Friday, June 29, 2012

අමුතු කතාවක් 14 නංගි බබා...

සෞම්‍ය වන්තියේ- සිත සනසනා...
පුණ්‍යවන්තියේ-පින් පලදෙනා...
රූපවන්තියේ-රස කළඹනා...
ප්‍රේමයද මේ කිවමැනා...      
       

               උත්තරයක් නොදී මගේ දිහා බලපු එයාගේ මුහුනේ විඩාවක් සටහන් වෙලා කියලා මට හිතුනා. යන්.. කියමින් ඉස්සර උනු මම ඉස්සරහා තිබුනු කඩයට ගොඩ වැදුනා. එයත් මා පසුපසින් ආවා. මම කෙලවරකට වෙන්න තිබුනු පු‍ටුවකට බර දෙන කොටම එතනට ආව වේටර්වරයෙකුට සිසිල් බීම ගෙන එන්නැයි කිව්වා.
ඉතින්....
එයා දිහා බලපු මම ආයෙත් කතාවට මුල පිරුවා.
අහම්බෙන්වත් අපි මුන නොගැහුනා නම් හොදයි කියලා මට වෙලාවකට හිතෙනවා....!
ඇයි ඒ..?
මේවා මෙහෙම වෙන එක හොද නෑ. අන්තිමට ඉතිරි වෙන්නේ මතකයකුයි කනගා‍ටුවකුයි විතරයි..!
මම කියපු දේට ප්‍රතිචාර වශයෙන් එයා කලේ උරහිස් හකුලපු එක විතරයි.
හැබැයි මේකේ වැරදි කාරයා මම. ..!
ඇයි එහෙම කියන්නේ..?
එහෙම කියන්නේ මමනේ ඔයාට එන්න කීවේ,මේකට මුල පිරුවේ..!
මොකුත් කතා නොකර එයා බලන් ඉන්න නිසාම මම දිගටම කියෙව්වා.
තව දුරටත් මගෙ අතින් ඒ වරද වෙන්නේ නෑ. මොකද ආයේ අපි කවදාවත් මුනගැහෙන්නේ නෑ...!
එහෙම කිව්වම එයා ලාවට වගේ හිනාවුනා.
ඇයි ඔයා හිනාවෙන්නේ...?
නෑ ඉතින් හෙට ගැන අපට කියන්න බැහැනේ, අපි සාස්තර කියන්න දන්නේ නැහැනේ...!
හිසත් ඇලකරලා එයා ඒක කිව්වෙ හරියට දැන මුත්තියෙක් වාගේ, බැරෑරුම් බවකුත් මුහුනට ආරූඩ කරන්. ක්ෂනිකවම වාගේ එයාව හිනස්සන අදහසක් ආවේ  අන්තිම මොහොතෙත් එයාව සතුටෙන් පිටත් කරන්න ඕන කියලා හිතුනු නිසා.
ආ.... ඇයි ඔයාට මම කිව්වේ නැද්ද කලින් මට අනාවැකි කියන්නත් පුලුවන් කියලා...?
හැබෑට....කලින් කියලා නෑනේ, අමතක වෙන්නැති නේද... ?
හ්ම්... ඒ විතරක් නෙමේ, දේවාරූඩයෙන් සාස්තර කීම, මිරිස් ගල් කෙටීම, හිරමන පීරිගෑම, හරක්ට ලාඩන් ගැහීම වගේ දේවලුත් කරන්න පුලුවන්...!
හි හි...හී.. ! එයාට හිනාව නවත්ව ගන්නත් අමාරුයි වගේ.
උඹ ඔහොම හිනාවෙන්නෙපා කෙල්ලේ, මට ලෝබ හිතෙනවා උඹගැන ඒ සිතිවිල්ල වචන කරේ නෑ මම.
ඔයා ඔය හැමදේම කරන්නේ දේවාරූඩයෙන්ද...?
නැතුව එහෙනම්, මේවා එහෙම ආවට ගියාට ගියාට කොරන්න ඇහැක..බොහොම භාරදූර වැඩ ඕං.. සෑස්තරේට අනුකූලව කොරන්නෝන.
එයාගේ හිනාව ආයෙමත් අලුත් උනා. බීම දෙක අරන් ආව වේටර් තැනත් හිනාවෙනවා.
අර ඒ මනුස්සයටත් ඇහෙන්නැති මෙයාගේ විකාර...!
ඉතින් මට මොකෝ... මම බොරුවක් කිව්වයෑ..මම එහෙ ගිහිනුත් පටන් ගන්නවා සාස්තර කියන්න සැටලයිට් තාක්ෂණෙන්. එතකොට කොමියුනිකේෂනුත් හොදනේ.
මේ පිස්සු කියෙව්වා ඇතිදැන් මට පරක්කු වෙනවා...
ඉතින් පරක්කු වෙනෝ නම් ඉක්මනට ඕක බොන්න.
තවමත් එහෙමම තියන බීම එක එයාට ලං කලාමම. එයා ඒක බොන ගමන්ම බෑග් එකෙන් පුංචි පාර්සලයක් අතට ගත්තා.
ම්.. මේක ඔයාට...!
මොකක්ද මේ..?
මමත් නිකා ඉන්න බැරිව ලෙහන්න තියන මල්ල ඔබලා බැලුවා.
ගෙදර ගිහින්ම බලන්නකෝ..
හා.. එහෙනම් මේකත් ඔයා ගන්නකෝ..
මෙතෙක් වෙලා අතේ තියන් හිටපු සමරුව එයා අතට දෙන ගමන් මම කිව්වා. කඩෙන් එලියට ආව අපි ආයෙත් කතා බස් එකක නැගලා නිට්ටඹුවට ආවා.
පරිස්සමෙන් යන්න බුදු සරණයි ඔයාට..!
වේයන්ගොඩ බස් එකකට නැගපු එයාට මම සමු දුන්නා.
ඔයාටත් බුදු සරණයි ගියාට පස්සේ මට කතා කරන්න අයියේ..!
ප්‍රතිචාර වශයෙන් හිස සැලූ මම ආපසු හැරුනා.

