Monday, October 29, 2012

කදිර සුරිඳු.... (සරාගේ 50 වෙනි ලිපිය)


                              


              විජයාවතරනයෙන් පසු ලක්දිව බෞද්ධයන් බ්‍රාහ්මණ හා වෛදික විශ්වාසයන් කෙරේද නැඹුරුවක් දක්වන්නට විය. ඒ නිසාම දෙවියන් ඇදහීම දේවාල ඉදිකිරීම ඉතිහාසය ආරම්භය තෙක්ම විහිදයයි. මුල් යුගයේ මෙසේ හමුවන දෙවිවරු පොලොන්නරු, දඹදෙනි, කොට්ටේ යුගයන් වනවිට විවිධ නම් වලින්ද සමහරවිට එකම නමකින්ද හැඳින්වින. උදා: ශක්‍රයා ඉන්ද්‍ර දෙවියන් බවට පත්වීම. බෞද්ධ හින්දු වශයෙන් වෙන්නොකොට එකම දෙවියෙකු වශයෙන් වූ ජන විශ්වාසයද හේතු වශයෙන් දැක්විය හැකිය.

               ඉතිහාසය විවිධ මත පළ කලද වැඩි දෙනාගේ විශ්වාසය කතරගමට අධිපති ස්කන්ධ නොහොත් කඳ කුමරු බවය. ස්කන්ධ කුමාර උත්පත්තිය පිළිබඳවද විවිධ මත පවතී. හින්දු පත පොතට අනුව ඔහුගේ දෙමාපියන් ශිව හා පාර්වතීය. එහෙත් රාමායණයේ සඳහන් වන්නේ පියා අග්නි හා මව ගංඟා ලෙසය. ස්කන්ධ කුමාර මව් කුසින් උපන්නෙකු නොවන බවට තවත් තැනෙක සඳහන් වේ. එහෙත් අසුරයන්ට එරෙහිව සුර හමුදාව මෙහෙයවූ සේනාධි නායකයා මොහුය. තාරක නැමැති අසුරයා විනාශකල බැවින් තාරකජිත් යන නමද මොහුට වේ. පැරණි පතපොතට අනුව ස්කන්ධ කුමාර උත්පත්තිය ගැන කියවෙන එක් කතාවක් මෙසේය.
              ශිව දෙවියා දැඩි වෘත අනුගමනය කරමින් තවුස්දම් පිරීමේ නිරතව සිටියේය.පාර්වතිය කෙතරම් උත්සාහ කලද ඔහුගේ සිතෙහි රාග චේතනා ඇති කිරීමට නොහැකි විය. එහෙත් සුරයින් මේ දෙදෙනාගේ දරුවෙකු අපේක්ෂාවෙන් සිටියෝය. මන්දයත් අසුරයන් පරාජය කලහැක්කේ ශිවගේ දරුවෙකුට පමණක් බවට මහ බ්‍රහ්මයා මත පලකොට තිබීම නිසාය. සුරයින්ගේ මේ පණිවුඩය ‍රැගෙන අග්නි දෙවියා ශිව හමුවට පැමිනියේය. ඔහු සුරබින්ට දරුවෙකු ලබා දෙන බවටත් ඒ දරුවා ලවා අසුරයින් පරාජය කරවන බවටත් පොරොන්දුව සිටි අයෙකි. අග්නි ශිව හමුවට යනවිට පාර්වතිය ශිව අසලින් නික්ම ගියා පමණෙකි. ඒබව දු‍ටු අග්නි පරවියෙකුගේ වේශයක් මවාගෙන ශිවගේ දරු බීජයක්ද ‍රැගෙන ඉගිල ගංගා නම් ගඟට ඉහලින් පියාසර කරන්නට විය. පරවියා දරු බීජය ගඟට හෙළුවේය. ඒ තුලින් ලස්සණ කුමාරයෙකු මතුවූ අතර නදියේ දිය කෙලිමින් හුන් කුමාරියන් සය දෙනෙකු මෙය දු‍ටුවෝය. සය දෙනම එකතුව මගේ පුතා, මගේ පුතා යැයි කියමින් පිලිවෙලින් කුමරාට කිරි පොවන්නට වන්නෝය. කිරි බීමට ඔහුට මුහුණු සයක්ම මැවින. පුරාවෘතයට අනුව ස්කන්ධ කුමාර පහළ වූයේ ඒ ආකාරයටයි. ඒ නිසා ඔහුට ෂට්මාතෘකා යන නමද ලැබී තිබේ. එපමණකුදු නොව, කාර්තිකේය, ශක්තිධර ගංගා පුත්‍ර සරඟු, ද්වාසකර, ස්කන්ධ තාරකජිත්, අග්නිභූ ගංගාජා, මහසේන, සේනාපති, සිද්ධසේන ඔහුට ඇති තවත් නම් කීපයකි. මෙසේ නම් පටබැඳීමට හේතුවූ කතාද පුරාණ ග්‍රන්ථවල සඳහන්වේ.

