මේ දවස්වල මම ඉතාම කාර්ය බහුලයි. කියන්නේ රිදෙන්නම වැඩ. බ්ලොග් එක කොටන්න තියා පෝස්ටුවක් කියවන්න කොමෙන්ටුවක් දාන්න තරම් වත් වෙලාවක් නෑ. වැඩ කරන්නෝනේ, ඔන් කෝල් යන්නෝනේ. ඕවා කරලා රූම් එකට ආවම නාලා නිදනවා හැර වෙන යමක් කරන්න අමාරුයි. මැද පෙරදිග ගිනියම් වෙනකොට අපේ තත්වේ ඕකයි. ලොකු පඩි ගැන විතරක්ම හිතලා ආවට මොකද මෙහෙම වෙලාවට ආවේ ඇයි කියලත් නොහිතෙනවම නෙමෙයි. හැබැයි ඉතින් මේවා කියන්න නම් නෙමේ මගේ සූදානම. කාටද ප්රශ්ණ නැත්තේ හැමෝටම තියෙනවා. අපට හරි ප්රශ්ණ කියකිය නාහෙන් අඩන එක මම අනුමත නොකරන දෙයක්. එක දිගට පෝස්ටු නොලියවෙන හේතුව විතරයි මම කිවුවේ. එහෙනම් මම ලියන්නම් අරකතාවේ ඉතිරි ටික.
අර මම කොටු දැම්ම ද්වන්ධ සටනෙනුත් පැය ගනනාවකට පස්සේ එලිඋනා තවත් දවසකට. කටින් නොකීවට පුංචි මනමාලිටත් ඕන පුළුවන් තරම් ඉක්මනට අම්මව බලන්න යන්න කියලා අයියට තේරුනේ උදෙන්ම ලක ලැහැස්තිවෙන එයාව දැකලා. ඇදුම් එහෙමත් මැදලා වෙනදටත් කලින් නාගෙනත් ඇවිත් එයා.
මොකෝ මේ කලබලේ...!
ඇද ලගින් යන පුංචි මනමාලිගේ අතින් අදින ගමන් අයියා ඇහුවේ ඊයේ රෑ කතාව මතකවත් නැති ගානට.
ඔයත් නැගිටලා නාගන්න මහත්තයෝ, අම්මා දවල් කෑමත් හදනවා කිවුවා අපටත් එක්ක.
එයා ඇද ලගටම ඇවිත් එහෙම කිවුවේ සැමියගේ හිසත් අතගගා. මොහොතකට කලින් සීතල වතුරට තෙමුනු අත තාමත් සීතලයි.
ඉතින් මම කිවුවේ හවස එනවා කියලනේ.
අයියා එහෙම කියන ගමන් පුංචි මනමාලිගේ මූණදිහා බැලුවා. වචනේ අහවර වෙන්නත් කලින් බෝල ඇස් දෙකට ලොකු කදුලු කැට දෙකකුත් ඇවිත්.
ආ... මෙන්න මේකි අඩනවා....! මම කිවුවේ එහෙම කිවුවා කියලා විතරනේ. දැන්ම යන්න බෑ කිවුවේ නෑ නේ...අපොයි උඹ නම්....
කියලා පුංචි මනමාලිගේ නිකටෙන් අල්ලලා හෙලෙවුවා. ඇස් අග රැදිලා තිබුනු කදුලු කැටයක් අයියගේ අතට වැටුනේ එතකොටයි.
කෝ... මාත් ටක් ගාලා නාගන්නම්.... දීපං ඔය ටවල් එක...!
අයියා පුංචි මනමාලි දවටන් හිටපු ටවල් එක ගලවගත්තේ එයා තාමත් නාලා ආගමන් බව නොදැන නෙමෙයි. අනපේක්ෂිත සිදුවීමෙන් තම සිරුර සැමියා ඉදිරියේ උවත් නිරාවරණය වීම නිසා ඇය අපහසුතාවයට පත්වුනා. ඒ දුටු ඔහුගේ මුවගටත් මදහසක් නැගුනා. අතරැදි තුවාය පසෙකට දැමූ ඔහු තම සුරංගනාවිය දෝතට ඔසවා ගත්තේ පුලුන් රොදක් තරම් සැහැල්ලුවට. ඊලග සිදුවීම ඉවෙන් මෙන් වටහා ගත් ඇය....
ඒයි හපුට්ටා බිමින් තියපන් මාව තාම නෑවෙත් නෑ මෙයා. යන්නෙයි කිවුවේ නාන්න හ්ම්.....!