ආපසු යන්නට පාර කියනවද දැන් සමු ගන්න ලගයි...
ආයෙත් දවසක අප හමු වන්නට කලපින් මදිද සිතෙයි...

චන්ද්‍රසේන හෙට්ටි ආරච්චි මහත්මයාගේ ලයාන්විත ගීතය හිත ඇතුලේ දෝංකාර දුන්නා. වචන වලට පෙරලන්න බැරි තරම් මහ දුකක් හිත ඇතුලේ තෙරපුනත් අඩන්න අයිති නැ කොල්ලන්ට. කෑගහලා හිනා වෙනවා මිස ලෝකෙටම ඇහෙන්න. හුගාක් හයියෙන් හිනාවෙන මිනිස්සුන්ගේ හිත්වල වැවක් පුරවන්න කදුලු තියන බව මට ආයෙත් පසක් උනා.

                               ###################################

        ඉන් දින දෙකක ඇවෑමෙන් මම විදේශ ගතවූ බවද කාර්යබහුලත්වය නිසාම සියලු දෑ අමතක කොට වැඩෙහි යෙදුන බවද නොකිව මනාය. මාසිතූ ආකාරය නිවැරදිය. මට සියල්ල අමතක කිරීමට හැකිව ඇත. නොවුනත් මා එසේ සිතමි. නිදහස් සිතින් නුපුරුදු පරිසරයක සුපුරුදු ‍රැකියාවේ නියුතු වූයෙමි. මසිතට කිසිදු දුකක් නොවේ. දුකක් පැමිනීමටද අවකාශයක් නොමැත. දහවල පුරාවට මම ඉතා කාර්ය බහුලය.වෙන යම්ම දෙයකට සිත් යෙදවීමට අවස්ථාවක් නොමැත. හවසට මදුවිතය. යනෙන හැම තැනකම ලගින් හුන් මිතුරාය. මෙහිදීද ඔහු මා තනි නොකරනසේය. ඉදින් මදුවිත, ස්තුතියි ඔබට අනේක වාරයක්............
         නිතර මිතුරන් මා ඇමතුවෙහිය. ඒ සෑම විටෙකම ඔවුන් පැවසුවේ ඇය කීප විටක්ම මගේ පැරනි දුරකථන අංකයකට ඇමතූ බවකි. මට යම් තැනක වැරදී ඇත. එය මා ඉදහිට පෞද්ගලික ඇමතුම් සදහා භාවිත කල මගේ ව්‍යාපාර කටයුතු වලට යොදාගත් පෙර ගෙවුම් සබදතාවයකි. ඇතැම් ගනුදෙනු කරුවන්ගෙන් තවමත් මුදල් ලැබීමට තිබූ නිසාවෙන් මම එම අංකය චින්තක ලග තබා ආවේ ඔහුට ඒ මුදල් ලබා ගන්නා ලෙස දන්වාය. ඇය අමතා ඇත්තේ එම අංකයටය. සෑම අවස්ථාවකම ඇය කියා ඇත්තේ මාහා කතා කිරීමට උවමනා බවකි. ඈ මගේ දුරකථන අංකයද ඉල්ලා ඇත. නමුදු මගේ අනුමැතියක් නොමැතිව එවැන්නක් නොකල හැකි නිසාවෙන් මෙතෙක් මාහට පෞද්ගලික දුරකතනයක් නැතැයි ඔවුන් පවසා ඇත. එහෙත් චින්තක හා යුගාන්ත නිතරම ඇයත් සමග වචන කීපයක් හෝ කතා කරන ලෙස නිතරම මට කීවේය. එහෙත් මට මගේ සිතිවිලි වෙනස් කර ගැනීමේ අවශ්‍යතාවක් නොවුනි. කාලයත් සමගම මම අපූරු වෙනසකට බදුන් වෙමින් සිටියෙමි. අතිශය නිදහස් පරිසරයක වුවද මම හුදෙකලා ජීවිතයකට හුරු වෙමින් සිටියෙමි. ‍රැකියාවේ නියුතු වීමෙන් පසු කාමරයට පැමිනෙන මා නැවත එලියට එන්නේ මමෙයා ගෙන් ඇමතුමක් ලදහොත් පමනි. විටෙක ඔහුගේ සොහොයුරියන් පැමිනේ. එහෙත් මට ඒවා මහත් කරදරසේ දැනෙයි. මා ප්‍රිය කරන මිතුරෙකු කාමරයේ සිටිත්දී කුමක් අරභයා බැහැරට යන්නෙම්ද..?
මොනාද බං හැම වෙලාවෙම ගෙයි ගෙම්බා වගේ මේකටම වෙලා රිංගන් ඉන්නේ..?
ඇයි මේකට වෙලා ඉන්නේ නැතුව මම තොපේ මහ ගෙදර යන්නද...?
බැහැලා බලපංකෝ එලියට ටිකක්...!
මොනා බලන්නද බං මේ නන්නාදුනන රටේ මං...?
මොකෝ අපි අදුනන උන් ඉන්නවයි කියලයෑ...
යකෝ මේ මහියංගනේ නෙවෙයි සිංගප්පූරුව, වර යන්න මාත් එක්ක කැරෝකේ එකකට තොට යාළුවෝ සෙට් කරලා දෙන්න කිලෝ ගානක්...!
අනේ පල හු## යන්න . තොට ඔය ජංගි කොට ලොකු උනාට මට ලොකු නෑ...!
මේක ඇතුලේ රිංගන් හිටියා කියලා නිවන් යන්ට බෑ බොල, එතන ජීවිතයක් නෑ. ටිකක් එලියට බැහැලා බලපිය ගිනි වතුර වක්කරලා මැරෙන්නැතුව..!
එතකොට උඹ කියන්නේ ඔය ඩොලර් කොල වලට විකිනෙන කකුල් මුල උඹ කියපු ජීවිතේ තියනවයි කියලද..?
 අනේ පලයන් මාමේ යන්න.. නැත්නම් මම දෝණිලට කියනවා උඹේ අතිවිශිස්ඨ  යෝජනාව ගැන..!
හරි හරි බොට බැරිනම් නිකා හිටපන් මෙතන මාව මරවන්නේ නැතිව...!
හික්.. හික්.. ඔය බහින්නේ පල්ලම් අපූරුවට. ආවා මෙතන මගුලේ යන්න කතා කොරන්න. තනියම හිනාවෙවී මම ආයෙත් කාමරයට රිංගුවා.

