Friday, November 2, 2012

අපි නොදන්න ඉලෙස්ටොනික්ස්

                     


             මේ ලිපිය නම් ටිකක් මගේ වෘතියට සම්බන්ධ එකක්. අද කාලේ අපි TV එකක් විදුලි උපකරණයක් මිලදී ගත්තම ඒකට අවුරුද්දක වගකීමකුත් ලැබෙනවානේ. හැබැයි ඔය ගොල්ලෝ දන්නවද ඔය වගකීම් කාලය ඉවරවෙනවත් එක්කම අපේ උපකරණත් ලෙඩවෙන්න ගන්නවා කියලා. සමහර ඒවා නම් එහෙම නෑ, ඒත් සීයට අනූවකටත් වැඩිය ප්‍රමාණයක් එහෙම තමයි. ඔයාලා කොච්චර හොඳට පාවිච්චි කරන උපකරණයක් උනත් එහෙමයි. එතකොට අරන් දුවනවා කාර්මික මහත්වරු ලඟට. නැත්නම් කොම්පැනි දානවා.කොම්පැනි දැම්මම නම් පට්ට කට්ටක් කන්නෝන නිසා හුඟක් අය තමන්ට ලඟම තියන රේඩියෝ සාප්පුවට තමයි අරන් යන්නේ.

              හොඳයි හොඳයි අපි මෙහෙම ගෙනියන TV ගැන විතරක් කතාකරමු මුලින්ම. කස්ටමර්ලා දැක්කම ඒ මහත්වරුත් පට්ට "බිසී". කොහොම හරි ඔය අස්සෙන් ආයතන ප්‍රධානියා හෝ කාර්මික මහතෙක් ඇවිත් අර කස්ටමර් එක්ක කතාකරනවා. මොකෝ ලෙඩේ ..? බලන්නකෝ මේ TV එක අද උදෙත් වැඩ කලා. හිටි ගමන් එක පාරටම නැවතුනානේ...! (ගෙදර මාසයක් වැඩ නොකර තිබුන TV එකත් ෂොප් එකට ගෙනාවම කියන්නේ එවලේ කැඩුනයි කියලා.) එහෙම වෙලාවට කාර්මික මහතාත් නළල එහෙම ‍රැලි කරලා කියනවා පේන විදිහට නම් ප්ලයි බෑක් එක ගිහින් වගේ. හොඳයි තියලා යන්න අපි බලලා තියන්නම්. බිල ලියලා අතට දෙන ගමන් අහවල් දවසට එන්නකෝ කියනවා. අපරාදේ කියන්න බෑ එදාට වැඩේ නම් කෙරිලා තියනවා හැබැයි ලොකු බිලකුත් එක්ක. හේතු විදිහට එයාලා කියන්නේ ප්ලයි බෑක් එක පිච්චිලා. ජංගල් එක එහෙම නැත්නම් සිස්ටම් එක දාන්න උනා. ටියුනර් එක ගිහින්. ඔන්න ඔය වගේ ලොකු ලෙඩ තමයි. හැබෑටම හැම විටම මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද..?

               ගොඩාක් වෙලාවට මෙහෙම ලෙඩ එන්න නම් අධි දහරාවක් යන්ත්‍රය තුලට කාන්දු වීමක් එහෙම නැත්නම් අකුනකට යන්ත්‍රය නිරාවරණය වීමක් වගේ දෙයක් සිද්ද වෙන්නම ඕන. එහෙම නැති උනොත් කලාතුරකින් තමයි මෙහෙම දෙයක් වෙන්න ඉඩ තියෙන්නේ. ඒ ඇරුනම මෙහෙම ලෙඩ එන්න හේතු විදිහට මම දන්නේ කස්ටමර් කාර්මික මහතාව ‍රැවටීමට උත්සාහ කිරීමත් කාර්මික මහතා කස්ටමර්ව ‍රැවටීමට උත්සාහ කිරීමෙනුත් පමණයි. කස්ටමර් කොහොම කිවුවත් කාර්මික මහතා රූපවාහිනී යන්ත්‍රය විවෘත කල ගමන්ම දන්නවා මේ මේ වෙනකම් වැඩ කරලා තියෙනවද කාලයක් වැඩ කරලා නැද්ද කියලා. ඉතින් කස්ටමර් බොරුවක් කිවුවා කියල දැනගත්තම සර්විස් චාර්ජ් දෙතුන් ගුනයකින් ඉහල යන එක වලක්වන්න සක්කරයගේ පුතාටවත් බෑ. ඒ එක පැත්තක්.

