Saturday, November 17, 2012

පැරණි ගී වලට කැමති අයට... (මායියගේ කඳුළු)




සහෘද රසික රසිකාවියන්ගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි.මේ ගීත සරාගේ ගීත ගබඩාවේ තියෙන මුත් Audio file බ්ලොග් එකට Upload කොරනා ක්‍රමයක් සොයා ගැනීමට නොහැකිවූ නිසා සෑහෙන කට්ටක් කාලා නෙට්‍ටුවේ මේ ගීත ඇතිතැන් සොයා මෙසේ ඔබට තිළින කරමි. එබැවින් ගීත වලට උනන්දුවෙන් සවන්දී එයින් කියවෙන දේ හොඳින් ග්‍රහනය කර ගන්නා මෙන් ඉල්ලමි. තවද මේ ගීත මුල් පිටපත් බවද, ඒවා මෙසේ සුරකින අයවලුන්ට අපගේ ගෞරවය පිරිනැමියයුතු බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. හිතට විඩාවක් කාන්සියක් දැනෙනා විට මෙවන් ගී දිව ඔසු මෙනි.


සිනා සපිරි සඳ දුර ඈතයි- හඬා වැටෙන තරු ලඟ පාතයි....
සිනාසෙනා මගෙ හිතට වඩා- හඬන සිතට ඔබ හරි ආසයි...
  කොලිටි එක ගැන නොහිතා සිංදුව අහලා බලන්නකෝ ඉවසීමෙන්.හරය මොනතරම් හිතට දැනෙනවද කියලා..



                ඔය සිංදුව මට මතක් කරන්නේ මගේ මායියගේ (නංගි බබාගේ) කඳුළු. ස්වභාවයෙන්ම ගොරහැඩියෙක් උන මම වෙලාවකට හිතට එන දේ කෙලින්ම කියලා දානවා එයාටත්. මොකක්ද ඒ හරුපේ කියලා හිතෙන අය වෙනුවෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. මෙහෙමනේ සරා සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් එක්ක කෙලින් කතාකරන කෙනෙක්. (අවශ්‍ය වෙලාවට කිවයුතුදේ කිවයුතු කෙනාගෙම මූනට කියන එක හොඳ දෙයක්.) ඒ උනාට ඔය හැම තැනටම දාන චක්කරේ ගෙදර උන්දැට නම් දාන්න හොඳ නෑ ආයිබොවන්. බාහිර ලෝකේ ඉන්න ගොඩාක් ගොරහැඩියෝ නිවසේදී, තමන්ගේ බිරිඳ ඉදිරියේදී ගොඩාක් නම්‍යශීලීයි. ඒ ඉතින් ඒකලා ගෑනිට බය නිසා...! එහෙම හිතෙනවාද...? සමහරුන්ට හිතෙන්න පුළුවන්, මටත් ඔහොම හිතුනා කාලෙකට ඉහත. ඉස්සර මා ලඟදි ඔය වගේ කතාවක් කවුරු හරි කිව්වොත් මම කියන්නේ මේ හු## ගෑනිට බයේ බං කියලා. ඒත් දැන් මට තේරෙනවා එදා මම වැරදියි කියලා. ආදරය කිරීමත් කලාවක් යාළුවනේ. හරියට ගීතයක් වගේ.  ඒකට රිද්මයක් ඕන. අහන දකින අයටත් ප්‍රිය උපදින ආකාරයට ගයන අයටත් සතුටක් දැනෙනාකාරයේ ගීතයක් විය යුතුයි එය. එතකොට තමයි නව යුවතිපතීන් දිහා බලලා දෙමවුපියෝ, නෑදෑයෝ, අසල්වැසියෝ සතු‍ටු වෙන්නේ. පහු කාලෙක දෙමවුපියෝ දිහා බලලා දරුවෝ සතු‍ටු වෙන්නේ. මරණ මංචකේ දක්වා එකිනෙකා වෙනුවෙන් කැපවෙලා ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ.

             බිරිඳක් තමන්ගේ සැමියා වෙනුවෙන් දූ දරුවෝ වෙනුවෙන් ලොකූ කැපකිරීම් කරනවා. ඒත් කවදාවත්ම ඒ කැපකිරීම් වලට වටිනා කමක් මිලක් ඉල්ලන්නේ නෑ අපෙන් එයා. ඉතින් එහෙම කෙනෙක් ඉදිරියේ ටිකක් නම්‍යශීලී උනාම පිරිමියෙකුට අපහාසයක් වෙනවද යාළුවනේ. නෑ, කවදාවත්ම නෑ. එහෙම බිරිඳක් තමන්ගේ නෑදෑයන් යෙහෙලියන් ඉදිරියේදී සැමියගේ ගුණ කියනකොට පිරිමියට ගෞරයකුයි ඇතිවෙන්නේ. (අඩේ අද මම කියන්න ආපු කතාව නෙමේනේ මේ. මට ඕන උනේ ඔයලා ගොඩාක් අය අහලා නැති අපූරු ගීත ටිකක් ඔයාලට අහන්න දෙන්න. ඒ උනාට ලියවෙන්නේ වෙන එකක්නේ. කමක්නෑ සිංදු සරා ගාව තියෙනවනේ, මේ ටිකත් කාට හරි කියවලා පුංචි හරි යමක් ලබා ගන්න බැරියෑ. අඩු වශයෙන් ඔය කසාදෙට බයේ දඟලන කෙල්ලෝ ටික හරි කොල්ලෝ ගැන තියෙන සැක සංකා ටිකක් අඩු කර ගත්තොත් ඒකේ වාසියත් ඉතින් කොල්ලන්ටමනේ.D) ඒඋනාට ඉතින් මම තාම සංක්‍රාන්ති සමයේ ඉන්න නිසා වරදින සමහර වචන මගේ මායියගේ ඇස් වලට කඳුළු ගේන වෙලාවල් තියෙනවා. එහෙම වෙලාවට එයාටත් වඩා මම දුක් උනාට මම ඒබවක් පෙන්නන්නේනෑ. ඇයිකියලා අහන්න එපා, මම කියන්නේ නෑ. ඉතින් එහෙම වෙලාවලදි ඒ කඳුළු පිරුන ඇස් මට ඔය සිංදුව මතක්කරනවා.

