Tuesday, May 22, 2012

අමුතු කතාවක් 6 නංගි බබා...

සද වගෙයි තනි මගේ නුබෙ ඉක්මන් ගමන...
දුර ඉදන් මම දකිමි ඔය නුවනග බැල්ම...
නෙතු ලගම මුනගැසේ මම පසුබා සිටින...
මට බයයි මම සැලෙයි ලග ඉදුවර නයන...




                      එහෙමයි කියලා මහා පතරංග ජාතකේ වගේ සේරම දේවල් මෙයාට කීවොත් නම් සරෝ උබ ඉවරයි.මගෙ හිත මට එහෙම කිව්වා. පුංචි විහිලුවක් කරලා මේ ගෑනු දැරිවිව නලවලා තියන්නෝන. විස්තර කියලා ගුටි කනවට වඩා ඒක සනීපයි.
මම අවිස්සාවේල්ලේ මිස්.නම නම නම් සියදෝරිස්, ගමේ උන් ආදරේට පැනියා කියලත් කියනවා...!
හි...හි...හී...! 
එහා පැත්තෙන් මට ඇහෙනවා එයා හිනාවෙන හඩ. ඒත් මම දිගටම කියවගෙන ගියා.
ඉන්න තැනවත් කඩේ නම වත් කියන්න බෑ මිස්.ඔයාගේ අයිති කාරයෝ ඇවිත් මට ගැහුවොත්.? අම්මා තාත්තාවත් ලග නැහැ මාව බේරගන්න..!
අනේ අනේ මේ..අපි එච්චර නපුරු මිනිස්සු නෙමේ..!
එහෙමද .. අහන්නත් සතු‍ටුයි. ඒත් ඉතින් සිංහල කියමනක් තියනවනේ කට හින්දයි මාලුවා නහින්නේ කියලා. මොකටද නිකම් කියවලා බත් කන්න තියන දත් ටික නැති කර ගන්නේ. 
හි...හි.. හී...!
එයා තවමත් හිනා වෙනවා.
ඔයාගේ කතාවලට හිනාත් යනවා අයියෝ..!
ඉතින් හොදයිනේ මිස්. හිනාවෙන එක කොච්චර හොදද.. ඔයාට ආයේ හිනාවෙන්න හිතුනොත් මේ නම්බර් එක ඩයල් කරන්න. එහෙනම් මම තියනවා මිස්.
හොදයි බුදුසරණයි..!
බුදුසරණයි මිස් ඔයාටත්..!
මම දුරකථනය විසන්දි කලා. හිත ඇතුලෙන් මෝදු උන අමුතු සතුටක් හිත පුරා දෝර ගලනවා වගේ දැනෙනවා.අපරාදේ ඉක්මනට තිබ්බේ. වල්පල් කියෙව්වා මිසක නමවත්  අහගත්තයෑ. හ්ම්.. ඇහුවා නම් කියයි බොට මේන් කියලා. ඇයි බොල පොලොස් කොට්ටෝරුවෝ කොල්ලෙක් වෙලා ‍තෝ නොකියපු දේවල් ඒ ගෑණුදැරිවි කියයිද.? ටිකක් ඉවසලා හි‍ටු. මගේ හිත මටම කිව්වා.ඒත් එයා ආයේ රින්ග් කරයිද...??
නා ජානේ මෙරේ දිල් කෝ ක්යා හෝගයා...
අභී තක් නහී කා අභී කෝගයා... 
බම්බුව, උබට මෝල්ද මහත්තයෝ කොහෙදෝ ඉන්න කෙල්ලෙක් එක්ක කතාකල පලියට මනෝ ගහන්න.දන්නවද ඒකි කව්ද,කින්ද  මන්ද කියලා. දැනගත්තත් මොකටද. පොඩි මිස්ටේක් එකක් උනා.කතා කරලා වෙච්චදේ කිව්වා.සොරි කිව්වා එච්චරයි.ඒක එතනින් ඉවරයි.ඒ මගේ හිත.ඔව් ඒක එතනින් ඉවරයි.මට වැඩ තියනවනේ,මම වැඩ කරනවා. වැඩ කරනකොට මට ලෝකෙම අමතක වෙනවා.ඒක හරියට දැහැන්ගත වීමක් වගේ. ටීවී එකක් සෙටප් එකක් ගලවපුවහම මට ඒක හදලා හයි කරනකම් නින්ද යන්නේ නෑ. මම හිතන විදිහට මගේ සාර්තකත්වයේ රහසත් ඒකමයි. කවදාවත් මගේ කස්ටමර් කෙනෙක්ව ආපහු යවන්නේ නෑ මම හිස් අතින්.මේ වැඩේ අහවල් දවසේ අහවල් වෙලාවට දෙනවා කීවොත් අනිවා ඒ වෙනකොට ඒ වැඩේ කෙරිලා. ඒනිසාමද කොහෙද මගේ කස්ටමර්ලා ලිස්ට් එකත් ගොඩාක් දිගයි. දන්නෙම නැතුව රෑ වෙලා කියලා දැනගත්තේ මගේ අපාය සහය මිත්තරයෝ ටික උඩට ආව නිසා.
ආ.. සරා කොහොමද මචෝ..!
අවුලක් නෑ බං ටිකක් බිසී උනා.
මේ..මේ..මේ දැන් ඕවා නවත්තපං කරුනාකරලා..!
මේවා නවත්තන්න. ඇයි තොපේ මහ ගෙදර යන්නද.?
මහ ගෙදර නෙමේ තූත්තුකුඩියේ හරි කමක් නෑ ගිහින් බොන්නෝනේ අද.
මට හිතුනා සිංහයෝ වගේ නද දීගෙන එනකොට ඇයි දෙයියෙක්වත්** ඇරියද අද බොලාට.
අද පඩි මචන්..පඩි මේ..!
නෝට්‍ටු කොල වගයක් අතේ තියාගෙන සුදුවයි රුවනයි කෑ ගහනවා. ඒ මුන්ගේ හැටි. හැමදාම නැති උනාට සල්ලිතියන දවසට මුන් වියදම් කරන්න ලෝබ නෑ. පඩි අරගෙන සතියක් විතර යනකම් සුද්දො වගේ වියදම් කරන මුන් ඊලගට සිගරට් එක ගහන්නත් දුවගෙන එන්නේ මා ගාවට.සාක්කුව දුප්පත් උනාට මුන්ගේ හිත් හරි පොහොසත් නිසා කොයිම එකෙක් ගැනවත් මගේ හිතේ කහටක් නෑ. සාක්කුවට අතදාලා මගේ කොටස අතට ගත්ත මම ඒක මේසේ උඩට දැම්මා.
රෙඩ් රම් තුනක් මම ගානේ.
අම්මපා ඔයානම් දෙයියෙක් නෙමේ  දේවාලයක්. හරි ඉතුරු සේරම අපි බලාගන්නම්.ඔය මහත්තයා නාගන්නකෝ දෙයියනේ කියලා...!
අපොයි උබලගේ සත්ව කරුනාව ,ඕක පහල උනේ අර බෝතල් තුන නිසාද..?
අඩෝ චින්තකයා.. ඒම කියන්නෙපා ඩෝ ආලා බලපන් උබේ අයියන්ඩිගෙන්ම අපි ඒවගේ දෙකයි පනහේ වැඩ කරනවද කියලා..!
හරි හරි ඩෝ.. දැන් ගිහින් කියාපු වැඩේ කරගෙන වරෙල්ලා.
ඉන් පසු සිදුවූ සිදුවීම් සියල්ල ඔබට මට මෙන්ම සමාජයටද කිසිදු ප්‍රයෝජණයක් නැති බව පමනක් අවධාරනයෙන් මතක් කර සිටිමි.
ගෙහුන් එන්නම් ආයි බොවන්...!

