Friday, October 12, 2012

ඔබ මොවුන් හදුනනවාද......? (ඕං ආයෙත් හැදුවා.)

පාං කෑවොත් ඔහොමමයි...! පට්ට කට්ටක් කාලා ආයේ හැදුවා ඕං. හැබැයි සරාගේ පොටෝ එකට කෙලවිලා වගේ. කමක් නෑ.ඕං පොඩි එකක් දැම්මා.සරාත් ඉන්නවා සරාගේ නෝනත් ඉන්නවා.


               හැමෝම සරාව නම් දන්නවනේ. සමහරු නම් කියන්නේ ක‍ටුවටත් නැති වහල්ලටත් නැති එකෙක්ය කියලනේ. බලාගෙන ගියාම ඒකේ ඇති වරදකුත් නෑ .වපුරන ඒවමනේ නෙලන්න වෙන්නේ. අද කතාව ඒගැන නම් නෙමේ ඕං...! මම තව යාළුවෝ දෙන්නෙක්ව හඳුන්වලා දෙන්නයි හදන්නේ අද. බලන්න මේ දෙන්නව අඳුනනවද කියලා.      




හ්ම්හ් ඔය කිවුවේ.....!

ඇයි බොලවු මුං දෙන්නා ගැනනේ මම මෙච්චර කල් ලිවුවේ. ඔතන ඉන්නේ නංගි බබයි, උදම්සා බබයි,කාට හරි කියන්න පුළුවන්ද ඔතනින් නංගි බබා(උදේනි) කවුද උදම්සා කවුද කියලා. අමාරුයි වගේද ...? හරි හරි ඕන නෑ දෙන්නම එකවගේ තමා ටිකක් විතර..!

ඔය උදම්සට දැන් වයස අවුරුදු හතරක් වෙනව නොවැ. මේ තියෙන්නේ වරින් වර ගත්ත පොටෝ දෙක තුනක්.


සම්පූර්ණ නම  උදම්සා සත්නදී සරත් චන්ද්‍ර.

කාලයක් තිබුනා යාළුවනේ ඔය එල්ලන් ඉන්න හචා බෑග් එක අතාරින්නේම නැති. හරි අමාරුවෙන් තමයි ඕක අමතක කෙරෙවුවේ.මෙයා කැමති සිංදු කියන්නයි නටන්නයි. චිත්‍ර වලටත් කැමතියිළු. මගේ හිතේ තාත්තගේ ආභාශය.


සමාවෙන්න ඕන මේ පොටෝ සේරම මගේ කබල් චයිනීස් පෝන් කට්ටෙන් ගත්ත ඒවා නිසා වැඩිය ක්ලියර් නම් නෑ වගේ. නංගි බබාලට වගේ අපට ඉතින් ඇනරොයිඩ් පෝන් නෑ නොවෑ. අනික ඉතින් මම වගේ ගල් වඩුවෙකුට මේවගේ පෝන් එකක් මිස වෙන ඒවා පාවිච්චි කොරන්නත් අමාරුයි ආයිබොවං...!



මේ ඉතින් පුංචි උදම්සා අවුරුදු දෙකේදි විතර. 



ඔය එක පොටෝ එකක් නම් ගාල්ල කො‍ටු පවුර උඩදි. මෙයා වතුරටත් හරි ආසයිනේ,මෙන්න සාක්ෂි.

                              

දැන් ඉතින් එයා මොන්ටිසෝරිත් යනවා. මේ ඊයෙ පෙරේදා තමයි එයාව මොන්ටිසෝරියට ඇතුලත් කලේ.






ඔය බොනික්කා අරන් ඉන්නේ එයාගේ අම්මා මොන්ටිසෝරියෙදී.



උදම්සා නම් සිරීපාදෙත් ගිහින් තියනවනේ.    



හැබැයි එයාගේ අම්මත් සිරීපාදේ ගිය පළවෙනි වතාව මේක. එහෙම බැළුවම දෝණි දියුනුයි නේද අම්මට වඩා.

