Sunday, September 23, 2012

නංගි බබා 18....

                           


                            මගෙ ජීවන තුරු වදුලේ
                            රස සිඟිති සිනහ පෑවේ
                            මට ආදර වදන් කියා
                            ඔබ සිනා සෙන්න ඕනේ
                            ඔබ මලක් වගේ කොමලයි
                            රස සිඟිති කතා දෝතයි
                            මගෙ ආදර සුදු නංගී 
                            සුර සිහින ලොවේ ‍රැජිනී 
                            මගෙ ජීවන ඟංගාවේ
                            ඔබ පෙම් තරංග මැව්වේ
                            මගෙ ආදර සුදු නංගී
                            සුර සිහින ලොවේ ‍රැජිනී






මා එසේ විමසීමත් සමගම ඇයට ඉකි ගැසින.
ඒයි...ඒයි .. මේ මම කියලා තියනවානේ මම කැමති නෑ ඔයා අඬනවට කියලා. කරුණාකරලා මට කියන්න මොනාද සිද්ධ උනේ කියලා. නැත්නම් මම මේ ගමන් ඔහේ එනවා.දන්නවනේ මම කියනදේ කරනවා කියලා...!
එයාලා කැමති නෑළු අයියේ...!
එයාලා කියන්නේ කාටද..? පැහැදිලිව කියන්නකෝ...!
ඔයා ගියාට පස්සේ ගෙදර කට්ටිය ඔයා ගැන කතාකරා..!
ඔව් ඉතින්..?
අක්ක කිව්වා ඔයා දාමරිකයෙක් වගේ පෙනුමෙන් කතාවත් ඒ වගේළු. එයා කොහොමටවත් කැමති නෑ කිවුවා...!
ඉතින් ඒකි කැමති උනත් මොකටද, මම ආවේ ඒකිව බඳින්නයෑ..? මට ඕන උඹවනේ..!

ඊට පස්සේ තාත්තත් කිවුවා මහ මිනිස්සු එක්ක තරහයි කියලා අවුරුදු ගානක් ගෙදර නොගිහින් ඉන්නේ මුරන්ඩු කමටනේ, එහෙම පෝරිසාදයෙක් එක්ක කොහොමද මේ අහිංසක කෙල්ල ජීවත් වෙන්නේ මටත් ඇල්ලුවේ නෑ ඒ කොලුවගේ කතාව.මගෙත් මනාපයක් නෑ ඕං කියලා...!

ඊට පස්සේ...?

ඒවා ඉතින් ඔයාලට ඕන හැටියක් ,මට නම් මේ ගැන මොකුත් කියන්න බෑ කියලා නිමල් අයියා නම් ගියා. අම්මා කිවුවා තාත්තගේ වචනවලට පිටින් යන්න බෑනේ අපිට,එයා කියන දෙයක් කරමු.ඒ ලමයට කතා කරලා කියන්න අපි මේ කටයුත්තට කැමති නෑ කියලා කිවුවා කියලා..!

ඉතින් ඔයා මොනාද කිවුවේ...?
මම කිවුවා මට බැහැ එහෙම කියන්න මට ඔයා ඕන කියලා..!
හ්ම්....!!
අම්මා කිවුවා ඔය ලමයට බැරිනම් මම කියන්නම්කෝ ඒ ලමයට කතා කරලා හෙට  කියලා. සමහරවිට හෙට උදේ අම්මා ඔයාට කතා කරයි..!
එහෙමද...? හොඳයි හොඳයි. අපි එහෙනම් හෙට එයාලා කතා කරනකම් ඉමුකෝ නේද..?

ඔයා දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ..?
මොකුත් නෑ නංගි බබා . ඔයා කලබල වෙන්න එපා, මම ඉන්නවනේ. මාව විස්වාශයි නේද ඔයාට...?

ඔව් මහත්තයෝ මට මාවවත් විස්වාශ නැති තරමට මම ඔයාව විස්වාශ කරනවා.
එහෙනම් ඒ ඇති හොඳටෝම.අපි බලාගෙන ඉමු එයාලම පටන් ගන්නකම්. හැබැයි කවුරු පටන් ගත්තත් දිනුම් කනුවට යන්නේ මුලින්ම මම. ඒක මගේ ලේවල තියන දෙයක්. හැම වෙලවෙම මම කියනවා වගේ මගේ තාත්තා මාව හදලා තියෙන්නේ ආත්ම විස්වාශය කියන මැටි වලින්. ඒකයි එයාටවත් තාම මම පැරදුනා දකින්න නොලැබුනේ. වෙහෙරක් ගිල්ල එකාට අග්ගලාව කජ්ජක්ද කියලා කතාවක් තියෙනවානේ. දැන් සතුටෙන් නිදා ගන්න මයෙ මැණික. ආයේ අඬන්න ඔට්‍ටු නෑ හරී..!
හා...!
එහෙම බෑ පොරොන්දු වෙන්නෝන..!
මම අඬන්නෑ ආයේ සත්තයි..!
හොඳයි බුදු සරණයි ඔයාට..!