                ස්කන්ධ නොහොත් කඳ කුමරු ලෙස හැඳින්වීමට හේතු වූ කතාව මෙසේය. ඊශ්වර දෙවියන්ගෙන් මන්ත්‍රයක් ලබා ගැනීමට බස්මා නැමති අසුරයා 12 අවුරුද්දක් ඊශ්වරයාට දාසකම් කලේය. කාලය ගෙවුනු තැන බස්මා මන්ත්‍රය ඉල්ලා සිටියේය. මන්ත්‍ර බලය ඔහුට ලැබුන අතර එය ඉතා බලගතු එකක් විය. අතට මතුරා සතුරාගේ හිස මත අත තැබූ සැනින් සතුරා දැවී පිළිස්සී යන්නේය. අසුරයාට මෙහි සත්‍යාසත්‍ය තාවය බැලීමට ඇවැසි විය. ඔහු කලේ මන්ත්‍රය අතට මතුරා ඊශ්වරයාගේ හිසට අත තැබීමට උත්සාහ කිරීමයි. මන්ත්‍රයේ බලය දත් ඊශ්වරයා බියෙන් පලා යන්නට විය. බස්මාද ඔහු ලුහුබැදීමට විය. ඊශ්වරයාට සිදුව ඇති අලකලංචිය දු‍ටු විෂ්ණු ඔහු ගලවන්නට උපායක් සිතුවේය. වහාම රූමත් කාන්තාවකගේ වේශයක් මවාගත් ඔහු දෙදෙනා අතර මැද මාවත අසල ඔන්චිලි පදිමින් හුන්නාය. ඇයව දු‍ටු බස්මා ඊශ්වරයා ලුහුබැඳීම නවතා ඇය හා කතාවට වන්නේය. ඇගේ සුරතල් කතාවට ‍රැව‍ටුනු බස්මා ඇය තමාගේ අඹුව කර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර සිටියේය. ඊට පිළිතුරු දෙමින් කාන්තාව කියා සිටියේ දිවි හිමියෙන් තමා රකින බවටත් කිසිදා හැර නොයන බවටත් හිස අත තබා දිවුරන ලෙසය. රාගයෙන් මත්ව සිටි අසුරයා හිස මත අත තබන සැනින්ම දැවී අළුවී ගියේය. මෙසේ විෂ්ණුගේ උපාය නිසා ඊශ්වරයා ගැලවුනි.

                නැවත පැමිණෙන ඊශ්වර තෙමේද ස්ත්‍රිය දැක ඇය හා කතාවට වැ‍ටුනි. ඔහුද ඇය හා විවාහ වීමට කැමැත්ත පලකලද එයට පාර්වතියගේ අවසරය ඇවැසි බව ස්ත්‍රිය කියා සිටියාය. ඊශ්වරයා වහා පාර්වතිය කරා ගොස් අවසර ‍රැගෙන එන පමාවට ස්ත්‍රිය දරුවෙකු ප්‍රසූත කර සිටියාය. ඊශ්වරයා ලඟට ආ කල ස්ත්‍රිය ඔහුට මෙසේ කීවාය. මට දැන් කුඩා දරුවෙකු සිටී. තව දරුවෙකු ලැබීමට ගර්භනීවද සිටිමි. ඒ නිසා එවන් ගැහැනියක් කැන්දාගෙන ඒම ගැන පාර්වතියගේ කැමැත්ත විමසා එන්න. ඊශ්වර නැවත පාර්වතිය කරා ගියේය. මෙසේ පැමිණෙන වාරයක් පාසා දරුවන් එකිනෙකා වැඩිවෙමින් හත් වන වර පැමිණෙන විටදී ඇය දරුවන් හත් දෙනෙකු උකුලේ තබාගෙන උන්නාය. එය දු‍ටු ඊශ්වරයා පෙරලා පාර්වතිය කරා ගොස් මේ බව දැන්වීය. මේ පුදුමය ඇසූ පාර්වතිය ඒකාන්තයෙන්ම මේ විෂ්ණු තම සැමියා ‍රැවටීමට යෙදූ උපායක් බව දැන ගත්තාය. ඒ නිසා ඇයද එතැනට ආවාය. දරුවන් හත්දෙනා දු‍ටු ඇය මොකදෑ අප්පේ මේ කුමාර කන්දක් කියමින්  කුමාරවරු හත් දෙනා බදාගත්තාය. සැනින් කුමාරවරු හත්දෙනා වෙනස්වී මුහුණු සයක් එක කඳක් හා පා දෙකක් ඇති කුමරෙකු පහළ විය. ස්කන්ධ කුමාර නම් වූයේ මොහුය.

