Monday, October 15, 2012

මේ ගොබිලා මකුළුවන්ටත් බයයිළු...!




                මැෂින් එක ඕප් කරලා ඇඳට පැන්නේ හෝරා මානයේ එකොලහ සටහන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී. ඇඳේ ඉඳන්ම MP3එක ඔන් කරලා බෙඩ්ෂීට් එකත් ඔලුවෙ ඉඳන් පොරව ගත්තා. AC එක මීඩියම් දාලා අඟලකටත් වඩා ඝනකම බෙඩ්ෂීට් එක ඇතුලට රිංගපුවම ෂපාන් එකට නින්ද යනවා. වින්ටර් එකත් අතලඟ නොවැ. තනියට MP3 ගොයියත් ලඟ ඉන්නවනේ අනික. (එහෙම නැතුව අපට කොයින්ද පූසෝ කේක් මෙහෙ ඉන්නකම්. කේක් ද බනිස්ද මන්දා ඉතින් :D)

               මම කලිනුත් කියලා තියනවනේ මම වැඩියෙන්ම ආස සරල ගී වලට කියලා. ඒකෙනුත් අසූව අනූව දශක වල ගීත විශේෂයි. ඔහොම අහගෙන ඉන්නකොට අපූරු ගීතයක් වාදනය උනා. 

ගල් අරනේ හැංගෙන්නා උන් රහසේ ලංවෙන්නා...
මා පුතු අල්ලන් යන්නයි..
නෑ එන්නට දෙන්නේ මා පුතු ලඟ ඉන්නේ...
නාඩා නිදියන්නේ..//

මෙතනට ගියොත් සිංදුව අහන්න පුළුවන්.

http://www.youtube.com/watch?v=TjSqu1xrGTg

                හැමෝටම තියන අත්දැකීමක්. පුංචි කාලේ අම්මලා අපිව නිදිකරවන්න මාර සෙල්ලම් දානවා. ඇඳට වැටිලා විනාඩි දෙක තුනක් යනකොට නින්ද ගියාට අපිව ඇඳට ගෙනියන එක සෙල්ලම් වැඩක් නෙමේ. එහෙම වෙලාවට ඔය සිංදුවේ තියනවා වගේ නානාප්‍රකාර කතා එහෙමත් කියනවා. ඒත් එහෙම නොහිතා කියන සමහර කතා ළමා හිත්වලට තදින් කාවදිනවා. හැමෝටම නැතත් සමහර අය වැඩිහිටියෝ වෙනකොටත් ඒ මතක එහෙමම තියනවා. සරාටත් ඔහොම පුරස්නයක් තියනවා. දැනගෙන හිනාවෙන්න නම් ඔට්‍ටු නෑ ඕං.

              හේතුවක් නොදන්නවා උනාට පුංචි සංදියේ ඉඳන්ම මම අඬු තියෙන කුඩා සතුන්ට බයයි. මකුළුවෝ, කුරුමිණියෝ, ගෝනුස්සෝ, ගරුඬෝ, කකුළුවෝ (කක්කුට්ටෝ), ඉස්සෝ ඔය ඔක්කොම අයිති වෙන්නේ මම අර හැඳින්නුව අය අතරට. ඉස්කෝලේ යන සංදියේ ගමේ පාරවල්වල කැලෑවේ ඉන්න මකුළුවෝ දැල් බැඳලා තියෙනතැනක් එහෙම මම දැක්කොත් ඒ අහලකින්වත් මම යන්නේ නෑ. කාමරේට මකුළුවෙක් ආවොත් මම කෙලින්ම එලියේ. කවුරු හරි ඇවිත් ඌව පන්නලා දානකම් මම නෙවෙයි ආයේ කාමරය ඇතුලට යන්නේ. මකුළුවෙක් ආවොත් මම දුවලා ගිහින් අම්මට හරි නංගිට හරි කියනවා, එතකොට එයාලා ඇවිත් පන්නලා දානවා. එදා දවසට ඉතින් හිතටත් හරි නෑ. මූ ආයේ කොහෙන් හරි මතු උනොත් කියලා,ඕනම දෙයක් ඩබල් චෙක් කරලා තමයි අතට ගන්නේ කියන්න බෑනේ කොහේ හරි හැංගිලා හිටියොත්.

