Thursday, September 20, 2012

නංගි බබා 17...

                                   


                           මිදි ඇඹුලයි කියලා කියූ කතාවේ මා තනිඋනා එදා..
                           චංචල ළඳක් උනාද ඔබ මා ඇසුරු කලා කියලා..

                           මායිම් නැති ලෝකයක් කරා අප පියවර මැනලා..
                           ජීවිතයේ මුල මැද අග සෙවුවා හදින් හදක් පුබුදා..

                           තලා වැ‍ටුම් දහසක් ගෙවලා මී වද පැණි පිරුවා..
                           රුචි රුචි කුසුමේ පෙති දිග හැරුනා සිතුම් පැතුම් සනහා..



ඇත්ත වශයෙන්ම..! ඔයාට අවස්ථාව තියෙනවා කියන්න මල්ලි..!
මේකයි මහත්තයෝ.. මේ කටයුත්ත කරන්න අවශ්‍ය කරන මූලික කරුණු සීයට අසූවකටත් වැඩිය කොටසක් මම මේ වෙනකොට සූදානම් කරලා ඉවරයි. ඒ කියන්නේ මා ලඟ තියනවා කියන එක. එකින් එක ඒවා පිලිවෙලින් දක්වනවා නම් ගෑණු ලමයා මට කැමතියි ඒනිසා සීයට පණහක් හරි. ඊලගට එයාව කසාද බඳින්න එයාට ඉන්න හිටින්න කන්න බොන්න අඳින්න පළඳින්න දෙන්න හැකියාව මට තියන නිසා තවත් සීයට විසි පහක් එකතු කරගතහැකියි. ඊට අමතරව නීත්‍යානුකූලව ඒවා කරගන්නා ආකාරයයි ඒවාට අවශ්‍ය පුද්ගලයොයි හොයා ගන්න එකයි මට කරගන්න පුලුවන් නිසා මට තව සීයට පහක් විතර එකතු කරගන්න පුලුවන් නේද..?
මම ඉගෙන ගත්ත ගනන් සාස්තරේට අනුවනම් අසූවක් ගියහම ඉතිරි වෙන්නේ තව විස්සයි. ඒතමයි දෙපාර්ශවයේ වැඩිහිටි කැමැත්ත. මම ඒක එක පාර්ශවයකට දහය ගානේ දෙකට බෙදනවා. එහෙම සාධාරණයි නේද නිමල් මහත්තයෝ...?

අපි අහන් ඉන්නේ මල්ලි ඔයා කියන්නකෝ..!

ඔව්.. එහෙමනම් හදිසියේවත් මේ කටයුත්තට යම් පාර්ශවයක් අකමැති උනොත් මට අඩුවෙන්නේ සීයට දහයයි. ඉතින් සීයට අනූවක් අතේ තියාගෙන  දහයක් අඩුයි කියලා දිනුම අතාරින පුරුද්දක් මට තිබිලත් නෑ, අනාගතේදි එහෙම කරන්න මගේ අදහසකුත් නෑ.ඒ නිසා හැමෝම කතාබහ කරලා හැමෝටම සතු‍ටු වෙන්න පුලුවන් විදිහේ තීරණයකට ඒවි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද ඔයාලා දැන් පැය දෙකහමාරක් විතර මාව ඉන්ටර්වීව් කලානේ. එහෙනම් මට යන්න අවසර..!

හොඳයි හොඳයි..! අපි කියපු විදිහට වැඩිහිටියෝ කතා බහ කරලා තීරණයක් අරන් දැනුම් දෙන්නම්කෝ...!

