Monday, December 17, 2012

කොයිලොව යන්නේ මරණින් පස්සේ...





            මම මේ මාතෘකාව ගැන ලියන්න නෙමේ උන්නේ. දැනට මම සේවය කරන රටේ මේ ප්‍රදේශයේ මිනිස්සු ගැන එයාලගේ ක්‍රියාකාරකම් ගැන ටිකක් ලියන්න. ඒගැන ටිකක් ලියද්දි මට හිතුන දෙයක් තමයි හැබෑටම මම මෙහෙම ලියන්නේ මම ඉපදුන රටේ කෙරෙන අකටයුතුකම් ගැන කවදාවත් කතා නොකර නේද, තමන්ගේ දේ නොහොයා අනුන්ගේ හරි වැරදි කතා කරන එක මහා විහිළුවක් නේද කියලා. ඒනිසා මේ කෙටි ලිපියෙන් අර ලිපියට ප්‍රවේශයක් ලබා ගන්න හිතුවා.

          එතකොට සරාට සුදුසු කම් තියෙනවද මේවා කතාකරන්න. පැහැදිලිවම ඔව්. මට විතරක් නෙමේ හුඟාක් දෙනෙකුට මේ සුදුසුකම් ඇති. ඒවගේම අයිතියකුත් තියෙනවා. මම මේ ස්වයං වාරනයන්ට යටත්ව ජීවත් වෙනනිසා මේ ගැන චකිතයකින් තොරව ලියන්න තීරනය කලා කිවුවොත් වඩා හොඳයි කියලා හිතුනා. 

1   මට කරදරයක් හිරිහැරයක් නොකරන කිසිම ජීවියෙකුට මම කරදර හිරිහැර කරන්නේ නෑ. 
2 මොනම අවස්ථාවකදීවත් මගේ ගැලවිජ්ජාව උදෙසා බොරු කියන්නේ හෝ බොරු කියලා නෑ.
3  කිසිම විටෙක අනුන්ගේ දෙයක් හොරකම් කර හෝ හොරකම් කරන්නේ නෑ. හැබැයි මට කොකා පෙන්නපු කීප දෙනෙකුගේම දේවල් බලෙන් උදුරගෙන තියෙනවා කීප අවස්ථාවකදීම. ඒ පාළුගෙවල්වල වලං බිඳීමේ ආදීනව පෙන්නලා දෙන්න මිස වෙන අරමුනකින් නෙමේ.
4 මම සම්මතයට විරුද්ධ ශාරීරික සම්බන්ධතා පවත්වලා නැහැ කිසි දිනෙක. කාමයේ වරදවා හැසිරීම කියන්නේ ඕකටනම් ඔන්න ඒකත් හරි. 
5    සුරාමේරය ගැන කියනවා ගැන කියනවා නම් කන පැලෙන්න බීලා තියෙනවා. ඒක ඉතින් ඔය කියන මදයට හා ප්‍රමාදයට හේතු උනාද කියන්න නම් මම දන්නේ නෑ, මොකද හැමදාම බිවුවේ හවස් වෙලානේ හොඳටම. ඒවෙලාවට මොකුත් විශේෂ වැඩක් යොදාගන්නේත් නැති නිසා කීයට නිදාගත්තත් උදේම නැගිටින නිසාත් එහෙම වෙන්න නැතුව ඇති. අනික ඉතින් බුන්නේ මම ඉතා සාධාරණව උපයපු සල්ලි වලින්නේ:D

6    මේක තමයි මම හිතන්නේ ප්‍රධානම දේ. මම හැමදාම මගේ නියම ස්වරූපයෙන් පෙනී ඉඳලා තියෙනවා හැමතැනකදීම. එකක් කියමින් තව එකක් කරන හෝ ලෝකෙට හොඳ මූණක් පෙන්නලා රහසින් පව් කරන දෙබිඩි චරිත රඟපාලා නෑ කවදාවත්. ඒනිසා එහෙම චරිත ගැන කතාකරන්න, විවේචනය කරන්න මට හැකියාවක් හා අයිතියක් තියෙනවා කියලා හිතෙනවා.

              මම මුදුනා වෙන්න හෝ උඩයන්න කරන වෑයමක් විදිහට කිසිවෙකුත් මෙය නොදකීවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉහත තොරතුරු කිසිවකින් මා සුචරිතවාදියෙකුයැයි හැඳින්වෙන්නෙත් නෑනේ. මන්ද මා එවැන්නෙකු නොවේ. පෙර ලිපිවල සඳහන් කලාක්මෙන් සරා යනු ක‍ටුවටත් නැති වහල්ලටත් නැති එකෙකි. මා ඉහත ප්‍රතිපත්ති රකින්නේ අන් කිසිවක් නිසා නොව මගේම පහසුවතකාය. කාටවත් ඇනයක් නොවී ඉන්න මම කැමති නිසා ඔහොම ක්‍රමයක් මම භාවිතා කරනවා.  මෙතැන් සිට කෙරෙනා චෝදනා කිසිවක් සියළුම භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් නොව, චීවරයට මුවාවී නොයෙකුත් අකටයුතු කම් කරනා වූද තමන් මෙන්ම චීවරයට ගරු කරාවුන්වද රවටන තමන් බුද්ධ පුත්‍රයන්යැයි හඳුවා ගන්නාවුන්ව ඉලක්ක කරගෙනම බැවු අවධාරණයෙන් මතක්කර සිටිමි.

            සම්බුද්ධ සාසනයේ දියුනුව උදෙසා කැපවීමට කියා හෝ එහි පැවැත්ම උදෙසා කියමින් සසුන් ගතවෙන ඇතැම් අය ( වර්තමානයේ නම් මේ ඇතැම් කියන වචනයත් මෙතනට ගැලපෙන්නේ නෑ. බොහෝ දෙනා යනුවෙනුයි හැඳින්විය යුත්තේ.) චීවරයේ ගෞරවය කෙලෙසන අයුරුයි මේ. මම විදේශ ගතවෙන්න කලින් වැඩ කලේ ඔය තලාහේන පැත්තේ. එතන මාත් එක්ක තව කීප දෙනෙක්ම වැඩකලා. එක පුද්ගලයෙක් දවසක් මට මෙහෙම කියනවා.

බුවා  : අද ඉක්මණට වැඩ ඉවරකරලා යන්න ඕන මචන් පාටියක් තියනවා. මම:   පාටියක් ඒ කොහේද බං..?
බුවා:  පංසලේ බං පංසලේ..!
මම:  තොට මෝල්ද උගුඩුවෝ...පංසලේ මොකාද පාටි දාන්න ඉන්නේ..? බුවා:  ඇයි බං හාමුදුරුවෝ...!
මම : හික් හික් හික්..!
බුවා:  ඇයි උඹ හිනාවෙන්නේ...?
මම:  නෑ ඉතින් නියම විහිළුව ඒකයි...!
බුවා : උඹට ෂුවර් නෑ නේද මේ බලපං සල්ලි බෝතල් දෙකකුයි කුකුල් මසුයි ගේන්න කියලා පොර දුන්නේ, දැන් පංසලට ගිය වෙලාවේ.
මම : පොර කිවුවේ....?
බුවා:  වෙන කවුද බං හාමුදුරුවන්ට මිස. මෑන්ස් අපි එක්ක බුදු ‍ෆිට් බං. 
මම:   හැබෑට....ඔය කොයි පංසලේද බං...? 
බුවා: අර ............ මාවතේ තියෙන පංසල බං. වැඩක් නෑ කියලා මරු බුවා.
මම:  ඉතින් උඹ මීට කලිනුත් ගිහින් තියෙනවද පාටි වලට එහේ. 
බුවා : අඩෝ මම දැන් කීකාලෙක ඉඳන්ද එහේ යන්නේ, හැබැයි අපරාදේ කියන්න බෑ පොර කවදාවත් අපෙන් කිසි දෙයක් ගන්නේ නෑ. අපි කැමැත්තෙන් ගේන්න හැදුවත් එපා කියනවා.
මම: හා හා හා.. සමහරවිට ගිහියන්ගේ අරක්කු සංඝයාට අකැපද දන්නේ නෑනේ. ඒක නෙමේ උඹ අපි කිවුවේ තව කවුද එහෙ එන්නේ.

