Saturday, September 1, 2012

ලබු ගෙඩියේ විත්තිය...



             සාමාන්‍ය ජන ජීවිත ගැන හොයන බලන ඒවා ලියන අපේ කොළඹ මහත්තුරු කන්ඩායමක් ගියා ඇඹිලිපිටිය පැත්තේ දවසක්. එහෙමිනිස්සු කරන්නේ මොනවද,කන්නෙ බොන්නේ කොහොමද ජීවනෝපායන් මොනවද,ඔය වගේ අනන් මනන් හොයන්න. ඒ සංදිය වෙනකොට ඔය නව නගරෙත් හදල ඉවරයි ඕං. ඉතින් මුන්දැල ගම් වලට ඔය කැලෑ ඇතුලේ තියන හේන් වලට එහෙම ගෙහුං ඒවයේ වවලා තියෙන්නේ මොනවද හේන් නැත්නම් වගාවන් රකින ක්‍රම ආදිය ගැන විවිධ දේවල් අහමින් ඒවා සටහන් කරගනිමින් යනවා.
              ඔය අතරේ එක හේනක තිබුනු පැල්කොටේකටත් ගෙහුන්නේ. ඒක ක‍ටු මැටි ගහපු පැලක්. ඉස්සරහ දඬු මැස්සේ ඇන තියාන උන්නු වයසක මනුස්සයාගෙන් වතුරත් ඉල්ලන් බීපු අපේ මහත්තැන් කෙනෙක් අර ගැමියගෙන් නිකමට 
ලොකු උන්නැහේ දැන් වෙලාව කීයට විතර ඇද්ද...?
ඔහොම පොඩියක් හිටින්ටකෝ මහත්තයෝ..
කියල නැගිටලා ඒ අහලම තියන බිත්තිය ලගට ගොහින් බිත්තියේ එල්ලලා තිබුනු ටිකක් ලොකු ලබු කැටයක් අතට අරන් තියනවා.
ම්හ්.... හැන්දෑ වෙන්ටත් ඇවිත් නොවැ මහත්තයෝ දැන් තුනට දහයයි ...!
එතන උන්නු කෙනෙක් බලලා තමන්ගේ අත් ඔරලෝසුව දිහා.
පුදුමයි ටක්කෙටම වෙලාව හරි.
                ඒකත් සටහන් කොරාන හැන්දෑ උනු නිසා මෙයාල එන්ට පිටත් උනා කියමුකෝ. ආවට මොකෝ මෙයාලට හරි පුදුමයි අර ලොකු උන්නැහේ වෙලාව කියපු විධිහ ගැන. මග එන අතර තුරේ මෙයාලගේ මාත්තුරුකාව උනේම ඕක.
මට හිතාගන්නවත් බෑ බං ඒ මනුස්සයා වෙලාව කියපු විදිහ.
ඒකනේ ලබු කැටේ අතට ගත්තා.තත්පර දෙක තුනකින් වෙලාව කිවුවා පුදුමේ කියන්නේ බං හරියටම හරිනේ. මේක ගැන නම් හොයන්ටම වටිනවා.
මොනවා කියනවද හොඳ ප්‍රවෘතියක් වෙයි.
අනික බලපන් මේ නොදියුනු ගම් වල ඉන්න මිනිසුන්ගේ තියන හැකියාවල්.
මට හිතා ගන්න බැරි මේකේ විද්‍යාත්මක පසුබිම මොකක්ද කියන එක.
කොහොමද මේ ගොල්ලෝ මේ ලබු කැටෙන් වෙලාව බලන්නේ.
සමහර විට පරිසර උෂ්ණත්වයට අනුව ලබු කැටේ බර හෝ පැහැය වෙනස් වෙනවා වෙන්න පුලුවන්.
නමුත් ඒකෙන් කොහොමද මේ තරම් නිවැරදිව වෙලාව කියන්නේ.
ඕකට පලපුරුද්දත් අවශ්‍ය වෙනවා ඇති.
            ඔය විදිහේ නොයෙකුත් තර්ක විතර්ක මැද හැමෝම  කොලඹට සේන්දු උනාලුනේ. නිකම්ම නෙමේ පහුවදාම අර කාරනාව ගැන වාර්ථා කරන්න කන්ඩායමක් එක්ක ආපහු ඇඹිලිපිටි යන්නත් කතිකා කොරගෙන. ඔන්න ඉතින් පහුවෙනිදම පත්තර වාර්ථා කාරයොයි රූපවාහිනීවල ඈයොයි, ගුවන් විදුලියේ අයයි සේරම කැ‍ටුව ගොහින් වැටලුවා කියමුකෝ අර අහිංසක ගැමියගේ පැල් කොටේ.
අහක් වෙලා ගියාලු අපේ මහත්තැන් කෙනෙක් දඬු මැස්සේ ඇනතියාන උන්නු ගැමියා ලඟට. දැන් කැමරා කරුවෝ කැමරා මානන් ඉන්නවලු, තවත් අය මයික්‍රෝපොන්(එහෙම නේද කියන්නේ) අන්න එවුවා දික් කොරන් ඉන්නවලු හරියට ආන්ඩුවේ ඉස්පිරිතාලේ දත් දොස්තරලා වගේ. සේරම වෙද්දි කොළඹ මහත්තයා හරබර වචන ටිකකින් පොඩි හැදින්වීමක් එහෙම කොරල අහක
මේ ගොවි මහත්තයා අපිට කියන්න බලන්න දැන් වෙලාව....!
අර මනුස්සයා පුරුදු විදිහටම නැගිටලා ගෙහුන් අර ලබු කැටේ අතට ඇන්න,
ම්හ්...දැන් වෙලාව නම් මහත්තයෝ 12.35...!
හැමෝම තම තමන්ගේ ඔරලෝසු දිහා බැලුවා.
හරියටම හරි..!
දැන් මේ මහත්තයා අපට කියන්න කොහොමද මේ විදිහට ලබු කැටයක් උස්සලා බලලා නිවැරදිව වෙලාව කියන්නේ, මොකක්ද එතන තියන විද්‍යාත්මක පසුබිම, නැත්නම් මේ පාරම්පරික ක්‍රම පිලිඹඳව විද්‍යාත්මකව පොඩි හැදින්වීමක් කරන්න කරුනාකරලා...!
එතකොටනම් ලොකු උන්නැහේ වට පිට බැලුවේ අපේ මහත්තයාගේ බර වචන උන්දැට තේරුනේ නැති හංදා.
මේ මහත්තයා අහන්නේ ලොකු උන්නැහේ කොහොමද ලබු කැටේ උස්සලා වෙලාව කිවුවේ කියලා.
අන්න එහෙම තේරෙන විදිහට අහන්න එපැයි මහත්තයෝ...! ඔය කියන උලවු විද්දියාත්මක පසු බිමක් නම් මම දන්නෑ ඕන්, මේ ලබු කැටේ හන්දා මට අර ටවුමේ තියන ඔරලෝසු කනුව පේන්නෑ ආයි බොවං. මම මේක මෙතනම එල්ලන්නේ මේ කවුලුවෙන් පැලට සතා සරුපයා රිංගයි කියන බයට.