                                                           ################

            චින්තක මට නිතර SMSකරලා කිවුවා නංගි බබාට කතා කරන්න කියලා. එයා හුගාක් දුක් වෙන බවත්, මගේ තොරතුරු අසන බවත් ඒවායේ සදහන් උනා.
කතා කරන්න විදිහක් නෑ කියපන් බං...
උඹලටවත් කතා කරන්නේ නෑ කියපන්...!
ඔයා හිතන්නේ එයා බබෙක් කියලද ඕවා පිලිගන්න...!
පිලිගන්නැත්නම් කුද ගහගන්න කියපන්..!
ඉතින් ඔයාම කියන්නකෝ ඕක එයාට, මොකටද අපිව ඉත්තට තියන්නේ..!
කියනවා තමයි යකෝ.. මම කතා කලොත් මේ ප්‍රශ්නේ ආයෙත් මුලටම එන නිසයි උඹට කිවුවේ...!
ඉතින් මට පුප්පන්න එපා ඔයාමනේ කියලා තියෙන්නේ ගියාට පස්සේ කතා කරන්නම් කියලා. ඒකනේ ඒ ලමයා බලා ඉන්නේ. බැරිනම් යන්න කලින් කියලා යන්නෝන මම කතා කරන්නේ නෑ කියලා. එහෙම උනානම් ඒලමයා බලා ඉන්නෙත් නෑ අපට කරදරයකුත් නෑ.
අම්මද බොල මුගේ ‍රැස්පොට්.. මොකටද ඉතින් අත දිග හරියක නෑ නොවැ, මූණ කුඩුවෙන්ඩ දෙන්න. එහෙම හිතපු මම කෝල් එක කට් කරලා නංගි බබාගේ නම්බර් එක ඩයල් කරා.
හෙලෝ...!
හෙලෝ...!
අනේ..... අ.. අයියේ ඔයා...............?
එයාට කෑ ගැස්සුනා. එක වචනෙන්ම එයා මාව ඇදිනුවා.
ඇයි ඔයා මටකතා නොකලේ.............?
සොරි... මම බිසී වෙලා හිටියේ...
ඔයාට මට වචන දෙකක් කතා කරන්න තරම් වෙලාවක් තිබුනේ නැද්ද අයියේ... ?
මම මොකුත් කතා කලේ නෑ. මට බොරු කියන්න ඕන කමක් නෑ. ඒත් මම කියන්න හිතපු කිසි දෙයක් කියන්න මට හිත දුන්නේ නෑ. මට දුක හිතුනා එයාව අඩවන්න. 
                                                                