               හුඟාක් වෙලාවට රූපවාහිනී යන්ත්‍ර කාලයක් එකදිගට වැඩ කරනකොට ඇතුලත ඇති උපකරණවල පාද ලුහුවත් වීම් සිදු වෙනවා.මේවට අපි ඩ්‍රයිසෝල්ඩ් කියලා කියනවානේ. වැඩි වශයෙන්ම පවර් සයිඩ් එකට මේ තත්වය ඇතිවෙන ඉඩකඩ වැඩී. මොකද නිතරම රත්වෙන්නේ මේ කොටස්නේ. දිගු කාලයක් රත් වෙමින් සිසිල් වෙමින් තිබිලා මේවා ප්‍රධාන පරිපතයත් එක්ක (මදර්බොර්ඩ් එකත්) එක්ක තියන සම්බන්ධතාවයන් නැතිව යනවා. එහෙම උනාම එක එක විදිහේ රෝග ලක්ෂණ අපිට දකින්න පුළුවන්.සමහර ඒවා වර්ණවල අඩුපාඩු, තවත් සමහරක තනි වර්ණ, රූප නැතිව හඬ විතරක් තියෙන ඒවා, දිගට හෝ හරහට තනි ඉරක් පමණක් හෝ මොනවත්ම නැති ඒවත් ඒ අතර වෙනවා. ඉතින් ඔහොම යන්ත්‍ර අරන් එන පාරිභෝගික මහත්වරු ඇතැම් අවස්ථාවලදී කාර්මික මහතුන්ටත් ලෙඩේ කියලා දීලයි යන්නේ. TV එක දැම්මම ඉරක් විතරයි පේන්නේ. මට හිතෙන්නේ පික්චර් ටියුබ් එක ගිහිල්ලාවගේ. මේකේ කොල පාට විතරනේ පේන්නේ, කලර් IC එක ගිහින් නේද...? ඔන්න ඔය විදිහට කතාවකුත් කියලා තමයි තමන් ගේ උපකරණය අදාල තැනට බාර දෙන්නේ.

                 ගොඩාක් කට්ටිය මෙහෙම කියන්නේ තම දැනුම පෙන්නන්න. ඒත් ඒකෙන් වෙන්නේ අර කාර්මික මහතාට මහාලොකු ගානක් අය කර ගන්න පාරක් විවෘත වෙන එක.සීයට පණහකට විතර ආසන්න සංඛ්‍යාවක් මෙහෙම නොකරත් සීයට පණහකටත් වැඩි පිරිසක් මෙහෙම අවස්ථාවල් මග නොහැර උපරිම ඵල නෙලා ගන්නවා. මොකද මම කියපු ලෙඩ වලට හේතු ඔය පස්සේ පාරිභෝගිකයෝ කියනවයි කියපුවා නොවන බව කාර්මික ක්ෂේත්‍රයේ සාමාන්‍ය දැනීමක් තියෙන අයත් දන්නවා ඇති.

                තව සමහරක් අය රූපවාහිනියේ ඔහොම ලෙඩක් ආව වෙලාවට ගිහින් තට්‍ටුවක් දානවා. හුරේ......! වැඩේ හරි. මේං TV එක අපූරුවට වැඩ කරනවා. ඉතින් ආයෙත් සැටියට පැනලා කට ඇරන් රූප පෙට්ටිය දිහා බලන් ඉන්නවා. දැන් මතක නෑ මේක ලෙඩ දීපු වග. ආයේ TV එක දාපු වෙලාවක ඒ ලෙඩේම ආවම තමයි මතක් වෙන්නේ. ප්‍රශ්ණයක් නෑ ආයිබොවන් දෙන්න ඕන බෙහෙත දන්නවනේ ලඟ ඉන්න උන්ටත් ඕන් බලාගනිල්ලා දීලා අදිනවා ඩෝන් ගාලා. වැඩ...හිකිස්..! හැබැයි ටික දවසක් යනකොට ඕකට කුළුගෙඩියෙන් ගැහුවත් වැඩ නොකර යනවා. ආන් එතකොටයි වෙදෙක් ගාවට ගෙනියන්නේ. හැබැයි ඉතින් ඒවෙනකොට නියපොත්තෙන් කපන්න තිබුන එක පොරවෙන් කපන තැනටම වැඩ සිද්දවෙලා.

