Sunday, February 23, 2014

(ඔවුන්)...? ඇස් රිදෙන තෙක් සොයයි අත් හැරුන ජීවිතේ






          මම එහේ ගියත් මගේ හිත තිබුනේ ගෙදර. B ලඟ නැතත් හිත පුරාම හිටියා. නිවාඩු දවසක යාළුවෝ සෙට් උනාම හැමෝම පාහේ තමන් කැමති කැමති ආකාරයෙන් විනෝද වුනත් මට ඒ කිසිදේක අවශ්‍ය තාවක් දැනුනේ නෑ. ඒ නිසාම මට සමහරු විහිළුත් කලා ඇත්තෙන්ම ඒවයේ තිබුනේ උපහාසයක්. ඒත් මම ඒ හැම වෙලාවෙම හිතුවේ මගේ අහිංසකී මම නරක වැඩක් කලා කියලා දැනගත්තොත් පපුව පැලිලා මැරෙයි කියලා. මොකද උඹලා දන්නවනේ මම කොහොම දඩබ්බරයෙක්ද කියලා. ඒකි මාව විස්වාශ කරලා ඒකිගේ ජීවිතේ මට බාරදුන්න එක ගැන මම පුදුම තරම් පැහැදීමකින් හිටියේ. උඹට මතකනේ ඒකාලේ අපිට මිනිස්සු කිව්වේ මදාවි කාරයෝ කියලනේ. ඒකිව බැන්දට පස්සේ මම අතහැරියේ උඹලව විතරක් නෙමේ මචං... අරක්කු සිගර‍ටුත් මම අතෑරලම දැම්මා. මේ ටික දවසකට කලින් ආයේ අරක්කු බිව්වේ. විස්වාශ කරපං දැන් මට අරක්කු කාලක් පෙවෙන්නත් කලින් වෙරි වෙනවා. ඒ අවුරුදු ගානකින් බීලා නැති නිසා. 

මට අරක්කු බොන එක ගැන අහන්න උවමනාවක් නෑ බං. කතාව කියපන්....! 
ඔව්.. අනික අරක්කු වත් කාල හැටයි බාගේ තිහයි ඒවායේ උවමනාවක් මට නොදැනුනේ B මගේ ජීවිතේම කියලා මම හිතා හිටි නිසා. හැඩ රුව වගේම ඒකිගේ ආදරෙත් මගේ හිත පුරෝලා තිබුනා. මම පුලුවන් හැම මොහොතකම ඒකිත් එක්ක කතා කලා. ඒ මම ලඟ නැති අඩුව ඒකිට නොදැනෙන්න. ඔහොම ඉන්න අතරවාරේ උන්ගේ තාත්තව ආයුර්වේදේ නතර කරලා තියනවා. එයාව බලන්න B තමයි නිතරම වගේ ගිහින් තියෙන්නේ. ඔය අතරේ එතනට උවමනා වෙන දේවල් එහෙම ගෙන්න ගන්න පණිවිඩ දෙන්න තොරතුරු එහෙම දැනගන්න ලඟ ඇඳේ හිටපු ලෙඩාගේ ෆෝන් එකෙන් B ට කෝල් කරලත් තියෙනවා. ඒකා B වඩා අවුරුද්දක් විතර වැඩිමල් කොල්ලෙක්. ඒත් වෝඩ් එකට ගිය කිසිම වෙලාවක ඌ මේකිට මූණ දීලා කතා කරලා නෑ. කොහොම වුනත් දවස් දෙකතුනක් කතා කරලා මූ එක පාරට කියලා B ආදරෙයි කියලා.. 

හුම්ම්.....! එතකොට...? 

B කියලා තියෙනවා අනේ එහෙම කතා කියන්න එපා මම කසාද බැඳපු කෙනෙක්. මට ළමයෙකුත් ඉන්නවා කියලා.. එතකොට මූ කියලා තියෙනවා මම ඒබවක් නම් දැනන් හිටියේ නෑ ඒත් එහෙම වුනා කියලා මට ඔයාට ආදරේ කරන්න බැරි කමක් නෑනේ කියලා. කොහොම හරි එදාට කතාව එහෙම නතර වෙලා තියෙනවා. ඒත් මූ දිගටම කතා කරලා. මේකිත් ඒ හැම වෙලාවෙම ආන්සර් කරලා. කොහොම හරි දවස් කීපයක් යද්දී මුන්ගේ තාත්තා ගෙදර එක්ක ඇවිත්. ඒත් අරූ කතා කරන එක නැවතිලා නෑ. ඔය අතරෙදි දවසක් මේකිත් කැමැත්ත දීලා තියෙනවා. 

මොකක් යකෝ...... අර ප#යා මේකිව ගනිකාවක් විදිහට හිතලා වේ@ කම් කරන්න යෝජනා කරද්දීම ඌට කැමතියි කියලා තියෙන්නේ මේකි මොන ජාතියේ ගෑනියෙක්ද...? 
මම තවම මගේ කතාව කියලා ඉවර නෑ සරා..! 
හරි එහෙනම් කියපන්....! 
ඊට පස්සේ ඌ කියලා තියෙනවා මේකිට ඌව බලන්න එන්න කියලා. මේකිත් කියන පමාවට වෝඩ් එකට ගිහින්. එහෙම ඌව බලන්න දවස් දෙකක්ම වෝඩ් එකට ගිහින් කතාකර කර ඉඳලා ඇවිත් තියෙනවා. මාසයක් විතර ගෙවුනම දවසක් ඌ කිව්වලු මම හෙට ටිකට් කපාගෙන යනවා යන්න කලින් ඔයාව බලන්න ඕන. හෙට එන්න කියලා. 
ඉතින්...? 
මොනවද මේකි ගිහින්.. ! ඉස්පිරිතාලෙන් පටන් ගත්ත ගමන කෙලවර වෙලා තියෙන්නේ හෝටල් කාමරයක් ඇතුලෙන්. 

හේ තවත් අරක්කු වීදුරුවක් ගිලදැම්මේය. මා අතවූ ගෑරුප්පුව දෙකට නැමුනේ අවේගය පාලනයට මා දැඩිව උත්සාහ කල නිසා වන්නට ඇත. 

උන් එදා කිසිම හිරිකිතක් නැතිව තුන්වෙනි සිල්පදේ කඩලා. උන් කොයිතරම් තිරිසන්නුද කියන්නේ මචං ඒ වෙන කොටත් අරූ ඇවිදින්නේ "‍ක්‍රචස් "වලින්ළු. 

හැන්දෑවේ මෙතන හිඳගත්දී තිබුනු රාස්සිගේ අව්ව වෙනුවට හාත්පස වසාගෙන ඇත්තේ ඝන අන්ධකාරයයි. ලන්තෑරුම් ඇතුලත තිබෙන රතු ,කහ විදුලි බුබුළුවල මඳ එළිය පරිසරයේ ඇති අඳුර මකන්නට කිසිසේත්ම නොසෑහේ. මා අත සොලවා හෝරා මානයට නෙත් යොමු කලේ විදුලි බුබුළුවල මඳ එලියෙන් එය පිරික්සීම නැනවත් ක්‍රියාවක් නොවන නිසාමය.
 රාත්‍රී නවයට තවත් ඇත්තේ විනාඩි 20 කටත් අඩු කාලයෙකි. මා කවදාවත් නිවසට යාමට මෙපමණ කල් ගන්නේ නැතිය. යම් හෙයකින් පමා වෙනවානම් ඒ බව නංගි බබාට දැනුම් නොදී සිටින්නේද නැත. එහෙත් මෙවන් වූ අවස්ථාවක ඇයට ඇමතීමට හේතු කිහිපයක්ම නිසා නොහැකි බැවින් කෙටි පනිවිඩයක් තැබුවෙමි. 
මම ටිකක් පමා වෙයි මැණික. යාළුවෙක් මුණ ගැහුනා . බය වෙන්න එපා පරිස්සමට එන්නම්...! 
මම තවම අහගෙන බං ඉන්නේ...! 