              ඊලඟ සිංදුව නම් මට මතක් කලේ මේ මෑතකදි මම කියවපු බ්ලොග් පෝස්‍ටුවක්. ඒක ලියලා තිබුනේ ගෑණු ළමයෙක්.එයාගේ කතාව කියවගෙන යද්දි මට මේ ගීය මතක් වෙලා ගීත ගබඩාවෙන් හොයලා අරගෙන ඇහුවා. අහලා මතක තියෙන තැනක අරන් තිබ්බා. අනේ ඒ උනාට ඔයාලට ඒවා අහන්න දෙන්න කෙරේමයක් මට හොයා ගන්න බැරි උනා නෙව. කවුරු හරි දන්න කෙනෙක් කියලා දෙනවා නම් දෙන්නම් ටොප් සිංදු ටිකක්. සරා ගාව තියෙන ඒවා නෙට් එකෙත් හොයා ගන්න නෑ ආයිබොවං.හොදින් ඇහුවොත් මතක් වෙයි මේ කාගේ කතාවටද කියලා.  

එදා ඔබ මෙහි නො ආවානම් නෑ මෙවන් දුක් වේදනා....
අළුත් පාසල් වාරයේ...
අළුත් සිසුවෙකුසේ.....


හොඳයි කියමු බලන්න මෙහෙම හැඟීමක් දැනුන කෙල්ලෝ සරාගේ ලෝකෙට එන අය අතරේ නැතිද කියලා.D      

                මොකද සරා කෙල්ලන්ගෙම සිංදු දාන්නේ කෙල්ලෝ වෙනුවෙන්ම. ඇයි අපිට මොකුත් නැද්ද කියලත් කෙනෙක් අහන්න බැරි නෑ නෙව. මම මෙහෙම කියන්නම් හැබෑවටම මම කෙල්ලන්ගේ අදහස් වලට හරිම ප්‍රියයි. වරදවා වටහා ගන්න ඕන නෑ ගමේ එවුන් ඉස්සර මට පැනියා කිව්වේ ආදරේට. එහෙම නැතුව මම............. නිසා එහෙම නෙමේ.P කාන්තා පක්ෂය කොහොමත් මෘදුයි එයාලගේ අදහසුත් එහෙමයි. මතක තියා ගන්න ඒක බොළඳ කම නෙමෙයි. සියුමැලි කම, මටසිළු‍ටු කම කියලා තමයි ඒක හඳුන්වන්න පුළුවන්. පිරිමිත් එක්ක කරට කර ජීවිතේ වෙනුවෙන් දහදිය හෙලන එයාලා බොලඳයි කියනවානම් ඒක මහා විහිළුවක්. ඉතින් මගේ ගීත ගොන්නේ හරි අඩක් වෙන්වෙලා තියෙන්නේ ගායිකාවන්ගේ ගීත වලට. ගේය පදත් ලියවිලා තියෙන්නේ කාන්තාවන් අතින්. මෙන්න කොල්ලන්ටත් යමක්. අහලා බලලා කියන්න කී දෙනෙක් මීට කලින් මේ ගීය අහලා තිබුනද කියලා.
පෙම් කලත් සිතින් දයාවී....
ලං වෙන්න බෑ කියාවී...
අහිමියි- ඔබේ ආදරේ...
අපෙ පෙම ගැනත් ලතාවේ ලෝකයා අදත් කතාවේ
නොසිතන් ළඳේ අහිතක් මේ මාකෙරේ...  


ආයෙත් මතක් කරනවා. ඉවසීමෙන් අහන්න. වර්ථමානයේ බිහිවෙන ඇතැම් කඨෝර ගීතවලට වඩා මේ ගී මොනතරම් සුන්දරද කියලා.   

මේ සිංදුව ගොඩාක් අය අහලා තියනවා හැබැයි ඒ මේ තනුවට නෙමෙයි. මේ ගීතය මුලින් නිර්මාණය උනේ මෙහෙමයි. පසු කාලයක ඔයාලා අහලා පුරුදු ආකාරයට වෙනස් වුනාට.




ආයෙත් දවසක පැරණි සිංදු ටිකක් අරං එන්නම්කෝ. එකම ඔක්කෝම අහන්නත් බෑනේ. එහෙනම්..............
ගෙහුං එඤ්ඤං...!




62 comments:

  1. නියම සින්දු ටික, ඉක්මනට තව හොද ගී ටිකක් ගෙන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඉක්මනින්ම අරන් එන්නම්..!

      Delete
  2. වටින, අදකාලෙ නොඇසෙන සිංදු ටිකක්.. මමත් ආසයි පළවෙනි ගීතයටත් අන්තිම ගීතයටත්.. ගීත පැරණි වුණාට ඒවල රස වින්දනය තවම එහෙමයි..

    http://www.divshare.com
    මේ අඩවිය ඔබට යම් උපකාරයක් වේවි.. මං හිතන්නෙ එහි වෙනම එකවුන්ට් එකක් හදාගෙන ගීත එයට upload කරලා බ්ලොග් එකට දාන්න පුළුවන් වේවි.. :)

    එහෙනම්.. බලාපොරොත්තුවෙනවා ඉදිරියටත් මේවැනි දුර්ලභ ගීත..

    ReplyDelete
    Replies
    1. මටත් ඕය ප්‍රශ්නෙ තියෙනව ..නන්දු කිව්ව ආකාරයට බලන්න ඕන.

      Delete
    2. @ නන්දු...

      ස්තුතියි නන්දු අගය කිරීමට. ඇත්තෙන්ම මෙහෙම ගීත ප්‍රචාරය නවත්වලා දැන් ජාතික මාධ්‍ය පවා. හේතුව නම් දන්නේ නෑ. ඒ වුනාට ඒ කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ වලට හා අපට කරන අසාධාරණයක් විදිහටයි මට නම් හිතෙන්නේ. දෙවෙනි වතාවටත් ස්තුතියි ඔබට ලබා දුන් තොරතුර පිළිබඳව. අනිවාර්යයෙන්ම ඉදිරියේදීත් ගෙන ඒමට බලාපොරොත්තුවෙනවා.

      Delete
  3. සින්දුවලට වඩා අර ඉහලින් ලියා ඇති 'ගොරහැඩි කතා 'රටක් වටිනව, ආදරය කලාවක් කියන දේට එහෙම


    http://dayal-bathee.blogspot.com.au/
    විමල් ඇමතිතුමාගෙ අප්‍රියම නොම්මරය But the Lucky number

    ReplyDelete
    Replies
    1. මට හිතෙන හැටි තමා ඉතින් ඔය...! ස්තුතියි ඔබේ අගය කිරීමට.

      Delete
  4. සරා...උඹ කිව්ව දේ සම්පූර්ණ ඇත්ත. මටත් නිකංම මලපනින එකෙක්, ඉතින් බිරින්දෑට දුක හිතෙන අවස්තා බොහොමයි....ලියල තියෙන් දේවල්..මටත් එක්කමයි.

