Wednesday, August 22, 2012

මේ ස්තුතිය උඹලටයි.......!!!

               


                උදේම නැගිටල පෝස්‍ටුවක් කොටන්න සූජානං උනේ ඊයේ රාත්තිරියේ දේශපාලු උතුමෙකුගේ පම්පෝරි කතාවක් ඇහුනු නිසා.එවෙලේ මට හිතුනු දේවල් ටිකක් කියල දාන්න.ලියාගෙන යනකොට මට නිදි මතකුත් ආවා.පොස්‍ටුව දිග වැඩී.ඒත් මට තව කියන්න දේවල් ගොඩයි,හේතුව මගේ හිතේ ඇතිවුනු කෝපය මුන්ගේ කතාවලට.
හරි ආයේ නැගිටලත් මම ලියනවා....!
                 එහෙම හිතලා මම නිදා ගත්තා. ඇහැරුනහම මුහුණ එහෙම හෝදගෙන කාරිය ආයේ ආවා මග නතර කොරපු රාජකාරිය ඉවර කොරන්න. සරාගේ ලෝකෙට ගියාමයි මම දු‍ටුවෙ මම අද ලියන්නේ 25වෙනි පෝස්‍ටුව කියලා. ඒ මදිවට මට ආයේ මතක් උනා අන්තිම පෝස්‍ටුවට "රූ" ලියල තිබුනු කොමෙන්‍ටුවත්
මේ වගේ පෝස්ටු දාහක් ලිව්වත් ඒ මහත්තුරු රෙදි ඇඳගෙන යස අපූරුවට සැප වාහන වල යනවා...

අනේ මන්ද සරත්!!!    

                 ඒවගේ හේතු නිසා මම ඒ වැඩේ අතහැරියා. මට හිතුන මෙහෙම හරි විකාර ලියන්න මට මෙතනට එන්න කියපු මගේ නොදු‍ටු මිත්තරයන්ට ස්තුති කො‍රැව්වනම් කෙතරම් අපූරුද හිල් කූඩ වලින් වතුර අදිනවට වඩා කියලා.

                 මම බ්ලොග් කියවන්න ආවේ ශීත කාලේ වෙන කරන්න දෙයක් නැති කමට.මට එහෙම තැනක් තියනවා කිව්වේ අපේ "ප්‍රසාද්" මලයා. ඉතින් මම කියවන්න ගත්තා.කියවන කොට මට හිතුනු දෙයක් තමයි මෙයාල ලියන්න ගන්න මහන්සිය අපි අගයන්න ඕන ,එයාලගේ ලියවිල්ලෙන් අපිට යමක් ලැබෙන නිසා අවම වශයෙන් ඇගයීමක් වත් කරනවා කියලා කොමෙන්‍ටුවකින් ලියවිල්ලේ ගුණාගුණ කියන්න පටන් ගත්තා.
                  මම කියවනවා,කොමෙන්ට් දානවා ඉවරයක් නෑ. එහෙම අහම්බෙන් දවසක තමයි "සැම් ක්‍රියේෂන්"එකට ගොඩ වැදුනේ.අමුතු පොරක්,අමුතු කතා මොකක්හරි හිතට අල්ලන ගතියක් මම උගේ බ්ලොගේ දැක්කා. ඉතින් ඕක ෆේවරිට් එකට දමාගෙන මම හැමදාම උගේ බූතත් කියවන්න ගත්ත කියමුකෝ. කොමෙන්‍ටුත් දානවා මම. ඔහොම දවසක තමයි ඌ මට කිව්වේ බ්ලොගක් ලියපන් කියලා. ඉතින් මම උගෙන් ඇහුවා ලියන්න හිතයි කොහොමද පටන් ගන්නේ කියලා. උගෙන් උත්තර ලැබෙන්නත් කලින් "සෙන්නයි,අසරණයයි" මගෙ පුරස්ණෙට පැහැදිලි උත්තරයක් දීලා තිබුනා. ඉතිරි අඩු පාඩුවත් සැමා උගේ කොමෙන්‍ටු වගයකින් පුරවල ලියපන් කිව්වා. ඉතින් මම ලියනවා මෙලෝ රහක් ඇතත් නැතත් ලියනවා. ඉතින් එදා ඉදන් මේ අය මගේ විකාර කියවන්න සරාගේ ලෝකයට එනවා.

සෑම්,සෙන්නා,මහිම මදුරංග,නාකියා,අඩවි රජ,අවතාර්,රූ,Dinesh,Hasitha,තරුවා,අසරණයා,kushi,රොබින්,රෙප් මහත්තයා, සොදුරු සිත,වර්ණා, ජනු,‍රැංගෝ,තාරා,දූපත් වැසියා,මාතරේ,දසුනි, ඇයි දැන් බ්ලොග් අවකාශේ පේන්න නැති නිම්ශා නගා.

                   ඉතින් ඔයාලගෙන් මට ලැබුනු සහයෝගය ගොඩක් වටිනවා මට. බ්ලොග් එක පිලිවෙලට හදා ගන්න අවශ්‍ය ක්‍රම එහෙමත් මම ඉගෙන ගත්තේ ඔයාලගෙන්.ඉතින් යාලුවනේ ඒ හැම දේකටම ස්තුති කරන්නයි මේ.................... කියන්නම් හැමෝටම ජය....!!

20 comments:

  1. හදිස්සියේ මෙහෙම එකක් වැටුනේ ඇයි කියල බැලුවේ..

    නංගි බබා / ඉලෙක්ට්‍රොනික් ගැජ මැටික්ස් දාපං කෝ!

