Friday, October 26, 2012

රොටී ප්‍රශ්ණය.... (සරාට වෙන වැඩ)




                       ඒ 1990 දශකයේ එක්තරා වර්ෂයක වස්සාන කාලයකි. දිනෙක සරාගේ මව,පියා,නැගනිය යම් කිසි කටයුත්තකට බැහැර ගොසිනි. සරාද අවලමේ ගොස් ගෙදර ආවේ උගේ කූටාලියෙක්ද කැ‍ටුවය. ගෙදර එනවිට එහි කිසිවෙකුත් නැති. ලූලා නැති වලේ කණයා පන්ඩිතයා වන්නාසේම කිසිවෙකුත් නැති ගෙදර ගෘහ මූසලයා සරාය. ඒනිසා ආගන්තුක සත්කාරද ඔහුම කලේය. වැස්ස ගැනයි, ගමේ කැකුලියෝ ගැනයි සාල පොජ්ජේ ඉඳන් කතා දමන සුනංගුවට හෝරා පොජ්ජ මංගච්චලා කියලා ගනිච්චියක් ආවේ සුදහගින්දර ආවාම ඕං.  සරා මුළුතැන්ගෙට වැද පරීක්ෂා කලද ම්හු.. කෑමට යමක් සොයා ගත නොහැකිවිය. මවට කෑම සෑදීමට හෝ නැතහොත් සරාව හෝ අමතකව ගොස්ය. කෑම මේසය මත වෑංජන දීසි කීපයක් පමණක් ඇත. වැසි දවස් නිසා ඒවාද සීතලව ගොසින. බේකරියට ගියානම් උනු පාන් ගේන්න තිබුනා..

කොහෙද මේ මරවැස්සේ තෙමෙන්න පුළුවන් කාටද..?
සරා තමාටම කියා ගත්තේය.සුන්වූ බලාපොරොත්තු සමඟ ආපසු හැරුනු සරාගේ උකුසු නෙතට හසුවූයේ කුස්සියේ මුල්ලක තිබූ දෙල් ගෙඩි කීපයකි.
යෙස්... දෙල් මාළුවයි රොටියි...!
ඌට ඉබේම කියවිනි. දෙල් වෑංජනත් සමඟ උනු උනු රොටී සුවඳක් ඔහුට ඇහෙනවා ඇහෙනවා මෙන් විය. මුළු තැන්ගෙයින් ඉවත්ව යහළුවා වෙත පිය නැගූ ඔහු තම අදහස මිතුරාටද කීවේය.
මචං නන්දෙ.. අම්මලා උයලා ගිහින් නෑ බං..!
දෙල් තියනවා අපි රොටී පුච්චමුද...?
අම්මට හුඩු නියමයිනේ බං දෙමු වැඩේ..!
ඉතින් අවුලක් නැතිය. යෝජනාව එකෙන්ම සම්මතය. දෙදෙනාම කුස්සියට වැදුනෝය. නන්දෙයා දෙල් සුද්ද කරන අතරේ මම පිටි ඇනුවෙමි. එයට යීස්ට් ස්වල්පයක්ද එකතු කලෙමි. එවිට රොටී සොප්ට් වෙනවාය. අම්මා එසේ කියාදී ඇත. පිටි අනන එක කරදර වැඩකි. වරෙක වතුර වැඩි වෙන්නේය,..පිටි ටිකක් දානවා... වරෙක පිටි වැඩි වන්නේය, වතුර දානවා. කෙමෙන් පිටි ගුලිය ලොකුවන්නේය. පෑ කාලක් පමණ ගෙවුන තැන පිටි අනා හමාරය. එහෙත් එය විශාල පිටි ගුලියකි. පිටි කිලෝවක් පමණ එකකි. ප්‍රශ්ණයක් නැත. පිටි පිපෙන්නට ඕනෑය. එතෙක් දෙල් මාළුව පිලියෙල කලහැක. ඒකත් ආවාට ගියාට කරන්නට බැරිය. අම්මගේ ටේස්ට් එකට ගත යුතුය. ඒ නිසා අතට අහුවෙන සියළුම කුලු බඩු වර්ග එයට හැලුවෙමි.