    MP3 සිංදු ටිකකට මටත් තියෙනව විචාර ටිකක්...දාගන්න විදියක් දන්නෙ නැතිව හිටියෙ.

    ReplyDelete
    Replies
    1. යාලුවා ඔබ මැයි මාසේ උපන්නෙක්ද...? ජය වේවා......!!

      Delete
  5. නිතර නොඇසෙන,මෙවැනි ගී සහ, එෆ්.එම්.නාලිකා වලින්, සල්ලි වලින් අසන්නාට පාගා දීලා, අස්සවන්න උත්සාහ කරවන කක්කා සින්දු අතර වෙනස අහසට පොලොව වගෙයි නේද?

    'එදා ඔබ මෙහි නොආවානම්' ගීතය අදටත් මගේ හිතේ දරුණු වේදනාවක් අවුලුවනවා. මගේ වාසනාවකට මගේ බිරිඳ ඒ සියල්ල දන්නවා. එකම පාසලේ නිසා. ගුවන්විදුලියේ ඒ ගීතය යනවානම් එයාමයි මට කියන්නේ මෙන්න අර නිර්මලා රණතුංගගේ සින්දුව යනවා කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්. ඒ වගේම තමයි මෙහෙම ගීත ඇසෙන විට හිතට දැනෙන පහන් හැගීම්. කමාව අයදිනවා ඔබේ සිතට යම් කනගා‍ටුවක් දැනුනා නම්. නිදුක් නිරෝගී සුව ඔබ ඇතුලු සැමටම.

      Delete
  6. නියම සිංදු ටිකක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න.. ජයවේවා..!

      Delete
  7. අර අන්තීම සින්දුව මම මාරම ආස එකක්. අයියේ ඒ සින්දුව කියන්නෙ නිලාද නැත්තම චන්ද්‍රිකා සිරිවර්ධනද ?

    මම හිතාගෙන උන්නෙ ඒක කියන්නෙ චන්ද්‍රිකා සිරිවර්ධන කියලා. ඒක බා ගන්න පුළුවන් විදියට අප්ලෝඩ් කරන්නකො. මට ඒ සින්දුව ඕනෙ. නැත්තම් මගෙ ඊයට දාන්නකෝ...ප්ලීස්

    ReplyDelete
    Replies
    1. දිනේශ් නාකන්දල සමඟ නීලා වික්‍රමසිංහ. ඔයා මොන බ්‍රව්සරෙන්ද ලොග් වෙන්නේ..? ඒක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්නේ. කමක් නෑ මම ඊයකින් එවන්නම් පුරස්නේ කෝ ඔයාගේ ඊමේල් එක.


      (I.T. කෙල්ලෝ වගේ අපි නෙට් එක ගැන ඔක්කොම ජාති දන්නවයෑ. එව්වානම් හොඳා නේද. කැඩිච්ච කොම්පියුටර් හදන්න විතරයි දන්නේ.)

      Delete
    2. හරි හරි. වැඩේ පත්තු උනා..

      Delete
  8. Aththamai mahaththayo godak welawata oyagen pita wena wachana nisa mage as walin galana kadulu oyawath ape gedara ayawath dakinne na. Dakinawata mama kamathith na. Mama dannawa oya e welawe sara karanne hithata ena awegeta misa mata adare nathiwa newei kiyala. E nisai mama hamadama kiyanne oyage eka wachanayak athi kiyala mawa adawannath sathutin thiyannath. Welawakata mama hithanawa mama harima durwalai kiyala ay dannawada punchi detath kadulu galana nisa. E oyage hatine kiyala hithala kadulu nawaththa ganna haduwata me as kiyana de ahanne nane.

    ReplyDelete
  9. Ane ekama desarayak watilane.

    thawa ekak kiyanna bari unane. Meka pirimi oyala hamotamai onna. Oyalata thamange wife/ girl frend gana monama awasthawakadi hari duka hithunoth eka hithe hangagena inna epa. Eka penwanna. ethakota waifta wagema girl frendtath hithata loku shakthiyak enawa. Oyala nohithuwata e welawata eyata lokema dinuwa wage danenawa. Oyatath ekkai mahaththayo......

    ReplyDelete
    Replies
    1. හ්ම්...හ්ම්..හ්ම්..!!

      Delete
  10. යාළුවා ගූගල් වීඩියෝ එකට දල බ්ලොග්
    එකට දැම්මම අවුලක් වෙනවා , මුළු page
    එකේම තියෙන වීඩියෝ හරි audio හරි
    ඔක්කොම buffer වෙන්න ගන්නව .
    කෙනෙක් මුල් තත්පර 10 අහල වෙන
    සින්දුවක් අහන්න ගියොත් දෙකම buffer
    වෙනවා . ඒ නිසා buffer නොවෙන
    player එහෙකට දාන්න . අනික තමා
    mp3 විදිහට දාන්න වීඩියෝ file හදන්න එපා
    page එක load වෙනවා වැඩි..
    ඔයාගේ site එක බලන්න එන අයගෙම
    තම bandwidth එක waste වෙන්නේ ..
    මත අසාවෙන් ඇහුව සින්දු ටික , කියන කෙනා
    ගත්ත තැන් , music , ලිව්වා කෙනා ගැනත් දාන්න ..
    හොදයි අගේ කරනවා ගොඩක් මහන්සිය.

    ReplyDelete
    Replies
    1. වැදගත් තොරතුරු ටිකක් යාළුවා මට කියලා දීලා තියෙන්නේ. බොහොම ස්තූතියි ඔබට. මට හිතෙන්නේ ලබන පෝස්‍ටුව ගොඩාක් ගැටලු වලින් තොර එකක් කරගන්න පුළුවන් වේවි මට. ඔබට ජය..!

      Delete
  11. රස විඳීන්න පුළුවන් සින්දු ටිකක්. මං නම් කලින් අහල තිබුනේ පළමු වෙනි සින්දුව විතරයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා. තව තියනවා ඔයාට අහන්න බැරිවෙලා ඇති කියලා මට හිතෙන සිංදු අරන් එන්නම් ලඟදීම.