ප/ලි   කරපෝල බැළුවම හැබෑ නේන්නම් එතනට යස අපූරුවට නව නගරේ ඔරලෝසු කනුව පේනවා. ඊට පස්සේ අපේ මහත්තුරු පල්ලම් බැස්ස විදිහ ගැන මම ලියැවුවේ නැතුවට ඔහේලට හිතා ගත්තැකි නෙව. මම ගෙහුං එන්නම් ආයිබොවං.......!

11 comments:

  1. අනේ මන්දා ඔය නගරෙ මහත්තැන්ලා කවදා පාඩමක් ඉගෙන ගනීද කියලා..හික්ස්..

    හැබැයි මේ බ්ලොග් එකට ආවම මටත් ටක්කෙටම වෙලාව කියන්න පුළුවන්..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ... !
      ඒ වගේම අගයනවා ඔයාගේ ඔය හැකියාවත්, පුලුවන්ද කෙටි පැහැදිලි කිරීමක් කොරන්න මේ අපූරු හැකියාවේ විද්දියාත්මක පසුබිම පිළිබඳව....හිකිස්....

      ජය...!

      Delete
    2. එක්කො ඕන නෑ අයියෝ..ඕ වගේ රහස් එළි කරන්න හොඳ නෑ..

      Delete
  2. Replies
    1. මරු වැඩේ කිවුවේ කොලඹ මහත්තැන්ලට වෙන්ටෑ. ස්තුතියි අලුත් යාළුවේ ඔයාටත්. ජය...!

      Delete
  3. දැන් වෙලාව රාත්‍රී 11:26 යි.. අහන්ඩ එපා කොහොමද කිව්වෙ කියලා..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වෙලාව වෙන්ටෑ, නේ ආයිබොවං......?

      Delete
  4. හෙහ් සිරාම කතාව.. මම මේකම හැබැයි දෙමළ ෆිල්ම් එකක දැක්කා.. ඒකේ හිගන්නෙක් හරකගේ නැට්ට උස්සලා වෙලාව කියනවා.. දැන් අහන්න එපා ෆිල්ම් එක මොකක්ද කියලා..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් ඒක බලන්න වෙන්නෙ නෑනේ...! ජය...!

      Delete
  5. හිකිස්.. අඩේ සිරා බං..

    මට මතක් වුනේ අර අටපට්ටමේ උන් ගමකට පැනලා මනුස්සයෙක් වෙලාව කියන හැටි පෙන්නපු සින් එක. හැබැයි පොර නම් ඇත්තටම කියනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං..! මම ඒක බලලා නෑ බං...!
      ජය..!

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....