මොකුත් හිතන්න එපා නංගි බබා මම ආයේ එනවා..!
ඔයාට බුදු සරණයි අයියේ පරිස්සමට ගිහින් එන්න..!
ආපසු එන ගමනේදී මසිතට වදදුන් එකම කාරණයක් විය. ඒනම් නංගි බබාලගේ පාර්ශවයේ තීරණය කුමක් උවද එය මට අදාලනැත. එහෙත් මගේ පැත්තෙන් සියළු කාරණා කටයුතු සම්පූර්ණ කිරීම මගේ වගකීමයි. එසේ හෙයින් මා අපේ ගෙදර යායුතුවම ඇත. මට කල නොහැක්කේද එයමය. හේතුව මම මහා අහංකාර කොළුවෙකු වීමයි.මීට වසර කීපයකට පෙර මා අපේ නිවසින් පිට වූයේ නැවත එහි පය නොතබන බවට සපත වෙමිනි.

එදා මෙදා තුර කොපමණ කරදර ආවද මාපියන් වෙත යාමට මට මගේ අහංකාර සිත එකඟ කරවා ගැනීමට නොහැකිවිය. තනිව ජීවිතයට මුහුණ දීමට,අභියෝග හමුවේ නොසැලී සිටීමට ජීවිතය ජය ගැනීමට එය වෙස්වලාගත් ආශීර්වාදයක් වූවා යයිද වරෙක මට සිතේ. අදද මට එලෙසින් සිටිය හැක. එහෙත් යම් හෙයකින් නංගි බබාලගේ දෙමව්පියන් අපේ නිවසට යායුතු යැයි පැවසුවහොත් මා කරන්නේ කුමක්ද..?

 ###ක් නිසා ගෙම්බෙක් වීමට මට සිදුව ඇත.

ගෑණු දැරිවියගේ නෑදෑයන් ලඟ හෑල්ලු වෙනවාට වඩා දෙමාපියන් මුණ ගැසීම ලෙහෙසිය. ඉදින් තැවීමට කාරියෙක් නැත. මම කැමැත්තෙන්ම ගෙම්බෙක් වෙමි.
මා දුර කථනය ගෙන චින්තක ඇමතීමි.
හෙලෝ...!
චින්තකයා මම...!
ඔව් අයියේ කොහොමද ගිය වැඩේ..?
ඒවා මම ආවම කියන්නම්.දැන් උඹ පලයන් තුෂාරලගේ ගෙදර..!
ගිහින්...?
ගිහින් වාහනේ ලෑස්ති කරගනින් අපේ ගෙදර යන්න...!
ඕගොල්ලන්ගේ ගෙදර..??
නැතුව තොපේ ගෙදර යන්නේ මම අහවල් ලබ්බටද..? දැන්ම පලයන් මම කෙලින්ම එහෙට එනවා..!

මා තුෂාරලාගේ ගෙදරට යනවිට ගමනට ඇවැසි සියළුදේ සූදානම්ව තිබුනු හෙයින් නොනැවතී අප එපිටවල බලා ගියෙමු. අප නිවසට යනවිට රාත්‍රී නමයට පමන වුවද තාත්තා ඒවන විටත් නිවසේ නොසිටියේය. හිටිහැටියේ මගේ පැමිනීම මවගේ මෙන්ම නැගනියගේද පුදුමයට හා සතුටට කාරණයක් විය. නමුදු මම ඔවුනට අවස්ථාවක් නොතබාම දොඩන්නට වීමි.

කෝ අම්මේ තාත්තා..?
හවස රත්නපුරේ ගිහින් එන්න ගියා දරුවෝ, දැන් මග එනවා ඇති..!
හ්ම්... මට ඉක්මණට යන්න ඕනි. මම ආවේ පණිවිඩයක් කියලා යන්න..!
මොකක්ද ඉතින් ඔය හැටි කලබලේ, තාත්තා එනකම් ඉන්ඩ මම තේ ටිකක් හදන්නම්...!
තේ ඕනනෑ.. මම කියන්න ආවේ මම කසාද බඳින්න හදනවා කියලා..!
මොකක්....?
ඔව්... සමහරවිට ඒ මිනිස්සු අද හෙට මෙහෙ එයි.ඔයාලටත් එහෙ යන්න වෙයි, වෙන්නේ කොහොමද කියලා මම එහෙන් පනිවිඩයක් ආවම කියන්නම්. මම ආවේ ඔයාලට ලෑස්තිවෙලා ඉන්න කියන්න.