බුවා : ඇයි බං වැව පාරේ ත්‍රීවීල් පාක් එකේ කොල්ලෝ සෙට් එකකුත් එනවා. උන්ට කියලා තමයි මේවා ගෙන්න ගන්නේ....යි කියමින් දකුනතේ ඇඟිලි දෙකක් යම් ආකාරකට හැඩ කරමින් මවෙත පෑවේය. ඔහු හස්ත මුද්‍රාවෙන් පැවසූයේ කුමක්දැයි වටහා ගැනීමට විවාහයෙකුවූ මට අපහසුවක් නොවිනි. කතාව මා සමග කී පුද්ගලයාට අනුව ගෙනෙන්නාවූ කුනුකය මුලින් අර හාමදුරුවා වළඳා පසුව ගිහියන් අතට පත්කරනවාළු. දැන් ඉතින් මෙතනට "ළු" යන්නක් දැන්ම නිසා මේක කට කතාවක්ය කියලා මාත් එක්ක ගේමට එන්න එපා. මම මේ "ළු" යන්න දැම්මේ තවමත් මෙවන් සත්කාර්යයකට සහභාගි වීමේ භාග්‍යය මට උදාවෙලා නැති නිසා.
                           

             මේ මෑතක දී අපේ සාවියේ එක්තරා පංසලක පිංකම් මාලාවක් සංවිධානය කෙරුනා. වැඩේ බොහොම ජයට කෙරුනා. පංකාදුයි පාරට්‍ටුයි. ඕකට ධර්ම දේශනා කරන්න දිවයිනේ නන් දෙසින් හාමුදුරුවරු කිහිප දෙනෙක්ම වැඩම කොරලත් තිබුනා. උන්නාන්සෙලත් හරියට අපේ ජනප්‍රිය ගායකයෝ වගේ. පැයක් ධර්මදේශනා කරන්න රුපියල් 10000 යි 15000 යි වගේ ගනන් අය කරන්නේ. හැබැයි ඉතින් ලෙසටම කියනවළු. සමහරු කිවුවේ කවියෙන්ළුනේ. එහෙනම් කමක් නෑ නේද:P දවසක් නෑරම පිංකමට සහභාගී වුන අපේ නැන්දා කෙනෙක්ගෙන් ඊයේ විස්තර ඇහුවම අනේ පුතේ හරිම අපූරුවට බණ කියනවා,ඇයි පුතාටත් බණක් කියවන්න ආසයිද කියලා ඇහැව්වා.

ඇයි සරා මේවා ලියන්නේ...?
කාගේ හරි කුනුගොඩක් අවුස්සලා පලාතම ගඳ ගස්සන්නද...?
නෑ...!
අනුන්ගේ කුනු ඇවිස්සුවාම තමන් සුදනෙක් කියලා අනෙක් අය හිතයි කියලද...?
නෑ...!
එහෙනම් කොමෙන්ට් වැඩිකර ගන්නද...?
ඒත් නෑ.. මම මොනා ලිවුවත් මගේ ලිපි කියවන්න එන අතලොස්සක් පිරිස හැමදාම එනවා. මොකද මගේ කාර්ය බහුලත්වය නිසා මම කියවන්නේ බ්ලොග් කීපයක් විතරයි.ඉතින් උන්දැලාටත් ඉවර තියෙන වෙලාවට මගේ බ්ලොග් එක කියවන්න එනවා ගතයුත්තක් ඇතත් නැතත්.
එහෙනම් මොන මල ඉලව්වටද මේවා ලියන්නේ.
             උගත් පාඨකයෙනි, මම මීට පෙර දවසක ලිවුවා අපි යහපත් චේතනාවකින් යමක් කරනවා නම් මොන කරදර බාධක ආවත් අවසාන ප්‍රතිපලය සාර්ථක වෙනවා කියලා. ඒත් එහෙම වෙන්න නම් අපි අපිට අවංකවෙලා ඉන්න ඕන. අද බලන්න අපි සත්‍යග්‍රහ කරනවා, තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාගෙන්ම නොයෙකුත් ජාති ඉල්ලනවා. ඇත්තටම කියනවානම් බණ කියන බණ අහන මේවගේ රටක් ලෝකේ කොහේවත් නෑ. අපේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවල හතර පෝයටම බණ දහම් ප්‍රචාරය වෙනවා. කීදාහක් දෙනා ඇස් කන් අයාගෙන මේවා අහනවද බලනවද...?
            ඉතින් එහෙනම් ඇයි මේරටේ මේ තරම් හොර මැරකම්, මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, බාලාපරාධ, මත්ද්‍රව්‍ය උත්තරේ හරිම සරලයි.. චේතනාව හොඳ නෑ. මුන් ගොඩ දෙනෙක් යහපත් අරමුනින් බුදු දහම ප්‍රචාරය කරනවා නෙමෙයි විකුනණවා. තව පිරිසක් මුදලට බණ කියමින් මුදල් උපයලා ඒවයෙන් අරක්කු බොනවා ගනිකාවන් ඇසුරු කරනවා. සාමාන්‍ය ජනයා මුලු හිතින්ම ගෞරව කරන පසඟ පිහි‍ටුවා වදින චීවරයේ ඉඳගෙන මෙහෙම කරද්දී වස් වදිනවා. දෙවියොත් කෝප වෙනවා. අහසට පොලවට වත් දරාගෙන ඉන්න බෑ මේ දේවල්. අහස ගුගුරනවා, පොලව කම්පා වෙනවා. මෙහෙමයි රට විනාශ වෙන්නේ. මෙහෙම හැමතැනකම වෙද්දී ලෝකය විනාශ වෙනවා.

            රට කරවන එකෙක්ගේ කතාවක් අහගෙන ඉන්න ටික වෙලාවක්. මහ ජනයා ගැන ඇතිවෙන දුකට ඒකලාගේ ඇස්වලින් කඳුළුත් ගලනවා. එහෙම වෙලාවට මට හිතෙන දෙයක් තමයි යකඩෝ මේකලා මේ හැටි අවංකව වැඩ කරද්දිත් රටට මෙහෙම හෙන පොතේ කැටිලා තියෙන්නේ අපි වගේ උන් ඉන්න නිසාය, අපට මුංගේ හොඳක් දකින්න බැරි නිසාය කියලා.

             මගේ මහ ගෙවල් තියෙන්නේ කිරි ඇල්ලේ කියලා මම කලිනුත් ඔයාලට කියලා තියෙනවානේ. ඔය පැත්තේ එක්තරා පංසලකට ගැටයා සංදියේ මම නිතර යන්න පුරුදු වෙලා හිටියා. වැඩි හරියක්ම ඕකට රිංගන්නේ දඩාවතේ ගිහින් බඩගිනි උනහම තමයි. බඩගිනි වෙලාවට ඕකට වැදුනම ඉතින් තරු පහේ හෝටලයක වගේ කෑම වේලක් ෂුවර්. හැබෑවටම ඒක තරු පහේ හෝටලයක්ම තමයි. වැඩ පලටත් ඉන්නේ බොහොම හැඩකාර ආන්ටිලා දෙතුන් දෙනෙක්. එයාලට ඉතින් කුස්සියේ වැඩ විතරක්ම නෙමේ හාමදුරුවගේ සිරි යහන් ගබඩාවේ රාජකාරිත් මාරුවෙන් මාරුවට බලන්න වෙන බව අපට නම් රහසක් නෙමෙයි ඉතින්. දන්න කියන කාලේ ඉඳන් මේ පංසලේ ඉන්නේ නායක හාමදුරුවයි, ගෝල නමයි විතරමයි. උරුමයෙන් එන කෙනෙක් මිස පිට අය මහණ කරගන්න සිරිතකුත් නෑ මෙතන. උරුමය එන්නේ කොහොමද කියලා මම පැහැදිලි නොකරට ඔබලාට තේරුම් ගැනීමේ හැකියාව ඇතැයි මාසිතනවා. මේකා මේ කියන ඉසවුව කොහේද කියලා විතරක් ඔයාලට කුකුසක් තියෙනවා නම් පොඩී ඉඟියක් මේං.