ඇයි මට නොකියා නෑවේ...? ඒකට දඩුවමක් දෙන්නම ඕන....!
ආ... මෙන්න වැඩක් කවුද කිවුවේ ඔයාට දවල් වෙනකම් නිදියන්න කියලා..? බිමින් තියන්න මාව මට ඇදුමක් දාගන්න. අනේ මට ලැජ්ජයි...!
ම්හ්... ඒකට නම් තව චුට්ටක් විතර වෙලා ඉන්න වෙනවා බබෝ....!
එසේ කියමින් ඔහු ඇයගේ පිරිපුන්......................
කිරි අප්පේ නැවතත් ඒකමයි... කියන්නේ කොටු කොටු දාන්න වෙනෝ. ඉස්සරලා සිද්දියෙන් පස්සේ මම හිතා ගත්තා ඔයවගේ සීන් වලට මැදිහත් නොවී ඉන්න. කොහෙද මුන්ගේ දාංගලේට මම නොවැ අමාරුවේ වැටෙන්නේ. බ්ලොග් එක කියවන යාලුවොත් කියලා තිබුනා ඔය වගේ අතිශය සංවේදී කාරනා එහෙම ලියනවා නෙමෙයි කියලා පෝස්ටු වල.D:
බැලුවම මේ තරුණ කොල්ලන්ගේ කෙල්ලන්ගේ කතා ලියනවා කියන්නේ හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්නේ. මේ කතාවක් නිසා අනේ අසරණ සරණපාලගේ බ්ලොග් එකටත් කෙලවේද දන්නෑ. නැත්නම් කියනවා බොලවු A to Z සංතෑසියම.
(ඔය කිවට මම කියන්නෑ ඔව්වා.ස්කයිප් ආවම මගේ ඔලුව කාවි මායියා,කුනුහබ්බ ලිව්වා කියලා බ්ලොග් එකේ. ආයේ බත් දෙන්නේ නෑ කිව්වොත් මොන දෙයියන්ට කියන්නද . හා නැද්ද මං අහන්නේ. හිකිස්.. )
හද සුවද මවෙත රදන විහග ගීතයයි
සුව සිහින වැලක මල් පීදෙන කාලයයි
නව යෞවනේ පිපි මල් වනේ
රණ තිසර ලමැද සෙවනේ මධු සාදයයි
පෑ බාගෙකට විතර පස්සේ දෙන්නම ආයේ නාන්න ගියේ දහදියෙන් තෙමුනු සිරුරුත් එක්ක. නාගෙන එනකොටත් දුරකතනය නාද වෙනවා.
නංගි බලන්න කවුද කියලා... !
හෙලෝ....!
කොහෙද ළමයෝ ගියේ, මම කී පාරක් රිංග් කලාද...?
අපි නාන්න ගිහින් හිටියේ අම්මේ. බාර්ත් රූම් එකට ඇහුනේ නෑ ෆෝන් එකේ සද්දේ..!
ඉතින් එන්නේ නැද්ද අද ඔයාලා...? එනවා එනවා..මේ අපි ලෑස්ති වෙන ගමන්..
අප්පේ... කීයට එන්නද දැන් ලෑස්ති වෙලා..
වැඩි වෙලා යන්නෑ කොහොමත් දවල් කෑමට අපි ඔහේට එනවා.. බුදු සරණයි අම්මේ..!
බුදු සරණයි දරුවෝ පරිස්සමට එන්න..!
ඔන්න කෝලං කරන්නේ නැතිව ඉක්මනට ලෑස්ති වෙන්නෝන දැන්. අම්මා අරෙහේ බලා ඉන්නවා හොදේ..!
ඇය එහෙම කිවුවේඇදුම් අදින තමන් දෙස බලා සිටින සැමියා දෙස කැඩපතින් බලමින්.
ඉතින් ඒක තමයි මම කලින්ම ඔයාට කිවුවේ, කෝ ඔයා ඇහුවේ නෑනේ. මෙතන කෝලං කලානේ.
(දැනටත් මෙයාගේ කතා මෙහෙම තමයි;D) දැන් ඉතින් ආයේ ක්රීම් ගාන්නත් වෙනෝ...!
ඔහු එසේ කියමින් එන්චාන්ටර් එක ගෙන ඇගේ සිරුරෙහි තවරන්නට විය.
