Monday, November 5, 2012

මිහිමඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා...





කඳුළු හෙලා නෑබිලියට සහල් ගරන අම්මා..
සුසුම් හෙලා ගිනිදළු ගෙන ලිප මොලවන අම්මා..

නංගි බබා අම්මා ගැන කියන හැම වෙලාවෙම මට මතක් වෙන්නේ ඔය සිංදුව. දීපිකා ප්‍රියදර්ශණී මහත්මිය ගායන කරන ලයාන්විත ගීතයක්.
අහනවානම් මේ තියෙන්නේ.


ඒත් මට අම්මා ගැන හිතෙනකොට මතක්වෙන්නේ...

මිහිමඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා...
අහස්තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා...

ඒ සිංදුව මෙතන තියෙනවා.
http://kiwi6.com/file/o55g21jf13

දෙන්නට හිතෙන්නේ දෙයාකාරයකට වුනත් ඒ එකම කෙනා ගැන. ඒ තමයි අම්මා...!
නංගි බබාගෙයි මගෙයි කියලා වෙනසක් නෑ. ඒ අපි දෙන්නගෙම අම්මා. අපට විතරක් නෙමේ ලෝකේ හැම දරුවෙකුටම අම්මලාව වටිනවා ටිකක් නෙමේ මහ හුඟාක්.

මොකද හිටිහැටියෙම සරාට අම්මා මතක් වෙලා තියෙන්නේ කියලා හිතෙනවද ඔයාලට...?
හික් හික්.. එහෙම හිතන්ඩ කාරි නෑ ආයිබොවන් මට හැම වෙලාවෙම අම්මා මතක් වෙනවා හැබැයි ඒ අපේ නෙමේ, මේ සෞදියේ එවුන්ගේ..D

මේ තියෙන්නේ නංගි බබාට අම්මා ගැන හිතුනු හැටි...............

පුංචිකල සිට මහමෙරක් දුක් උසුල  
ඇතිදැඩි කල අප ආදරෙන් තුරුළුකොට 
වැටි වැටී නැගිටින්න
ලඟින් ඉඳ අත දුන්න 
ඔවාදන් සිත පිරුව
ඔබයි මගෙ මෑණී  

අපේ සිතට දිරිය නුඹයි
අපේ ගතට සවිය නුඹයි
ජීවන මඟ කියාදුන්න 
ඔබයි මගේ මෑණී

අපේ දුක ලඟ
අපේ සතුට ලඟ
නොවෙනස්ව ලඟ හිඳින  
ආදරයෙන් හිස සිඹින
ඔබයි මගේ මෑණී   

වඳිනෙමි පා යුග හැම භවයේදිම
නුඹ මෑණී වන්නට මා ඉපදෙන තැන

ඉතින් ඇයි දන්නවද මේ ඔක්කොම. අද ඒ කියන්නේ නොවැම්බර් 6 වෙනිදා තමයි එයාගේ උපන්දිනේ. ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා..............!!


ඔය ඉන්නේ එයා තමයි.

19 comments:

  1. Replies
    1. හ්ම්...... හැමෝටම වටින...

      Delete
  2. ආදරයේ උල්පත වු අම්මා... මේක කියවද්දි මට අපේ අම්මාවත් මතක් උනා එයා දැන් ලංකාවේ ඉන්නේ.. හරියට කෑමක් හදා ගන්න බැරිව ගියාම නම් අම්මාව මතක් වෙලා හෝ.. ගාලා අඬන දවස් අනන්තයි...

    ඔන්න සරා අයියාගේ අම්මාට මමත් සුභම සුභ උපන්දිනයක් හා දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. ඔයාට ස්තුතියි යාළුවේ....!

      Delete
  3. සරා අයියගෙයි නංගි බබාගෙයි අම්මට සුභ උපන් දිනයක් වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරූ නඟා....!

      Delete
  4. වාසනාවන්ත බෑනෙක්, වාසනාවන්ත අම්මෙක්. අම්මේ ඔබට සුභ උපන් දිනයක්.
    මේවගෙ වසවර්තියෙකුව බාර ගෙන උගේ චාටර් වැඩ කටයුතු ඉවසා සිටීමම මදිද? :D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි Dude මහත්මයා...!

      Delete
  5. ආදරණීය මවට දීර්ඝායුශ පතමි...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්... පිළිගන්නවා සාදරයෙන් සරාගේ ලෝකයට..!

      Delete
  6. සරාගේ මෑණියන්ට සුබම සුබ උපන් දිනයක් වේවා!!
    අර සින්දුව නම් මාර හැගීම් බර සින්දුවක්..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මගේ යාළුවා ඔබටත්....!

      Delete
  7. ඔය දීපිකා ප්‍රියදර්ශණීගෙ සින්දුව මට අහන්න අමාරුම සින්දුවක්. ඒක ඇහුනොත්...මම අඬනවාමයි...ඒ තරම් සංවේදී සින්දුවක් මම කවදාවත් අහලා නෑ. මගෙ රත්තරං අම්මව මතක් වෙන්නෙ හිත රිද්ද රිද්ද...

    නංගි බබාගෙත්...සරා අයියගෙත් ආදරණීය අම්මාට මමත් සුබ උපන් දිනයකට ආස්‍රි පතනවා...

    ඇයට දීර්ඝායු ලැබේවා... !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ළිහිණි න‍ඟෝ. ඒක මට වැඩියෙන් දැනෙන්නේ අකීකරු දරුවෙක් නිසා වෙන්නැති මම.

      Delete
  8. Onna mama ammata kiwa oyala hamoma suba pathuwa kiyala. Amma ahanawa "me lamaya hamotama kiyalada upandine kiyala mage" kiyala. Ehema kiwata eyatath sathutui wage. Mehema puthala hamotama nathi nisa wenna athi. (Bana nokiwe eyata puthek wagema nisai ayyawa.)

    ReplyDelete
  9. Oyala hamotama godak sthuthi ammata suba pathuwata.

    ReplyDelete
  10. වාසනාවන්ත ජීවිතයකට ආසිරි..!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං...! මොන මාතෘකාව ගැන ලිවුවත් උඹවත් මතක් වෙන්නේ මෙතනට එන්න උඹලා අත්වැල අල්ලපු නිසා වෙන්නැති...!ජය....!

      Delete
  11. පරක්කු වුනත් මැණියන්ට දිගාසිරි ලැබෙන සුභ උපන්දිනක්..

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....