             ආයිබොවන් මම මේ කියන්නේ අර වෙල් යායක් මැද තියෙන පංසල ගැන. අර බෞද්ධ අපේ මුදුන් මල්කඩක්වන් සිද්ධස්ථානයක් එහෙම අයිති පංසල ආන්න ඒක ගැන. මට කියන්න ඕන කලේ නායක හාමදුරුවා හරිම තේජාන්විතයි කියලා. බුද්ධ පුත්‍රයෝ නෙව ආයිබොවං. උන්නාන්සේ නිතරම අඳන කඩේ විතරක් ඇඳලා පිස්තෝලෙත් ඉනේ ගහන් ඉන්නේ. ධර්මය දේශනා කොරන්ට වෙන්ටෑ:P
සිරියහන් ගබඩාවෙත් ඇහැට කනට පේන වනිතාවක් වැරදුන වෙලාවක් ඇත්නම් ඒ කලාතුරකින් තමයි ඉතින්. වෙන එකක් තියා ලඟ පාත තියෙන පොලෝසියෙත් ඒ සංදියේ නම් ක්‍රියාත්මක උනේ උන්නාන්සෙගේ තීන්දු තීරණ තමයි. ඕන ජඩ වැඩක් කොරලා පොලෝසියෙන් කුදලන් ගිය එකෙක්ගේ ගෙදරක කෙනෙක් ගෙහුං උන්නාන්සෙට දුක් ගැනවිල්ල කීවානම් ඔන්න ඕකට යන්න දුන්නානම් මහත්තයෝ කියන පමාව විතරයි අර අමනයා එලියේ. පොලෝසියේ කිරියාත්මක වෙන්නෙත් උන්නන්සෙගේ අණ බොලව්. බුද්ධ සාසනේ රකින බුද්ධ පුත්‍රයෝ නෙව.

               අහිතක් හිතන්ට කාරි නෑ. මම මේ ලියාපු කිසි දෙයක් ඕප දූප නෙවෙයි. හැබෑවටම සිදුවුන හා සිදුවෙමින් පවතින දේවල්. මේදේවල් යමෙක් අභියෝගයට ලක්කරනවා නම් හෝ මුසාවාද යැයි චෝදනා කරනවානම් සාක්ෂි සහිතව ඔප්පු කල හැකි බවට වගකීමෙන් ප්‍රකාශ කරත්නත් කැමතියි. මෙහි සඳහන් ස්ථාන සමග හෝ පුද්ගලයන් සමග මගේ කිසිම පෞද්ගලික කෝන්තරයක් නෑ. එහෙත් සාසනේ ඉඳන් සාසනේම වළඳන මෙහෙවු අයට මම විරුද්ධ නිසා මෙහෙම ලිවුවා. අනික් කාරනේ මම බෞද්ධයෙක්. ලෝකෙට පේන්න බෞද්ධ චරිතයක් රඟන නළුවෙක් නොවෙන බෞද්ධයෙක්. ඒ නිසා මට අයිතියක් තියෙනවා මෙහෙම දේවල් සිදු වෙනවා කියලා ලෝකෙට කියන්න.

              තෙරුවන් සරණ යන අපි මුලින්ම ශික්ෂාපද පහක් කියනවා. ඔක්කොම නැතත් ඕකෙන් එකක් දෙකක් හරි රකින්න හුඟ දෙනෙක් දැඩි උත්සාහයක් ගන්නවා. ඒ ඉතින් කාටවත් පේන්න නෙමෙයි කාටවත් කරදරයක් නැතිව ඉන්න කැමති නිසා. ඒත් එහෙව් ගිහියන්ගෙන්ම යැපෙන ගිහියන්ට අවවාද අනුසාසනා කලයුතු අය මෙසේ වෙනකොට කාටද ඒ අවනඩු කිවයුතු....?

               මම දන්න තරමින් බුද්ධ දේශනාවල තියෙන එක කාරනාවක් තමයි කිසිම භික්ෂුවකට මුදල් ඉපයීම,මුදල් ‍රැස් කිරීම, මුදල් පරිහරණය කැප නෑ. ඒත් වර්තමානයේ බොහෝ භික්ෂූන් වහන්සේලා සාස්තර කියනවා වෙලාවල් බලනවා, වෙදකම් කරනවා, අනවින කොඩිවින හදි හූනියම් ඇතුළු නොයෙකුත් ජාති කරනවා. මේ එකක් වත් බහුජන හිතාය බහුජන සුඛාය කියලානම් නෙමෙයි තනිකරම මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්. තම තමුන්ගේ සුඛවිහරණයට. තේරෙන සිංහලෙන් කියනවානම් බඩ වඩා ගැනීමට. 

මගේ අරමුණ:  

මට මගේ අඹුදරුවන්ට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් තරමට මිල මුදල් හම්බ කරලා තියන්න පුළුවන්. ඒත් ඒවා භුක්ති විඳගෙන කරදරයක් නැතුව ජීවත්වෙන්න පුළුවන් රටක් හදන්න බෑ තනියම. ඒකට අපි හැමෝම එකතු වෙන්න ඕන. මේකලාට විරුද්ධව යුද්ධ කොරන්න නෙමෙයි ආයිබොවන්. මේ වංචාවල් යම් තරමකට හෝ පාලනය කරන්න.
අවම වශයෙන් කියන දේ කරනවානම් කරනදේ කියනවානම් ඒ සත්‍යයේ බලයෙන් හරි රටට ලෝකෙට යහපතක් වේවි. 

එහෙනම් මට ගෙහුං එන්ට අවසර....!


48 comments:

  1. හරිම කණගාටුදායක තත්වයක් මේක.. මහානායක හාමුදුරුවරුන්ට වත් මේවට ක්‍රියාමාර්ගයක් ගන්න බැරි ඇයි කියන එකත් ගැටළුවක්.. බුද්ධ කාලෙත් හිටිය කියනවනේ ලාබ ප්‍රයෝජන තකා චීවරය දා ගත්තු අය. කතාවක් තියන්නේ බුද්ධ ශාසනයේ අවසන් කාලේදී පැවිද්දෙක් ගේ අතේ කහ නූලක් විතරයි තියන්නේ කියල. ඒ තත්ත්වයට යමින් ඉන්න බව තමා පේන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන තීන්දු තීරණ ගැනීම කෙසේ වෙතත් මෙහෙම කතාවක් කියලා ගරුතර මහා සංඝ රත්නයට නිගරු කරා කියලා හෙට වෙන මොකෙක් හරි තප්පුලන්න නම් බැරි නෑ චන්දන සරාගේ ලෝකය ලියන ද්‍රෝහියාව පරසක්වල ගසමු කියලා.

      ( මෙහෙටත් දැන් මදඨම රාත්‍රිය. මොකද යාලුවා තවම නිදි නැතුව. මොකෝ කවුරුහරි නිදි දැහැන් බිඳිනවා වත්ද...:D)

      Delete
    2. ඒක නම් ඇත්ත බං. හඳ පෙන්නපුවාම ඇඟිල්ල දිහා බලන අයනේ වැඩිපුර ඉන්නේ.
      නෑ සරා... කියවන්න මග හැරුණු බ්ලොග් ටිකක් කියෙව්වා. මට ඉතින් වෙලාවක් කලාවක් නෑ නෙව.. :)

      Delete
    3. ඒ නිසාමනේ චන්දන බොරුවට මේතරම්ම තැනක් ලැබිලා තියෙන්නේ.

      Delete
  2. Me wage dewal ahena kota nam harima kanagatui ape bikshun wahansela gana. Api gihin me wage ayatane wadinne kiyala hithenawa.

    Me thamai mama danna karunu. Mama punchi kale e kiyanne awrudu 10k withara athi. Api danna kenekuge gedarak laga thibuna pansalak. E pansale hamuduruwo me kattiyath ekka ekathui. Ithin dawasak mama me akka ekka kade yanakota hamuduruwo wata laga idala salli wagayak dila "hadunkuru packet ekak" genna kiyala kiwa. Ita passe e akka gaththe monawada dannawada sigarat packet ekak. Oka ahanna gihin kade lagadi thawa ayatath ahuna.

    Aneka thamai me lagedi ape gamata nuduru gamaka pansalaka podi hamuduruwo kattiyak drink ekak aragena sindu dala dance karana ekak phone ekakin vidio karala. Eka bala bala kattiya hina wenawalu. Onna okai ada thathwaya.

    "koi lawa yannada maranin passe thamai"

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් අද මෙයා මට බැනලා නෑ.

      Delete
  3. සරා කියනවා වගේ දේවල් ඇහැට දැකලා නැති උනාට ඔය වගේ කතා ඕනේ තරම් කියවලා, අහලා නම් තියෙනවා... මේවා කියවනකොට හිතෙනවා අම්මපා අපේ මාමණ්ඩි කියන කතන්දරේ ඇත්ත කියල, මං උන්ද එක්ක රෑ දවල් රණ්ඩු ඇල්ලුවට... උන්දැ කියන්නේ මම ඔය කිසි හාමුදුරුකෙනෙක්ට වඳින්නේ නෑ නේ.. මොකද ඔය කට්ටිය කරන දේවල් මං දැකලා තියෙනවා කියලා... මං ඉතිං තර්ක කරනවා අපිට හොඳයි කියලා කියන්න බෑනේ කිසි කෙනෙක් එහෙම උනොත්.. හොඳම දේ චීවරේට තියෙන ගෞරවේ තියාගෙන අපේ හිත් හොඳින් තියාගෙන ඉන්නඑක කියලා..