                වදන් කවි පොතේ සඳහන් වන ආකාරයට කතරගම දෙවිඳුන්ට මුහුණු සයකි. අත් දොලසකි. වාහනය මයුරාය. ඒ අත් දොලසේ නානාවිධ වස්තූන්ද ‍රැඳී තිබේ. ඒවා පිලිවෙලින් මෙසේය. කෙටේරිය, දුන්න, හීය, පළිහ, පොත, හෙන්ඩුව, ත්‍රීශූලය, කඩුව, මුගුර, හක් ගෙඩිය, ‍තෝමරය හා සැවුල් රුව සහිත ධජය වේ.

කඳ කුමරුන් ලොව පහල වූයේ ඇයි....?
වල්ලි අම්මා හා තේවානි අම්මා යනු කවුරුන්ද...?
මේ පිළිබඳ අප ඉදිරි ලිපියකින් සාකච්චා කරමු..!
දීර්ඝ ලිපි නොලියන්නේ බහුතර පාඨකයන් පිරිසක් දීර්ඝ ලිපි කියවීමට දක්වන නොකමැත්ත නිසාවෙනි. ඔබගේ රුචිකත්වයද දන්වන්නේ නම් මැනවි.   

ප/ලි 

               මේ මගේ පණස්වෙනි පෝස්‍ටුවය. මීට මාස 7 කට උඩදී ඒ කියන්නේ 2012.4.26 මගේ මුල්ම පෝස්‍ටුව මම ලියනකොට කොච්චර කල් ලියනවද,මොනවා ගැන ලියනවද කියලා නම් නිනව්වක් තිබුනේ නෑ. හැබැයි ඔයාලා හැමෝම හැමදාම මගේ ලිපි කියවන්න ආවා. එහෙම එන හැම වෙලාවෙම මොනා හරි කියලා යන්නත් අමතක කලේ නෑ. ඒ නිසාම හැමදාම මොකක් හරි දෙයක් ගැන ලියන්න මටත් හිතුනා. ඒ නිසාම මේ වෙනකොට පෝස්‍ටු 50 සම්පූර්ණ වෙලා. මට ඇත්තටම සතු‍ටුයි. මට මුලින්ම බ්ලොග් කියවීම ගැන කියපු ප්‍රසාද් මල්ලියාටත් මම මේ අවස්ථාවේ ස්තුති කරන්න ඕන. එයා මේ ගැන නොකියන්න මේතරම් හිතවත්තු පිරිසක් මට ලැබෙන්නේ නෑ කවදාවත්.
              
                 ඉතින් මගේ ලිපි කියවමින් මට දිරි දුන් ඔයාලට මගේ ස්තූතිය පිරිනමනවා මේ වෙලාවේ. මුලින් මම ලිපි කියවමින් කොමෙන්ට් ලිය ලියා යනකොට මට බ්ලොග් ලියන්න ආරාධනා කරපු හැමදාම ලිපි කියවන්න එන ඒ හිතවතුන් ඇතුළු හැමදෙනාවම නැවත මතක් කරන්න අවස්ථාවක් කරගන්නවා මේක. මේ හිටියා වගේම ඉදිරියටත් මා එක්ක ‍රැඳී ඉන්නවනම් ඒක මට ලොකු ශක්තියක් ධෛර්යයක් කියලා කියන්න කැමතියි මම. ස්තූතියි....! ආයුබොහෝ වේවා....!!!   



    

34 comments:

  1. සරා අයියගේ ලිවිල්ල දැං දැං මල් හතයි ඈ...... හි හි

    දේව කතා අහද්දි මට හිනා යන්න පටන් ගත්තේ පොඩි කාලේ ඉඳලා... ඒක ලෙඩක්ද කොහෙද.. ඒත් ඒවා ජොලි.. ඒක නිසා අහන් ඉනන් ආසයි...

    දැං ඔය මූණ 7යි අත් දොළහයි කියනකොටත් මට මතක් උනේ හිනා යන කතාවක්... ඕවා කියලා මට බැනුම් අහන්න බැ... හි හි...

    නංගි බබාගෙන් අහන්න අර සන්නා කියපු ශිවට බුරපු බල්ලන්ගේ කතාව... ඒක මරු...