      Delete
  12. සරාට ඔය තියෙන ලෙඩේ මට තියෙනවා කිව්වොත් පුදුම හිතෙයිද... මමත් කියන්න තියෙන දේ කෙලින්ම කියන නිසා, ඒ කතා වලින් අපේ මහත්තයා හරියට හිත රිදෝගන්නවා කියලා දැන් දැන් තේරෙනවා... ඒත් ඉතිං එයා මං කියන ඒවා නෑහුනා වගේ ඉන්න කොට මට තවත් කේන්ති යනවා විතරයි... ඒ කේන්තිය නම් හැමදාම පිටවෙන්නේ කඳුළු වෙලා තමයි...

    අර නංගි බබා කියනවා වගේ හිතේ තියෙන දේ කියන්න වගේම, හිත රිදුනම ඒකත් පෙන්නන්න පුළුවන් නම් හොඳ සම්බන්ධතාවයක් හදා ගන්න පුළුවන්... මොකද ගෑණුන්ට පිරිමියා තමන්ට ආදරෙයි කියලා දැනගෙන හිටියට මදි... ඒක පෙන්නන්නත් පුළුවන් වෙන්න ඕනේ... තමන්ගේ ගෑණිට තියෙන ආදරේට ඇස් වලින් කඳුළු එනවා කියන එක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි...

    සින්දු නම් ඇහුවෙ නෑ අද.. නෙට් ස්ලෝ වෙලා තියෙන්නේ.. රෑ වෙලා බලමු...

    ReplyDelete
    Replies
    1. Hoda welawata hiru oyage lede mahaththayata naththe. Ape gedara mahaththayata thibunata mata e lede na wage. Ay dannawada dennatama eka sare e vidiyata tharaha giyoth ethana loku prashnayak wela thamai nawathinne. Mama nam karanne godak welawata sadda nathiwa kiyana de ahagena innawa. Nidahasata karunu dakwanna wath yanne na. Kohomath e welawata mata katha kara ganna bari wenawa. Eyage tharaha niwnama thamai api aye e gana katha karanne. Etha kota nam hari onna ithin mama hina wenawa aduwe na wage. (Samaharu hithai ganu hama ehekatama hotu peranawa kiyala na thaman adare karana kenek gen hitha ridena wachanayak ahunoth dannema na kadulu panala. )Mama dannawane e welawe ka gahuwata eyage panatath wada mata adarei kiyala.

      Delete
    2. ඕවා ගැන නම් පෝස්ට් එකක් ලියතෑකි නඟා.. හි හි...

      ඇත්ත.. අපේ මහත්තයට කේන්ති යනවා හරිම අඩුයි... එයා පුදුම විදියට මට ආදරෙයි.. ඒ ව‌ෙග්ම එයා කිසිම දෙයක් ගැන කිසි දෙයක් කියන්නේත් නෑ .. එහෙම උනාම තමයි මට වැඩිපුර කේන්ති යන්නේ.. මොකද විසදෙන්නේ නැති ප්‍රශ්නයක් අපිට තියෙන නිසා.. කතා කරන්න ඕනේ තැනදි වත් කතා කරන්නේ නෑ... ඉතිං මං එයාව අවුස්සලා රණ්ඩු වෙනවා... මට තදට කේන්ති ගියාම ඇඬෙනවා.. අඬ අඬ රණ්ඩු වෙනවා... හිතේ ටෙන්ෂන් එක යනකම් දෙන්න එක්ක රණ්ඩු වෙලා, අඬලා ඉවර උනාම හිටියට වඩා ආදරෙයි.. හි හි..

      ඔය ප්‍රශ්නෙදි ඇරෙන්න වෙන කිසිම දේකදි අපි දෙන්නා රණ්ඩු වෙලා නෑ තාම... හි හි

      Delete
    3. ගැටළුවක් තියේනම් කතාකරලා මිස රන්ඩුකරලා නම් ප්‍රශ්න විසඳගන්න බෑ දරුවෝ.සරා අයියා කේන්ති ගන්නවයි කිව්වේ කිසිම සංකීර්ණ ගැටළුවක් අපි අතරේ තියෙන නිසා නෙමේ. එහෙම පුරස්න මම ගෙදර ගේන්නේ නෑ. නිකම් හිටි ගමන් ඔය පොඩි සද්දයක් දැම්මට. ඉවසීමෙන් කතාකරලා ගැටළුවක් තියේනම් විසඳගත්තනම් තමා හොඳ. ජය වේවා..!

      Delete
    4. ඒක නම් ඇත්ත සරා අයියේ... දැං නං ඔය ගැන කතා කරන එකත් නවත්තලා තියෙන්නේ.. ඒත් ඉතිං ප්‍රශ්නේ අළු යට ගිනි ව‌ෙග් තමා.. කොයි වෙලාවේ ඇවිලෙයිද දන්නේ නෑ...

      Delete
  13. හප්පා.... මේ කරුම කනෙක්ශන් එක ස්ලෝ නෙව. නැත්නම් ඔය වීඩියෝ දෙක බලන්ඩ තිබ්බා.
    ස්තුතියි මෙහෙම ගීත පෝස්ට් කලාට

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි යාලුවා මේ පැත්තේ ආවට. ජයවේවා...!

      Delete
  14. නියම සිංදු ටික සරා අයියේ...... මාත් හරි ආසයි මේ වගේ සිංදු වලට.... ඕන තරම් වෙලාවක් අහන් හිටිය හැකි....

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තුතියි සමනලී නෝනේ. තව දවසක තව ටිකක් අරන් එන්නම් හොඳේ. සතුටින් ඉන්න..!

      Delete
  15. සරා නෝනගෙන් ඉදල් පාරක් කාල 'නෑ'. ශේප් කරගන්න කටින් කියන්න බැරි හන්ද පෝස්ට් එකක් වත් දාල ශේප් කරන්න හැදුවේ 'නෑ'.

    ReplyDelete
    Replies
    1. දූපතේ යාළුවා චූට්ටක් විතර වැරදුනා වගේ නේද.....? හික්..හික්..හික්...!!

      Delete
  16. කවදාවත් අහල තිබ්බෙ නැහැ බං !

    ReplyDelete
    Replies
    1. තව තියෙනවා මචං...! වෙන දවසක දෙන්නම්..!

      Delete
  17. Replies
    1. සරාගේ ජීවිතේ ඕවත් එක්ක තමයි අයියන්ඩි...ජයවේවා....!

      Delete
  18. ඈ...අහපු නැති සුදු ටිකක් අහලම බලමු..
    ඒ ගේම අර ඔවදන් ටිකත් ජීවිතේට සෑහෙන්න වටිනවා...