                              

ඔය ඉන්නේ උදම්සගේ අම්මා,මගේ ප්‍රියම්භිකාව හෙවත් නංගි බබා.පොත් ගුල්ලි. නවකතා කිවුවම ඊට වඩා දෙයක් නෑ. එහෙම වෙලාවට මෙයාට ලෝකෙම අමතකයි. මෙයා උදේනී සජීවා අබේකෝන්.

ඉතින් නංගි බබා ගැන ඔයාලට කියලා තිබුනට උදම්සා ගැන මම කියලා තියෙන්නේ බොහොම අඩුවෙන්නේ. මගේ හිතේ තව ටික දවසක් යනකොට එයා ගැනත් කියන්න බොහොම දේවල් තියේවි. දැනටම එයා හරි ජනප්‍රියයි මොන්ටිසෝරියේ. ටීචර්ලා එහෙමත් එයාගේ හොඳ කියනවයි කියලයි මටනම් ආරංචිය. මගේ එකම වත්කම එයාලා වෙච්චකොට ඊට වැඩි සතුටක් තව තියෙන්න පුළුවන්ද තාත්තා කෙනෙකුට.


ඉතින් මේ හැමදේම කිවුවට සරා කවුද කියලත් ඔයාලා දැකලා නෑනේ. ඕං ඔය පහල පොටෝ එකේ ඉන්නේ ඌ තමයි.




                                           
මෙතෙක් දවස් ඔයාලට සරාගේ ලෝකයෙන් මුනගැහුන නොදු‍ටු හිතවතා. බලන්න කවුරු හරි කලින් මුන ගැහිලා තියෙද කියලා.සිංදු කියන්න නටන්න වගේම ඕන එකෙක් එක්ක ගුස්ති අල්ලන්නත් උපන් හපන් කම් තියන එකෙක්.

    

ගෙහුං එඤ්ඤං...!

45 comments:

  1. කෝ සරා............... ‌ෆොටෝ එක ලෝඩ් වෙන්නේ නැතෝ....

    අනේ ඉතිං අම්මා වගේමයි පොඩ්ඩිත් මුණුවරින් නම්.. හැබැයි වැඩ නම් තාත්තා වගේ කියලා පේනවා.... අම්මා බොනික්කෝ තුරුල් කරගෙන ඉන්න කාලේ මෙයා කොටු පවුර උඩ දුවනවා.... හි හි.. ෆොටෝ වලට පොස් කරනවා.... කෙල්ල අම්මට වඩා දියුණුයි තමා...

    මුලම ෆොටෝ එකයි අන්තිම ෆොටෝ තුනයි ලොඩ් වෙන්නේ නැත්තේ ඇයි.....

    ReplyDelete
    Replies
    1. Hamoma kiyanne oya kathawa thamai hiru. patai hadei maga wegelu eth wada nam thaththage wagemalu. Hithanneth e vidiyatamai.

      Delete
    2. තරහා නැතුව ආයේ වතාවක් බලනවද නගෝ. මට හිතෙන්නේ එහෙම පුරස්නයක් නෑ කියලා. මම ආයේ හදන්නම් පේන්නේ නැත්නම්.

      Delete
    3. සෆාරි එකෙන් ලෝඩ් වෙන්නෙත් නැත... ක්‍රෝම් එකෙනුත් නැත... අනිත් ෆොටෝ ටික හරි... මුල ටිකයි අග ටිකයි තමයි......

      Delete
    4. ඔන්න මං ලොග් උන ගමන් දුවගෙන ආවා කට්ටියව බලන්න....

      තරහා වෙන්න එපා සරා ගොයියෝ.... ඔන්න මං කියන්න තියෙන එක කෙලින්ම කියන එකානේ..

      අර පොඩි කෙල්ලව ඉක්මණට ඇස් ඉස්පිරිතාලෙට අරං ගිහිල්ලා ඇස් දෙක චෙක් කරවන්න... හපොයි මට පේන්නේ බෝතල් අඩි දෙකකින් මෙහා නවතින එකක් නෑ වගේ... හි හි.....