මොකෝ ඕයි අවුල..?
මොකුත් නෑ තුෂාරයා.මුං අවුලක් හදා ගන්නයි දඟලන්නේ.මනුස්සයෙකුගේ හැඟීම් වලට ගරු නොකරන එවුන් මට දිරවන්නේ නෑ කියලා මම උඹට අමුතුවෙන් කියන්නෝන නෑනේ...!
මට තියෙන ප්‍රශ්නේ මම හොදින් වැඩක් කරන්න හැදුවොත් මොකෙක් හරි බාල්දියක් අදිනවමනේ...! අන්තිමට නරක මිනිහා වෙන්නේ මම...!

ඩෝන්ට් වොරි බ්‍රදර්..! ඕවා ඔහොම තමයි, අපි ජංගි මැහුවොත් උපදින්නෙම කොල්ලෝ..!
ඒ මොක උනත් මුං තොරගත්ත එකා නම් වැරදීයි වගේ තුෂාර, බලමු ඇමෙන් බැරිනම් කොක්කෙන්..! කොහෙන් හරි නවත්තපං දෙකක් ඇනගෙනම යන්න..!


පසුදින දහවල මට දුර ඇමතුමක් ආවා නංගි බබාලගේ ගෙදරින්.
හෙලෝ..!
හෙලෝ සරත් පුතාද..?
ඔව් කවුද මේ..?
පුතේ මම නංගි බබාගේ අම්මා..!
ඔව් අම්මේ කියන්න..!
පුතා මේක අහලා අපිත් එක්ක තරහා වෙන්න නම් එපා. මම මේ මගේම දරුවෙක් හැටියට හිතලයි කියන්නේ.!!
හරි අම්මේ තරහ වෙනවද නැද්ද කියලා තීරණය කරන්න කලින් මම කතාව අහලා ඉන්න එපායෑ. ඔයා කතාව කියන්න ඊට පස්සේ මම තීරණය කරන්නම් තරහවෙනවද නැද්ද කියලා.

මේකයි පුතේ තාත්තා කිවුවා එයා මේ කටයුත්තට කැමතිනෑ කියලා. අපට ඉතින් එයාට ඉහලින් යන්නත් පුළුවන්කමක් නෑ දරුවෝ.
හෝව් හෝව් පොඩ්ඩක් ඉන්නකෝ අම්මේ.මට අකමැති වෙන්න හේතු විදිහට තාත්තා කිවුවේ මොනවද..?

එහෙමට විශේෂ කාරනාවක් නම් කිවුවේ නෑ දරුවෝ ඉතින්..!
එහෙම හෑල්ලුවට හිතලා අකමැති වෙන්න මේ කාරණව සෙල්ලමක්ද අම්මේ. මම ආවේ ගෙදර පරණ බඩු එකතු කරන්න නෙමේ. කසාදයක් ගැන කතා කරන්න. ඒකත් මම යාළුවෙලා ඉන්න ගෑණු ලමයා ගැන. විශේෂ හේතුවක් නැතුව එයාට මට අකමැතියි කියන්න බෑ කොහොමවත්. එහෙම කිවුවත් මම ඒක පිළිඅරන් නිකා ඉන්නේ නෑ. මොකක්ද ප්‍රශ්නේ. අපේ කුල මල ගැලපෙන්නේ නැද්ද, එහෙමත් නැත්නම් වත් පොහොසත් කම් ,මගේ රක්ෂාව, අපි ඉන්න සමාජ මට්ටම ඔය කොයිකෙන්ද අපි නොගැලපෙන්නේ..?

