Friday, May 11, 2012

අමුතු කතාවක් 5 නංගි බබා

                   මොහොතකට මුලු ලෝකෙම අමතක කරපු මම නාන්න පටන් ගත්තා. උදේම සීතල වතුර ඇගට වැටෙන කොට දැනෙන සනීපය.

දෙතොලග සිනහා-ආදර කැල්මෙන් නැහැවේ....
පෙම්රස උනා -අමුනයි සුන්දරතාවේ....
නුවනග බැලුම්-නිහඩව ගැයු ගී රාවේ....
මදුරස පිරේ-සවනත මීවිත යාවේ....
                        
                         පුරුද්දට වගේ කියවුනා. කලින් නොකීවට මේකත් මට තියන එක අසනීපයක්.කොතැන කොහොම කොයිවෙලාවේ නෑවත් නිරායාසයෙන්ම මට සිංදුවක් කියවෙනවා.එහෙම නැති උනොත් හරියට සබන් නොගා නෑවා වගේ. ඒ මොකුත් කලවන් නැති අව්යාජ සරාගේ හැටි.සීතාවක පුරවරයේ එක්තරා "ගැන් එකක්" නියෝජනය කරපු ඒ ගැන් එකේ ජනප්‍රිය චරිතයක් වුනු,හොදට නරකට දෙකටම දෙපාරක් නොහිතා ඉස්සර උන හැම වෙලේම සිංදුවක් මුමුනමින් හිටපු කෙනෙක් මම කාලයක්.හැබැයි මේ වකවානුව වෙනකොට ඒ සැහැල්ලු දඩබ්බරයා මියයමින් හිටියා කීවොත් ඒක මුසාවක් නෙමේ.නොමැරුන නිසා ජීවත්වෙන අරක්කු වලට ජීවිතේ උගස් කල වියදම් කරන්නෝන නිසාම ව්යාපාරයක් කල ගැන්ග්ස්ටර් කෙනෙක් වෙලා අවුරුදු දෙකකට ආසන්නවෙලා තිබුනා මේ වෙනකොට.ඒ නිසාම චින්තක ඇතුලු කීපදෙනෙක් නිතර මා ලග හිටියා. මොන තරම් සාර්ථකව බිස්නස් එක කරගෙන ගියත් හෙට ගැන නම් බලාපොරොත්තුවක් හිතේ කොනකවත් තිබුනේ නෑ මගේ.
                        නාලා ඉවර වෙනකොට බඩගින්නක් ආවා අම්බානක.චින්තකයා කියන විදිහට ඊයේ රෑට කාලත් නෑනේ මම. ඒනිසාම ඌවත් ඇදගෙන හන්දියට ගියා. උඩින් පල්ලෙන් බඩට යමක් දමා ගත්ත මම සීකොම්  එකට ගොඩවැදුනේ ඇවිත් තියෙන වැඩ බලන්න.මෙතෙන්ට එන ෆෝන් රෙපෙයාර් කරන්නෙත් මම. වැඩ ගැන විතරක් නෙවි රටේ තියන සේරම ඕප දූප කියවලා එතනින් එලියට එනකොට හුගාක් දවල් උනා. වාසභවනට ආපු මම ආයෙත් ඈදි ගත්තා වැඩ කරන මේසේ ලගින්.එලිවෙනවා,රෑවෙනවා වැඩ කරනවා බොනවා. මෙලෝ රහක් නැති ජීවිතේ මට නම් එපාවෙලා අයියෝ...! එපා උනයි කියලා වෙලාව එනකම් දාල යන්නත් බෑනේ. නැත්නම් මම දීපු ට්‍රයි වල හැටියට වෙන එකෙක් නම් හත් අට ගමනක් මැරිලා. ඒ කතාව නම් මම ඔයාලට කියන්නේ නෑ නෑ නෑමයි. මේසෙ උඩ තිබුන ගලෝල දාපු ෆෝන් එක මම අතට ගත්තා. බැටරිය දාලා ඔන් කරා. එතකොටම මිස් කෝල් ඇලර්ට් එකක්. මම බැලුවා නම්බර් එක ****575859.කවුද බොලේ මේ. සිම් එක මගේ ඒත් මේ නම්බර් එක මම අදුනන්නෑනේ. මට මතක් උනා ඊයේ රෑ සිද්දිය. කතා කොලා නේද කවුද අම්මන්ඩියෙක්. බුදු ෂුවර් මේ එයාමයි. එක පාරටම කට්වුන නිසා අයේ රින්ග් කොරන්න ඇති බලන්න.
ඔයි ඊයේ මාර වැඩක් උනානේ...!
ඒ මොකක්ද...?
මේ ෆෝන් එක හදලා වැඩද බලලා මම මේසෙ උඩින් තියලා තිබුනා...!
ඉතින්...?
ඉතින් කියන්නේ කාගෙදෝ නම්බර් එකක් ඩයල වෙලා මගේ අතින්.. කෙල්ලෙක් කතා කරානේ ඕයි...!
නෑ...?
උබ කොහොමද නෑ කියන්නේ මට හොදටම ඇහුනනේ කතා කරනවා.
හරි හරි ඉතින් ඔයා මොකද කිව්වේ..?
මොනවා කියන්නද,මම බැටරිය ගැලෙව්වා ෆෝන් එකේ...
හෙහ් හෙහ් හේ...
දැන් ඇයි ‍තෝ හිනා වෙන්නේ...?
නෑ ඉතින් අපිට තමයි ඔයාගෙත් චන්ඩිකම් කෙල්ලෙක් කතා කරා කියලා ෆෝන් එකත් ඕප් කරලා. හික් හික්..!      ෂිහ්.. හතර විලි ලැජ්ජාවයි මේ වෙලාවට තමයි ** පොලවෙ ගහගන්න හිතෙන්නේ.මොකට මම මේවා කියන්න ගියාද මේ අපතයට. එහෙම හිතුනට මම කිව්වේ නැහැ. ඒත් එක්කම මගේ දඩබ්බර හිත මට කිව්වා මේ අපූරු නම්බර් එකේ අයිතිකාරි කව්ද කියලා බලපන් කියලා. මම චින්තකයා දිහා බැලුවා.ඌ ටීවී එකට වහ වැටිලා.ආයේ මෙලෝ සිහියක් නෑ ඉතින්. ඕන පු** ගෙදරට ආපු සූදුව වලන් විකුනලා හරි ගහන එක තමයි මගේ තියරිය. ඩයල් කරා ආයෙමත් ඒ නම්බර් එක. ක්‍රීං...ක්‍රීං..එහා කෙලවරෙන් රින්ග්ස් යන සද්දේ ඇහෙනවා. ඊට වඩා සද්දෙයි මගේ හාර්ට් එක.
හෙලෝ...!
ආ..මේ..ආ..
හෙලෝ...!
හෙලෝ.. සොරි වෙන්ඩ ඕන මිස් කරදරයක් නම්...!
නෑ කව්ද මේ..?
මිස් මේ මම...ෆෝන් රෙපෙයාර් කරන කෙනෙක් වැරදීමකින් ඊයේ මිස්ගේ නම්බර් එක ඩයල් වෙලා තියෙන්නේ.ඉතින් මිස් ආයේ කෝල් කරන්න  හදලා තිබුනු නිසයි කෝල් කරලා කියන්න හිතුවේ...!ආ..එහෙමද..ඔයා කොහෙද,කාගෙද ඔය ෆෝන් එක..? මගේ නම්බර් එක ඒකෙ තිබුනද..? ඔයා කව්ද..?
හුටා... ප්‍රශ්ණ වැලයි. මෙයා පොලීසියේ වත්ද.දැන් කොයින්ද මේවට උත්තර. උත්තර තිබුනත්  කොයි ප්‍රශ්ණෙටද ඉස්සරලම උත්තර දෙන්නේ. මොනවා උනත් ස්වීට් වොයිස් එක.ටිකක් හයි ක්ලාස් වගේ. හැබැයි මට බුදු ෂුවර් බැනුම් අහන්න නම් වෙන්නේ නෑ.

