Wednesday, October 17, 2012

රට එන අපේ ඇත්තන්ගේ වැඩ කිඩ ජුන්ඩක් විතර...




                 පසුගිය කාලවකවානුව තුල සිදුවූ සිද්ධි සමූහයක් නිමිති කොට ගෙන මේ කෙටි සටහන තබමි. යමෙකුගේ සිත් රිදීමක් වෙතොත් කමාව. එහෙත් කිවයුතු දෙය කිව මනාය. නුදුරු අතීතයේ එක්තරා දිනයෙක ඈත විදේශයක සිටින මගේ මිතුරෙකු සමඟ gmail සංවාදයක යෙදුනෙමි. මා සුපැහැදිලි සිංහලෙන් පනිවිඩ යැවූමුත් ඔහු පිළිතුරු සැපයූවේ පිරිසිදු ඉංග්‍රීසියෙනි. හේතු කාරනා මම නොවිමසුවද ඔහු ස්වේජ්චාවෙන්ම සිංහල රයිටින් අමාරු යැයි කියා සිටියේය. එහෙත් මුල් කාලයේ ඔහු මා වෙත පනිවිඩ එවන 6ද්දේ මා මෙන්ම පැහැදිලි සිංහලෙනි. එබැවින් සිංහල යුනිකෝඩ් ඔහු සතු බව මා දනිමි.

                  දෙවනි කාරනය නම් අප ආයතනයේම සේවය කරන බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමින නොබෝ දිනකින්ම සිංහල හෝ දමිල(තම මව්බස) අමතක වීමයි.

මෙහෙදි අරාබිම කතාකරලා දැන් සිංහල එන්නෙම නෑනේ....!

මහ රෑ දුම් වැටියක් උරමින් එලියට වී සිටි ලාංකිකයෙක් මේ නුදුරු දිනක මාහා පැවසීය.

                අඳෝමැයි..! ඔහුට දුම් වැටිය මතකය, මව්බස අමතකය... අප ආයතනයේ සාමාන්‍ය භාවිතය ඉංග්‍රීසි උවද රජයේ ලියකියවිලි කටයුතු කෙරෙන්නේ අරාබි භාශාවෙනි. විදේශිකයෙකුට උවද ඒ කටයුතු වලට ඉංග්‍රීසි භාවිත කල නොහැක. ඒ ඉංග්‍රීසි භාශාවෙන් ලියන ලද ලිපි ලේඛන රාජ්‍ය අංශය (Ministry of defence........) බාර නොගන්නා බැවිනි. එය මේ රටේ නීතියකි. (මාදන්නා තරමින්) එබැවින් සියළුම විදේශිකයන් එවන් අවස්ථාවලදී ස්වදේශිකයන්ගේ උදවු ලබා ගනිති.මන්ද රාජ්‍ය අංශය තම මව් භාශාවට මුල් තැන දී කටයුතු කරන නිසාවෙනි.

                  තත්වය එසේ උවද මෙහි සිටින සියළුම විදේශිකයන් (ලාංකිකයන් හැර) තම රටේ පුද්ගලයෙකු මුනගැසුනු තැන කතා කරනුයේ තම මව් භශාවෙනි. ඒ ඔවුන් එය අගයන නිසාවෙනැයි සිතමි.ඔවුන් තම රට ගැන පවා කතාකරනුයේ මහත් ආඩම්බරයෙනි. එය එසේ වියයුතුය. එහෙත් බහුතරයක් ලාංකිකයන් අප දු‍ටු තැන කොටන්නේ කඩ්ඩෙනි. මෙයින්ද වැඩි පිරිසකට ව්‍යක්ත ඉංගිරිසිය නුහුරුය. ඔවුන්ගේ කඩ්ඩ කඩතොළුය, මොට්ටය, මලකඩය. එවිට අප සිංහල හෝ ද්‍රවිඩ පලිහක් ලෙස යොදා ගනිමු. ඒ සිහි කැඳවීමක් වශයෙනි. එහෙත් ඒ ගැන තැකීමක් නොකරන ඔවුන් වැරදි වචනම උසුරවයි. ඇත්ත කරුන නම් ඉංග්‍රීසි කතා කිරීම වැදගත් කමක්ය එය ආභරනයක්ය යන හීනමානය ඔවුන් තුල වීමය. අරාබිය ගැනත් කියන්නට ඇත්තේ එයමැයි.