    ReplyDelete
    Replies
    1. මේක කියපං මචෝ. මට පුලුවන් ගොඩක් ප්‍රයොජනයට ගන්න පුලුවන් විදිහේ ඉලෙස්ටොනික් ගැජමැටික් ටිකක් දාන්න. මමම නිර්මාණය කරපු. ඕවා දානකොට පරිපථ අදින්න එහෙම සැලකිය යුතු කට්ටක් කන්න ඕන කියල උඹලට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඉතින් බ්ලොග් අවකාසේ ඉන්න හුග දෙනෙක් ‍රැකියා කරන බොහොම කාර්ය බහුල අය නිසා එක්කෙනෙක්වත් ඒවයෙන් ප්‍රයෝජනයක් ගනීද ප්‍රායෝගිකව අත්හදා බැලීමකටවත් යොමුවේද කියන ගැටලුව මට තියෙනවා. එහෙම නොවුනා නම් මේ වෙනකොට මම හුගාක් දේවල් ඔය විෂය ගැන ලියලා. ජය...!

      Delete
    2. කතන්දර පෝස්ට් 2/3ක් අතරට එකක් රිංගවපං...

      හැබැයි උබ කියන කතාවත් හරි.. හිතලා මොනව හරි කරපං සහෝ..

      ජය !

      Delete
  2. ඉදිරියටත් සහයෝගය උපරිමෙන්ම :) ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ඔයාටත් මලේ ජය වේවා....!

      Delete
  3. සරත් මගේ කොමෙන්ටුව උපුටා දක්වපු එක ගැන ගොඩක් ස්තුතියි..
    හැම දේකම අමාරුවෙන් වුනත් හොඳ පැත්ත දකින්න පුරුදු වෙලා ඉන්න නිසා මගේ කොමෙන්ටුව නිසා අපිට කියවන්න තිබුනු වැදගත් ලිපියක් නොලියවෙන එක ගැන දැනුනු කණගාටුව මම අමතක කරනවා..!!

    පෝස්ටු 25ක් ලියන එක ලේසි වැඩක් නෙවි..(අත් දැකීමෙන් කියන්නෙ!!)විශේෂයෙන් තමන්ගෙ අත්දැකීම් ගොඩක් තියන වෙලාවට කොහොමද ඒවා තමන් ගැන නොදන්න අයට කියවන්න පුළුවන් විදිහට ලියන්නෙ..මේ වගේ කතාවකට හොඳ ප්‍රතිචාර ලැබෙයිද..කියලා හිතෙන කොට සරත්ගෙ උත්සාහය ගොඩක් අගය කරනවා..

    ලියන හැමදේටම එකඟ වෙන්න පුළුවන් වුනේ නැතත් හැමදාම මේ පැත්තෙ ගොඩවදින්න බලාගෙන ඉන්නවා..ඉතින් මීට පස්සෙ මගේ කොමෙන්ටු නිසා ලියන්න හිතන් ඉන්න ඒවා ලියන්නැතිව ඉන්න එකක් නැති වේවි කියලා මම මටම ප්‍රාර්ථනා කරගන්නවා..!!(හික්ස්)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ නැවතත් ඔබට..ජය..!

      Delete
  4. දිගටම ලියමු..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අල්ලපු වැටේ පොඩි එකා..! ජයවේවා..!

      Delete
  5. ඒ දවස්වල අයිය මගෙ බ්ලොග් එකේ කමෙන්ට් කළාට ලින්ක් එකක් නෑ නෙ මට ඔයාගෙ බ්ලොග් එක බලන්ඩ... පස්සෙ මං කොහොම හරි වෙන තැනක දැකලද කොහෙදෙ රීඩරේට දාගත්තෙ...
    මං අර බ්ලොග් ලෝකෙ ඉන්න හැමෝටම කරන ප්‍රාර්ථනාව අයියටත් එලෙසින්ම පතනව

    හැට පැණල හොට බිම ඇණිලත් බ්ලොග් ගියන්ඩ හිතේ හයිය ඇති වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා....!!!

      Delete
  6. ලියන්න හිතන් හිටියා කිවුව එකට වඩා මේක හොදයි නේ... සුභ පැතුම් අයියේ..

    නංගි බබා කතාවේ අනිත්වා දානකම් බලාගෙන ඉන්නවා අපි..

    ReplyDelete
    Replies
    1. පාඨක ඉල්ලීම් නිසාම ඔන්න පොඩි කොටසක් දැම්මා..! ජය...!

      Delete
  7. අදයි ආවෙ. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ආගන්තුක සත්කාර බොහොම ඉහලයි අපේ..! සාදරයෙන් පිලිගන්නවා ආයුබෝවන් කියලා..ජය..!

      Delete
  8. එල ඈ....දිගටම ලියමු...ජය වේවා..

    ReplyDelete
  9. ජයවේවා ,දිගටම ලියමු එහෙනම් මේ වගේම ...

    ReplyDelete
    Replies
    1. අනිවා.. යාලු. අනිවා..! ජය...!

      Delete
  10. ඈත්ත, ලිපියක් ලීවම ඒකට වැටෙන කමෙන්ට් මත තවත් එකක් ලියන්න පෙළඹවීමක් ලැබෙනව. කාටත් යථාර්තය ඒකයි. බ්ලොග් කලාවේ සජිවිත්වය පවතින්නේත් එතනයි. ලිපියක් කියවන කෙනාට පොඩියට හරි කමෙන්ටුවක් දාන්න පුළුවන් නම් බ්ලොග් සම්මාන දිදී දිරිමත් කරනවට වඩා සිංහල බ්ලොග් වර්ධනය වේවි.

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....