              ඔය තට්‍ටු දැම්මම වැඩ කරන්නේ මම අර කලින් කිවුව ඩ්‍රයිසෝල්ඩ් ආවම නොවැ. ඒ කියන්නේ ඕක ඇතුලේ තියෙන ට්‍රාන්සිටර්, රෙසිස්ටර්, අයි සී. ඔය මොන මොනවගේ හරි පින් බුරුල් වෙලා. හැබැයි පිච්චිලා නෙවෙයි . ඉතින් අපි රෝග ලක්ෂණ පහල වුන හැටියෙම  සුදුසු කම් තියෙන වෛද්‍යවරයෙක් ලඟට ගියොත් බොහොම ලේසියෙන් පහසු මිලකට වැඩේ ගොඩ දාගන්න පුළුවන්. වෙදාටත් අපිව කඩේ යවන්න බෑ. හැබැයි ගොඩ වෙදකම් කරලා කරලා බැරිම තැන ගියොත් නම් පු‍තෝ සොරිම තමයි. ඊලඟ කාරනාව තමයි TV එක අලුත් වැඩියාවට බාර දෙනවානම් අදාල පුද්ගලයා තමන්ගේ හිත්වතෙකුත් නොවෙනවානම් පුළුවන් තරම් කෙටියෙන් තමන්ගේ අවශ්‍යතාවය විතරක් කියලා යන්න.

               මොකද සමස්ථයක් වශයෙන් කාර්මික මහත්වරු කැමති නෑ කවුරුවත් තමන්ට උගන්වන්න එනවට.(ඒක උන්ගේ හැටියක්. හිකිස්..!) අනේ මේක හොඳට වැඩ කරා. මගේ හිතේ ඇතුලේ පොඩි වයර` එකක් ගැලවිලා තියෙන්නේ හදලා දෙන්නකෝ. හැබැයි මට ඉක්මණට ඕන. ඔහොම කියන අය ඉන්නවා. එහෙම වෙලාවට මගේ පිළිතුරනම්. මේ මහත්තයා.. ඔය TV එක ඔයාගෙනේ, දැන් ඔයා ලෙඩෙත් දන්නවනේ..! ඉතින් අහවල්................. මට කරදර කරනේ මේතියෙන්නේ ආයුද. හදාගෙන යනවකෝ...!

            ඒ වගේම හැමෝම නොවුනත් සමහර කාර්මික මහත්වරු ඉන්නවා පියුස් එක මාරු කරලත් ප්ලයි බෑක් එක ගිහින් කියලා මුදල් අය කරන අය. (මතක තියා ගන්න හැමෝම නෙමේ) ඩ්‍රයි ටික පාස්සලා අරක දැම්මා මේක දැම්මා කියලා සල්ලි ගන්න අය. අනේ ඒ අය ටිකක් හිතනවා නම් හොඳයි අපි වගේම මිනිස්සු තමයි කැඩුනු එක ආයි හදන්න එන්නේ සල්ලි තියෙන මිනිහා ඒක වීසි කරලා අළුත් එකක් ගන්නවා. ඒ නිසා ටිකක් සාධාරන වෙන්න පුළුවන්නම් වටිනවා කියලා. පම්පොරියකට කියනවා කියලා හිතන්නේ නැත්නම් මම කියන්නම්, සාධාරනව වැඩ කරන නිසා තමයි මට අද සෞදියේ ඉන්න වෙලා තියෙන්නේ ගෙදර අයගෙන් වෙන්වෙලා. ඒනිසා ඒතරම්ම සාධරන නූනට කමක් නෑ. ලාවට විතර පාරිභෝගිකයන් ගැනත් හිතන්න.

ගසා කෑම් ගැන විස්තර ඇතුව මම ඊලඟ ලිපියෙන් කියන්නම් හොඳේ.


පුළුවන් තරම් අපේ වචන නොදා සරලව ලියන්න උත්සාහ කලේ හැමෝටම තේරුම් ගන්න පහසුවට. ඉතින් මේවයේ කාර්මික අංශය වැදගත්ය කියලා හිතෙන කෙනෙක් ඉන්නවානම් අවශ්‍යතාවය කිවුවොත් උදවු කරන්න බැරි වෙන එකක් නෑ.

45 comments:

  1. නියමයි සරා අයියේ.. වෙනදා වගේම අදත් වටින පෝස්ටුවක්... ඇත්තටම අද කවුද පාරිභෝකියා ගැන හිතන්නේ..??..