         දැන් හොද්ද නටනවාය. සුදහගින්දරට අපවද නැටවෙනවාය. මම රොටී තුනී කරන විට නන්දෙයා රොටී පිච්චීම ආරම්භ කලේය. කුසගිනි අධික බැවින් බාන බාන එක අපි කන්නට වීමු.


                                                       ඔය තියෙන්නේ රොටී පුච්චපු විදිහ.
     
           ප්‍රමාණය වරෙකට එකෙකුට භාගයකි. ඇතිලිය ලිපේ තියෙද්දීම අඩුවෙමින් පවතී. එය කොකටත් හොඳය. ලිපෙන් බානකොට අත පිච්චෙන්නේ නැතිය. අපි පරිස්සම ගැන සිතිය යුත්තේ ගින්දරත් සමඟ සෙල්ලම් හොඳ නැති නිසාය. පැයක් පමණ ගතවෙන විට ඇතිලියේ අඩිය පේනවාය. විශාල පිටි ගුලියද හමාරය. පිටි කිලෝ එකක් පමණ කොල්ලෝ දෙන්නා ගිලදමා අවසන්ය. ඉඳින් තවත් කුස්සියේ ‍රැඳී සිටීමට කාරියක් නැත. අපි සාලයට පැමිණ ගීතයක් රස වින්දෙමු.

         නැවත් මා අවදි වූයේ මාගේ දයාබර නැගනියගේ ටකරන් වොයිස් එකෙනි.
මොන කරදරයක්ද බං කන ගාව ඉඳන් ටකේ ගහන්නේ... පලයන්කෝ අහකට..!
ඉඳා... ඔච්චරටම නිදිමත නම් යනවකෝ කාමරේට මේ පොරෝහිතයක් අරගෙන...!
තොට මම.......!
               සිතිවිල්ල ක්‍රියාවට නැංවිය නොහැකිසේය. විනිසුරු අසල අසුනක පුවත් පතක් බලමින් සිටී. එබැවින් නැවතත් සැටියටම බර උනෙමි. ඒත් ඒ සුළු මොහොතකට පමනි. අම්මා පැමිණ මගේ කනෙන් අල්ලා ගත්තාය.
කව්ද කුස්සියේ යකා නැ‍ටුවේ....?
ඉතින් දීපංකෝ උත්තර.. නංගීගේ කට කනේය. උඹට දෙනවා මම තාත්තා මෙතන නැත්නම්... ඒ වචනවලට නොහැරුන මගේ සිතිවිලිය.

මොකාවත් නැ‍ටුවේ නෑ ඔහේ අපි රොටී හැදුවා... !
වරෙන් යන්න පෙන්නපං මට රොටී හදපු විදිහ.

ඇය මාව ඇදගෙන කුස්සියටම ගියාය. නැගනිය හා පියානෝද පසුපසින් වන්හ. යකෝ අසාධාරනේට ලක් උනේ මම. මේ සද්ගුනවත් දානපති ලින්ටන් මුදලාලිගේ එකම පුතා වෙච්ච මට අද උයාගෙනත් කන්න උනා. ඒත් මම වචනයක් වත් කිව්වේ නෑ. එහෙම එකේ මේ විදිහට කරන එක වැරදියි නේ. ඔන්න දැන් දැන් මටත් තදවීගෙනයි එන්නේ. ඒත් බොලව් මහාධිකරන විනිසුරු ඉදිරියේ කට අරිනවා කියන්නේ දත් නැතුව බත් කන්න වෙන සිද්දියක් බව දන්න නිසාම මුවින් නොබැන සිටියෙමි.

රොටී පුච්චන්න මේහැටි හැලිවලං ඕනද..?

එවර ඇය තාත්තා දෙසට හැරී විමසුවාය. ඇය අසූහාරදහසකටත් වඩා කෝප ගැන්වී ඇති සෙයකි. ඇගේ කතාවේ යම් සාධාරණයක් නොතුවාම නොවේය. දෙල් ඉවීමට හා රොටී සෑදීමට භාවිතා කල හැලි වලං,කැති, පොරෝ, මන්නා, උදළු, ගල් ඉනි ආදිය කුස්සිය පුරාය. නැවත එහි ඇතුළුවීමට නම් පැයක් පමණ පිරිසිදු කොට යුතුව ඇත.

