Friday, October 5, 2012

වගකිව යුත්තෝ අපිම නොවෙමුද...?





              සමහර විට මේ පුංචි පෝස්‍ටුව කියවන ඔයාලට හිතේවි මම ගිරිගෝරිස් රජ්ජුරුවන්ගේ කාලේ එකෙක්ය කියලා.හිකිස්.. එහෙම හිතන්ඩ කාරි නෑ ආයිබොවං, ආත්මාර්තය නිසාම මිනිස්සු නොහිතා කරන දේවලින් පරිසරයට වෙන අකටයුතුකම් ගැන මතක් උන නිසා මෙහෙම ලියන්න හිතුනා විතරයි. 1983 අපි කිරිඇල්ල කියන ප්‍රදේශයට පදිංචියට යනකොට මේ ලියන එකා ඇබිත්තං කොලුගැටයා. ඇබිත්තං කිවුවේ මේං මෙච්චර විතර ඇති. ඒ කාලේ අපේ තාත්තා ඔය පැත්තෙන් ඉඩමක් මිලදී ගත්තට තාත්තා හැර අපි කවුරුවත් දැනන් උන්නේ නෑ ඒ කොහේද කොහොම පරිසරයක්ද කියලවත්.

               කැලෑව මැදින් වැටිලා තිබුනු අඩි පාර දිගේ අපේ ගෙදරට යනකොට නංගිවයි මාවයි වඩාගෙන ගියා මට මතකයි. හතරවටේම තිබුනේ ඝන කැලෑව. තොර‍තෝංචියක් නැතිව ‍රැහැයියෝ කෑගහනවා,මනුස්සයෙක් ඇහැට දකින්න නෑ. මුලින්ම අපට දැනුනේ මේක අපට දුන්නු දඬුවමක් වගේ. අපි දෙන්නා අම්ම ගාවින් හෙලවුනේ නෑ,ඒ මේ ගුප්ත පරිසරයට තිබුනු බයට. උදේට මීදුම ආවම අඩි විස්සක් තිහක් දුරින් තියෙන දෙයක් වත් පේන්නේ නැතිව යනවා. ඒ අස්සෙන් "හබං කුකුලන්ගේ" සද්දෙට කැලෑව දෙවනත් වෙනවා. ‍රැලක පනහකට හැටකට වඩා වැඩි හබං කුකුළු රෑන් වල එකෙක් කෑගැහුවම අනිත් උන් ඒකට අත්වැල්අල්ලන්නේ පුරුද්දට වෙන්න ඇති. 
                                                 හබං කුකුලා
                  

                    හඬ මිසක් හඬ නගන්නා පිළිබඳ නොදන්නා නිසාවෙන් ඉස්සර අපි ගෙයින් එලියට බහින්නේ නෑ ඒ වෙලාවට. ගෙට පහලින් තියෙන විශාල දූරියන් ගස් තුනට එන විශාලා කුරුල්ලා හෙමිහිට පටන් අරන් ක්‍රමයෙන් හයියෙන් කෑගහනකොට මම නංගිවත් ඇදන් ගෙට දුවපු වාර අනන්තයි. ගේ ඇතුලේ ඉඳන් ජනේලෙන් ඔළුව දාලා බලන්නෙත් උගේ අඟල් තුන හතරක් දිග හොට දිහා. පස්සේ කාලෙක හතරේ කෑල්ලට මල් කපන්න යන පියසේන මාමා තමයි කියලා දුන්නේ ඒ "කෑඳැත්තා" කියන කුරුල්ලය, මාංශ භක්ෂකයෙක් නොවෙන ඌ කාටවත් හිරිහැරයක් නැති අහිංසකයෙක්ය කියලා.
                                                      අළු කෑඳැත්තා

                     මහ දවල් බකමූණෝ කෑගහනකොට අපි ගිහින් අම්මගේ ඇඟේ එල්ලෙනවා. අලි පේර ගස්වලට දඬු ලේන්නු ආවම තාත්තාවත් අඬ ගහගෙන මිදුලට ඇවිත් ඒ දිහා බලා ඉන්නේ දාහක් ප්‍රශ්ණ අහන ගමන්. අපිට දැකලා පුරුදු "තුංඉරි අප්පුට" වඩා ගොඩාක් විශාල මේ අපූරු හාදයා ගැන අපේ හිතේ තිබුනේ කුතුහලයක්.
                                                දඬු ලේනා

