Thursday, December 13, 2012

තැනට සුදුසු ඉලෙක්ට්‍රොනික් සමහරුන්ට මැජික් වෙන හැටි






              මේ ඊයේ පෙරේදා හරි අපූරු වැඩක් උනා. මම බොහොම නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක අපේ බොසා ඇවිත් මගේ කාමරේ දොරට තඩි බාන්න පටන් ගත්තා. නිකන්ම නෙමේ, මෙන්න මේ තඩි Circuit board එකත් අරගෙන.
                       

බොසා  : මචං මට මේක හදිස්සියි. මේ බෝර්ඩ් එක මට හදලා දීපන්...!  

මම   :  ඇයි බොස් මේක දිරලනේ. පේන විදිහටනම් හදන එක ලේසිවෙන එකක් නෑ.  

බොසා  : ප්ලීස් මචං, මේක නැතුව මට Old female block එකේ චිලර් රන් කරන්න විදිහක් නෑ. දැන් මම එතෙන්ට මිනිහෙක් දාලා ඉන්නේ මේ බෝර්ඩ් එකෙන් කෙරුන වැඩේ කරන්න. මොකක් හරි කරපං අර සිකුරුටියා මැරෙන්න හදනවා.

( අපේ හොස්පිට්ල් එක ලඟම තමයි කාන්තා නේවාසිකාගාර (විදේශීය) තියෙන්නේ. ඕල්ඩ් බ්ලොක්, නිව් බ්ලොක් කියලා ඒවා කොටස් දෙකකට කඩලා තියෙන්නේ. එහෙම කිවුවට ඔය එකකවත් "නිව්" ඒවා නම් නෑ. ඔක්කොම මෙහෙ එනකොටම පරන වෙලා.D ඕවායේ මුරට ඉන්නේ, මං කිවුවේ මේ සික්කෝ සික්කෝ.. උං සේරම සෞදි කාරයෝ. උන් හිතාගෙන ඉන්නේ ඒවා ( කාන්තාවෝ) උන්ට අයිති දේපොලක්ය කියලා. ජොබ් ඕඩරේකට ගියත් මලවදේ. උන් හිතාගෙන ඉන්නේ උන් වගේ තමයි මෙහෙ වැඩ කරන විදේශිකයොත් කියලා. මොකද උන් කරන තරමක් කරන්නේ කුප්ප වැඩනේ. අමනාප වෙන්න එපා. මුන් ගැන කතාකරනකොට ඔහොම වචන කියවෙනවා. අනික මුංව හඳුන්වන්න වෙන හොඳ වචනයක් එන්නෙත් නෑ මේ වෙලාවේ. ඒගැන කමාව.. ඇත්තටම කියනවා නම් මුං වගේ ජරා සත්ව කොට්ඨාශයක් ලෝකේ කොහේවත් නැතුව ඇති. වැදගත් ආගමකට මුවාවෙලා එකෙන්ම ඒක අදහනවයි කියලා ලෝකෙට පෙන්නන ගමන් මුං කරන තරමක් කරන්නේ ජඩ වැඩ. කොහොම උනත් ඒක මාතෘකාවට අදාල නැති නිසා වැඩි දුර කතා ඕන නෑ ඒගැන.) 

මම  : හරි දැන් මේකෙන් මොකක්ද කෙරුනේ කියපන්කෝ..! 

බොසා  : ඕක මචං ඉස්සර chilled water ලෙවල් එකට ඕප් වෙවී තිබුනා. දැන් කාලෙක වෙලේ ඉඳන් එක වැඩ කරේ නෑ, ඒත් water level එකට ආවම මේ බල්බ් එක පත්තුවෙනවා.  එතකොට අපි මෝටර් ඕප් කරනවා. අද ඒකත් පිච්චිලාද කොහෙද.

මම  : හරි දැන් water level එකට ඔටෝ ඕප් වෙන circuit එකක් හදලා දුන්නොත්...? 

බොසා  : වාව් නියමයිනේ මචං..! ඇත්තටම උඹට එහෙම එකක් හදන්න පුළුවන්ද. මොනවද දැන් ඒකට ඕන. මුංගෙන් සල්ලි ගන්න ගියාමත් මල වදේ.

මම  : හරි මම ඒක කොහොම හරි කරන්නම් මට පැයක් විතර දීපංකෝ...!

බොසා  : පැයක් නෙමේ උඹ දවසම අරගෙන හරි මට වැඩේ කරලා දියං. හැන්දෑවට හයි කරන්න තිබුනොත් මට ඇති.  

      එහෙම කියලා ඌ යන්න ගියා. දොර වහලා ඇවිත් පු‍ටුවේ වාඩි වෙලා මම කල්පනා කලේ දැන් මේක හදන්නේ කොහොමද කියලා. විනාඩි දහයක් විතර ඇස් පියාගෙන ඉන්න කොට මගේ හිතේ ඇඳුනා මෙන්න මෙහෙම එකක්.

                       ඔන්න මම ඒක කොලේකට ගත්ත විදිහ..



             අපරාදේ කියන්න බෑ මගේ වර්ක් ෂොප් එකේ එකම ජාතියෙන් කෑලි තුන හතරක් හොයනවා කියන එක කළුනික හොයනවාටත් වඩා අමාරුයි. ඒනිසා මම අතට අහුවෙන Transistor, resistor ටිකක් ඇන්න වැඩේට අත ගැහුවා. ටික වෙලාවක් යනකොට ඔය ඉහතින් පෙන්නලා තියෙන ගැජ මැටික් එක හැදිලා ඉවර උනා මේ විදිහට.
                      



නිකන්ම නෙමෙයි ඒක ප්‍රධාන විදුලියට සම්බන්ධ කරන්නත් පුළුවන් ආකාරයේ කොටසකුත් සහිතව.


