Wednesday, October 31, 2012

ඒ හොල්මනක්මද....?







                     වෙලාව සවස හය පසුවී විනාඩි හතලිස්පහක් පමණ වන්නට ඇත. ස්ථානය කොටියන්ගොඩ කන්දේ සිට එපිටවල දක්වා දිවෙන මාර්ගයේ අඳුරු වන ලැහැබක් මැද හතරමං හන්දියකි. ඉර අවරට හැරී බොහෝ වේලාවක් නොගියද මාවත අඳුර ගිලගෙන තිබුනේ ඉතා උස්වූ ගස් සහිත වනය නිසාවෙනි. පැරණි සොහොන්කොත් වලට ඔබ්බෙන් වූ ගොරකා ගස පරිසරයේ අඳුර වැඩි කිරීමට අත්වැල් සැපයූවාසේය. මේ අඳුර මැදින් ඉදිරියට ඇදෙන ජවසම්පන්න තරුණයෙකි. ඩෙනිම් කලිසමකින් හා ඩෙනිම් රෙද්දෙන්ම මැසූ කමිසයකින් සැරසී සිටි ඔහුට වැඩෙමින් තිබුන ඝන අඳුර ගනිච්චියක් නැතිසේය. රාත්‍රියේ තනි ගමන්වල නුහුරුවක් ඔහුගේ මුහුණේ නොවුනු අතර සිහින් හඬින් ගීයක් මුමුණමින් ගමනෙහි යෙදුනි.

                          නිවසින් කිලෝ මීටර එකහමාරක පමණ දුර පාගමනෙහි යෙදී තිබුනද කිසිඳු විඩාවක් ඔහු කෙරෙන් දිස් නොවූයේ ක්‍රියාශීලී තරුණයෙකු නිසාම විය යුතුය. හතරමං හන්දියට මීටර් කිහිපයක් තිබියදී කළු බල්ලෙකු පහළ සිට උඩහට පාර මාරු වෙනවා තරුණයා දු‍ටුවේය. "සිරිල් මාමලගේ බල්ලා" ඔහුගේ සිත අනුමානයක් ගොඩ නැගුවේ වැඩෙමින් තිබුන අඳුර ඔහුට පැහැදිලි දර්ශනයක් නොදුන් නිසාවෙනි. එහෙත් පුදුමයකට කාරණයක්ද එහි විය. බල්ලා ඇදුනු මාවත කෙලවර වන්නේ වත්තබඩ හේනේ සිරිල් මාමලාගේ ගෙදරිනි. ඒ ගෙදර නාඹර තරුණියන් දෙදෙනෙකුද වේ. මේ තරුණයා ඒ කෙල්ලන් දෙදෙනාවද එහි සිටින බල්ලාවද හොඳින් හඳුනයි. තමා දු‍ටු කිසිවිටෙක නිකමට හෝ "බුහ්" ගාන්නේ නැතිව බල්ලා ඉවතට යන්නේ නැතිබව මොහු ඉන්තේරුවෙන්ම දනී. "සමහරවිට ඌ මාව දකින්න නැතුව ඇති"  සැකයේ වාසිය විත්තියට දෙමින් ඔහු සිතින් තවත් අනුමානයක් ගොඩනැගීය.

                             මේවන විට ඔහු හතරමං හන්දිය පසුකරමින් සිටියේය. ඉදිරියෙන් ඇත්තේ කුඩා දොලපාරක් හරහා ඉදිවුනු බෝක්කුවකි. දෙපසින් ඝනව වැඩුනු බට පඳුරු රාශියකින් ගැවසීගත් දියදහරෙහි හඬ පරිසරයට එක්කලේ ගුප්ත බවකි. හදිස්සියේම බටකැලය මැදින් මතුවූ බල්ලා නැවත පාරෙන් අනෙක් පසට (පහලට) ගමන් කලේය. මේ දොල පාරත් තරුණයාත් අතර මැදිනි. මෙවර බල්ලා තරමක් විශාලවද පැහැදිලිවද පෙනුනේ තරුණයා හා බල්ලා අතර වැඩි දුරක පරතරයක් නොවුනු නිසාය. බල්ලා  බට පඳුරු අතරින් මතුවන විට හෝ අනෙක් පස බට පඳුරු අතර නොපෙනී යනවිට කිසිඳු හඬක් නොනැගින.