ඊට පස්සේ මේකි කිසි දෙයක් නොවුන ගානට ගෙදර ඇවිදින්. එදාත් මා එක්ක හොඳට කතා කරලා තියෙනවා. ඊට පස්සෙත් දෙන්නා හැමදාම කතා කරලා තියෙනවා. 

ඒ කියන්නේ ඒතරමටම මුණ ගැහෙන්නත් ඇතිනේ...? 

නෑ.. කෝල් කරපු තරමක් විතරලු. මුණ ගැහෙන්න ඕන කියලා ඌ නිතර කිවුවත් මේකි ගිහින් නෑ. 
මට ෂු.......... 
ඔව් ඒ වුනාට  ඒක ඇත්ත. කතාව ඉවර වුනහම උඹට ඒක තේරුම් යාවි. හුම්ම්ම්..... 

මේ කාලේ ඒකි මටත් SMS කර කර ඌටත් SMS කරලා තියෙනවා. මා එක්ක කතා කලත් කිසිම වෙනසක් නොදැනෙන විදිහට තමයි සේරම කරලා තියෙන්නේ. ඒත් එක දවසක් ඌට යවපු SMS එකක් වැරදීමකින් මට ආවා. මේ අපබ්‍රංසේ නොතේරුන නිසා මම එවලෙම මේකිට කෝල් කරලා ඇහුවා. එතකොට ඒකි මට කිව්වේ ඒක ඒකිගේ එකක් නෙමේ උන්ගේ නැන්දගේ දුව ඒකිගේ කොල්ලට යවපු එකක් කියලා. මට ඒකට තරහා ගියා. තමන්ගේ ෆෝන් එක මොකටද එක එකාට මල් කඩන්න දෙන්නේ කියලා මම ඒකිට බැන්නා. අර කෙල්ලගේ ෆෝන් එකේ සල්ලි ඉවර වුන නිසයි මගේ එකෙන් SMS එකක් යැවුවේ එහෙම නැතුව මම කිසි වරදක් කරලා නෑ කිය කිය ඒකි ඇඬුවා. ඒත් මොකක්ද නොතේරුන හේතුවකට මට ගොඩාක් තරහා ගියා ඒ වෙලාවේ. මම අපේ නැන්දම්මටත් කතා කරලා හොඳටම බැන්නා. කොතන හරි වැරදීමක් වෙලා තිබුනොත් මම කරන දේවල් තමුන්ලා කිසිකෙනෙකුට හිතා ගන්න වත් බැරිවේවි කියලා තර්ජනය කලා. මෙහේ එහෙම කිසි අවුලක් නෑ ඔයා කලබල වෙන්න එපා ඔහේ තියෙන වැඩ ටික කරගෙන ඉන්න කියලා අම්මයි දුවයි දෙන්නම මාව අස්වැසුව නිසා මම හෙමින් කූල්ඩවුන් වුනා.  
ඊට ටික කාලෙකට පස්සේ මේකිගේ උපන් දිනේ ආවා. එදාට පහු වෙනිදත් මේකි ඌව හම්බ වෙන්න ගිහින් තියෙනවා. එදත් ඌ මේකිව හෝටලේකට ගෙනිහින් තියෙනවා ඒ වෙනකොටත් ඌ ඇවිද්දේ ‍ක්‍රචස් වලින්ලු. එදා ඒකි කියලම ඇවිත් තියෙනවා මම ආයේ මෙහෙම ගමන් එන්නේ නෑ කියලා. ඒ දෙන්නගේ කතා බහ නම් නැවතිලා නෑ. තවත් මාස දෙකක් විතර යද්දී මම මේකිට අලුත් ෆෝන් එකක් යැව්වා. ඉන්ටර්නෙට් සිම් එකක් විතරක් පාවිච්චි කරන්න අනෙක් සිම් එක අතාරින්න කියලත් මම එයාට කියලා තිබුනේ. එහෙම එකේ ස්කයිප් කතාකරනකොට මම දැක්කා මෙයා අනිත්  ෆෝන් එකත් ලඟ තියා ඉන්නවා. මම ඒකට කෝල් එකක් ගත්තා.ඒක වැඩ කලා. මම ආයේ ඒ සිද්ධියට කෑ ගහලා එවලෙම ඒක පොලවේ ගහන්න කිවුවා. එයා අකමැති උනත් මම බලෙන්ම ඒක පොලවේ ගැස්සෙව්වා. ඒ සිදුවීමත් එක්කම අරුත් එක්ක කතා බහ කිරීමත් නැවතිලා තියෙනවා. B කියන විදිහට ඊට කලින් ඉඳන් B කියලා තියෙනවා අරූට කෝල් කරන්න එපා කියලා. ඒ සිම් එකත් මාරු කරන්න කියලා කිවුවලු , හැබැයි ඌ එහෙම කරලා නෑ. මම ෆෝන් එක පොලවේ ගහන්න කියලා කිවුවට පස්සේ මෙයා ආයේ කවදාවත් ඌට කතා කරලත් නෑ. ඒකි කියන විදිහට ඒකිට හිතුනලු ඒකි මේ කරන්නේ ලොකු වරදක් කියලා. ඒත් ඒකිට ඒකෙන් ගැලවෙන්න මගක් නැතුවලු හිටියේ. මොකද සිම් එක මාරු කලත් මම ඒ ඇයි කියලා අහනවනේ. ඒකට බය තිබුනලු .


එතකොට උඹ කියන්නේ දැන් එහෙම සිද්දියක් නෑ ඒකිම හිතලා ඒක නවත්තලා කියලා. 

ඔව්...! 

උඹට අච්චර වංචාවක් කරපු එකී කියන දේ කොහොමද පිලිගන්නේ...? 

පොඩ්ඩක් හිටපන් මම තවම කතාව කියලා ඉවර උනේ නැහැනේ...! 

කාලය ගෙවුනා මම ආපහු ආවා.. එතකොට ඒකිගේ කිසිම වෙනසක් මට දැනුනේ නෑ. අපි සාමාන්‍ය විදිහට සතුටෙන් හිටියා. ගොඩාක් කල්. ඒත් දවසක් මොකක්දෝ සුලු සිද්දියකට B මගෙන් ඇහුවා ඔයාට මාව සැකද කියලා, ආං ඒ වචනේ මගේ හිතේ ලොකු කැළඹීමක් ඇතිකලා. මම මෙයාව මටත් වඩා විස්වාශ කරන බව දැන දැනම ඇයි මෙයා මගෙන් එහෙම ඇහුවේ කියලා මගේ හිත මගෙන්ම ප්‍රශ්න කලා. ඒක සාමාන්‍ය දෙයක් නොවෙන බව තේරුනත් එයාට එහෙම බරපතල චෝදනාවක් කරන්න තරම් හේතු මට තිබුනේ නෑ. ඒත් මම අපූරු උපක්‍රමයක් යෙදුවා.
 මොනතරම් සූක්ෂම විදිහට හැම දේම යට ගහලා තිබුනත් මගේ එකම පොයින්ට් එකට එයා අහුවුනා. මොකද මම ඒක සති ගානක වැඩක් විදිහටයි ක්‍රියාත්මක කලේ අවසානේ හැමදේම වැමෑරුවට පස්සෙයි මම යෙදුවේ උපක්‍රමයක් බව එයාට කිව්වේ. ඒත් වෙනකම් එයා හිතා ඉඳලා තියෙන්නේ මගේ මේ නව වෙනස හැබෑවක් කියලා. හැබැයි ඒක මොනවගේ දෙයක්ද කියලා නම් මගෙන් අහන්න එපා. කියන්නේ නෑ මම. 