                  උගත් පාඨකයෙනි, මා ඉංගිරිසි හෝ අරාබි විරෝදියෙකු නොවෙමි. එහෙත් විදේශිකයෙක් සමඟ ගනු දෙනුවලදී තැනට අදාල භාශාවක් යොදා ගත්තද ස්වදේශිකයන් සමඟ කතා කිරීමට විදේශීය භාශා භාවිතය මට මහා විහිළුවකි. ඉංගිරිසිය මම යකෙක් රකුසෙක් ලෙස නොදකින සේම දෙවියෙකු ලෙසද නොදකිමි. මට එය මගේ කටයුතු පහසු කරදෙන මෙවලමක්ම පමනි. මේ ලිපිය සඳහා මා ලියන ලද අත් පිටපත ඉතා දිගු එකක් උවද ඇතැම් අය කෝපවෙතැයි සිතා දල අදහස පමණක්ම අකුරු කලෙමි. ( උදාහරණ දෙන්න ගිහින් මොකටෑ ආයේ තරහ කාරයෝ ඇතිකර ගන්නේ හිකිස්..)

                   ඉදින් මම මෙසේද කියමි. හුදෙක් මෙය සිංහල කමය, සිංහල ජාතියය අපේ සඟිස්කුරුතයය (සංස්කෘතිය) යන හැඟීම ඔළුවට ගෙන එයින් හිස උදුම්මවාගත් ලිං මැඩියෙකුගේ බකබක ගෑමක් නොව ඇත්ත ඇති සැටියෙන් හුවා දැක්වීමක්ම පමණක් බව සිතන්න. මා උපහාසයෙන් කතාකලේ ඔවුන්ගේ දැන උගත් කම ගැන නොව, තමන්ගේ අය ඉදිරියේම ඔවුන් ඇදබාන බොරු පම්පෝරි ගැනය. මන්ද ඕනෑම කෙනෙකුට ඕනෑම ආකාරයකට ජීවත් වීමේ අයිතිය ඇත. කිසිවෙකුටත් එය අභියෝගයට ලක් කල නොහැක. එහෙත් තත්වය මෙයනම් අනෙක් විදේශිකයන් ඉදිරියේ අප විහිළුවට හා අවමානයට පාත්‍ර වීම වැලක්විය නොහැක.















ලියුම් කරු
චක් නොතාරිස්.



ප/ලි 
දැන උගත් කමට ගරු කටයුතුය. බොරු පුරාජේරුව හාස්ස්‍යයට හේතුවකි.


46 comments:

  1. මේ ළඟදි කෝරලේ මහත්තයත් ඔය ගැන ලියලා තිබ්බා.... අපේ මහත්තයත් කියනවා ඔය වගේ කට්ටිය ගැන.... හැබැයි අනිත් සෙට් එක එකතු වෙලා ඒ කට්ටියව තියන්න ඕනේ තැනින්ම තිබ්බලු.... හි හි...

    ඉතිං ඔය පිරිමිනේ.. ඇයි ගෑණු... හි හි... මෙහෙ ආවම සිංහල තියා අම්මා තාත්තා කියන්නත් මතක නෑ සමහර අයට... හි හි...

    ඊටත් වැඩිය කැත වැඩක් කලාලු අපේ රටෙන් ගිය එකවුන්ටන් කෙනෙක්.. මෙයාලා දුර ගිය වෙලාවක යවන්න කියපු සල්ලි ටික බැංකුවට දාලා නෑ... දවසක්ම කන්න දෙයක් තිබුනේ නෑලු මෙයාලට.... ඊට පස්සෙ කම්පැණි ලොක්කාට කතා කළාමලු අරෑ සල්ලි එවුවේ.. ලංකාවේ කට්ටියක් ගියේ කියලා දැනගෙනත් එහෙම කරන්න තරම් මිනිහෙක් කොච්චර පහත් වෙන්න ඕනෙද....