    ReplyDelete
    Replies
    1. ""කාන්තා පක්ෂය කොහොමත් මෘදුයි එයාලගේ අදහසුත් එහෙමයි""



      onna oya kathawata nam man satha pahakata wath ekaga naha..
      gahanunge athulanthaya harima kuhakai kurirui..wasi paththata
      puduma ikmanata harenawa me loke hamoma ehemai.. 100%

      eka danaganna puluwan bohoma lesiyen...

      Delete
    2. තමන්ට වාසි පැත්තට තමා හැමෝම හැරෙන්නේ.. ඒක ගෑණු පිරිමි කියලා වෙනසක් නෑ කියලා මම නම් හිතන්නේ...

      අවශ්‍ය තැනදි පිරිමියාට වඩා තද තීරණ ගන්න පුළුවන් පෞරැෂයක් කාන්තාවන්ට තියෙනවා.. එහෙම නැතුව පවුලක් සාර්ථක වෙන්නේ නෑ.. පිරිමි කී දෙනක් පවුලේ වැදගත් තීරණ ගනිද්දි බිරිඳගේ කීම පිළිගන්නවද... එහෙම පවුල් වල සාර්ථකත්වය වැඩියි තනිම‌ෙත්ට වැඩකරන පිරිමියෙක් ඉන්න පවුලකට වඩා..

      කාන්තාවන් බො‌ෙහාමයක් මෘදුයි.. මොකද පිරිමි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ ගෑණු චරිත නිසා.. නමුත් ඒකෙන් කියවෙන්නේ ඇයට තද තීරණ ගත නොහැකියි කියලා නෙවෙයි... ගැහැණියකගේ ජීවිතය කැරකෙන්නේ තමන්‌ෙග් පවුල වටේ.. ඇත්තටම පවුලක සාර්ථකත්වයට වැඩිපුරම බලපාන්නේ බිරිඳගේ, අම්මගේ චරිතයේ පෞරුෂත්වය..

      Delete
    3. @ තරුවා

      අහලා බලලම කියපන් මලේ.ජය...!

      Delete
  19. """තමන්ට වාසි පැත්තට තමා හැමෝම හැරෙන්නේ.. ඒක ගෑණු පිරිමි කියලා වෙනසක් නෑ කියලා මම නම් හිතන්නේ...

    අවශ්‍ය තැනදි පිරිමියාට වඩා තද තීරණ ගන්න පුළුවන් පෞරැෂයක් කාන්තාවන්ට තියෙනවා.. එහෙම නැතුව පවුලක් සාර්ථක වෙන්නේ නෑ.. """
    මේකයි dr ඔන්න ඕක තමයි තමන්ගේ සාර්ථකත්වයට තද ගන්නවා , ඒ තමන්ගේ පවුල වෙනුවෙන්
    .එතැනදී අනික් කෙනා ගැන හිතන්නෙම නැති තරම්. අන්න එක ගැනයි මම කතා කරන්නේ...
    තමන් ගැන විතරයි , තම පවුල ගැන විතරයි ...
    මේක ඔයා 100% බාර ගන්න එපා , ඔයාව ඉලක්ක කරන කියන කතාවක් නෙවේ.
    .

    """පිරිමි කී දෙනක් පවුලේ වැදගත් තීරණ ගනිද්දි බිරිඳගේ කීම පිළිගන්නවද... එහෙම පවුල් වල සාර්ථකත්වය වැඩියි තනිම‌ෙත්ට වැඩකරන පිරිමියෙක් ඉන්න පවුලකට වඩා.. """
    ඔව් army පාලනය තියෙන තැන මන් දැකල තියෙනවා .
    ඒවගෙන් බාගෙට බාගයක් දැන් දෙදරලා ඉවරයි , ඉතුරුවත්
    මොනා වේවිද දන්නේ නැහැ .. මොකද ගෑනුන්ට දුර වාසි
    පේනවා සහ හොයනවා පිරිමින්ට වඩා .. ඒ අතින් අපි එහෙම නැහැ
    ළමයි 5 එක්ක ගෑනියෙක් ගෙන්න උනත් ලෑස්තියි .. එත් මොන ගෑනිද
    එහෙම කරන්නේ?

    """කාන්තාවන් බො‌ෙහාමයක් මෘදුයි.. මොකද පිරිමි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ ගෑණු චරිත නිසා.."""
    ඔව් අපි කරන්නේ ( රැවටෙන්නේ ) ඔන්න ඕකට තමා ..එත් ඇතුලාන්තය දැක්ක
    දාට ???

    """ නමුත් ඒකෙන් කියවෙන්නේ ඇයට තද තීරණ ගත නොහැකියි කියලා නෙවෙයි... """
    ඔව් සුදු පිරුවට ඉවත් කරාම ඉන්නේ පිරිමියෙක්ටත් වඩා සර පරුෂ
    හිත පිත් නැති අවස්ථාවාදියෙක් ...
    """ගැහැණියකගේ ජීවිතය කැරකෙන්නේ තමන්‌ෙග් පවුල වටේ.. ඇත්තටම පවුලක සාර්ථකත්වයට වැඩිපුරම බලපාන්නේ බිරිඳගේ, අම්මගේ චරිතයේ පෞරුෂත්වය.. """
    ඔයා හිරු හරියටම හරි 100% එකගයි , දූවරුන්ගේ හිත්
    brain wash කරන්නේ අම්මල තම කොහොම හරි හොද
    එකෙක් එක්ක පල කියල ..
    මට කෙනෙක් ගොඩක් උදව් කරපු කෙනෙක් ඉස්සර
    මට හැමදාම කියනවා මල්ලි " ඔය කෙනාගේ අම්මගේ
    විදිහම තම දුවත් තේරුම් ගන්න තේරුම් ගන්න " මට වදින්නති
    ටික විතරයි ..
    අන්තිමට දුව අම්මට හපන් ..

    ඔය හිරු මේ දේවල් ඔයාට කිව්වා කියල හිතන්න එපා .
    මොකද මන් ඔයාව දැකලවත් නැහැ . මන් කිවේ පොදුවේ .
    අනික මේක ගැලපෙන තැනකුත් නෙවේ මේවා කතා කරන්න .
    අනික පිරිමි හොදයි ගෑනු නරකයි කියන දේකුත් නෙවේ මට
    කියන්න ඕනේ.



    ReplyDelete
    Replies
    1. //එතැනදී අනික් කෙනා ගැන හිතන්නෙම නැති තරම්. අන්න එක ගැනයි මම කතා කරන්නේ...
      තමන් ගැන විතරයි , තම පවුල ගැන විතරයි ...///

      කසාද බැදපු ගෑණියෙක් වැඩිපුරම හිතන්‌න ඕනේ ඒ ගැන නෙවෙයිද...? ලංකාවේ නම් එහෙමයි... වෙන කෙනෙක් ගැන හිතුවොත් විනාසයි... හි හි..