ගහෙන් ගෙඩි එන්නාවගේ කොහොමද ලමයෝ මගුල් ගෙවල් කරන්නේ. ඒවට පිලිවෙලක් තියනවානේ. නැකත් හදවන්න ඕන, නෑදෑයන්ට කියන්න ඕන කොච්චර වැඩ තියනවද...?

මම දැන් අම්මට එහෙම දෙයක් කිවුවේ නෑනේ මම කිවුවේ මේ පනිවිඩේ තාත්තට කියන්න කියලා විතරයි. අනික නැකැත් ගැන කරදර වෙන්න එපා. හදවන්න බැරි උනොත් මම නැකත් සල්ලි වලට ගන්නවා. පේමන්ට් එකේ ඕවා කෑල්ල විස්සයි කියලා විකුනන්න තියනවා. ඔය කියන නෑයොත් මම එතනින්ම ගන්නම්. ඔයාලා ඒ ගැන වද වෙන්න එපා. මම යනවා එහෙනම්...!

අවුරුදු ගානකින් ඇවිත් බත් කටක් වත් කාලා පලයන් මයෙ පුතේ..!
අනේ අයියේ... අද විතරක් වත් ඉඳලා යනවකෝ..!
නැගනියද මා අතේ එල්ලෙන්නට විය.
බෑ නංගෝ මම යන්න ඕන..! චින්තකයා යමන්...!
එක්කෝ ඔයාල යන්න මම ලොකුමාමව හම්බවෙලාම මොකද කියන්නේ කියලා දැනගෙනම හෙට එන්නම්...!

හ්ම්..තුෂාර අපි යමු..!
අතර මගදීමම නංගි බබාට ඇමතුවෙමි.
හෙලෝ...!
හ්ම්ම්... ඔන්න ඔයා නිසාම මම කවදාවත් නොකරන වැඩකුත් කලා අද..!
ඒ කිවුවේ..?
මම අපේ ගෙදර ගියා. අම්මටයි තාත්තටයි අපි ගැන කියන්න,කසාදෙට දින නියම කර ගන්නත් කට්ටිය ඉක්මනින් ඒවි කියලත් කීවා. තාත්තා නම් හිටියේ නෑ. මම අම්මට පනිවිඩේ කියලා ආවා. මේ එන ගමන්...!
මම කියවගෙන ගියා. එහෙත් ඇය නිහඬව අසා සිටියා පමණි.
නංගි බබා....!
ම්හ්හ්...!
ඔයා අහගෙන නේද ඉන්නේ....?
ඔව් අයියේ මට ඇහෙනවා...!
එහෙනම් ඇයි කතා නැත්තේ, මොකද ඔයා දුකෙන් වගේ..? ඔයා අඬනවා නේද ඔය....?


තව බොහොම ටිකයි තියෙන්නේ.....!
ඒටිකත් අරං මම ඉක්මණටම එනවා හොඳේ...!!
එහෙනම් ඕං අදට අවසරයි, ගෙහුං එඤ්ඤං...!!!

13 comments:

  1. හ්ම් හ්ම් ඉතුරු ටිකත් අරන් ඉක්මනට එමු

    ReplyDelete
  2. හපොයි. .. මේකා යකෙක්නේ... හැබැයි ඉතිං කියලා තියෙන ටික නම් 95%ක් විතරම සහතික ඇත්ත. හි හි
    නෑදෑයෝ , නැකත් නම් කෑල්ල 20යි තමයි.... ඒත් දෙමවිපියෝ ....? අපිටත් නැති උනානම් හොදයි කියලම හිතෙනවා වෙලාවකට.. ඒත් අපි එයාලට බැදිලා වැඩියි... ඒ නිසා අතාරින්න බෑ... ඒක නිසා තාමත් දුක් විදිනවා....