             ගෙදරින් ආවට පස්සේ ඉතින් යාළුවන්න්ට නම් මේ ගැන කියන්න ගියේ නෑ. එතකොට මාව බයිට් වෙනවනේ,මොකක් හරි පානියක් දාලා එහෙම තැන් වලින් ෂේප් වෙනැක තමයි කලේ. තනියා වෙච්ච මට කොහේ යන්න බැරිද නේද ආයිබොවං....?

              ඒත් ඉතින් නංගි බබාගෙන් නම් මේක හංගන්න බෑනේ, ඒනිසා එයාටනම් කිවුවා. පුදුම වැඩේ කියන්නේ කරුවලටත් බය මේ අම්මන්ඩි මකුළුවන්ට කුරුමිණියන්ට බය නෑ නෙව. කොයි තරම් හදිස්සියකට උනත් බාර්ත් රූම් එකට දුවනකොට මකුළුවෙක් දැක්කොත් ඒගමන නවත්තලා මම දුවන්නේ නංගි බබා ලඟට.

බාර්ත් රූම් එකේ මකුළුවෙක් ඉන්නවා ඌව පන්නලා දාන්නකෝ....!
මාත් ලැජ්ජාවක් නැතුව කියනවා.

අපෝ මෙයානම්..... !

කියලා ඇවිත් එය ඌව පැන්නුවහම තමයි ඉතින් මම ඇතුලට යන්නේ. හැන්දෑවට පොල් කුරුමිණියෙක් එහෙම අපේ ගෙදර ආවොත් මම මිදුලට හරි මහගෙදරට හරි යන්නේ ඌටයි මටයි අපේ ගේ ඉඩ මදි කියලා හිතෙන නිසා මිස කුරුමිණියන්ට බය නිසා එහෙම නෙවෙයි.හිකිස්..!

ටික වෙලාවකින් අයියේ එන්ඩෝ..........! කියලා එයා කෑගහන්නේ කුරුමිණියට බැස්ටිය දීලා කියලා මම අත්දැකීමෙන්ම දන්නවා. කක්කුට්ටෝ ඉස්සෝ ගැන කියන්න තියෙන්නෙත් ඔය වගේ කතාවක්ම තමයි. අපේ ගේ ලඟ තියන ඇලේ නාන්න අපි හරිම ආසයි. බැම්මක් බැඳලා ලස්සණට හදලා තියන නාන තො‍ටුපල හරි අපූරු තැනක්. වීදුරුවක් වගේ පැහැදිලි වතුර දකින ඕනම කෙනෙකුට නාන්න හිතෙනවා එහෙම තැනකදි. ඒ උනාට කක්කුට්ටෙක් හරි ඉස්සෙක් හරි පේන්න හිටියොත්මම ඒ අදහස අතෑරලා ඇවිත් ගෙදරින් නාගන්නවා.
ඇලේ ඉන්න කකුළුවෝ ඉස්සෝ දැක්කම මට හිතෙන්නේම ඇලට බැස්සොත් උන් ඇවිත් අර ලොකු අඬු දෙකෙන් මගේ කකුල අල්ලයි කියලමයි. එක අතකින් ඒකේ ඇති වරදකුත් නෑ, මොකද මට එහෙම අත්දැකීමකුත් තියනවා. මෙන්න ඒ අතීත කතාවත්.

               ඒක එක වැසි සහිත අවුරුදු සමයක්. එතකොට මම හිච්චි එකා. තාත්තගේ යාළුවෝ කට්ටියක් ඇවිත් හිටපු දවසක තමයි මේ සිද්දියත් උනේ. යන්තම් පායපු වෙලාවක ඇවිත් හිටිය කොළු කුරුට්ටොත් එක්ක මමත් මිදුලට පැනලා සෙල්ලම් කර කර උන්නා. ඔය අතරේ මට දැනුනා මගේ කකුල මොකකට හරි සීරෙනවා වගේ. බලනකොට ලොකු කක්කුට්ටෙක් මගෙ කකුල අල්ලනවා උගේ තඩි අඬු දෙකෙන්. මම කෑගහගෙන දිවුවේ හරියට මහසෝනා දැකපු ගානට. ගෙදර හිටපු අයත් මිදුලට දුවගෙන ආවට කතන්දරේ තේරුම් ගත්තට පස්සේ ආයේ හිනාවෙවී ගේ ඇතුලට ගියා. ඒ උනාට මම ඇතුළු කොලුරෑණ කක්කුට්ටාට විරුද්ධව මෙහෙයුමක් දියත් කරා. අන්තිමට කක්කුට්ටා බෝම්බෙකට අහුවෙලා මලේ ගෙදර තිබුනු රතිඤ්ඤාවල ආනුභාවයෙන්.