"මේකා නම් සිරිල් මාමලගේ බල්ලා නෙමෙයි. ඌ මෙච්චර ලොකු නෑ..!" තරුණයා තමාටම මුමුණා ගත්තේය. (මම නොදන්නවයෑ ඒ ගෙදර ඒවයේ සයිස් එක. ඒ වචන සැට් එක කතාවට අදාල එකක් නොවේය. හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ මේවාට විය යුතුය.) 

                           ඔහු බෝක්කුවද පසු කරමින් ගමනේ යෙදෙන්නේය. ඊලඟ නිමේෂයේ සිදුවූදෙය ඔහුගේ ඇඟ ලොමුදැහැ ගැන්වීමට සමත්විය. අර බල්ලා නැවතත් වරක් බට කැලය තුලින් මතුවී තමාට ඉදිරියෙන් පාර හරහා ගමන් කරන්නට වීය. තරුණයා සමීපයෙන්ම වීද බල්ලාට එය ගානක් නැති සේය. මෙවරනම් සම්පූර්ණයෙන්ම කළු ලෝමයෙන් ගැවසීගත් උගේ ශරීරය පෙර දෙවතාවටම වඩා විශාලයැයි ඔහුට සිතින. තද කළු පැහැවූ උගේ ලෝම ඉතා දිගු විය.හයාගත් මුවක් නොවුවද, උගේ පෙනුමෙහි ගුප්ත මෙන්ම රෞද්‍ර බවක් විය. විදුලියක් කෙ‍ටුවා වැනි හැඟීමක් සිරුර පුරා විහිද ගියද ඒත් සමඟම තමා මෙතරම් සමීපයේ සිටයදී පවා ඒගැන තැකීමක් නොකර ගමන් කිරීම පිළිබඳ ක්ෂනික කෝපයක් තරුණයා තුල ඇතිවිය.

                          ඉද්ද ගැසුවාක් මෙන් වම් පාදයේ නැවතුනු ඔහු සිරුරේම ශක්තිය සිය දකුනු පාදයට යොමුකර මදක් නැවී මරු පහරක් බල්ලා වෙතට එල්ල කලේය. එක්තරා ආත්මාරක්ෂක සටන් කලාවක නිපුනයෙකු වූ ඔහුගේ මේ ප්‍රභල ප්‍රහාරයෙන් ගැලවීමට සමර්තයෙක් වේනම් ඒ ඉතා අල්ප වශයෙනි. එහෙත් සිදු වූයේ අනිකකි. පා පහර බල්ලාට වදිනු වෙනුවට බල්ලා විනිවිද ගියාමෙනි. අදහාගත නොහැකිවූ සිදුවීම නිසා ඔහුගේ මුවින් අව්‍යක්ත හඬක් නැගින. සැනින් ඔහුගේ සුරත නිතරම තමා සන්තකයේ වන කුඩා පිහිය වෙත ගියේය. (ඔහු තමන් විසින්ම පුරුදු පුහුණු වන එක්තරා ක්‍රීඩාවක නිරත වන්නෙකි. ඒ නම් දුරක සිට ඉලක්කයට පිහි විදීමයි. ඕනෑම ඉරියවුවක සිටිමින් අඩි තිහ හතලිහකට වඩා දුරක සිට ඔහුට වේගයෙන් ඉලක්කයට පිහි විදීමේ හැකියාවක් ඇත. තමාගේම හැකියාවෙන් ඉතා හොඳ වානේ වලින් සාදාගෙන ඇති මෙම පිහියේ මිට නිමවා ඇත්තේ ඊයම් වලිනි. ඒ අවශ්‍ය තරමට බර සිටීමටය. අඟල් හයකට වඩා දිග නැති මෙම පිහියේ මිටේ තරුණයාගේ නමද කොටා ඇත. ) තමා නිවසින් පිටවන මොහොතේ කුඩා ටෝච් එක (විදුලි පන්දම) හා පිහිය සාක්කුවට දමාගත් බව මතක ඇතත් දැන් එය එහි නොවීම ඔහු තුල කුකුසක් ඇති කරලීය. කුඩා විදුලි පන්දම පමණක් සාක්කුව තුල විය. මොහොතක් නැවතුනු ඔහු බල්ලා බට පඳුරු අතර නොපෙනී යන අයුරු බලා සිට නැවත ගමන් ඇරඹූයේ තමා එනතෙක් හන්දියේ මඟ බලා සිටින තම නැගණිය සිහිවීමෙනි.    