    ReplyDelete
    Replies
    1. ඒකනේ හිරූ නඟා. මවා ගත්ත ලෝකවල ජීවත් වෙන මෙහෙම අය හුඟක් වෙලාවට මව් රට එනකොට හිස් මිනිස්සු. ඔයවගේ කට්ටියත් මේවයේ හිඟම නෑ දරුවෝ. අපිනම් සාමාන්‍ය ව්‍යවහාරයේදී ඔහොම අයව අපූරු නමකිනුත් හඳුන්වනවා. ඒත් පොඩි උන්ට ඕවා කියලා දීලා බෑ නොවැ.

      Delete
    2. ෂික්.. මේ මොකෙද්ද මේ... කෝ අපේ සරා අයියා...... සරා අයියට මොකද කලේ....

      ( රවුම් තුනක් හතරක් කරකෝලා පොලවේ ගහලද දන්නේ නෑ....)

      අපිට ඔය කොහෙවත් ඉනන් නොතාරිස් කරයෝ ඕනේ නෑ....

      අපේ සරා අයියා අපිට දියෝ..... එතකම් මෙතන පැල් බැදගෙන උපවාස කරනවා හරිද.....??

      Delete
    3. ඒක තමයි බං මාත් බැලුවේ. ඊයේ පොස්ට් එකට යටින් නොතාරිස් කතාව තිබ්බට එච්චර ගණන් ගත්තේ නෑ.. හ්ම්ම්..හ්ම්ම්.. :)

      Delete
    4. හුඟක් අය ඔය වැඩේ කොරන්න ආසාවේ හිටියා බොලවු. තවත් සමහරු උත්සාහ කොරලත් බැළුවා. ම්හු.... වැඩක් උනේ නෑ කෙල්ලේ. මහන්සිය විතරයි.සරා ඉන්නවා, මේ ලියපු එකාගේ රිප්ලයිනේ.

      Delete
    5. @ චන්දන

      යාළුවට තේරුනා එහෙනම් ඈ..!

      Delete
  2. පිරිමින්ට වඩා ගැහැනුන්ට හැදෙන රෝගයක් මව්බස අමතක විම !

    ReplyDelete
    Replies
    1. මේකටත් ගෑණු පිරිමි භේදයක් ! හෙ හේ..

      Delete
    2. @සෑම්

      එකෙන්ම...!

      Delete
    3. @ manak kalpitha

      වෙනවා වෙනවා. ඔය දෙගොල්ලන්ටම ඔය අසනීපේ හැදෙනවා.

      Delete
  3. ඕකට කියන්න හොද වචනයක් තියෙනවා...මට මතක නෑ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පාං කෑවොත් ඔහොමමයි..! හොඳ වෙලාවට අමතක උනේ. සුභ වේවා සාජ සම්පත් ලැබේවා..!!

      Delete
  4. සමහරු නොදන්න ඉංග්‍රීසි කතා කරන්න ගිහින් චාටර් වෙන අවස්ථාත් තියෙනවා :)

    ReplyDelete
    Replies
    1. මොකෑ නැතුව. උදාහරණ කෝටියයි..!!

      මඩ ගැහීමට අකමැති නිසා නොලියමි..!

      Delete
  5. මම උඹ සමඟ එක හෙලාම එකඟ වෙමි. ඔය ජාතියේ උන් එමට ඉන්නවා. සමහර උන් අපි සිංහලෙන් කතා කරන්ඩ කරන්ඩම කඩුවෙන් කොටනවා. එතකොට අපේ ජාතික ගුවන් සේවය.. අනේ සිංහලෙන් කතා කළොත් ගනන් ගන්නෙම නෑ බන්..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හේ... මොකට කියනවාද සෙන්නා..වෙලාවකට හිතෙනවා මූණ පුරෝලා දෙකක් දෙන්න.


