Thursday, May 31, 2012

අමුතු කතාවක් 8 නංගි බබා...

මල වටේ නිරතුරා ඇසෙනා ගුමු ගීත...
සිතමගේ සසලවා සිතුවිලි අවුලාද...
දුර ඉදන් රස විදින මේ පෙම හරියාද...
මට කියන්නම වෙයිද නුබ සිත හදුනාද... 


                     පසුගිය දේවල් මෙහෙම ලියනකොට හිතෙනවා නේද මේකත් ප්‍රබන්ධයක් කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි. මේ ලියන සිද්දීන් පෙලත් එක්ක මම නැවත ඉපදුනා කීවොත් ඒක බොරුවක් නෙමේ. ඒනිසාම ගෙව්නු කාලය තුල සිදුවුනු ඉතාම සුලු සිදුවීම් පවා මට හොදට මතකයි. හරියට වීඩියෝ දසුන් පෙලක් වගේ. තප්පර,විනාඩි,පැය දවස් විදිහට කාලය ගෙවෙන කොට අපි හරිම ඉක්මනට යාලුවෝ උනා. අපි නිතරම කතාකලා. සමහර වෙලාවට පැය ගනන්. එයා ගැනත් විස්තර ටිකක් අහගත්තා මම ඔය අතරවාරේ. උසස් පෙලින් ඉගනීමට තිත තියපු එයා මේවෙනකොට පරිඝනක පාඨමාලාවක් අපේ භාශාවෙන් කියනවානම් කොම්පියුටර් කෝස් එකක් කොරනවලු. පවුලේ බාලයා උනු එයා අම්මයි තාත්තයි කිරිඅම්මයි ගෙදර ඉන්නේ.මාත් එක්ක කතාකරන හැම වෙලාවෙම මොනා හරි විහිලු කතාවක් කියලා හිනස්සන නිසාමද කොහෙද එයාමට නිතර රිංග් කලා. හැබැයි ඉතින් කෝල් ගන්නෝන මම.(අයියෝ සල්ලි.) මේ බ‍ටුඇට වගේ කෙල්ලන්ට කොයින්ද ෆෝන් වලට දාන්න සල්ලි නේද. නොමිලේ ලැබෙන ආතල්නේ කියලා වෙන්නැති වෙලාවක් අවේලාවක් නැතිව එයත් රින්ග්කලේ. එක දවසක්මම.............. 
මට ඔයාව බලන්නෝන...!
ආ.. ඇත්තද. එහෙනම් අපේ ගෙදර එන්න..!
හාං.. ඇඩ්‍රස් එක හරි එන විදිහහරි කියන්නකෝ.
ඇයි එන්නද...?
(ඕං මට තද වෙනවා.) හෙලෝ මේ.. තමුන් මම කවුරු කියලද හිතාගෙන ඉන්නේ..ආ..! දැන් කියනවා එන විදිහ.පැය තුනක් යන්න කලින් මම ඔතනට එන්නම්.
ආපෝ... මෙයාට ඩෝං යන තරම්.
මම විහිලුවක්නේ කරේ.
විහිලුවටවත් මට චැලේන්ජ් කරන්නෙපා නංගි බබා.කවුරුහරි එහෙම කලොත් ඒ බැහැයි කියනදේ මම කරලම පෙන්නනවා.
හරි ඉතින්, සොරි සොරි..!
දැන් නම් සොරි කියලා හරි යන් නෑ.දඩුවම් විදින්නම වෙනෝ....!
ඒ මොකටද..? කරපු වරදට..!
ආං.. මෙයා ලග මාර නීති තියෙන්නේ හරි මොකද්ද දඩුවම..?
මාව මුන ගැහෙන එක..!
විකාරද ඔයාට..!
ඇයි..?
මම කොහොමද ඔයාව මුන ගැහෙන්නේ..?
මම අහන්නේ ඇයි බැරි කියලා..?
අනේ තරහ වෙන්නෙපා අයියේ, අපි ගෑණු ලමයි ඔයාලට වගේ අපිට අවිදින්න යන්න අවසර නෑ..!
තමුන් ආයෙත් මාව යකා කරවන්නයි හදන්නේ. ඇයි තේරුම් ගන්න බැරි මම කියපු සරල වචන වල අර්ථය.?