ප/ලි: 

                          දින කිහිපයකට පසුව ගම්වැසියෙකු කුඩා පිහිය තරුණයාට ගෙනවිත් දුන්නේ එහි ඔහුගේ නම සඳහන්ව තිබුනු නිසාය. විස්තර විමසූවිට ගම් වැසියා කියා සිටියේ අසවල් තැන (ඉහතකී සිද්දියවූ තැන) තිබී තමා ඇහිලූ බවයි. එහෙත් එතනදී පිහිය වැ‍ටුන ආකාරය තරුණයාට අදටත් ගැටළුවකි.  

ප/ප/ලි: 

                          අපට නොතේරෙන විශ්වාස කල නොහැකි සිදුවීම් හිනාවෙන් හෝ අවඥාවෙන් බැහැර කිරීමට අප පුරුදු වී සිටිමු. එහෙත් අප ජීවත් වන පරිසරය තුල ඇසට නොපෙනෙන හෝ සවනට නෑසෙන ශක්ති ප්‍රභවයන් රාශියක් තිබෙන්නට පුළුවන. හඳුනා ගත නොහැකි නිසාවෙන්ම එවන් දේ නැතැයි කීමට අපට හැකියාවක් නැත්තේය. විශේෂයෙන්ම කැලෑ ආශ්‍රිත ගම්මාන වල මේ තත්වය බහුලව දැකිය හැකිය. ඒ ගම්මුන්ගේ නොදියුනු බවයැයි මමනම් කිසිවිටෙකත් නොකියමි.

භූතාත්ම වල ශක්තියෙන් ඔවුන්ගේ අණකිරීම් මත අරුම පුදුම දේවල් කල ප්‍රකට පුද්ගලයන් කිහිප දෙනෙකු ගැන තොරතුරු ඊලඟ ලිපියෙන් ඔබ වෙත.   ගෙහුං එඤ්ඤං..!!




39 comments:

  1. උදේ පානදරම මාර කතාවක් තමා කියෙව්වෙ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ. අවුලක් උනේ නෑනේ..?

      Delete
  2. මෙවැනි බලවේග ඇතැයි කියන තැන් ඇතැයි සිතෙන තැන් වලදී මටනම් තවමත් එවැනි බලපෑමක් එල්ලවී නැත. එතෙක් මේ පිළිබඳව විශ්වාස නොකරමි. මගේ ශරීරයේ කිසිදු ආලේපයක් ගාන්නේ නැතිව, මට කිසිම කෑමක් බීමක්‌ දෙන්නේ නැතිව, භූත බලවේග පෙන්නන ලෙස මා අභියෝග කළ දෙදෙනෙක් කිව්වේ මා කිල්ලට අසුවී ඇති නිසා පෙන්විය නොහැකි බවයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔය කියන රටේ වෙදාලා නම් කරන තරමක් කරන්නේ බොරු. ඒක ගැන නම් තර්කයක් නෑ විචාරක මහත්මයා. ඒත් මේවාට හොල්මන් කියන්න බැරි නමුත් මොනාම හරි ශක්ති විශේෂයක් ගැන මට අත්දැකීම් කීපයක්ම තියෙනවා මේ වගේ. ඒ මගේ වනගත ජීවිතේ.හිච්චි එකා උනාට ඒවාගැන මතකය මට තියෙනවා. හැබැයි කවදාවත් මට තැති ගැනීමක් නම් ඇතිවෙලා නෑ.