                                                              ###############

               දන්නවද කාලය ගෙවුනා. ආයෙත් අපි කතා කරන්න පටන් අරගෙන. ඉමක් කොනක් නිමක් නැති අපේ කතා. විරාමයක් ලැබෙන හැම වෙලාවකම IDD CALL සෙල්ලම්ද කොල්ලෝ. දවසක් අපි රෑ කතා කර කර ඉන්නකොට අම්මලට ඇහිලා. මෙයා රහසින් තමයි කතා කරන්නේ හැමදාම මෙයාගේ කාමරේ ඉදන්. කොහොම හරි එදා එයාලට ඇහිලා. ඉතින් අම්මයි තාත්තයි දෙන්නම ඇවිල්ලා බලන්න. මෙයා ෆෝන් එක කොට්ටේ යට හංගලා නිදි වගේ ඉදලා. ඇවිත් බලලා අම්මා තාත්තට කියනවලු,
පව් හීනෙන් කියලා.. !
                  හික් ...අපි නොදන්න මොනරතැන්න. ඔහොම කතා කරපු දවසක අර ඇප්ලිකේෂන් එක බාර ගත්තා කියලත් කිවුවලුනේ. මම නම් දන්නෙත් නෑ මට ඇහුනෙත් නෑ. ඔය මොකද ඔයාල උඩ බිම බලන්නේ, මොකක්ද මේ හරුපේ කියලද..? ඇයි අනේ ඔයාලට ඔය ටිකට අමතක උනාද දවසක් මම එයාට කිවුවේ එයාව කසාද බදින්න මනාපයි කියලා මම. ඉතින් එයාට හිතුනලු මට ඒ පුරප්පාඩුව පුරවන්න අවසර දෙන්න. ඒ කියන්නේ අවශ්‍ය සුදුසුකම් සියල්ල මගේ ලග තිබිලා.
යේ... හුරේ වේවා.. මට ජය වේවා.. !
චැහ්.. දැන්ම උඩ පනින එකේ තේරුමක් නෑ නොවැ. මම තවම මේක දන්නේ නෑනේ. ඔයාලට කියන්න මම ඕක දැන ගත්තේ කොහොමද දන්නවද. දවසක් මට අර ටකරම කතා කොලා නෙව. අනේ අර විස්ස විජ්ජාල ඩයල් එක.
හා..හා අපේ සුභ පැතුම්...!
ස්තූතියි.. ඒත් මක්කටෙයි..?
ඇයි මම දන්නේ නෑ කියලද හිතේ.
අපෝ මම එහෙම හිතන්නේ නෑ, ඔයා හොදට දන්නවා ඇති විස්ස විජ්ජාලේ කිවුවනේ. නොදැන ඉන්නට විදිහක් කොහොමටත් නෑ නොවෑ. පුරස්නේ මමයි දන්නැත්තේ...
නංගි මට කිවුවා ඔයාට කැමතියි කිවුවයි කියලා...!
කැමති ඇති,කැමති ඇති අකමැතිනම් අහවල් එකටයෑ හැම වෙලේම කු‍ටු කු‍ටු ගාන්නේ.
අනේ නෑ අනේ .. ඔයාට ආදරෙයි කිවුවලු.
හෑ බො..බො..බොරු කියන්නෙපා කෙල්ලේ මම පපුවේ අමාරු කාරයා මෙතන කූරියා ගැහුවොත් ආයේ දෙකහමාරක් නෑ ගෙදර ගේනකොට මාළු කරවල වෙලා.
හි..හි..හී බොරු නෙමෙයි අනේ මම දන්නවා.
ඔය කිව්වට මට ෂුවර් නෑ. දෙනවා ඕක නංගි බබාට.
හෙලෝ...
ආ.. නංගිබබා මොනාද අර මැට්ටි කියන අපබ්‍රංශ.
අනේ ඉතින් මම එයාට කිව්වා.
මොනාද..?
ඔය ඉතින් ඔයා මට විහිලු කරන්නයි හදන්නේ...!
හෝව්..හෝව් ඔයා ඔය ඇඹරෙන්නේ ඒ කතාව ඇත්ත නිසාද...?
හ්ම්...!
යෙස්... හරියටම හරි අන්න හිතට ඇල්ලුවා. ඉතින් මට ජොලි නැද්ද... අඩේ දැනුත් නැ‍ටුවෙ නැත්නම් ආයේ කවද නටන්නද..? මම නටනවා.. යේ......!

මෛ ඉස්සෙ මුහාබ්බත්  කර්තාහූ...
මෛ ඉස්කේ ප්යාර්මේ පාගල් හූ....//
හෛ යාර් මෙරේ zසින්දගී සේ මිලෝ.....//  