හරි ඒවා එපා කතාව විතරක් කියපං. මම අද එලිවෙන්න කලින් ඔය ඩයල් එක හොයා ගන්නම්... 

අර මොකටද...? මම ඌව හොයා ගත්තා....! 

මොනවා ඒකියන්නේ ඌ මේ වෙද්දී....? 

අදාල දවසේ රෑ එලිවෙනකම් මම මේගැන ඒකිගෙන් අහලා දැනගත්තා. නොකියා ගිල ගන්න හදපු දේවල් මම කියවා ගත්තේ තර්ජනය කරලා ඒත් පාරක් වත් ගැහුවේ නෑ. මම අර මුලින් කියපු SMS සිද්දියත් වෙන කාගෙවත් නෙමේ ඒකිගෙම කියලා ඒකි පිළිගත්තා. තමන් අතින් කෙරෙන්නේ පවක් කියලා ඒකිගෙම හිත ඒකිට දොස් කිවුවා කියලත් ඒනිසාමයි මේක නිකන්ම නැවත්තුවේ කියලත් ඒකි මාගාව වැඳ වැටිලා කිවුවා. වෙච්ච වරද ආයෙත් හදන්න බැරිබව තේරෙනවය ඒත් මින් ඉදිරියට පණ තියෙන තුරාවට එහෙම දේකට පෙලඹෙන්නේ නැතිය කියලා දාසියෙක් වගේ මාගාව වැටිලා ඉන්න ඉඩ දෙන්නය කියලා ඒකි මගේ කකුල් දෙක ලඟ වැටිලා මගෙන් ඉල්ලුවා. ඒකි එහෙම කියද්දී මට ඉහිළුම් නැතුව ගියා බං. මට මාව පාලනය කරගන්න බැරුව ගියා ඒ වෙනකම් කවදාවත් අතක් උස්සලා තිබුනේ නැති ඒකිට එවලේ ඉඳන් මම හොඳටම තැළුවා. ඒත් අතින් පයින් නෙමේ. කෝ‍ටු වලින් පොඩි කන්ඩියුට් බට කෑලි වගේ ඒවයෙන්. අපේ අතකින් පාරක් කාලා මහ සද්දන්තයොත් බිම වැටෙන එකේ ඒකිට මේ අතකින් පාරක් වැදුනොත් කොහොම හිටීද...? 
මොන තරම් තරහක් තිබුනත් මගේ හිත ඇතුලේ තිබුන ආදරේ හිඳිලා තිබුනේ නෑ. වේදනාව උහුලන්න බැරුව ඇස් වලින් කඳුළු පෙරි පෙරිත් ඒකි කතා කලේ රහසින්. මොකද මේ කිසි දෙයක් බෙඩ් රූම් එකෙන් පිටට ගියොත් කාමරේ ඇතුලෙම ‍තෝව වලලනවා කියලා මම ඒකිට කිවුව නිසා. 
අනේ මට රිදෙනවා අයියේ ගහන්න එපා කියලා වඳිනවාට වඩා යමක් ඒකි කලේ නෑ. එහෙම වෙලාවට මගේ හිත කඩා වැටෙනවා. අනේ මේ මගේ ආදරේ නේද කියලා, ඒත් ටිකකින් මම මෙයාලා වෙනුවෙන් කරපු පරිත්‍යාග කොච්චරද ඒ කිසි දෙයක් නොතකා නේද මෙයා මට මෙහෙම වංචාවක් කලේ මම ‍රැවටිලා නේද කියලා මතක් උනහම ආයෙත් මට මාරයා ආවේශ වෙනවා. එහෙම වෙද්දි මම ආයෙත් තලනවා. 
ඔහොම දවසක් දෙකක් ගෙවෙද්දී දරුවත් දැනුනා මම එයාගේ අම්මට තලන බව. විශ්වාස කරපන් එදා ඉඳන් ලමයා අපේ ගෙදර ඉන්නත් බය වුනා. එදා ඉඳන් ලමයා හිටියේ උන්ගේ මහ ගෙදර. දස් කීපයක් යද්දී B රෑ වෙනවටත් බය උනා. මොකද එලිවෙනකම් ගුටි කන්න වෙනනිසා. ඇත්තටම එහෙම ගුටි කන්න ඒකිට පුලුවන් කමක්වත් ගුටි කාල පුරුද්දක් වත් නොතිබුන බව මාත් දැනන් හිටියා. අදාල සිද්දි මතක් කර කර මම ඒකිට තලත්දි මට මතක් උනා වැරදි මේකි විතරක්ම නෙමේනේ, අරුත් දඬුවම් විඳින්න ඕනනේ කියලා. ඊට පස්සේ මම ඇහුවා උඹට උගේ ෆෝන් නම්බර් එක මතකයි නේද කියලා. ඒකි ඔව් කිවුවා. මම කිව්වා ඌට කතා කරලා අහවල් දිහාට එන්න කියපන් කියලා. ඒකට බෑ කිව්වම මම ආයෙත් තලන්න පටන් ගත්තා. ගුටි කන්න බැරිතැන ඒකි කැමති වුනා කතා කරන්න. මම අලුත් සිම් එකකුත් පහුවදා අරන් ඇවිත් කතා කරන විදිහත් කියලා දීලා පලවෙනි දවසෙම හම්බවෙන කතා කියන්නේ නැතිව නිකන් කතා කරන්න කිවුවා. මම නිවාඩු ඉවරවෙලා ආයේ ගියා කියලත් කියන්න කිව්වා, කොතන හරි වැරදුනොත් ‍තෝව මම මරණවය කියලත් බය කලා. ඒ බයටම ඒකි මම කියපු විදිහටම කලා. දෙවනි දවසේ ඌම මේකිට කතා කලහම මේකි ඌව හම්බවෙන්න ඕන කිවුවා. ඌ එක පයින් වැඩේට සෙට්. මුලින් මගට එන්න කියලා යෝජනා කරලා මග එද්දී ගෙදරටම එන්න කිව්වේ මගේ අදහසට. ඌ මුලින් ඇඹරුනත් මේකි ගැන තියෙන විස්වාසෙට පස්සේ කැමති උනා.
 මගේ සැලසුම කොච්චර සාර්ථකද කියනවා නම් ඌ අපේ ගෙයි සාලේ සැටියක වාඩි වෙලා උන්නේ හරියට ඒකේ අයිති කාරයා ඌ වගේ. ඒ වෙද්දී ගෙදර හැම දොරක් ජනේලයක්ම මම වහල ගෙයි පිටිපස්සට වෙලා හිටියේ. ඌ ආපු ත්‍රීවිලර් එක මගේ යාළුවෙක්ගේ නිසා මම වීල් එක යනකම් ඉඳලා ඉස්සරහා දොරෙන් ගෙට ගොඩවුනා. පොඩි කිතුල්පොලු කෑල්ලක් මගේ අතේ තියෙනවා දැකපු B මගේ අතේ එල්ලුනා. අනේ අයියේ ඔයා පොරොන්දු වුනානේ පාරවල් තුන හතරක් ගහනවා විතරයි කියලා දැන් මොනාද මේ කරන්න හදන්නේ කියලා. මම කිව එලියට තල්ලු කරලා දොර ඇතුලෙන් ලොක් කලා. ඇත්තටම ඒකි මුලදි අකමැති වෙලා තියෙන්නේ ඌව පරිස්සම් කරන්න උවමනාවට නෙමේ මට අහු වුනොත් මම ඌව මරයි කියන බයට. ඒ වෙද්දිත් මේ වෙන්නේ මොනවද මම කවුද කියලා අරූට තේරිලා නැති බව මට ඌ හිනාවෙන විදිහෙන්ම තේරුනා. ඒ නිසා මම ඌ ලඟට ගිහින් මම කවුද ඌව මෙහෙට ගෙනාවේ ඇයි ඌ ගැන හා මේ සිද්දිය ගැන මම දන්න දේවල් සේරම ගැන කෙටියෙන් ඌට කිව්වා. දැන් මගෙන් බේරෙන්න ඕන නම් උඹ අනිවාර්යයෙන්ම මාත් එක්ක ගහගෙන දිනන්න ඕන කියලත් මම ඌට කිව්වා. අනේ අයියේ මට කා එක්කවත් ගහගන්න බෑ ඇක්සිඩන්ට් එකක් වෙලා අවුරුදු ගානක් ඉස්පිරිතාලවල ඉඳලා සනීප වුනේ මේ ලඟදී. මගේ කකුල් දෙකම කැඩිලා හදලා තියෙන්නේ මට යන්න දෙන්න කියලා ඌ කිව්වා. අඩෝ කැ@@ මෙතන තීරණ ගන්නේ මම, ගහ ගන්න බැරිනම් මැරෙන්න ලෑස්තිවෙය කියලා මම ටීපෝ එක උඩ තියපු කිතුල් පොල්ල අරං ඌට එකක් ගැහුවා. එතකොට ඌ අම්මෝ කියලා කෑ ගැහුවා. එතකොට මම ඊට වඩා හයියෙන් එකක් ගැහුවා කෑ ගහන්න එපා කියලා ගෙයින් පිටට ඇහෙන්න. එතකොට තමයි ඌ මට කිව්වේ අයියේ මගේ අත පය කැඩිලා තියෙන්නේ ආයේ කැඩුනොත් මේවා හදන්න බෑ කියලා දොස්තරලා කියලා තියෙන්නේ ඔයාගේ තරහා නිමෙන කම් මට අතින් පයින් ගහලා යන්න දෙන්න කියලා. එහෙම කිවුවම මට හිනා ගියා. හරි එහෙනම් උඹේ කැමැත්තක් කියලා මම එකම පාරයි අතින් ගැහුවේ ඌට නිකම් ‍ෆිට් එක හැදුනා වගේ උනා. පියවි තත්වෙට පත් වුන ගමන් ඌ මට දනගහලා වැඳලා කිවුවා අනේ අයියේ කපලා මැරුවත් කමක්නෑ ආයෙත් අතෙන් ගහන්න එපා කියලා. ඈ බොල ප@.. ‍තෝ හිතුවේ දෙකා වගේ ඉන්නකොට මම ‍තෝ වගේ පිම්පියෙක් කියලද...? මට දින තියලා ගහන්න පුලුවන් මේ අතෙන් ‍තෝ මැරෙන්න ඒක නිසා දෙයියන්ට පින් දීපිය මම තොට මේ පොලු කෑල්ලෙන් ගහන එකට. එහෙම කියලා මම පැය දෙකක් විතර තියාගෙන ඌට ගැහුවා. අත් දෙකයි වම් කකුලයි කඩලා දැම්මා . කොච්චර එපා කිවුවත් වේදනාව දරා ගන්න බැරුව ඌ මර ල‍තෝනි තිබ්බා. මොකක් හෝ සිද්දියක් අපේ ගේ ඇතුලේ සිද්ධවෙන බව අහල පහල අයට දැනුනත් කවුරුවත් ඒ මොකක්ද බලන්න ආවේ නෑ. හැබැයි පොලිස් හදිසි ඇමතුම් අංශෙටනම් කියලා තිබුනා. ඌව බාගෙට මැරුවට පස්සේ B මට කියපු දේවල් ඇත්තද බලන්නත් එක්ක මම ඌට මුළු ස්ටෝරියම කියපන් කියලා කිවුවා. කිසි වෙනසක් නෑ B කියපු කතාවමයි. ඒ වගේම මේ සම්බන්ධේ නවැත්තුවේ ඇයි කියලවත් ඌ තවම දන්නේ නෑ ඌ හිතලා තියෙන්නේ මම ආව නිසා කියලා. මම ආවේ අදාල කාලෙට ගොඩාක් පස්සේ කියලා ඌ දන්නේ නෑ මම කියන්න ගියෙත් නෑ. ඊට පස්සේ මම ත්‍රී වීල් එකක් අරං ඌව ටවුන් එකට ගෙනිහින් දාලා ආවා.
උඹගේ කතාවෙන් මට නම් තේරුනේ මේක ඉවර වෙච්ච කතාවක් කියලා. මෙතනදි උඹ කරලා තියෙන්නේ දෙන්නටම දඬුවම් දීමක් විතරයි. 
කිසිදෙයක් ඉවර වෙලා නෑ සරා,කිසිදෙයක් ඉවර වෙලා නෑ...! 