බලන්නකෝ මූ කරලා තියෙන වැඩේ...!

අම්මා තවමත් සිතන්නේ තාත්තා තවමත් මෙය නොදු‍ටු බවද...? දෙවන වරටද පැමිනිල්ල යොමු කලේ ඒනිසා විය යුතුය.

ඔයාගෙනේ වැරද්ද..! ඇයි මට උයලා තියලා ගියේ නැත්තේ....? ඔයා කියන්නේ මේ වෙනකම් මම බඩගින්නේ ඉන්න ඕන කියලද..?

නිහඬතාවයේ අවාසි දන්නා මම නිදහසට කරුනු දැක්වීමි.

මහාධිකරණ විනිසුරු: කොල්ලට කන්න උයලා නෙමේද ගියේ...?  

පැමිණිල්ල: ඉක්මණට එන්නනේ ගියේ පරක්කු උනාට..!

මහාධිකරණ විනිසුරු: එහෙනම් තමුන්ලගේ වරද. ගමනක් යනකොට එන වෙලාව කියන්න බෑනේ. දැනගන්න ඕන ගෙදර ඉන්න එකාට කන්න හදලා තියන්න. ඒකට පුළුවන් විදිහට හදාගෙන කාලා තියනවා. ප්‍රශ්ණයක් නෑ, තමුන්ල දැන් ඔය සේරම අස් කරලා රෑට කෑම හදන්න ඕන තේරුනාද..?

විනිසුරු කට කොනකින් සිනහා වෙමින් පිටව ගිය අතර, විත්තිකරු නිදොස් කොට නිදහස් කෙරින. 

ගෙහුං එඤ්ඤං......!!!!



34 comments:

  1. Replies
    1. තැන්කූ වේවා..!!
      මම ඒ අහ ගියා යාළුවා. මට කැම් එක ගැන කියපං ඈ...!!

      Delete
  2. වහින වෙලාවට උණු උණු රොටී කන්න අපිත් ආසලු. හැබැයි ඉතින් දෙල් මාළුව නම් පේන්න බෑ.

    උයන වෙලාවට මහා ගොඩක් හට්ටි මුට්ටි ගන්න එක නම් මටත් පේන්න බෑ. ඊට පස්සෙ ඕවා අස් කරන්නෙ පොලීසියෙන්ද... :P

    ReplyDelete
    Replies
    1. දෙල් මාළුවට බනින උන් මටත් පේන්න බෑ.D කොල්ලෝ වෙලා ඔහොම දෙයක් කරගත්තා මදෑ ළිහිණියෝ... !
      හිත හැදෙන්න දෙයක් නොකියා ඔහොම කියන එක හරියෑ..!!

      අනික මල් මාසේ ඉපදිච්ච හුඟාක් එවුන් කාර්මිකයෝ වෙනවා, ඒවගේම උන් වැඩ කරන තැන් කිසිම පිලිවෙලකට තියා ගන්න බෑ උන්ට.

      සමීක්ෂන ප්‍රතිපලයකි.

      Delete
  3. බලන්න අධිකරණයෙන් විතරයි පිහිටක් ලැබෙන්නෙ. හරියට ලංකාව වගේ.

    ReplyDelete
    Replies
    1. නෙවෙන්නම් රාජ් මහත්තයා.හරියටම ලංකාව වගේ. ජය වේවා...!!

      Delete
  4. හපොයි ඒ තාත්තා අපේ තාත්තට හපන් ද කොහෙද....

    හැබැයි සරා අයියේ ඔය රැස්පට් දැං නං ඔක්කොම බැහැලා අපේ උන්දැගෙ... ඉස්සර කොස්සක් අතින් අල්ලන් නැති මනුස්සයා දැං ඉල්ල ඉල්ල ගේ අතුගානවා.. පැන්ෂන් ගියාම මිනිස්සු වෙනස් වෙන තරම්.. හි හි.....

