Sunday, October 7, 2012

ගඟට පැන බේරුන වගයි....!!





                 සහශ්‍රය ආරම්භව වසර දෙක තුනක් ගිය තැන සරා පතල් කරුමාන්තයට අතගසා සිටියේය. ඒ ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අහවල් අධිකාරියේ නීති රෙගුලාසි වලට අනුවය. ලැබී තිබූ බලපත්‍රයේ සඳහන් වී තිබුනේ එසේය. එකලද ඔය සමාජවාදී ජනරජයක් තිබුනාද කියා මම නොදනිමි. සමහරවිට තියෙන්නට ඇතිය. එසේ නොවන්නටද ඇතිය. කුමක් උවද මට වැඩක් නැතිය. ඒ මම ලියන්නට යන්නේ ඒක ගැන නොවන නිසාය. මගේ කතාව මේකය..

                 මම ඔය කුරුවිට පැත්තේ පතල් නඩයක් සොයා ගත්තෙමි. ඒ සය දෙනෙකුගේ කණ්ඩායමකි. මුදලාලියා මමය. ලැයිසොං ගත්තේ ඇදුං වලවල් සඳහාය. ඒවා කරන්නේ ගඟේය. මම අමු ද්‍රව්‍ය සපයනවාය. ඔවුන් වැඩ කරනවාය.මැණික් එහෙමත් ලැබෙනවාය. ඔවුන්ගේ කොටස්ද දෙනවාය. හරි හරි ඒ ශෛලියෙන් ලිවුවා ඇති.
              ඉතින් ඔහොම පතල් වැඩේ සාර්ථකව කරගෙන ගියා. මුදල් හදල් එහෙමත් යහමින් අතේ ගැවසුනා. අනේ ඒත් බෝනික්ක වගේ හිටපු සරා නම් හාල් ගැරඬියෙක් වගේ උනා ටික දවසක් යනකොට. ඒකට මොකෝ, බල්ලෝ මරලා ගත්තත් මොකෝ සල්ලි "බුහ්" ගාන්නේ නැත්නම් කියනවනේ. ඒහින්දද මන්දා මාත් වැඩේ දිගටම කරගෙන ගියා. ඔය ඇදුං වලවල් හාරන්නේ ගඟේ කියලා කලින් මම කිවුවනේ. ඕකට ඉතින් ගඟ හරස් කරලා වැටි ගහලා වතුර හරෝලා වැටියට යටින් හලාව තියෙන හරියේ (හැඩ පහර නැති ප්‍රදේශයට හලාව කියනවා.) වැලි තට්‍ටුව ඇදුං උදලු වලින් අහක් කරලා තමයි ඉල්ලම පාද ගන්නේ. ඉල්ලම් කැඩෙන්න ගත්තම ඉතින් කුමතේරු ඉන්න ඕන.

                කුමතේරු කියන්නේ ඔය ගරන නාම්බුව දිහා බලා ඉන්න එකාටනේ.  දැන් අහයි  නාම්බුව මොකක්ද කියලා නාම්බුව කියන්නේ දරුවනේ අපි පතලක් කපලා ගන්න ඉල්ලම (මැණික් ඇතැයි අනුමාණ කරන පස) වට්ටියට (මේසඳහා විශේෂයෙන් සකස් කරන ලද ගැරුම් වට්ටි ඇත) දාලා ගරනකොට මැටි හේදිලා ගියහම ඉතුරු වෙන ගල් සහිත කොටස. මේකේ තමයි මැණික් තියෙන්නේ. ඉතින් මුදලාලි නැත්නම් මුදලාලිගේ හිතේෂිවන්තම පුද්ගලයෙක් තමයි ඕං මෙතනට එහෙම නැත්නම් කුමතේරුවට තියන්නේ.මගේ පතල් වලනම් හිටියේ මමම තමයි. හිතවත් අය නැතිනිසා නෙමේ ආයිබොවන්, උනුත් මං වගේම පතල් කරවපු නිසා. කොහොම උනත් මේ සෙල්ලම කරන්න පුළුවන් පායනකොට විතරයි වැහි කාලෙට පතල් කරවන එක බොරු ගඟේ.