      ඔය “ අනිත් කෙනා” කවුද කියලා මට තේරෙන්නේ නෑ.. සැමියාද... ? එහෙම නම් කියන්න තියෙන්නේ මේ හැම දෙයක්ම සිද්ධවෙන්නේ සැමියා වෙනුවෙන්ම තමයි...

      ////ළමයි 5 එක්ක ගෑනියෙක් ගෙන්න උනත් ලෑස්තියි .. එත් මොන ගෑනිද
      එහෙම කරන්නේ? ////

      මේ කතාවෙ ඇත්ත තත්වය නම් කසාද බැදලා ළමයි එක්ක ඩිවෝස් වෙච්ච පිරිමියෙක්ට, නොඉඳුල් කෙල්ලෙක්ව කසාද බැදගන්න පුළුවන් සමාජයක් ලංකාවේ තිබුනත්, රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්‌ෙස් නිතීයෙන් වෙන් වෙච්ච කෙල්ලෙක්ට බඳින්න වෙන්නේ එක්කෝ ඩිවෝස් වෙච්චි පිරිමියෙක්, නැත්තම් නාකි මිනිහෙක්.. ඔන්න ඕකයි ඇත්ත තත්වය..

      පිරිමියෙක් මිටරයක් ඉස්සරහා බලනවා නම් ගෑණියෙක් කිලෝමීටරයක් ඉස්සරහා බලනවා... ඒක කපටිකම වෙන්නත් පුළුවන්... ඒක මම නෑ කියන්නේ නෑ..

      ////දූවරුන්ගේ හිත්
      brain wash කරන්නේ අම්මල තම කොහොම හරි හොද
      එකෙක් එක්ක පල කියල////

      ඉතිං ඒකේ ඇති වැරැද්ද මොකද්ද...? හැම දෙමවුපියම කැමති තමන්ගේ දරුවෝ හොඳින් සතුටින් ඉන්නවා දකින්න.. කවුද කැමති තමන්ගේ දරුවෙක්ට නරක මිනිහෙක් එක්ක යන්න දෙන්න.. එහෙම ගිහින් දුක් විඳිනවා බලන් ඉන්න... හැබැයි ඒකට කියන්නේ නම් brain wash කරනවා කියලා නෙවෙයි... හොඳ නරක තෝරලා දෙනවා කියලා..

      කොල්ලෙක්ට කෙල්ලෙක් බන්දලා දෙද්දි අම්මල තාත්තලා කොච්චර දේවල් හොයනවද...? එහෙම නැත්තම් ඔයා කිව්වා වගේ army පාලනය තියෙන තැනකදි නම් තාත්තට අම්මට කැමති එකාට/ එකීට බන්දලා දෙනවා... එච්චරයි...

      ලංකාවේ නම් කෙල්ලෙක්ට බඳින්නේ නැතුව තනියෙන් ජීවත් වෙන්න අමාරු තත්වයක් තියෙන්නේ.. ඒක නිසා කෙල්ලෙක්ට කසාදය තාමත් බොහෝ දුරට අනිවාර්යයි... එහෙම නැත්නම් නොබැඳ ඉන්න කෙල්ලෝ ගොඩක් මාත් අයිති වෙන්න තිබ්බා.. හි හි..

      ඇත්තටම පිරිමි ගෑණුන්ගේ මෘදු බවට රැවටෙනවාද...? මම හිතන්‌ෙන් නම් නෑ කියලා... ගොඩක් ආදරේ කරලා බඳින පිරිමි තමන්ගේ බිරිඳගේ ගෞරව කරන දෙයක් තමයි ඇයගේ තියෙන ප්‍රශ්න දරා ගැනීමේ හැකියාව... පොඩ්ඩ ඇත්නම් හොටු පෙරාගෙන අඬන එක ඇත්ත... නමුත් ගැහැණියක් ජීවිතේ දරා ගන්න දේවල් පිරිමියෙක් කවදාවත් දරා ගන්නෙ නෑ කියන එක නම් සහතිකයි... නමුත් ඒ මෘදු බවට ආදරේ කරනවා... ආස කරනවා.. එච්චරයි...

      ///ඔව් සුදු පිරුවට ඉවත් කරාම ඉන්නේ පිරිමියෙක්ටත් වඩා සර පරුෂ
      හිත පිත් නැති අවස්ථාවාදියෙක් ...////

      මම නම් ඒ වගේ තමා ටිකක්.. ඒත් ඉති සුදු පිරුවට නම් පොරවන් ඉඳලා නෑ.. හැමදාම මේ විදියමයි.. හි හි... ඒත් ඒක හැම ගැහැණියටම නම් පොදු නෑ.. හිත් පිත් නැති අවස්ථාවදියෙක් කියන එක නම් සැර වැඩියි....

      මට හිතුන දෙයක් කියන්නද.. ඔයා මේ දෙවල් කියන්නේ ඔයාගේ පෞද්ගලික අත්දැකීමක් හින්දා කියලා... ඒක එහෙම නම් මට සමාවෙන්න.. ම්ම්ම්.. මම ඔයාගේ බ්ලොග් එක පැත්තේ ගියා... ටෙස්ටින් කියලා දාලා තිබ්බ නිසා කමෙන්ට් නම් කළේ නෑ..

      Delete
    2. මේකයි dr ඔyaa මැරී කරපු කෙනෙක් කියල මන් දැක්ක කලින් කියල තිබුන.
      ඒ නිසා ඇත්තටම තමන්ගේ පවුල් ජීවිතේ ( ඔයාගෙයි මහත්තයගෙයි ) ඇර
      ( issarahata man ewa ganath lipi tikak danawa edata therewi mankiyana dewal
      monada kiyala cus math oya jeewithe gatha karapu kenek ..)
      වෙන කිසිම දෙයක් ගැන හිතන්න , මුල් තැන දෙන්න හොද නැහැ . ( මන් කිව්වේ පහත්ම විදිහට නෙවේ අනික්
      කෙනාට මොනවගෙන් මොනවා උනාම අපිට මොකද වගේ )..
      ඒකෙ කිසිම වාද විවාදයක් නැහැ . මොකද මම වත් , මෙතන ඉන්න කිසිම කෙනෙක්
      වත් ඔයාට දෙයක් උන දාකට එන්නේ නැහැ. කොච්චර හනේ පනේ කිව්වත් ඕකනේ
      ඇත්ත ..ඒක ඔයත් දන්නවා මාත් දන්නවා as adults ..

