Thursday, May 3, 2012

අමුතු කතාවක් 3


බක්මී මල් පෙති ගං දෑලේ.... 
නුබ නැති දා වැලපෙන තාලේ....
රෑට ඇසේ සද නැති කාලේ....
කාට කියන්නද දුක මාගේ....      
                                                                                                ඉතින් යාලුවනේ මම ඔයාලට පොරොන්දු උනානේ ඔයාලගේ කැමත්තට ඉඩදීලා වැඩිම ඉල්ලුම තියෙන කතාව මුලින් කියනවා කියලා. ඉතින් මගේ පෝස්‍ටුව කියවන්න ආව ලක්ෂ සංක්යාත පිරිසෙන් වැඩි දෙනාගේ ඉල්ලීම උනේ නංගිබබා මුලින් කියමු කියලා.(ඊට කලින් පොඩි රහසක් කියන්නම් කාටවත් කියනව නෙමෙයි ඕං..!බොලාට ඇත්තම කියන්ට එකම එකයි බ්ලොග් එක පැත්ත පලාතට ඇවිත් තිබුනේ.මෙලෝ රහක් නැති නිසාද කොහෙද උගේ කොමෙන්ට් එකෙත් තිබුනේ '0'.කිරි අප්පේ කටක් ඇරලා කියන්ට පුලුවන් දේවල්ද මේ?ඉතින් මම ඒ ගොබිලව පැත්තකින් තියල එයාගේ එක තියනවනේ. නෑ,නෑ ඒ එක ගැන නෙමේ,මම මෙතන එක කියල හැදින්නුවේ 'පුග්ගලයව'.ඉතින් එයාටම එයාගෙ කොමෙන්ට් එක ඇමිනුවා මෙහෙම 1+0=10 දහයයි,දැම්ම තව 0ක් සීයයි,ඇරියෙනෑ දැම්මා තව එකක්.ඕං ඔහොමයි ඔය මම ඉහතින් සදහන් කො‍රැවුව පාඨක පිරිස මට සැට් උනේ.ඇයි වදේ මෙච්චර මහන්සිවෙලා කොටපු එකේ මගේ හිතත් හදා ගන්නෙපැයි.හාං..නැද්ද මං අහන්නේ?බොලා මට විස්වාශ නිසයි කීවේ .කාටවත් කියනවා නෙවෙයි හොදේ.)ඉතින් මම කතාව කියන්නම් දැන්.....

කාල වකවානු වලින් කියනවා නම් ඒක්‍රි:ව:2007ජනවාරි අග හරිය වෙන්නෝන.ඔයාලට කියන්න ඒ දවස් වල මම 'රැලකින් තනිවී වන මැද සරනා කැකුලු තුරුණු යාමේ'ඇතෙක් තරම් නොවුනට ඒ වගේ තමයි වැඩ.හීනියට වියාපාරෙකුත් කොරගෙන හිටියා ඔය අවිස්සාවේල්ල පැත්තේ.ඒක මේ ටීවී,කැසට් හදන තැනක්.තවත් පැහැදිලි කොරනවනම් රේඩියෝ කඩයක්.ඉතින් ඔය කාලේ වෙනකොට ලංකාවට දරුණු විදිහට ජංගම දුරකතන අසනීපය හැදිලා තිබුනු බව ඔයාලට මතක ඇතිනේ.මමත් ඒව අලුත් වැඩියා කොරන්න අතගහලා තිබුනේ මේ සංදිය වෙනකොට.නිකම්ම නෙමේ ලංකවේ පිලිගත්ත ආයතනයකින් දුරකතන අලුත් වැඩියාව පිලිබද පාඨමාලා කීපයකුත් හදාරලා අහක.

සිද්ධියට අදාළ දවසේ හවස පැක්ටරි හොටෙල් එක පැත්තට ගෙහුං වයිට් ලේබල් දෙසීයකුත් දාගෙන රෑට කෑමත් අරගෙන ආවයි කියමුකෝ මගේ වාසභවනට.ඇවිත් රෙපෙයාර් කොරන්න තිබුනු ෆෝන් එකක් ගත්තා අතට.'කීපෑඩ් නොට් වර්කින්'කියලා මගේම කබල් අකුරු වලින් ලියාපු තුන්ඩු කෑල්ලක් අලවලා තිබුනා එකේ.දෙසීයක් දැම්මට මීටරේ හොදට වැඩ නිසා එකෙන්ම මම වැඩේට අත ගැහුවා.රෝග ලක්ෂන දිහා බලලා ලෙඩේ අහවල් තැනයි කියන්න තරමට මට හොද වෘතීය දැනුමක් තියෙන නිසා ගේමක් නැතුව මම වැඩේ ‍ෆිනිෂ් කලා.හදලා අහක මම චෙක් කොලා මෙව්වා එක වැඩද කියලා දැන් අවුලක් නැතුව.හව්සින් එක ගැලෙව්වම කී පෑඩ් එකේ තියෙන්නේ සුදු පාට ඩොට් ගොඩක් විතරයි කියලා මම නොකීවට අපේ යාලුවෝ හැමෝම දන්නවනේ.(දන්නවානම් කලින් කියන්නෙපායෑ.මම කියනකම්ම හිටියේ.)මම දැන් ඔබාගෙන ඔබාගෙන ගියා ඒටික.අ..ආං..! නෑ වදේ කී පෑඩ් එක.වචනයක් එහෙ මෙහෙ වෙන්න බෑ.හරහටමයි බලන්නේ.හුරේ වේවා..! බඩු වැඩ එලකිරි වගේ. ඒක තිබ්බා මේසේ උඩින්,පත්තු කරා දුම් වැටියක්. දිලි දිලි නිවෙනා තරු කැට යුවලක් මා නෙතු අබියස නතර වෙලා...  පහන් සිලයි දුම් කැරලි පෙලයි මට ඒ මොහොතේදී මිතුරු වෙලා...ඒ එලි දැක්වුවේ මගේ අති විශිස්ඨ ගායන හැකියාව.කිව්වට විස්වාශ කරපන් නැත්නම් ගෙදර පලයන් මචන්ලා ඈතින් වගේ මට ඇහෙනවා ගැහැනු කටහඩක්.හෙලෝ...හෙලෝ...!සිංදුව නවත්තලා මම හෙව්වා සද්දේ එන්නේ කොහෙන්ද කියලා.හුටා.. අර ෆෝන් එකෙන්.මොකක්දෝ නම්බර් එකක් ඩයල් වෙලා මගේ අතින්.මල කෙලියයි.. ගිනිකෙලි ගොඩයි.. කවුද මේ..? ගෙහුං එන්නම් ආයිබොවන්....!

8 comments:

  1. එළකිරි මචන් . උබ හොදට ලියනවා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. මචං..! ජය..!

      Delete
  2. මේ ශෛලියට හරි කැමතියි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩාක් ඔයාට. ජය...!

      Delete
  3. ජය පතමි..

    මිස් වුනා කතාව අද බැලුවේ.. :(

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ලොට් සහෝ...! ජය..!

      Delete
  4. කුතුහලය නියමෙට අප් කරලා තියෙනවා :)

    ReplyDelete
  5. අහ්හ්... හා... සරා, නංගී බබා ආදර කතාවට මුල පිරුවේ මෙහෙමයි එහෙනම්..... බලමුකෝ බලමුකෝ ඉතුරු ටික...... :)

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....