ඇයි උන්ගේ සම්බන්ධේ ආයෙත් පටන් අරන්ද...? නැත්නම් අරූ උඹෙන් ගේම ඉල්ලනවද..? කියපන් යකෝ හෙට ඉඳන් ඌටත් එක්ක බත් උයන්න ඉඩ තියන්නේනෑ එහෙනම් සරා.  
එහෙම දෙයක් නෑ මචං,තව අවුරුද්දකටවත් ඒකට ඒකගේ අතෙන් පස්ස පැත්තවත් හෝද ගන්න පුළුවන්වේය කියලා මම හිතන්නේ නෑ. ඒත් මගේ ගෙයි කලින් තුබුන සතුට සමගිය ආදරේ මේ කිසි දෙයක් අද ඒ ගෙයි නෑ. කොටින්මට ඒකිව රුස්සන්නේ නෑ ගෙදර තියෙන හැම වැඩේම කරන් ඒකි හිටියත් මට පේන්නේ වැරදියට. වෙනදා වගේ ආදරෙන් හිනාවෙන්න කතා කරන්න හුරතල් වෙන්න හිතාගෙන මම ලඟට ගියත් ඒකි ගාවදි මට අර දේවල් මතක් වෙනවා එතකොට මගේ හැඟීම් යටපත්වෙලා කේන්ති යනවා. අවසානේ ඒකි ගුටිකන එකයි බැනුම් අහන එකයි තමා ප්‍රථිපලේ. ඒත් ඒ කිසි දේකින් මම ලබන සතුටක් නෑ. ඇත්තටම ඒකිට ගහන්න බනින්න මම ආස නෑ. ඒත් මට මගේ ආවේගය පාලනය කරගන්නත් බෑ. මම කොයිතරම් රළු මිනිහෙක් උනත් ඒකි ලඟදි හැසිරුනේ පොඩි එකෙක් වගේ. හැමදාමත් එහෙම ඉන්න මම ආස කලා. Bට මම ඒබව කියලත් තිබුනා. ඒත් දැන් එහෙම කරන්න බැරි එයා වෙන එකෙක් ලඟට ගිය බව මගේ හිත දන්න නිසා. මට ඒක අමතක කරන්න බැරි නිසා. මේ කරදර දරා ගන්න බැරිව එයා දිවිනහගන්නත් හැදුවා. එදා මම පිස්සෙක් වගේ එයාව හෙව්වේ. මට ඒ වෙලාවේ දැනුනා මොන වරද කරලා තිබුනත් එයා නැතුව මට අපේ දරුවව හදා ගන්න බැහැ කියලා. දරුවා අම්මව ඉල්ලනකොට මටත් වෙන්නේ මැරෙන්න කියලා මට දැනුනා. කොහොම හරි මම B කරදරයක් කර ගන්න කලින් එදා හොයා ගත්තා. මටත් මැරෙන්න හිතුනු වාර අනන්තයි ඒත් ලමයයි මමයි ඉද්දී මෙහෙම වරදක් කරපු ගෑණි මම නැති කාලෙක මොනා නොකරාවිද එහෙම වුනොත් ලමයට මොන කලක් යාවිද කියලා හිතෙන කොට මට මගේ තීරණ ක්‍රියාත්මක කරන්න බෑ මචං. දැන් මම හැම අතින්ම පිරිහෙනවා. මට කිසිම දෙයක් හරියට කරන්න බෑ. ඔළුව යකාගෙ කම්මල වගේ. උඹට පුළුවන්නම් මට මේ මානසික පීඩනයෙන් මිදෙන ක්‍රමයක් කියලා දීපන්. 