                    මල් පිහියක් ඉනේ ගහගෙන කැත්තක් අතේ අරං ඉඳ හිට අපේ ගේ ගාවින් උඩහට යන මිනිස්සු දැක්කමත් අපිට බය නොහිතුනාම නෙමේ. හැම වෙලාවෙම ඔවුන් අතේ විශේෂ ආකාරයෙන් ‍රැහැන් වලින් ගැට ගැසූ මුට්ටි වගයකුත් තිබුනා. ඉක්මනින්ම අප හා හිතවත් උනු පියසේන මාමාගෙන් අහන්න හැමදාම ප්‍රශ්ණ අපට තිබුනා. ඒ මිනිස්සු යන්නේ කිතුල් මල් කපන්න බවත් අර මුට්ටි ගෙනියන්නේ ඒ මල් වලින් වැටෙන තෙලිජ්ජ එකතු කරන්න බවත් ඔහු කීවට ඒක අපට අපබ්‍රංශයක් කියලා ඔහුටම තේරෙන්න ඇති. ඒනිසාම ඔහු මල් කපාගෙන යනගමන් අපට තෙලිජ්ජත් පෙන්නලා ගෙනියනවා. හැන්දෑවේ නිහඬ බව බිඳින "ඕලු මුවාගේ" හඬ ගැන ගුනපාල මාමාගෙන් විමසූ විට ඒ ගැන විස්තර කල ඔහු අපූරු උපකරනයකුත් මට සාදා දුන්නා. සැමන් ටින් එකක අඩිය විද එයට ගෝනි ලනුවක් දමා සකස් කල එයට භූමිතෙල් ස්වල්පයක් දමා ඇඟිලි දෙකකින් තදකර අදිනවිට එන හඬ ඕලු මුවාගේ හඬම නොවේයයි කාටනම් කිව හැකිද.
                                                ඕලු මුවා

                    කල් යත්ම අප පාසල් යන්නට වීමු. අප පාසැලට එක්ක ගියේ හා ‍රැගෙන ආවේ මාතර මාමාය. වැ‍ටුප් ලැබුවද අප නිවසේ ඔහුට පැවරුනු වෙනත් වැඩක් නො`ැති තරම්ය. කූඩැල්ලන්ට ඉමහත් බියක් දැක්වූ අප දෙදෙනාව කූඩැල්ලන්ගෙන් ගලවා ගැනීමම ලොකු වැඩක් නොවන්නේදැයි පසු කලෙක මට හැඟින. මේ වනවිට තාත්තා අපේ ඉඩමේ කිරි කැපීම ආරම්භ කර තිබූ අතර කිරි කැපීමට හා ඉඩම එලි පෙහෙලි කිරීම සඳහා  කුලී කරුවන් හත් අට දෙනෙක්ද වැඩට ගෙන තිබින. ඒ අතර වාරයේ මෙහි තිබූ කුඩා නිවස වෙනුවට අලුත් විශාල නිවසක් තැනීමට කතිකාවක් තිබුනද අමුද්‍රව්‍ය සපයා ගැනීම හා මේසා දුරක් ‍රැගෙන ඒම අපට මහා ගැටළුවක් විය. උපන්තේකට වාහනයක හඬක් වත් අසා නැති මේ පරිසරයට ගොඩනැගිලි ද්‍රව්‍ය ‍රැගෙන එන්නේ කෙසේද..?

                  ගම්මුන්ගේ හා කුලී කරුවන්ගේ අදහස වූයේ මේ සඳහා අලියෙකු යොදාගත හැකි බවයි. අවසන අපේ සිහිනය සැබෑ කරවමින් අලුත් නිවසක් ඉදිවෙන්නට විය. ඒ සඳහා ගඩොල්, සිමෙන්ති, වැලි, උළු ආදිය කන්දට ‍රැගෙන ආවේ අලියෙකු පිටිනි. දැව දඬු සපයා ගැනුනේ අපට අයිති ඉඩමේම දැවැන්ත ගස් කීපයක් බිම හෙලීමෙනි. කල් යත්ම කලින් බියක් දැක්වූ මෙම අපූරු පරිසරයට මසිත තුල කැමැත්තක් ඇතිවිය. මීදුමට හබං කුකුලන්ට කෑඳැත්තන්ට මෙන්ම ගිණිය නොහෙන කුරුළු වර්ග වලට හා අඨෝරාශියක් ගස් කොලන්වලට මම ප්‍රිය කලෙමි.

