Thursday, May 10, 2012

අමුතු කතාවක් 4 නංගි බබා

පිය නගනවා නොවේ පා ගැටේ මාවතේ...
ලොව නැවතිලා වගෙයි නීරසයි ජීවිතේ....
තව හිතන්න කිසිවක් විහගුනි නෑ මගේ හිතේ..
තෙපිත් ඉගිලියව් අහසට නොසිට කෑ පතේ.. 




                                                       කවුරු දන්නවද,කොහෙන්ද,කව්ද,කින්ද මන්ද? වෙලාවත් රෑ දහයට කිට්‍ටුයි.කතා කරලා වැරදීමක් කීවොත්..? බොටත් වරදින්නේ රෑ ජාමෙටද කියලා කුනුහබ්බ දෙක තුනක්අහගන්නවෙයි. පිරිමියෙකුට නම් මොනා හරි කියලා ෂේප් වෙන්න ඇහැකි,මේ ස්ත්‍රී පරානයක්නේ. 'අනිවා'කියන්නෙම කුප්ප කමටයි කොලේ කියලා. හිත හිතා ඉන්න කාලයක් නෑ, කෝ මේකේ පවර් බට්න් එක.ම්හ්.. ඔක්කොම එකම විදිහ නෙව.ගලවනවා බැටරිය.හුරේ... මම බේරුනා...! ඇති යන්තම්.. කෝ යකෝ මගේ සිගරට් එක? තියනවා,තියනවා ඈස්ට්‍රේ එක උඩ. ඒකත් අතට අරන් මම ආවා බැල්කනි එකට ,වාඩි උනා පු‍ටුවකින්.    හයිලෙවල් පාර ටිකක් නිහඩයි දැන්.වාහන ටික ටික අඩු වෙමින් යනවා.පාර එහා පැත්තේ තියන සලාව කැම්ප් එක හද එලිය නිසා දවල් වගේම හොදට පේනවා. මම ආයෙත් කල්පනා කලේ මොහොතකට කලින් උනු සිදුවීම ගැන.යකෝ කවදාවත් මෙහෙම සීන් එකක් වෙලා නෑනේ.කොහොමද පිලිවෙලටම නම්බර් එකක් ඩයල් උනේ? ඒකත් ගෑනු පරානෙකට.සමහරවිට කලින් ඩයල් කරලා තිබුන එකක් රීඩයල් උනාද දන්නේ නෑ. කොහෙද ඉතින් සිහියක් තියන එකක්යෑ.කන පැලෙන්න බීලනේ.
කව්ද...මම බීලා..? නෑ ..කව්ද කියන්නේ..?
යකෝ වයිට් ලේබල් දෙසීයක් දැම්මා ...! ඕකට බීලා කියලා චෝදනා කරන්න පුලුවන්ද?
නෑ මං අහන්නේ ඒක සාධාරනද...? අනික මම ඔහොමද බොන්නේ...?
කනමදයා වගේ බීලා මම කීදවසක්  බයික් එකෙන් ගෙදරට යන පාර අහලා තියනවද....?
හුගක් දවසට මමයෑ බයික් එක ගෙදර ගේන්නේ,බයික් එකනේ මාව එක්කන් එන්නේ.
ඒ ඇවිල්ලත් කෑම පැකට් එකත් අරන් ඇදට ගිහින් කෑම එක ලොකු කොට්ටේ උඩින් තියලා,මම පොඩි කොට්ටෙට  වෙලා කීදවසක් නම් නිදාගෙන තියනවද....?
එහෙම බැලුවම මේක මොන බීමක්ද...? හාං..නැද්ද මං අහන්නේ...?
මං බීලා නෑ..මේ හොදට ඉන්නේ.!හැබැයි පු‍තෝ මම ආයේ නම් අර ෆෝන් එක ඔන් කරන්නේ නෑ.
මට බෑ ගෑනුන්ගෙන් බැනුම් අහන්න.අදට වැඩ ඉවරයි.මම නිදා ගන්නවා දැන්.
සරත් අයියේ...සරත් අයියේ..!
මොන හුහ්... ක්.කව්ද යකෝ.ව්..?
