Sunday, April 29, 2012

අමුතු කතාවක් 2

                  ට්‍රාන්ස්පොටේෂන් එක ලගට එනකම් විදුලි වේගෙන් ආපු බස් එක නතර උනා.ෂීට් එකෙන් නැගිටපු මම රථාචාර්යවරයා දිහාට හැරිලා උබේ අ***** %%%%%***** කියලා කුනුහබ්බ වැලක් කියලා දැම්මා.ඌත් හොදට හිනාවෙලා,යල්ලා,යල්ලා සූරා කිව්වා.උගේ හිතේ මම ඌට ස්තුති කලා කියලා වෙන්නැති හයියෙන් ආවට.මෝඩ හු**.බස් එකෙන් බැහැගත්ත අපි කෙලින්ම කැපටේරියා එකට.ඔව් මට පේනවා තරග කරුවන් රාශියක් එක පොකුරට ඉදිරියට ඇදී එනවා.[හෝල් වේ එක බොහොම ජනාකීර්ණයි]ඉඩ දෙන්න,ඉඩදෙන්න,කරුණාකර ඉඩදෙන්න.සෙසු තරග කරුවන් අභිබවමින් ඉදිරියට එන මේ කන්ඩායම මට ඩැන් හොදින් දර්ශණය වෙනවා.කන්ඩායමේ ඉදිරියෙන්ම ඇදීඑන කීඩෑවා' පැතුම්' [මූ හරියට දාවිත් වගේ.අඩි 6කටත් වඩා දිගයි.මූත් එක්ක කොහේ යන්නද අපි.] දෙවන ස්ථානය සරා.[ඒ කිව්වේ නම් මා ගැන.]ඉතිරි එවුන් කොට නිසා උන් ගැන කවර කතාද. 
                                  මෙහෙම යනකොට ඉස්සරහට හම්බවෙනවා පිලිපීන ගෑණු ළමයි.හරියට බෝනික්කෝ වගේ.අහම්බෙන් දැක්කත් තව සැරයක් බලන්න හිතෙනවා.[සමහරු කැපටේරියා එක ඇතුලෙදි මගෙන් අහනවා'මොනවද මචන් කන්නේ' කියලා.ඇයි බං ඌට කන්නෝන මොනවද කියලා මමද දන්නේ.ඇත්තම කියනවානම් මේකයි මචන්ලා වෙලා තියෙන්නේ.උන්ගේ ශරීර කූඩු අපිත් එක්ක ඇවිල්ලා තිබ්බට හිත ගිහින් අර කෙල්ලෝ එක්ක.මොකද්ද කිව්වේ...?ඔය කිව්වට ෂුවර් නෑ, අමූලික ඇත්ත මචන්ලා.. ආයේ ඔයාලට බොරුවක් කියයිද මම].ඒත් සෞදි නීතියට අණුව ගැනු පරාණයක් දිහා බලනවා කියන්නේ අපාගත වෙන පාප කර්මයක්.අපාගත නොවුනත් සෞදියෙක් දැක්කොත් 'අනිවා'පහුවෙනිදම අදාළ එකාව ගුවන්ගත කරනවා පඩිත් නැතිව.ඒකෙ ආයේ හෝදන්න දෙයක් නෑ.[හෝදන්නත් ඉතින් මොකුත් කොලායෑ.බැලුවා විතරනේ.]අනේ මේ අසරණ සරණපාල නම් ගෑණු ළමයෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ.අම්මාපල්.. බොරුනම් අපේ ග්‍රාම සේවක මහත්තයාගෙන් අහලා බලන්න පුලුවන් ඔයාලට.අපි එහෙමයි.විහිලුවට වගේ එහෙම කිවුවත්,ඇත්තත් ඒකම තමයි.මේ ගොල්ලෝ ගාව නතරවෙන්න හිතක්  මාලග තියෙන්න එපැයි.මගේ හිත එහෙනේ.එහෙ කීවෙ ලංකාවේ.මගේ නංගි බබා ගාව.'හුටා' කවුද මේ නංගිබබා කියන්නේ...?ඔය ගොල්ලන්ට කියන්න...  දැසමන් මලක් වගෙයි- ප්‍රියන්කරයි සුකෝමලයි......සුරංගනාවියක් වගෙයි -අහිංසකයි රටක් වටියි....... කවුද..? මගෙ රත්තරන් හෙලේනා.. නෑ නෑ.. වැරදුනා, නංගිබබා.  මගේ දයාබර,කුලුණු බර,ආදර බර,රූබර බිරිද නංගිබබා.මගේ ‍රැකියාවේ බලයට ආනුභාවයට පින්සිද්ද  වෙන්නනේ මට ඔය පරස්ථාව හරි ගියෙත්.ඒකත් ටිකක් අමුතු කතාවක්.අමුතුයි,ඒත් අපූරුයි.ඔන්න යාලුවනේ[මම එහෙම කීවේ සමස්ථයක් විදිහට හැමෝම ගැන හිතලා.නැත්නම් පෝස්‍ටුව කියවන යෙහෙලියෝ එහෙම හිටියොත් එයාල ගේම ඉල්ලනවා ආයේ දෙකක් නෑ.]මම එක පොයින්ට් එකකට ආවා.කතා දෙකක් තියනවා.එකක් තබුක් ලයිෆ්,අනෙක නංගි බබා[අන්න හිතට ඇල්ලුවා.] කෝකද මුලින් කියන්න ඕන. හොදයි තීරනය ඔයාලට බාරයි.මුලින් ඕන කෝකද කියලා ඔයාල කොමෙන්ට් කරන්න.මම කොහොමත් ජනතා වාදියනේ.වැඩි චන්දෙට එක දෙනවා. අදට මම නවතිනවා. ගෙහුන් එන්නම් ආයිබොවන්.