                  මෙකල මපියා පතල් කර්මාන්තයටද අතගසා තිබුනු අතර ඔහු මුලින්ම පතල් හෑරුවේ අපේම ඉඩමේ පහල කොටසේය. වාසනාව ඔහු සමග විය. ගමේ මිනිසුන් ඔහු ඇමතුවේ මුදලාලි කියාය. පසුව ඔහු කළුගං නිම්නයේද පතල් ඇරඹීය. ඊලඟ සිහිනය ගෙදරට වාහනයක් ආහැකි ආකාරයේ පාරකි. දුශ්කර කටයුත්තක් වුවද ඔහු එයටද අත ගැසුවේය. මහ කැලෑව මැදින් කිලෝ මීටරයක් පමණ දුරට පාරක් කැපුනේ ඔහුගේම තනි වියදමිනි. මේ වෙනකොට ගමේ දැන උගත් හැමකෙනෙකුගේම ප්‍රසාදයට පාත්‍රව සිටි මගේ පියා සමිති සමාගම් පිහි‍ටුවා ශ්‍රමදාන ආදිය සංවිධානය කර ගමේ පහල කොටසේ සිට නගරය දක්වාද මාර්ගය පුළුල් කොට සැකසීය.

                   මාර්ගය ඉදිවීමත් සමඟම අවට ඉඩම් හිමියන්ගේද පිබිදී8ක් ඇතිවිය. ඔවුන් ඉඩම් එලි පෙහෙලි කිරීමට වන්හ. රබර් වගා කිරීමටද ඇතමෙක් හේන් ගොවිතැනද පටන් ගති. තැන තැන කැලෑ ඉඩම් මිනිස් අතින් විනාශව ගිනි ගෙන දැවුනෝය. හබං කුකුලෝ අප සමඟ අමනාපව ගියෝය. නැවත නො එන්නටම ගියෝය. අළුතින් ගත් ඉඩමේ රබර් වගාවට හානි කල වරදට ඕළු මුවාට ගිනි බිඳීම නිසා ඌද ප්‍රදේශය හැර ගියේය. පරිසර සමතුලිත බව බිඳී ගියෙන් දැන් මීදුම නැගෙන්නේද නැති.

                 ඉඳහිට දූරියන් ගහකට පැමිණෙන කෑඳැත්තා නොසෑහෙන සේ අපට දෙස් දෙවොල් තියන්නේ, අද උඹලා සතුටින් ඉන්නේ මගේ යාළුවෝ මට නැති කරලා යැයි චෝදනා කරමිනි. අනූව දශකයේ අග වන විට නිතර නිතර අප නිවස වෙත වාහන ගමන් කිරීමට පටන් ගත්තද එය මට සතුටට කාරනයක් නොවුනි. ගමේ කොල්ලන්මෙන් කැලෑ වැදීම ප්‍රිය නොකලද කුඩා කල මාදු‍ටු ඒ පරිසරයට මා නෙත ප්‍රිය කරන වගක් මට හැ‍ඟෙයි. ඉඳින් කෑඳැත්තාගේ චෝදනාව සාධාරන නොවේද. මේ සමතුලිත බවේ විනාශයට වගකිව යුත්තෝ අපි නොවෙමුද....?


ප/ලි:   මේ වෙන විට මම ඉන්නේ විදේශයක නිසා මේ පිංතූර නම් මම ඉල්ල ගත්තේ ගූගුල් දෙයියන්ගෙන්. ලංකාවේ උන්නත් ගෙදර පරිසරයෙන් දැන් මේවා හොයන එක අමාරු වැඩක්. අමාරුවෙන් වත් හොයන්න මම ගෙදර යනවයෑ. හිකිස්...............!!!

33 comments:

  1. මගෙ මිතුරෙක් ඉන්නව උන්ගෙ ගෙදරට හවසට බහිනවා මාර කුරුල්ලො සෙට් එකක්. අපි අදිශිෂ්‍ය සංගමේ කාරකසභාවෙ කස්ටිය හොරෙන් සෙට් වෙන්නෙ උන්ගෙ ගෙදර නිසා කුරුල්ලො බල බල සංගමේ වැඩ කරතෑකි :)

    ReplyDelete
    Replies
    1. මට මේ කියන කුරුල්ලෝ ගැන පොඩි අවුලක් තියනවා වගේ සෑමෝ. හිතෙන්නෙම උඹ කැරකෙවුවේ රෝමයක් කියලමයි. හිකිස්...

      ජයවේවා!!

