Friday, November 2, 2012

භූතයන්ගේ වහල්ලු...



                                       
                                                          ඇල්බට් අයින්ස්ටයින්

                 ලෝකේ හරි අපූරු මිනිස්සු ඉඳලා තියෙනවා. සමහරු අදටත් ඉන්නවා, ඒවගේම අනාගතේ උපදින්නත් පුළුවන්. මේත් එහෙම අය කීපදෙනෙක් ගැන මට දැනගන්න ලැබුනු කරුනු ටිකක්. පහුනු පෝස්‍ටුවෙදි මම කිව්වනේ මේ කතාව කියනවා කියලා. සරා හොල්මන් කියලා කෙලින්ම හඳුන්වන්න පුළුවන් දේවල් දැකලා නෑ. මොකද හොල්මන් දැක්කම බය හිතෙනවලුනේ. මම දැකපු පුදුම හිතෙන දේවල් කිසිවකට බයවෙලා නෑ. එක්කෝ මට ඔය කියන නහරේ නෑ. එහෙම නැත්නම් සරාව බය කරන්න පුළුවන් හොල්මන් නෑ. ඕන එකක් මේන් මම හොයාගත්ත කරුණු ටික. අපි මේ විදිහට කතාවට එන්ටර් වෙමු.

                   සමහර අය කියනවා මට මේ දේවල් කරන්න පුළුවන් උනේ අහවල් භූත ආත්මය මගේ ශරීරයට ආවේශ උන නිසා කියලා. "මේදේවල් කලේ මම නෙමෙයි" කියන ඔවුන් වාක්‍යයේ අගට යොදන්නේ ලෝක ප්‍රකට පුද්ගලයෙකුගේ නමක්. ඇතැම්විට ඒ ලිස්ට් ටොපින්, පැබ්ලෝ පිකාසෝ, චාල්ස් ඩාවින්ච්, බී‍තෝවන්, ඇල්බට් අයින්ස්ටයින් වැනි අයෙක් වීමට පුළුවන.

             හැබෑටම මේවා ඇත්තද..? තවත් අදෘශමාණ බලවේගයක මෙහෙකරුවන් බව පවසන මොවුන්ගේ කතාවල සත්‍යතාවයක් තිබේද...? අසනීපකාරයන් යැයි හඳුන්වා එම කතා උපහාසයෙන් බැහැර කිරීමට අපට හැකියාවක් තිබේද..? එසේ නොවේනම් ඔවුන්ගේම සිත්හි ‍රැඳි අප්‍රකට අධි මානසික ශක්තියක් විසින් ඔවුන්ව මෙහෙයවනවා වන්නට නොහැකිද..? මෙන්න එහෙම අපූරු කතාවක් කියපු එක පුද්ගලයෙක්.
                                                         පැබ්ලෝ පිකාසෝ        
ඔහු නමින් මැතිව් මැනින්ග්. භූත විද්‍යාව පිළිබඳ කරුණු හදාරමින් සිටි ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. 1973 ඔහු ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝගේ ශෛලියේම චිත්‍රයක් ඇන්දේය. එමෙන්ම ඔහු එම චිත්‍රයේ වර්ණ සංයෝජනය කර තිබුනේද පිකාසෝගෙම ශෛලියටය. මෙහි ඇති අපූර්වත්වය නම් මැතිව් මැනින්ග් චිත්‍ර ශිල්පය ගැන කිසිඳු දැනීමක් (අපේම වචනවලින් කියනවානම් මෙලෝ දෙයක්) නොමැති අයෙකු වීමයි.ඔහුත්  පිකාසෝත් අතර කිසිම දැන හැඳුනුම් කමක් නොවුනු අතර ඒ වනවිටත් පිකාසෝ මියගොස් තෙමසක්ද ඉක්මගොස් තිබින. පිකාසෝටම ආවේණික මේ වර්ණ සංයෝජනයන් වෙනකෙකුට කිසි ලෙසකින්වත් කල නොහැක්කක් බව තතු දන්නන්ගේ මතය විය. කරුණු විමසීමේදී මැතිව් ප්‍රකාශ කර සිටියේ පිකාසෝගේ භූත ආත්මයේ මෙහෙයවීම මත තමන් අතින් මේ චිත්‍රය ඇඳුණු බවයි. ඔහු මට අණකර සිටියා මෙය මෙසේ වියයුතු බවට...! මැතිව් කීවේය. මෙයද එවන් කතාවකි.