                                                                    #################  

           ඕන්න ඔය විදිහටයි මාස ගනනාවකට පස්සේ අපේ ආශ්‍රයට නමක් ලැබුනේ. තේරුමක් නෑ කියලා දැනුනට කමක් නෑ. ඔයාලා බලාපොරොත්තු වෙන දේවල් හැම එකක්ම වගේ එයාලාගාව තියනවයි කියලා දැනෙනවනම් හැගෙනවානම්, ඔයාල බලා ඉන්නවා එයාලා වෙනුවෙන් කියලා එයාලට අගවලා එහෙමත් නැත්නම් කෙලින්ම කියලා තීරනය එයාලට බාර දීලා සාමාන්‍ය විදිහට ඇසුරු කරන්න. කිසියම්ම මොහොතක ඔයාලා හිතන්නේවත් නැති විදිහට එයාලා ඔය ආදරේ පිලි ගනීවී. හ්ම්හ්.... කතාවෙන් කතාවෙන් කියන්න හදපු දේ අමතක උනා නෙව. දවසක් මම එයාට කෝල් කලා සිංහල අවුරුදු දවස් වල. මතක විදිහට අප්‍රියල් 12 වගේ.
කොහොමද නංගිබබා.
හ්ම් හොදයි අපි අවුරුද්දට කොකිස් බදිනවා.
ෂහ්... නියමයිනේ ඒත් ඉතින් අපට කොයින්ද බූල් බල්ලෝ.
ඇයි ඔයත් ආසයිද කොකිස් වලට...?
හ්ම්...!
දෙන්නද එකක්. දෙන්න, හැබැයි කොයන්න අහක් කරලා.
මොකක් ...?
මම වැඩියෙන්ම ආස කොයන්න අහක් කරපුවට නිසා එහෙම එකක් දෙන්න කිවුවා.
හහ්... හිතේ ඇති...!
අපොයි මොකෝ නැත්තේ..?
ඈහ්... එව්වට නම් නාලා එන්න වෙයි මූදු හතෙන්.
හොහ්..හොහ්..හොහ්.. !
මොකද හිනාවෙන්නේ...?
හිනාවෙන්නේ නෑ මට හිනායනවා,ඇයි බං මූදු හතෙනුත් නෑවට පස්සේ මොකටද ඔයා වගේ කිලු‍ටු කුමාරියෙකුගෙන් උම්ම්මා ගන්නේ ඇනා කර්නිකෝවාගෙනුත් ගන්න බැරියෑ..!
කවුද ඇනා කර්නිකෝවා කියන්නේ.
ඇයි ගෙම්බියේ එයා ලෝකේ සරාගීම නිලියක්.(එවකට)
ඉතින් ගන්න එකනේ ඇත්තේ  කවුද අල්ලන් හිටියේ.
ගන්නවා තමයි...!හික්...!

ගෙහුන් එන්නම් ආයිබොවන්...!

20 comments:

  1. නංගි බබා රට යන්න කලින් දීපු පාර්සලේ මොනවද තිබුණේ ??

    ReplyDelete
    Replies
    1. පුන්චි බෝනික්කෙක්. ලස්සන දම් පාට ගව්මක් ඇදපු රන්වන් පාට කෙස් තියන කොන්ඩ කරල් දෙකක් බැදපු ලස්සණ බෝනික්කෙක් . එයා දැනුත් ඉන්නවා අපි ගාව. නම පියුමි..! ජය...!

      Delete
    2. එතකොට නංගි බබා අයිය බබාට දුන්නේ බෝනික්කෙක් ?

      Delete
    3. කවුද බොල කිව්වේ මම බබා කියලා...?

      Delete
  2. ඇත්තටම අයියේ කාලෙකින් අසාවෙන් කියවන බ්ලොග් එකක් :) :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ.... ගොඩාක් ස්තුතියි....! ජය...!

      Delete
  3. අද කතාව ටොප් එකේ ටොප්.. එල..

    ජිවිතේ හැම දෙයක්ම ඇත්ත ආදරේකට යට වෙනවා අයියේ..ඇත්තටම ඇත්ත අපුරු ආදරේකට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි....! ඈ.. අද මේ ළමයා ටිකක් ප්‍රමාද වෙලා. පහුනු දවස් දෙක තුනේ වැඩිපුර මේ සාවියේ හක්කලං කොරනවා ඇහැ ගැහුනෙත් නෑ. මක්කෙයි දරුවෝ අසනීපෙන් වත්ද...?


      (ජිවිතේ හැම දෙයක්ම ඇත්ත ආදරේකට යට වෙනවා අයියේ..ඇත්තටම ඇත්ත අපුරු ආදරේකට...)
      ඇහුවට තරහ වෙනවා නෙවෙයි ඕං, මේ ටික කිව්වේ අත්දැකීමකින් වත්ද..? ජය....!

      හික්..හික්...හික්...!

      Delete
    2. muladi hithune na apata mehema adare karanna puluwan athi kiyala. aththatama lassanai ape kathawa. aye kiyawanakota hithenawa apida me kiyala.