           මහා සංකීර්ණ වැඩක් නෙමේ සරල පරිපථයක්. එතකොට ඇයි මම මේක බ්ලොග් එකේ ලියන්නේ..! වෙනමොකටද ඉතින් උඹේ පම්පෝරිය කියන්න මිසක. කාගේ හරි උත්තරේ ඕක වෙන්නත් ඉඩ තියෙනවා.අනේ නෑ ආයිබොවන් සරාට පම්පෝරි ගහන්න ඕන නම් මේ රුපියල් 50ක් වටින circuit එක නැතුවට වෙනඕන තරම් දේවල් තියෙනවා. මගේ අරමුන පැහැදිලිවෙන්න නම් දිගටම කියවගෙන යන්න. ඉතාම සරල හා අඩු වියදම් උනාට මේවගේ පරිපථ වලින් ගොඩාක් වැඩ ගන්න පුළුවන් කියලා ඉලෙක්ට්‍රොනික් ගැන අවබෝධයක් තියෙන අයට නම් බැලු බැල්මටම වැටහෙනවා ඇති.

උදා: වතුර ටැංකියකට, නයිට් ලාම්පුවකට, නිවසක ඉදිරි පස විදුලි පහණක් හෝ ගේට්‍ටුවක විදුලි පහණක් ඉබේ දැල්වීමට මේ පරිපථය භාවිතා කලහැකියි.

          තව ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගනිමින් සිටිනා හෝ අලුත් දේවල් අත්හදා බලන්න කැමති අයට තම හැකියාවන් වර්ධනය කර ගන්නත් මේවගේ දේවල් වටිනවා. වීඩියෝ ගේම් එකකට මුවී එකකට වැය කරන කාලය ඉඳහිට මේවගේ දේකට යොමු කරලා බලන්න. ඔබේ දැනුම හා හැකියාව වර්ධනය කරගත හැකි නොවේද කියලා. තව ඔය කොල්ලෝ කරන වැඩ කරන්න කැමති කෙල්ලන්ටත් මේවගේ දේවල් හොඳයි.පරිපථයේ IN කියලා සඳහන් වෙලා තියෙන තැනට ඔයාලට LDR එකක් (light dependent resistor) හෝ ස්පර්ශ සංවේදකයක් (touch plate) එකක් යොදාගන්න පුළුවන්. relay  එක තියෙන තැනට SCR (silicon control rectifer) එකක් හරි out put ට්‍රාන්සිස්ටරයේ ධාරාවට සමාන ධාරාවක් ලබාගන්නා උපකරණයක් නම් කෙලින්ම ට්‍රාන්සිස්ටරයේ කලෙක්ටයටම හරි සම්බන්ධ කලහැකියි. එහෙම කරලා අපි අනිවාර්යයෙන්ම අතින් කලයුතු වැඩක් ඉබේ ක්‍රියාත්මක වීමට සැලැස්විය හැකියි.

උදා: ඔබ නිවසේ නැති අවස්ථාවක නිවස ඉදිරිපස ලාම්පුව ඇඳිරිවැ‍ටුන විට ඉබේ දැල්වීම. විදුලි පහන් නිවාදමා ඔබ ඇඳට යනවිට මද ආලෝකයක් සහිත night lamp එක ඉබේ දැල්වීමට ඔබට මෙය යොදා ගතහැකියි.

           ඉතින් මම මේක ඔයාලට පෙන්නුවෙත් එහෙම වැඩක් ගනී කියලා හිතාගෙන. අපේ වැඩ්ඩන්ටනම් මේවගේ ඒවා කජු කනවා වගේ නිසා වැඩක් නැතිවෙයි. හැබැයි ඉතින් එයාලටත් මේකෙන් ගන්න පාඩමක් තියෙනවා. ඒමොකක්ද කියලා ලිපිය අවසානෙදි ඔයාලට වැටහේවි. හරි දැන් ඔක්කොම හරි කියමුකෝ, කෝ අර මුලින්ම සරාට උනා කියපු අපූරු වැඩේ. කාට හරි ඔහොම හිතුනා නම් ඒක ඉතාම සාධාරණයි. මේ ලිපියේ කොතනකවත් එහෙම එකක් සඳහන් වෙලා තිබුනේ නෑනේ නේද..? ඔන්න එහෙනම් ඒක.

            දැන් අර තඩි බෝර්ඩ් එකක් අපේ ලොක්කා ගෙනත් දුන්නා කියලා මම කිවුවනේ. ඒකේ ප්‍රමාණය කියනවානම් හත‍රැස් අඩියකටත් වඩා ලොකුයි. හැබැයි මම හදපු Circuit එක අඟල් එකහමාරක්වත් ලොකු නෑ. බොසා ඕක දැක්කම උගේ ඇස් උඩ ගියා. මොකද අච්චර ලොකු බෝර්ඩ් එකකින් කෙරුන වැඩේ මේකෙන් කරන්නේ කොහොමද කියලා. ඌ මා දිහා බැළුවේ සැකෙන් වගේ. මේ වැඩේ හරියයිද..ඌ මගෙන් ඇහුවා. උඹට මේක ෂුවර් නැතුවට මාව ෂුවර්නේ, බලාගෙන හිටපන් කියලා මම අර ගැජබෝ එක හයිකලා. ඊට පස්සේ පැයක් විතර එතන ඉඳන් හත් අට වාරයක් ඒක නිවැරදිව ක්‍රියා කරනවද කියලා ටෙස්ට් කරලත් බැළුවා. බුවාට මාර හැපි ඌ එතන ඉඳන්ම කෝල් කරලා අපේ ඩිරෙක්ටර්වත් එතනට ගෙන්නුවා. ගෙනත් ඌටත් කියනවා කලින් මෙතන තිබුනේ මෙච්චර විතර බෝර්ඩ් එකක් මූ පොඩි බෝර්ඩ් එකක කෑලි දෙක තුනක් අමුනලා මේක ඔටෝ වැඩකරන්න හැදුවා කියලා. ඒ මදිවට ඩිපාර්ට්මන්ට් එක ඇතුලටත් ඇවිත් අනිත් ටෙක්නීෂන්ලත් එක්කක් කියවනවා.