    කොහොමත් මුදලට බණ කියනවා කියලා ආරංචි උනොත් නම් මම කොහෙත්ම යන්නේ නෑ ඒ බණ අහන්න... කාටවත් යන්න දෙන්නෙත් නෑ මං දන්න කියන....

    ReplyDelete
    Replies
    1. //කොහොමත් මුදලට බණ කියනවා කියලා ආරංචි උනොත් නම් මම කොහෙත්ම යන්නේ නෑ ඒ බණ අහන්න... කාටවත් යන්න දෙන්නෙත් නෑ මං දන්න කියන....//

      පුදුමයි මේ වගේ ප්‍රසිද්ධ රහසක් හිරූ දන්නේ නෑ කිවුවම. ඔයාලගේ මාමා හරි. ඒ වුනාට තමන් විතරක් අයින් වෙලා ඉඳීමම ප්‍රමානවත් නෑ. හඬක් නගනවා නම් තමයි වටින්නේ.

      Delete
    2. නෑ නෑ..ඔය උපාසක අම්මලා ලොකුවට කියවනවනේ අර හාමුදුරුවන්ව වඩම්මන්න මෙච්චර ගියා අච්චර ගියා කියලා... අන්න ඒ වගේ ඒවට යන්නේ නෑ...

      මම ඔය හාමුදුරුවො ගැන කතා කරනවා අඩුයි සරා අයියේ.. හේතුව මට ඇත්තටම දන්නේ නෑති නිසා... දන්න දේ ගැන කතා කරනවා.. ඒක කතා කළොත් මට එක තැනකට ඉලක්ක කරලා ඒ දේ කරන්න වෙන්නේ.. මේ වෙලාවේ හැටියට ඒ තැනේදි මං දකින දේ මං කැමති නැති තැනක් උනාට, යම්තරමකින් හරි බුද්ධාගම රැකගන්න උත්සාහ කරන තැනක්.. ඒක නිසා ඒ තැන විවේචනය කරන්න මේක වෙලාව නෙවෙයි....

      Delete
  4. සරා කියපු ඒවා එකින් එක අරගෙන බැලුවම මට හිතෙනවා සරා මේ ක්‍රමය ගැන සරා ට තියෙන පිළකුල හා කලකිරීම තමා ඉදිරිපත් කරල තියෙන්නේ කියල. වැදගත්ම දේ ඔබ අන්තවාදි නොවී ඉතා වැදගත් විදියට වැරදි හදාගතයුතු යැයි පවසන එක.. මාත් සම්පූර්ණයෙන් එකගයි. ඔය ලොකුයි කියන හාමුදුරුවරු කරන වැඩ මම ඇස් දෙකෙන්ම දැකල තියෙනවා... කුනුකය සේවනයත් ඒ වගේ... එකගයි සරා එකගයි.. ඔබ ඉදිරිපත් කර කරුණු වලින් මට හිතෙන්නේ අපි හැමෝම එකතු වී යම් දෙයක් කල යුතු බවයි..

    ReplyDelete
    Replies
    1. මොකක්ද කලයුත්තෙ කියන එකයි මචං ප්‍රශ්නෙ..!?

      Delete
    2. අනේ බං තෝ මාව අමාරුවේ දාන්න හදන්නේ.. මං දන්නෑ..

      Delete

    3. ඇයි බං උඹ දේශකයා නේද..?
      (රහසින්)...මං දන්නෙත් නෑ බං.

      Delete
    4. හැකි හැම විටම විවේචනය කරමු. අවශ්‍යනම් නම් ගම් සමගම.
      ඒවගේම ඔවුන්ට සමාජයේ කිසිම පිලිගැනීමක් නැති තැනට වැඩ කරන්න පිලිවන්. සිල්වතුන්ගේ පමනක් ගුන ගායනා කරමු. ඔවුන්ව සමාජයේ ඉහලට ගෙනෙමු. මේවා කලයුත්තේ අපි. වෙන කිසිවෙක් එන එකක් නෑ. මොකද ඔවුන්ට මේවයෙන් වැඩක් නැතිනිසා.

      Delete
  5. අවිස්සාවේල්ලේත් හිටියා ඔහොම බුවෙක්. අපි කියන්නෙ නයි හාමුදුරුවො කියල. පොර දැන් හිරේලු.

    ReplyDelete
    Replies
    1. මචං මම පෞද්ගලිකවම දන්නවා බුවාව. මටත් ආරංචියි ඒබව. කාට හරි කොරාපු කොඩිවිනයක් ආපහු හැරෙන්න ඇති. කරේ ඒවමනේ.

      Delete
  6. mama oyage hama post ekakma me wanakal balala thiyanawa.mama nowaradawa balana blog walin ekak thama meka.eth ada nam epa una.oya kiyala thiyenne aththa thama.ehema dewal wenawa.na kiyanne na.eth oya me karala thiyenne uda balagena kelagahaganna eka.hamuduruwo sulutharayak karana me wage dewal walin oyage daruwange anagatheta haniyak wenne na.eth mehema gihin thawa aurudu 20kin withara muslim jathiya maha jathiya wela shariya nithiya yatathe wada widinna wei oyage daruwanta.ai e gana katha karanna bari.eka nemeda thiyena lokuma prashne.muslim pujakawaru katholika pujakawaru mona waradi karath e jathin ewa loku karagena kathalaranne na.ape hamuduwarunge deyak ahu unama thama ekata ka gahanne.tikak hithanna sara aiye mama kiwa de waradida kiyala.

    ReplyDelete
    Replies
    1. ඔන්න යාලුවා මම ඔයගේ කොමෙන්න්‍ටුව හැමෝටම කියවා ගන්න පහසු වෙන්න සිංහලට හරවලා දැම්මා මුලින්ම.



      මම ඔයාගෙ හැම පෝස්ට් එකක්ම මේ වනකල් බලල තියනව.මම නොවරදවා බලන බ්ලොග් වලින් එකක් තමා මේක.ඒත් අද නම් එපා උනා.ඔය කියල තියෙන්නෙ ඇත්ත තමා.එහෙම දේවල් වෙනව.නෑ කියන්නෙ නෑ.ඒත් ඔයා මේ කරල තියෙන්නේ උඩ බලාගෙන කෙලගහගන්න එක.හාමුදුරුවො සුලුතරයක් කරන මේ වගේ දේවල් වලින් ඔයාගෙ දරුවන්ගෙ අනාගතේට හානියක් වෙන්නෙ නෑ.ඒත් මෙහෙම ගිහින් තව අවුරුදු 20කින් විතර මුස්ලිම් ජාතිය මහ ජාතිය වෙලා ශරියා නීතිය යටතේ වද විඳින්න වෙයි ඔයාගේ දරුවන්ට.ඇයි ඒ ගැන කතා කරන්න බැරි.ඒක නෙමෙයිද තියෙන ලොකුම ප්‍රශ්නෙ.මුස්ලිම් පූජකවරු ක‍තෝලික පූජකවරු මොන වැරදි කරත් ඒ ජාතින් ඒව ලොකු කරගෙන කතාකරන්නෙ නෑ.අපේ හාමුදුවරුන්ගෙ දෙයක් අහු උනාම තමා ඒකට කෑ ගහන්නෙ.ටිකක් හිතන්න සරා අයියේ මම කීව දේ වැරදිද කියලා.