              එදා ඉඳන් මම කකුළුවෝ ගොනුස්සෝ ගරුඬෝ වගේ සත්තූන්ගේ වැයික්කියකදී දැක්කොත් මගහැරලා යනවා. හැබැයි වැරදිලාවත් මගේ වැයික්කියේදී හම්බ උනොත් මරලා දානවා. යමෙකුට මේක විකාරයක් කියලා හිතෙන්නත් පුළුවන්. ඒත් මට එහෙම දැනෙනවා.  මම මගේ බිරිඳට හැමදාම උපදෙස් දෙන්නේ බබාට කවනකොට එහෙම නැතිනම් එයාව නිදි කරවනකොට යම් යම් දේවල් කියලා බය කරවලා ඒ වැඩේ කරවන්න එපා, එයාට බඩගිනි නම් එයා කයි නිදිමත නම් ඔයා බල කෙරුවේ නැති උනාට කැමැත්තෙන්ම එයා නිදා ගනීවි කියලා. මගේ අදහස නම් බිත්තියේ ඉන්න හූනෝ, මකුළුවෝ පෙන්නලා

"ඔය ඇවිත් ඉන්නේ බයි කියන්නේ නැති ලමයි ඉන්නවද කියලා බලන්න...!

ඔන්න ජනේලෙටත් තට්‍ටු කලා මට හිතෙන්නේ හොලමද කොහෙද...? ඔයා නිදන්න නැත්නම් ඇතුලටත් එයි...!

ඔන්න ඔය වගේ කතා ළමා මනසට එච්චර හොඳ නෑ කියලයි. ඊට වඩා හොඳයි ලස්සණ කතාවක් කියලා දරුවගේ මනස එක අරමුණකට ගෙනාවා නම් එයාට ලේසියෙන්ම නින්ද යාවි. අනේ මන්දා හරිද කියලානම්, මේ මට හිතෙන හැටි.



ගෙහුං එඤ්ඤං ඈ...!!


25 comments:

  1. සාරාගේ වීක් පොයින්ට් ඔක්කොම නංගි බබා දන්නවා වගේ නේ... හි හි...

    ඔය කියලා තියෙන කතාව නම් හැබෑව සරා අයියේ... පොඩි කාලේ හිතට වදින දේවල් ලොකු උනාම වත් අයින් වෙන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. නැතුව එහෙනම්...! හ්ම් හ්ම් හ්ම්.. ඒක නොවැ මාත් කියන්නේ. එක්කහු කොර ගන්නවා හොඳයි එහෙනම් මතක පොතට, අනාගතේදි පොරෝජන් වෙන්ට ඉඩ තියෙනවා ඕං.හෙහ් හෙහ් හේ.....!!!

      Delete
  2. Appo lajjawe ba ane. Kakul deke hathare ayata baya nathi sara adu pirichcha saththunta bayai kiyala kattiya hina wei. Mama nam danna nisa onna hina wenne na. Komath oya mage mahaththayane. Mahaththayalata nonala hina wenne na nowa.

    ReplyDelete
    Replies
    1. අන්න හිතට ඇල්ලුවා....!

      Delete
  3. ඔය සත්තු සෙට් එකට නම් මගේ අකමැත්තක් නෑ..:) මට පේන්න බැරි එවුන් තමයි අර දඩ සයිස් සමනලයෝ..නැට්ටක් වගේ පිහාටු එහෙමත් තියන්නේ..
    තව එතකොට වන්දෝ, දෙහිකොලයෝ..ඔව්වෝ ආවොත් ඉතින් තෙවන පාර්ශවයකගේ සහාය ඕනෙමයි මට.
    අන්තිම ඡේදය සමග එකගයි එකෙන්ම. ඕව දරුවන්ට මානසිකව බලපානවා. හැබැයි සමහර පොඩි එවුන් ඉන්නවා උන්ව නම් එහෙම රවට්ටන්න බෑ. උන් කියන කතා වලට අපිටයි බය හිතෙන්නේ..:D

    ReplyDelete
    Replies
    1. නෙවෙන්නම් චන්දන.විශේෂයෙන්ම මේ සහශ්‍රයේ පොඩි උන්. අපේ කාලේ ලමයි වගේ නෙමේ එයාගේ දැනුම වගේම කුතුහලයත් බොහොම ඉහලයි. එයාලගේ සමහර ප්‍රශ්න වලට අපිවත් කොලොප්පන් වෙනවා.හිකිස්..!