      Delete
  2. Mechchara lassana dewal thiyena thana ay apata penwanne naththe mahaththyo. Api dennath asaine. Yamuda awama wath. Kiyannako "ekka yannam adanne nathiwa idin kiyala." oyala dannawada one thanaka ekka yanna kiwoth ekka yanawa mehe arenna.

    ReplyDelete
    Replies
    1. අපොයි මෙන්න ආයෙත්..!
      ඔයාලට කියන්න මේ රික්වෙස්ට් එක අවුරුදු 5ක් පරණයි..!!

      Delete
    2. අ‌ඩේ.. මෙන්න මෙයා සරත් අයියගේ දුර්වලම තැන අල්ලලා පහරක් දීලා... හි හි...
      සරත් අයියා ‌ගෙදර නොයන හේතුව මට තාම නං අහු උනේ නෑ...

      ඒත් ඔයා දන්නවද... මම බඳින්න කලින් එක දවසක් වත් ගෙදරින් පිට හිටපු කෙනෙක් නෙවෙයි.. ඒත් බැන්ඳට පස්සේ එකම දවසක් වත් අපේ ගෙදර නැවතිලා ඉඳලා නෑ මේ අවුරුදු 2ටම.. අපේ මහත්තයා එහෙ ඉන්නේ නෑම කියනවා... රෑ 12ට 1 ට හරි මාවත් ඇදං ආපහු එනවා.. ඒක හින්දා අපේ අම්මලා හරිම දුකෙන් ඉන්‌ෙන්.. ඒත් මොනා කරන්නද.. අපේ එක්කෙනා ඒවා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි....

      Delete
    3. Riqwest karanne ekka noyana nisane. Giyanam me kata wahilane mahaththayo.

      Delete
    4. @ hiru. Eka athakin hiru mama wasana wanthi. Ay mama hamadama ape ammata pena durinne inne. Eth eyage ammai thaththai balannath asai.

      Delete
  3. // 1983 අපි කිරිඇල්ල කියන ප්‍රදේශයට පදිංචියට යනකොට මේ ලියන එකා ඇබිත්තං කොලුගැටයා//

    හි හි මම ඉපදෙන්න හිතලවත් නැති කාලේ...:D

    // හතරවටේම තිබුනේ ඝන කැලෑව //

    පොච්චියේ...මෙහෙ උන්න නිසානෙ අර කැලේ ගති තවමත් තියෙන්නෙ...:P

    මට නම් පේන්නෙ මෙයා ඉඳලා තියෙන්නෙ සත්තු වත්තකද කොහෙද..කෝ මේ හිරුවා...හිරූ වරෝ...මෙන්න අර....ටා....න් ඇවිල්ලෝ..

    බොරු කියන්නෙ මොකටද මේ සත්තු ඔක්කොම දැකලා තියෙන්නෙ සත්තු වත්තෙනුත් යාල ගිය වෙලාවෙදිත් විතරයි. අපි ඉපදුන පරිසරයේ උන්නේ කාක්කෝ...ලේන්නු, මයින්නු... වගේ උන් විතරමයි. අඩුම තරමින් දඬු ලේනෙක්වත් අපේ ගෙවල් පැත්තෙ නම් මම දැකලා නෑ...

    ReplyDelete
    Replies
    1. බොරු මොකටද ලිහිණි මම ඒ කැලේ ලස්සණ හොඳටම දැකලා තියෙනවා. ඒ උනාට අපේ ආගමනයත් එක්කම ඒ සොභා සෞන්දර්යයට කනකොකා හැඬුවා කියලා මට හිතෙනවා.

      //කෝ මේ හිරුවා...හිරූ වරෝ...මෙන්න අර....ටා....න් ඇවිල්ලෝ..//
      ඔවු මමත් කාලයක් "සාටන්" කෙනෙක් වෙලා උන්නා..හිකිස්..!!

      //හි හි මම ඉපදෙන්න හිතලවත් නැති කාලේ...:D//

      ඔයා විතරක් නෙමේ, ඔය උඩ ඉන්න අම්මන්ඩිත් ඉපදිලා තියෙන්නේ ඊට අවුරුදු හතරකට විතර පස්සේ ඕං...!//පොච්චියේ...මෙහෙ උන්න නිසානෙ අර කැලේ ගති තවමත් තියෙන්නෙ...://
      ඈ ලිහිණියෝ නොකියා කියලා තියෙන්නේ මම වානරයා කියලද..?P