      Delete
    2. එහෙනම් ඔන්න යාලුවා මගේ පිළිතුර. මම පටන් ගන්නම් යට ඉඳන් උඩට. ඔයාගේ අදහස හරිම ප‍ටුයි වැරදියි. වැරදි කරනවා නම් ඒ කවුද කින්ද මන්ද කියල හොයලා වෙනත් ආගමක හෝ එසේත් නැතිනම් අන්‍ය ජාතියක් හෝ නම් විවේචනය කරලා තම වර්ගයා හෝ තමන්ගේ ආගමේ නම් මුනිවත ‍රැකීමයි සුදුසු කියනවා වගේ අදහසකුයි ඔබේ වචන කීපයෙන් ගම්‍ය වෙන්නේ. මම විරුද්ධයි යාලුවා පැහැදිලිවම මම විරුද්ධයි. අපට මේ හෙනපොතේ කැටිලා තියෙන්නේ ඔන්න ඔය වගේ අදහස් නිසාම තමයි. කපුවා කොවිලේ කැත කරහම ගඳ නෑ කියන්න පුරුදු වෙන්න එපා. වැරදි කිරීම විතරක්ම නෙමේ වැරදි දැක්කම කරබා ගැනීමත් අනියමින් වරදට අනුබල දීමක් වෙනවා. ඔය වගේ අදහස් දැරීමෙන් වෙන්නේ නැවතත් මේරට තුල යම් දවසක ජාතිවාදී හෝ ආගම් වාදී අරගලයක් ඇතිවීමට ඉඩකඩ සැලසීමයි.ඈත අතීතයේ මේක තනිකරම සිංහල රටක් උනාට වර්තමානයේ මේක තනිකරම සිංහල විතරක් කියන්න අපට පුළුවන් කමක් නෑ. හේතුව තවත් ජාතීන් මේරට තුල ඉන්නවා.මේ ඔවුනුත් ඉපදුන රට. දැන් අපට තියෙන හැම අයිතියක්ම ඔවුන්ටත් හිමිවිය යුතුයි. මේක තනිකරම සිංහල රටක් වෙන්න තිබුනා, එහෙම නොවුනේ වැරදි වෙනකොට ඔබලා වගේ නිහඬ පිළිවෙතක් අනුගමනය කල අය එදත් සිටි නිසයි. ඔබගේ කොමෙන්‍ටුවේ වචනයක් වත් ඉවත නොදා පිළිතුරු දිය යුතුයි. එයට පෝස්‍ටුවක්ම ලිවිය යුතු බවයි මගේ අදහස. එම නිසා නොපමාව මම ඒ කටයුත්ත කරනවා. එමෙන්ම ඔබ පැහැදිලිව මගේ ලිපිය කියෙවුවානම් ඔබට පැහැදිලි වෙලා තියෙන්න ඕන මම එක්තරා මාතෘකාවකට ප්‍රවේශයක් ලබා ගැනීමටයි මේ ලිපිය ලිවුවේ කියලා. ආන්න ඒ කතාව තමයි මම නොකීවයි කියලා ඔබ චෝදනා කරලා තියෙන්නේ. ඒ නිසා කතාව නිවැරදිව සම්පූර්ණ වෙනකම් මදක් ඉවසන මෙන් ඉල්ලා සිටීමට කැමතියි. මම මෙහෙම කතා ලිවුවයි කියලා පවතින ක්‍රමය වෙනස් නොවෙන බව මම දන්නවා. ඒත් මේවට කැමති නැති මිනිස්සුත් ඉන්න බව යමෙකුට මෙයින් අඟවන්නට හැකියාවක් තියෙනවා. කිසිවෙකුත් කතා නොකර ඉන්නකොට තමයි ඕන කෙනෙකුට හිතූමතේ වැඩ කරන්න හැකියාව තියෙන්නේ. ඒ නිසා කතා කිරීම වැදගත්. ඉතිරි විස්තර පසුව.

      Delete
  7. ගොඩ දෙනෙක් යහපත් අරමුනින් බුදු දහම ප්‍රචාරය කරනවා නෙමෙයි විකුනණවා.
    ඒ කතාවනං සම්පූර්ණ ඇත්ත සරා.

    අපේ පංසලේ තත්වෙත් ඕකම තමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඕක උනාට කතාකරන එක වැරදියි කියන්නේ. අනික් මිනිස්සු එහෙම කරන්නේ නැතිලු යාලුවා. ඔයත් එහෙම කරන්න එපා හොඳේ. වෙන දෙයක් වෙන්න ඇරලා පාඩුවේ ඉන්න.

      උස්තැන් වලදී හැකිලිලා මිටි තැනට පුප්පන එක නිවට කමක් යාලුවා. රුවන්පුරේ ඉපදුනු ඔයාලා එහෙම නෑ කියලා මම හිතනවා. ජය...!

      Delete
  8. මම අත්දැකපු දෙයක් කියන්නම්. අපේ ගෙවල් කිට්‍ටුව තියෙන පන්සලේ පොඩි හාමුදුරුවො..(නායක තැන) උපාධිදාරී උගත් හිමිනමක් අපි දහම් පාස්ලේ ඉගෙන ගන්න කාලෙ ,උගන්වන කාලෙ නායක කම ලැබුනෙ. සංවිධාන ශක්තිය එහෙම හොඳට තිබුන කෙනෙක්. මම අවු.4ක් විතර කොලඹ අධ්‍යාපන කටයුතු වල නිරතවෙලා හිටි කාලෙ පන්සලත් එක්ක තිබුන සම්භන්දෙ නැති උනා.

    පස්සෙ කාලෙක ආරංචි උනා හොඳටම මත්පැන් පානයට ඇබ්බැහිවෙලා කියල... මේකට වගකියන්න ඕන පිරිසකුත් හිටිය. ඒ හාමුදුරුවො ආශ්‍රය කරපු තවත් තරුන හාමුදුරුවරු පිරිසක්..ඒ අය ගානට හොරෙන් වැඩේ කරගෙන ගියා මෙයාට එහෙම බැරි උනා.
    පන්ස්ලේ හැමදේම...කරඬුව පවා විකුනල තිබුන.
    අපි තරුන පිරිස එකතු වෙලා පන්සල අය්ති බෙන්තර මහාවිහාරයට කියල ගමේ මිනිස්සු ‍රැස් කරල සභාවක් තිබ්බ. වෙන හාමුදුරු කෙනෙකුට පන්සල බාර දෙමු කියල. මමත් සභාවෙදි කතා කලා.

    අන්තිමට මොකද උනේ..ප්‍රධාන පන්සලෙන් ආ නායක හාමුදුරුවන් මෙයාගෙ පැත්ත ගත්ත. එහෙම අයින් කරන්න කාටවත් බෑ කිව්ව..කාට කියන්නද ඉතින්..
    ඊට පස්සෙ ත්‍රීවීල් කාරයො එක්ක එකතුවෙලා ප්‍රසිද්දියේ බොන්න ගත්ත.

    අන්තිමට අපවත් උනා(හරිද මන්දා)..ආධාහනයට කිසි කෙනෙක් ආවෙ නෑ එකට බීපු.
    හොදින් ඉන්න කාලෙ ලඟින් හිටි අය අතලොස්සය් ආවෙ. අපි ගම පුරා ගෙන් ගෙට ගිහින් සල්ලි එකතුකරල සාමාන්‍ය ආකාරයට ආධාහනය කලා.


    මොකක්ද බං අර චුට්ටියට දාපු අකුරු..මම කියෙව්වෙ නෑ ඒටික.

    ReplyDelete
    Replies
    1. කව්ද දන්නෙ නෑ පාටියට ඩොල්කිය ගෙනිච්ච එකා නේද වීයෝ??

      Delete
    2. ස්..! කෑ ගහන්න එපා බොල..!

      Delete
    3. ඔන්න ඔහොමලු හවුලේ පව් වලට කර ගහන්නේ... :D

      Delete
    4. @ වී පොකුර
      කාගේ කාගෙත් කිල්ලෝට වල හුනු ටික ටික හරි තියෙන්න ඇති මචං.ඒකයි එහෙම වෙන්න ඇත්තේ. වීදුරු ගෙවල් වල ඉන්න ඇත්තෝ ගල් ගහන්න බයයි.

      Delete
  9. හරිම භයානක මාතෘකාවක් සරෝ ..
    ප්‍රශ්නේ තියෙන්නේ කෙලින් කතා කරන
    මිනිහ තමා මුළු ලෝකෙම වැරදි වලට අහු
    වෙන්නේ...සමහර ඇත්ත තියෙනවා ගිල ගන්න
    ඕන...

    ReplyDelete
    Replies
    1. භයානක කතා කිරීම නෙමේ ශාන් කතා නොකර සිටීමයි. එහෙම වෙනකොට ඒ ඒ පුදගලයන් තුල පවට තියෙන බය නැතුව යනවා. අනික අපි මොනා කලත් කවුරුවත් කටක් අරින්නේ නෑ කියලා වැරදි අවබෝධයකුත් ඇතිකරගන්නවා ඔවුන්. ඔය කියන ඇත්ත ගිල ගැනීමේ පුරුද්ද නිසා තමයි බොරුව මේ තරමට රජ කරන්නේ. අනික අපේ කටවල් වැහෙන්නේ අපේම අයගේ වැරදි වලට විතරනේ. වෙන කෙනෙකුගේ වරදකදී කී දාහක් අවි අමෝරා ගන්නවද. හැබැයි අපේම වැරදි කතා කරද්දී ඒක උඩ බලාගෙන කෙල ගැහීමක් කියනවා. හික් හික් හික්...