              මෙතන මහා ලොකු වැඩක් නොකලා උනත් මම කරබාගෙන හිටියේ කොහොමත් හෙට අනිද්දා වෙනකොට මම ගෙදර එන එකානේ, උන් මම මැජික් කාරයෙක් කියලා හිතාගත්තත් මට ඒක ප්‍රශ්නයක් නෙමේනේ කියලා හිතලා. අනික මම මොකුත් කියලත් නෙමේනේ. දැන් ඔයාලට හිතෙනවානම් හැබෑවටම මෙහෙම පොඩි දෙයක් නම් කරන්න තිබුනේ මෙච්චර ලොකු circuit  එකක් ඇයි යොදලා තිබුනේ කියලා මෙන්න ඒකට උත්තර. දිරච්ච බෝර්ඩ් එක පරීක්ෂා කලාම මට හිතුන දෙයක් තමයි මේකෙන් වැඩ කීපයක්ම කලින් කෙරෙන්න ඇති කියන එක. ජල පරිමාව මැනීම මෙන්ම උෂ්ණත්වය මැනීම. ඒ දත්ත සංඛ්‍යාංක ලෙසින් දැක්වීම හා මොටර් ක්‍රියා කරවීම ඒ මගින් කෙරෙන්න ඇති කියලා අනුමාණ කල හැකි සාක්ෂි එහි තිබුනා. ඒත් මේ උපකරණ අවුරුදු තිහකටත් වඩා පරණ නිසාත් නිසියාකාර නඩත්තුවක් නැතිකම හේතුවෙන් කෙමිකල්වලට නිරාවරණය වීම නිසා යම් යම් කොටස් වරින්වර කියා විරහිත වෙන්නට ඇති. අපේ ලොක්කලා මෙහෙ එන කාලේ වෙනකොට වැඩ කරපු ටික දැකලා ඉලෙක්ට්‍රොනික් ගැන මෙලෝ හසරක් නොදන්න ඔහු මේකෙන් කරන්නේ මේ වැඩේ විතරයි කියලා නිගමනයකට එන්න ඇති. ඒ නිසා තමයි මෑන්ට මගේ වැඩේ මැජික් එකක් උනේ.

             මෙහෙම තැන් වල වැඩ කරන කොට මේවගේ පොට්ට චාන්ස් වැදිලා ගොඩ යන අයත් ඉන්නවා. විෂය ගැන දැනුමක් නැති අය ඉන්න තැනක ඒ සම්බන්දව පුංචි දෙයක් කරලා පෙන්නුවහමත් ඒ තැනැත්තා දක්ෂ වැඩකරුවෙක් විදිහට හැඳින්වෙන වෙලාවලුත් තියෙනවා.එහෙම උදාහරණත් මා සතුයි. වඩා වැදගත් වෙන්නේ තියරි ෆලෝ කරන එකට වඩා ඒ වෙලාවට සුදුසු දේ හිතලා කරන එක. මොකද මම කරපු වැඩේ ආයේ තව කෙනෙකුට කරන්න බෑ.    (ඒ සර්කිට් එක නැවත වෙන කෙනෙකුට අළුත් වැඩියා කල නොහැකියි.) ඒ මම එහි කිසිම අංකයක් හෝ වර්ණ වලල්ලක් ඉතිරි නොකර මකා දමා ඇතිනිසා. වෙන ටෙක්නීෂන් කෙනෙකුට ඕන නම් තමන්ගේ දැනුමෙන් යමක් කරාවි. මේකත් ඉලෙක්ට්‍රොනික් කරන එවුන්ගේ සිරිතක්.D 

               අනික තමයි දිනෙන් දින දියුනුවෙන මේ තාක්ෂණික ලෝකය ගැන නිතර අවධානයෙන් ඉන්න ඕන තාක්ෂණ ශිල්පියෝ විදිහට අපි. නැත්නම් ලෝකේ ඉස්සරහට යද්දී අපි නිකන්ම ළිං මැඩියෝ වෙනවා. අපේ ලොක්කා ඉතාම දක්ෂ AC Technician කෙනෙක් ඒත් ඉලෙක්ට්‍රොනික් ගැන දැනුම බිංදුවයි. එහෙම උන එක එදා ඒහැටි ගැටළුවක් නොවුනට වර්තමානයේදී ලොකු ගැටළුවක්. මොකද අද වෙනකොට ගොඩාක් වායූ සමීකරණ ශීතකරණ ඉලෙක්ට්‍රොනික් පරිපථ සහිත ඒවා. අපි මොන තරම් දක්ෂයෝ වෙලා හිටියත් වැඩක් නෑ ඊට අදාල සියළුම කොටස් ගැන අවබෝධයක් නැතුව. ඇත්තටම මම කලින් දවසකත් කිවුවා වගේ අපට වෙලාව තියන විදිහට යම් යම් විෂයන් ගැන සුළු හෝ දැනුමක් ලබා ගන්න එක කවදාවත් අපතේ යන්නේ නෑ. එහෙම නොදැන ඉන්නකොට තමයි එහෙම දේවල් මැජික් වගේ පේන්න ගන්නේ.

              අපට හැම විෂයක් ගැනම පූර්ණ දැනුමක් ලබා ගන්නට නොහැකි උනත් යම් තරමකට දැනුවත් වීමේ හැකියාවක් තියෙනවා. හැබැයි අපට අවශ්‍යතාවක් උනන්දුවක් තියෙන්න ඕන.

උදා: අපේ පොඩි මස්සිනා හොඳ ෂෝර්ට් ඊට්ස් කාරයා. පේස්ට්‍රි අංශයේ සුපිරි වැඩ්ඩෙක්. මම ගෙදර උන්නු මාස ගානට රෝල්ස්, එලවළු රොටී, උළුඳු වඩේ, කට්ලට් පැටිස්, වගේම ප්ලේන් රොටී හදන හැටිත් පොරගෙන් ඉගෙන ගත්තා. ඒත් ඇන්ටනාවකට වයර් එකක් අමුනන විදිහවත් පොර මගෙන් අහලා ඉගෙනගෙන නෑ. එකම හේතුව උනන්දුවක් නැති කම. 