      අසා ඇත්තෙමි.අත්දැකීම් නැත.

      Delete
    2. මට නම් අත්දැකීම් තිබේ... මොකාද බන් මේ චක් නොතාරිස් කියන්නෙ.. ?

      Delete
    3. මේ පෝස්‍ටුව ලියාපු එකා මිස වෙන මොකාද බං..!

      Delete
  6. තමන්ගේ මවුබස අවුරුදු දෙක තුනකදී අමතක වෙනවා නම් අනෙක් දේවල් ගැන කවර කතාද..

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද චන්දන මේවා. උන්ට තෙරෙන්නේ නැති කොට..

      Delete
  7. අපේ ඔෆීසියේ කතා කල යුතු භාෂාව ඉංග්‍රීසිය. හේතුව විජාතිකයින් සිටීමයි. ඉන්දියන්, ඇමෙරිකන් කාරයන් එක්ක සිංහලෙන් වැඩ බැරිය. හුරුව ඇත්තේ ඉංග්‍රීසියට නමුත් මම නම් රාජකාරියෙන් එහා සිංහලයෙක්මි. :)

    මේකයි සරා අයියේ..ඔය බොරු පොයිය තියෙනවනේ...ඒක තමා ඔය කියන ඇත්තන්ට තියෙන්නේ. වෙන මුකුත් නෙමේ. හැබැයි ඉතින් ජාත්‍යයන්තර භාෂාවක් විදියට ඉංග්‍රීසි දැනීම තියෙන එක නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. හැමෝම එහෙම නෙව දරුවෝ. අපිත් වෘතීය මට්ටමෙන් එහෙමයි. ඒත් සමාන්‍යවෙලාවලදිත් එහෙම කරන එකනෙව වැඩේ. ඒකත් කමක් නෑ කියමුකෝ. මේකලා අපිට කියන්නේ උන්ට සිංහල එන්නෙම නෑ කියලනේ. ඒත් ඔය දන්නවද ඉංග්‍රීසියෙන් කතාකලහම අහක බලන උනුත් ඉන්නවා සෞදියේ ඉන්නවා. උදාහරන: රියාද් එයාර්පෝට් එක අරාබි කතා නොකෙරුවොත් උන් උත්තර දෙන්නේ නෑ. (අත්දැකීම් ඇසුරෙනි)

      //මේකයි සරා අයියේ..//
      එයා නෙමෙයි මෙයා මම. ඔයාට සූට්ටක් විතර වැරදිලා වගේ නේද....! පාං කෑවොත් ඔහොමමයි..!

      //හැබැයි ඉතින් ජාත්‍යයන්තර භාෂාවක් විදියට ඉංග්‍රීසි දැනීම තියෙන එක නම් හොඳයි.//

      අනිවා මමත් එකඟයි.

      Delete
  8. Bududahamata Anuwa Okata Kiyanne , Maanaya ( Adi hoo Hina) . Manaya thulin pradarshanaya wanne niwatakama.
    Australiyawe ohoma kattiya godai, Godak demapiyan tamange laminta katakaranne english walin,
    Wishama jatiin godak inna Australiyawe wedi hariyak jathin wala demawpiyan laminta owunge bashawen podi kale katakaranne. Ekkata ape wedi harayak " "ugath" " aya ehemane.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට ස්තූතියි. ඇත්තටම "උගත්" කියන සමහර අය හිතාගෙන ඉන්නේ මේ ඉංගිරිසිය ආභරණයක් විදිහට. යමෙක් ඉස්සරහා ඉංගීසියෙන් කතා කලහම ඔහුට ලොකු තත්වයක් ලැබෙනවාය කියලා. ගැටළුවක් නැහැ අනෙක් පුද්ගලයාට සිංහල හෝ දෙමල නොතේරෙනවා නම්. එකම මව් බසක් කතා කරන කෙනෙක් ඉදිරියේ එහෙම කරන කොට..........? ඒකත් කැඩිච්ච ඉංගිරිසි............හිකිස්......!!