      Delete
    2. ඒ අත්දැකීම් ටික ගැනත් ලියන්න කෝ

      Delete
  3. ඇයි බං අපිව බය කොරන්නේ !

    ReplyDelete
    Replies
    1. අපෝ බං දැකපු එකාවත් බය උනේ නෑ උඹ කතාව අහලා බය වෙලානේ....!

      Delete
  4. Ammo mageth ara oyata wage age lobudahaganuna kiyawanakota. Harida manda eka liwa. Oyata una ekak neweda manda. Na na oyata ne me mage akka ganath liyala thiyenne.

    ReplyDelete
    Replies
    1. බය ගුල්ලි..හිකිස්...!

      Delete
  5. මේක රෑ කියෙව්වනම් බය වෙනවා. දැන් නම් වැඩ්ඩ වගේ කියෙව්වා.. හොල්මන් වලට මම බයයි. ඒත් ඉතින් දැකලාවත් නෑ....මිනිස්සු කියනවනෙ හොල්මන් තියෙනවා කියලා...අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. දැකලා නැත්නම් ඒ හොල්මන් කියන්නේ කොහොමද ළිහිණියෝ..! කවුරුවත් කිවුවට පිළිගන්න අවශ්‍ය නෑ.එහෙම පිළිගන්නත් බෑනේ.ඒවා ගැනත් ඉගෙන ගන්නයි ඕන.

      Delete
  6. බය වෙන්නම ලියල තියනව. මේක සරත්ට වෙච්ච සීන් එකක්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ් මහත්තයා. සරා ගොඩාක් වෙලාවට ලියන්නේ අත්දැකීම්මනේ. මොකටෑ ආයේ නොදන්න දෙමලෙට ගෙහුං වරිගේ නහගන්නේ..!

      Delete
  7. නියමයි...හොල්මන්ද පොල්කොළ කිව්වලු ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා..!ජය වේවා..!!

      Delete
  8. හප්පා.. පිස්සු හැදෙන වැඩක් නේ. ඔය යම් යම් අමනුෂ්‍ය බලවේග ඉතා කලාතුරකින් මිනිස්සුන්ට පෙනෙනු අවස්ථා ගැන මාත් අහල තියනවා.අදෘශ්‍යමාන බලවේග ගැන හොඳ විස්තරයක් තිබුන බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ගේ "අපට නොපෙනෙන ලෝකය" පොතේ.

    ReplyDelete
    Replies
    1. මම ඒක නම් කියවලා නැද්ද මංදා චන්දන. ස්තුතියි ඒ තොරතුරට. මම හොය ගන්නම් ඒ පොත.

      Delete
  9. ඈ සිරා අයියේ.. අර කිව්ව පිහිය තාම තියෙනවද... ? තාම හොඳට ප්‍රැක්ටිස්ද... හි හි..

    අනිත් කුරුමිණි අකුරු ටිකත් බොහොම අමාරුවෙන් කියෙව්වා.... අර හොරාට කලින් කෙහෙල් කැන වැට පැනපු කතාව එහෙම... හි හි...

    ReplyDelete
    Replies
    1. මොකද අප්පා කට්ටිය තරඟෙට හොල්මන් කතා ලියන්නේ... කියව කියව යනවා මිසක් මට එක හොල්මන් කතාවක් වත් නෑ ලියන්න.... ඉහි ඉහි ඉහි....

      Delete
    2. ඉස්සරලම කියන්න එපයෑ මේක. මම සිරා නෙමේ හිරුවෝ සරා. ඕක මම ඉඳි ගහට පනින සංදියේ කොරපු ක්‍රීඩාවක් නොවැ. ඉතින් පිහි මොකටෑ දැන්. සීයට දෙසීයක් ෂුවර් මගේ ඉලක්කය නම් මට. මොකෑ බොලා එහෙම හිතුවට මම තාම නාකි වෙලා නෑනේ.

