Sunday, August 19, 2012

කියන කොට නම් අපි වැරදියි... (විදුලිය ගැන)




              උදේම නැගිටලා පුරුදු විදිහට රටේ විස්තර බලන්න හිතාගෙන, වාහිනී ටිකේ තියන නිව්ස් ඇහව්වා. එකෙන් එකට මාරුවෙන් මාරුවට එකම නිව්ස් එක කියවනවා, හැඩකාර ගෑණු දැරිවියෝ. ඉතින් ඕක අපි හැමදාම දකිනවනේ,අහවල් මගුලටද මූ ඒ ගැන පෝස්‍ටු ලියන්නේ කියලා ඔයාලට හිතෙන්නැති. ඔව් මටත් කියන්න කියන්න ඕන ඒ ගැන නෙමෙයි. හරි අපූරුකවි දෙකක් අහන්න ලැබුනා මට ඒ වෙලාවේ. කාලීන මාතෘකාවක් නිසාත් ගෙවල්වල ඉන්න අය හැම වෙලාවෙම මේ වැඩෙන් අපහසු තාවයට පත්වෙන නිසාත් මේ ගැන ඔයාලටත් කියලා ඔයාලගෙනුත් මේ ගැන හිතෙන දේවල් දැන ගන්න හිතුනා. කියවලා බලන්නකෝ මේ මුල් කවිය. මේක ලියලා තියෙන්නේ තලතා මැණිකේ කියලා කෙනෙක්ලු...  

නැලවෙන නමුදු ලොකු උදවිය සැපට   සැපේ  
පෑගෙන එවුන් දුක කියමින් පොලවේ    හැපේ 
මහ රාලගේ දේශන නම් හරිම               ඔපේ  
විදුලිය පැය තුනක් දැන් එක දිගට        කැපේ
             
               මම නම් දන්න දේශපාලනයක් නෑ. ඒත් මට තේරෙන එක දෙයක් තියනවා ඒතමයි ගොනා මාරු වෙලා තිබුනට තවම ඇදගෙන යන්නේ පරණ කරත්තෙමයි කියන එක. මම හැමදාමත් හිතනවා මහ ජනතාව මේ පීඩනයෙන් ගොඩ ගන්න අවංකව වැඩ කරන පිරිසක් මේ රට කරවන අය අතරට පත් වෙන්නේ කවදද කියලා. සමහර අය කියන කතන්දර ඇහෙන කොටමට හිතෙන දෙයක් තමයි ලංකාව කියලා තව රටක් තියනවද කියන එක. ඒත් ගූගුල් දෙයියන්ගෙන් ඇහුවම එතුමා තරයේ කියා ඉන්නේ තාම අලුතෙන් එකක් හොයාගෙන නැතිය තියෙන්නේ අර ඉස්සර ඉදන්ම තිබුනු "ඉන්දියන් සාගරේ මුතු ඇටේ" කියලා විරුදාවලිය ලත් එකම විතරය කියලයි. ඒක ඇහුනම මට අදෝ මුකයෙනුත් හිනා ගියා.
මම එතුමාගෙන් ඇහුවා තවමත් කවුරුහරි ඔය නම කියනවද කියලා. මට හරි අපූරු උත්තරයක් නොවැ එතුමා දුන්නේ.
කියනවා දරුවා කියනවා දැන් උන් තව අයන්න කුත් මුලට දාගෙන "අමුතු ඇටේ" කියලා කියනවා.

හරි ඒවා ඕන නෑ මේ තියෙන්නේ දෙවන කවිය. ලියලා තියෙන්නේ රෝසවතී කිවිදිය 


කරුවල කිය කියා දැම්මත් බොරු       සද්ද  
සන්ධානයත් ඒ ටික කෙරුවේ          නැත්ද  
මුදලාලිලට දැන් බොරවී ඇත          හොද්ද  
ගැල උනෙ විදුලි බල ගරු ඇමතිගෙ  රෙද්ද


මේ දවස්වල ඔය උත්තමයෝ හැමෝම රට වටේ යනවා නෙව.අපේ මහත්තුරු කවුරු හරි තරහ නැතුව පෝස්‍ටුවක ලියනවද ඇත්තටම මේ උත්තමයෝ තවමත් රෙදි අදිනවද කියලා. මම එහෙම කිව්වේ මීට ටික කාලෙකට කලින් එක උත්තමයෙක් අල්ලපු රටටත් විදුලිය දෙනවා කියලා පම්පෝරි ගැහුව බව මට මතක නිසයි. අපේ මිනිස්සු ඉල්ලන්නේ මේක කේතුමතී පුරයක් කරන්න කියලා නෙමේ දුකක් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් රටක් කියලා මේ උත්තමයන්ට තේරෙන දවසක් කවදා එයිද...........................................................................................??????????????????????


මේ කවි දෙක උපුටා ගත්තේ අම්බලමේ කවි මඩුව කියන පුවත් පත් විශේෂාංගයකිනි.

9 comments:

  1. මගෙ කුප්පි ලාම්පුවෙ තෙල්ටික ඉවරයි දැන් මම නවතිනවා !

    ReplyDelete
  2. අපේ රට අපි ජීවතුන් අතර ඉන්න කාලෙදිනම් හැදෙන එකක් නැහැ ...

    ReplyDelete
  3. කෝ හැමදාම කියයි කියලා අපි බලාගෙන ඉන්න කතාව ??

    ReplyDelete
    Replies
    1. මග එනවා මලේ. මග එනවා..........!

      Delete
  4. මචන් "අවංකව" කියන්නෙ මොකක්ද ? මම දන්න විදිහටනම් එහෙම වචනයක් සිංහල භාෂාවේ නෑ..

    ReplyDelete
    Replies
    1. @සෙන්නා,
      ඔය වචනෙ නිකම් “ඇත්ත වශයෙන්ම“ වගේ වචනයක්..!!

      Delete
    2. ඇත්ත වශයෙන්ම උත්තරේ වැරදියි. හොහ්..හොහ්...හොහ්

      Delete
  5. මේ වගේ පෝස්ටු දාහක් ලිව්වත් ඒ මහත්තුරු රෙදි ඇඳගෙන යස අපූරුවට සැප වාහන වල යනවා...

    අනේ මන්ද සරත්!!!

    ReplyDelete
  6. හික් හික්... ස්තුතියි..!!

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....