හරි මොකක්ද ඔයා කිව්වේ...?
නෑ ඕන්නෑ.. මම දුරකථනය විසන්ධි කලෙමි.
සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..
වැහි වලාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ..
සිත නතර වී ගියත් එදාදු‍ටුව හීනයේ..
නෑ ලතැවුලක් මගේ චන්ද කින්නරාවියේ..
ඒ මගේ රින්ග් ටෝන් එක. එයා කෝල් කරන්න හදනවා. ඒඋනාට දැන් මට තරහා ගිහින්නේ. මම ආන්සර් කොරන්නෑ. ආයේ රින්ග් කරනවා.ආයෙත්. බැරිම තැන එස් එම් එස් එකක්.
අනේ අයියේ තරහ ගියේ මගේ වරදකට නම් මට සමාවෙන්න. මට කා එක්කවත් තරහා වෙලා ඉන්න බෑ. මට දුකයි එතකොට. හොද අයියා වගේ මට කියලා දෙන්නකෝ. ඔයා කියපු දේ මට නොතේරුනු නිසානේ එහෙම ඇහුවේ.බුදුසරනයි.
(අපරාදේ කියන්න බෑ මට ඔරොප්පු උනු වෙලාවට අදටත් මේ වචන සැට් එක ඔටෝම ප්ලේ වෙනවා) ඔන්න මම මෝඩයා වෙනවා.ගන්නවා කෝල් එකක් ආයේ.(බය නැතුව ඇත්ත ලියන්න පුලුවන්. වැකේෂන් එකට තව අවුරුද්දක්ම තියෙනවනේ.හික්.. හික්..)ඒ කාලේ වෙනකොට  එයාට ඕවා මතක නෑ.
හෙලෝ...
මම ඔයාට කීවේ නෑනේ මාව හම්බ වෙන්න එන්න කියලා. අනික දැකලවත් නැති එකෙක්ව මුන ගැහෙන්න එනවානම් එහෙම කෙල්ලෙක් එක්ක මම කතාකරන්න වත් කැමති නෑ.ගෑණු ලමේකුට එහෙම තුට්‍ටු දෙකේ යෝජනාවක් කරන්නෙත් නෑමම.
එහෙනම් ඉතින් ඔයා කිව්වේ.....
පොඩ්ඩක් ඉන්න මම කියලා ඉවර නෑනේ. ඔයා ක්ලාස් එනවනේ,මට ඔයාගේ ක්ලාස් එක තියන තැන කියන්න.මම ඒ ලගට ඇවිත් ඉන්නම්. මට ඔයාව අදුනගන්න පුලුවන් විදිහක් විතරක් කියන්න. කතා කරන්න ඕන නෑ. ආවා ඔයාවදැක්කා ගියා, එච්චරයි.ඕකේ.
අනේ මට සමාවෙන්න අයියේ.. මම ඔයා ගැන වැරදියට හිතුවට.අපේ ක්ලාස් එක නම් තියෙන්නේ නිට්ටබුවේ.ඒත් එතන ඔයාට ඇවිත් ඉන්න තැනක් නෑ. අනික මගේ යාලුවොත් එතන ඉන්නවනේ.
අම්මපා අනින්න හිතෙනවා ටොක්කක්..
ඔය ඉතින් ඉන්නකෝ කියනකම්.. ඔයා ටව්මට එන්න. අපි කොහොමත් බස් එකේ නගින්නේ ටව්මෙන්නේ. ඔයාවත් බලලම බස් එකට නගින්නම්.
(අම්මට හුඩු. දුවන බල්ලට උම්බලකඩෙන් ගැහුවා වගේ)ඕකේ කවදටද..?
අපේ ක්ලාස් දවසට බදාදට.
ම්.. බදාද කියන්නේ හත් වෙනිදා හරි ක්ලාස් ඇරෙන ටයිම් එකට මම නිට්ටබුවේ හරි..
හරි හරි ආපෝ ඕකටනේ මට ඔච්චර ගෙරෙව්වේ.
මේ මේ රෝන්ග් ටෝක් එපා හරිය ගොරවන්න විතරක් නෙවි හපාකන්නත් දන්නවා මම.
අපොයි ඔව් මට හිතාගත්තැකි.ඒඋනාට තරහ ගියාම ඔයා හරි නපුරුයි.
හරි හරි ඒවා අමතක වෙන්නත් එක්ක මම කතාවක් කියන්නද.?
හාං........   
ගෙහුන් එන්නම් ආයිබොවං...!