      Delete
  10. ඕනෑම කාලයක බුද්ධ ශාසනයෙහි මෙවැනි චරිත දකින්නට ලැබෙනවා. වෙන එකක් තියා බුද්ධ කාලයේදීත් බුදුහාමුදුරුවන් අනුදැන නොවදාළ දේ කල භික්ෂූන් හිටියා. කාලීනව අපට පෙනෙන්න ඉන්නේ අනුමැති සංඝරත්නයයි. අපි ශ්‍රධාව උපදවාගත යුත්තේ සර්වකාලීන වූ (යේච සංඝා අතීතාච, යෙච සංඝා අනාගතා, පච්චුප්පන්නාචයේ සංඝා) ආර්ය මහා සංඝරත්නය වෙත මිස, එයින් කීපදෙනෙකු වෙත නොවෙයි. අපේ ජීවිතකාලය තුල මෙවැනි සිදුවීම් තව තවත් අහන්න දකින්න ලැබෙයි. එවිට අප කලයුත්තේ ඒ අවකල් ක්‍රියාවේ යෙදෙන්නන් හැරදමා, අප මහා බුදුපියාණන් වදාළ ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතයට මග පෙන්වන මහා ආලෝක කදම්බයක් කරගනිමින් 'කිං සච්ඡ ගවේසී කිං කුසල ගවීසී' මාර්ගයේ, පරම සත්යයවූ, චතුරාර්යසත්යාවබෝධය පිණිස, ආර්යාෂ්ඨාංගික මාර්ගය හැකි උපරිමයෙන් අනුගමනය කිරීමයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක...
      +++++++++++++++++++++++++
      මගෙන් වැටක්

      Delete
    2. එහෙත් අනාගත පරපුර දකින දේ අප ඉතිරිකර යනදේ වැළඳ ගන්න පරපුරක් මහත්මයා. ඔවුන් වෙනුවෙන් යමක් නොකර වැල යන අතට මැස්ස ගැහුවොත් මේ බොරුවෙන් පිරුනු සමාජය තුල ඔවුන් තනිවේවි. ඇත්ත නැත්ත, හරි වැ‍රැද්ද හොයා ගන්න බැරිව ඔවුන් අතරමං වේවි. අතීතයේ උන්නු ඩයිනොසර්ලා ගැන අප 3D රූප බලනවා ඒ බලලා අනුමාන ගොඩනගනවා වගේ වෙයි ඔවුනට අපේ ආගමත්. එදා සුලුතරයක් උන මේ වැරදි ක්‍රියා අපේ නිහඬ බව නිසාම මේ වෙද්දි බහුතරය වෙමින් පවතිනවා. ඉතින් තවත් නිහඬව සිටිය යුතුද.........?

      Delete
    3. ඔබ කියනදේ ඇත්ත සරා. නමුත් අපි විචාර බුද්ධිය ලබා දියයුත්තේද වර්තමාන පරපුරටමයි. බෞද්ධ දර්ශනය යනු භික්ෂුව නොවේ, බෝධිය නොවේ, පන්සල නොවේ, එහි ඇති ගැඹුරු ධර්මතාවන් අවබෝධ කරගැනීමට ඉවහල් කරගන්න ආධාරක පමණයි. බුදුහාමුදුරුවොත් ගුරුවරුන් මාරුකරමින් සත්‍යය සොයා ගොස්, අන්තිමට ධර්මය ගුරුවරයා කරගත්තා. අද අපේ පරිසරය භික්ෂුව කෙරෙහි ඇතිකරන බලපෑම මෙතෙකැයි කියන්න බැරි තරම්. ජංගි ඇඳගෙන පන්සලට යන ගැහැණුන්ගේ සිට හාමුදුරුවන්ට අරක්කු පොවන්න පොළඹවන දායකයෝ, හාමුදුරුවන්ට ගෑනු සපයන දායකයෝ, පන්සලේ රූපවාහිනියෙන්ම පොඩි හාමුදුරුවරු පවා දකින විප්‍රකාර, ජංගම දුරකථන සහ අන්තර්ජාලය තුලින් ඇති කරන බලපෑම්, ආදී වශයෙන් ගත්තම, අද හාමුදුරු වරුන්ට නියම මාර යුද්ධයක් කරන්න වෙලා තියනවා. පන්සල සහ දායකයා අතර තියෙන්නෙත් ව්‍යාපාරික ගනුදෙනුවක් වගේ සබඳතාවක්. මම කුඩා කාලයේ වැරදි කෙරුවම තාත්තා පස්ස පැත්ත රත්වෙන්න දෙකක් දීලා මාව එලවන්නේ පන්සලට. මාව දකිනකොටම හාමුදුරුවෝ දන්නවා මොකක්හරි අන්ඩපාල වැඩක් කරලා තමයි කියලා. හොඳට අතුගාලා තියන මලුව ආයෙත් අතුගාන්න කියනවා. මම අතුගානකල් හාමුදුරුවෝ සරල බසින් පුංචි බණ කතාවකුත් කියා අවවාද දෙනවා. මටත් පන්සලෙන් දවල්ට කන්න දෙනවා. ඒ ශික්ෂණය මට ඉතා තදින් බලපෑවා. අද දායකයා තමයි පන්සලෙන් ඈත්වෙලා තියෙන්නේ. දායකයාගේ ගතිගුණ තමයි පිරිහී තිබෙන්නේ. දායකයා තමයි ඕනේ එකයි එපා එකයි ඔක්කොම පන්සලට ගොඩගහන්නේ. මම රේඩියෝ එකක් පූජා කලොත් ඔයා හදන්නේ ඊට වඩා ලොකු එකක් පූජා කරන්න. හාමුදුරුවෝ මේවා ඉවසා වදාරනවා. අනුකම්පාවෙන්. නමුත් ඒ පන්සලේ ඉන්න හැම හාමුදුරුනමක්ම මේවා කෙලෙස් ලෙස දකින්නේ නැහැ. අද අපි වැඩිපුරම කරන්නේ ආමිස පූජා මිසක් ප්‍රතිපත්ති පූජා නොවෙයි. අපිට වැඩ වැඩියි කියන අමනොඥ අදහසේ ගිලෙමින් පන්සලට බඩුමුට්ටු පූජා කර පින් හොයනවා. තවමත් මේ රටේ ඕනෑ තරම් ඉන්නවා ධර්මධර, විනයධර, සුපේශල, ශික්ෂාකාමී, පින්වත් හාමුදුරුවරු. අපි අපේ දරුවන්ව එවැනි තැන් වලට යොමුකළ යුතු අතර කිසිදු හාමුදුරු නමකට අපහාස, ගැරහුම්, නොකළ යුතුයි. එය එක අතකට උඩ බලා කෙලගසා ගැනීමක්. අපේ ආගමට ගරහන්න ඉන්න අයට ආධාර කිරීමක්. අප කලයුත්තේ දුසිල් මහනුන් පිටුදැකීම පමණයි.


      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    4. කරුනාකර මගේ මෙන්ම අන් අයගේද යහපත තකා එය කලයුතු කවරාකාරයෙන්දැයි පැහැදිලි කරදෙන්නේ නම් මැනවි.

      Delete
    5. ඉතා සරලයි. සියලු දෙනා දැනුවත් කරන්න. ආශ්‍රයෙන් ඉවත්වන්න. ගහබැනගැනීම් වලින් තොරව ආශ්‍රය අත හරින්න. සිවුපසය සැපයීමෙන් වලකින්න. අනෙක් අයද ඒ සඳහා පොළඹවන්න. ගරු සැලකිලි දැක්වීමෙන් වලකින්න. මගහරින්න. ප්‍රතික්ෂේප කරන්න. බහුතරය මෙලෙස කරනවිට චර්යාව වෙනස් වනු ඇත. හැබැයි මෙය හරියට අවබෝධ කරගතහැකි අය සමග පමණක් මේ ගැන කටයුතු කරන්න.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    6. ඔන්න ඕක තමයි මාත් කරන්න කැමති දේ... නමුත් අපි දුසිල් මහණුන් කියලා කියන්නේ කාටද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා...