    අප්පේ පෝස්ට් 50ක් කියෙව්වද.... පිස්සු හදෙනවා.... හි හි...

    නියමයි නියමයි... ඔහොම යං.......

    ReplyDelete
    Replies
    1. ශිව නෙවෙයි... කතරගම දෙයියෝ ගැන තමයි කතාව.. මට ටැපලිලා...

      කතරගම දෙයියන්ගේ කොඩියේ ඉන්නේ කුකුළෙක් නේද...? එහෙම නං මං හරි.. හි හි...

      Delete
    2. අපොයි අම්මේ... මෙයත් නොදන්න දෙයක් නෑ නොවැ. ඔන්න දන්න හින්දා මම කියන්නේ නෑ. නැත්නම් 18+ දාලා හරි මම කතාව ලියනවා හිරුවා වෙනුවෙන්.

      Delete
  2. hamadama awith post kiyewwata comment danne nane.4n eken amarui.thawa thawa liyamu aiya.post 50 ikmaninma 500k kalanam hoda.jayen jaya..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා. සාදරයෙන් පිළිගන්නවා සරාගේ ලෝකයට. නැවත එන්න..! ජයවේවා..!!

      Delete
  3. Replies
    1. ස්තුතියි යාළුවා. සාදරයෙන් පිළිගන්නවා සරාගේ ලෝකයට. නැවත එන්න..! ජයවේවා..!!

      Delete
  4. ලිපි 50 ක් ලිවීම සිතන තරම් පහසු නැති බව මමත් අත්දැකීමෙන් දන්නවා. දිගටම හරවත් ඩේ ලියන්න ශක්තිය ධයිර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහත්මයා ඔබලාගේ අගය කිරීම් හා දිරිගැන්වීම් මගේ උනන්දුව වැඩිකිරීමට මහඟු උපකාරයක්. ඔබටත් ජය..!!

      Delete
  5. ඔෆීසියෙ ඉඳන් කියවන්න අමාරුයි. ආව ගමන් කියවන්නම්...

    50වෙනි පෝස්ටුවට සුභ පැතුම් ! ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ළිහිණි නඟා. ජයෙන් ජය..!!

      Delete
  6. අපේ උණුසුම් සුබ පැතුම් ....!!!!
    (50ක් ලියනවා කියන්නේ ඇත්තටම අමාරු වැඩක් ,ලියන්නන් වාලේ මොනවා හරි ලියනවට වඩා කියවලා රසවිදින්න /යමක් ලබා ගන්න පුළුවන් ලියන එක තමයි වටින්නේ ,අන්න ඒ නිසයි අපි මේ පැත්තට එන්නේ )

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි රොබින් හැමදාම ඔබලා මාව දිරිමත් කලා. ජය...!

      Delete
  7. සරාගෙ ලෝකෙට සුබපැතුම්. වැඩි කල් නොගොස් 50, 500වේවා කියල ප්‍රාර්තනා කරනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්. ඔබලාගේ දිරි ගැන්වීම් මට හුඟක් වටිනවා. ජය..!!

      Delete
  8. Oya me eka post ekak danne monatharam asawakinda kiyala mama dannawa. E mama oya liyana welawata laga inna nisa. Welawakata dukath hithenawa ma ekka katha nokara post eka liyana kota. Etha kathawa publish kalama asai matath. Me wage liyanna hamadama asawa, shakthiya, dairya labenna kiyala mama pathanawa.

    Oyane ithin mata me hama kathawakma kiyala denne. Ekata thawa karunu tikak ekathu kara gaththa onna kathawa kiyawalath.

    ReplyDelete
    Replies
    1. කිවුවත් නොකීවත් ඔයාගේ සුභ පැතුම් හැමදාම මා එක්ක කියලා මම දන්නවා.

      Delete
  9. අර්ධ ශතකයට සුබ පැතුම්..!
    සරාගේ ලියවිලි නියමයි. විවිධ මාතෘකා නේ තියන්නේ.
    මේ දේව කතාවෙනුත් නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා.
    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි චන්දන. හැමදාම එන්න මේ අහ. ජයවේවා..!!