      Delete
  4. ඒක නම් ඇත්ත... චූටිම කාලේ අපිට නොතේරුණාට ඔය කියන හැම දේම හිතේ තැම්පත් වෙනවා ඇති... ඒවා තමා පස්සේ ජීවිත කාලෙටම බලපාන්නේ... නේද?

    ReplyDelete
    Replies
    1. මල්ලි හරි මල්ලි. මගේ අදහසත් ඕකමයි. ජය..!!

      Delete
  5. මම නම් ඉතින් කුරුමිනියන්ට..මකුළුවන්ට නම් බය නෑ. ඒත් ඉතින් ඒකටත් එක්ක කැරපොත්තන්ට...අපොයි... දවසක් බාත් රූම් එකේ කැරපොත්තෙක් ඉඳලා ඌව එළියට දා ගන්න බැරිව ඇඟ සෝදන්නෙත් නැතුව නිදා ගත්තා. අපිට ඉතින් සහයට ඩැනීලා තාමා නෑනේ...

    //"ඔය ඇවිත් ඉන්නේ බයි කියන්නේ නැති ලමයි ඉන්නවද කියලා බලන්න//

    මම නම් මේ කතාවලට චුට්ටක්වත් බය උනේ නෑ කියලයි අම්ම කියන්නේ. එහෙම කිව්වොත් " ආ හූනෝ මාව අල්ලන් යන්ඩෝ " කියනවලු මම... :D

    ReplyDelete
    Replies
    1. //"ආ හූනෝ මාව අල්ලන් යන්ඩෝ"//
      මේ ඉන්නේ මං කියාපු ටයිප් එකේ එක්කෙනෙක්..:D

      Delete
    2. @ ලිහිණි

      ලිහිණි නම් ඉතින් කනත්ත ගාවිනුත් තනියම යන එක්කෙනානේ.:D මකුලුවන්ට බයවෙයියෑ ලොවෙත්.

      //අපිට ඉතින් සහයට ඩැනීලා තාමා නෑනේ...//

      ලැබේවා......... කියලා ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම.
      (පිංවතුනි සාදු කියන්න..............)

      ඒකත් කුරුමිණියන්ට බය නොවී කැරපොත්තන්ට බය උනොත් තමා වැඩේ. හික් හික් හික්..

      Delete
  6. ඇත්තටම මාත් මකුළුවන්ට මාර බයයි. අනිත් ඕනේ එකෙක් ශේප්. කැරපොත්තෙක්, නයෙක් කොට්ටෙ උඩ උනත් තියන් ඉන්න පුලුවන්. ඒත් මකුළුවෝ ඉන්න පැත්තකින් වත් යන්නෙ නෑ.... උදෙට බාත්‍ රූම් එකේ එහෙම එකෙක් හිටියොත් දත් මදින්නේද නැත
    දෙවෙනි කාරනේ කකුළුවා හා කක්කුට්ටා කියන්නේ සත්තු දෙන්නෙක්

    ReplyDelete
    Replies
    1. මේං මගේ ජාතියේ එකෙක්. හැබැයි මලයෝ මම නම් උදේම දත් මදිනවා හොඳේ.

      ඒ වගේම ස්තූතියි පැහැදිලි කිරීමට. සමහර පැතිවල දෙවර්ගයටම එකම නම කියනවා ඒකයි මම එහෙම ලීවේ. ස්තුතියි ඔබට නැවතත්.

      Delete
  7. ඇත්ත කතාවක
    පොඩි කාලේ ඉඳන්ම අහන්න දකින දේට අපි හුරු වෙනවා.පොඩි හූනේක්ව පෙන්නලා කිව්වොත් අන්න අරු මිනිස්සුන්ව පැන පැන හපනවා කියලා අපි ඒකට බය වෙනවා ලොකු වෙලත්.