      Delete
    3. අයියෝ.. ටයිපින් මිස්ටේක්... හි හි....

      දැං කවුද කිව්‌වේ අපේ සරා අයියා නාකියි කියලා..

      මට පෙන්නන්න බලන්න.. මම කියලා දෙන්නම් කවුද නාකි කියලා උන්දැට.... හි හි...

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. Replies
    1. බලන්න ඔය ලින්ක් එක

      මට ඔහොම එකක් උනා

      Delete
    2. ඕන්න කියවලමයි ආවේ. මාර සීන් එක නේද..? හැබැයි මට කවදාවත් එහෙම දේවල් වෙලා නෑ. මනුෂ්‍ය රූප කවදාවත් මෙහෙම දැකල නෑ මම.

      Delete
    3. කියන්න අමතක උනා අටම්පහුර මහත්මයා සාදරයෙන් පිළිගන්නවා ඔබව සරාගේ ලෝකයට. ස්තුති වන්ත වෙනවා ආවට මේ පැත්තේ. ජය..!

      Delete
  12. මලවුන්ගේ දවසේ නියම කතාව..

    ReplyDelete
    Replies
    1. එහෙම එකකුත් තිබුනද දිනේශ් මල්ලියා අපිට ඉතින් ගනිච්චියක් නෑ නොවැ ඕවයේ.

      Delete
  13. බොරුයි කියන්න බැහැ සම්පූර්ණයෙන්ම මේ වගේ කතා

    ReplyDelete
    Replies
    1. යම් ඇත්තක් නැතුව නෙමේ. ඒත් බොරු ගොඩකුත් කලවම් වෙලා නිසා හුඟක් අය පිළිගන්න අකමැතියි. ගෙඩිය පිටින් ගිලින්න ඕන නෑ අපි. තර්කාණුකූලවයි අපි තීරණ ගත යුත්තේ.

      Delete
  14. */මේ අඳුර මැදින් ඉදිරියට ඇදෙන ජවසම්පන්න තරුණයෙකි. ඩෙනිම් කලිසමකින් හා ඩෙනිම් රෙද්දෙන්ම මැසූ කමිසයකින් සැරසී සිටි ඔහුට වැඩෙමින් තිබුන ඝන අඳුර ගනිච්චියක් නැතිසේය. */

    අයියෝ සල්ලි කිවල්ලු..

    ReplyDelete
  15. දැක්කම බයවෙනවා

    ReplyDelete
    Replies
    1. හොල්මන්ද යසිරු....?

      Delete
  16. ඒ පිහි විසි කරන, ආත්මාරක්ෂක සටන් කලාව හැදෑරූ ජවසම්පන්න තරුණයා කවුරු වෙන්න ඇතිද? :D


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans ssssssww

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් ඔව්වා නම් අපි දන්නේ නෑ Dude මහත්තයා. අද කාලේ මොකාද ඕවා නොදන්න උන් ඉන්නේ...?

      Delete
  17. නයා අයින් කරලා කතාව කියවන්න දෙපාරක්ම කියවන්න වුනා..!!හිකස්..
    ජීවිතේ සමහර දේවල් නම් විස්තර කරන්න පැහැදිලි කරන්න අමාරුයි තමයි..

    ReplyDelete
    Replies
    1. මටත් පැහැදිලි නැති තැනක් තියනවා. ඔය සිද්ධියේ නයෙක් හිටියේ කොතැනද කියලා.අනික ගොම්මන් වෙලාවට නයි එලියට බහින්නේ නෑ නොවැ. නොවුනත් බල්ලෙක් විතරමයි දැක්කේ. D

      Delete
  18. අනේ සරා අයියෙ ඒ කතාව අහුවම නම් බයයි වගේ....

    පිහියත් වෙලාවටම නැති උනා කියන්නෙ... මොනව වෙන්න බැරි ද?///

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....