මෙන්න ඉහත පරිපථය සඳහා අවශ්‍ය උපකණ ලයිස්තුව  

1,2,3  C 828, BC548, C945  හෝ  ඒහා සමාන NPN  වර්ගයේ ට්‍රාන්සිස්ටර් 3  

4  D400, D313  වැනි ට්‍රාන්සිස්ටර් 1 

5 6V- 12V රිලේ 1

6 1N4007 ඩයෝඩ 1  

7  560 ohmsහෝ1k රෙසිස්ටර් 1  

8   560 ohms හෝ 1k රෙසිස්ටර් 1  

9 4.7k රෙසිස්ටර් 1  

10 470 uf 16v කන්ඩෙන්සර් 1

LDR  එකක් හෝ සුදුසු ස්පර්ශ සංවේදකයක්. 

ඔබ පරිපථයට DC 12Vසපයන්නේනම් තරු ලකුනු යොදා ඇති රෙසිස්ටර් 1k ලෙස යොදන්න. උදා 560 ඕම්ස් වෙනුවට 1k.  සැපයුම් වෝල්ටීයතාවය අනුව රිලේ එකද වෙනස් කරන්න. ඔන්න මම ක්ෂේත්‍රයට ආදුනිකයන් ගැනත් හිතලා උපකරණවල රූප සටහන් එක්කම දැම්මා. මගේ හිතේ දැන්නම් ඕන කෙනෙකුට මේ වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන් වේවි. අමතක උන SCR එකේ පාද මේ විදිහටයි නම් කරන්නේ.

ඉතින් එහෙනම් මම ගෙහුං එඤ්ඤං...! අත්හදා බැලුවොත් ප්‍රථිපල මටත් කියන්ට ඕන ඕං.........




දන්නවද ඔය පහල තියෙන රූප සටහන් ටික මට දුන්නේ ගූගල් ලොක්කා.

55 comments:

  1. මේක කියවද්දි මට වෙච්ච පොඩි වැඩක් මතක් උනා...

    අපේ මහත්තයා ඔය‌ තොරන් ගහන්න ( බයික් එකට එක එක වැඩ කෑළි දාන්න) එහෙම ඕනෙ උනාම මාව බයික් එකේ දාගෙන ගිහින්, කඩේ ඉස්සරහින් මාව බස්සලා කියනවා මෙන්න මේ ජාතියෙන් මෙච්චරක් ගේන්න කියලා.. ( කඩේ ඉස්සරහා පාකින් නෑ) ඔය ට්‍රාන්සිස්ටර්, රෙසිස්ටර් මොනවද කියලා මෙලෝ මංගල්ලයක් දන්නේ නැති මම, කරන්න යන වැඩේ ගැන හාංකවිසියක්වත් තේරෙන්නේ නැති නිසා ඔය ටික කටපාඩම් කරගෙන යන්නේ.. කඩේ ඇතුලට ගියාම හැමදාම මතක නෑ එක ජාතියක් කොහොම හරි.. ඒ තමයි රෙසිස්ටර්... හි හි.. හැමදාම කෝල් කරලා අහනවා කඩෙන් එන්න කලින්.. හි හි

    මම නම් අපේ මහත්තයට මේවා මට මැජික් වගේ කියලා තේරෙන්න තමයි ඉන්නේ.. එයාටත් හරි සතුටුයි ඔය තොරනක් හයිකලාට පස්සේ මට ඕක කෑල්ල කෑල්ල පෙන්නන කොට.. හි හි හැබැයි ඉතිං ළඟට වෙලා ඉඳගෙන මේක මොකද්ද, මේකෙන් මොකද වෙන්නේ කිය කිය අහනවටත් එයා හරි ආසයි... මට තේරෙනවා අඩුයි... ඒත් ඉතිං මාත් හැමදාම අහනවා... හි හි ( ප්‍රැක්ටිකලි කරලා නැතුව ඉලෙක්ට්‍රොනික් කියන්නේ තියරි වලින් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ.. නැත්තම් මම ඉස්කෝලේ යන කාලේ ඉලෙක්ට්‍රොනික් වලට හරි ආසයි...)

    ReplyDelete
    Replies
    1. තව කතාවක් මතක් උනා..

      අපේ මාමා හැදුවා ඔය වගේ සර්කිට් 100ක්ද හදන්න පුළුවන් සෙල්ලම් බඩුවක්... ඒ කියන්නේ වයර් කෑලි ලේසියෙන් අමුණලා අවුරුදු පහේ පුංචි ළමයන්ට උනත් ඉලෙක්ට්‍රොනික් සර්කිට් හදන්න පුළුවන් එකක්.. අවුරුදු 18කට විතර කලින්.. ඒකේ පැකේජින් ඉඳන් හොඳටම හැදුවා.. ( මට මතක ඩොක්ට රේ එක්ක ඕක ටෙස්ට් කරන්න වීඩියෝ එක කරද්දි ගත්තේ අපේ මල්ලිවයි නංගිලා කට්ටියයි නිසා) ඇත්තටම ගෑණු ළමයෙක්ට උනත් ඒක හරි ලේසියි... ඒත් ඉතිං අපේ ලංකාව ගැන දන්නවනේ.. ඒකට කිසිම තැනක් ලැබුන් නෑ... අන්තිමට හදපු ඔක්කොම ඉස්කෝලවලට දීලා වැඩේ නැවැත්තුවා.. දැං ඕනේ තරම් තියෙනවා චයිනීස් ඒවා... හෙන ගනන් වලට... ඕවා මතක් වෙනකොට තමයි ලංකාව ගැන හොඳ හොඳ ඒවා හිතට එන්නේ අම්මපා...