    දවසක් අපේ T.V එකත් කැඩිලා හදන්න දීලා මාසෙකට විතර පස්සේ ආයේ දුන්නේ.. එකේත් උනේ අර කිව්වා වගේ කල(ර්)IC එක ගිහින්ලු.. අම්මෝ.. මට නම් පිස්සු වගේ ඒටිකෙ T.V එක නැතිව.. හි :) හි :)

    හුරේ අද මම එක.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ පළවෙනි ප්‍රශ්නෙට නම් මට උත්තර දෙන්න වෙන්නේ පෝස්‍ටුවකින්.අවුලක් නෑ මම ඔයගේ නම සඳහන් කරලම පෝස්‍ටුව ලියන්නම්කෝ.

      ඔයාලගේ TV එක ගිරිගෝරිස් රජ්ජුරුවන්ගේ කාලේ එකක්ද..? අද කාලේ TVවල ඔහොම ගැජමැටික් එකක් නෑ ඒකයි ඇහුවේ.

      යේ.... ඕං මමත් අත්පුඩියක් ගැහුවා..

      Delete
  2. බොහොම වටිනා පොස්ට් එකක්.කතාව සම්පුර්ණ ඇත්ත.අනික ඉතින් කාර්මික මහත්තය මොනවා කිවුවත් අපි එක පිළිගන්න එපැයි.අසනීපෙකට බෙහෙත් ගන්න ගියත් ඔය වැඩේ තමයි වෙන්නේ.අපේ සමහර කට්ටිය ඉන්නවනේ ප්ලග් එකේ වයර් එකක් ගැලවුනත් හදන්න අරගෙන යන.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම කිවුවේ සුදුසු කම් තියෙන කෙනෙක් ගාවට ගෙනියන්න කියලා ලෙඩාව. පිලිගන්නවා සාදරයෙන් මේ පැත්තට.

      ආයුබෝවන්

      Delete
  3. සරා, ඔබ මා කැමති ක්ෂේත්‍රයක ඉන්නේ කියලා දැනගැනීම සතුටක්. මමත් 1970 දශකයේ සිය 1990 දශකය දක්වා විනෝදාංශයක් හැටියට ගුවන්විදුලි/රූපවාහිනී යන්ත්‍ර අලුත්වැඩියාව කළා. අදනම් අතපතගාන්නේ පරිගණක පමණයි. නමුත් ගෙදර තිබෙන රූපවාහිනී/ගුවන්විදුලි/රෙදි සෝදන/මදින/උයන පිහින/ යන්තර සූත්තර අදටත් මම අලුත්වැඩියා කරනවා. මා ළඟ තිබුණු ඩුවල් ට්‍රේස් ඔසිලස්කොප්ය පවා තරුණ කාර්මිකයකුට පරිත්‍යාග කළා.මම මුලින්ම මිලදීගත් වර්ණ රුපවාහිනියේ IF Block ඒක ක්‍රියා විරහිත වුනා. එය මිළදී ගන්න තිබුනේ නැහැ ඒ කාලයේ. අදාළ ලෝකප්‍රසිද්ධ සමාගමේ බොරැල්ලේ පිහිටි අලුත්වැඩියා මධ්‍යස්ථානයේ ෆොර්මන් වරයකුට සිය වාරයක් පමණ ඉල්ලීම් කලපසු රු 3000/- කට ගන්නට පුළුවන් වුනා. දැන් කාලේ මුදලෙන් රු 30000/- විතර වෙයි. මොනවා කරන්නද. ඒ සමාගමෙන් අලුත්වැඩියාව ඇස්තමේන්තු කලේ රු 4750 කට.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මම කලිනුත් දවසක සඳහන් කලා ඔබ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකු බව මට හැ‍ඟෙනවා කියලා. ඇත්තටම මට සතු‍ටුයි ඔබ වගේ කෙනෙක් මගේ බ්ලොග් එකට එන එක ගැනත්. විවිධ ක්ෂේත්‍ර ගැන ඔබේ තියන දැනුම විශිෂ්ඨයි කියලා මට හිතෙනවා. අනික එදා ඉලෙක්ට්‍රොනික්ස් ගැන මට තියෙන්නේ පුදුම ආශාවක්. නවීන තාක්ෂනික උපකරණ කොපමන තිබුනත් මම විනෝදාංශයක් විදිහට කරන්නේ පරන ඒවා එකතු කරන එක. තාක්ෂනික කරුණු විතරක්ම අඩංගු කරලා නොලියන්නේ ඒවා තෙරුම් ගන්න පුළුවන් ටික දෙනාට නිසා.