හේ මගෙන් පිළිසරණක් අපේක්ෂා කරයි. සැබැවින්ම මා ඔහුට උදව් කල යුතුව ඇත. නමුත් ඔහු මේ ඉල්ලන්නේ මිල මුදල් හෝ එවැනි යමක් හෝ නොව මානසික සහනයෙකි. ගැටළුව ඉතා සංකීර්ණ බැවින් ඔහුගේ මනස ප්‍රකෘති කරනා පිළිතුරක් ක්ෂණයෙන් මසිතට නොනැ‍ඟෙයි. සත්‍ය වශයෙන්ම මට මෙවැන්නක් සිදුවුවහොත් මාද මොහු ලෙසම හැසිරෙනු ඇත. එසේවතුදු මා විසින් පිලිගතයුතු සත්‍යයක්දවේ. මීට සත් වසරකට පමණ පෙර මාද මොහු මෙන්ම දඩබ්බරයෙකි. අද සෙනෙහෙබර සැමියෙක්, පියෙක් ලෙස වාසනාවන්ත යුගදිවියකට හිමිකම් කියන්නේ අහිංසකාවියකගේ ආදරයේ මහිමයෙනි. මදාවියා යන නාමවිශේෂනය මගේ ජීවිතයෙන් ඈත් කලේ ඇයය. ඇය ඔබ හැමදෙනාම හඳුනන නංගි බබාය. ඇයද ගැහැනියෙකි. B මෙන්ම ගැහැනියකි. ඉඳින් ගැහැනුන් මෙලෙසයැයි කීමට මට හැකියාවක් නැතිය. B ගැන සිතන කල ඇය සිතා මතාම වැරදි කලා යැයි කීමටද නොහැකිසේය . ඇයට වැරදුනා යැයි පැවසීම මගේ අදහසට අනුව නිවැරදි ලෙස හැඟේ. මන්ද මා මිතුරා සඳහන් කල කරුණු තුලම ඇය මින් මිදීමට උත්සාහ දරා ඇති බවට සාක්ෂි තිබෙන නිසාවෙනි. එමෙන්ම ඒවා ඇය ගෙතූ බොරු නොවන බව ඔහු විසින්ම සහතික කරගෙනද ඇත. පවතින නීතිරීති හා සමාජ සම්මත පමණක් සැලකිල්ලට ගනිමින් මෙවන් ගැටළුවලට විසඳුම් සෙවීම යුතු නොවෙතයි යන්න මගේ හැඟීමයි. මන්ද එවන්වූ නීතිරීති හා සමාජ සම්ප්‍රදායන් මිනිස් හැඟීම් තුට්‍ටුවකටවත් මායිම් නොකරන බැවිනි.විසඳුමක් සෙවිය යුත්තේ මානුශීය හැඟීම් වලට මුල්තැන දෙමිනි.    

සැ;යු:  

ය‍තෝක්ත මිතුරා පෑ හයකට වඩා කාලයක් ගත කරමින් මා සමඟ කී කතාවක සංක්ෂිප්ත සටහනක් පමණකිය මේ. ඔවුන්ගේ පෞද්ගලිකත්වද ‍රැකෙනා අයුරින් මා මෙය ඔබලා සමඟ පැවසුවේ ඔබලාගෙන්ද යම් උපදෙසක් අපේක්ෂාවෙනි. දයාබර මිතුරු මිතුරියෙනි. අද ඒ කුළගෙය ගිනිගෙයක් වීඇත. නමුදු ඒ ගිනි නිවීමට කලහැකි යමක්ද ඇත. ඒනම් මා මිතුරාගේ සිත නිවීමයි. එය ක්‍රමවත්ව කල යුත්තකැයි මට හැඟේ. එබැවින් ඉහත කතාව කියවා ඔබගේ අවංක අදහස මා වෙත කොමෙන්‍ටුවකින් හෝ ඊයකින් දන්වනමෙන් ඔබෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි. 

පසු වදන: 
අපි තානායමෙන් නික්මුනේ තානායම වැසීමට කාලය පැමිණ ඇතැයි සේවකයෙක් පැමිණ දැනුම් දීමෙන්ද අනතුරුවයි. නගර මධ්‍යයට පැමිනි පසු මා ඔහුව නිවසට ඇරලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කලේය. වැනෙමින් නගරයේ එක් අන්තයකට ගමන් කරන ඔහු යමක් මුමුණනු මට ඇසින. 

විශ්වාසය නිදන් කෙරුව හිතක් බිඳුනු පසු.. 
කල්පයක්ම සොයා ගියත් නොවේ කිසිම ඔසු.. 
නුරා මතත් නොදකමක් කියා පලක් නොවේ.. 
කිරිල්ලියක් ඉගිලෙන්නට උගත යුතුද ලොවේ.. 

යතුරු පැදිය පණ ගන්මින් නිවස බලා ගමන් කරන මා මුවගට නොදැනීම මේ පද කිහිපය ගලා ආවේ මන්දැයි සිතන්නට මා නොවෙහෙසුනෙමි. 

හිමාලයත් නිල් අහසත් තිබුනු ලෙසම තියේ 
මිනිස් කමයි වෙනස් වෙවී ගලා ගියේ ‍රැයේ.. 
ආදරයත් හිස් වදනකි පෙන බුබුලක් වගේ.. 
අනුන්ට නොව තමන්ටමයි සමහරු ආදරේ.. 
සමහරු ආදරේ..


32 comments:

  1. දෙවරක්ම කියෙව්වා. සරා, අපේ සමාජයේ / මේ ලෝකයේ මේ වගේ A ලා B ලා එදත් හිටියා. අදත් ඉන්නවා, හෙටත් ඉඳියි. මිනිස් සිත තරම් වෙනස්වන දෙයක්, නොසිතුලෙස වෙනස්වන දෙයක් මේ ලෝකයේ තවත් නැහැ.