    මේකා යන විදියට නම් තව බොහොම ටිකයි වගේ තමයි....

    ReplyDelete
    Replies
    1. කලබල වෙලා හදිසි තීරන ගන්න එක වගේම කියන දේ වෙනස් නොකර කරන එක යම් තරමකට මගේ දුර්වල කමක් උනාට මම ඒවා කරන්නේ හිතන්නේ බලන්නේ නැතිව නෙමේ හිරූ.
      නෑයෝ ගැන නම් මගේ මතය තවමත් ඒකමයි.

      Delete
  3. ඇත්ත නේන්නම්. " මඟුලක් කන්න " නිකම් පුළුවන්ද ?
    හැබැයි ඉතින් මට පේන විදියට සරා අයියට මාර ගට්ස් තිබිලා තියෙනවා. ඒක තමා වෙන්නත් ඕනේ :)

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි මේ කෙල්ල දන්න දේවල්.
      අහම්බෙන් පුංචි කෙල්ලෙක් ඇවිත් මාව කනපිට හැරෙව්වේ නැත්නම් තවමත් සරා කියන්නේ ගැන්ස්ටර් කෙනෙක්ම විතරයි. ජීවිතේ ගැන කවදාවත්ම බරපතල විදිහට හිතන්න බැරි උනු ඒ සංදිය ගැන මගේ හිතේ සතුටක් නම් නෑ. මම නිසා අපහසුවට දුකට පත් වුනු අය අතර හිටියේ වැරදි කාරයෝම විතරක් නොවන නිසා.
      ඒත් ඒ හැම දේම වෙලා ඉවර උනු ගොඩේ නෙව උවමනා උනත් වෙනස් කරන්න බැරි.

      නංගි බබාලගේ දෙමව්පියොත් දැන් දන්නවා එදා එයාලටත් වැරදුන බව.

      Delete
  4. Replies
    1. ටැන්කූ වේවා තරුවා.!!

      Delete
  5. ඕන් අය්යෙ තරහනම් වෙන්න එපා ..
    ම්ම මුලු බ්ලොග් පොස්ට් ටිකම කියෙව්වා....
    පට්ට පට පට .....

    මාත් ඉන්නෙ සෞදි කාන්තරෙම තමයි....
    අදුනගෙන කතා කරන්න ආසයි සුන්දර මනුස්යෙක් එක්ක.....

    මත් අවෘදු ගනක් බ්ලොග් කියෙවත් කොමෙන්ට් කරන හිට දුන්නෙ නෑ ....

    මෙ තමයි මම දාන දිගම කොමෙන්ට් එක....

    දිගටම කීප් ඉන් ටච් වෙනම්කෝ...

    ReplyDelete
    Replies
    1. වාව්.. එලනේ මලයා. කොයි සාවියේද කියමුකෝ එහෙනම් වාස දේස. පිලිගන්නවා සාදරයෙන්, පුලුවන් වෙලාවක ආයේ ඇවිත් තොරතුරු කියන්නකෝ ජයවේවා එතෙක්.!!

      Delete
    2. Riyad walata lan wena Khurais kiyala kaleka...

      Aiyage wadi wistara dana ganath eka ewnako mata eyak

      thariducs@gmail.com walata puluwan welawaka

      Delete
  6. ඔයා ගියාට පස්සෙ නංගි බබාට හම්බෙන්න ඇති හොඳවයින් පරිප්පුවක්..
    බලමුකෝ ඉතුරු ටිකත්..

    ReplyDelete
    Replies
    1. අනුමානය වැරදිද මංදා "රූ". කමක් නෑ ඉතුරු ටිකත් කියවලම ඉමුකෝ. ආයේ මොකටෑ ලෙහන මල්ල ඔබන්නේ නේද.?

      පෙර දිනයේ කොමෙන්‍ටුවේ තිබූ අඩුපාඩුව පිළිඹඳ මාගේ කනගා‍ටුව.නිවැරදි කර නැවත පල කරන ලදී.

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....