      Delete
  4. නියම ලිපියක්.
    අපේ ටීවී එකත් දාල පැයකට විතර පස්සෙ රූප එන ලෙඩක් තිබිල ළඟදි හදාගත්තෙ. හැබැයි මිනිහනං කන්ඩෙන්සර් බැහැල කියල කියලම හදල දීල බොහොම සුලු මුදලයි අය කළේ.

    ReplyDelete
    Replies
    1. ඔහොම ලෙඩක් එනවා ඔය රූප නලය (PICTURE TUBE) පි‍ටුපස තියෙන හෝල්ඩරය නරක් උනහමත්. කොහොම උනත් හොඳ මහත්මයෙක්.

      Delete
  5. මමත් මේ ක්ෂේත්‍රය ටිකක් කරන නිසා බොහොම කැමැත්තෙන් කියෙව්වා. සරා කිව්වා වගේ ලෙඩා අපි ලඟට එන්නේ මරණාසන්න උනාට පස්සේ. සමහරු ගලවලා හදන්න උත්සාහ කරපු අවස්ථාත් දකින්න ලැබෙනවා.
    "කල දුටු කළ වල ඉහ ගැනීමේ" ප්‍රතිපත්තියට නම් මගෙත් මනාපයක් නෑ. එහෙම සල්ලි හොයල වැඩක් නෑ.
    //සමස්ථයක් වශයෙන් කාර්මික මහත්වරු කැමති නෑ කවුරුවත් තමන්ට උගන්වන්න එනවට.(ඒක උන්ගේ හැටියක්. හිකිස්..!)// ඇත්ත නේන්නම් :):)

    ReplyDelete
    Replies
    1. සමහරු බලා ඉන්නේ තමන් ලගට එන කෙනාව මරං කන්න නෙව චන්දන. එහෙම කරානම් අපි මේ වෙනකොට ලොකු කොම්පැනිවල අයිතිකාරයෝ...!
      ඔයත් එහෙනම් සරාලගේ බෝට්‍ටුවේම පොරක් ඈ... එල කොල්ලෙක්නේ දාපං පහක්..!

      Delete
    2. ඔන්න දැම්මා..! :)

      Delete
  6. හුඟක් වටින ලිපියක්..ගොඩක්ම සාධාරන වෙලත් බෑ තමයි...ඒකට හේතුව අද මුලු ලෝකයම අසාධාරන පැත්ටම බරවෙලා යන නිසානෙ..සාධාරනව ජීවත්වෙන ටික දෙනා අතරටම වෙලා හිටියම ඒකෙන් අද දවසේ වෙන පාඩුව සසරේ කවදාහරි දවසක පොලියත් එක්කම ලැබෙනව....ඒ නිසා ඔය පිලිවෙත වෙනස් කරන්න හිතන්න එපා

    සරාත් එහෙනම් Desertfrog කෙනෙක්.
    මේ පැත්තෙත් රවුමක් දාල යන්න. හැබැයි මකුනුදැල් බැඳිල ඇත්තෙ...
    http://www.desert-frog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත යාළුවා. සං‍තෝෂය හොඳම ධනය වේ කියලා කතාවක් තියනවනේ. මම හිතන්නේ එහෙමයි. ඔන්න මම ඒ අහ ගෙහුන් ආවේ..

      Delete
  7. බොහොම වැදගත් ලිපියක්. පුළුවන් තරම් විස්තර ඇතුව දාන්න. සාමාන්‍ය සමාජයේ තියන මතය තමයි ඔය කාර්මිකයන් ගසාකනව කියනඑක. නැත්තං හොඳ කෑලි ගලවගෙන පරණ කෑලි දානව කියනඑක. කොහොම උනත් ඉස්සර තිබුන නැෂනල් ටීවි වගේ පරම්පරාවක් පවතින බ්‍රෑන්ඩ් එකක් දැං නැත්තෙ මොකද?

    ReplyDelete
    Replies
    1. ඕක නම් බොහොම පරන මතයක් රාජ් මහත්තයා. අද කාලේ එහෙම දේවල් වෙන්නේ නෑ. හේතුව දැන් තියෙන භාන්ඩවල ඔය වගේ වටින කෑලි නැති එක වෙන්න ඇති. අද කාලේ එන්නේ සේරම චීනෙන් ආනයනය කරන තත්වයෙන් බාල උපකරණනේ. හුඟාක් උපකරණ වලට නමක් ලැබෙන්නෙත් ලංකාවට ආවට පස්සේ.

      Delete
  8. සරළව ඉදිරිපත් කෙරුණ හොඳ ලිපියක්..