දන්නවනේ,සුද්දන්ට නැග්ගහම අපට වගේ නෙමේ..!
නංගි බබා 9න්...

15 comments:

  1. බස්හෝල්ට් එකේදි අර සිංදුව කියයිද?

    දන්නවනේ පුන්සිරි මාමාගේ සිංදුව.. ජය !

    ReplyDelete
    Replies
    1. ඕනම නම් කියන්නම්. හැබැයි එදානම් කීවේ නෑ ඕං. ජය...!

      Delete
  2. //දන්නවනේ,සුද්දන්ට නැග්ගහම අපට වගේ නෙමේ..! //
    සහතික ඇත්ත.... :-)

    අදමනේ ආවේ... අනිත්වත් නිවාඩුව කියවලා එන්නම්.

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පිලිගන්නවා සාදරයෙන් සරාගේ ලෝකෙට. ජය...!

      Delete
  3. ඇත්තටම අමුතු කතාවක්..
    සතුටුදායක අවසානයක් තියන නිසා කියවන්න බය නෑ..

    ReplyDelete
    Replies
    1. ඉතින් පිලිගන්නම් සාදරයෙන්. හිමිහිට කියන්න වෙලා තියෙන්නේ මගේ කාර්ය බහුලත්වය නිසා.සොරි වෙන්නෝන ඒකට. ජය...!

      Delete
  4. ඔන්න මාත් ගොඩ වැදුනා...මුල ඉදන්..මුල ඉදන් කියවන් එන්නම් මේ කතාව..

    ReplyDelete
  5. සලාං ඔන්න ඔක්කොම එක හුස්මට කියෙව්වා..මරු ශෛලියට ලියනවා :) ලියන්න ලියන්න.. අපි එන්නම් බලන්න..කියවන්න..

    ReplyDelete
    Replies
    1. ඔයාව අදහන්න වටින කෙනෙක් නොවැ. විනාඩි 33ක් හුම්ම ගන්නේ නැතිව ඉන්න පුලුවන් සාස්තරේ මටත් උගන්නන්නකෝ.ප්ලීස්..ප්ලීස්. (විහිලුවට..හික්) ජය...!

      ප/ලි සාදරයෙන් පිලිගත්තා කිව්වා ඔයාවත් සරාගේ ලෝකයට..

      Delete
  6. මේ කොල්ලගේ හරි ගණන් නොවැ :D

    ReplyDelete
    Replies
    1. මෙන්න මට තවත් යාලුවෙක්. ආයිබෝං කිව්වා එහෙනම්. ඒ ගැංග්ස්ටර් දැන් කොහේද නෑ යාලු.බබාලැයි අප්පච්චිනම් ඇල්වතුරත් නිමලයි බොන්නේ.හික්.. ජය...!

      Delete
  7. ඔන්න අපිත් ආවා සරාගේ ලෝකෙට. නිවාඩු පාඩුවේ පැල් බැදගෙන කියවන්න ඕන නංගි බබාගේ කතාව වත් ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ආයිබෝන් කිව්වා රෙප් මහත්තයා. ටිකක් දිගවෙයි ස්ටෝරිය අවුරුදු 5ක මතක නොවැ. ජය..!

      Delete
  8. හිකිස් මමනම් එන්න පරක්කු උනා...ඒත් මග අරින්න බෑනේ....පරක්කු වෙලා හරි ආවා...

    ReplyDelete
    Replies
    1. මක්කැයි වෙන්නේ සහෝ. එන එක නොවැ වටින්නේ. ජය...!

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....