                  ඇයි ඉතින් කට ගහලා වතුරනේ. ඒ කාලෙට වැඩ කරන අයට නම් ජොලිත් එක්ක. ඇයි ඉතින් නිකන් ඉන්න පුළුවන්නේ. පතල් කරුමාන්තේ රීතියක් තියනවා, යම් හෙයකින් වැඩ කරන්න බැරි අවස්ථාවක් ආවම මුදලාලි තමන්ගේ ගෝලයන්ගේ වියහියදම් බලාගන්න ඕන. එයාලට කන්න බොන්න විතරක් නෙමේ ගෙවල් දොරවල් වලට ගිහින් එන්න ඕන අය ඉන්නවා නම් එයාලගේ වියදම් පවා බලන්න ඕන මුදලාලි තමයි. එක අතකින් බැළුවම වැඩ කරන කාලෙට උන්දැලා මහන්න්සි වෙන විදිහට ඒකේ ඇති වරදකුත් නෑ. එහෙම හොඳට සලකන කොට ඒ මිනිස්සුත් අවංකවම වැඩ කරනවා. කුම්මැහි මුදලාලිලගේ ගෝලයෝ නම් වහිනවට හරිම කැමතියි.

වැහපං බුදු වැස්ස කාලා          බුදියන්න
වියදම් කරන මුදලාලිට     කෙලවෙන්න 

                ඔය කවිය කියන්නේ එහෙම ගෝලයෝ කියනවනේ. මමනම් දන්නේ නෑ මගේ ගොලයෝ ටික බොහොම අපූරු කට්ටියක්.
කාට උනත් ඇත්ත තියෙන්න එපායෑ නේද..?
ඔය කොරේ...!!
කියන්න ආවේ එක දෙයක්. කියලා තියෙන්නේ වෙන බූත වගයක්නේ.
මඤ්ඤොක්කා ගෙනියන්න ආවම මම ඉඩමේ ඔප්පුව පෙන්නනවා නේද...?
කමක් නෑ ඔන්න ඔහේ අපි ඒ කතා ප්‍රවේශය කියලා හිත හදාගමු. මේං කතාව.
මම කිවුවනේ සරාගේ යාළුවොත් මේ සංදියේ පතල් කෙරෙවුවා කියලා. මේ කදිම යාළුවෝ තමයි සුජී, මාමෙයා, රාජා, අමිත, දයියා සරාත් එකතු උනාම හයයි. එකෙකුට එකෙක් දෙවෙනි නෑ. ලොවෙත් නැති අං පොල්ලෝ. වැහි කාලේ ආව නිසා පතල් නතර කරලා තිබුනේ.

              ඔහොම ඉන්නකොට අපිට දැනගන්න ලැබුනා තල්දූවේ කට්ටිය KV එකේ ( කැලනිවැලි ක්ලබ් එකට අයිති ග්‍රවුන්ඩ් එක) පිටි පස්සේ පතල් කපනවා ඒකෙ මැණිකුත් හම්බවෙනවා කියලා. අපි කතා උනා අපිත් හාරමු කියලා පතලයක්. වැඩේ එක පයින්ම තීන්දුයි. හැබැයි මේක නීති විරෝධියි. අනේ ඉතින් නීතියානුකූලවයෑ අනිත් උන් කපන්නේ කියලා අපි ඒ ගැන නොහිතා හිටියා. හවස ආයුදත් අරන් අදාල තැනට ගියාමයි දැක්කේ එතන ඉන්න සෙනග. 50-60 කට වැඩි පිරිසක් ගජරාමෙට වැඩ. අපිත් නමෝ විත්තියෙන් බිම ලකුනු කරලා වැඩේට බැස්සා.

               ඉඳි ගහට පනින වයසේ කොල්ලොනේ පාන්දර වෙනකොට ඉල්ලම මතුවෙන්නම වල හාරලා ඉවර කලා. ඊලඟ දවසේ ඉල්ලම් ගොඩ දාමු කියලා ගෙදර ඇවිත් නිදා ගත්තා. පහු වෙනිදා යනකොට අපිට කලින් ආපු මොකෙක් හරි අපේ වලේ ඉල්ලම් හාරගෙන ගිහින් තිබුනා. මොනා කරන්නද, ආයේ එන්නේ නැතෑ කියලා හිතාගෙන අපිත් වැඩේට බැස්සා. ඉල්ලම් හාරලා ගඟට ඇද ඇද ගැරුවා.