හහ්... පෙනේද මෙයාගේ කතාව. අපූරුවට නාලා හිටපු මට ආයේ නාන්න වැඩේ කෙරුවේ කවුද දන්නෑ..!
ඉතින් මම ටවල් එක ඉල්ලුවේ නාන්න යන්නනේ. කවුද දන්නේ ඔයා ඉන්නේ******* කියලා. එක්කෝ කියන්න ඕන ඒක මට කලින්. ලස්සණ ගෑණු ළමයි උනාම ඔයිට වඩා ටිකක් පරිස්සම් වෙන්න දැන ගන්නෝන.
හරි හරි දැන් ඒ කතා වැඩක් නෑ.ප්ලීස්.. ඉක්මනට ඇදගන්න.
ඉන්න මම මේ ක්රීම් ටික ගාල ඉවර වෙනකම්.
දැන් ඔය ඇති ගෑවා. නැත්නම් බෝතලේම ඉවර කරයි මෙයා....!
නෑ නෑ තව මෙතන ගෑවේ නෑ...!
දුප්... කීවේ නැහැදිච්ච කොල්ලා...!
මග දිගටත් අවස්ථා කීපයකදිම අම්මා ඔවුන් ඇමතුවාය. ඇයට ඔවුන් දකිනා තෙක් ඉවසිල්ලක් නැති සෙයකි. මහ ගෙදරට ලං වෙත්ම දෙදෙනාගේ හද ගැස්මද වේගවත් සේය. මව තමන් පිලි ගත්තද පියාගේ ප්රතිචාර කෙසේ වේදැයි සිතීම උගහටය. අම්මා ඔවුන්ගේ පැමිනීම අපේක්ෂාවෙන් මෙන් දොර ලග රැදී උන්නාය. ඔවුන් දෙදෙනා ගෙට ගොඩ වත්ම පියාද ඉදිරියට ආවේය.
මතක තියා ගන්න ඕං..! කතාව තවම ඉවර නෑ..!
දන්නවද උඹ හැංගිහොරා ලියන එවුන්ට කැමති නැහැ මම.
ReplyDeleteඒත් උඹ ජීවිතේ රසවත් හැගීම් අනිත් එවුන් කුනුහරප විදිහට බලන කාලෙක හැම දේම කැටි කරලා ආදරේ එක්ක.
ජය සහෝ ! හැමදාම රසවත් වේවා ජීවිතයම !
මොකක්ද එකක් නොකියා කියන්න හදලා යාලු ඔයා. හැබැයි මහත්තයෝ සරා කියන්නේ ගල් පලලා මද කාපු එකෙකුට. චුට්ටක් හිතලා බලපං එහෙම එකෙක් හැංගි මුත්තම් කරයිද කියලා. ජය...!
Deleteකෝ අර ලව් ස්ටොරි එක ??
ReplyDeleteඒ මගේ ජීවිතේ මලේ. ලස්සනට පෙල ගහන්නෝන මට ඒක. චුට්ටක් කල් දෙන්න මට තව. හෙමිහිට කියන්නම් මම ඒක ඔයාලට. ඇත්තටම කාර්ය බහුලයි මේ දවස්වල මම. ජය...!
Deleteමොනාද අප්පා මං කියන්නේ..හැමදාම කවි ලියන්න වැඩේ සලස්සවනේ ඉතින්.. :)
ReplyDeleteකෙතරම් අපූරුද..? ලියන්නකෝ ඉතින්.. ජය...!
Deleteඅයියෝ මේක මෙගා සීරීස් එකක්ද?
ReplyDeleteඅනේ නෑ.ටිකක් දිග කෙටි කතාවක්. මුලු කතාවම එකකට ලිවුවම කියවන්න අමාරුයි නෙව. ඒකයි කෑලි කඩලා පබ්ලිෂ් කොරැව්වේ. ජය...!
Deleteane oya kiyana dewal. ennako gedara alla ganna deno ekak ridennama me wage dewal liyanawata. kawru unath pawne e denna.
ReplyDeleteහික්..හික්...හී...! නැහැදිච්ච එව්වෝ නෙව...!
Deleteඋඹ ලියන විදිහ ලස්සනයි... කියවන්ඩ කම්මැලි නෑ.. ( කොටු දාන එක තමා පුරස්නෙ :-) )
ReplyDeleteදිගටම පලයන්.. ජය !!!
දැක්කා නේද උඩ කොමෙන්ටුව..? බත් දෙන එක්කෙනා තරහ කොරගන්න බෑ මචෝ. ස්තුතියි....! ජය...!
Delete