      මන් කිව්වේ මැරී කරන්න කලින් හැසිරෙන හැටි ගැන . ඔයා wife කෙනෙක් විදිහට
      මන් කියන දේ ගැන බලන්න එපා .එහෙම බලන්න ගියොත් වෙන්නේ " හරි කතාවක්නේ
      මනුස්සය ගෙදර ඉද්දි ඔය කියන්නේ මට ලෝකේ මිනිස්සු ගැන හොයා හොයා යන්නද " කියල
      කියන්නම වෙනවා මන් කියන කතා වලට ඔයාට ..

      කොහොම හරි මට එක දෙයක් තේරෙනවා මේක යන්නෙම නුහුරට .මොකද ඔයා
      කියන දේවල් 100% හරි දැන් ඔයා ඉන්න තැන අනුව .ඒක මන් වැරදි කියනවා නෙවේ..
      එකමනේ මන් මුලින් කිව්වේ සමාජ ප්‍රශ්න ගැන කතා කරාට ඔයාට දෙයක් උනොත් මෙතන
      කව්රුත් නැහැ . මට දෙයක් උනත් ඒක එහෙමයි ..අනික කිසිම කෙනෙක්ගෙන් එහෙම බලාපොරොත්තු
      වෙන්නත් බැහැ අපිට .ඔයා මට මෙහෙම කරන්න ඕනේ කියල ..
      එත් dr මන් කියන්නේ එහෙම කියල තනි පුද්ගල මනෝ සංග්‍රාමයක් කරන්න කාටවත් බැහැ .
      ඕනම කෙනෙක්ට කව්රු හරි ඕනේ.අන්න එතැනදී අපි ලන් වෙන අය , අපිට ලන් වෙන අයගේ
      හැසිරීම තදින් බලපානවා කෙනෙක්ට .
      ඔයාගේ හැම දෙකටම උත්තර තියෙනවා මට කියන්න .එත් මන් කියන දේවල් වලින් ඔයාගේ හිත
      පෑරෙන බව දැනෙනවා . ඔයා මේ කිසිම දෙකට සම්බන්දයක් නැතුව හරියට මහා පවක් කරපු කෙනෙක්ට
      වගේ මන් ඔයාට කතා කරා කියල ඔයාට දැනෙයි .. එහෙම කරන්න මට ඕනේ නැහැ..
      මන් ඉතින් නිකන් විවෘතව කතා කලේ dr , ඒත් මේකෙන් මටත් හිතට හරි නැහැ , මන් මුළු ලෝකෙම
      තියෙන වැරදි වලට ඔයාට නෝක්කාඩු කිව්වා වගේ උනා මේක..
      එහෙම දෙයක් නෙවේ dr හොදද? personally බාර ගන්න එපා , ඒ වගේම කිසිම දෙයක් නිසා
      ලස්සන ජීවිතේට හානියක් කරගන්නත් එපා..

      අනිත් දේ මන් දැනට ගොඩාක් ලිපි ලියල තියෙනවා , ඔක්කොම drafts වලට දාල හිර කරලා
      තියෙන්නේ blog එකේ තව වෙනස් කරන්න ඕන දේවල් තියෙන නිසා..
      දැනට disclaimer එකයි abt athr එකයි ගොඩක් දුරට හරි .ඒවගේ වෙනසක් වෙන්නේ නැහැ .
      ඔය එක්ක ගියපු කතා බහෙන්ම බහෙන්ම මට දැනෙනවා disclaimer එක දාපු එක
      ගොඩක් වටිනවා කියල ..ඉස්සරහට දැනට my music වල තියෙන සින්දු on line ඉඳන් අහන්නයි , තව
      වැදගත් හරි දර්මය තියෙන බණ මාලාවක් දාන්නයි ඉන්නේ .ඒකට cdn settup එක හදනවා දැනට.
      තව මන් මීට කලින් වෙන වෙන තැන වල ලියපු විදුලි සංදේශ ගැන ලිපි , දේශපාලනය ගැන
      වගේ ලියපුවා දාන්න ඉන්නේ .මොකද මේ හැම දේම එකම තැනකට ගෙන්න ඕනේ .හැම දේම
      තැන් තැන් වල. ..
      අනිත් දේ තමා මන් කියන කරුණු වලින් එක පාරට අදහසක් ගන්න එපා .
      මොකද මන් කියන, කරන දේවල් එක පාරට බැලූ බැල්මට වරදවා හිතන්න
      පුලවන් . ඒක ගැන උදාහරණයක් තියෙනවා මන් ආගම ගැන කියල තියෙන තැන...
      මොකද ඔයාගෙවත් මගේවත් තනි පුද්ගලික අද්දැකීමක් මුළු සමජෙටම අරමුණු කරන එක
      වැරදියි . මන් එහෙම කෙනෙක් නෙවේ , එත් dr මේ සමාජේ තියෙනවා මුළු සමාජේම නෑ
      වගේ හැංගිලා හැමෝම ගාව තියෙන නරක දේවල් .අන්න ඒවා මම එළිපිට කතා කරනවා.
      ඒක දෙකක් dr , එකක් විදිහට බාර ගන්න එපා . අවංක නොවුනොත් හැබැයි වැඩේ කරන්න බැහැ ..
      ( දැන් අයෙම 100% ඔයාව ඉලක්ක වේගෙන යනවා වගේ නේද හිකිස් ..)
      හිතන්න ජේසු තුමා අද කාලේ කිව්වා නම් කිසිම වැරද්දක් නොකළ කෙනෙක් ඉන්නවා නම්
      පළමු ගල ගහන්න කියල මොනවා වේවිද ?
      ගල් කෝටියක් විතර වදිනවා නේද තමන් සුදනෝ කියල පෙන්නන්න හදන ලෝකෙක?
      කොහොම හරි ගොඩක් සතුටුයි මෙහෙම ගැබුරු දෙයක් කතා කරන්න තරම් කෙනෙක් මුණගැහුන එක..
      එත් මන් කැමති නැහැ මේ වගේ දේවල් වලට , මට ඕනේ දැන් වත් පැත්තකට වෙලා ඇත්තටම
      ඔහේ මේ හැම දේම දාල පුංචි සරල තැනක ඉන්න ...
      දැන් මුල් පාරම ඔයාව මන් සැලකුව නම් " අපෝ හිරු කියන්නේ තනිකර අවස්තාවාදී කුහක
      එපා කරපු ගෑනියෙක් " කියල ඒක මොන තරම් වැරදිද ?
      එහෙම මන් ගැන හිතන්නත් එපා ..එත් මන් දන්නවා දැන් ඔයාට මන් ගැන ඇති වෙලා තියෙන්නෙත්
      අර වගේ හිතුවිල්ලක් ...
      එහෙම හිතන්න එපා , හැම දේම ඉවරයක් උන දාට තේරේවි මන් ගැන ..
      I promise u, soon ull able to see thi end but until that i wont be silent ..