    මටත් ඔය කුස්සිය හැඩි කරන එක නං පේන්න බෑ.. හදාගෙන කෑව නං අස්කරපං කියලා තමා කියන්න වෙන්නේ.... මුළු ගේම වැනසුවත් කමක් නෑ කුස්සියට අත තියන්නේ නැතුව.. හි හි.. ඒකනේ මම නැන්දම්මත් එක්ක ඉන්න කැමතිම නැත්තේ..

    මට, මට ඕනේ විදියට තියාගන්න පුළුවන් ගෙයක් ඕනේ කියලා තමයි මම යාලුවෙන්න කලින් ඉඳලම අපේ මහතත්යට කිව්‌වේ... හි හි...

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තා නම් හතර රියන් පුරුෂයා කෙල්ලේ. උන්දැත් එක්ක සෙල්ලම් බෑ ලේසි පුතෙකුට..!


      //මට, මට ඕනේ විදියට තියාගන්න පුළුවන් ගෙයක් ඕනේ කියලා තමයි මම යාලුවෙන්න කලින් ඉඳලම අපේ මහතත්යට කිව්‌වේ... හි හි...\\

      ඒකියන්නේ කොන්දේසි සහිත ආදරයක්ද හිරුවෝ. පව් බං අපේ මහත්තයා..!

      Delete
    2. අනිවා....

      හැබැයි ඒක විතරයි එකම කොන්දේසිය.... හි හි... ( ඒකම තමයි එයා නොකලෙත්...)

      Delete
    3. එයාට හැම මොහොතකම දෛර්‍යයක් වෙයන් කෙල්ලේ. ඉක්මනින්ම ඒ හීනයත් හැබෑවේවි. මමත් නංගි බබාත් ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම ඔයාලට තමන්ගෙම කියලා නිවසක් ඉදිකරගන්න හැකිවේවා කියලා.

      Delete
  5. යස වැඩේ...හට්ටි ටික හෝදල නිකා හිටිය නං අහවරයි නේ...
    හැබැයි රොටි උයපු එකාටත් කියලා වලං හෝදවන්න තිබුනෙ..අපරාදෙ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් කල්පාන්තමේඝය ද මොකක්ද එකත් වහීවි යාළු....හිකිස්..!!!

      Delete
  6. විත්තිකරු නිදහස් වීම සතුටුටට කරුණකි :)

    ReplyDelete
  7. "සරාට එරෙහිව මැණියන්" නඩු තීන්දුව විත්තියට පක්ෂව ලැබීම සතුටට කාරණයක්. ඒත් කාපු බීපු තැන අස් පස් නොකිරීමෙ වරදටත් සුළු හෝ දඩුවමක් නියමවිය යුතුව තිබුනා. විනිසුරු මෙතනදි, පක්ෂග්‍රාහී හා අසාධාරණ බවයි මගේ නිගමනය.

    ReplyDelete
    Replies
    1. උඹ නම් සර්ව සාධාරණ තීරණ ගැනම හිතන මිනිහනේ. මට හිතුනේ මචන් මෙතන වරද ගැන විතරක්ම නොහිතා වරදට හේතුව ගැනත් හිතලා දුන්න තීන්දුවක් කියලා.

      Delete
  8. ඔය වගේම තමා මමත් රොටි හදන්නේ වෙලාවකට වතුර වැඩි තව වෙලාවකට පිටි වැඩි. හි:) හි :) මොනවා උනත් හොදට උයලා බඩ පුරවගෙන තියෙන එකට නම් සතුටුයි..

    ඒත් කෑවා නම් බිව්වා නම් ඩෙඟා නටපු කුස්සිය අස් කලා නම් නේද හොඳ?

    ReplyDelete
    Replies
    1. එහෙනම්.. එහෙනම්..!! ඒකාලේ ඉතින් පාං රාත්තල දෙකට කැපුවත් පෙති දෙකකට වඩා කන්නේ නෑ අපි.ස්තූතියි මේ අහ ආවට.