      Delete
    5. වෙලාවකට මට ඔයාගේ අපබ්‍රංශ තේරුම් ගන්නත් අමාරුයි හිරුවෝ. ටිකක් තේරෙන භාශාවෙන් කිවුවානම් මොකද...?

      Delete
    6. හි හි.. ඔයාගේ මූණ බලාගෙන කොහොම යාලුවුනාද කියලා කල්පනා කලේ... හි හි... ඇස් පේන්න නැතුව ඇති......

      මම උ‌ෙද් පාන්දරම කලේ ඔයාගේ මූනේ තියෙන ඔයා රැවුල ෆොටො ෂොප් එකෙන් අයින් කරලා බලපු එක... හි හි... එතකොටවත් මරුමුසු පෙනුම නැති වෙයි කියලා.... ම්හු...... වැඩක් නෑ....

      හි හි......... තරහා නෑ නේ......

      Delete
    7. අනේ අනේ හිරුවෝ. සරා එහෙම තමයි කෙල්ලේ.. කෙරුවොත් හොඳම වැඩක් තමයි.

      ඒක එයාගේ අස්පොට් එකක් නෙමේ මගේ හැකියාව.හික් හික් හික්..!

      Delete
    8. Ane hiru pudume kiyanne oya penuma mata witharak penune nathi ekane. Meyawa dakka gaman ape gedara kattiya kiweth oya tikamai.

      Delete
    9. ඒකෙ කතා දෙකක් නෑ. මේකගෙ තියෙන්නෙ මරුමුස් පෙනුමක් තමයි.:D

      නංගි බබා, ආදරය අන්ධයි කියන්නෙ ඒකනෙ. :D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
  2. මොනාද සරා අයියේ..කට ඇරගෙන බලාගෙන බලාගෙන පහලට එද්දී සමහර ෆෝටෝ පේන්නෙත් නෑ.. අර හිංචි පිංචි කෙලිත්ත නම් නියමයි. මේ අහල පහල උන්න නම් දවසම මම ඒක එක්ක නටනවා පොඩි එකෙක් වගේ ....

    ReplyDelete
    Replies
    1. Ape patikkitath ita wada deyak nathiwa yai lihiniyo. Eya ekka natanna kenek innawa nam kanna bonna oneth na.

      Delete
    2. @ ලිහිණි

      සොරි නංගෝ. පාං කෑවොත් ඔහොමමයි.තරහ නැතුව ආයේ බලන්න.මම හැදුවා....!

      Delete
    3. හප්පේ...ඔන්න දැක්ක වසවර්ථියව...සරා ගොයියා හරි මිනිහා ලු...

      Delete
    4. නෙවෙන්නම්......!

      Delete
  3. Patikkiwa dakina kota nam asai. Meya apene kiyala hithenawa. Thawa tika kalekin mage nangi wage idi neda? Shok asawe........ baruwa.

    ReplyDelete
    Replies
    1. මගේ මල්ලි වගේ කෙනෙකුත් හිටියා නම් මොකද....?

      Delete
    2. Aa......... Aththata. Hari asa athi neda? Balamu balamu ennako.

      Delete
    3. අඩේ මේවා දැක්කම ඉක්මනට බදින්න හිතෙනවා අප්පා...

      Delete
  4. හරි හරි සරා ගල් වඩුවෙක් කියලා ඔන්න අපි දැනගත්තා ඈ.

    ReplyDelete
    Replies
    1. ඔය සෙල්ලම මම පටන් ගත්තේ ස්කෝලේ යනකාලේ නෙව.
      හෙහ් හෙහ් හේ....!


      තේරුනේ නෑවගේ කියලා හිතෙනවා නම් ඊයක් එවපං කියලා දෙන්නම්. sarathchandhrasiri75@hotmail.com

      Delete
    2. ඊමේල් එක වැරදියි නේ......