අනේ දරුවෝ ඔය මොකුත්ම මට කිවුවේ නෑ. මම කියනවට මේ සම්බන්දේ  නතර කරලා දාන්න. මගේ දරුවෙක් වගේමයි කියලා හිතලයි මම මේ කියන්නේ. ඔය ඕන තරම් ගෑණු ළමයි පීරිමි ළමයි අතර ඔයවගේ පලහිලව් ඇතිවෙලා නැතිවෙලා යන්නේ,එහෙම හිතලා මේක අමතක කරලා දාන්න පුතේ...!
ඉවසීම සියළු කඩ ඉම්පසු කොටැ අවසන්ය. ඉදින් තවත් මේ සංවාදයේ යෙදීමට මට හැකියාවක් නොමැති නිසාවෙන් මමදුරකතනය විසංධි කලෙමි. ඔවුන් ඔවුන්ගේ තීරණය නොපැකිල මාහට පවසා අවසන්ය.දැන් ඇත්තේ මගේ අවස්ථාවයි.මේ මාගේ ජීවිතය පිළිඹඳ ප්‍රශ්ණයකි. එම නිසා ප්‍රමාද විය නොහැක.

දෙපැයක් ඉක්මයාමටත් මත්තෙන් මා ඔවුන්ගේ නිවස ඉදිරි පිටය.
ආ... මේ මේ ළමයානේ..!
මම බැලුවා කවුද කියලා..!
ඔයාලා මාව අඳුරනවද අම්මේ...?
මොකෝ ඊයෙත් මෙහෙ ආව ළමයව මට අඳුරන්න බැරි. නෑ අම්මේ ඔයාලා මාව දැකලා විතරයි, අඳුනගෙන නෑ. කෝ තාත්තා එයාටත් ටිකක් එන්න කියන්නකෝ..!
ආ මොකෝ මේ ලමයා අදත් මේ පැත්තේ..?
එසේ අසමින් පියාද එලියට ආවේය.

දැන් ටිකකට කලින් අම්මා කතාකරලා ඔයාගේ තීරණය මට කිවුවා තාත්තේ. මම ආවේ මගේ තීරණෙත් ඔයාටම කියලා යන්න..!
ඔව් මොකක්ද ඔය ළමයගේ තීරණය...!
මම ඊයේ ඇවිත් කතාකරේ මට බොහොම වැදගත් කාරණාවක් ගැන.මට දැනුනු විදිහට මගේ හැඟීම් ඔයාලා තඹේකට මායිම් කරලා නෑ. ඒනිසාම මම ආයේ ලබන 25 වෙනිදටත් මේ විදිහටම මෙහෙට එනවා. ඒ එන්නේ නංගි බබාව එක්ක යන්න. එදාට එයාව මනමාලියෙක් විදිහට මට බාර දෙනවද,නැත්නම් මේ විදිහටම එක්ක යන්න අරිනවද කියන එක ඔයාලම තීරණය කරන්න.
කොහොම උනත් මම එදාට එයාව ගෙනියනවා...!

එහෙම කොහොමද කරන්නේ...?

තාත්තේ මට හුඟාක් අයට වගේ කෙනෙක්ගෙන් බැගෑපත් වෙලා යමක් ඉල්ලන තාලේ තේරෙන්නේ නෑ. මම දන්නේ මේ විදිහ විතරයි. ඔයාලා ඒකට කැමති නැත්නම් මාව නවත්තන්න ඔයාලට කැමති දෙයක් කරන්න පුළුවන්.මගේ කිසිම විරුද්දත්වයක් නෑ ඒකට. හැබැයි එකක් මාව නවත්වන එකත් ලේසි වැඩක් නොවෙන නිසා.එක්කෙනෙක් දෙන්නෙක් නම් මදිවෙයි. මෙහෙ මුල් ගං කාරයො උනු ඔයාලටත් යමක් කරන්න පුලුවන් ඇතිනේ. උත්සාහ කරලා බලන්න.25 උදේ දහයට මම ආයේ මෙහේ.

25 වෙනිදට තව සතියයිනේ  පුතේ වැඩිහිටි කැමැත්තක් තිබුනත් සතියකින් මගුල් ගෙයක් කරන්න පුලුවන් කමක් නෑනේ.

අපේ කතාවට අම්මාද මැදිහත් උනාය.

මම බෑ කියලා කිසි දෙයක් අත ඇරලා නෑ.ඔයාලා නොකරට මම මේ කෙල්ලව මනමාලියෙක් කරනවා. හැබැයි ආයේ කවදාවත් අපේ වැඩිහිටියෝ මුන ගැහෙන්න මේවා ගැන කතාකරන්න, අරවට මේවට කියලා මම ඔයාලට අවස්ථාවක් දෙන්නේ නෑ. මොකද ඔයාලා තුට්‍ටුවකටවත් මායිම් නොකර ඇරියේ මගේ ජීවිතේ. මම එහෙම අය එක්ක ගනු දෙනු කරන්නේ මේ විදිහට.