      Delete
  9. Mamath kiyanne me hamoma kiyana tikama thamai. Ethakota thamai e wade piliwelak awasanayak thiyenne. Danuth inna welawata mata uyala dunnata as karanne mamane. Ethakota nam ithin sadda nathiwa mama as karanne uyala dunnata passe mokuth kiyannath bane. Mata karanna thibba wadakne mata karala dunne. Nathnam ithin mamath danawa saddayak. Hikis.... Oyata mama sadda danakota bariya neda?

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතින් හැමදාම මට පිළිවෙලට වැඩ කරන හැටි කියලා දෙනවනේ...!

      Delete
  10. වැරද්දක් නෑ නේන්නම්. උයාන කන එක කොච්චර හොදද,,,

    ReplyDelete
    Replies
    1. ඒකනේ යාළුවා වරදක් නෑ..!

      Delete
  11. ලියලා තියන විදිහ නම් අපූරුයි සරා...
    දෙල් ටික හරියට හදාගත්ත එක වටිනවා..මට තාම මතක් වෙනවා මම පළවෙනියට දෙල් හදපු දවස...හපොයි..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට රූ නෝනේ එහෙම කතාවක් අපට කියලා නෑනේ. ඔන්න දැන්නම් කියන්නම වෙනෝ.....!!

      ස්තූතියි..

      Delete
  12. සද්ගුනවත් දානපති ලින්ටන් මුදලාලි ලෙසටම තීන්දුව දීල තියෙනව. මොකද ඉතිං එයා කියල වළං හෝදනවයැ.

    හැබැයි සරා කන්න පුලුවං විදියට උයාගත්ත කියන්නෙ ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔයාට කියන්න යාළු..
      සරා ලෙසටම උයනවාළු..

      Delete
  13. මාත් වැස්ස වෙලාවට ඔය වැඩේට සෙට් වෙනවා ඉඳ හිට. දෙල් මාලුවයි රොටියි නම් මරු කෑම නෙහ්..
    ඒ අධිකරණය විත්තිකරු දෙස සානුකම්පිතව බලලා තියන හැඩයි..:)

    ReplyDelete
    Replies
    1. ආයේ මොනාද චන්දන.

      මටත් ඕකම හිතුනා.

      Delete
  14. යාලුවෙක්ගේ ගෙදර ගිහින් උයන් කාපු සිද්දියක් මතක් වුනා පනුවෝ දාපු සෝස් එකක් එක්ක පාන් කපු කතාවක්.

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් මගේ මිත්‍රයා කාලෙකට පස්සේ. ඒවනම් ලෙසටම තියෙන්නැති නේද මචන්..!

      Delete
  15. ඈ බං උඹලා පොල් නැතුවද රොටි හැදුවේ? පොල් ගාපු කතාවක් නෑනෙ. අර ගල් ඉන්න ගන්න ඇත්තෙ දෙල් ගෙඩිය පලා ගන්නද, රොටී බාන්නද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඉතින් Dude හුඟ කාලෙකින් මේ පැත්තට... ආයුබෝවන් ඔබටත්..!!

      පොල් දානවා පොල් දානව. මෙහෙ ඉන්නකොට සමහර වෙලාවට අපේ උන් රොටී හදනවා. මෙහෙ තියෙන කබල් පොල් කුඩු මිශ්‍ර කරණ කොට මට ගෙදර මතක් වෙනවා. ඇත්තටම මේ රට කරවන අම්බරුවෝ නිසා කලකිරීමෙන් මෙහෙ ආවට අපේ රට තරම් හොඳ වෙන තැනක් අපට නෑ Dude.

      Delete
  16. තාත්තා නම් පුතාට පක්ශග්‍රාහී වගේ.මහේ හැන්ගීම මවට අසාදාරනයක් වූ බවයි.හැබැයි ඉතින් උයාගෙන කපු එක ලොකු දෙයක්.

    ReplyDelete
  17. මෙහෙ කන තමීස් මතක් උනා බොලේ..
    කොහොමැයි ඉතින් වාස දේස හෙම..

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....