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මගේ උගත් මිත්‍රයා ලිපිය කියෙවුවට තේරුම් අරගෙන තියෙන විදිහේ පුංචි පුංචි අඩුපාඩු ටිකක් විතර තියනවා. මම පැහැදිලි කරන්නම්. දැන් බලන්න මෙහෙට ඇවිත් බොහෝ කල් ගත උන කෙනෙකුට මව් බස අමතක උනා නම් මට පෝස්ට් ලියන්න තරම් කාරනාවක් එතන නෑ. ඒක සාමාන්‍යයි ඔවුනට අනුව. එහෙම කට්ටිය මෙහෙ ඕන තරම් ඉන්නවා. අවුරුදු 25-30 මෙහෙ හිටපු අය. පුදුමෙකට වගේ ඔවුනට සිංහල අපූරුවට කතා කරන්න පිළිවන් නෙව. ඇතැම් අය මුන ගැහුනම අපට හිනාවෙලා කියනවා සිංහල කතා කරන්නත් ඔයාලා වගෙ කවුරු හරි හම්බ වෙන්නම ඕන කියලා. ද්‍රවිඩ අය පවා අපට දෙමල තේරෙනවද කියලා අහනකොට ටිකක් තේරෙනවා කීවොත් කැඩිච්ච සිංහලෙන් අපිත් එක්ක කතා කරන අවස්ථා බොහොමයි. මේ වසංගත රෝගය වැල‍ඳෙන්නේ බොහෝ විට මෙහෙට ඇවිත් අවුරුද්දක් දෙකක් උන අයටනෙව. මට හිතෙන්නේ ප්‍රතිශක්ති ඌනතාවයක් වෙන්නැති කියලයි...:D

      ස්තුතියි ඔබට පැමින අදහස් දැක්වීම පිළිබඳ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  10. Onna gamaka kenek awrudu 2k rata gihin awith ahuwalu kos gediyak pennala me jak da kiyala. Eka ahagena hitapu anek ayata magic wagelu. Gama wate kiya kiya awiddalu aruta sinhala amathaka wela me awrudu 2ta kiyala. Ehew kattiya inna ratak meka.

    ReplyDelete
    Replies
    1. මෙහෙත් හිටිය ඔහොම කෙනෙක්.. හැබැයි පොඩ්ඩක් කේන්ති ගිය වෙලාවට නම් අමතක සිංහල ඔක්කොම ලස්සනට මතක් කරලා කියනවා..:)

      Delete
    2. @ නංගි බබා වාව්...

      ඔය තියෙන්නේ උදාහරන,

      Delete
    3. @ චන්දන

      ඒවට අපි කියන්නේ සුද්ද සිංහල කියලා නෙව.

      Delete
  11. මිනිස්සු හිතාගෙන ඉන්නෙ ත්මන් කරන කියන දේ අනිත් මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ කියලනේ. ඒ අය ලාබෙට සපයන විහිළු අනිත් අය හොඳට රස විඳිනවා කියලා ඒ අය දන්නෙත් නෑ!

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද ලහිරුවා.අවුලක්ම නෑ අපේ රටේම නම්. ඒත් මේකලා කරන වැඩ වලින් විහිළුවක් වෙන්නේ මුන්ම විතරක් නෙමේනේ බං. ලංකාවමනේ. එතකොට ටිකක් විතර හිතට අමාරුයි. අපේ ආයතනය තුල ලංකාවට එදා තිබුනු තැන හා අද තියෙන තැන ගැන මම වෙන ලිපියකින් ලියන්නම්කෝ.

      Delete
  12. ඉංගිරිසිය වහලෙකු කරගන්න. ඔටුන්නක් කරගන්න එපා. මට නං අවුලක් නෑ සිංහල විතරයිනෙ දන්නෙ.
    හැබෑටම මේ චක්නොරිස් සරාද? වෙන කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. වාව්............ විශිස්ඨ කියමනක්..!!!
      මොකෝ කියන්නේ දාමුද පහක්,

      නෑනේ චක්නොරිස් නෙමේ මූ චක් නොතාරිස් සරාගෙයි මුගෙයි මුහුනුවර නම් එකම වගෙයි නේද රාජ්. ඔන්න ඔහේ ඕන එකෙක්. මං හිතන්නේ දෙයාකාරයකට ලියන්න ගන්න උත්සාහයක් වෙන්නැති කියලයි.