එහෙනම් මම සෙනෝරිටා කියන්නම්. 
නංගි බබා 7 න්...

8 comments:

  1. Replies
    1. තැන්කූ කිව්වා මචෝ..! ජය..!

      Delete
  2. සෙනෝරිටා කිව්වේ මොන බාසාවෙන්ද බොල?

    ජය !

    අමුතු ලිවිල්ලක් !

    ReplyDelete
    Replies
    1. අපොයි සෑමෝ උබත් ඉදල ඉදලා අහපු පුරස්නේ..හෙහ්..හෙහ්.. ඔහොම ඉදින් නංගි බබා 7 ඔන්ද වේ. උත්තරේ එකේ ඇති. ජය..!

      Delete
    2. උත්‍තරේ ලැබුනා.. ජය !

      Delete
  3. "සෙනෝරිටා" මාත් කල්පනා කළා මොකද්ද ඒ වචනේ කියලා...ඊලග එක කියෙව්වම තේරෙවිනේ..:)
    මැවිලා පෙන්න ලියනවා..ජය..!!!
    ආපහු කතා කරනවා ඇතිනේ...? ;)

    ReplyDelete
  4. දෙන්නෑ දෙන්නෑ ඔය ප්‍රශ්ණ වලට උත්තර මම. ඊලග කොටස් බැලුවම ලැබේවි.එතෙක් ජය...!

    ReplyDelete
  5. බොන ටික නම් ඉතින් වැඩක් නැහැ තමා. ඒත් කතාවේ කෑලි නොවැ. ඔන්න ඔහේ කියෙව්වා

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....