                     විනීත ධර්මාචාර්ය වරියක වූ රෝස්මරී බ්‍රවුන් ලන්ඩනයේ ජීවත් වූ මැදිවියේ කාන්තාවකි. වැන්දඹුවක් බවට පත්වෙන තෙක්ම සංගීතය පිළිබඳ ඇයට තිබුන දැනුම ඉතා අල්ප විය. එහෙත් 1964 දී තමන්ට බී‍තෝවන් හා ටොපින්ගේ භූතාත්ම සමඟ සම්බන්ධතාවයක් තිබෙන බව ඇය කියා සිටියාය. ඒ ඇගේ ජීවිතය වෙනස්කල එක සංධිස්තානයක්ද විය. අවකාශයේ තිබුනු සංකීර්ණ සංගීත ඛන්ඩ ඇයට නොනවත්වාම ඇසෙන්නට පටන්ගෙන තිබින. මට ඒ ස්වර ඛන්ඩ හැකි තරම් වේගයෙන් පිටපත් කරන්නට නියම වී තිබුනා...! රෝස්මරී කියන්නීය. නමුත් ටික දිනකින් අප අතර තිබූ සංනිවේදනය බිඳ වැටෙන්නට පටන් ගත්තේ ඔවුන් තම මව් භාශා වන පෝලන්ත හා ජර්මන් භාශාවලින් කතා කිරීමට පටන් ගත් නිසයි...! වැඩි දුර කරුණු දක්වමින් ඇය කියා සිටියාය. ඒනිසා ඇය ඔවුන් කියනා ආකාරයට අකුරු ලියාගෙන තම පෝලන්ත මිතුරියක ලවා මව් බසට පරිවර්ථනය කරගත්තාය.


                                
                                                          බී‍තෝවන්
                    ඇය අතින් ලියවුනු සංගීත ඛන්ඩ පිළිබඳ විස්තර ක්‍රමයෙන් බ්‍රිතාන්‍යයේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ සංගීතඥයින් අතට පත්වූ අතර මනුහීම්, රොඩ්නි බෙනට් වැන්නවුන් පවා ඒවා දැක අතිමහත් පුදුමයට පත්වූවෝය. සංගීතය පිළිබඳ ඉතාම අල්ප දැනුමක් ඇති ඇය අතින් කිසිසේත්ම මෙවැන්නක් ලියවිය නොහැකි බව ඔවුන්ගේ මතය විය. කෙසේ නමුදු රොස්මරීගේ භූතයෝ ඇයව සංගීතයටම පමණක් සීමා කලේ නැත. ඇය මියගිය චිත්‍ර ශිල්පීන්ගේ, දාර්ශනිකයන්ගේ, විද්‍යාඥයන්ගේද බලපෑම් වලට නතු වූවාය. සියවසකට පමණ පෙර ජීවත් වූ වින්සෙන්ට් වෑන් හෝහ්ට ඇවැසිව තිබුනේ තමන් ජීවත්ව සිටියදී අවසන් කිරීමට නොහැකිවූ කලා කෘතියක වැඩ රෝස්මරී ලවා අවසන් කරගන්නටය. බර්ට්‍රන්ඩ් රසල් හටද ඇය ලවා තම සදාතනික ජීවිතය පිළිබඳ පණිවිඩයක් යවාගන්නට අවශ්‍ය වූ බව රෝස්මරී කියයි. ඇල්බට් අයින්ස්ටයින් ගේ භූතයා සමඟ සබඳකම් පවත්වා විශ්මයජනක ලෙස එහි සාක්ෂි ලෝකයාටද ඉදිරිපත් කලාය.  


                 වචන 3,00,000ක් තිබුනු The sorry tale නවකතාව ඔබ අතරින් කවුරුන් හෝ කියවා තිබෙන්නට පුළුවන. එසේ නැතත් අසා ඇති අය හෝ ඉන්නට හැක. එය පේටියන්ස් වර්ත් අතින් ලියවුනකි. එහෙත් ඇයට ඒ සඳහා ගතව තිබුනේ දෙවසරක් වැනි කෙටි කාලයක් බව ඔබ දන්නවාද...? නව කතාව කියවූ පාඨකයන්ට ඇතිවූ ප්‍රශ්ණයනම් එය ලියුවේ කවුද යන්නයි. එහෙත් නිවැරදිව එය දැන හුන්නේ පේටියන්ස් වර්ත්ම පමණයි.පිළිතුර විලියම් ශේක්ෂ්පියර්, බ්‍රවුනින්ග් බ්‍රොන්ටේ, කීට්ස් වන්නටද පිළිවන. පේටියන්ස්ටද The sorry tale කෘතියේ කතුවරයා අභිරහසකි. ඇය කිසිදා එය හෙලිකලේද නැත.
                                   
                                  පේටියන්ස් වර්ත්
එනයින් ගත්කල ලෝකයේ පහලවූ ශ්‍රේෂ්ඨ මිනිසුන් ‍තෝරාගත් පිරිසක් මාර්ගයෙන් තම ශක්තීන් මෙලොවට සන්නිවේදනය කරන්නේද......?