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ආ ඔය යන්නෙ ගානට. ඔහොම යං.

    නංගි බබා ගැනත් පස්සෙ කියන්නකො.

    අර අපේ කමෙන්ට් සුදු අකුරෙන් අලු පාට පසුබිමේ වැටෙන එකට නම් මොනව හරි කරන්න පුලුවන් වෙයි නේද? ඒක නම් ටිකක් ඇහැට අමාරුයි
    මෙන්න මේකත්පොඩ්ඩක් කියෙව්වා නම් පෝස්ට් එකේ දෙවෙනි පේලිය කියවන කොට.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මම ඔයාට රිප්ලයි කලා. ඒක දාල තියෙන්නේ මෙතෙන්ට නෙමේ,ඔයාගේ පෝස්ට් එකට තරහ නැතුව එතනින් බලන්න මහත්තයෝ.ජය..!

      Delete
  3. වැඩේ යයි වගේ නැගලා.. ජයෙන් ජය පතමි..

    නංගි බබා බලනවැයි මේක??

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවා නම් මචන් මම බලාගෙන හිටියා උබෙන් කමෙන්ට් එකක් එනකම්.මුල් දවස්වල මම කියෙවුවේ ‍තෝරගත්ත කීප දෙනෙක්ගේ ලිපි විතරයි.(දැන්නම් එහෙම නැහැ,හැමෝගෙම ඒවා කියවනවා.)ඉතින් ඒ ‍තෝරගත්ත අය අතරේ ඔයත් හිටියා.ඔයාල නිසාම තමයි මටත් මේ වැඩේට ආස හිතුනේ.ඉතින් ඒකෙ විශේෂ ස්තුතිය ඔයාලට.(ඇත්තටම ඔව්..! නංගි බබත් මේක බලනවා.ඒ නිසාම අ‍ටුවා ටීකා ටිප්පනි නැතුව සත්ය සිද්ධිය විතරක්ම ලියන්න මම වග බලා ගන්නවා.විශේෂයෙන්ම කියන්නෝන මේ කතාවෙ එන හැම චරිතයක්ම මගේ වටේ තියන සජීවී චරිත.ඇස් අන්ධවෙන ජවනිකා,ලොම් හැලෙන කඩු ෆයිට් නැති උනාට ලස්සන ආදර කතාවක් හැංගිලා තියනවා මේකේ.විස්තර මොකටද..?කියවලම බලමු.)ජය..!

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....