      දැං අපේ මාමණ්ඩි කියන්නේ එයා දන්න හාමුදුරුවරු බිස්නස්කරයෝ නිසා වඳින්නවත් කැමති නෑ කියලා... ඒක හරි... හැබැයි මම දන්නේ නැත්තම් ඒ හාමුදුරුවෝ එහෙම කෙනෙක් කියලා මට ඒක පිළිගන්න බෑ... අනිත් එක එළිපිට වැරදි කරන හාමුදුරුවරු අපිට පෙනුනට හොරෙන් වැරදි කරන අය අපි දන්නේ නෑ නේ.. එතකොට කවුද හොඳ කවුද නරක කියලා අපිට හොයන්න බෑ...

      අනිත් එක අපෙ මාමණ්ඩි බො‌ෙහාම භක්තියෙන් යන පන්සලේ, මාමණ්ඩි කියන විදියට ඉන්න අය සිල්වත්... මට පේන්නේ නම් එතනත් තැන විනාස කරන්නේ සල්ලිකාර දායකයෝ කියලයි... පන්සලකට වඩා දේවාලෙකට හෝ පල්ලියකට සමාන ඇදහීමක් තියෙනවා කියලා මට පේන නිසා මට ඒ තැන ගැනත් පැහැදීමක් නෑ... බුද්ධ ධර්මයේ ඇතුලාන්තය විකෘති කිරීමක් වෙනවා කියලා මට පේනවා... හැබැයි බුද්ධාගමේ පැවැත්මට එතන හොඳයි.. එත‌ෙකාට මොකද්ද කරන්න තියේනනේ... මට තියෙන තව ප්‍රශ්නයක් ඒක....

      ඔය ගොඩක් දැං තියෙන අසපු වලයි, සෙනසුන් වලයි, පන්සල් වලයි තියෙන ප්‍රශ්නේ තමයි හාමුදුරුවෝ මොනවා කළත් පස්සෙන් ඉන්න සල්ලිකාර දායකයෝ ටික සහ දේශපාලකයෝ ටික... ඒ අය ඉන්නකම් ඒ පන්සල්වල වැරදි ක්‍රියා නවත්තන්න බෑ...

      ප්‍රතිපත්තියක් හැටියට පන්සලේ දේවාලයක් හදාගෙන සෙත්කවියි වස් කවියි කියන හාමුදුරවරුන්ට මම සැලකිලි දක්වන්නේ නෑ... යන්නෙත් නෑ එහෙම පන්සල් වලට... ඒ වගේම බිස්නස් කරන හාමුදුරුවරුන්ටත් මගෙන් සැලකිලි නෑ.. අනිත් එක අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ උනත් ඕනේ වෙලාවක ළමයෙක්ට හරි ගිහින් කතා කරන්න අවස්ථාව දීලා තියෙනවා... මෙහේ එහෙම බෑ...

      Delete
    7. ඕනෑම කෙනෙක් කාලයක් ලඟින් ආශ්‍රය කරද්දී එයාගේ හොඳ නරක ගතිගුණ අපට වැටහෙනවානේ. හාමුදුරු නමක් ගැන වුනත් එහෙමම තමයි. කාන්තාවන්ට පුළුවන් තමන්ට පදයක් හදාගන්නේ නැතුව, විචාර බුද්ධිය තියනවානම්, හාමුදුරුවෝ තමන්ට ආකර්ෂණය වෙනවාද කියලා බලන්න. හැබැයි එය දැලිපිහියෙන් කිරි කෑමක්. එහෙම වෙනවානම් එය කාටවත් කීම නොවෙයි කලයුත්තේ. තමන් ඒ හාමුදුරුවන්ගෙන් ඈත්වීමයි.

      අපේ පන්සලේ හාමුදුරුවෝ දාලා තියන නීති? සමහරක් මෙසේයි. උපාසක අම්මලා තනිවම පන්සලට එන එක හොඳ නෑ. (එපා කියන එක ව්‍යංගයෙන් කීමක්) තනිවම දානය පූජා කරන්නවත් එන්න එපා. කාවවත් කැටුව එන්න බැරිනම් දානය නොගෙනාවට වැරද්දක් නැහැ. කාන්තාවන් කලිසම් හැඳ පන්සලට නොඑනවානම් හොඳයි. (එන්න එපා) සල්ලි තිබුන පලියට පන්සලේ අලුතෙන් ඉදිකිරීම් කරන්න බැහැ. ඒ ඉදිකිරීම ඇත්තවශයෙන්ම පන්සලට අවශ්‍යද කියන එක මුලින්ම සොයා බලනවා. ඉන්පසු දායක සභාවේ අනුමැතිය ගතයුතුයි. දායක සභාව එහි ප්‍රමිතිය ගැන කරන නිර්දේශ අනුගමනය කල යුතුයි. (දායක සභාවේ ඉන්නවා වරලත් ඉංජිනේරුවෝ. අමතක උනා. පැන්සොන් ගිය ආමි කාරයොත් ඉන්නවා :D) හාමුදුරුවන් ගැන සැක සිතෙන සෑමවිටම ඒ ගැන හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කලයුතුයි. අපේ හාමුදුරුවෝ නොමිලේ කේන්දර බැලීම පමණක් කරනවා. යන්තර මන්තර ගුරුකම්, සෙත්කවි, වස්කවි, දේවාල කිසිවක් නැහැ.

      ඔබ අහලා ඇතිනේ සංඝ ආඥාව කියන එක. යම් ගිහියෙකුට සංඝ ආඥාවක් පැනෙව්වොත්, ඒ පුද්ගලයා හාමුදුරුවන්ට වැන්දත් හාමුදුරුවෝ සුවපත් වේවා කියන්නේ නැහැ, මුහුණ බලන්නේ නැහැ, කතා කරන්නේ නැහැ, ගිහියා කතා කලත් පිළිතුරක් දෙන්නේ නැහැ, ඒ ගිහියාගේ මරණය දා පාංශුකූලයට වඩින්නේ නැහැ.

      අපිට බහ භික්ෂු විනය හදන්න. නමුත් අපිට පුළුවන් අර සංඝ ආඥාව වගේ එකක් කරන්න. අපි හාමුදුරුවන්ගෙන් ඈත්වීම සහ අනෙක් ය ඈත කරවීම. එහිදී සිත් බිඳීම සහ කෝපය වයිරය ඇතිවීම අවම කරගැනීමට විශේෂයෙන් සැලකිලිමත් වියයුතුයි. 'අපිට හාමුදුරුවන්ව හදන්න බැහැනේ. අපි තරහ වුණා කියලා හාමුදුරුවන්ට පාඩුවකුත් නැහැනේ. හාමුදුරුවන්ගේ කල්ක්‍රියාව/චර්යාව ගැන අපිට එකඟ වෙන්න බැරි නිසා ඈත්ව සිටිමු' කියන අදහස තමයි දෙන්න ඕනේ. හැබැයි සාකච්ඡා කළහැකි, ප්‍රශ්න කළහැකි, හාමුදුරු නමක් නම්, අත්හැරීමට පෙර සාකච්ඡා කිරීම ඉතාම යෝග්‍යයි.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    8. හිස නමා පිලිගන්නවා ඔබේ යෝජනා. ඒවගේම කියන්න කැමතියි ඔබේ කරුනු දැක්වීම බොහෝම වැදගත් ආකාරයක් ගත්බව. අර ගොල්ලෝ මෙහෙම කරනවා ඔයාලට ඒක පේන්නේ නෑ.අරයලට මෙහෙම කරන්න හොඳනම් අපේ අය කෙරුවහම මොකද. අපේ අයගේම අඩුපාඩු හොයන්නේ ඇයි අරගොල්ලන්ගේ ඒවා හොයන්නේ නැත්තේ කියන අදහස් කිසිවක් ඔබ කියා නැතිවීම නිසාම කිසිම තර්කයකින් තොරව මම ඔබේ අදහසට හිස නමනවා. එසේ නොවුවානම් තර්කයට ඇවැසි කරුනු කාරනා බොහෝදේ මේවනවිටත් මාසතුව ඇතිනිසා මේ කතාව දුරට ලිවීමට ඉඩ තිබුනා.හේතුව ජාතිවාද ආගම් වාද මා පිලිකුල් කරන නිසා. වැඩිහිටියන් යන්නට ඔබ ඉතා අගනා උපමාවක්. අවවාදයක් ආදර්ශයක් දියයුත්තේ වියයුත්තේ මේ ආකාරයටයි. එවිට එය ලබන්නා කිසිම විට එය ඉක්මවා යන්නේ නෑ. ඔහු යම් හැදියාවක් ඇත්තෙක් නම් එසේ කිරීමට හැකියාවක් නෑ. නැවතත් ඔබට ස්තුති කරනවා මහත්මයා. ජයවේවා නිරෝගී සුව අත්වේවා......!

