතියක් තුල නිසයි,උන්ගේ විවාහ ජීවිත පවා ඉක්මනින් දෙදරායන්නේ. උන් සල්ලි පස්සේ දුවමින් අසූචි ගොඩේ තියන සත්‍ය පවා දිවෙන් අහුලා ගන්න තරම් පහත් එවුන් නිසයි, නිර්මාණ භංගත්වයට පැමිණ අන්තිමට, කොත්තු, බිස්කට්, රූපවාහිනී යන්ත්‍ර, සුප් කැට, ට්‍රැක්ටර්, විකුණන රිලා මොටාලා බවට පත්ව සිටින්නේ.

    අතීත මතකය දිගේ මිහිරි සිතුවිලි සමුදායකට සමවදින්නට ඔබ මේ මතක් කරදුන් ගීත වලින් මහත් රුකුලක් ලැබුනා. ඒ ගැන ඔබට පින්දෙනවා. අපිනම් තරුනකාලේ පෙම්පත් ලිව්වා නොවැ එලෝ කෝටියට. මගේ මුල්ම පෙම්පතේ (1972 දී පමණ)මම ලියපු දේවල් අදටත් මතකයි. (ඒ මගේ ප්‍රථම ප්‍රේමය. එහි වියෝව මා මියයනතුරු හදවතේ තිබෙනවා. මගේ බිරිඳ පවා ඒ ගැන දන්නවා. අපි අතර කිසිම අනවබෝධයක් නැහැ. ඇගේ පළමු පෙම්වතාවත් මම දන්නවා) ඒ කාලයේ පෙම්පත්වල අපි ගීත කොටස් සහ අපේම සිතුවිලි වලින් නිර්මාණය වූ කවි ලිව්වා. ඒවා මහා කාව්‍ය නිර්මාණ නොවුනත්, අපේ සාහිත්‍ය දැනුම ඊට බෙහෙවින් ඉවහල් වූවා. අද තියන ජංගම දුරකථන සහ එස්.එම්.එස්. ආදරය හරිම වියලියි, කෘත්රිමයි, කියලයි මටනම් හිතෙන්නේ.

    බලන්න විල්බට් ඇන්තනිගේ ගමහැරදා ගීතය. තමාව හැරදා වෙනත් කෙනෙකු සමග දීග ගිය නෑනාට ඔහු ෛවර බඳින්නේ නැහැ. ඔහු මෙහෙම කියනවා. 'ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ - ගැට තුඹකොළ පුංචි බතල සුරල් වයන් නෑනෝ' ගැට තුඹකොළ පුංචි බතල කියන්නේ ගමේ සිංහල අවුරුද්දට වැයෙන රබන් පද.ඒ අපේ පාරම්පරික සංස්කෘතික ලක්ෂණ. මේ වියෝවූ පෙම්වතා (මස්සිනා) කියන්නේ ගම හැරදා නගරයට ගියත් එහෙදිත් රබන් සුරල් වයන්න කියලයි. එහි යටිපෙළ අරුත තමයි ගැමි සංස්කෘතික ලක්ෂණ නගරයේදී අමතක කරන්න එපා කියන එක. අද තිබෙන සමහර ගීතවල යටිපෙළ අරුත අමු කුණුහරප හෙවත් සංසර්ගාරාධනා තමයි තියෙන්නේ.

    අනික් ගීත ගැනත් දීර්ඝ විස්තරයක් ලියන්න හිතේ කරුණු තිබුනත්, මේ අදහස් දැක්වීම දීර්ඝ වැඩි බව දැනටමත් පෙනෙන නිසා යිත් ඔබට ස්තුති කරමින් නවතිමි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් මහත්මයා. ඔබ කිවූ දේ සම්පූර්ණ ඇත්ත. ස්තුතියි මේ අදහස් දැක්වීම පිළිබඳ. මා මගේ විනොදය පිණිසයි මේ ගීත ‍රැස් කිරීම කරන්නේ. කවදාවත් අදහසක් තිබුනේ නෑ මේවා කිසිවෙකුගේ ඇගයීමකට ලක් වේවී කියලා. මවු රට ආ පසු ඉතා අපූර්ව ගීත ‍රැසක් ඔබලා හමුවට ගෙනෙන්නම්. ජයවේවා.