      Delete
  10. ඔව් බං කෙටි පෝස්ට් හොඳයි. මොකද මුන්න් බනිනවා ත්‍රී වීලර් එකක් ඕනෙ කියලා උඩ ඉඳන් පහතට කියවවෙන යන්න.
    උඹේ පළවෙනි දෙවෙනි පෝස්ට් කියවලා කමෙන්ට් කරලත් පස්සෙ යම් හේතුවක් නිසා මග හැරුනත් දැන් ආයෙ මිස් වෙන්නෙ නෑ.
    පනහට සුභ පැතුම් සරා! ඔහොම යං.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මගේ මිත්‍රයා. ඔබ මගේ පළවෙනි පෝස්‍ටුවටත් කමෙන්ට් කල කෙනෙක්. එදා ඉදන් මම ලියන්නේ ඔබලා මා සමඟ සිටි නිසයි. ජයවේවා..!

      Delete
  11. සුභ පැතුම් !

    උබේ ගමන හොද බව මම කලින්ම දැක්කා !

    ජය !

    ReplyDelete
    Replies
    1. මාව බ්ලොග් ලෝකෙට ගෙනාව මගේ මිත්‍රයා. අමතක වෙන එකක් නෑ කවදාවත් උඹව මට. ජය..!

      Delete
  12. මේ කතාව මම අදමයි අහුවේ....ගොඩක් දේවල් ගැන දැන ගත්තා.....
    50 වෙනි පොස්ටුවට සුභ පැතුම්....!!
    මම අදමයි මේ පැත්තට ආවේ....... :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා අළුත් යාළුවේ සරාගේ ලෝකයට. ස්තූතියි. ඉඩ ලැබෙන විදිහට ඇවිත් යන්න. ඔබලාගේ පැමිනීම මට ධෛර්යයකි.

      Delete
  13. ගොඩක් විස්තර තියෙනවනෙ.

    50 ට සුබ පැතුම්, දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..! යාළුවා. ජය වේවා..!!

      Delete
  14. ඈ... හාෆ් සෙන්චරියක්... නියමයි නියමයි... ඔන්න මගෙනුත් හද පිරි සුබ පැතුම් තව තව ලියන්න ශක්තිය දිරිය ලැබේවා කියලා ඔන්න මමත් ප්‍රාර්ථනා කලා

    වටින පෝස්ටුවක් වෙනදා වගේම.. ඒත් කිව්වට තරහ වෙන්න එපා සරා අයියේ.. මට නම් වැඩියෙ තේරුනේ නෑ මොකද ඉතින් මම වෙන ආගමක කෙනෙක්නේ.. හැබැයි අර්ථවත් දෙයක් තියෙනවයි කියලා නම් තේරුනා..

    ගිහින් එන්නම්... සරා අයියාට ජය වේවා..!!!

    ReplyDelete
    Replies
    1. අදහන නිසා ලීවා නෙමේ දරුවෝ. පැරණි පත පොතේ අඩංගු කරුණු ටිකක් හැමෝම එක්ක බෙදා හදාගන්න කරපු උත්සායක් මේ. ඉදිරි දිනයක මම කිතු දහම ගැනත් බයිබලය ගැනත් පෝස්‍ටුවක් ලියන්න හිතාගෙන ඉන්නවා. මගේ අදහසට අනුව හැම ආගමක දේශනා කරලා තියෙන්නේ අවිහිංසාව සාමය පතුරවන්න යහපත් දේ කරන්න කියන එක. ඒත් මිනිස්සු මේවා තේරුම් අරන් තියෙන්නේ හෝ අනෙක් අයට ඒත්තු ගන්වන්නේ වැරදි ආකාරයට. ඒකයි මේ හැමදේටම මුල. හැබැයි අපිට අවබෝධයක් තියෙනවානම් යම් තරමකට හෝ කාටවත් අපිව කඩේ යවන්න බැරි වෙනවා නේද..? කවුරුවත් කියනදේ ගෙඩි පිටින් ගිලිනවට වඩා අවබෝධයෙන් යුතුව හරි දේ කරන්න පුළුවන් නම් අනාගත පරපුරට යහපතක් වේවි.

      ස්තුතියි...ඔබට ජයවේවා..!!

      Delete
  15. 50ට සුබ පැතුම් ඈ............

    ReplyDelete
  16. හාෆ් සෙන්චරියට සුභ පැතුම් පනහක්ම ඔන්න..තවත් ලස්ස කතා ලිවීමට කාලය හැකියාව ඉවසීම ලැබේවා..

    මේ කතාව දැනං හිටි‍යෙ නෑ..ඉතුරු ටිකත් ලියමු නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ... ඔයාලා හැමදාම මාව දිරිමත් කලා. ඒ නිසයි මේ.
      ජය...!!

      Delete
  17. සරා වැනි කෙනෙක් දෙවි කෙනෙක් ගැන ලියන්නෙ නෑ ඒ දෙවියන්ව අදහනවනම් මිස, මම හරිද?

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....