      Delete
    2. මුල් කමෙන්ට් එකට..,
      හිරු ලගෙ ....ජීවිතේ මරු ජොලිනේද...:))))මැවිල පෙනුන..හිකිස්..!

      Delete
    3. හිරු.. සියල්ලටම කලින් සියළුදේ දකිමින්....කොමෙන්ට් වලට උත්තර දෙන්න ආවම මට මේක මතක් උනා. හි හි..


      (දවසක මගේ පෝස්ට් වලට පලවෙනි කොමෙන්‍ටුව දාලා මෙයා වාර්තාවකුත් තියනවා)

      Delete
  2. අර රජ කාලේ ෆ්ලොටින්ග් ස්විච් එකක් වෙනුවට, මට ගෙදර වතුර මෝටරේ විනාඩි 7 කින් ඔෆ් වෙන පරිපථයක් කියලා දෙන්න බැරිද සරා. මෝටරේට දාලා තියෙන්න සාමාන්‍ය 4 pole ස්විච් එකක්.


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට මම ඊයකුත් දැම්මා. අනෙක් අයගේ දැනගැනීම සඳහා එය මෙතනත් පලකරන්නම්.

      ඔබතුමා ටිකක් විමසිලිමත් උනා නම් ඔය පරිපථයම ඔබගේ උවමනාව සඳහා යොදාගත හැකි ආකාරය ඔබට පේන්න ගනීවි.ඇත්තටම මෙහෙමයි ඒක වෙන්නේ. ඔය IN කියලා තියෙන තැනට 10uf කන්ඩෙන්සරයක් යොදලා බලන්න. ඕක ටයිමර් එකක් වෙන අපූරුව.සුදුසු රෙසිස්ටර් එකක් භාවිතා කරලා අදාල කාල පරාසය ගනනය කර ගන්න. මට හිතෙනවා ජලය ඉවර වෙනකොට ඉබේ ඔන් වෙන විදිහට ඒක සකස් කගන්න එක ඔබ මේ වන විට අවබෝධ කරගෙන ඇති කියලා. හැකි හැම විටම හොඳම අමතර කොටස් භාවිතාව අපේ උපකරනවල දිගුකල් පැවැත්මට හේතු වෙනවා. ඔබට කාලය දිගු කිරීමට ඇවැසි වූ විට කල යුත්තේ වැඩි අගයකින් යුත් කන්ඩෙන්සර් එකක් භාවිතා කිරීම පමණයි.ස්ටාර්ට් බට්න් එක ධන+ සැපයුමේ සිට කන්ඩෙන්සරයට යොදන්න.

      Delete
  3. සරා.. මේක තමා වැඩේ.. දැං කාලේ ඉන්න බාගෙට බාගයක් තාක්ෂණික දැනුම තියෙන අය වැඩ කරන්නේ නිකං අත පත ගගා.. අනික උන් ඉගෙන ගත්ත දෙයකුත් නෑ.. දැං ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම පුහුණු ශ්‍රමිකයන් හිගයක් තියෙන්නේ ඒකයි. වැඩකරුවන් නෑ. ඉන්න එකාට හොද මාර්කටින්.. අනිත් එක හුගක් පොරවල් ඔය සුළු විදුලි උපකරණ වල පවා තියෙන උපාංග දන්නේ නෑ. ඒකෙන් කාරිය දන්නේ නෑ.. නව තාක්ෂනයත් එක්ක මුහු වෙලා අප්ඩේට් වෙලා නෑ.. එක උදාහරණයක් කියන්නං.. ඔය රයිස් කුකර් වල තියෙන තර්මෝස්ටැට් එක කොයි තරං දියුණු වෙලා මොන තරං නිෂ්පාදන තියෙනවද කියල හොයල බලන කවුරුත් නෑ.. ඇත්තට බැලුවොත් ඒ ගැන තඩි පොතක් උනත් ලියන්න පුළුවන්. අනිත් එක තමා නිර්මාණ ශීලි හැකියාව අන්තිමයි.. ඒ අතිං මචෝ උඹ සිරා සරාම තමා.. මමත් කැමති එහෙමයි බං. අළුත් විදියට හිතලයි වැඩ කරන්න ඕන..ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත යාළුවා. හේතුව කාලය කිවුවට ඒක ඇත්තම නෙමෙයි. ගොඩදෙනෙකුට තියෙන්නේ උනන්දුවක් නැතිකම. හුඟක් ඔළුගෙඩි ජෙල් ගාලා හැඩ කෙරුවට ඒවයෙන් වැඩ ගන්න අයිතිකාරයන්ට ඕනකමක් නෑ.

      Delete
  4. 'ඒත් ඇන්ටනාවකට වයර් එකක් අමුනන විදිහවත් පොර මගෙන් අහලා ඉගෙනගෙන නෑ. එකම හේතුව උනන්දුවක් නැති කම.'
    ඒ කතාවනං ඇත්ත තමයි සරා. සමහර එවුවංට වතුර බට කෑලි දෙකක් එකට මූට්ටු කරගන්නවත් තේරෙන්නෙ නෑ.
    අපේ ප්‍රින්ටං මැෂින් එක කොම්පැනියෙන් හදන්න එන එවුං දන්නෙ එක කොටසක් හදන්න විතරයි. එක එක කොටස් හදන්න වෙන වෙන එවුවො එවන්නෙ. උන්ට කියල දීල ඇත්තෙ ඒ ටික විතරක් වෙන්න ඇති. ඒත් ඒ එන එක එකාගෙං අහගෙන දැං මට ඒක සම්පූර්ණයෙන් ගලවල හයි කරන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ගොඩාක් තැන්වල ඔය තත්වය මමත් දැකලා තියෙනවා යාලුවා. ජය...!!