      Delete
  8. සරා, පැරණි ගීත මතක් කරාට ස්තුතියි. මමත් ආසම එකක් තියෙනවා සනත් නන්දසිරිගේ “සද බලන්න බෑ මට“, තව එකක් තියෙනවා සිසිර සේනාරත්නගේ “පිවිතුරු හදින් එනු මැන ලදේ“

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ඊලඟ ගීත එකතුවට මේ ගී දෙකත් එකතු කරන්නම් යාළුවා. ජයවේවා.

      Delete
  9. නියම සින්දු ටික. මං ආසම සින්දු දෙකක් තමා විල්බට් ඇන්තනී මහත්මයාගේ සින්දුව සහ වික්ටර් රත්නායක මහත්මයාගේ සින්දුව. සරාගේ නෝනා මහත්තයයි දුව යි නේද මේ ඉන්නේ.
    ඇත්තටම ඔය පැරණි සින්දු වල නැවත ගායනය විතරක් අහපු අය හිතා ගෙන ඉන්නේ ඒවා අලුත සින්දු කියල. පොඩි එවුන් එහෙම චිප් එකකට සින්දු දා ගන්න ආවම කියන්නේ "අර අලුත් සින්දුවක් තියන්නේ.. අහවල් ගායකයා ගේ, අන්න ඒකත් ඕන" කියල.
    ඕක උන් පිළිගන්නේ මුල් සංගීතය තියන සින්දුව දාල පෙන්නුවොත් විතරයි.

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම ඔය පැරණි සින්දු වල නැවත ගායනය විතරක් අහපු අය හිතා ගෙන ඉන්නේ ඒවා අලුත සින්දු කියල//

      ඔන්න ඕක තමයි යාළුවා අපි වෙනස් කරන්න ඕන. මොකද අනාගතේට ඕන ඇත්ත විතරයි.

      හ්ම් හ්ම් ඒ දෙන්නා තමයි ඔය. ඔයත් දැන් එයාලව අඳුනනවා නේද. ජයවේවා.

      Delete
  10. ඔය සින්දු ගැන නම් ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ... මාත් හැමදාම ආස ඒවා.. හැබැයි කියන්නේ කවුද කියන එක නම් කවදාවත් මගේ හිතේ රැඳෙන්නේ නෑ වැඩිය අහලා පුරුදු කෙනෙක් නෙවෙයි නම්... සින්දු රේප් කිරිල්ල තමයි ඔය වැඩේට මමත් පාවිච්චි කරන වචනේ...

    සිංහල භාෂාවට වෙලා තියෙන හරිය ගැන සරා අයියා මගේ අදහස දන්නවා නොවැ...

    ReplyDelete
    Replies
    1. වැඩිය අහලා පුරුදු අයනම් ඉතින් ඔය නිතරම ගුවන් විදුලියෙනුත් අපට සිංදු කියන්නේ. මේ අයව දැන් කට්ටිය අදුනන්නැති අය නෙව. එයාලව ටිකක් හඳුවන්වලා දෙන්නයි මේ වෑයම. මොකෑ ආයේ මම නොදැන ඔයා ඉතින් අපේ සිංහල ටීචර් නෙව.

      Delete
    2. අඩේ මං දැන්නේ බැලුවේ වීඩියෝ ටික... මං සින්දු ටික ඇහුවා විතරයි කලින්.. හි හි..
      අපෝ නෑ.. සින්දු කියන කට්ටියව වගේම වීඩියෝ වල ඉන්න කට්ටියවත් දැං හොඳට අඳුරනවා.. හි හි

      Delete
  11. නියමෙට ලියල තියනවා.පිවිසෙන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  12. ස්තුතියි සරා අයියේ. මේ සින්දු දැන් රේඩියෝ එකකින් ඇහෙන්නෙත් නෑ. ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියගෙ සින්දුවට මම හරිම ආසයි...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් ළිහිණි වෙනුවෙන් කියමු ඒ සිංදුව. ස්තුතියි ඔයාටත්.

      Delete
  13. සරා, ඔය වැඩේ වෙන්නෙ ලංකාවෙ විතරක් නෙවෙයි. සමහර ජනප්‍රිය ගී වල අයිතිකාරයො හොයන්නත් අමාරුයි.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒක හරි අයියන්ඩි.ඒත් මගේ පුරස්නේ ඇයි අපිත් ඒකම කරන්නේ කියන එක. අඩුම තරමේ ඒකේ හැබෑ අයිතිකාරයා කවුද කියලාවත් කියනවා නම් ඒකම ඇති නේද. ජය වේවා. ඔබටත් සුභ නත්තලක්.

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....