      Delete
  11. ම්ම්ම්.... මම මගේ ඇස් දෙකෙන් ඔය දේවල් දැකලා නැති වුනාට ඕන තරම් ඔය වගේ දේවල් අහලා තියෙනවා..... චීවරයක් දා ගෙන කොහොම ඔය දේවල් කරන්න හිත හදා ගන්නවද මන්දා..... අනික සරා අයියේ අපේ පැත්තේ නම් සමහර හාමුදුරුවරු පන්සල් බෙදා ගන්න බැරුව රන්ඩු වෙනවා. සංඝනායක පදවිය ගන්න රංඩු වෙනවා. දවසක්දා අපේ සීයගේ දානෙකට අපේ තාත්තා හාමුදුරුවන්ට ආරාධනා කරන්න ගියාම ඒ හාමුදුරුවො අනිත් පන්සලේ හාමුදුරුවන්ගේ වැරදි කියනවලු. අනිත් පන්සලට ගියාමත් එහෙමයි. අනේ අන්දා මොනවා වෙලාද කියලා. හැබැයි ඔය අතර බොහොම සිල්වත්, මිනිස්සුන්වත් යහ මගට ගන්න හැබෑම ස්වාමීන්වහන්සේලා ඉන්නවා......

    බුදුන් දවසක් දෙව්දත්ලා හිටියනේ...... ඒ නිසා ඔවුන්ට අනුකම්පා කරනව හැර වෙන කුමක් කරම්ද........

    ReplyDelete
    Replies
    1. ඒ අනුකම්පාව හරවත් වීමට නම් ඔවුන්වත් පවින් මුදවා ගතයුතුයි සමනලී නගා. ඒමගේම යන්න හැර බලා සිටීම නොකලයුතුයි.

      Delete
  12. අපේ පැත්තෙත් බොහොම ප්‍රසිද්ද පන්සලක් තියෙනවා පාසලකුත් එක්ක.මේ පන්සලට පත්වෙලා ආවා ගමේම හිටපු නංගි බබා කෙනෙක් හිමි නමක් වෙලා.කට්ටිය හිතුවේ මිනිහා හොඳ වෙයි කියලා.අපොයි වෙච්චි දෙයක් ඉස්කෝලේ කොල්ලෝ වල් බල්ලෝ වුනා.ඉස්කෝලේ වෙලාවටම ගංජා,අරක්කු පන්සලේදී බාවිතා වුනා.

    ලොකු හාමුදුරුවොන්ට කරන්න දෙයක් නැද්ද මන්දා මේ යකා දැන් පන්සලේ ලොකු හාමුදුරු කමටත් ලෑස්ති වෙලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. උන්නාන්සෙත් අර අපේ සමහරක් වගේ අපේ වැරදි දකින්න අකමැති හෝ පෙනෙන්නේ නැති කෙනෙක්ද දන්නේ නෑනේ මලේ. එහෙම නැතිනම් තමන්ගේ කිල්ලෝටේ තියෙන හුනු අමතක කරලා ලොකේ අනෙක් අයගේ කිල්ලෝට ගැන හොයමින් ඉන්නවද කියලා විපරම් කරලා බැලුවනම්. හිකිස්...!

      Delete
  13. වැඩක් නෑ බන්.. මේවා කිව්වට හැදෙයිද ? මම නම් හිතන්නෑ..උන් කරණ දේවල් උන් ගෙනියයි කියලා අඩු ගානෙ පුද්ගලයා පුද්ගලයා වශයෙන්වත් යහපත් වෙන්න හැමෝම අධිශ්ඨාන කරගන්නවනම් ලෝකෙ ලස්සන තැනක් වෙයි..

    මමනම් බෞද්ධයෙක් නොවුනත් පන්සිල් රකින්න උත්සහා කරණවා.. ඒත් පානාති පාතා ( මැස්සො, මදුරුවො, මකුනො වගේ උන් ) සහ මුසා වාදා ( රාජකාරිමය වශයෙන් කියන බොරු සහ විහිළුවට කියන බොරු ) දෙක නිතරම කැඩෙනවා.. අනිත් තුනනම් දිවි හිමියෙන් රකිනවා..

    ReplyDelete
    Replies
    1. //( රාජකාරිමය වශයෙන් කියන බොරු සහ විහිළුවට කියන බොරු ) දෙක නිතරම කැඩෙනවා.. අනිත් තුනනම් දිවි හිමියෙන් රකිනවා..//


      බුදු දහමට අනුව කිසිවෙකුටත් හිංසාවක් නොවෙන හෝ අනුන් ගැලවීම උදෙසා කියන බොරු වලට කියන්නේ සම්‍යක්ප්‍රයෝග කියලා මම දන්න තරමට ඒවා බොරු නෙමේළු. වැඩක් නෑ කියලා කරබා ගැනීමත් මට දැනෙනා ආකාරයට වරදට අනියමින් අනුබල දීමක් නෙමේද සෙන්නා. අද රට යන විදිහ දිහා බලපන් හරි වැරදි කතා කරන්න ශක්තිමත් විපක්ෂයක් නැතිකම නිසා පවතින රජය ගාල කඩා ගත්ත හරකා වගේ. අපි කතා කරනවග දැන ගත්තම පුංචි හරි පීඩනයක් එල්ලවෙන එකක් නෑ කියලා උඹට හිතෙනවද...?

      Delete
  14. ගිහි පැවදි වෙනසක් නැතිව වැරදි කරන කාලයක් බං මේක. මේ ධර්මය කැලෑගත වෙන කාලෙ. පස්සෙ මිනිස්සුම ධර්මයට යොමු වෙන කාලයක් එනවා. ඒක බුද්ධ ධර්මයෙත් තියෙනවා බං.

    හොද ලිපියක් !

    ReplyDelete
    Replies
    1. //ගිහි පැවදි වෙනසක් නැතිව වැරදි කරන කාලයක් බං මේක.//

      අනවබෝධය නිසා වැරදි වෙනවා නම් ඉවසිය හැකි විය යුතුයි යාලුවා. මම මේ කියන්නේ ලොවට බණ දෙසන ගමන් හොරෙන් සිල් බිඳින වුන ගැන.

      Delete
  15. ලිපිය කියෙව්වත් කෙමෙන්ට් කියවන්න ඉවරයක් තිවුන්නැති නිසා මේ ගැන ඉස්සෙල්ලා කවුරුහරි කියලා තිබුනා නම් සමාවෙන්න..

    මම හිතන්නෙ බුදු හාමුදුරුයො මත්පැන් පානය නිත්‍ය ශීලයට අදාල යැයි සඳහන් කරලා නැහැ..මත්පැන් පානයෙන් විනාශය වෙන්නේ තමුන්ටමයි..ඒ නිසා අනිත් සිල්පද කැඩෙනවා නම් පව් සිද්ධවෙන්නේ එවිටයි..

    හාමුදුරුවරු සාධු සංකල්පය කොහොමත් බුදුදහමේ මූලික හරයට අකැපයි..නිවන් “ඉක්මනින්“ අවබෝධ කරගැනීමට හිතැත්තෝ මහණ වෙනවා මිසක සංඝ පරම්පරාවක අවශ්‍යතාව මට තවමත් තේරුම් ගත නොහැකියි..

    ස්තුතියි සරාට මේ ගැන සිතුවිලි අකුරු කලාට..

    ReplyDelete
    Replies
    1. //හාමුදුරුවරු සාධු සංකල්පය කොහොමත් බුදුදහමේ මූලික හරයට අකැපයි..නිවන් “ඉක්මනින්“ අවබෝධ කරගැනීමට හිතැත්තෝ මහණ වෙනවා මිසක සංඝ පරම්පරාවක අවශ්‍යතාව මට තවමත් තේරුම් ගත නොහැකියි..//

      ඒ අයට අනුවනම් මේ සියල්ල බුද්ධ ශාසනයේ උන්නතිය සඳහාලු. හැබැයි මට හිතෙන්නේ චීවරයට අපේ තියෙන ගරු සැලකිලි හා එයට ලැබෙන වරප්‍රසාද තමයි ඉලක්කය කියන එක. ඇතැම් අය ක්‍රියා කරන විදිහට අපටත් වඩා ඔවුනට නිවන ගොඩාක් දුරයි.

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....