      Delete
  13. ම්..සිංහල ..මට මොකුත් මතක නෑ මෙයා..
    ලංකාවේ ගොඩක් අයට දැන් අමතක වීමේ සිංඩ්‍රෝම් එක තියනවානේ..:D

    ප/ලි
    පැත්තකින් එල්ලා තියෙන හාවා නම් අපූරුයි..

    ReplyDelete
  14. නෙවෙන්නම් රූ නෝනේ...!ඒත් මට හිතෙනවා ඔයාට ඔය මතක තියෙන තරම ප්‍රමාණවත් කියලා.

    ප/ලි: ඕක ඔය ලිහිණියගේ ගැජමැටික් ගොඩක තිබිලා අහුල ගත්ත එකක් නොවැ.උන්දෑ දන්නේ නෑ හිකිස්....!
    ස්තුතියි ඒ සඳහනට..!

    ReplyDelete
  15. ubee post akatama adala nathath mage nam adahasa hariyata english danne nathnam puluwan hama welawema waradi waradi hari english katha karapalla. sinhala amathaka karanna newei kiyanne ath lankawe mona ayatheneda sinhalen interview thiyenne poddak hithala balapan samaharavita uba oya kiyana yaluwoth english igenaganna waradi waradi hari english katha karanawada kiyala.samahara vita uabe english hoda nisa thawa akek aka igena ganna try karana aka ubata wihiluwak wenna athi habai ube saamahara katha walatanam mama akagai habai kawuru hari waradi waradi hari english katha karanawanam woota aka hada ganna udaw karapan hina wenne nathuwa.

    ReplyDelete
    Replies
    1. අනේ යාලුවා ඔයත් වැරදි කෝණෙන් නෙව බලලා තියෙන්නේ. ඉගෙන ගන්න එකාට හිනා වෙන්නේ කුහකයෝ. ඒක මගේ මතය.. ඒත් මම මෙතන කියන්නේ මෙයාලා මව් භාශාව අමතකයි කියලා මවාගත්ත ලෝකෙක ජීවත් වෙන එක ගැන. ජීවිතේට යමක් එකතු කරගන්න දඟලන උත්සාහ කරන මිනිස්සුන්ට පාර පෙන්නන්නේ මම අද ඊයේ ඉඳන් නෙමේ යාළුවා. ඔයාට කියන්න මගේ සතියේ නිවාඩු දවස් දෙකෙන් මට නිවාඩුවේ ඉන්න පුළුවන් එක දවසයි. අනෙක් දවස අහල පහල මිනිස්සුන්ගේ වැඩ වලට ගෙවෙනවා. මුදලට නෙමේ උදවු විදිහට. එතන අපේ රටේ උන්ම විතරක් නෙමේ විදේශිකයොත් ඉන්නවා. ඒත් බහුතරය අඩු පඩි කාරයෝ. නගරෙට ගිහින් ඒ වැඩ කරගන්න ගියොත් එයාලට ලොකු වියදමක් යන නිසා මාගාවට එනවා. මගේ හැකියාවෙන් මම එයාලට ඒදේවල් කරලා දුන්නම මුව පුරා ස්තූති කරලා යනවා. රියාල් කොලවලින් මට ඒ සතුට ගන්න බෑ. අර මාවාගත්ත ලෝකවල ඉන්න එකාලටත් මම හිනා උනාම නෙමෙයි, පොඩි සිහි කැඳවීමක් කලේ. නැවතත් කියමි මෙය උත්සාහයෙන් ඉගෙන ගන්නා අයට අපහාසයක් නොව, තමන්ව අමතක කර දමා සිහිනවල ජීවත් වන්නන්ට සිහි කැඳවීමකි.