      Delete
  5. මමත් සවුදි අරාබියෙ ,දමාම්,රස්ටනූරා, ඇරැම්කෝ, ඔයිල් පෝර්ට් එකේ වැඩකලා මමත් කලේ ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් වලට අදාල දේවල් තමයි. එතන වැඩ මූලිකයෙක් වෙලා හිටියෙ ලන්කාවෙ එකෙක් ඌට කරගන්න බැරි වැඩ වලට යවන්නෙ මාව වැඩේ කෙරුවහම ඒකෙ ක්‍රෙඩිට් එක ගන්නෙ ඌ. හරියට ඌ කලා වගේ. අපේ ලන්කාවෙ සමහර එවුන් සවුදි කාරයන්ටත් අන්තයි. හදන්න බැහැ කියල කියපු උපකරන කීපයක්ම හදල දුන්න ඒත් ඒවට කිසිම ඇගයීමක් නැහැ. ලන්කාවෙත් ඒවගේ තමයි වැඩ කරන එකාව කපල වෙන එකෙක් තමයි ක්‍රෙඩිට් එක ගන්නෙ. මම ලන්කාවෙ ආයතන කීපයකම වැඩ කලානෙ.

    ReplyDelete
    Replies
    1. සං‍තෝංසයි අඳුනගන්න ලැබුනට. ගොඩාක්තැන්වල ඔහොම තමයි.ජයවේවා..!

      Delete
  6. ඉලෙක්ට්‍රොනික් ගැන මේ වගේ හරි ලිපියක් දැක්කම පුදුම ආසාවක් ඇතිවෙන්නේ. මගෙත් හොදම විනෝදාංශය ඉලෙක්ට්‍රොනික්. ඒත් ලංකාවේ හුග දෙනෙක්ට මේ වගේ දෙයක් ඉගෙන ගන්න එක ගීක් ඉගෙනගන්න එකටත් වඩා අමාරුයි.

    දන්න විදියට ඉලෙක්ට්‍රොනික් ගැන කියලා දෙන්න බ්ලොග් එකක් සහ ෆෝරමයක් පටන් ගත්ත. ඉල්‍රක්ට්‍රොනික් ගැන ආසාවක් තියෙන අය ඉන්නව නම් එන්න ඒ පැත්තටත්. විශේෂයෙන් මේ බ්ලොග් එක ලියන සරත් චන්ද්‍රසිරි මහත්තයාටත් ආරාධනා කරනවා.

    Electronic Blog

    Electronic Forum

    ReplyDelete
    Replies
    1. හොඳ උත්සාහයක්. මමනම් ඒ අහ ගෙහුං ආවේ. දිගටම ලියමු. අපි එනවා.

      Delete
  7. මේ වගේ දේවල් වලින් හුඟක් වැඩ ගන්න පුළුවන් අපේ අය පාවිච්චි නොකලට. ඉතින් පුංචි වගේ පෙනුනට සරා මේ වගේ දේවල ලියන එක වටිනවා.

    සරා මට පුළුවන් නම් හොයල දෙන්නකෝ 3G සිග්නල් වැඩි කරන්න පුළුවන් සර්කිට් එකක්.

    ReplyDelete
    Replies
    1. 3G සිග්නල් වැඩි කරගන්න සර්කිට් එකකිනුත් පුළුවන්. ඇන්ටෙනාවක් භාවිතා කලා නම් ඩෙසිබල් 4-8ත් ප්‍රමාණයකින් සිග්නල් ප්‍රමාණය වර්ධනය කර ගන්න පුළුවන් වගේම වැඩේත් ලේසියි. අපේ පලාතට දැන්නම් හැම නෙට්වර්ක් එකකින්ම වගේ 3G සිග්නල් හොදටම තියෙනවා. ඒත් එහෙම නොතිබිච්ච කාලේ හැදුව කැන්ටෙනාවක් ගැන විස්තර මෙන්න මේ පෝස්ට් එකේ ඇති,

      3G Signal Boosting Cantenna

      Delete
    2. මම හිතනවා චන්දනගේ ගැටළුවට ප්‍රමානවත් උත්තරයක් ලැබිලා තියෙනවා කියලා. ඇත්තටම මට තවම ඔය ගැටළුව ඇවිත් නැති නිසා මාසතුව එවන් පරිපථ නෑ. ලැබුනොත් දෙන්නම්. තව ටික කාලෙකින් මමත් ලංකාවට එන නිසා අපි කන්ඩායමක් වෙමු. එතකොට එක එක්කෙනාගේ ගැටළු පහසුවෙන් විසඳ ගන්න ඉඩහසර පෑදේවි.

      Delete
    3. @ ei

      කලින් කියන්න බැරි උනා. ඔයා අමුත්තෙක් මේ පැත්තට.ඉතින් සාදරයෙන් පිලිගන්නවා යාළුවා.

      Delete
    4. @eI
      කැන්ටෙනා කීපයක් ම හැදුව මං. ඔය වගේ db ප්‍රමාණයක් නම් වැඩි වුනා. නමුත් වැසි දින වලට එහෙම ප්‍රමාණයවත් මදි. ඔහ්...ලින්ක් එකේ ගිහින් බලපුවම මං විස්තර අරන් තියන්නෙත් එතනින් ම තමයි.

      ඔබේ අඩවිය මගින් කරන දැනුම බෙදා දීමේ කාර්යය ට බොහොම ස්තුතියි!

      Delete
    5. @සරා
      එහෙම ඒවා තියනවා සරා. ගලවල බලන්න සෙට් වෙලා නෑ, ට්‍රාන්සීවර් කියල කියන්නේ. ට්‍රාන්ස්මීටර්+ රිසීවර් වගේ අදහසක් එනවා ඇත්තේ.
      හරි..! ලැබුනොත් කියන්න.