23 comments:

  1. අදිසි ශක්තීන් පිලිබද විශ්වාසයක් මටත් තියෙනවා.

    හොද ලිපියක් !

    ReplyDelete
  2. මටත් මතකයි මේ කතන්දරේ මුතුහර සඟරාවක තිබ්බා....

    ඒව කියවද්දි මට ආපු ප්‍රශ්නේ තමයි මේ කතාවට වැඩිහරියක් සම්බන්ධ උනේ කිතුණු භක්තිකයන් වීම... මොකද ඔවුන් මරණන් මතු ජීවිතයක් විශ්වාස කරන්නේ නෑ නේ.....

    ReplyDelete
    Replies
    1. විශ්වාස කරනවද.... ????

      මලා....

      රටේ නැති විකාර කතා ට්‍රාන්ස්ලේට් කර කර, බලුකිරි කාරයන්ට බැන බැන ඉන්න එකේ දාපන්කෝ පෝස්ට් එකක් ඕවා ගැන... හි හි...

      Delete
    2. @ චමි4යු

      ඒක නේන්නම්..!

      ඉන්ටර්නල් ලයිෆ් කිතුනුවෝ විශ්වාස කරනවා.

      Delete
    3. @ හිරූ

      මම කියවලා තියෙනවා. ඒ කරුණු තමයි මේකට යොදාගත්තේ. ඌනපූර්ණයකුත් එක්ක.

      Delete
  3. හුහ් අදත් ඉන්නවා බං හිට්ලර් හෙම වැහිච්ච උං මම දන්න.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව Dude මහත්තයා..!

      Delete
  4. නොපෙනෙන බලවේග නම් නැත්තේ නෑ. බුද්ධ කාලයේත් යම් යම් පුද්ගලයන්ට මාරයා ආවේශ වුනු කතන්දර තියනවා නේද.. ඒ වගේ හොඳ අතට සිද්ධ වෙන දේවලුත් ඇති.
    http://www.lakehouse.lk/budusarana/2011/08/21/PrintPage.asp?REF=vision01

    ReplyDelete
    Replies
    1. මාරයා නම් හිටි ගමන් මටත් ආවේශ වෙනවා.හික් හික් හික්..!

      Delete
  5. අනේ මන්දා...විශ්වාස කරන්නද...නොකරන්නද කියලා...

    ReplyDelete
    Replies
    1. ගෙඩිය පිටින් ගිලීමක් අවශ්‍ය නෑ නං‍ඟෝ.. ජය..!

      Delete
  6. Marana aya awesha wena eka gana nam tikak ahala thiyenawa. Eth me wage aya gana dana gaththe adai.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒකත් හරි නෙව..!!හිකිස්...!

      Delete
  7. ම්ම්ම්....අනේ මන්දා... හැබැයි ඕවායේ ඇත්තකුත් ඇති. මොකද අප අවට තියෙන හැම දෙයක්ම අපිට පේන්නේ නෑනේ....බුදු දහමේ ඔය ප්‍රෙතයෝ, භූතයෝ, දෙවිවරු ගැන සඳහන් වෙන්නේ. හැබැයි මම නම් ඔය වගේ දෙයක් කවදාවත් අත් විදලා නෑ...... අම්මෝ..... එහෙම වෙන්නත් එපෝ.....

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්.. මේ ළමයා හොල්මන් වලට බයයි..!

      Delete
  8. ඉටි පන්දමක දැල්ලකට අපි හුලන් පාරක් පිම්බාම ඒක නිවිලා යනවා.ඊට පස්සේ ඒකට මොකද වෙන්නේ? කෝ ඒ ගිනි දැල්ල?

    ReplyDelete
    Replies
    1. අම්මපා මාත් මේ අහන්නමයි හිටියේ. ඇත්ත කියපන් මලයා... කෝ ඒක..?

      Delete
  9. විශ්වාස කරන්නෙත් නෑ.. නොකරන්නෙත් නෑ.. මොනා හරි බලවේගයක් නැත්තෙමත් නෑ මම හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. දැකලා තිබුනත් මම පිළිගන්නෙත් නෑ මලේ..!

      Delete
  10. ලිපිය කියවලා මමත් මේ කල්පනා කරන්නෙ මටත් කවුරු හරි ප්‍රසිද්ධ මනුස්සයෙක් වැහෙනවා නම් කවුද ඒකට හොඳ කියලා..!!

    ReplyDelete
    Replies
    1. හිකිස්...! මොනවද බලාපොරොත්තු වෙන සුදුසුකම්.

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....