      සමහර වෙලාවට ඇතැමුන් මාව නරකයෙක් කියලා හැඳින්නුවට මම ප්‍රතිචාර දැක්වුවේ සමාජයෙන් මට ලැබුනු දේවලට නංගෝ. මාව එහෙම පුරුදු පුහුනු කලේ මගේ තාත්තා. එහෙම කරන්නත් එයාට සාධාරන හේතු තිබුනා. නාගරික පරිසරයක ජීවත් උනු අපි හැමදේම අතහැරලා කැලෑ ගමක පදිංචියට ගියේ මොකද කියලා මම ඔයාලට තවම කිවුවේ නෑනේ.හැබැයි එයාට ඕන වුනේ නෑ මම උන් කා එක්කවත් කා කොටා ගන්නවා බලන්න.පිරිමියෙක් විදිහට ඒ තැන් වලදී නොසැලී ඉන්නවා දකින්නයි එයාගේ බලාපොරොත්තුව තිබුනේ. ඒත් නොහිතපු විදිහට මං උන් එක්ක උරුට්‍ටු අල්ලනකොට මාව නවත්තන්නත් එයාට බැරි උනා. අහම්බෙන් වගේ ඔය උඩ ඉන්න ගෑණු දරුවා මගේ ජීවිතේට නො අවානම් අද සරාගේ ලෝකේ කියවන්නේ යම පල්ලෝ....! හික් හික් හික්...!

      කියවලා බලන්න ඒ කොමෙන්‍ටුවෙත් තියනවා මම ඔයාලට නොකියපු කතාවක් හැංගිලා.

      Delete
    2. වානරයා නෙමේ පෝරිසාදයා...

      එහෙම කියන්නෙ විහිළුවටනෙ සරා අයියේ..ගණන් ගන්න එපා ඕවා ළිහිණියාගෙ කටේ තියෙන වචන විතරයි. හිතේ නෑ..

      Delete
    3. @ lihini. Dannawada lihini eya kiyanawa mama chooti kale dakka nam ehema "lassana keli patikkiyak kiyala oluwa atha gala yailu."

      Delete
  4. සුන්දර ළමා කාලයක්..දැන් නම් ගම නාගරීකරණය වෙලා.. අපේ ගමේ නම් මේ සතුන් ටිකක් විතර ඉන්නවා තවම. ඒත් මටත් තව අවුරුදු 5 කින් විතර මේ වගේ පොස්ට් එකක් ලියන්න පුළුවන් වෙයි.
    හබන් කුකුලෙක් යාන්තමට දැකල තිබුන කලින්. ඔන්න මේක බලලා මං ගුගල් දෙය්යගෙන් තව ටිකක් ඉල්ලා ගත්තා.
    ඔබ රත්නපුර කිරිඇල්ල ප්‍රදේශයේ ද හිටියේ...?

    ReplyDelete
    Replies
    1. නෙවෙන්නම් යාළු. මම එපිටවල. දැනටත් දෙමවුපියෝ එහෙ. ඉගෙන ගත්තේ කිරිඇල්ල සෙන්ට්‍රල් එකේ. ඒත් දැන් අවුරුදු කීපයක් වෙනවා මම එහෙන් ඇවිත්. මට හිතෙනවා මේ මහත්තැනුත් ඒසාවියේම නොවුනත් රත්නපුර දිස්ත්‍රික්කයතුලය කියලා. ජය.!!

      Delete
    2. මං බලන්ගොඩ..

      Delete
  5. මිනිස්සු ඔක්කොම මේ ලෝකෙන් වදවෙලා ගිය දවසකට මේ ලෝකෙ අනිත් සත්තු ඔක්කොම සන්තෝසෙන් ජීවත් වේවි...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සෙන්නා, දාපං පහක්.

      අපි අතින් වැරදි වෙනවා වගේම ඒ වැරදි අපෙන් උනාය කියලා පිළිගන්න තරම් පිට කොන්දක් අපට තියනවා පොඩි උන් උනාට. ඒත් මේ මහතැන් වල ඉන්න #%@ පුතාලට උන් අතින් වෙන මහා පරිමාණ වැරදි කන්ද පෙනිලත් නොපෙනුනා වගේ ඉන්න එක නොවැ පුදුමේ.

      Delete
  6. මම පෝස්ට් එක කියවලා දාන්න ආවෙ වෙන මොකද්ද මඟුලක්.. දැං ඒක මතක නෑ... හි හි...

    වසවර්ති මාරයෙක් පුංචි කෙල්ලෙක් ළඟ තැන්පත් වෙච්ච විදියත් හිමීට කියන්නකෝ සරත් අයියේ.... හි හි..
    ( ඔය උඩ ළිහිණියට දචාපු කමෙන්ට් එක හින්දා තමයි මට එහෙම හිතුනේ....)