      Delete
    6. චන්දන wcdma රේන්ජ් එකට අපිට සාමාන්‍ය
      මාකෙට් එකේ තියෙන බඩු වලින් booster එකක්
      හදාගන්න බැහැ.ඕකට ඕන වෙනවා ඩේට හෙඩර් තේරුම්
      ගන්න පුළුවන් කොටසක්.එහෙම කරත් transmitter එක
      හදද්දී හැදෙන interfere සිග්නල් අයින් කරන්න ඔයාට
      තව තව දේවල් ඕන වෙනවා..ඒ නිසා ගෙදරදී කරන්න බැහැ.
      එකම විසදුම ඩොන්ගල් එක ගලවල ඒකෙ ඒරියල් එකට
      අඩි 3 විතර වයර් කෑල්ලක් අමුණන එක.එහෙම නැත්නම්
      මන් දෙන රේශියෝ එක එන්න ඇලුමිනියම් ශීට් වලින් පොඩි
      reflector එකක් හදාගන්න එක..

      Delete
    7. @silentsahan
      මං මුලදීම වයර් එකක් සෙට් කළා යාළුවා. ඊට පස්සේ තමයි වැඩේ ටිකක් හරි සාර්ථක උනේ.
      බොහොම ස්තුතියි ඔබට..!

      Delete
  8. Onna adath godak watina post ekak dala. Hamotama nathath meken wadak ganna tika denek hari idine. Monawa danagaththath mahaththayo sudussata sudusu thana labenne na. Mokuthma nodanna aya bosla wenawa wada danna aya sewakayo wenawa. Eka kothanath ekai.

    ReplyDelete
    Replies
    1. ඔය කිවුවට මෙයා මගේ යකඩ කෑලි එක්ක ටිකක් තරහයි. ඒවා එක්ක වැඩ කරනකොට එයාව මතක නැති වෙනවා කියලා.

      Delete
  9. බොහොම වටිනා නිමැවුමක් ඒ වගේම පෝස්ටුවකින් මහන්සි වෙලා එලි කරලා තියන හැටි නම් අනර්ඝයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා. ඒ පැත්තේ ගෙහුං ආවේ මම.

      Delete
  10. ගොඩක් වටිනා ගොඩක් මහන්සියෙන් දාපු පොස්ට් එකක් යාළුවා...
    ඔයා අර කියපු දේ වැදගත් ඔයාගේ බොස් වයර් එකක් අමුණන හැටි
    වත් අහනොගන්න එක..ඕක තමා ලංකාවෙත් බහුතරයකට තියෙන්නේ..
    නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ වෙන කෙනෙක් කියන දේ පිළිගන්න...
    ඒ උනාට දෙලෝ රත් උනාම එනවා හොයාගෙන.අනේ මන්ද හැමෝම
    එකිනෙකාට උදව් පදව් කරන් ඉන්නවා නම් හරි...ඒත් යාළුවා ගොඩක්
    වෙන්නේ දක්ෂයා condemn කරලා එළවලා දාල ඒ මනුස්සයාගේ මොරාල්
    එකත් නැති කරලා නිකන් ඉන්න එක..ඔයා නම් ලෝකේ දිනාගෙන තියෙනවා..ඔහොම දෙයක් හදල ඒක වැඩ කරද්දී දැනෙන හැගීම වෙන දෙකින් ගන්නත් බැහැ...ඒ වගේම ඔහොම නිර්ලෝභීව තමන්ගේ දැනුම බෙදා ගන්න මිනිස්සුත් නැහැ ඔයාල වගේ ..
    .ගොඩක් ස්තූතියි මෙහෙම පොස්ට් දිගටම දාන්න...

    ReplyDelete
    Replies
    1. //ඔයා නම් ලෝකේ දිනාගෙන තියෙනවා..// තාම නෑ යාලුවා මමතවම උත්සාහ කරනවා. ස්තූතියි ඔබට ජයවේවා..!!!

      Delete
  11. මටත් ඕය පැත්තෙ දැනුම නම් අන්තිමයි බං...!

    ReplyDelete
    Replies
    1. ටිකක් ඉගෙන ගත්තට නම් වරදක් වෙන එකක් නෑ.වෘතියටත් හොඳයිනේ.

      Delete
  12. සෑහෙන්න වටින පෝස්ටුවක් අයියේ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලයා. ජයවේවා..!!

      Delete
  13. මට නම් සෑහෙන්න දෙයක් තේරුනාද කොහද....හික්...... :D

    ReplyDelete
    Replies
    1. නගා ඉතින් මොලකාරිනේ නොතේරි තියේවියෑ.P

      Delete
  14. ඔයා සෑහෙන්න වැඩර් කෙනෙක් කියලා දැනගත්තා.දැනුම කියන්නේ බොහොම වටිනා දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් උඹ බොරු කියනවා. ජය වේවා.

      Delete
  15. උඹ යනු හබා යා යුතු ආදර්ශමත් චරිතයක්..

    ReplyDelete
    Replies
    1. අනේ නෑ සෙන්නා.මම එහෙම එකෙක් නෙමේ. බොරුනම් අපේ ග්‍රාමසේවකගෙන් අහලා බලපන්:D

      Delete
  16. ඉලෙක්ට්‍රොනික් බඩු කියන්නෙ අද කාලෙ අමුතු දෙයක් නොවුනට සමහරු ඕවා වැඩකරන සිද්දන්තය තේරුන් ගන්නෙ නෑ..........
    ඒවගේම තමා ඔය වගේ අලුත් දෙයක් කලාම අගය නොකිරීම වගෙම ඕනෙවට වඩා වර්නනා කිරීමත් මම හිතන්නෙ හොඳ නෑ.......
    අගය නොකිරීමෙන් තමුන්ගෙ හිත රිදෙනව වගේම ඕනෙවට වඩා වර්නනා කිරීමෙන් පස්සෙ මෙයා තරම් වැඩකාරයෙක් නෑ කියල හිතල හදන්න බැරි හරි හදල වැඩක් නැති හරි දෙයක් ගෙනාවහම බැහැයි කිවුවොත් එදා වර්නනාව ස්තුතිය මතක නෑ.....
    මට හුඟක් අත්දැකීම් තියෙනවා මේව ගැන..... දැන්නම් මම කිසිම අලුත් දෙයක්කරන්නෙ නෑ ගම් පලාතෙ අයට...........