                ම්හු.. පාන්දර වෙනකම් ගැරුවත් කිසිම චෑන්ස් එකක් නෑ ආයිබොවන්. දැන් කට්ටියම "ඥාවු" වෙලා. ඇයි ඉතින් ඉල්ලම් යකඩ වගේ බරයි .ඕවා ගෝනි වල දාලා කරගහගෙන යනවා කියන්නේ සෙල්ලමක් යෑ. ඊටත් වඩා තරහයි හොරෙන් අපේ වල හාරලා තිබුනු එකට. දැන් කරන්න දෙයක් නෑ ගෙදර යමල්ලා කියලා හැමෝම ගෙවල් වලට ගියා. දවල් අපි ටවුම පැත්තේ ගිහින් පොඩි CID පාරක් දාලා බැලුවම වැඩේට සම්බන්ධ අය ගැන දැනගන්න ලැබුනා. හොරෙන් ගෙනිච්ච ඉල්ලම් වල මැණික් එහෙමත් තිබිලා.පොඩි ගලක් තිස්පන්දහකට විකුණලා. ඔක්කොම දැනගෙන හිතේ අමාරුවට  පොඩ්ඩක් සප්පායම් වෙලා කාරිය අපි ආවා.

                   එදා අපි වේලාසනම ගිහින් පතලේ කිට්‍ටුව හැංගිලා හිටියා. ඉස්සරලා දවසේ රසේටද මන්දා මේ මෝඩ ජෝඩුව තමුන්ගේ පතලෙකට එන්නා වගේ ආවා. වල ලඟටම එනකොට කට්ටියම පැනලා අල්ලගෙන හිතේ හැටියට තැළුවා දෙන්නටම. වික්කේ තිස්පන්දහක මැණික්නේ. නෙළුවා නෙලන එක ආයේ හැත්තෑදහකම. උන් දිව්වට පස්සේ අපි ආයේ වැඩ පටන් ගත්තා. දොලහමාරට එකට විතර එක පාරටම ඇහුනු කලබලයට කට්ටියම වලෙන් ගොඩට ආවා.

ඒයි....... පොලීසියෙන් වට කරලයි තියෙන්නේ.

එකෙක් වත් දුවන්න එපා....!

දිවුවොත් වෙඩි තියනවා..!!!

විධානයත් එක්කම වෙඩිල්ලකුත් පත්තු උනා. ඇයි යකෝ.. වට කෙරුවනම් අල්ලගන්න එපායෑ. මොන එහෙකටද අහසට වෙඩි තියන්නේ, අපිත් බයවෙනවානේ. එහෙම හිතපු අපි එයාලා කරන්න එපා කියපු වැඩේ තමයි කෙරුවේ. අපි විතරක් නෙමේ වැඩ කර කර හිටපු අනිත් අයත් එහෙමයි. අපි දිවුවේ ගඟ පැත්තට, අපි හිටපු තැන ඉඳන් ගඟට මීටර 150-200 විතර තියෙන්න ඇති.

හතර පස් දෙනෙක්ම දිවිල්ලට දක්ෂයෝ උනාට එකෙක් උන්නා වේගෙන් දුවන්න බැරි. මේ ටික දුර දුවනකොට ඌ අනික් උන්ට වඩා අඩි හතලිහක් පණහක් විතර පහුවෙලා. ඒත් දුවනවා. ඉවුරට අඩි පහලොවක් විස්සක් තියෙද්දි පස්සෙන්ම දුවපු එකාව කවුද අල්ල ගත්තා.මේ වෙනකොට අනිත් උන් ගඟට පැනලත් ඉවරයි. අතෑරපන් යකෝ ෂර්ට් එක ඉරෙයි කියලා කියන්නත් හිතුනට මේක විහිළු කරන වෙලාවක් නොවෙන නිසා කරබා ගත්තා.

ඔහෙ හිටපිය @%$යා දුවලා බේරෙන්න නේද හැදුවේ......?
උඹේ අ@&%$...!

කියලා දුන්නේ නැත්ද කකුල් දෙක හරහට ලාඩප්පා පොලු පාරක්.
මුගේ අ@#% මූ කැඩුවනේ මගේ කකුල %$@ උස්සලා විසි කරන්න හිතෙනවා ගඟට.

ගුටි කාපු එකාට එහෙම හිතෙන්න ඇති. ඒත් ඉතින් මෙච්චර දුර ඉඳන් හාලරාමියෙක් ව ගඟට උසික්කා කොරන්න ඉතින් අන්ඩටේකර් වගේ පොරක්ම වෙන්න ඕන නිසා ඒ ක ප්‍රායෝගික වෙන්න නැතුව ඇති.

වර යන්න....!