    ගසා කෑම යා දෙන්නෑ බන්.. ඒ සල්ලි වලින් කරන කිසිම දෙයකින් වගුතුවක් වෙන්නෑ..

    ReplyDelete
    Replies
    1. දැන් මිනිස්සු ඕවා හිතන්නේ නෑ සෙන්නා.උන්ට ඕන සල්ලි. එහෙම එකාලා බලන් ඉද්දි දියුනු වෙනවා. සාධාරණේට කොරන්න යන අපි එහෙම බැරි වෙන කොට නොර‍ටුන්ට දැනුම විකුනනවා. අනේ මන්දා බන්. මම උඹලට කතාවක් කියන්නම් ලඟදීම නොවැරදීම බලපන්.

      Delete
  9. සරා අයියා වෙත ලියමි,
    සරා අයියාගේ බ්ලොග් පිටුවට කාලයක් තිස්සෙ මම ආවෙමි. සරා අයියාගේ පට්ටම බ්ලොග් පෝස්ට් කියවා රස වින්දෙමි. හැබැයි කොමෙන්ට් කොලේ නැත! අද හිතුනා හැමදාම වගේ යන එන එකේ කොමෙන්ටුවකුත් කොටා යන්න. ඇත්තම කීවොත් මේ බ්ලොග් එක මම කියවන බොලොග් වලින් තවත් හොඳ බ්ලොග් එකකි. සරා අයියා පෂ්ට එකටම මේක ලියනවාය. සරා අයියාත් ගමේ ගොඩේ හැදුන වැඩුන පට්ට කොල්ලෙකි. මමත් එසේමය. සරා අයියා කියන්ඩ තියෙන දෙය බොක්කෙන්ම ලියයි! සරා අයියේ උඹෙ මේ නිර්ව්‍යාජ ප්‍රයත්නයට මගේ ප්‍රනාමය!මම අයෙත් මේ පැත්තේ එන්නම්කො. සරා අයියාට සදා ජය පතමි!
    මීට යෙටී මලයා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලයා. උඹ මාර බුවෙක්.. ජයවේවා..!

      Delete
  10. සරත්ගේ කලින් ලිපියත් මතක් වුනා අර ට්‍රාන්සිස්ටර් පොල්ල ගැන තිබුන..!!
    වැදගත් අවවාදයක්..වාහනේ කැඩුනමත් මේ ක්‍රමේ අනුගමනය කරන එක නුවණට හුරුයි..

    ReplyDelete
    Replies
    1. කාලෙකින් දැක්කේ රූ නෝනේ. මක්කැයි උනේ. ගංවතුරටවත් කො‍ටු උනැයි..!

      Delete
  11. ඉලෙක්ට්‍රොනික් සරලව ඉගෙන ගන්න පුලුවන් වෙබ් E Book ටිකක් දෙන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. ඔබගේ ඉල්ලීම පිළිබඳ සලකා බලන්නම්.

      Delete
    2. ස්තුතියි

      Delete
  12. මට නං ඉතිං ඔය නොතේරෙනම පැත්තක් තමයි... ඔය අපේ ගෙදර ඉන්න ගොඩ වෙදා තමයි ඔක්කොම හදන්නේ ඉස්සර.. මිනිහා ජොලියට වගේ ගෙදර තිබ්බ ටීවී එක, රේඩියෝ එක ඔපරේෂන් කරන එක තමා කරන්නේ.. හි හි .. මේ කිව්වෙ අ‌ෙප් මලයා ගැන...

    මෑන් එක පාරක් හොඳ වටින ( ඒ කාලේ ඉතිං ටීවී කියන්නේ වටින බඩුවක් නේ. හි හි) ටීවී එකක් ගලෝලා හැදුවා රුපියල් 4ක කෑල්ලක් විතරයි ඕනේ උනේ... තාම ඒ ටීවී එක වැඩ....

    තව වෙදෙක් ඉන්නවා... දුන්නම අවුරුදු 2ක් විතර ගියාට පස්සේ තමයි හම්බුවෙන්නේ... ( එයාට දුන්නට සල්ලි ගත්නෙත් නෑ.. වෙන කෙනෙකුට දුන්නම හිත හොඳත් නෑ..) ඒක නිසා ඉතිං හැදිල්ල පැත්තක තියලා අලුත් එකක් ගන්න එක තමයි... හි හි.. ඒ කිව්වේ අපේ මාමා ගැන....