      Delete
    3. @නංගි බබා : මටත් එහෙම හිතෙනවා ඇත්තටම ආයේ හිතද්දි එ අතීතේ එහෙම්ම මතක් වෙද්දි මටත් හිතෙනවා මේ මමද කියලා මේ අපිමද කියලා...ජිවිතේ මට දුන්නු ගොඩක් දේවල් එක්ක බලද්දි මට ජේසු දිලා තියෙන වටිනාම දේ මගේ ආදරේ..අම්ම්ලගේ ආදරේ සුලු කරලා නම් නෙමේ මේ කියන්නේ..එත් ඉතින් මට තියෙන්නේ අමුතුම කතාවක් නේ..එකේ වටිනාකම බලද්දි එ ආදරේ තමා මට මහ ගොඩක් වටින්නේ..ඔයා ගොඩක් වාසනාවන්තයි නංගි බබා අවංක ආදරයක් හිමිවිමත් වාසනාවක් අද කාලේ... :)

      @සරා අයියේ දැන් අහන්න මේකත් අත්දැකිමෙන්ද කියලා..අවුරුදු පහක අත්දැකිමෙන් කියන්නේ...හෙහේ එ වගේම ප්‍රථම ආදරය ජය ගැනිමෙන්...:)

      Delete
    4. ඒ කතාව දැනගත්තේ අද නෙව. ඒ කියන්නේ සමගාමී විකාශනයක් ඈ. අපෙත් මේ ගෙවන්නේ පස්වෙනි අවුරුද්ද නංගෝ. අනේ වාසනාවන්...!

      Delete
  4. අදින් කතාව ඉවරද? නෑ නේද?

    ආදරේ කොච්චර අපූරුද කියලා හිතෙනවා නේද ආපහු වුනු දේවල් අකුරෙන් අකුර ලියද්දි..
    සුභ පැතුම් දෙන්නටම..

    ReplyDelete
    Replies
    1. අනේ නෑ, ඊට පස්සෙත් හරි හරි වැඩ උනානේ. ඒ උනත් තබුක් ලයිෆ් කතා මාලාවත් ලියන්න ඕන. හිතලා බලමු. ඊට පස්සේ මොකද උනේ කියලා බලන්න ඕනම නම් ලබන සතියේ බලන්න.

      කුරුලු ගීත විය ජය මංගල ගී..
      කුරුලු කැදැල්ලකි පුංචි පැලේ..
      දෝර ගලා.... දෝර ගලා කරදර ආවත් ඉදිමු එදා මෙන් වෙනස්නොවී....

      අපි දෙන්නම හිතන්නේ එහෙමයි හැමදාමත්...ජය...!

      Delete
  5. ඉතින් කොයන්න අයින් කරපු කොකිස් හම්බුනේ නැද්ද? :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හිකිස්.... ඕම ආන්ඩ එපා ඕයි...! හික් .. මට ලැජ්ජත් හිතෙනවා අයියෝ..!

      රජතුමෙනි ඔබට ජය...!

      Delete
  6. උඹ ලියන්ඩ ගත්ත බවක් මම දන්නෑනෙ... බන්.. මට ඔක්කොම මිස්වෙලා.. ඔන්න ඇඩ් කරගත්තා බ්ලොග් රෝලට.. අද ඉඳන් එන්නම් කියවන්ඩ..

    ජය !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා, මම බ්ලොග් අවකාශේ ඉන්නතාක් කල් මතක තියේවි මට උඹේ පලවෙනි කොමෙන්‍ටුව. ජය...!

      Delete
    2. මේකනෙ බන් පළවෙනි කමෙන්ටුව.. මේකෙ මොකක්ද තියන විශේෂත්වය.. ?

      Delete
  7. පරක්කු උනා සොරි ඈ...
    ආ..එළ ඈ...

    ReplyDelete
  8. patta pata pata ubage kathawa lassanayi wagema ubala dennatama subapathanawa bokkenma machan nahetanahana mage pissu jeewitheth ada me wage lassana kathawak nisa sathutin pirila........ ubalage paththen (rathnapuren)apu pissuma pissu kellek nisa jeewitha kathawa aluthen liyana Nittambuwe inna kollek machan mama ..... ayeth parak ubala dennata subapathanawa machan mama

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....