එහෙනම් මම ගිහින් එන්නම්..!

නංගි බබා මම ගිහින් එන්නම්.සතුටින් ඉන්න..!



ඊට පස්සේ මොකද උනේ කියලා දැන ගන්නම ඕනනම් ඊලඟ කොටස බලන්න වෙනවා....!

මම ගෙහුං එන්ඩද ආයිබොවං...!!


13 comments:

  1. හප්පා.. දාඩියත් දැම්මා... දැං ඉතිං ඊළඟ කොටස දානකල් බලං ඉන්නම වෙනවානේ....

    ඔන්න කොල්ලෝ.... හි හි....

    ෂේප් එකෙන් බැරි ගේමෙන්.. හොද වෙලාවට අපේ උන්දැට ගේමට යන්න ඕනේ උන් නෑ... ගේමට යන්න පුළුවන් කෙල්ලෙක්නෙ අල්ලගත්තේ... හි හි.... නැත්තං ඉතිං ඇඟේ හැටියට නෙමෙයි එයාගෙත් වැඩ... හි හි...

    ReplyDelete
    Replies
    1. මෙන්න කෙල්ලෝ... මට හිතෙනවා මුන්දෑ නයි මිරිස් කරලක්ද කියලත් වෙලාවකට. කතාවෙන් නම් එහෙමයි. කමක් නෑ සතුටින් ඉන්න හිරු.!!

      Delete
  2. හ්ම්... වෙනස් විදියෙ කතාවක්.. බලමු මොකද වෙන්නෙ කියලා.. :)

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර වෙනස් වගේ තමයි..!! ජය!!

      Delete
  3. Ane mahaththayo ape athithe mathak weddi sathutui wagema dukai.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඕං අඬන්න නම් ඔට්‍ටුනෑ...!!!

      Delete
  4. හප්පේ...බලන් ගියාම මහ පෝරිසාදයෙක් නේන්නම්. කොහෙද නැන්දම්ම බය වෙලානේ. අහුවෙන්න තිබ්බේ මං වගේ නැන්දම්මෙක්ට. එහෙනම් ඉතින් බෑණන්ඩිය බත් කන්න වෙන්නෙ දත් නැතුව...හි හි හි..

    මම මේ සිරාවට අහන්නෙ සරා අයියේ...ඇත්තටම එහෙම කතා කරන්න උඹට " ගට්ස් " තිබ්බද බං ? බැරිවෙලාවත් ඒ අය කැමති නූනනම් ? කෙල්ලව උස්සන් යනවද ?

    ReplyDelete
    Replies
    1. අපෝ එච්චරටම නපුරු වෙන්න එපා දරුවෝ. දන්නවද ගෑණු ලමයෙකුට ලස්සණම ආභරණය තමයි අහිංසක කම. එතකොට එයාලා ගොඩාක් ලස්සණ වෙනවා. ඔයාල වගේ. D:

      යටම පුරස්නෙට උත්තරේ නංගි බබා ගෙන් ඇහුවා නම් හොඳාවගේ.

      Delete
  5. නංගි බබා කමෙන්ට් කරන දවස එනකම් බලාන හිටියේ..හරි නම් එයත් ලියන්න ඕන ගෙදර සිද්ධ වුනු විජ්ජුම්බර ටික..

    බලමුකෝ ඊළඟට මොකද වුනේ කියලා..

    ReplyDelete
    Replies
    1. හිකිස්....! කදිම අදහස් නොවැ රූටත් එන්නේ. බලමු බලමු..!!

      Delete
  6. අම්මා සරාගෙ ඇග සිරා විදියටම කට් වෙලා කියලයි අදුනෙන් හගනුමා පෙනුම් කරන්නේ...

    අයියේ එ කාලේ සික්ස් පැක් එක එහෙම එලකිරි වගේ කටෙත් පිහිටලා තියෙනව මට පේන විදියට...

    :D

    ReplyDelete
    Replies
    1. නෙවෙන්නම් මම හරියට "අන්ඩටේකර්"වගේ කියලා නංගි බබාලගේ කිරි අම්මත් කියනවා. වෙන්න ඇති උන්දැගේ ඇස් පෙනීමත් හොඳටම දුර්වලයි නොවැ. කෙලින් කතා කොරන්න ලොකු ඇඟක් ඕන නෑ කොලුවෝ. හයිය හිතක් තිබුනම ඇති.

      Delete
  7. අහ්......ඒකත් එහෙමද

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....