    අපේ මහත්තයා නම් ඔය ලෙඩ දෙකම නැති හොඳ කාර්මිකයෙක් තමා... මොකද එයාට කේන්ති යන්නෙත් නෑ... කැඩිච්ච ඉලෙක්ට්‍රිකල් බඩුවක් අහුවුනාත් හදලා මිසක් පස්ස බලන්නෙත් නෑ... හි හි... ඒගෝලලන්ගේ ගෙදර තියන ඉලෙක්ට්‍රිකල් බඩු ඔක්කොම අඩුම ගානේ අවුරුදු 20ක් වත් පරණයි... හි හි...

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා.. මාර සෙට් එකක් ඉන්නවනේ හිරුවා වටේ. එලකිරි කෙල්ලේ දාපං පහක්..

      Delete
  13. Replies
    1. හ්ම්හ්.... මාන්දමිකයි....! හිකිස්.....

      Delete
  14. මාත් ඉස්සරනම් ඉලෙක්ට්‍රොනික් වැඩ ආසාවෙන් කළා... දැන් කියලා වෙනසක් නැ... ඒත් වැඩිදුර ඉගෙනගෙන නෑ... කොහොම වුණත් කියලා තියෙන කතාවනම් සහතික ඇත්ත... අපි දොස්තර ගාවට යන්න ඕන බෙහෙත් ගන්න මිසක් එයාට බෙහෙත් කියලා දෙන්න නෙවෙයිනේ... ගොඩක් අය චුට්ටක් දැනගෙන හැමදේම දන්නවා වගේ පෙන්නනවා... ඒක බොහොම භයානකයි... විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික් වගේ දවස ගානේ අළුත් වෙන විෂයකට...

    පාරිභෝගිකයෝ රැවටීම ගැන නම් කියන්න තියෙන්නේ මෙහෙම දෙයක්... වංචා කරන මිනිහා මොන රැකියාව කළත් වංචා කරනවා... සමහර ඉලෙක්ට්‍රොනික් බඩු ප්‍රමාණයෙන් චූටි වුණාට මිලෙන් අධිකයි...ඉතින් ඒවා දැම්මම මිනිස්සු හිතනවා වංචා කළා කියලා... කොහොම හරි ඇත්තටම වංචා කළොත් නම් ඒ මිනිස්සුන්ට කව්රුවත් විශේෂයෙන් දඬුවම් කරන්න ඕන නෑ... ඒ සල්ලි ස්වභාවයෙන්ම නැති වෙනවා...

    පෝස්ට් එක නම් බොහොම වටිනවා... ජය ඔබට...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සං‍තෝෂයි මේ විෂය ගැන දැනුමක් තියෙනවා කියපු එක ගැන. මිලවැඩි උපකරන ගැන නම් අපි එක්ස්ප්ලේන් කරනවනේ අළුත් මල්ලි. කස්ටමර්ලාට ඒ ගැන තේරෙනවා. ඒත් එහෙම නැති වංචාවල් ගැන තමයි මම ලීවේ.ස්තුතියි..

      Delete
  15. මමත් මේ ‍රැකියාවට සම්බන්දයි, නමුත් මම නම් එහෙම ලොකුගනන් ගන්නේ නැහැ, එවගෙම මම , ගමේ අඳුනන අයගෙ, නැදැයන්ගෙ ටී.වී හදන්නෙත් නැහැ, මම අළුත් වැඩියා කරන්නේ කම්පැනි වල, කාර්යාල වල ඉලෙක්ට්‍රොනික උපාංග පමනයි....මටම වෙන්වුන හොඳ කස්ටමස්ලා ටිකදෙනෙක් ඉන්නව එ අයගෙ විතරයි මම වැඩ බාර ගන්නේ... කොහොමත් ඔය ගෙවල් වල අය ටීවී ගෙනකොට කියන තරමක් කියන්නේ ගල් පැලෙන බොරු.... සමහර වෙලාවට සල්ලි හෙට දෙන්නම් කියල ගෙනියනව, හැබැයි කවදාවත් ඒ හෙට උදාවෙන්නේ නැහැ,

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඇත්ත..! මම නම් අතින් කාලා හරක් බලන වෙලාවල් අනන්තයි අප්‍රමාණයි.. මොනා කරන්නද යාළුවා.

      Delete
  16. Kalekin neda mahaththayo me wage lipiyak danme. Onna dan meheth wada patan ganna kale lan wenawa tika tika.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපි ආයේ පටන් ගනිමු...!