හාලරාමියා හොරාව අදිනවා.
තොගේ අම්@#% හාලරාමී කියාගෙනම හොරා හොඳ හුස්මකුත් අරගෙන වටයක් කැරකුනා.
දකුණු කකුල ඔළුවටත් උඩින් ඉස්සිලා ආයෙත් ස්ථානගත වෙනකොට හාලරාමී ඊට ටිකක් එහායින් බිම ඉඳගෙන උන්නා.

අඩියයි, දෙකයි, තුනායි,හතරයි... ජබෝස්...!!
අති දක්ෂ පීනුම් කරුවෙක් උන ඌට දෙගොඩ තලායන ගඟේ හැඩපාර ප්‍රශ්නයක් උනේ නෑ. ඌ ආයේ දිය උඩට එනකොට ගඟ මැදටත් කිට්‍ටු කරලා.

එගොඩහ යන්න ඕන නෑ බං ආපහු වරෙන්...!!
ඉවුර අයිනේ උන්න උගේ යාළුවෝ කෑගැහුවා. කලින් ගඟට පැන්නට උං ගිහින් නෑ. ගඟ මැදට පීනපු එකත් ආයේ ඇවිත් මිත්තරයෝ ‍රැලට එකතු උනා.

මෙහෙමම පහලට පීනලා ගල් තොටෙන් ගොඩට යමු...!
හ්ම්..!
මොකෝ උඹ පරක්කු උනේ...? 
එක ප@# මාව අල්ල ගත්තනේ බං...!
නෑ...!!
අල්ලලා විසි කරන්න එපායෑ #%@! ගඟට...!
එච්චර ලඟක වුනානම් මම ඌවත් අරන් ගඟට පනින්නේ.... ප#@ ගැහුවනේ බං ලාඩප්පා පොලු පාරක් තරු පැන්න මට..!

හික් හීක් හීඉ...!!!

හිනා වෙන්න එපා @%$#@ දෙනවා දත් ටික අතට....!
ඉතින් උඹ ඔච්චර කෙරුමා නම් අල්ල ගත්ත එකාට දෙන්න එපායෑ..!
දීලා තමයි  @#‍තෝ ආවේ ආන් ඌ ඉඳගෙන ඉන්නවා එතන....!    


පසු වදන:  

ගුටි කාපු උන් දෙන්නා හිතේ අමාරුවට ඔත්තුව දීලාය.
උන් දෙන්නා පසුවදාම ගමෙන් පිටවී ගිහින් තිබුනු අතර නැවත පැම ණ තිබුනේ මාස එකහමාරකට පමණ පසුවය. ඒ වෙනකොට තරහ මරහා අමතකය. ඉන් මතු කිසිදා ඉහත සඳහන් පුග්ගලයෝ අනවසර පතල් කැපීමට අදාල ඉඩමට නොගියෝය.
සැ:යු: අදාල ඉඩමට පමණි.



.

15 comments:

  1. සරත් අයියා...නොකරපු දෙයක් එහෙම නැද්ද මං අහන්නේ.. හි හි.

    මැච් කලබලේ බැලුවේ.. ආයිත් ඇවිල්ලා කියෝලා කමෙන්ට් එකක් දාන්නම්...

    ReplyDelete
    Replies
    1. තියෙනවා හිරුවෝ තියෙනවා..! මම ඔය ලමයා වගේ කේක් හදලත් නෑ, සම්බා හාල් වලින් කිරිබත් හදලත් නෑනෙව..!

      Delete
    2. හයියෝ.. මේත් අපේ නෑදෑ පරපුරේ කට්ටියගේ ජාති‌ෙය් එක්කෙනෙක්ද කොහෙද... හි හි...

      ///සැ:යු: අදාල ඉඩමට පමණි.///

      ඒ කිව්වේ අනිත් ඉඩම් වලට පැන්නද....?

      ///@#‍///

      මේවත් එක්ක තමා කිසි දෙයක් තේරුම් ගන්න අමාරු..... හි හි...

      හොඳයි මේ ඔක්කොම නසරාණි වැඩ දැනගත්ත කෙල්ලෙක් සෙට් උනේ... නැත්තම් මේවා කියනකොට වලි ලෝකයක් වෙයි.. හි හි...

      Delete
    3. අපොයි ගෑණු ලමයින්ට කියනවද කෙල්ලේ ඕවා..!
      අනික බඳින්න කලින් මේ කතන්දර දැනන් උන්න නම් අක්කට කලින්නේ මෙයා කියන්නේ "මම මේ කටයුත්තට කැමති නෑ" කියලා. අදටත් ඔය උන්දෑ ඒවා හරියකට දන්නේ නෑ. මම මෙහෙම හරි කියන දෙයක් ඇරුනම. ඕය කිවුවට සරාට මොලෙත් තිබුනා කළඳක් විතර. හිකිස්..!