      Delete
    3. හි හි.. එහෙම හිතන කෙනෙක් නම් මම ඔයාට උත්තර දෙන්න එන්නේ නෑ මෙතන.. බ්ලොග් එක හදා ගමුකො.. අපි එතනදි මේ ගැන කතා කරමු.. ඒකයි ‌හොඳ....

      ඒ ව‌ෙග්ම.. ඔයා ගොඩක් විනීතව කතා කරනවා මේ වගේ මතෘකාවක් ගැන... ඒ ගැන ගොඩක් ස්තූතියි වගේම ඕක ඉදිරියටටත් තියා ගනී කියලා හිතනවා..

      Delete
    4. උඹත් ක‍ටු අත්ත වගේ කොහේ හරි එල්ලෙන්නමයි බලන්නේ... හපොයි අර අහිංසකයා....!

      Delete
    5. ( මට ඔලුව හංගගන්න තැනක් නැතෝ........? )

      හි හි..

      Delete
  20. http://www.smashingapps.com/2008/08/28/5-best-free-file-hosting-services-to-store-your-files.html

    ReplyDelete
  21. Niyama wedak. http://www.divshare.com/ Audio ehema danawanam godak hondai.

    Matath sinduwak hoyaganna one wela thiyanawa. Artist wath danne ne. Puluwannam support ekak denna. Kadekin ehuwama kiyanneth artist hoyan enna kiyala.

    "Sinda binda kandulu ganga... Adareta adare pala..."

    ReplyDelete
    Replies
    1. machan man gawath godak parana ewa thiyenawa ,
      ohoma kiwwata nam hoyanna baha... melody eka wath
      kiyanna puluwan nam js buss me up ..
      niroshage paraaaanama sinduwa ehema newene?

      Delete
    2. oka fast yana ekak. Math ehuwe eka parai hiru fm walin. melody eka kiyanna tharam mathakayak ne. Ahamben wage ehune tikai

      Delete
    3. @ chanakalin

      යාලුවා ඕක.......

      බිඳු බිඳු කඳුළු සලා.....
      ආදරේට ආදරේ පාලා.....
      හිනැහිලා...
      නැලවෙමු තු‍ටුවෙමු රඟමු සතු‍ටු වෙමු..
      සුලෝචනා......

      කියන ගීතයද කියලා මට කියනවද...?
      මට වචන ටික දැකපු ගමන් මතක් උනේ ඒ ගීය. එහෙම උනොත් මට ඔයාට උදවු කරන්න පුළුවන් හොඳේ. ජය......!

      Delete
    4. Wenna ethi. Mata "Adareta adare pala..." hondatama mathakai. Anith peli genanam mathakayak ne hariyatama. Parana film ekaka wage kiyala kathawak keewa yaluwek eth eyatath hariyatama mathaka ne oka gena.

      Delete
    5. ඔයා කියපු සිංදුව තමයි. මම හෙව්වට හමුබවුනේ real audio file එකක් විතරයි. කොලිටිය ගන්න දෙයක් නෑ. පුළුවන්නම් ඒකෙ MP3 එකක් හොයල දෙන්න පුලුවන්ද?

      Delete
  22. සරා ගොයියාගේ ඔලුව විකාර වෙයි අපි දෙන්න මේ කරල තියෙන දේ දැක්කම .
    ඇත්තටම ජොලි වැඩේ , අපේ ගෙවල් තියන් වෙන කෙනෙක්ගේ ගෙදරකට
    පැනල ඒ ගෙදර බඩු මුට්ටු අපේ වගේ පොඩි කරලා දාල නිවී හැනහිල්ලේ
    අපේ ගෙදරට ඇවිත් දොර වහන් නිදා ගන්න එක...හිකිස් ... ( විහිළුවක් කලේ
    මොකද මට ඕනේ ඔහේ මොනවා හරි බොලද දෙයක් කියව කියව ඉඳල යන්න ,
    මෙහෙම සංකීර්ණ ඒවා මොකටද දැනටමත් එහෙම ජීවිතේක ඉද්දි )

    කොහොම හරි ඔයා අන්තිමට කිව්ව කතාව නම් මට තදින්ම වැදුන ,
    ඒ වගේම ඔයාටත් තදින් වැදුන දෙයක් නිසයි ඔයගෙනුත් එහෙම කියා උනේ..

    ReplyDelete
    Replies
    1. සරාට අවුලක් නෑ යාලුවා. සංවාදයක් නෙව ගොඩ නැගිලා තියෙන්නේ. ඒතුලින් තමයි අදහස් හුවමාරු වෙන්නේ. මාධ්‍යක් තුලින් නිසා අනෙක් අයටත් යමක් (දැනුමට) ලැබෙනවා ඒතුලින්. කොහොමත් හිරුවා දන්නවා සරා කියන්නේ ගල් පලලා මද කාපු එකෙක් කියලා.. හිකිස්....!

      Delete
  23. @ sara wadagathma data danawanam site.google.com use karanna,
    mokada data sure ..100mb wenakam thama habai ida denne...
    mp3 hotlink kranna one nam kiwi6 hodai.. eth eka parata mulu sesathama up karala ah dan hari kiyala hard eken ayin karannath epa. mokada oya hama site ekama data walata wagakiyanne naha..
    e hinda google site wala acc 4, 5 hadan ekatama up karanna.. habai slow , eth 99% sure ..
    man dennam player 2 ewa auto buffer off wenawa .e deka oyage site eheka host karala mp3 up krala hotlink karanna othokota hari...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අලුත් යාලුවා ඔය ගොඩාක් විස්තර දීලා තියෙනවා. මම ඉලෙක්ට්‍රොනික් වල මුලු කාලයම ඉන්න නිසා ඔය ගැන දැනුම අඩුයි. මම හිත්නවා ඔයාගේ මේ තොරතුරු ඔස්සේ මට ගොඩාක් වැඩ කර ගන්න පුළුවන් වේවි කියලා.

      ජය වේවා...!

      Delete
  24. ලියලා තියන දේවල් නම් ගොඩක් සංවේදියි සින්දු ටික අහන්න බැරිවුනත්..

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....