    සත්තු ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නැ නේ.. මේ කාලෙ ඉන්නේ දෙමලිච්චොයි කපුටොයි විතරයි ළමයින්ට පෙන්නන්න.. පුතේ ආ බලහං කුරුල්ලෝ....... කියලා.....

    ReplyDelete
    Replies
    1. හ්ම්හ්.. වෙලාවක කියන්නම්. දන්නවද හිරුවෝ ගෑණු ලමයි මන්තරකාරියෝ වගේ. අපි අර පොඩිකාලේ කියෝපු කතාවල හිටිය බටකොල ආච්චි වගේ. ඔය ගැට වලට අහුවෙන තරුණ ගැටව්................. අනේ අප්පේ මොනවට කියනවද ඉතින් ඒ ගැන..?

      \\මේ කාලෙ ඉන්නේ දෙමලිච්චොයි කපුටොයි විතරයි ළමයින්ට පෙන්නන්න.. පුතේ ආ බලහං කුරුල්ලෝ....... කියලා.....//

      ඇත්තටම හිරුවෝ ඔය කට හැදුවෙත් අම්මා කේක් වලින්ද...?

      Delete
    2. මැෂින් එක ෂඩ් ඩවුන් කරන්න හදලයි ලංකාවේ වෙලාව බැළුවේ01.20.
      මොන මංගල්ලෙකටද කෙල්ලේ මෙච්චර රෑ වෙනකම් ඇහැරන් ඉන්නේ...?

      Delete
    3. අපේ මහත්තයා ගමනක් ගිහින්.. එයාගේ මල්ලි අද රට යනවා.. ෆ්ලයිට් එක පාන්දර 2යි ගානකට... ඉතිං අද මම තනියෙන්.. නින්ද යන් නෑ... හි හි...

      Delete
    4. මහත්තයා ලඟ ඉද්දීත් ඇහැරිලා...ලඟ නැතත් ඇහැරිලා...ඔය රෝග අපිටත් හැදෙයිද මන්දා දවසක....:P

      Delete
    5. අනේ අපි නම් ඕවට උත්තර දෙන්නේ නෑ. අහලා දැන ගන්නවට හොඳ ඔහොම දේවල් අත්දැකීමෙන් ඉගෙන ගන්න එක. නේද හිරුවෝ...? මේක අහලා තියද බලන්නකෝ...........

      වලට වැ‍ටුන එකා යකා වලටම ඇදගනු මිසකා
      වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
      නෑදෑ හිතවතුන් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
      කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකී

      Delete
  7. සත්තු ඔක්කොම පන්නලා දාලා මනුසතා විතරක් ඉතුරු වෙලා :(

    ReplyDelete
    Replies
    1. ඒකනේ හසිත මලයා, ඒඋනාට වැඩේ වැරදියි කියලා මගේ හිත කියනවා.

      Delete
  8. හ්ම්........................

    ReplyDelete
    Replies
    1. හ්ම්හ්.......................!!

      Delete
  9. පෝස්ටුව පස්සේ වෙලාවක කියවන්නම් ආයිබෝං... අද වැඩ හිරවෙලා... හැබැට කව්ද මේ ගිරිගෝරිස් රජ්ජුරුවෝ?

    ReplyDelete
    Replies
    1. අයියෝ මලයා සිංහල රාජාවලිය අරන් බලන්නකෝ. ඒකේ නොලියවුනු එකම රජ්ජුරුවෝ තමයි ඔය ගිරිගෝරිස් කියන්නේ.

      Delete
  10. දැනටත් මුවා ඇරෙන්නට අනෙක් කස්ටිය කලාතුරකින් බලාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. නෑ...ඇත්තමයි කියපං..! කොහේද ආරාධනා කන්දෙදිද...?

      Delete
  11. අද තමයි මේක කියෙව්වෙ..
    හරිම ලස්සන මතකයක්... හරියට හීනෙන් දකින ලෝකයක් වගේ...මමත් ගමක හැදුනත් මෙච්චර සුන්දර මතකයක් නැහැ...

    ReplyDelete
    Replies
    1. මේ මහත්මයා කොයි පලාතෙද එතකොට..?

      Delete
    2. මම බස්නාහිර පලාතෙ සියනෑ කෝරළේ :) හැබැයි දැන් නං ඉන්නෙ අරාබි වැලි කතරෙ...

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....