      අපරාදේ කියන්න බෑ මගේ නෝනා රන්ඩු වෙන්නේ නෑ මා එක්ක ආසාවකටවත්. මට තියන පුරස්නෙත් ඕකමයි, ඉඳලා හිටලවත් කොක්කක් නැතුවම නිකන් කෑවේ නෑ වගේ..!!

      Delete
    4. මං නං හිටපු ගමන් කොනක් අල්ලන් වලියක් ඇදගෙන ගෙදර තියාගන්නවා.. වලි නැති ජීවිතේ පරිප්පු නැති බත් එක වගේ.. හි හි....

      අපේ එක්කෙනා බෝ පැලේ වගේ සාරා අයියේ... හරි අමාරුයි වලියක් ඇදගන්නත්.. හි හි...

      කලින් කොලේ වහලා තමා ගේම දීලා තියෙන්නේ නේද.. හි හි... ඒක නම් කමක් නෑ. මේ තරම් ආදරේ තිබ්බම මදෑ... නැද්ද නංගි බබෝ....

      Delete
    5. Kiyala wadak na hiru. Kamaththa aran bada gaththata passe thamai tika tika kiyanna gaththe. Ay ithin atha arala duwanne na kiyala dannawane. Thawath hariyatama danne na. Mama nam akamathima de thamai randu wena eka. E unata ape ekkenata nam sathiyakata sarayak wath mawa adewwe nathnam kawe na wage. Vihiluwata hari mawa adawanawa.

      Delete
  2. Ane ane kollo. Oya karapu wada walin berila matama hamba una nisa hodai. Nathnam thawath oya nasarani wada kara kara idi kattiya ekka ekathu wela.

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් හ්ම් නැතුව එහෙනම්..!

      හෙහ් හෙහ් හෙහ්...!!!!

      Delete
  3. මමත් දැකල තියනවා ඔය ඇදුම් පතල්.. දැන් නම් නෑ. දැන් කෙලින්ම මැෂින්.. අම්මප අර හාලරාමියව ගඟට දාන්න තමයි තිබුනේ.. ඔව්වොන්ගේ මහ බලු එවුනුත් ඉන්නවා. ආවම වාඩි හිටන් ගිනිතියලා කෑම තියනවා නම් ඒවත් ගඟට දානවා.

    ප/ලි : වෙනත් ඉඩම් වලට ගියාද :)

    ReplyDelete
    Replies
    1. නෙවෙන්නම් යාළු. මේ කතා නායකයා නම් ගොඩාක් එයාලා එක්ක ගනුදෙනු කරා දැන් නවත්තලා උන්නට. ජයවේවා..!!

      Delete
  4. ම්..සැයු කෑල්ල දැක්කාම තවත් පෝස්ටුවක් අත ළඟද කියලා හිතුනා..

    කොහොම හරි යාළුවා පීනන්න දක්ෂයා නිසා බේරුනා..!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙනම්.. දෙයියනේ කියලා කෙස්ගහ දෙකට කැඩෙන හැඩපාරෙත් පීනයි ගේමක් නැතුවම. රූ නෝනට පීනන්න බැරිය...? මෙහෙම කතා කියන්න හිතට මොකක්ද මොකක්ද වගේ රූ නෝනේ වැහිලා තියෙන ෆයිල් බලෙන්ම අරවන්නේ මොකටෙයි නේද..?

      Delete
  5. ඔය කියන්නෙ සීතාවක ඉස්කෝලේ පිට්ටනිය පැත්තේද?

    ReplyDelete
    Replies
    1. නෑනේ යාළුවේ. තල්දූව රේස් පිට්ටනිය,ක්ලබ් එක තියෙන්නේ අන්න ඒ හරිය නෙව.

      Delete
  6. ඇත්තටම සරා මම හිතුවෙ උඹ දකුණෙ බුවෙක් කියලා. අර ලාඩප්පා කියන වචනෙ කියන්නෙ බලංගොඩ පැත්තෙ නේ? මම පොඩි කාලෙ එහෙ ඉඳලයි දන්නෙ.
    උඹේ කතාව වගේම කමෙන්ට් දෙබසුත් මරු බං.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....