මම,මම චින්තක..! ඇයි.. තොට ගුල්මයා ගහලද මට ඇහරවන්නේ මේ රෑ..?
කෑවනම් බීවනම් නිදා ගනින් බං වදනොදී...!
ඇයි වදේ යන්තම් ඇහැ පියාගන්න හැදුවා විතරයි මේ හෙනහුරා බෙරිහන් දෙනවා කනගාව. ඈහ්.. මූ මෙච්චර වෙලා මෙතන හිටියේ නෑනේ.. කොහොමද ඇතුලට අවේ හතර කොනම වහලා තියෙද්දී. කිව්වේ නෑ. එහෙම හිතුවා මම.
රෑ.. රෑ කොහෙද දැන් උදේ නමයත් පහු වෙලා.මට පේන්නේ මෙයා ඊයෙත් ගහලා වගේ කරටි කැඩෙන්නම. ඒකයි දොර ජනේලුත් හායි ගාලා ඇරල දාලම නිදාගෙන තියෙන්නේ.
ඌ ආයෙත් කියවනවා.
ඈහ් ...දොර ජනේල් ඇරලා මම.. මම? උබට පිස්සුද..?
පිස්සු..? පිස්සු කාටද නම් මම දන්නැහැ,මේ බයික් එකේ යතුර.මේක යතුරු කටේමයි තිබුනේ මම අරන් ආවා. ඒමදිවට කෑම එකත් තාම බයික් එකේ එල්ලෙනවා...!
අපොයි අම්මේ උදේ පාන්දරම මුගේ අඩවැඩියාව.මොකට මේවගේ සහෝදරයෙක් හම්බ උනාද මට. මම නැගිටලා ගිහින් සෙට් එක ඔන් කරා. 
ගැලූ දියකද හැපී බිදුනා තිසාවැව් බැම්මේ...
ඉතින් නුබ නෑ මමත් හෙට නෑ තිසා වැව් ඉවුරේ.....
ඔයා ඔය කිට් එක පිටිම්මද නිදා ගත්තේ.....?
නොද්දකින් .. මූත් මගේ පස්සෙන්ම එනවා නෙව.
ඇයි මේකට මොකද වෙලා තියෙන්නේ..?
නෑ මොකුත් වෙලා නෑ .. ඒත්  ටයි එකකුත් දාගෙනම නිදාගෙන තිබ්බානම් හොදා කියලා හිතුනා.
හරි යන්නේ නෑ. මම තවත් මෙතන හිටියොත් මූ ගුටි කනවා මගෙන් උදේ පාන්දරම.ආයේ දෙකක්  නෑ  ඒකේ.ඊට මීට වඩා හොදයි මම ගිහින් නානවා.එහෙම හිතපු මම ටවල් එකත් කරට දාගෙන රිංගුවා බාත් රූම් එකට.
ගෙහුන් එන්නම් ආයිබොවන්...!

6 comments:

  1. නාපු එක ගැන නම් සතුටුයි.. :)

    පස්ටම සිංදුවකින් පටන් අරන් තිනේනේ. සෑමාට ගීතයේ මුල මතක නැති හැටි.. :(

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ
      සිත අතරමං වෙලා...

      Delete
    2. ඔය දීලා තියෙන්නේ උත්තරේ හරියටම.ජීවිතේ නන්නත්තාර වෙලා උන්නු අවදියක මම පුදුම තරම් ආස කල සිංදුවක් ඔය.ජය...!

      Delete
  2. හොදයි ඈ....ඔහොම යං...

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකක් දැක්කම හිතට දැනෙන ගතිය....! විදින්න මිස කියන්න දැනුමක් නෑ මට මචංලා. ජය...!

      Delete
  3. මොකක්ද දාගෙන හිටිය කිට් එක ???

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....