      Delete
  17. අපොයි ඔව් අයියා ටීවී හදන්න අරන් ගියාම එක එක කෑලි දාන්න ඕන කියනවා ඔය කියන කෑලි ගෙනල්ලා දීලා හදවන් ගියාම ආයේ අලුත් ලෙඩක්.අපේ පරණ සෝනි ටීවී එකක් ඔය වගේ අවුරුදු දෙකක් කට්ට කෑවා.පස්සේ එපා වෙලා අලුතෙන්ම එකක් ගෙනාවා.තට්ටු දාන සීන් එකෙන් ගොඩක් කල් අපි සෝනි ටීවී එක රන් කරා :).

    ටීවී හදන ගොඩක් අය ගසාකන්න තමා අයියා හදන්නේ.අයියා වගේ සාදාරණ ය මට නම් හම්බ වෙලාම නැහැ.

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආවම මම ජංගම සේවයකුත් පටන් ගන්න ඉන්නේ. පුරස්නයක් ආවොත් කතාකරපං. අපි ඉතින් යාළුවොනේ..! (ප්‍රචාරක දැන්වීමකි.D)

      Delete
  18. මේක කියවද්දී මතක් උනේ...අපේ ගෙදර ටී වී එකක් හදන තැනම සින්න වෙලා...තාම හදලත් නැද්ද කොහෙද...

    ReplyDelete
    Replies
    1. ඕක අමතක කරන්න ඉන්ජිනේරු නෝනා. මොකෝ ඉතින් සල්ලි නැති මිනිස්සුයෑ..D

      Delete
  19. හැමෝම කියලා තියෙන දේ තමයි මටත් කියන්න තියෙන්නෙ සරා. මේක නම් අනගි ලිපියක්!

    දැන් ඉගෙන ගත්තා කියන්න ඕනෙ මොනවද නොකියන්න ඕනෙ මොනවද කියලා.

    මෙහෙමත් වැඩ වෙනවා සරා. එක පාරක් අපේ පුතාගෙ ප්ලේස්ටේෂන් 2 එක වැඩ කරන්නෙ නැතුව ගිහින් ඒජන්ට්ටම දුන්නා හදන්න. මුං ඒක බලලා කියාපි මදර් බෝඩ් එක දාන්න ඕනෙ කියලා.

    පස්සෙ ඒක ආපහු ගෙන්නගෙන මම ගලවලා වැකයූම් කරලා සර්කිට් එකත් ක්ලීන් කරලා අර කනෙක්ටර්ස් ක්ලීන් කරලා හයි කලා. බඩු වැඩ බං. ඊට පස්සෙ ඒක අවුරුදු දෙකක්ද කොහෙද පාවිච්චි කලා. ඕන්න වෙන වැඩ.

    තව ඕවගෙ ඒවා තියෙනවා පස්සෙ කියන්නම්.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔය වගේ කට්ටිය අනන්තවත් ඉන්නවාDude මහත්තයා. අහුවොත් නම් සර්ව දත්තලා.කෙරුවාව බලු වටින්නේ නෑ. මම එද්දි මෙහෙ තිබුනා චිලර් වගයක් කොන්ට්‍රෝල් පැනල් අස්පොට් වෙලා වැඩ කරන්නේ නැතුව. විසි තිස් අවුරුද්ද එක්ස්පීරියන්ස් තියෙන ටෙක්නීෂියන්ලටත් හදන්න බැරි උනා කියනවනේ. ඕං දැන් ඒවා දුවනවා. උන්ගේ රටවල් වල සුපිරි වැඩර්ලාලු. හිකිස්....!

      Delete
  20. හපොයි ඔය කැඩෙන බඩු හදන එක තරම් එපා කරපු වැඩක් තවත් නෑ....... සමහර වෙලාවට අස්ප ගනන්නේ ඉල්ලන්නේ.... ඒ ගනන් වලට අළුත් එකක් ගන්නත් පුලුවන්.... හික් හික්

    කොහොම වුනත් මේක නම් බොහොම වැදගත් ලිපියක්.....

    ReplyDelete
    Replies
    1. මම කිවුවේ සල්ලි කාරයෝ එහෙම තමයි. මොකෝ සමනළී නෝනලා කියලා සල්ලි නැති මිනිස්සුයෑ.... හා නැද්ද මං අහන්නේ..?

      Delete
  21. වටිනා කරැණු පෙලක්..පින් .

    ReplyDelete
  22. tuner එක ගියාම මාර ආතල්. ඇල්ලුවත් මහ සද්දයක් එනවා :)

    ReplyDelete
  23. Aiye mage tv eke on karpuwhama tikawelawakin saddaya enawa eth aphu adu sddayak thama enne

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....