    මා දන්නා, හොඳින් හඳුනන, ලස්සන, තරුණ පශු වෛද්‍යවරියක් හිටියා. ඇයගේ සැමියා රජයේ උසස් රැකියාවක් කළා. ඔවුන්ට දේපළ, ඉඩකඩම්, යාන වාහන සියල්ල තිබුණා. ලස්සන දරු පැටවූ දෙන්නෙක් හිටියා. නමුත් කාන්තාව තමන්ගේ නිළ වාහනයේ රියදුරා සමග පැනගියා. ළමයි දෙන්නෙක් ඉන්න නිසා ඇයගේ සැමියාගේ 'යම් අඩුපාඩුවක්' කියා සිතන්නත් බැහැ. ලෝකේ හැටි ඔහොමයි.

    මගේ බිරිඳගේ ඥාතී කාන්තාවක් වයස අවුරුදු 48 දී අවුරුදු 35 පිරිමියකු සමග පැනගියා. අද අපේ මිනිස්සු අහන, දකින, කියවන කථා (ටෙලි නාට්‍ය, චිත්‍රපටි, නවකතා) බොහොමයක මෙවැනි අනියම් සබඳතා උලුප්පා පෙන්වනවා. කලාකරුවන්/කාරියන් ගේ පෞද්ගලික ජීවිතවල සිදුවන, මෙවැනි කුණු ගඳ ගහන දේවල්, මාධ්‍ය මගින් තවත් ඔපමට්ටම් කොට රහ කකරකර ඉදිරිපත් කරනවා. එය මෝස්තරයක් වෙලා තියනවා. 'සයිඩ් ලයින් එකක්' නැත්නම් ජීවිතේ අඩුවක් වගේ. මේ පාහර, අවලම්, අසික්කිත, දේවල් අපේ සමාජයට ආවේ, මේ පසුගිය දශක දෙකේ තුනේ විතර. මම කියන්නේ නෑ ඊට කලින් හිටිය මිනිස්සු දෙවි දේවතාවෝ කියලා. නමුත් ජංගම දුරකථන, අන්තර්ජාලය, වගේ දේවල්, මොට්ට මොළ වලට අහුවුනාම, සීමාව ඉක්මවා යනවා. මා අද රූපවාහිනී ප්‍රවෘත්ති වලදී දැක්කා සිය පෙම්වතා විසින් තෑගි කළ ජංගම දුරකථනය පාවිච්චිය, තම මව ඉඩ නොදුන් නිසා, පාසල් සිසුවියක් ගෙල වැල ලාගෙන මියගිය බව.

    ඔබේ මිත්‍රයාට ඔබ වැනි සහෘදයකු දිනපතා පැය කීපයක්වත් ආශ්‍රය කරන්න අවස්ථාවක් ලබාගැනීම වැදගත්. හැබැයි දිනපතා මත්පැන් පානයෙන් තොරව. ඔහුට ඇහුම්කන් දෙන්නෙකු අවශ්‍යයි පළමුවෙන්ම.

    දෙවනුව ඔහුට උපදේශනයක් කළහැකි පුද්ගලයකු සොයාගත යුතුයි. එවැනි උපදේශනයක් සඳහා යාමට ඔබ වැනි මිතුරකු විසින් ඔහුතුළ පෙළඹවීමක් ඇතිකළ යුතුයි. එය එක පැයකින් කරන්න බැහැ. සමහරවිට මාස කීපයක් යයි. ඔහු එය ග්‍රහණය කරගන්නා වේගය අනුවයි එය තීරණය වන්නේ.

    ආගමික පැත්තට (ඔහු අදහන ආගමේ) ඔහුව සියුම්ව යොමු කරවීම තුළින් ඔහුගේ සිතට ශාන්තියක් ඇතිකළ හැකියි. උදාහරණයක් වශයෙන් කිසියම් ආගමික සිද්ධස්තානයක සිටින භික්ෂු/පූජක වහන්සේ කෙනෙකු සමග ඔබ කලින් සාකච්ඡා කර, ඒ ස්ථානයට යමක් පූජා කිරීමට/පරිත්‍යාග කිරීමට ඔහුව පොළඹවා, අර භික්ෂු/පූජක තුමා ලවා ඔහුව අගය කිරීමකට ලක්කිරීමෙන් ඔහුව ටිකෙන් ටික ආගමික පැත්තට නැඹුරු කර උපදේශනයක් කරවන්න පුළුවන්.

    මනෝවිද්‍යා උපදේශන පිළිවෙත අනුව නම් මේ දෙපොලම උපදේශනයට සහභාගි විය යුතුයි.

    'රැචට්' යන වචනය ක්‍රචස් Crutches යනුවෙන් නිවැරදි වියයුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔබට බොහෝමත්ම ස්තුතියි මහත්මයා. ඒ වගේම මමත් හිතනවා මේ බොළඳ නවකතා වගේම ටෙලි නාට්‍ය මේ වගේ අසම්මත බැඳීම් වලට හේතු වෙනවා කියලා. ඒත් මොවුන්ගේ දැන උගත්කම් හා බුද්ධියට මොකදවෙලා තියෙන්නේ....?

      මම මත් පැන් අතෑරලා දැන් බොහෝ කලක් වෙනවා මහත්මයා මම හිතනවා ඒ නිසා ඔවුනට උපකාර කිරීමේ හැකියාවක් මා සතුව ඇතැයි කියා. (යටි අරමුණු ඇතිව නොවේ) මා ඔබලාගේ සහය පැතුවේද ඔහුගේ තර්ක වලට පැහැදිලිව පිලිතුරු දීමේ හැකියාව ලබා ගැනීම පිණිසයි. ස්තුතියි නැවතත් ඔබට.
      පෙන්වා දුන් පරිදි අර වචනය මම නිවැරදිකලා.

      Delete
    2. සරා හොඳට මතකතියාගන්න මේ දෙන්නටම කියන්න කතාවක් තියන බව. ඒ වගේම කොහොම කිව්වත් ඔය දෙන්නම සම්පූර්ණ ඇත්ත කතාව ස්වේච්ඡාවෙන් කියන්නේ නැහැ. උපක්‍රමශීලීවයි අහගන්න වෙන්නේ. නමුත් මේ පවුල කඩා ඉහිරෙන්න නොදී රැකගන්න පුළුවන් වුනොත් සරා මේ ආත්මයේදී කරගන්නා ලොකුම පිනක් වෙනවා.

      Delete
    3. විරුවෙකු ලෙසම පමණක් හඳුනා ගත් ඔබේ ශ්‍රේෂ්ඨත්වයක් දකිනවා මා මෙවන් දේ කෙරෙහි ඔබ දක්වන සංවේදී බව නිසාම.

      Delete
  2. හප්පා..
    කොහොම වුනත් මෙච්චර කල් ඕක කියන්න කෙනෙක් හිටියෙත් නැති නිසා ලොකු පීඩනයකින්නෙ මනුස්සය ඉඳල තියන්නෙ. ටිකෙන් ටික ඒ කේන්තිය උපේක්ෂාවක් දක්වා ගේන්න වෙලා තියනව වාගෙ.. බීම තමයි මුලින්ම අඩු කර ගන්න වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. යාළුවෙක් නැතිවීමේ අඩුව චන්දන. විශේෂයෙන්ම යාළුකම් දන්න යාළුවෙක්. දන්නව නේද සමහරෙක් මෙහෙම දේවලදි කෙනෙකුට ලංවෙන්නේ ඇයි කියලා...? මේක එහෙම ලෝකයක් චන්දන. එකෙක්ගේ ‍රැව්ල ගිනිගත්තම අනිකා ඒකෙන් සුරුට්‍ටු පත්තු කරනවා.