      Delete
    3. ඔවු නේන්නම් මතක බැරිවෙලා h අකුරක් මැදට දාලනේ. ඒක අයින් කෙරුවම හරි මෙහෙම. වැරදුන එක ඕනම නෑ කියලා මෙන්න ජී මේල් එක දැම්මා.
      sarathchandrasiri75@gmail.com


      (අර වැරදුනු එක මෙහෙමනේ.sarathchandrasiri75@hotmail.com )

      Delete
  5. පොඩි ඒකිගේ අනාගතයට අපේ උණුසුම් සුබ පැතුම් (අපේ කිව්වට මම විතරයි ඕන් )

    කෝ බන් සරෝ පොටෝ නෑනේ ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රොබින්.ගොඩාක් ස්තුතියි..!

      හැදුවා යාලුවා තරහා නැතුව ආයේ බලපන්.

      Delete
  6. කට්ටියව අදුන්වලා දුන්නු එක හොඳයි... සරාවත් දැක්කා එහෙනම්..

    ReplyDelete
    Replies
    1. හොඳ පොටෝ නෑ බං මා ගාව හෙට අනිද්දා ගමේ යනවනේ ගියාම දාන්නම් හොඳ පෝස්‍ටුවක්.

      සරා නම් මොනාද බං....!

      Delete
  7. මුළු සරා ෆැමිලි එකටම - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    අඩේ දැකලා පුරුදුයිද මන්දා :)

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති මලයා. දැන් මගේ පදිංචියත් ඔය සාවියෙමනේ.මමත් එක තැන ඉන්න එකෙකුත් නෙමේනේ.

      සුභ වේවා...! රාජ සම්පත් ලැබේවා...!

      Delete
  8. ෆොටෝ ටික ලස්සනයි.. අර සිරිපාදේ ගිහින් බහින ෆොටෝ දැක්කම ආයේ සිරිපාදේ යන්න හිතුන.. ඒක කාලයක් තිබුණ අපි හැම අවුරුද්දෙම යනවා එතකොට..
    සරා ගේ මුණ නම් දැකල පුරුදුයි වගේ දැනුනා නේ.. ඇයිද මන්දා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන. මමත් බලංගොඩ ඇවිදින් තියනවා ගොඩාක් අවස්ථාවල. නොදන්නවට,නොහඳුනනවට අපි හැමෝම කවදා කොහේ හරි මුණගැහිලා ඇති.

      Delete
    2. සමහරවිට එහෙමත් වෙන්න පුළුවන්..

      Delete
  9. හරිම ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා ගොඩාක්...! ඔබට ජය...!

      Delete
  10. ගල් වඩුවානෙණි... ෆොටෝ පේන්නේ ඉඳලා හිටලාය... පෙනුනු ෆොටෝ ටිකනං සුපිරිය... එහෙනම් හැමෝටම ජයවේවාය...

    ReplyDelete
    Replies
    1. මා මිත්‍රය... ඔබට සිදුවූ අපහසුතාවය ගැන මම කනගා‍ටු වෙනවාය.... ප්‍රශංසාවට ස්තූතිය... ඔබටත් ජයම වේවාය...!!!!

      Delete
  11. උබව මරන්න ඕනෙ. මම හිතුව නංගි බබා ගැන උබ ලිව්වේ උබෙ පවුල ගැන කියල. යකෝ මේක පට්ට අසාධාරනයි. !

    ReplyDelete
    Replies
    1. මල මගුලයි..! යකෝ මේ එයා තමයි..!

      Delete
  12. මම මෙතෙක්කල් හිතාගෙන හිටිය එක හරි. ඔයා නේද අර තුවක්කුවත් කරේ තියන් දිව්ව සරා ගොයියා.

    ReplyDelete
    Replies
    1. නෑහ්... කවුද කිවුවේ..? මම එයා නෙමෙයි මෙයා....!

      Delete
  13. දෝණි නම් හරිම හුරතල්..නංගි බබත් හරිම ලස්සනයිනේ..

    ReplyDelete
    Replies
    1. නංගි බබා හුරතල් නැද්ද රූ නෝනේ...?

      ස්තුතියි කිවුවා එහෙනම් ඕං ඈ..!!

      Delete
  14. අපිත් බැලුව ඈ ..
    වාසනා වන්ත අනාගතයක් වේවා ...

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....