    ReplyDelete
    Replies
    1. නැත්නම් නැත්නම් මහත්තයෝ..! උදාහරනෙකට මේ මම ඉන්නේ..!


      ජයවේවා නිශාන් මලේ කොහොමද දැන් ජීවිතේ..?

      Delete
  8. හොඳයි දැනගත්තු එක...

    මගෙත් යාලුවෙක් හිටියා ඌ මකුළුවන්ට බයයි.. ඕකට මචන් මානසික ප්‍රතිකාර තියනවා.. ඩොකෙක් හම්බෙලා බේතක් ගත්තනම් හරි යයි..

    අර පොඩි උන් බය කරන්ඩ හොඳ නෑ කියපු එකනම් සහතික ඇත්ත..ඕවා තමා පස්සෙ පස්සෙ ෆෝබියා වෙන්නෙ.. මට හිතෙන්නෙ උඹටත් ඔහොම දෙයක් තමා වෙලා ඇත්තෙ..

    ReplyDelete
    Replies
    1. අර මොකෑ බයිට් කරන්නද මාව..?

      ස්තුතියි මචං උපදේශෙට. හිතලා බලන්නම් ඒ ගැන. ජය වේවා..!

      Delete
  9. අඩේ මාර කේස් එක කියන්නේ මං පොඩි එකත් ඔව්වන්ට පට්ට බයයිනේ ඈ....කාටවත් කියන්න එපා හොඳේ මගේ මොකද්ද එකටනේ හොඳ නැත්තේ...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ බොටත් මොකක්ද එකක් තියෙනවා එහෙනම් ඈ...!! හොඳයි කියාපු එක දැන් අනිත් අයත් දැනගනීවි නෙව.හිකිස්...!!

      Delete
  10. යකෝ මේ විදියේ සීන් එකක් ඇහුවේ අදමයිනේ ඕන තරම් මකුලුවොන්ට බය කෙල්ලෝ දැකලා තිබුනට පිරිමි කෙනෙක් දැක්කේ අදමයි ...

    ReplyDelete
    Replies
    1. නෑ...ඇත්තමයි කියපං... ඇයි බං ෂර්වුඩ් වලවත් උන්නේ නැද්ද එහෙම උන්..?

      යේ.. එහෙනම් ඒකේ ගෞරවෙත් මට ඈ...!

      Delete
  11. සරා මම නං මකුළුවන්ට බය නෑ. දවසක් ඇ‍‍‍ෙඳේ ඉද්දි මකුළුවෙක් උඩින් වැටිල මං පැන්න පාරට බෙල්ල මක්කදෝ වෙලා සති දෙකක් ‍පෙති ගහගහ ක්‍රීම් ගෑව. හැබැයි කවුරුවත් දන්නෙ නෑ. මං වගේමයි ලොකු එකත් අනේ තාත්තේ කියන කොට මොකද බං පුංචි කුළුවටත් බයද මල්ලිට කියපං කිව්වම පොඩි එකා ඌව අරන් දානව මං ගොඩ යනව. අපේ කටටිය කමෙන්ටුව දැක්කොත් කම්මුතුයි. රහසෙම තියාගනිං.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්... පිස්සුද මචං එහෙමත් කියනවද රහස් කියන ඒවා..? ඕනම නම් වයිප්ට විතරක් කියනවා. හැබැයි ඉතින් එයා දනුෂිට හරි දර්ශිට හරි කිවුවොත් තමයි පුරස්නේ. මොකද එහෙම උනොත් ගමටම කිවුවා වගේ තමයි ආයේ.....!

      Delete
  12. මේක නම් හිනා කන වැඩේ බං.
    ඕක ෆෝබියා එකක් තමයි.
    ඒක නෙමෙයි සරා. මම උඹේ පළවෙනි සහ දෙවෙනි පෝස්ට් දෙකටම කමෙන්ට් කරලාත් තියෙනවා. ඊට පස්සෙ කොහොම හරි මට උඹේ බ්ලොග් එක මග ඇරිලා. අපරාදෙ. මම මේ පුලුවන් විදියට ඉඩ ලැබෙන විදියට පරණ පෝස්ට් කියවන ගමන්.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  13. බය වෙන්න එපා බන් අය්යේ සව්දියේ මකුලුවෝ හරි අඩුයිනේ..

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....