      Delete
  3. මොනා කියන්නද මන්දා.. මෙච්චර දෙයක් මේ තරම් කාලයක් කොහොම හිතේ තියන් ඉන්නද කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. ඌට පාලණය කර ගන්න බැරුව හිටියට ඒ හිත ගොඩාක් හයියයි දිනේෂ් මලයා. හතර පස්දෙනා එක්ක අපි දෙන්නා විතරක් ගහගෙන තියෙනවා කවදාවත් ඌ මාව දාලා දුවලා නෑ. එකට පහ හය අනුපාතෙට වැදුනත් අන්තිමට අපි දිනනවා.

      (මහ පුදුම මිනිස්සු මුං .. එහෙම නේද... හැක් ගනන්ගන්න එපා. දඩබ්බර උපාසකයෝ...)

      Delete
  4. ගෑණියෙකුට වරදින්න වැඩි වෙලාවක් යන්නෙ නෑ... මුළු ජීවිත කාලෙම කොච්චර හොඳට හිටියත් සිදුවෙන එක වැරැද්ද ඇති ගැලවෙන්න බැරි අවුල් ජාලෙක පැටලෙන්න... දෙපැත්ත ගැනම කණගාටුයි මට නම්...

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඔබව පිළිගන්නවා මියුරු සාදරයෙන්. දැන මුතුකම් සහිත ඔබේ කොමෙන්‍ටු මා නිතර දැක තිබෙනවා මා යනෙන බ්ලොග් පි‍ටුවල. පැහැදීමකින් හිටියා මා ඔබගැන.

      මා හිතනා ආකාරයට ගැහැනියකට පිරිමියෙකුට වඩා දරා ගැනීමේ හැකියාව වැඩියි ගොඩාක්. ඒත් එයාලා අතරමං වෙන්නේ හිතන්න වත් බැරි තැන්වලදි. ඇයි එහෙම වෙන්නේ...???

      Delete
    2. මං දකින විදියට ගෑණු වැඩිපුරම තීරණ ගන්නෙ හදවතින්... බුද්ධියෙන් නෙවේ... හැබැයි හැමෝමත් නෙවේ... ඒකයි මං හිතන්නෙ ඉස්සර කාලෙ දුවලට දැනමුතුකම් දෙන අම්මලා කියන්නෙ ගෑණු කියන්නෙ බිඳෙන බඩු වගේ... බිඳුනොත් ආයෙ හදන්න බෑ... ඒ නිසා පරෙස්සමින් ඉන්න කියලා...

      බොහොම ස්තුතියි සරත්...

      Delete
    3. ස්තුති කලයුත්තේ මායි ඔබට. මන්ද මගේ පැණයට සෘජු නිවැරදි පිළිතුරක් දීලා. ඔබට ස්තුතියි නැවතත්..

      Delete
  5. බොලාට කුනුහරුප කියන්න හොදා ලියන්න තමා බැරි නේද? සත්ගුනවත් සරා...

    සිහ්.. පොල්කෙන්දෙන් මීනි මරන සමාජයක් වෙච්චි මේ කාලේ ඕවා අරුමයකුත් නෙමෙයි අප්පා. යාළුවෙක් ට නිසා තමා අප්සැට් එක

    ReplyDelete
    Replies
    1. මචං උඹ බොරු කිව්වට මා ගැන බොරු කියන්න හොඳ නෑ බං. මට ඔය සත්ගුණවත් කියන කෑල්ල ගැලපෙන්නේ නෑ. දැන් දෙකා වගේ හිටියට මම වචනයේ පරිසමාත්තාර්ථයෙන්ම ඩස්පියෙක්. හිකිස්...

      Delete
  6. අවංකවම මට මේකට උපදේශනයක් දෙන්න බෑ. මේ වගේ කේස් එකකදි වෘතීය උපදේශන සේවයක් තමයි අවශ්‍ය. මට බැහැයි කිව්වේ මම ඒකට සුදුසු නැති නිසා, ඒ මොකද මම තවම හිතන්නේ අරූගේ එක කකුලක් නොකඩා ඉතුරු කලේ ඇයි කියලා. ඒක නරක සිතුවිල්ලක් බව මම දන්නවා.

    ReplyDelete
    Replies
    1. දන්නවා ඩූඩ් අයියේ, මේ ඔබේ අවංක අදහස බව. එතන හිටියේ සරා නම් අද සරා හිරේ.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. කියන්න කිසිම දෙයක් නැත සරා...... හද කම්පිතයි මේ සටහනින්...

    ReplyDelete
    Replies
    1. අහිංසක කුරුළු කූඩුවලට ගල් ගහන්න මිනිස්සු පෙලඹෙන්නේ ඇයි කියලා මට හිතා ගන්න බෑ නලින් අයියේ. සරාගේ මතය නම් ඒවගේ උන් මේ ලෝකෙට වැඩක් නෑ.

      Delete
  9. හෝටල් කාමරයකට ගිහින් අරක්කු ටිකක් බිව්වා කියලා ඔහොම ගහන්න ඕනද බන් ! :D

    උපදෙස් දෙන්නනම් දැනුමක් නෑ බන්.. වැරදි හදාගෙන ඉන්න උත්සහා කරනවනම් කා අතිනුත් වැරදි වෙන බව සිහි කරලා, දරුවා ගැනත් හිතලා සිද්දිය මුලුමනින්ම අමතක කරලා දාලා සතුටින් ඉන්න බලන එක තමා හොඳම දේ. මම කිව්වට ඕක ප්‍රායෝගිකව කරන්න ගොඩාක් අමාරුයි කියලා මම නොදන්නවත් නෙමේ. ඒත් වෙන විසඳුමක්නම් මට පේන්නෙත් නෑ. වැරද්ද රිපීට් කරන්න හැදුවොත් තද බල තීරණයකට යන එක පස්සෙ පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අඩේ උඹ කියනකම් මට ඕක මීටර් උනේ නෑ බං බලාපං මේක කියවපු එකෙක් වත් ඔය ගැන මට කිව්වේ නෑ නෙව. උඹට අනේක වාරයක් ස්තූතියි සෙන්නා.
      වරද මගේ පහු ගිය ජීවිතය. නංගි බබාගෙන් අහලයි මම මේක නැවත නිවැරදි කරගත්තේ. ස්තුතියි නැවත.

      මම ලැජ්ජා වෙන එකෙක් නෙමේ නොදන්නාකම පිලිගන්න. හැබැයි මේ කතාව කියපු එකත් ඒ ගැන නොදන්නවා ඇති මොකද ලියන භාශාවට හැරෙවුවේ මගේ MP3 එකේ පටිගතවුනු රෙකෝඩින් එකක්.

      Delete
  10. මමත් හිතන්නේ මේ වෙලාවෙදි වෘත්තිය මානසික උපදේශයෙකුට තමයි උදව්වක් කරන්න පුළුවන්..ප්‍රදීප් ගේ පිටුව කරන ප්‍රදීප් මල්ලිට හරි සොඳුරු සුව අසපුව කරන මහේෂ් නිශාන්තට හරි මේ ගැන උපදෙසක් දෙන්න පුළුවන් වේවි..

    උඩ කියලා තියන අදහසට සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක් මම දරන නිසා මේ ගැන වාද කරන්න නම් උවමනා නැහැ..