      Delete
  16. සමාවෙයන් අය්යන්ඩ්;

    මම තව්සන්ඩ් වාරයක් සමාව ඉල්ලමි උන වරදට,නමුත් හිටලා කරපු දෙයක් නෙමේ.උබට මටකනෙ මම ඉස්සෙලම උබගෙ බ්ලොග් එකෙ කොමෙන්ට් කරන කොටම කිව්වා මට සින්හල ට්ය්පින්ග් අමරුයි කියලා.හිට රිදුනානම් දස් වරයක් සමාව ඉල්ලමි.ටරහ නතුව කියල ඩිප්න් හරියට සින්හලෙන් ට්යිප් කොරන හැටි.

    අනික හොදට මටක තියා ගනින් මම පොල්වේ හොදට පය ගහලා ඉන්න බව.

    යකෝ මට දැන් මේ ටික ටයිප් කරනත් මාර වෙලවක් ගියා.තරහා අවසර.බොලොගේ පොස්ට් එක දැක්කේ අදයි..

    සින්හලෙන්ම කියනවන්ම් මගේ ඔය බොරු පොයිය නැත.

    අයියො මට හොදට සින්හල මටකයි යකෝ

    ReplyDelete
    Replies
    1. Hi Aiya;

      How are u aiya, I'm doing good. It's very hard 2 type in Sinhalase :D.Samwena one,Still @ khurais working @ Aramco Plant.

      ඔන්න මම මේල් එකත් ඇමිනුවා..

      අඩේ මම පව් ඈ

      Delete
    2. මේ කොහේ තියන තොප්පියක්ද උඹ දාගත්තේ යකෝ. උඹ මාත් එක්ක කතාකරේ දවස් දෙකයි. මේක යුරෝ වලින් ඩොලර් වලින් ඔලුව නරක් කර ගත්ත හාදයෙක් හා අපේ කෑම්ප් එකේ කීප දෙනෙක් වෙනුවෙන් ලිය වෙච්ච එකක්. මට සමාවෙයන් උඹේ හිතට ඒකෙන් බලපෑමක් උනානම්. මම එහෙම පහත් අදහස් තියෙන එකෙක් නෙමේ. උඹව ටාගට් කරන්න මගේ අදහසක් තිබුනේ නෑ කොහොමටත්. එහෙම උනා නම් මම එවෙලෙම ඒකට රිප්ලයි එක දෙනවා මිස මෙහෙම ලිපියක් ලියන්නේ නෑ. මෙතන සාකච්චාවට සුදුසු මාතෘකාවක් තිබුන නිසා ලීවා මිස. පෞද්ගලිකව කෙනෙකුට මඩ ගැහීමක් තිබුනේ නෑ අවංකවම. සොරි වෙයන් මලයා මට නිතර උඹට කතාකරන්න වෙලාවක් නැති වීම ගැන. ඒ ඇයි කියලා උඩ කොමෙන්‍ටුව කියවපුවම උඹට තේරුම් යාවි. සරාව ආශ්‍රය කරලම බලපන් එතකොට තේරුම් යාවි මලයා....! එතෙක් ජය...!!!

      අඩේ නිකමටවත් මට උඹේ මේල් එක මතක් උනා නම් කියලා දැන් හිතෙනවා බං. එහෙම උනානම් මම මේ පෝස්‍ටුව පමා කරනවා ටිකක්. එහෙම ලිස්ට් එකේ තියන පොස්‍ටු ගොඩක් තියනවා මාගාව. ෂිට්..! උඹ මාව අවුල් කලා.සරාගේ වැඩ එකෙන්මයි බං. වහලා ගහන්නේ නෑ ලොවෙත්.

      Delete
    3. මම මේල් එකක් නොදා කොම්න්ට් කරාට සමාවෙන්න.
      අව්ලක් ගන්න එපා අය්යා.දිගටම ලියන්න.

      හැබැයි රජො මම ඉන්ග්ර්සි කතා කරන හම පාරම මේ පෝස්ට් එක මතක් වේයි.

      එල

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....