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් හ්ම්.. ඒකතාවත් ඇත්ත තමයි.

      Delete
  17. අනේ මටත් ආසයි අප්පා ඕවා හදන්න..වැඩක් නෑනේ මම හදන ඒවා වැඩ කරන්නේ නෑනේ අප්පා

    ReplyDelete
    Replies
    1. ඩ නොකරනවා කියන්නේ හරියට හදලා නෑ කියන එක නේද. පරිපථයක් එකලස් කරනකොට ඒක බොහොම පැහැදිලිව තියෙන්න ඕන. ප්‍රින්ටඩ් බොඩ් කිට් ක්‍රමය අනුගමනය කරනවානම් වඩා හොඳයි. දෝශ පරීක්ෂාව පහසු වෙන්නේ එතකොට. මම ඒ කාලේ MW රේඩියෝත් හදලා තියෙනවා පෝමිකාෂීට් වල. IFසෙට් එකක් ට්‍රාන්ස්ෆෝමර් සහිත ඈම්ප් එකක් එක්ක. පරිපථය කලින් අධ්‍යයනය කරලා පසුව නිර්නාණය කිරීමයි වඩ හොඳ. උදවුවට චන්දන ගොයියත් ඉන්නේ.

      Delete
  18. මට මේක මැජික් වගේ.එත් මේවා ගැන දන්නා කෙනෙකුට උඹව වැඩ කරුවෙක්.

    කවද හරි වැදගත් වෙයි මේවා..

    ස්තුතියි මේවා කියල දෙනවට..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා උඹටත්..!

      Delete
  19. //ඒත් ඇන්ටනාවකට වයර් එකක් අමුනන විදිහවත් පොර මගෙන් අහලා ඉගෙනගෙන නෑ//

    මිනිස්සුත් එක්ක වැඩ කරන්න ගියහම පිස්සු හැදෙනවා. මොකවත් නොදන්න උන්ට වැඩ කරලා දෙනවට වඩා . ටිකක් හරි දන්න මිනිස්සුන්ට වැඩ කරලාදෙන එක හරිම ලේසියි, අනික නියම වටිනා කමත් ලැබෙනවා

    අම්මෝ සමහරක් වෙලාවට සෙට් වෙන කස්ටමර්ලා එක්ක මළත් පනිනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇත්ත යාලුවා. ඔයාලත් මේ ක්ෂේත්‍රයේ සිටිනා අය නිසා අ‍ටුවා ටීකා නැතිවට මේ සත්‍ය තේරුම් ගැනීමට හැකියාව තියෙනවා. ස්තුතියි.

      Delete
  20. අලුත් අලුත් දෑ නොසිතන ජාතිය ලොව නොනගී

    ReplyDelete
  21. best...............Indika

    ReplyDelete
  22. සරාවගේ තව කීපදෙනෙක් ලංකාවෙ හිටියොත් මට රස්සාව දාලා ගෙදර යන්න තමයි වෙන්නෙ..
    මේ වගේ සිස්ටම් හදලා විකුණන කට්ටිය ජීවත් වෙන්නෙ කොහොමද මේ වගේ සර්කිට් අමු අමුවේ ප්‍රසිද්ධ කරලාම...!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ රූ නෝනා මම විදෙස් රටක සේවය කරන්නේ.හෙහ් හෙහ්.. රූ නෝනා කරන්නෙත් ඉලෙස්ටොනික් ද..? වාව් නියමයි.. මේ වගේ කුඩා හා සරල පරිපථ මෙහෙම කියලා දුන්නට සිස්ටම් කොන්ට්‍රෝල් වගේ සංකීර්ණ ඒවා මෙහෙම කියලා දෙන්න බෑනේ නෝනේ. නැතිනම් සරා නම් කියලා දෙනවා. මොකද ඒවා ප්‍රායෝගිකව අත්හදා බලන්න පුළුවන් ඉතාම ටික දෙනෙකුට විතරයි.

      Delete
  23. මට නම් තියන ප්‍රශ්නය මොනවා හරි ඉගන ගන්න "අ" යන්නේ ඉඳන් දන්නා එකෙක් නැති එක. මොකද මම හැමවෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ තියරි දැනුම පළමුව. Electronic ඉගන ගන්න තැන් කීපයකටම ගියත් ගොඩක් දෙනෙකුට වැඩ පුළුවන් උනාට උගන්වන්න තේරෙන්නේ නැ. සමහරු ළඟ තියෙන්නේ ලෙඩ ලැයිස්තුවක් සහ ප්‍රතිකර්ම ලැයිස්තුවක්. දන්නා තරමක් දැනගත්තේ පොත් පත් වලින් වෙබ් වලින් තමා. දැන් නම් ඉතින් කාලය බොහොම සීමිතයි.

    ReplyDelete
    Replies
    1. එහෙම අයත් ඉන්නවා. ඒත් ඉතින් එයාලට ට්‍රාන්සිස්ටර් දෙකතුනක් අමුනලා සර්කිට් එකක් වත් හදන්න බෑ තනියම හිතලා.ප්‍රින්ටඩ් බෝඩ් එකකට කෑලි හයිකරන එකටම නෙමේනේ ඉලෙක්ට්‍රොනික් කියන්නේ. අනික ලෙඩ සහ ප්‍රතිකාර ලැයිස්තු තියාගෙන ඒවා කරන අයට හිතලා වැඩ කරනවා තියා නොදන්න ලෙඩක් ආව දාටත් ඇන ගන්නවා. එයාලා වැඩ කරන්න අත් දැකීම් වලින් විතරයි.

      Delete
  24. ම‍‍ගේ 3g සිග්නල් වැඩි කරගන්න විදියක් කියන්න පුලුවනද?ලොකු උදව්වක් භානුක

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....