ඊලගට මොකද උනේ...... නංගි බබා 6 න්

ගෙහුන් එන්නම් ආයිබොවන්...!

11 comments:

  1. හෙහ්........
    තේරේවි පාඩමක් ඉගෙන ගත්ත දාට...

    මම නම් මිස් කෝල් වලට නම් ආයෙ ගන්නෙ නැහැ. ඕනි නම් ආයෙ කතා කරයි නෙ.අහක යන නයි නැද්ද මං අහන්නෙ...

    අදමයි මේ පැත්තෙ ආවේ.බස්සගෙ බ්ලොග් එකේ (ජීවිතේ දකින්න විඳවන්න නොව විදගන්න) තිබ්බ කමෙන්ටුවක් දිගේ.ඇවිත් නතර වුනේ මෙහේ තමා.

    ෴ ජය෴

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා සරාගේ ලෝකයට ඔයාව. දිගටම එන්න. සංසාර ගත බැදීමක් නිසා වෙන්නැති එහෙම උනේ.කියවලම බලන්නකෝ ඉදිරියට. ජය...!

      Delete
  2. මාත් අහම්බෙන් කොහේදෝ තැනක ඉදලා මෙතනට කඩාපාත් උන හොදේ...ආපු පාර මටවත් මතක නෑ..:) කොටස් 5 ම එක සැරේ කියවලා ඔන්න කොමෙන්ට් එකක් දන්නා ගත්තේ..ලිවිල්ල නම් නියමයි...ඔහොම ලියමු දිගටම.
    අපෝ ඔය අදුරන්නේ නැති නොම්බර වලට උත්තර දෙන්නේ මාත් හුගක් පරිස්සමින්.ඉතිරියත් දැමු හොදේ..දිගටම එන්නම් කියවලා යන්න...ජය...!!!

    ReplyDelete
    Replies
    1. පිලිගන්නවා සාදරයෙන් ඔයාව.එන්න හැමදාම.ජය...!

      Delete
  3. අඩේ.. මේ කොහෙද මේ! අලුත් තැනක්.. එල එල!
    ජය!

    ReplyDelete
  4. මේ මචන් සරාගේ ලෝකය. පිලිගන්නවා සාදරයෙන් ඔයාව.ජය...!

    ReplyDelete
  5. නියමයි කතාව.. ඉතුරු කොටසත් දාන්න.
    වැරදීමකින් ඊයේ මිස්ගේ නම්බර් එක ඩයල් වෙලා තියෙන්නේ// හික් හික් මමත් ඔහොම දැන දැන වැරදිලා රිං කරලා ඇත්ද..

    ReplyDelete
    Replies
    1. පිලිගන්නවා සාදරයෙන්. සිරාවටම මේක නම් මිස්ටේක් එකක්ම තමයි මචන්ලා.ෂුවර් නෑ වගේ නම් ග්‍රාමසේවක මහත්මයාගෙන් අහලා බැලුවහැකි. ජය..!

      Delete
  6. ඔන්න මමත් ආවා.. බලමුකෝ ඊළඟ කොටස

    ReplyDelete
    Replies
    1. පිලිගත්තා කිව්වා සාදරයෙන්ම ඔන්න. ජය.!

      Delete
  7. "ගෙදරට ආපු සූදුව වලන් විකුනලා හරි ගහන එක"

    නියම කතාව :D

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....