    කොච්චර වැරදි කලත් හැම රෑකම ශාරීරිකව වද හිංසා කරන්න තරම් කාටවත් අයිතියක් නෑ සරා.. මොකද කිසිම කසාදයකදී බිරිඳ සැමියාගේ දේපලක් විදිහට ලියලා දීලා නෑ කැමති කැමති වෙලාවට ගහන්න බනින්න. ඒක නිසා ඔයාගේ යාළුවා මේ ප්‍රශ්නෙදි ක්‍රියා කරලා තියන විදිහ සම්පූර්ණයෙනම් වැරදියි.. මේ වගේ වැරදි හැමෝම අතින් වෙන්න පුළුවන්..ඒ වෙලාවට කතා කරලා ගන්න පුළුවන් හොඳම ක්‍රියාමාර්ගය ගන්න එක තමයි වැදගත්..මම හිතන්නේ දෙන්නෙක් එක වහලක් යටට එන්නේ එකිනෙකා මත යැපෙමින් සතුටින් ඉන්න මිසක් තව කෙනෙකුගේ දේපලක් වෙන්න නෙවි..

    ReplyDelete
    Replies
    1. සං‍තෝෂයි රූ නෝනේ, කාලෙකින් දැක්කේ ඔයාව.

      එකඟයි මාත් ඔබේ අදහස සමඟ. නමුත් ඒ ඔබවත් මමවත් නොවෙන නිසා කතාබහ තුලින් යම් එකඟ තාවයකට පැමිණිය යුතුව තිබෙනවා ඔවුන් සමඟ. අදාල පුද්ගලයා මේ තරම් දරුණු වෙලා තියෙන්නේ ඔහුගේම බිරිඳ නිසා බවයි ඔහුගේ අදහස. එය තහවුරු කිරීමට ඔහුසතු සාක්ෂි සාධක බොහෝමයි. ඒ කාන්තාව පවා ඒ දේවල් පිලිගන්නවා. ( පහරදීම හැර)

      Delete
  11. ඌට ආයිත් කුරුළු කූඩු නොකඩන්න කටේ දත් ටිකටත් වැඩේ දෙන්න ඕනි හරිනං.
    සරෝ ඔබගේ email එක කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. එකෙන්ම යාළුවා. ඒත් මේ ඒකට වෙලාව නෙමේ.

      sarathchandrasiri75@gmail.com

      Delete
  12. මාත් මේක දෙපාරක්ම කියෙවුව. ඒත් කියන්න දෙයක් හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් හ්ම්...!!
      කේන්තියක් එනවා ඒක යටපත් කරගෙන වෙන දෙයක් කියන්න අමාරුයි. එහෙම නේද ප්‍රසා...?
      මචං මම ඉන්නේ අරූ ඒකියන්නේ තුන් වෙනියා මේ ලෝකෙට බරක් කියන තැන.

      Delete
  13. ගැහැණු ගොඩක් වෙලාවට කොච්චර ඉගෙන ගත්තත් මොන සමාජ තත්තවයක් හිටියත් තීරණ ගන්නේ හදවතින්. ඒක ගෑණු ස්වභාවය වෙන්න ඇති. ඒත් පිරිමි මොලෙන් තීරණ ගත්ත කියල ඒ තීරණ හැම වෙලාවෙම හරියන්නෙ නෑ. මේ සිද්දියෙදි මේ මනුස්සයගෙ මානසික බිඳවැටීමට මේ මනුස්සයත් වග කියන්න ඕනෙ. යම් සිද්දියක් උනා. ඒක සමාජ සම්මතය අනුව වැරදි. ඒකට ගෑණු කෙනාට සමාව නොදී ඒ කෙනාගෙ ජීවිතය අපායක් කරපු එක මේ ප්‍රශ්නෙට විසඳුම නෙවෙයි. මොකද ශාරිරිකව වද දුන්න හරි කවුරු හරි මැරුව හරි කියල ප්‍රශ්න විසදෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ ප්‍රශ්න තව දුරටත් අවුලෙන් අවුලට පත් වෙන එක. මෙතනදි වැඩිපුරම අසරණ උනේ මේ ගෑණු කෙනා. හේතුව මේ ගෑණු කෙන තමා පාවිච්චි උනේ. ආදරේ කියන දේ හරහා තමන් පාවිච්චි උනා කියල දැනෙන කොට ඒ ගෑණු කෙනාට කොච්චර වේදනාවක් දැනෙනව ඇතිද? පිරිමි කෙනාට තමන්ගෙ වේදනාව අනුන්ට කියන්න පුලුවන්. කියල අනිත් අයගෙ අනුකම්පාව ලබා ගන්න පුලුවන්. ඒත් ගෑණු කෙනාට කාටවත් කියන්න බෑ. එහෙම කිව්වත් සුචරිතවත් සමාජයෙන් හම්බෙන්නෙ අවලාද. ඒ වගේම මේ ගෑණු කෙනා තමයි තමන්ගෙ සැමියගෙනුත් වද විදින්නෙ. ගෑණු කෙනාගෙන් උන වැරැද්දට සමාව දීල එයාට තවත් ආදරේ කරල අර අනිත් මනුස්සය ගැන සම්පූර්ණයෙන් අමතක කරා නම් හැමෝගෙම ජීවිත ලස්සන වෙනවා. මේ පිරිමි කෙනාට තියෙන්නෙ ගෑණු කෙනාට සමාව දෙන්න බැරි කමක්. තවත් දෙයක් මේ වගේ දේවල් වලදි කවුද හරි කවුද වැරදි කියල සමීකරණයකට දාල සාක්ෂි වලින් ඔප්පු කරල කියන්න අමාරුයි. ඒ වගේම සාක්ෂි වලින් ඔප්පු කරල මෙයා හරි මෙයා වැරදි කියන්න බෑ. එතකොට වෙන්නෙ ඔලුව අවුල් වෙන එක.ඒකට තම දෙවියන් හරි ස්වභාව ධර්මය හරි ඉන්නෙ. මොකද මිනිසාට කරන්න පුලුවන් දේවල් වල සීමාවක් තියෙන නිසා. වැරදි කාරය කවුද කියන එක ස්වභාව ධර්මයට තීරණය කරන්න ඉඩ දීල හැමෝම තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන එක තමා කරන්න තියෙන්නෙ. මානසික සහනය ඕනෙනම් හොඳම දේ තමා තමන්ගෙ ආගම දහමෙ කියල තියෙන දේවල් කියවන එක. ඒව හිතට ගන්න එක. ආගම තරම් මානසික සහනය ලබා දෙන කිසිම දෙයක් මේ ලෝකෙ නෑ. මේ ගෑණු කෙනාට උනත් තමන්ගෙ වේදනාවෙන් මිදෙන්න පුලුවන් වෙයි. හැමදේම වෙන්නෙ මිනිස්සු ඕනෙවට වඩා ඕනෙම දේකට ඇලෙන්න ගියාම. මේ ගෑණු කෙනා උනත් එයාගෙ සැමිය උනත් ගෑණු කෙනාගෙ ප්‍රේමවන්තය උනත් කවුරු උනත්. වරදට දඬුවම අනිත් අයව පීඩාවට කිරීමවත් තමන් පීඩාවට පත් වීම වත් නෙමෙයි.

    ReplyDelete
  14. දුක හිතෙන කතාවක්...

    'තාම කතාව ඉවර නෑ' කියලා නිතර කියනකොට මට හිතුණේ, මේක වැරදීමක් එහෙම සම්බන්ධයක් තිබුණේ නෑ කියලා අන්තිමට එලිවෙයි කියලයි.

    වෙලාවකට තරහා ගියත්, වෙලාවකට දුක හිතෙන මිනිස්සු අතර සිද්ධවෙන, සිද්ධවෙන්ට පුලුවන් රසවත් කතාවක් සරත්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පොඩ්ඩි. අනුන්ට වෙනකොට ලෝක ස්වභාවය කියලා කිව්වත් කවදාවත් කෙනෙක් තමන්ට වෙනවට අකමැති....කතාවක්

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....